අල්ගොරිදම්වලට නටන මිනිස්සු

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

නූතන මිනිසාගේ සංස්කෘතික ජීවිතය හැඩගැස්වීමේලා විශාල වැඩකොටසක් සිදු කරන්නේ නූතන ජනමාධ්‍ය විසිනි. ඒවා අතරින්ද සමාජ මාධ්‍යයන්හි භූමිකාව සුවිශේෂී වේ. සමාජ මධ්‍යයන්හි ප්‍රබල තාක්ෂණික හැසිරවීමක් වන ‘අල්ගොරිදම්’ ජන විඥානය හැඩගැස්වීම සඳහා හිතාමතා පාවිච්චි කෙරෙනු හඳුනා ගත හැකිය. විශේෂයෙන් ධනේශ්වර ක්‍රමය තුළ සමාජ මාධ්‍ය හිමිකරුවන්ගේ ලාභ තීරු ඉහළ නැංවීම වෙනුවෙන් මිලියන සංඛ්‍යාත පරිශීලකයින්ගේ පෞද්ගලික සහ සමාජ ජීවිතය වෙනස් කෙරෙමින් ඇති බවටද එය අවසාන වශයෙන් මානව සංස්කෘතියේ සැලසුම් සහගත විනාශයක් බවටද මෙම ලිපිය ඔබට යෝජනා කරයි.

අන්තර්ජාලය අපේ මනස පුළුල් කරනවාද නැතිනම් පටු කරනවාද?

අන්තර්ජාලයෙන් මම ඉවුම් පිහුම්, භාජන සහ භාජන ගැන බොහෝ දේ ඉගෙන ගෙන ඇත.

එතකොට ඔබට පාපන්දු ගැන දැනගන්න ඕනේද?

දකුණු අප්‍රිකාවේ ජනාධිපති කවුද? ඉතින් අපිට මේ වගේ ගොඩක් දේවල් දැනගන්න ඕන වෙනවා.

ඉතින් අද අපි දාර්ශනිකව මෙහෙම අහනවා.

“අන්තර්ජාලය ඔබේ මනස පුළුල්  කරයිද? එසේත් නැතිනම් එය ඔබට පටු අදහස් ඇති කරයිද?”

දැන්, ඔබ “ඒක ගැඹුරු ප්‍රශ්නයක්.” යැයි සිතයි.

“ඔව් ඒක තමයි” මමද එසේ කියමි. නමුත්, එම ප්‍රශ්නයට පිළිතුරු දීමට, ඔබ දකින දේ ඔබ දකින්නේ ඇයිද යන්න ගැන අප කතා කළ යුතුයි.

අල්ගොරිදම්

ඔබේ සමාජ මාධ්‍ය හසුරුවන (ඒක ෆේස්බුක් ද, ඉන්ස්ටග්‍රෑම්ද, ටික්ටොක්ද ඒ කුමක් වුණත්)

අල්ගොරිදම් කියන්නේ මොනවාද?

අල්ගොරිදම් ගැන බොහෝ දේ කතා කිරීමට ඇත. මූලික වශයෙන්, අල්ගොරිදමයක් යනු සූත්‍රයක් හෝ ගැටලුවක් විසඳීමට උපදෙස් මාලාවකි. (හරියට කෑමක් උයනකොට යොදා ගන්න ආහාර වට්ටෝරුව වගේ. උයන විදිය පියවරෙන් පියවරට තියෙනවා වගේ දෙයක්)

අල්ගොරිදම් ලබා දී ඇති සමාජ මාධ්‍ය යෙදුමක් ඔබට පෙන්විය යුතු දේ තීරණය කරන ආකාරයයි.  පොදුවේ අල්ගොරිදම් යනු පරිගණක උපදෙස් වේ. උදාහරණයක් කිව්වොත් ලෝකෙ පුරාම එක විනාඩියක දී පැය 500ක වීඩියෝ යූටියුබ් වෙත අප්ලෝඞ් කෙරේ. ලොව පුරා සෑම මිනිත්තුවකම එය දිනකට පැය 7,20,000ක වීඩියෝ! ඒ අවුරුදු 82.2ක කාලයයි. ඒක සම්පූර්ණයෙන් ජීවිත කාලයක්.

දිනකට ටික්ටොක්වල වීඩියෝ බිලියනයකට වඩා නරඹනු ලැබේ. බැලීමට වීඩියෝ විශාල ප්‍රමාණයක් ඇත. ඇතැම් විට ඔබ ඔවුන්ගේ හැම වීඩියෝවක් ගැනම  උනන්දුවක් නොදක්වයි. කුරුලෑ මතු වීම පිළිබඳ වීඩියෝ, රූපලාවන්‍ය ගැන ඇති වීඩියෝ! එවිට අල්ගොරිදම් අපේ ඉල්ලීමකට කටයුතු කරන්නේ කොහොමද? එය ඔබ ඉල්ලා සිටින අන්තර්ගතය හඳුනා ගැනීමට උදවු කරයි.

ඇලෙක්සැන්ඩර් න්වාලා පරිගණක විද්‍යාඥයෙකි. සමාජ මාධ්‍යවල තොරතුරු පැතිරෙන ආකාරය ඔහුගේ විෂය ක්ෂේත්‍රයයි. මෙය වඩා හොඳින් තේරුම් ගැනීම සඳහා අපි ඔහු සමඟ කරන ලද සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සකස් කළෙමු.

