නව ලිබරල්වාදයට එරෙහිව සමූපකාර ව්‍යාපාරය

SHARE

“ආර්ථික පෙරළියේ ප්‍රතිඵලයක් ලෙස 1844 දී බ්‍රිතාන්‍යයේ රොඩීල් නගරයේ දී පේෂකර්ම කම්කරුවන් විසින් ඔවුන්ගේ සුබ සාධනය සඳහා රොඩීල් සාධාරණත්වයේ පුරෝගාමීන් නමින් මුලින්ම සමුපකාර සමාගමක් පිහිටුවා ඇත. මේ සඳහා සමුපකාර ව්‍යාපාරයේ පියා ලෙස සැලකෙන රොබට් ඕවන් මහතාගේ සංකල්ප පදනම් වී ඇත. මුල්ම සංවිධානයේ සිටම සමුපකාරය ව්‍යාපාරය ජනතා ප්‍රශ්න වලට විසඳුම් සෙවීමට යොමු වී ඇත. කාර්මික විප්ලවය හේතු කොටගෙන ධනවාදී ආර්ථික ක්‍රමය ආරම්භ වූ අවධියේ සිටම එහි තිබූ අහිතකර තත්ත්වයන්ට සමුපකාර ව්‍යාපාරය විසින් ප්‍රතිචාර දක්වා ඇත.”

නව ලිබරල්වාදය නිසා ජනතාව පීඩාවට පත් වේ. එම නිසා එයට විසඳුම් සෙවිය යුතු වේ. හුදු ලාභයම අපේක්ෂා තරමින් කටයුතු කරන ධනවාදී ආර්ථික මාදිලියට මෙම ප්‍රශ්නයට තිරසර පිළිතුරක් සැපයිය නොහැකිය. දේපල පිළිබඳ පොදු අයිතියක් පවතින, මහජන සුබසිද්ධිය අරමුණු කරගත්, සැළසුම් සහගත, සමාජවාදී ආර්ථික මාදිලියකට මෙම ගැටලු සඳහා පිළියම් යෙදීම පහසුය. එහෙත් පැවතුණ සමාජවාදී ආර්ථික ක්‍රම නිලධාරිවාදී, අධිකාරිවාදී ගැටලු නිසා කඩා වැටිණ. එම නිසා නව ආර්ථික මාදිලියක් පිළිබඳ නව සංවාද ගොඩනැගිය යුතුව තිබේ.

