ලතින් ඇමරිකාවේ රෝස වසන්තය මුහුණදෙන අභියෝග

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

සියවස් එකහමාරක් තිස්සේ,ලතින් ඇමරිකානු රටවල අභ්‍යන්තර කටයුතු වලට මැදිහත්වීම මොන්රෝ මූලධර්මය මත පදනම් වූ ඇමරිකා එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධාන සාධකයක් වේ.සෑම ඇමරිකානු රජයක්ම ලතින් ඇමරිකානු රටවල අභ්‍යන්තර කටයුතු වලට සක්‍රීයව සහ කෲර ලෙස මැදිහත් වූ අතර,ඔවුන්ගේ න්‍යායපත්‍රයට අනුව කටයුතු කරන රජයන් ශක්තිමත් කිරීමටත් ස්වාධීනව කටයුතු කරන වාමාංශිකආන්ඩු දුර්වල කිරීමටත්  කටයුතු කලහ. ඔවුන් සෑම විටෙකම ඒකාධිපති පාලන තන්ත්‍රයන්ට සහාය දක්වමින් ජනතාවාදී සහ වාමාංශිකරජයන්ට එරෙහිව කඩාකප්පල් කාරීන්ට මෙන්ම හමුදා කුමන්ත්‍රණ වලටදරහසිගතව උදව් කලහ.

සෑම ලතින් ඇමරිකානු රටක්ම පාහේ ඉතිහාසයේ එක වතාවක් හෝ එක්සත් ජනපද ආශිර්වාදය යටතේ බිහිවූ  ආඥාදායක පාලනයන්ට නතුවී තිබේ.බැටිස්ටා, ටෘජිලෝ සහ සොමෝසා  වැනි ඒකාධිපතීන් ඇමෙරිකානුවන්ගේ මිතුරන් වූහ. එමෙන්ම ආර්ජන්ටිනා ජනාධිපති ඉසබෙල් පෙරොන්, බොලිවියා ජනාධිපති ජුවාන් ටොරස් , බ්‍රසීල ජනාධිපති ගුලර්ට් සහ චිලී ජනාධිපති සැල්වදෝර් ඇලෙන්ඩේට එරෙහි හමුදා කුමන්ත්‍රණ මෙම ජඩ ඇමරිකානු කියාකාරකම් ලැයිස්තුවේ කැපී පෙනෙන උදාහරණ වේ. මෙම හේතුව නිසා සමස්ත ලතින් ඇමරිකානු ජනතාව තුල ඇමෙරිකාව කෙරෙහි පවතින්නේ සතුරු ආකල්පයකි.

එක්සත් ජනපදයේ සහාය ලැබූ මෙවන් ඒකාධිපති පාලන තන්ත්‍ර විසින් දේශපාලන විරුද්ධවාදීන් සිරගත කිරීම්, වධහිංසා පැමිණවීම්, අතුරුදන් කිරීම් සහ ළමා ජාවාරම් ඇතුළු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් රාශියක් සිදු කලහ.ඔවුන්ට එරෙහිව පැනනැගුනු දේශීය මෙන්ම ජාත්‍යන්තර විරෝධයන් හමුවේ මෙම පාලන තන්ත්‍ර ක්‍රමයෙන් බිඳ වටුණු අතර 1990 දශකයේ මුල් භාගය වනවිටබොහෝලතින් ඇමෙරිකානු රටවල්ඒකාධිපතියන් පලවා හැර  ප්‍රජාතන්ත්‍රවාදී පාලනයන් බිහිකරගැනීමට සමත් වූහ.

මින් පසු උදාවූ 21 වන ශතවර්ෂය ආරම්භයේ සිට ලතින් ඇමරිකාව පුරා වාමාංශික පාලනයන් බිහිවීමේ ප්‍රවනතාවයක් ඇතිවිය. මෙම තත්වය 1998 දී වෙනිසියුලාවේ හියුගෝ චාවේස්, 2000 දී චිලියේ රිකාඩෝ ලාගෝස්, 2002 බ්‍රසීල කම්කරු පක්ෂයේ නායක ලූලා ද සිල්වා, 2003 දී ආර්ජන්ටිනාවේ කර්ච්නර්, 2004 උරුගුවේහි වාස්කේස් සහ 2005 දී බොලිවියාවේ ඊවෝ මොරාලෙස් මෙන්ම 2006 දී, නිකරගුවාවේ හිටපු විප්ලවවාදී නායක ඩැනියෙල් ඔර්ටෙගා මගින් නිරූපනය වූ අතර වෙනිසියුලාව, චිලීය, බ්රසීලය, ආර්ජන්ටිනාව, ඉක්වදෝරය, බොලිවියාව සහ උරුගුවේ වැනි රටවල් තම වාමංශික ආන්ඩු නැවත නැවත තෝරා පත් කර ගන්නා ලදී. මේ අනුව 2009 වන විට ලතින් ඇමරිකානු ජනතාවගෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් වාමාංශික රජයන් යටතේ පාලනය වීය.