සමාජ මාධ්‍යයක අල්ගොරිදම් හැසිරීම

සමාජ මාධ්‍ය ඔබ ගැන ඉගෙන ගැනීම සඳහා ඔවුන් තොරතුරු රැස් කළ යුතුයි. එබැවින්, ඔවුන් ඔබ බ්‍රවුස් (ඉරදඅිැ) කරන සමහර පිටු එකතු කරන විට, ඔබ සොයන සමහර අන්තර්ගතයන්, අල්ගොරිදම් විසින් සැලකිල්ලට ගනී. ඉන්පසුව, ඔවුන් බොහෝ සංකීර්ණ යාන්ත්‍රික ඉගෙනීම්වලට (ප්ජයසබැ කැ්රබසබට) ලක්කරයි, මෙම තිරය පිටුපස බොහෝ ගණිතමය ගණන්බැලීම් පවසන්නේ, “හරි අපි හිතනවා ඔයා මේකට කැමති වෙයි කියලා” යන අදහසයි.

 එසේ හිතන ඔවුන් අපට බැලීමට හා කියවීමට වීඩියෝ හෝ රූප හෝ ලිපි සපයයි. අපි එම අන්තර්ගතය සමඟ සම්බන්ධ වන්නේ නම්, ඔවුන්, සමාජ මාධ්‍ය අල්ගොරිදම් ඔස්සේ ඔබට ඒවායින් වැඩි වැඩියෙන් ලබා දෙයි. ඔබ අල්ගොරිදමයට කියන අයුරින්, ඔබ එයට යම් ප්‍රතිපෝෂණ ලබා දෙයි. “මට මේකෙන් තව දෙන්න, මට මේකෙන් තව දෙන්න, මට මේකෙන් වැඩිපුර දෙන්න.”

මෙම සමාගම් අපගේ සෑම පියවරක්ම බොහෝ දුරට නිරීක්ෂණය කරයි. ඔවුන් ඔබ නරඹන දේ පිළිබඳ දත්ත රැස් කරයි, ක්ලික් කිරීම, කැමැති වීම, අදහස් දැක්වීම, බෙදා ගැනීම, මිලදී ගැනීම, අපි කොපමණ කාලයක් යමක් නරඹනවාද? අප ජීවත් වන ස්ථානය, අපේ වයස කීයද යනාදිය. අප කැමැති යැයි ඔවුන් සිතන අන්තර්ගතය අපට ලබා දීම වෙනුවෙන් පුරෝකථන සැකසීමට එම දත්ත සියල්ලම භාවිත කරයි.

ඒ අල්ගෝරිදමය මෙසේ තීරණය කරනවා විය හැකිය.

“මොහු අවුරුදු 27ක පිරිමියෙක්, ජීවත් වන්නේ රත්නපුරයේයි, ඔහු සපත්තුවලට සහ ඉවුම් පිහුම්වලට කැමැතියි. නමුත් ඔහු වෛද්‍ය උපදෙස් වීඩියෝවලට වෛර කරයි. එබැවින්, ඔහුට තවත් පෙන්විය යුත්තේ ඉවුම් පිහුම් අන්තර්ගතයන්ය, ඒ වගේම ඔහුට වෛද්‍ය උපදෙස් දෙන වීඩියෝ නොපෙන්විය යුතුය.”

 මෙම දත්ත සමඟ, ඔවුන්ට සුපිරි ඉලක්කගත දැන්වීම් අපටද අලෙවි කළ හැකිය. ඔබ එහි වැඩි කාලයක් රැඳී සිටියහොත්, ඔවුහු දැන්වීම් ආදායම මගින් වැඩිපුර මුදල් උපයති. ඔවුන් වැඩිපුර මුදල් උපයන්නේ ඔබ ගැන එකතු කරන තොරතුරු මගිනි. නමුත් මුළු අදහසම විකිණීමට මාර්ගයක් සොයා ගැනීමයි; ඔබව දැන්වීම් තුළ රඳවා තබා ගැනීමයි. ඒ වෙනුවෙන් ඔවුන් ඔබට ආයාචනා කරමින් සිටියි.

දවස අවසානයේදී, මෙම සමාජ මාධ්‍ය, සමාගම් ව්‍යාපාර මුදල් හොයමින් සිටියි. ඔබ යෙදුමේ වැඩි වේලාවක් ගතකරන තරමට, ඔබට වැඩි දැන්වීම් පෙනෙනු ඇත. 2021දී ඔසනඔදන දැන්වීම්වලින් ඩොලර් බිලියන 04ක් උපයා ඇත. මේ වසරේ එය ඩොලර් බිලියන 12ක් දක්වා තුන්ගුණයකින් වැඩි කිරීමට ඔවුන්ට අවශ්‍ය වී තිබේ. 2020 දී, ෂබිඒටර්ප දැන්වීම් විකිණීම මගින් ඩොලර් බිලියන 17.4ක් උපයා ඇත. එය අතිවිශාල මුදලකි.

සියලු සමාජමාධ්‍ය සමාගම් මෙම අල්ගොරිදම් සිය අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයේ තබා ගනී. එය ඔවුන්ගේ රහස් සෝස්ය. උදාහරණයක් ලෙස, ටික්ටොක් එය සැලකිල්ලට ගන්නා බව ප්‍රසිද්ධියේම පවසන්නේය. ඔබ නරඹන දේ සහ ඔබ කොපමණ කාලයක් යමක් නරඹනවාද? ඔබ හුවමාරු කරන ඒවා අදහස් දක්වන ඒවා විවිධ emoji දාන ඒවා මේ සියල්ල හරියටම එම සමාජ මාධ්‍යයටම ආවේණික බර තැබීම් ක්‍රමයක් අනුව වර්ගීකරණය කෙරේ. එය සමාගම පමණක් දන්නා රහසක් නිසා එය සිදු කරන ආකාරය කෙසේ දැයි අපි නිශ්චිතවම නොදනිමු. නමුත් ඔවුන් එසේ කරන බව අපි නිශ්චිතවම දනිමු. ඔබ ඉල්ලා ඇති ඇති අන්තර්ගතය ඔබට ලබා දීමට ඔවුන් කටයුතු කිරීමට පටන් ගන්නේ එසේය.