විකල්පයක් ලෙස සමුපකාර ව්‍යාපාරය

ආරම්භය : කාර්මික විප්ලවයත් සමගම සිදුවූ සමාජ ආර්ථික පෙරළියේ ප්‍රතිඵලයක් ලෙස 1844 දී බ්‍රිතාන්‍යයේ රොඩ්ඩිල් නගරයේ දී පේෂකර්ම කම්කරුවන් විසින් ඔවුන්ගේ සුබ සාධනය සඳහා රොඩ්ඩිල් සාධාරණත්වයේ පුරෝගාමීන් නමින් මුලින්ම සමුපකාර සමාගමක් පිහිටුවා ඇත. මේ සඳහා සමුපකාර ව්‍යාපාරයේ පියා ලෙස සැලකෙන රොබට් ඕවන් මහතාගේ සංකල්ප පදනම් වී ඇත. මුල්ම සංවිධානයේ සිටම සමුපකාරය ව්‍යාපාරය ජනතා ප්‍රශ්න වලට විසඳුම් සෙවීමට යොමු වී ඇත. කාර්මික විප්ලවය හේතු කොටගෙන ධනවාදී ආර්ථික ක්‍රමය ආරම්භ වූ අවධියේ සිටම එහි තිබූ අහිතකර තත්ත්වයන්ට සමුපකාර ව්‍යාපාරය විසින් ප්‍රතිචාර දක්වා ඇත. ඉන් පසුව 1917 සෝවියට් දේශයේ බිහි වූ සමාජවාදී ක්‍රමය තුළද, එම ක්‍රම දෙකේ සංකලනයක් වූ මිශ්‍ර ආර්ථික ක්‍රමය තුළද, වර්තමානයේ ජනප්‍රිය වෙමින් පවතින සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළද, සමුපකාරය නොනැසී වර්ධනය වෙමින් පැමිණ ඇත.ලොව කිසිඳු රජයක් සමුපකාර ව්‍යාපාරය අනවශ්‍ය බවත් ප්‍රකාශ කර නැත. එයට තහංචි පණවා නැත. දෙවන ලෝක යුද්ධය සමයේ දී ජපානය පමණක් තාවකාලිකව පාරිභෝගික සමුපකාර වලට තහංචි පැනවූයේ එහි නායකයන් අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව ක්‍රියාකර සිරභාරයට පත් වූ නිසාය. ඒ තුළද ප්‍රකාශ වුයේ සමුපකාර ව්‍යාපාරයේ නායකයින් නිවැරදි ප්‍රතිපත්ති හා සාරධර්ම මත කටයුතු කර ඇති බවයි. ධනවාදී අර්ථ ක්‍රමයේ අර්බුදය මෙරීමට ඉඩ නොදී එහි බලපෑම අඩු කිරීමට, විෂමතා සමනය කිරීමට, සමුපකාර ව්‍යාපාරය හරහා ප්‍රතිසංස්කරණවාදී ක්‍රියාමාර්ග ගන්නේ යැයිද, ඉන් විප්ලවය පමා කරන්නේ යැයිද, චෝදනා කළ ලෙනින්, විප්ලවයෙන් පසුව සමාජවාදී ආර්ථිකය ගොඩනැගීම සඳහා සමුපකාරය ඒකායන මාර්ගය යැයි ප්‍රකාශ කළේය. (වී. . On cooperation – Novosity Publication – 1968, හා තවත් ලිපි – උපාලි හේරත්) සමාජ අර්ථ ක්‍රමවල වෙනස්වීම සමග සමුපකාර භාවිතාවන්ද වෙනස් වූ නමුත් එහි මූලික පදනම් වූ ආර්ථික දර්ශනය වෙනස් නොවීය.

සමුපකාර ක්‍රියාකාරකම්වල ආරම්භය සිදු වූයේ තම සාමාජිකයන්ගේ ආර්ථික තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා හවුල් ව්‍යවසායක් නිර්මාණය කිරීමේ අදහසිනි. එනම් සමාන ලෙස බෙදා හදා ගත හැකි ආර්ථික ප්‍රතිලාභ ආත්මාධාරය තුළින් ලඟා කර ගැනීමය. එම දර්ශනය හා ප්‍රතිපත්ති අදටද වලංගු වේ.1840 ගණන්වලදී තම ප්‍රථම ජයග්‍රහණය ලද සමුපකාර සංවිධාන සුවිශේෂ වූ සම්ප්‍රදායන් පහක් තුළ වැඩුණේය.

  1. එංගලන්තයේ පාරිභෝගික සමුපකාර
  2. ප්‍රංශය තුළ ශ්‍රමිකයන්ගේ සමුපකාර
  3. ජර්මනිය තුළ ණය දෙන සමුපකාර
  4. ඩෙන්මාර්කය තුළ සහ ජර්මනිය තුළ කෘෂිකාර්මික සමුපකාර
  5. සියවස අවසාන භාගය වන විට යුරෝපයේ නිවාස හා සෞඛ්‍ය සමුපකාර