මෙම ප්‍රවනතාවය “රෝස විප්ලවය” (Pink Tide) ලෙස හඳින්වුනු අතර රෝස පාටින් අදහස් කලේ මෙම මෙම පාලනයන් රතු හෙවත් මාක්ස්වාදී නොවන නමුත් ජනතාවාදී ජනප්‍රිය ප්‍රගතිශීලී පාලන ක්‍රමයන් බවයි. ලෝක ආර්ථික පසුබෑම් හමුවේ පලමු රෝස වසන්තය යම් පසුබෑමකට ලක්වූවත් 2018 සිට මේ දක්වා ලතින් ඇමරිකාවේ වාමාංශික ආන්ඩුවල නව රැල්ලක් දක්නට ලැබෙන අතර එය “නව රෝස වසන්තය” ලෙස හැඳින්වේ.

මෙක්සිකෝවේ මැනුවෙල් ලෝපෙස් (2018), ආර්ජන්ටිනාවේ ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් (2019), බොලිවියාවේ ලුයිස් ආර්ස් (2020), පේරු හි පේද්රෝ කැස්ටිලෝ සහ හොන්ඩුරාස්හි ෂියෝමාරා කැස්ත්රෝ (2021), චිලියේ ගේබ්රියෙල් බෝරික්සහ  කොලොම්බියාවේ ගුස්ටාවෝ පෙට්රෝ (2022)මෙම නව රැල්ල නිරූපනය කල අතර2023 වසරේ ලූලා ද සිල්වා බ්රසීලයේ ජනාධිපති ධුරයට නැවත පත්වීමත්  සමඟ සමග නව රෝස රැල්ල උච්චතම අවස්ථාවකරා ළඟා විය.

ඓතිහාසිකවවාමාංශික යනු සමාජවාදය හා මාක්ස්වාදය මත පදනම් වූ පොදු දේපල සහ මද්‍යගත සැලසුම්කරණය අනුගමනය කරන පාලන ක්‍රමයක් ලෙස සැලකෙණු ලබනවා. එහෙත්, 2000 දශකයෙන් පසු කාලීනව ලතින් ඇමරිකාව පුරා බිහිවූ වාමංශික පාලනයන් වඩාත් මධ්‍යස්ථ ප්‍රතිපත්ති මත පදනම්ව සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන අධිරාජ්‍ය විරෝධී ප්‍රතිපත්තිවලට නැඹුරු වූ  පාලනයන් බව පෙනී යයි.

මාක්ස් ලෙනින්වාදී දැක්මට ව්නුව ගත්විට මෙම ආණ්ඩු මාරුවීම් හරහා බිහිවී අඑති මපාලනයන් සමාජවාදී ලෙස හැදින්විය නොහැකිය. මන්දයත් කිසියම් රටක් සමාජවාදීද ධනවාදීද යන්න තීරණය වන්නේ එහි රාජ්‍ය බලය පවතින්නේ කවර පන්තියක් ව්තද යන කරුණ මත වන නිසාය. ඒ පදනමින් ගත්විට කලාපයේ පවතින එකම සමාජවාදී රාජ්‍ය වන්නේ කියුබාව පමණි.1959 කියුබාවේ සිදුවූ විප්ලවීය නැගිටීම විසින් අමෙරිකානු ගැති බැටිස්ටාගේ ඒකාදිපති පාලනය අවසන් කරනු ලැබුණි.

ආණ්ඩු බලය හිමිවූ පමණින් එම රටවල ඉම්පූර්ණ රාජ්‍ය බලය හිමිවූවායයි කිව නොහැක. ධනේෂ්වර බල යාන්ත්‍රණයන් එලෙසම පවතිද්දී බරපතල සමාජ ආර්තික වෙනස්කම් ක්‍රියාත්මක කිරීමට ඉඩ ලැබෙන්නේ නැත. ඒ නිසා අදිරාජ්‍යවාදයට බරපතල ලැස අභියෝග නොකරන නාම මාත්‍රික වෙනස්කම් සදහා පමණක් සීමාවීමට සිදුවීම පවතින ප්‍රායෝගික යතාර්තයයි.

පරදවන ලද පාලක කණ්ඩායම් එක්සත් ජනපද පූර්ණ අනුග්‍රහය ලබමින් මෙකී වාමාංශික ආණ්ඩු ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරන තරමක් හෝ ජනතාවාදී ප්‍රතිසංස්කරණවලට බාදා කරමින් සිටිති. එම ආණ්ඩු පෙරලා දැමීමට කුමන්තණ කරති. මෙහිදී ප්‍රගතිශීලී පෙනුම සහිත දේශපාලන ව්‍යාපාරවල පෙනෙන ප්‍රදාන අර්බුදය වන්නේ මහජනතාව අතර හොදින් තහවුරු වූ ශක්තිමත් දේශපාලන පක්ෂ මේ කිසිදු රටක දක්නට නොලැබීමයි.