එහෙත්, සමාජ මාධ්‍ය ඔබ නිරත වන දේ පමණක් නොව අල්ගොරිදම් නිර්දේශද සැලකිල්ලට ගනී. අනෙක් සියල්ලන්ම කැමැති කසනැ සහ බෙදා ගන්නා දේ ිය්රු කිරීමට ඔවුහු නැඹුරු වෙති. වැඩිම ලයික් ප්‍රමාණයක් තිබෙන වැඩිම ජදපපැබඑි ප්‍රමාණයක් තිබෙන වැඩිම ිය්රුි ප්‍රමාණයක් තිබෙන, තොරතුර වැරදි හෝ බොරු වුවද අල්ගොරිදම් අපට පෙන්වීමට නිර්දේශ කරයි.

කැමැත්තට කොටු කිරීම

ඉඳින් ආපසු අපි මුල් ප්‍රශ්නයට යමු. “අන්තර්ජාලය ඔබේ මනස පුළුල්  කරයිද? එසේත් නැතිනම් එය ඔබට පටු අදහස් ඇති කරයිද?” එක් අතකින්, ගිණුම් අනුගමනය කිරීමෙන් සහ වීඩියෝවලට කැමැති වීමෙන්, ඔබ දකින දේ සම්බන්ධයෙන් ඔබට විශාල පාලනයක් නොලැබෙයි. උදාහරණයක් ලෙස ඔබ සැබැවින්ම මැහුම්ගෙතුම් කිරීමට කැමැති යැයි සිතමු. නමුත්, ඔබේ සැබෑ ජීවිතයේ මිතුරන් කිසිවෙක් එසේ නොකරති. එබැවින්, ඔබ වැඩිපුර බලන සමාජ මාධ්‍යයේ ඔබ කැමති දේවල් අනුගමනය කිරීමට පටන් ගනී. ඉන්පසුව ඔබට සම්පූර්ණයෙන්ම නව ප්‍රජාවකට සම්බන්ධ වී මැහුම්ගෙතුම් කටයුතු ගැන ඉගෙන ගත හැකිය.

අල්ගොරිදම්වලින් නිර්දේශ කරනු ලබන දේවල අන්තරායයන් ඔබ දැන නොසිටිනු ඇත.

නමුත්, අනෙක් පැත්තෙන්, මෙම අල්ගොරිදම් ඔබගේ මනාපයන් ඉගෙන ගන්නා බැවින්, ඔබේ දේවල් ගැන උනන්දු යැයි ඔවුන් කිසිදා ඔබට පෙන්වන්නේ නැත. නමුත් ඔවුන් හදිසියේම වගේ, “ඔයා ගෙතුම්වලට කැමැතියි නේද? ඔබ ඵ් ගැන සෙවීමට උත්සාහ කළාද?” යනුවෙන් ඔබෙන් ඇසිය හැකියි. අවසාන වශයෙන් එය ඔබ නොදැනුවත්ව ඔබව විවිධ ක්ෂේත්‍රවලට පුළුල්ව නිරාවරණය කිරීම සීමා කළ හැකිය.

පර්යේෂණ මඟින් පෙන්වා දී ඇත්තේ, ෂබදෙරප්එසදබ ඉමඉඉකැ හෝ ැජයද කුටි තුළ පරිශීලකයන් උගුලට හසු විය හැකි බවයි. මේ ්කටදරහඑයැපවලින් ඔබට අන්තර්ගතය සපයයි. එය ඔබ දැනටමත් විශ්වාස කරන දේ ශක්තිමත් කරයි. එවැනි තොරතුරු නිරන්තරවම ලැබෙන විට ඒ පිළිබඳව දරන අදහස විශේෂයෙන් ශක්තිමත් වෙයි. ඔබ පරිභෝජනය කරන දේශපාලන විශ්වාසයන් හෝ ප්‍රවෘත්තිවලට දැඩි විශ්වාසයක් ඇති වේ. ඔබ ඇත්තටම යමක් ගැන විවේචනාත්මකව සිතන්නේ නැත්නම්, එය අභියෝගයට ලක් නොකරන්නේ නම් ඔබ අන්තර්ගතය සමඟ අන්තර්ක්‍රියා කරන තරමට ඔබ උනන්දුවක් දක්වන දෙයක අන්තර්ගතය නොබලාම භාර ගනී.

කඩේ යවන අල්ගොරිදම්

ඉරෙටියොලු අකින්රිනාදේ (Iretiolu Akinrinade) ඩිජිටල් අවකාශයන්හි නවයොවුන් වියේ යහපැවැත්ම අධ්‍යයනය කරයි. මේ algorythem ක්‍රියා කරන ආකාරය නිසා, ඒවා සකස් කර තිබෙන්නේ ඔබව ඇදබැඳ තබා ගැනීමේ අරමුණින්ම නිසා ඔබට කිසිදා කුමක් සිදුවේදැයි බැලීමට අවස්ථාව නොලැබෙයි. සමහර තරුණ සමාජ මාධ්‍ය පරිශීලකයන් මෙය නිරීක්ෂණය කිරීමට නිර්මාණාත්මක ක්‍රම සොයාගෙන ඇති බව ඇය පැහැදිලි කරයි. කෙටියෙන්ම කිවහොත්, එය ‘අල්ගොරිදම් අපව කඬේ යවන්නේ කෙසේද කියා බැලීමයි.’