ආදී ලෙසිනි

සමුපකාරයේ ශක්තිය

  • ලෝක ජනගහනයෙන් හය දෙනෙකුගෙන් එක් අයෙක් සමුපකාරිකයෙකි ජාත්‍යන්තර සමුපකාර සංධානය 1895 දී ආරම්භ වී ඇති අතර රටවල් 107 ක සමුපකාර පෙරේෂණ සහ සංවිධාන එය නියෝජනය කරයි
  • ලොව පුරා මිලියන තුනක සමුපකාරවල බිලියන 1. 2 ක් එය නියෝජනය කරයි
  • 2018 වසර වන විට ලොව රටවල් 145 ක සමුපකාර 26,36,924 ක සාමාජික හා සේවාදායක සංඛ්‍යාව එකසිය හත් කෝටි තිස් නව ලක්ෂ අසූ හය දහස් පන්සිය හත (107,39,86,507) 5 3 30, ජනගහනය බිලියන 7. 6 කි (කෝටි 760 කි)
  • ලෝක වෙළඳ පිරිවැටුමෙන් ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 2.1 ක් ලොව ඉහළම සමුපකාර 300 කින් සිදු වේ. (ලෝක සමුපකාර නියාමනය)
  • සමුපකාර සමිති එකට ගත් කල මුළු ප්‍රාග්ධනය ඩොලර් ට්‍රිලියන 2.1 කි.
  • ලොව සියලුම සමූපකාර එකතු වුවහොත් ප්‍රංශයේ ආර්ථිකයට වඩා විශාලය. ලොව පස්වන ආර්ථිකය හිමි ජර්මනියට ආසන්න ආර්ථික ශක්තියක් සමූපකාර ව්‍යාපාරයට හිමිය
  • ලොව රැකියා නියුක්තිකයන්ගෙන් සියයට 10 ක් එනම් මිලියන 280ක් සමුපකාර සංගම්වල රැකියාවල නිරත වේ. විවිධ ව්‍යාපාරික අංශ 29 ක් පමණ ඇත.

සමුපකාරය පිළිබඳ නිර්වචනය සම්බන්ධයෙනුත්, ප්‍රතිපත්ති සම්බන්ධයෙනුත්, අවසාන බලධරයා ලෙස 1895 සිටම කටයුතු කරන්නේ ජාත්‍යන්තර සමුපකාර සන්ධානයයි. අවසාන වශයෙන් එම සන්ධානය විසින් 1995 සැප්තැම්බර් මස මැන්න්චෙස්ටර් වල පැවැත් වූ සම්මේලනයේ දී සමුපකාර අනන්‍යතාව පිළිබඳ ප්‍රකාශයක් සම්මත කර ගන්නා ලදි. ඒ තුළ සමුපකාර ව්‍යාපාරය පිළිබඳ නිර්වචනයක්, සාර ධර්ම,සහ ප්‍රතිපත්ති මාලාවක් ද ඇතුළත් වේවර්තමානයේ බලපවත්වන්නේ එම ප්‍රකාශයයි.

ජාත්‍යන්තර සමුපකාර සන්ධානයේ අනන්‍යතාව පිළිබඳ ප්‍රකාශය

නිර්වචනය‍: “සමුකාරයක් යනු හවුල් අයිතියක් ඇතිව ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති ව්‍යවසායක් මගින් තම පොදු ආර්ථික සමාජ හා සංස්කෘතික අවශ්‍යතා සහ බලාපොරොත්තු ඉෂ්ඨ කර ගැනීම පිණිස ස්වේච්ඡාවෙන් එකමුතු වූ ස්වාධීන පුද්ගල සංවිධානයකි.”

සාරධර්ම: සමූපකාර සංවිධාන ආත්මාධාරය ස්වයං වගකීම ප්‍රජාතන්ත්‍ර වාදය සමානාත්මතාවය සාධාරණත්වය හා සහයෝගිතාවය යන සාරධර්ම මුල්කරගෙන ඇත්තාහ. තම පුරෝගාමීන්ගේ සම්ප්‍රදායට අනුව සාමාජිකයෝ අවංකබව විවෘත බව සමාජ වගකීම හා අන්‍යයන් ගැන තැකීම යන ආචාරධර්ම විශ්වාස කරති.

