
Buchenwald සිර කඳවුර වටා ආරක්ෂාව තර කෙරේ !
හිට්ර්ගේ පාලනය විසින් 1937 දී ජර්මනියේ Weimar නම් නගරයට සමීපව Buchenwald නමින් විශාල වදකඳවුරක් ගොඩනගනු ලැබුවේ අත්අඩංගුවට ගන්නා කොමියුනිස්ට් හා ජර්මනියේ වමේ පක්ෂවල සාමාජිකයින් රඳවා තැබීම පිණිසය. 1933 මාර්තු 5 වැනිදාට නියමිතව තිබු ජර්මන් පාර්ලිමේන්තු මැතිවරණයට පෙර සම්ප්‍රදායික ජර්මන් ධනපති පක්ෂ විසින් හිට්ලර් චාන්සලර්වරයා ලෙස පත් කරනුයේ එවකට යුරෝපයේ වඩාත් ශක්තිමත්ම වෘත්තීය සමිති ව්‍යාපාරය හිමිව තිබු නැගී එන කොමියුනිස්ට් පක්ෂය මර්දනය කිරීම ඉලක්ක කර ගනිමිනි. රෙයිස්ටග් පාර්ලිමේන්තුව 1933 පෙබරවාරි 28 වැනිදා ගිනි තබා එහි වගකීම