මේ වගේ එක ටික්ටොක් පරිශීලකයෙක් දෙවන ගිණුමක් සෑදීය. ඔහු එසේ කළේ ඔහුට කොවිඞ් ආසාදිත වී තිබෙන ආකාරයට කොරෝනා රෝගියෙක් ලෙසට ගිණුමක් හදාගනිමිනුයි. ඔහු ඒ පිළිබඳ තොරතුරු හොයා බලන්න උනන්දු වී තිබිණි.

ඒ අනුව මේ ගිණුම අයිතිකරු කොරෝනා රෝගී කෙනෙකු යැයි අල්ගොරිදම්වලින් හඳුනා ගනු ලැබීය. ඒ නිසා ඔහුට කොවිඞ් වැළඳීමෙන් පසු අවශ්‍ය යැයි ඔවුන් තීරණය කළ විවිධ දේවල් අඩංගු ඡායාරූප, වීඩියෝ විශාල වශයෙන් එවන්නට පටන් ගෙන තිබිණි. මෙම සමස්ත ප්‍රවණතාව ඔහු විසින් සොයා ගත්තේ එහිදීයි.

කොවිඞ් ආසාදිත පරිශීලකයන් පොදු ස්ථානවලට ගොස් හිතාමතාම මිනිසුන්ට ආසාදනය කිරීම වාගේ තොරතුරු අඩංගු වීඩියෝ පවා ඔහුට එවනු ලැබීය. ඒ, අල්ගොරිදම් විසින් ඔහුව හඳුනා ගත්තේ කොවිඩ් සෑදුණු රෝගියෙක් ලෙස බැවිනි. නමුත්, සැබැවින්ම ඔහු එහෙම අයෙකු වූයේ නැත. ඔහු එය ඇල්ගොරිදම් වැඩ කරන ආකාරය නිරීක්ෂණය වෙනුවෙන් ව්‍යාජ ගිණුමක් භාවිතයෙන් කළ අත්හදාබැලීමක් විය.

කෙසේ වෙතත්, ඔහු එම අත්දැකීම ඔහුගේ ප්‍රධාන ගිණුම මගින් අන්‍යයන් සමග බෙදාගත්තේය. එයින් ඔහු පෙන්වා දුන්නේ අප එකිනෙකාගේ කැමැත්ත, රුචිකත්වය, වුවමනාව මත ඇල්ගොරිදම්වලින් ලබා දෙන තොරතුරු සම්පූර්ණයෙන්ම විශ්වාස කළහොත්, අප ලෝකයේ පොදු යථාර්ථයෙන් ඈත් වෙන බවයි; අල්ගොරිදම්වලින් අපව අප කැමැති ‘තොරතුරු බුබුළක’ නොඑසේනම් ෆැන්ටසියක් තුළ සිර කරන බවයි.

ඒ නිසා මේ තොරතුරු බුබුළු echo chamber එක බිඳදැමීම සමාජ මාධ්‍ය පාවිච්චි කරද්දී ඉතාම වැදගත්ය. සමාජ මාධ්‍ය ඇල්ගොරිදම් පරිපූර්ණ නොවේ. echo chamberවලට සමාන, මෙම අල්ගොරිදම් භයානක ගුහා තුළට, වඩාත් ආන්තික අන්තර්ගතයන් කරා පරිශීලකයන් ගෙන යා හැකියි. රැඩිකල්කරණයට පවා තුඩු දෙයි. සුදු ආධිපත්‍යවාදීන් white supremacist වෙත හෝ එවැනි අන්ත දක්ෂිණාංශික මත කෙරෙහි පරිශීලකයන් යොමු කරවීමට සහ ආශක්ත කරවීමට හැකියි.

සමාජ මාධ්‍ය සමාගම්වල අභ්‍යන්තර තොරතුරු දෙස බලද්දී ඔප්පු වන බරපතළ භයානක කරුණු තිබේ. ඉන්ස්ටග්‍රෑම්හි අල්ගොරිදම් නවයොවුන් වියේ ගැහැනු ළමුන් කුමන ආකාරයේ විය යුතු දැයි ඉතාම දරුණු ආකාරයෙන් පෙළඹවීම් සිදුකරයි. නවයොවුන් වියේ තරුණියන් වැරැදි, මංමුළා කරවන ප්‍රවණතාවලට ලක්කරවන අල්ගොරිදම් ක්‍රියාත්මකය. ඔවුන්ගේ ශරීර රූප ගැන ඍණාත්මක හැඟීමක් ඇති කරවීම උදාහරණයක් ලෙස දක්විය හැකිය.

එමෙන්ම සමාජ මාධ්‍ය ආයතන ලාභ ලබන ව්‍යාපාර බව අමතක නොකළ යුතුයි. පහුගිය වසරවල ඒවායේ ලාභ අතිවිශාලයි. අද ලෝකයේ ධනවත්ම සමාගම් වී ඇත්තේ, මෙම සමාජ මාධ්‍ය සමාගම්ය. ඔවුන් එම ලාභය උපයන්නේ සමාජ මාධ්‍ය තුළ දැන්වීම් පළ කිරීමෙන් සහ සමාජ මාධ්‍යවල කටයුතු කරන පරිශීලකයන්ගේ විවිධ තොරතුරු සහ දත්ත විවිධ වෙළඳ සමාගම්වලට විකිණීම මඟිනුයි.

 සමාජ මාධ්‍ය සමාගම්වල ප්‍රධානම අරමුණ වී ඇත්තේ ලාභ ඉපයීම වන බැවින් ඔවුන් තම පරිශීලකයන් වැඩිම කාලයක් තමන්ගේ සමාජ මාධ්‍ය තුළ තබා ගැනීමට හැකි වන පරිදි ඒවායේ මෘදුකාංග සහ අල්ගොරිදම් සකසා තිබේ. එය මත්ද්‍රව්‍ය නිෂ්පාදකයන් මිනිසුන් මත්ද්‍රව්‍යවලට වැඩිපුර ඇබ්බැහි කරවා ගැනීමට යොදන රසායනික සහ ප්‍රචාරක උපක්‍රම වැනිය.