ප්‍රතිපත්ති: සමුපකාර ප්‍රතිපත්ති යනු සමුපකාර සංවිධාන විසින් තම සාරධර්ම භාවිතාවට යොදා ගන්නා මග පෙන්වීමය එම ප්‍රතිපත්ති නම්

  1. ස්වේච්ඡා හා විවෘත සාමාජිකත්වය
  2. ප්‍රජාතන්ත්‍රවාදී සාමාජික පාලනය
  3. සාමාජිකයන්ගේ ආර්ථික කටයුතු වල සහභාගිත්වය
  4. ස්වාධීනත්වය හා ස්වෛරීත්වය
  5. අධ්‍යාපනය පුහුණුව හා තොරතුරු විකාශනය
  6. සමුපකාර අතර සහයෝගය
  7. ප්‍රජාව පිළිබඳ සැලකීම

මේ සියල්ල තුළින් ප්‍රකාශ වන්නේ සමුපකාරය, සමාජවාදී ක්‍රමයට නෑකම් කියන, ප්‍රජාව පදනම් කරගත්,සාරධර්ම මත සාමාජිකයින් විසින් පාලනය කෙරෙන, සහයෝගිතාවයෙන් ක්‍රියාකරන, ජනතාවගේ සංවිධාන විශේෂයක් බවයි. සමුපකාරය, ප්‍රාග්ධනයට වඩා ශ්‍රමය උසස් කොට සලකයි. කොටස් කිහිපයක් හිමි වුවද එක් පුද්ගලයෙකුට හිමි වන්නේ එක් ඡන්දයකි. අරමුදල් සම්පාදනය පොදු ආර්ථික අරමුණක් සඳහා කැපවෙන සාමාජිකයන් මගිනි. සාමාජිකයන්ගේ කැමැත්තෙන් පත්වන අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් පාලනය සිදුවේ. සමූපකාර ව්‍යවසායක අභිප්‍රාය වෙනත් ව්‍යවසායකයන්ට වඩා ගැඹුරු හා පුලුල් වේ. සමූපකාර ක්‍රියාකාරීත්වය පිළිබඳ ලෝකයේ අත්දැකීම් ඉහත කී සමුපකාර සාර ධර්ම මත පදනම්ව එකී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන සමුපකාර ව්‍යාපාර ලොව පුරා දැකිය හැකිය.

ජපානයේ විශාලතම වූ හා ලෝකයේ සමුපකාර ව්‍යවසායක පරිමාව අතින් සිවු වැනි තැන දරණ කෝබේ සමූපකාර සමිතියේ පරමාර්ථ වන්නේ ” සමූපකාරයේ අන්‍යෝන්‍යාධාරයේ හරය බෙදා හදා ගැනීම, ආර්ථික ව්‍යවසායක් ලෙස ප්‍රවර්ධනය වීම හා සියලුම මිනිස් වර්ගයාගේ සුබසාධනය සැලසීම වේ” යන්නය ජපානයේ කෘෂිකාර්මික සමිති වල සැලසුම් කිරීමේ මුලික පියවර සාමාජිකයෙකුගේ ජිවිත සැලසුමෙන් ආරම්භ වේ සමිතියේ ගොවි පොල මාර්ගෝපදේශකයා සාමාජිකයාගේ සම්පත් යොදා ගෙන ඔහුගේ කෘෂිකර්ම ව්‍යවසායන් ඔහුගේ හා පවුලේ ආර්ථික හා සාමාජීය ජීවිතය පහසු ලෙස පවත්වා ගැනීම පිණිස ඔහු හා එක්ව සැලසුම් කරයි මේ සඳහා ඇතැම් විට දිගු කාලයක් යොදා ගනී.