ඒ අනුව ගත්විට රෝස වසන්තය හෝ නව රෝස වසන්තය ලෙස මතුවී අඑති ප්‍රවණතාවය තුළ වන ජන අභිලාශයන් ඉටු ලිරීමට මෙකී ආණ්ඩුවලට හැකිවේවිද යන ප්‍රශ්නය මතුව තිබේ. වෙනිසියුලාව මෙයට කදිම උදාහරණ සපයයි.

කෙසේ වුවත් පොදුවේ ගත්කල කිසියම් ආකාරයක ජනතාවට හිතකර වෙනස්කම සදහා ප්‍රයත්නයන් දැරෙමින් පවතී.

ඒ අනුව මෙම නව වාමංශික ප්‍රතිපත්තිවල අරමුණ වන්නේ වෙළඳපොළ තරඟකාරීත්වය සහ දේපල හිමිකාරිත්වයේ අසමානතා ඉවත්කිරීම මගින්, දුප්පතුන් සඳහා අවස්ථා වැඩි දියුණු කිරීම මගින් සමාජ ආරක්ෂණය සහතික කිරීමයි. ඔවුන් පෞද්ගලික දේපල සහ තරඟකාරී වෙළඳපලට මුළුමනින්ම විරුද්ධ නොවන අතර වෙළඳපල බලවේගයන්ට අත්‍යාවශ්‍ය සීමිත නියාමනයක් වෙනුවෙන් පෙනී සිටිති. ඔවුන් දුප්පතුන්ට සහනාධාර ලබාදීම වෙනුවට ඔවුන්ව සවිබල ගන්වමින් ජාතික ආර්ථිකයේ කොටසක් බවට ඔවුන් පත් කර ගනීම අරමුණු කොටගත් පාලනයක් ගෙන යති.

ප්‍රගතිශීලී බදුකරණය, සමාජ සුභසාධනය, වෙනස් කොට නොසැලකීම සඳහා නීති සහ නීතිය ඉදිරියේ සියල්ලන්ම එකසේ සැලකීම, සමාන ලෙස අද්‍යාපනයේ සහ රැකියා සඳහා ඇති අයිතිය, මෙන්ම ස්වාධීන ජනමාද්‍ය ආදිය වෙනුවෙන්ද ඔවුහු පෙනී සිටිති. සෞඛ්‍ය සේවාව, අධ්‍යාපනය සහ නිවාස ඔවුන්ගේ ප්‍රමුඛතා වන අතර දේශගුණික විපර්යාස හා පාරිසරික විනාශයට එරෙහිව සටන් කිරීමටද ප්‍රමුඛත්වයක් දීම කැපී පෙනෙන වෙනසකි. බ්‍රසීලය එහි පාලකයාව සිටි දක්ශිනාංශික ජනාධිපති බොල්සොනාරෝ විසින් අනුගමනය කරන ලද ප්‍රතිපත්තියට හාත්පසින් වෙනස් ක්‍රියාදාමයක් අනුගමනය කරමින් 2023 දී ඇමසන් ජාතීන්ගේ සමුළුවක් පැවැත්වූ අතර 2025 දී එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව පැවැත්වීමට බලාපොරොත්තු වෙති.

යම් ලතින් ඇමරිකානු වාමංශික ආණ්ඩු  ජනතාවාදී නැතහොත් ජනප්‍රියවාදී ලෙසද අර්ථ දැක්වෙනවා. මේ හැඳින්වීම දේශපාලන හෝ දෘෂ්ටිවාදී පදනමකට වඩා නායකයින් සහ ජනතාව අතර සම්බන්ධතාවය නිරූපණය කරනවා. උදාහරණ ලෙස වෙනිසියුලාවේ හියුගෝ චාවේස් සහ ඉක්වදෝරයේ රෆායෙල් කොරියා වැනි නායකයින් ජනප්‍රිය නායකයින් වූ අතර පක්ෂ ප්‍රතිපත්තිවලට වඩා ඔවුන් සතු ජනතා ප්‍රසාදය නිසා  බලයට පත්වීය. නමුත් මොරාලෙස්, ලූලා, රිකාඩෝ වැනි නායකයින්ගේ රජයන් පත්වූයේ ඔවුන්ගේ පෞද්ගලික ජනප්‍රියත්වයට වඩා ඔවුන් විසින් ඉදිරිපත් කල ප්‍රතිපත්ති මත පදනම්වයි.

ඒ නිසා ලතින් අඑමෙරිකානු වමේ ව්‍යාපාරය අද මුහුනපා සිටින ප්‍රදාන අභියෝගය වන්නේ ජනතා අභිලාශයන් යතාර්තයක් කිරීම සදහා අදිරාජ්‍යවාදය සහමුලින් පරදවන වඩපිලිවෙලක් වෙත ගමන් කරන්නේ කෙසේද යන්න බව පෙනී යයි.

ලතින් ඇමරිකාවේ රෝස වසන්තය මුහුණදෙන අභියෝග