සමාජ මාධ්‍ය උපක්‍රම

පරිශීලකයින් අල්ලා ගැනීම සඳහා සමාජ මාධ්‍ය විසින් යොදා ගනු ලබන උපක්‍රම රාශියක් තිබේ. ඉන් ප්‍රධානම උපක්‍රමයක් වී ඇත්තේ සමාජ මාධ්‍ය තුළ සිදු කරන ඕනෑම ක්‍රියාවක් සඳහා ඇගයීමක් ලබා දීමේ ක්‍රියාවලියයි. සරලව කිවහොත්, ඕනෑම සුළු දෙයකට ලයික් දැමීමට, කමෙන්ට්ස් දැමීමට, ස්ටිකර් තොගයක් දැමීමට අසීමාන්තික ඉඩක් හදා තිබීමයි. සමාජ මාධ්‍යවලට පරිශීලකයන් ඇබ්බැහි වීම පිළිබඳ කරන ලද පරීක්ෂණවල දී ඔප්පු වී ඇත්තේ මේ සෑම දෙයටම ලයික් කමෙන්ට්ස් දැමීමට ඉඩකඩ තිබීම මඟින් මේ හැම ක්‍රියාවකදීම ‘ඩොපමීන්’ නම් හෝමෝනය නිපදවන බවයි. ඩොපමීන්  යනු අපට සතුට ඇති කරවන රසායනිකයකි. ඒ නිසා එම සතුට දිගටම තබා ගැනීම වෙනුවෙන් මනුෂ්‍ය ශරීරය කටයුතු කිරීම  ස්වාභාවිකයි. ලයික් එකක් දැමීමෙන් ඩොපමීන් ශ්‍රාවය වන විට මොළය තුළ ඇති කරන්නේ සතුටු හැඟීමකි. එම හැඟීම මඟින් දිගටම එම ක්‍රියාවලිය තුළ සිටීමට අපව පොළඹවයි.

අනෙක් කරුණ වන්නේ අපට අසීමාන්තිකව, කිසිදු ආයාසකින් තොරව පෝස්ට් දහස් ගණනක් ස්ක්‍රොල් (Scroll) කරමින් (තල්ලු කරමින්) බැලීමට හැකි වන පරිදි ස්මාර්ට් ජංගම දුරකථන සකස්කර තිබීමයි. අප බොහෝ දෙනෙකු කිසිදු අරමුණකින් තොරව ජංගම දුරකථනයේ විනාඩි ගණන් ස්ක්‍රොල් කරමින් සිටිමු. බොහෝ අය එසේ කරද්දී, තිබෙන පෝස්ට් කියවන්නේ හෝ නැත. නමුත්, ස්ක්‍රොල් කිරීමට ලක්වන සෑම පෝස්ට් එකක් මඟින්ම ඒවායේ අඩංගු සෑම දැන්වීමකටම මුදල් ලැබීමක් සිදුවෙයි. එමනිසා අසීමාන්තිකව ස්ක්‍රොල් කළ හැකි වන පරිදි මෘදුකාංග සකසනු ලැබ තිබේ.

එසේම අපගේ සැම චර්යාවක්වම උපරිම වශයෙන් නිරීක්ෂණයට ලක්වේ. නිදසුනක් වශයෙන් අප විනාඩියකට වැඩි කාලයක් වැයකරමින් බලන වීඩියෝ මොනවාද, විනාඩියකට අඩුවෙන් බලන වීඩියෝ මොනවාද ආදී වශයෙන් සියලු දෙයක්ම පුළුල් හා සංකීර්ණ අල්ගොරිදම් මාර්ගයෙන් ඔවුන් විසින් විශ්ලේෂණය කරනු ලබයි.

ඒ අනුව අපගේ රුචිකත්වය අනුව වීඩියෝ ඡායාරූප සහ තොරතුරු අඛණ්ඩව හා අසීමාන්තිකව ලබා දෙයි.

ඒ අතරම මෙම සමාගම්වල අල්ගොරිදම් සකස් කරන මෘදුකාංග ඉංජිනේරුවන්ට ලැබෙන දේශපාලන සහ සමාජ උපදෙස් අනුවත්, ඒවා සකස් කරන අයගේ මනසේ තිබෙන විවිධ අගතිගාමී ආකල්ප අනුවත් අල්ගොරිදම් සකස් වෙයි. ඒ අනුව අප කැමැති දේ මෙන්ම ඒවා ඔවුන් කැමැති ආකාරයකට වෙනස් කර බැලීමටද අපට සලස්වයි.

 විශේෂයෙන්ම බටහිර අධිරාජ්‍යවාදී දේශපාලන හා සංස්කෘතික දැක්ම පැතිරවීම සඳහා මෙම අල්ගොරිදම් බහුලව යොදා ගැනෙයි. එමෙන්ම ජනප්‍රිය හා බලවත් පුද්ගලයන්ගේ පෝස්ට් සහ වීඩියෝ වැඩි පිරිසකට නැරඹීමට සැලැස්වීමටත්, ඒ අයුරින්ම ඒ අදහස් ඉදිරිපත් නොකරන බලවත් හෝ ප්‍රසිද්ධ නොවන අයගේ පෝස්ට් සහ වීඩියෝ ඉතාම අවම මට්ටමකින් ප්‍රචාරය කිරීමටත් මෙම සමාගම් සහ අල්ගොරිදම් කටයුතු කරනවා.