එසේම සමහර ජපන් පාරිභෝගික සමිති වෙළෙඳ සල් නොමැතිව කෙලින්ම හවුලේ මිලදී ගන්නා අසල්වැසි කණ්ඩායම් වලට කෙලින්ම භාණ්ඩ ලබා දීමට තරම් කාර්යක්ෂම වී තිබේ ජපානයේ සමහර සුපිරි සමූපකාර වෙළඳ සල් වලට ඇති අධික ඉල්ලුම නිසා ඒවායෙන් ගණුදෙනු කිරීම සාමාජිකයිනට පමණක් සීමා කර ඇත. සමුපකාර සමිතියක් තවත් සමිතියක් සමග තරග නොකරන අතර ඔවුන් සමග හවුලේ ව්‍යාපාර කටයුතු කරනු දැකිය හැකිය. මෙවැනි හවුලේ මිලට ගැනීම හා බෙදා හැරීම ජපානය ස්කැන්ඩිනේවියානු රටවල දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි ස්වීඩනය ඩෙන්මාර්කය හා නෝර්වේජියානු සමුපකාර සමිති එක්ව භාණ්ඩ ආනයනය හා අපනයනය කිරීම සඳහා සමුපකාර සංගමයක් පිහිටුවාගෙන ඇත. තායිලන්තයේ හා පිලිපීනයේ කෘෂිකාර්මික හා ධීවර සමූපකාර සමිතිවල නිෂ්පාදන සෘජුවම ආනයනය කිරීමෙන් ජපානයේ පාරිභෝගික සමුපකාර විසින් සමුපකාර අතර ජාත්‍යන්තර ව්‍යාපාරික සහයෝගයක් ඇතිකර ගෙන තිබේ කෝප් ට්‍රේඩ් සහ කොමෝ ජැපැන් සමූපකාර ඒ සඳහා මුල් වී ඇත.

එංගලන්තයේ මොන්ඩ්‍රාගත් කෝපරේෂන් නම් සමුපකාරය මහාද්වීප පහක, යන්ත්‍රෝපකරණ සහිත නිෂ්පාදන කර්මාන්තශාලා 143 ක, ඒකාබද්ධ ශාඛා 7 (corporate branches) වේ. ප්‍රධාන ව්‍යාපාර ක්ෂේත්‍ර හතරකි. ඒවා නම් මුල්‍ය, කර්මාන්ත, බෙදා හැරීම සහ දැනුම වර්ධනය වේ. මෙම සමූපකාරයේ ව්‍යාපාර )Businesses( 266 2. عك ໘ මිලියන 11280 කි. රැකියා 80818 ක් සපයා තිබේ. ආයෝජනය යුරෝ මිලියන 451 කි

වර්ෂ 1969 ඉන්දියාවේ කේරළ ප්‍රප්‍රාන්තයේ දිනේෂ් බුද්ධි සමුපකාර සමිතිය ආරම්භ කර ඇත. ඉන්දියාවේ පළමු වතාවට 12000 ක් වූ කම්කරුවන් විසින් රුපියල බැගින් එකතු කර ප්‍රාග්ධනය ගොඩනගාගෙන තිබේ. ලක්ෂ 20 ක් වූ ප්‍රාග්ධනයේ ඉතිරි මුදල වාමාංශික ප්‍රාන්ත රජය විසින් සපයා ඇත. එම සමුපකාර සමිතියේ 1969 දී ලාභය ඉන්දියානු රුපියල් 50000/- කි. 1994/95 වන විට ලාභය ඉන්දියානු කෝට් 44 ක් විය. නිෂ්පාදනය 70 ගුණයකින් වර්ධනය කර ඇත. බිඩි නිෂ්පාදනය වසරකට බිඩි බිලියන 6 85 කි සේවයේ යෙදෙන්නන් 42000 ක් පමණ වේ. වර්තමානයේ විවිධ නිෂ්පාදනයන්හි යේදී සිටිති.

නව ලිබරල් ආර්ථිකයේ අපේක්ෂාව පරිභෝජනවාදය ව්‍යාප්ත කිරීමයි. ඒ සඳහා අධි පරිභෝජනය දිරි ගන්වයි. වෙළඳ ප්‍රචාරණ හා අනුග්‍රාහක උපාය මාර්ග ඒ සඳහා භාවිතා කරයි. නමුත් සමුපකාර ව්‍යවසාය තුළින් කෙරෙන්නේ පාරිභෝගිකයා තුළ සරල ජිවිත රටාවක් හා සෞඛ්‍යයට හිතකර ආහාරපාන ඇඳුම් පැළඳුම් පුරුදු හඳුන්වා දීමය. එසේ පරිසර හිතකාමී ප්‍රතිපත්ති හා ක්‍රියාකාරිත්වයන් වර්ධනය කිරීමට සමුපකාර ව්‍යාපාරය විශේෂ අවධානයක් යොමු කර ඇත. පසුගිය 2018 -07- 07 දින සැමරු96 වන ජාත්‍යන්තර සමූපකාර දිනයේය තේමාව වූයේ “තිරසර භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සහ පරිභෝජනය” යන්නය (Sustainable consumption and production of good & services) විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරන ලද තිරසර සංවර්ධන ඉලක්කයන්ගෙන් දොළොස්වන ඉලක්කය වන වගකීම සහගත පරිභෝජනය හා නිෂ්පාදනය” පිළිබඳව අවධානය යොමු කරමින් එවර තේමාව සකසා තිබේ.

පොළොව, ජලය, වාතය දූෂණය කරමින් කෙරෙන තිරසර නොවන නිෂ්පාදන හා පරිභෝජනය පිටු දැකීමට එමගින් සමුපකාරිකයින් යොමු කර ඇත. ශ්‍රී ලංකාවේ සමූපකාර ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ මුල්ම සමුපකාරය 1906 අගෝස්තු මාසයේ දී දුම්බර සමුපකාර ණය දෙන සමිතිය ලෙස බිහි විය. 1911 දී නිතිගත වූ රාජ්‍ය අනුග්‍රහයෙන් හඳුන්වා දෙන ලද ණය සැපයීමේ ව්‍යාපාරය 1957 දී විවිධ සේවා සමුපකාර හරහා රාජ්‍ය අනුග්‍රහය ලබමින් ව්‍යාපාරික කටයුතු වලට ව්‍යාප්ත වී තිබේ. 1970 දක්වා පැවති සමුපකාර ප්‍රතිපත්ති අනුව කටයුතු කර ඇත. 1970 – 77 කාලය තුළ රාජ්‍ය මැදිහත්වීම වැඩි වීමෙන් සමූපකාර ප්‍රතිපත්ති වල ක්‍රියාකාරිත්වය දුර්වල වී තිබේ. මේ වන විට ලංකාවේ සමුපකාර සාමාජිකයන් ලක්ෂ 80 ක් පමණ වේ. සමිති 10000 ක් පමණ ඇත.

රටේ මුලු ජනගහනයෙන් සියයට 38 ක් පමණ සාමාජිකයින් වේ. කෘෂි කර්මාන්ත ධීවර වෙළඳාම සෞඛ්‍ය සහ බැංකු ආදී වූ ක්ෂේත්‍ර ගණනාවකට සමුපකාරය සම්බන්ධ වී සිටී. උතුරු නැගෙනහිර ධීවර කර්මාන්තය ප්‍රධාන ලෙස හසුරුවන්නේත්, වයම පළාතේ, කුකුළු සහ කිරි පට්ටි පාලනය ප්‍රධාන වශයෙන් හසුරුවනු ලබන්නේත්, සමුපකාර සමිති මගිනි. ලංකාවේ හොඳම තේ නිපදවන්නේ කොටපොල සමුපකාරයයි. ලංකාවේ සමුපකාර 1972 අංක 5 දරණ පනතෙන් පාලනය වේ. එම පනත 1983 අංක 32 සහ 1992 අංක 11 දරණ පනත් වලින් සංශෝධනය වී තිබේ.

නීතිඥ වින්සන්ට් බුලත්සිංහල (සාධාරණය / 2019 මාර්තු අප්‍රේල් කළාපය)

නව ලිබරල්වාදයට එරෙහිව සමූපකාර ව්‍යාපාරය