එමගින් ලෝකයේ ආධිපත්‍යවාදී දේශපාලන සහ සංස්කෘතික අදහස්, පාරිභෝජනවාදී අදහස්ද, පොදුවේ ධනපතියන් ප්‍රතිනිෂ්පාදනය කරන දෘෂ්ටීන් සහ ක්‍රියාවන් පුළුල් වශයෙන් සමාජය තුළ බෙදාහැරෙනු ලබයි. බොහෝ අවස්ථාවලදී අප රුචිකත්වයක් නොදක්වන අප ඉල්ලා නොසිටින ලද අපගේ මිතුරු ලයිස්තුවේ නොමැති ප්‍රබල පුද්ගලයන්ගේ අදහස් සහ ධනපති දෘෂ්ටිවාදයට ගැළපෙන ඡායාරූප සහ වීඩියෝ අප වෙත ලැබීමට සලස්වන්නේ ඒ අනුවයි.

සමාජ මාධ්‍ය නියාමනය කරන විවිධ උපදෙස් සහ රෙගුලාසි අනුව සමාජ මාධ්‍ය පරිශීලකයන්ට ඔවුන් කැමති ඒවා පමණක් නොව වෙනත් දේවල්ද ඉදිරිපත් කළ යුතු යැයි සම්මතයක් තිබුණත්, බොහෝ විට සිදුවන්නේ සමාජ මාධ්‍ය පරිශීලකයන් ඇබ්බැහි කර ගැනීමේ අරමුණින් ඔවුන් කැමැති වීඩියෝ සහ චදිඑ 90%ක් පමණ ලබා දෙන අතර, සියයට දහයක් පමණ එසේ නොවන ඒවා ලබා දීමයි. මෙම තත්වය තුළ සිදුවන්නේ බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයන් තොරතුරු ගුහාවල සිර කිරීමය.

ලාභය වෙනුවෙන් රෝගී කරවීම

සමාජ මාධ්‍ය පමණක් නොව google” yahoo වැනි search engine සකස්කර ඇත්තේ මෙම ක්‍රමවේද මතමය. මිනිස් දැනුම පුදුමාකාර ආකාරයකින් පුළුල් කළ හැකිව තිබෙන අන්තර්ජාලය සහ අල්ගොරිදම්, ප්‍රධාන වශයෙන්ම ලාභය ඉපයීම සඳහා සමාගම් පරිශීලකයන් ඇබ්බැහි කර ඔවුන් රෝගී වන මට්ටමටම, ජංගම දුරකථනවලට සහ පරිගණකවලට ඇදබැඳ තබා ගන්නා මට්ටමට මෙම තාක්ෂණය ප්‍රාග්ධනයේ වුවමනාකම් වෙනුවෙන් යොදා ගැනෙමින් තිබේ. මේ වන විට අධික ලෙස ජංගම දුරකථනවල සමාජ මාධ්‍ය ඇසුරු කරන අය screen time රෝග විශාල ප්‍රමාණයකට ගොදුරු වන බවත්, එය නිශ්චිතවම ශාරීරික හා මානසික රෝග ඇති කරන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

පරිශීලකයන් මේවාට ඇබ්බැහි නොකර ඔවුන්ට දැනුම සහ රසවින්දනය ලබා ගැනීමට හැකි වන පරිදි ඉතා පහසුවෙන් මෙම අල්ගොරිදම් හා මෘදුකාංග නිර්මාණය කළ හැකිව තිබියෙදී, ඒවා බිලියන ගණනක් ජනතාව ඇබ්බැහි කරවා, ඔවුන් මායාමය යථාර්ථයක සිර කරවා, ඔවුන්ගෙන් ඩොලර් ට්‍රිලියන ගණන් උපයා ගැනීමට කටයුතු කෙරේ. ජනතාවගේ චර්යාවන් සහ මූලික තොරතුරු අමුද්‍රව්‍ය ලෙස යොදා ගනිමින්, ඔවුන් රෝගීන් කරවමින් සහ ඔවුන් ප්‍රයෝජනයක් නැති සයිබර් අවකාශයේ රස්තියාදු ගැසීම්වලට යොමු කරවා අධික ලාභ උපයන ක්‍රියාවලියක් බවට මෙම සමාජ මාධ්‍ය හා ඒවාට අදාළ මෘදුකාංග සහ අල්ගොරිදම් ධනපති ක්‍රමය විසින් පත් කර තිබේ.

කෘත්‍රිම මත්ද්‍රව්‍ය

තාක්ෂණය ලාභ උපදවීම වෙනුවෙන් සහ මිනිසාගේ විනාශය වෙනුවෙන් භාවිත කරනු ලබන තවත් විනාශකාරී භාවිතයක් වන්නේ කෘත්‍රිම මත්ද්‍රව්‍ය නිෂ්පාදනයයි. ස්වාභාවික අමුද්‍රව්‍ය මත පදනම් වී නිෂ්පාදනය කරනු ලබන ඖෂධවල සංයෝගම කෘත්‍රිමව වෙනස් කිරීම මඟින් නිපදවනු ලබන සහ ශරීරයට කායික චිකිත්සක සහ මානසික ක්‍රියාවලියට බලපෑම් කළ හැකි රසායනික ද්‍රව්‍ය කෘත්‍රිම ඖෂධ ලෙස හැඳින්වේ.

විශාල වශයෙන්, අඩු වියදමින් නිපදවිය හැකි මෙම ඖෂධ විවිධ රෝග සඳහා යොදාගත හැකි වේ. එසේ වුවද, කෘත්‍රිම ඖෂධ නිෂ්පාදනය පිළිබඳව අවශ්‍ය තරම් පර්යේෂණ, විශේෂයෙන්ම මිනිසුන්ට අදාළව කර නැති නිසාත්, ඒවා පිළිබඳව අවශ්‍ය නීතිරීති, ප්‍රමිති සම්පාදනය කර නැති නිසාත්, මෙම කෘත්‍රිම ඖෂධ මාරාන්තික වීමේ ඉඩකඩද තිබේ.

කෙසේ වුවද, මෙම මිනිස් දැනුමේ විශේෂ හැකියාවන් වන කෘත්‍රිම ඖෂධ නිෂ්පාදනය අද වන විට විශාල වශයෙන් කෘත්‍රිම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා දැනුමක් සහ තාක්‍ෂණයක් වී තිබේ. ලංකාවේ මෑතක සිට ප්‍රබලව ව්‍යාප්ත වන, වැඩි ඇබ්බැහි වීමේ ගුණයක් සහිත ‘මෙතම්ෆැටමින්’  කෘත්‍රිම රසායනය මඟින් නිපදවනු ලබන ‘අයිස්’ මත්ද්‍රව්‍යය මේ සඳහා ප්‍රබල උදාහරණයකි.

කෘත්‍රිම කංසා ආශ්‍රිත නිෂ්පාදන මෙම කෘත්‍රිම මත්ද්‍රව්‍ය නිෂ්පාදනවල ප්‍රමුඛම ඒවා වේ. දැනට කෘත්‍රිම කංසාවලින් නිපදවනු ලබන මත්ද්‍රව්‍ය ප්‍රධාන කාණ්ඩ පහක් පමණ ඇති අතර, ඒවා නම්, Napthoylindocs” Napthyl-methylindoles” Napthyl-Methylindes” Phenylacetylindoles” Cyclohexylphenols වේ.

මෙම කෘත්‍රිම මත්ද්‍රව්‍ය රසායනිකව ස්වාභාවික කංසාවල සංයුතියට වඩා ව්‍යුහාත්මකව වෙනස් වේ. මෙම කෘත්‍රිම රසායනිකම සුදුසු පරිදි යොදාගෙන වෛද්‍ය විද්‍යාත්මකව විවිධ ප්‍රතිකාර සඳහා යොදා ගනු ලබන නමුත්, බහුලව යොදා ගනු ලබන්නේ විෂ මත්ද්‍රව්‍ය ලෙසය. එමඟින් මොළයේ ක්‍රියාකාරීත්වයට බාධා පැමිණීම, මධ්‍යම ස්නායු පද්ධතිය දුර්වල වීම, සිතීමේ ක්‍රියාවලිය දුර්වල වීම, හෘද රෝග ඇති කිරීම, උදරාබාධ (ගැස්ට්‍රයිටිස්) වැනි රෝගාබාධ ඇති කරන අතර, ඇබ්බැහි වීම නිසා ඇති කරනු ලබන සමාජ, ආර්ථික ප්‍රතිවිපාක විශාලය.

මෙම කෘත්‍රිම මත්ද්‍රව්‍ය සහ පොදුවේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය මිනිස් දැනුම සහ පුළුල් තාක්‍ෂණයන් භාවිත කර අරමුණුසහගතව මිනිසා විනාශ කරමින්, අධික ලාභ ඉපයීම අරමුණු කර ගත් කර්මාන්තයකි. 2023 ජුනි මස නිකුත් කරන ලද එක්සත් ජාතීන්ගේ ලෝක මත්ද්‍රව්‍ය පිළිබඳ වාර්තාව කරුණු කිහිපයක් හුවාදක්වයි.

● ලොව පුරා මත්ද්‍රව්‍ය භාවිත කරනු ලබන ප්‍රමාණය කලින් ඇස්තමේන්තු කළ ප්‍රමාණයට වඩා වැඩි වන අතර, ඔවුන් සඳහා වන ප්‍රතිකාර සහ අනෙකුත් සේවාවන් ලබා දීම අවම මට්ටමක පවතී.

● ‘ලාභ සහ පහසු’ කෘත්‍රිම මත්ද්‍රව්‍ය මඟින් ලොවපුරාම මත්ද්‍රව්‍ය වෙළඳපොළ මරණීය ප්‍රතිඵල සහිතව ව්‍යාප්ත වෙමින් පවතී.

● මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සහ බෙදාහැරීම ලොව පුරා ම අපරාධ සහ පාරිසරික විනාශ වැඩි කරමින්, වර්ධනය වේ.

එම වාර්තාවට අනුව ලොව පුරාම මත්ද්‍රව්‍ය එන්නත් කර ගන්නා ප්‍රමාණය 2021දී මිලියන 13.2ක් වූ අතර, එය කලින් ඇස්තමේන්තුවලට වඩා සියයට 18ක වර්ධනයකි. 2021දී මිලියන 296ක් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ව සිටි අතර, එය පෙර දශකයට වඩා සියයට 23ක වර්ධනයකි. ලොව පුරාම මත්ද්‍රව්‍ය භාවිත කරන අයගෙන් අවශ්‍ය ප්‍රතිකාර ලැබෙන්නේ සියයට 20කට පමණි. මෙහිදී සාතිශය බහුතරය තරුණ ජනතාවය.

මෙම මත්ද්‍රව්‍ය මාෆියාව කොතරම් විශාලද යත්, එය මෙක්සිකෝව, කොලොම්බියාව, පීරු සහ බ්‍රසීලයේ ඇමෙසන් වනය ආශ්‍රිත ප්‍රදේශ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ පුළුල් ආධිපත්‍යයට ලක් වී ඇති අතර, සාමාන්‍ය පාලනය බිඳවැටෙන මට්ටමට ඒවා ප්‍රබල වී තිබේ. මෙම රටවල විශාල ප්‍රදේශ මත්ද්‍රව්‍ය නිෂ්පාදන කල්ලි විසින් පාලනය කරනු ලබන අතර, ඒවාට එරෙහි වන සමාජ ක්‍රියාකාරීන් ඝාතනය කිරීම සුලභ ක්‍රියා වී තිබේ. ලොව වැඩිම මිනීමැරුම් ඇති නගර හයම මෙක්සිකෝවෙන් වාර්තා වන අතර, 2023දී මෙක්සිකෝවේ සෙලායා (ක්‍ැක්හ්) නගරයේ මිනීමැරුම් ප්‍රමාණය ජනගහනයෙන් 1,00,000කට 109.4ක් විය. මේ සඳහා සෘජුව බලපා ඇත්තේ, මත්ද්‍රව්‍ය කල්ලි අතර වන ඝාතන සහ එම කල්ලි විසින් කරනු ලබන ඝාතනයන්ය.

ඇෆ්ගනිස්ථානය ලොව ප්‍රධානම හෙරොයින් නිෂ්පාදන කලාපයක් වී තිබූ අතර, එක්සත් ජනපද ආක්‍රමණකාරී පාලනය තුළ එය වඩාත් වැඩි විය. නමුත්, 2023දී තලේබාන් පාලනය පොපිමල් වගාව තහනම් කිරීමත් සමඟ ලෝක හෙරොයින් නිෂ්පාදනය බිඳවැටී තිබේ. මේ නිසාම ලොව පුරා කෘත්‍රිම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය ඉහළ ගොස් තිබෙන අතර, ඒවායේ සැපයුම් මාර්ගද වෙනස් වී තිබේ.

එමෙන්ම ලොව පුරා ම ඇති වී තිබෙන තවත් ප්‍රවණතාවක් වන්නේ මෙම කෘත්‍රිම මත්ද්‍රව්‍ය භාවිතය ආරම්භක අවස්ථාවේ අඩු බලපෑමක් ඇති නමුත්, ක්‍රමානුකූලව වඩා අන්තරායකාරී ඒවාට පොළඹවන මත්ද්‍රව්‍ය ‘ඖෂධ’ ලෙස නාමකරණය කර රාජ්‍ය ඖෂධ නීති වෙනස්කර සහ ඒවායේ සිදුරුවලින් රිංඟා සාමාන්‍ය වෙළඳපොළට ඇතුල් කර තිබීමයි. 2021 වසරේ කංසා ආශ්‍රිත මත්ද්‍රව්‍ය වැඩිපුර ලබා ගැනීම නිසා උතුරු ඇමෙරිකාවේ සිදු වූ මරණවලින් 90,000ක්ම ‘ෆෙන්ටනයිල්’ (ත්‍ැබඒබහක) නම් මත්ද්‍රව්‍ය නිසා සිදු වූ බවට ඔප්පු වී තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත ආයු අපේක්‍ෂා කාලය 2015දී 78.8ක්ව තිබී 2021 වන විට (කොවිඞ් බලපෑමට පෙර) 76.1ක් දක්වා අඩු වීමටද මෙම අධික මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිදුවන මරණ බලපා තිබේ.

මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, කෘත්‍රිම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, බෙදාහැරීම, මත්ද්‍රව්‍ය ආශ්‍රිත මූල්‍ය වෙළඳපොළ, සෞඛ්‍ය රෙගුලාසි වෙනස්කර මත්ද්‍රව්‍ය සමාජගත කිරීම, මත්ද්‍රව්‍ය ආශ්‍රිත විශාල පාතාල කල්ලි විසින් ආණ්ඩු පෙරළීම සඳහා අස්ථාවරභාවය ඇති කිරීම වෙනුවෙන් අධිරාජ්‍යවාදීන් විසින් යොදා ගනු ලැබීම, මත්ද්‍රව්‍යවලින් සිදු වන විනාශය පිළිබඳ පොදු ජනමතය දියාරු කිරීමට සුවිශාල ලෙස මාධ්‍ය සහ විශේෂඥයන් යොදා ගැනීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම වැළැක්වීමට අවශ්‍ය ක්‍රමවේද දුර්වල කිරීම ආදී ඉතා විශාල සැලසුම් සහගත ක්‍රියාවලියක් ක්‍රියාත්මක වේ. ධනවාදය තුළ මිනිසාගේ යහපත සඳහා යොදාගත හැකි සම්පත් සහ දැනුම අරමුණු සහගතව මිනිසාගේ විනාශය සඳහා යොදා ගැනීමත්, එය එන්න එන්නම වඩ වඩාත් වැඩි වන ආකාරයත් මඟින් ධනවාදය විසින් මිනිසා සංස්කෘතිකමය වශයෙන් පමණක් නොව ශාරීරිකවද විනාශ කරන ආකාරය මනාව ඔප්පු වේ.

මිනිස් වර්ගයා සතු මෙම විශාල දැනුම, හැකියාව සහ තාක්ෂණය මිනිස් වර්ගයා විනාශ කිරීම සඳහා දැනුවත්ව භාවිත කෙරෙන අතර, දැනුමේ හා තාක්ෂණයේ අයිතිය ප්‍රාග්ධනය හිමි ධනවතුන් සුළු පිරිසක් අතින් ගලවාගෙන මිනිස් දැනුම හා තාක්ෂණය පොදු ජන පාලනයකට, ප්‍රජාතන්ත්‍රීය පාලනයකට යටත් කිරීමෙන් පමණක් මිනිසා අති මහත් විනාශයෙන් ගලවාගත හැකි වනු ඇත.

අල්ගොරිදම්වලට නටන මිනිස්සු