කෝවිඩ් මුදල් ධනවතුන්ගේ පසුම්බියට ගියේ කෙසේද?

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

රුචිර් ශර්මා විසින් ද ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙත ලියන ලද ලිපියක අනුවාදයකි

මහ බැංකු වලින් පහසුවෙන් මුදල් ගලා ඒම මෙම ධනය වැඩි වීම සහ වත්කම් අසමානතාව වැඩි වීමට බලපාන ප්‍රධාන හේතුවයි. මෑත දශකවල දී, ගෝලීය ප්‍රකෝටිපතියන්ගේ ජනගහනය පෙරට වඩා පස් ගුණයකින් වැඩි වුන අතර විශාලතම ධනවතුන්ගෙ ධනය ඩොලර් බිලියන 100 ඉක්මවා ගියේය. මම ධනය ගැන සොයාබැලීම ආරම්භ කළේ කුරිරු සතුටක් ලබාගැනීමේ අදහසින් නොව අනතුරු ඇඟවීමේ සලකුණක් ලෙසිනි. නැග එන අසමානතාවය විසින්ම වාමාංශික බලවේග ධනේෂ්වර ක්‍රමයට එරෙහිව කුපිත කරවීමේ හැකියාව පවතී. වසංගතය මෙම ප්‍රවණතාව ශක්තිමත් කර ඇත. වෛරසය පැතිරෙත්ම මහ බැංකු ආර්ථික වර්ධනය අඛණ්ඩව තබා ගැනීමේ අරමුණින්, ලොව පුරා ආර්ථිකයන්ට ඩොලර් ට්‍රිලියන 9 ක් පොම්ප කරන ලදී. එම පොම්පකල මුදලින් වැඩි ප්‍රමාණයක් ගියේ මූල්‍ය වෙලඳපොලවලටත්, එතැන් සිට අන්ත ධනවතුන්ගේ ශුද්ධ වටිනාකම් වෙතටත්‍ ය. ලොව පුරා ප්‍රකෝටිපතියන්ගේ මුළු ධනය ඉහළ ගිය අතර ඒ මාස 12 ක් තුළ ඩොලර් ට්‍රිලියන 5 සිට ඩොලර් ට්‍රිලියන 13 දක්වාය. ෆෝබ්ස් සඟරාව විසින් සම්පාදනය කරන ලද වාර්ෂික ලැයිස්තුවේ මෙතෙක් වාර්තා වූ වඩාත්ම තීව්ර වර්ධනය මෙයයි.

බිලියනපතියන් වැඩිවීම සහ ධනය ඒකරාශීවීම

බිලියනපතියන් ගේ සංඛ්‍යාව ද ඉහල යන ලදි. 2021 අපේල් 06 ෆෝබ්ස් සඟරාව වාර්තා කර ලෙසට එය 700 සිට 2700 කට වැඩි වීමකි. ලොකුම ඉහල යැම වාර්තා වූයේ චීනයෙනි. ඒ සැම පැය 36 ටම බිලියනපතියකු ලෙස බිලියනපතියන් 238 දෙනෙකු එකතු වී එකතුව 626 ක් වන ලෙස වර්ධනය විය. දෙවැන්න වාර්තා වූයේ ඇ එ ජ යෙනි. බිලියනපතියන් 110 දෙනෙකු එකතු වී එකතුව 724 ක් වන ලෙස වර්ධනය විය. ඉන්දියාව විසින් අලුතෙන් බිලියන පතියන් 38 දෙනෙකු 140 දෙනාට එකතුකරන ලද්දේ ලොව තුන්වන බිලියන පතියන් සතු රට ලෙස රුසියාවද අබිබවා යමිනි .ඉහළම ලාභ ලැබූවන් දැනටමත්, බොහෝ කලකට පෙර ජීවිත කාලය තුළ කළ නොහැකි දෙයක් ලෙස පෙනෙන්නට තිබුණු, බිලියන ගණනක් විශාල ධනස්කන්ධයක් වසරක් තුළ, දස බිලියන ගණනකින් වර්ධනය කර ගෙන තිබේ. විශාලතම වර්ධනයක් ලබා ගත් ටෙස්ලා නිර්මාතෘ එලොන් මස්ක් ඔහු තම ධනය ඩොලර් බිලියන 25 සිට ඩොලර් බිලියන 150 දක්වා වැඩිවනු දුටුවේය. මම මගේ රට තුල බිලියනපතියන් වර්ධනය වීම ලුහුබැඳීම පටන් ගත්තේ 2010 දි , ඒ නව ධනවත් ප්‍රභූන්ට එරෙහි කෝපය වර්ධනය වන විටය. මා ෆෝබ්ස් සඟරාව කියවීම ධනය ආශ්‍රිතව අරගල පැන නැගීමේ අවදානම ඇති ජාතීන් පුරෝකථනය කිරීමේ ක්‍රමයක් බවට පත්කර ගැනීමෙන් පසු මෙතරම් අවදානමක් මා අන් කවරදාකවත් දැක නැත. මෙම පුරෝකථනයන් කිරීම සඳහා බිලියනපතියන්ගේ ධනය දල දේශීය නිෂ්පාදිතයේ පංගුවක් ලෙස ගණනය කළෙමි. මුල්බැසගත්, පවුල පදනම් කරගත් ප්‍රභූන් හඳුනා ගැනීම සඳහා, මම , ගොඩනගාගත් දෙයින් ලැබෙන පංගුවට බෙහෙවින් අඩු, උරුම වූ ධනයෙන් ලැබෙන බිලියනපතියන්ගේ ධනයේ පංගුවට සසඳා බැලුවෙමි. වැදගත් ම දෙය නම්, මම වඩා ඵලදායී සහ පිරිසුදු කර්මාන්ත වලින් , විශේෂයෙන්ම තාක්ෂණික සහ නිෂ්පාදන වැනි, දේපල වෙළඳාම් සහ තෙල් වලට ප්‍රතිවිරුද්ධ ලැබෙන ධනයේ පංගුව ගණනය කිරීම මගින් නරක බිලියනපතියන් අතරින් හොඳ බිලියනපතියන් වෙන්කර හදුනා ගත්තෙමි. මෙහිදී බොහෝ තෙල් හෝ දේපළ වෙළඳාම් වැරදි ලෙස ප්‍රකාශ වී ඇති බවට සැකයක් නැත. නමුත් පොදුවේ ගත් කල, එම කර්මාන්ත අඩු ඵලදායී, දූෂණයට වැඩි නැඹුරුවක් ඇති අතර, ඒ නිසා එම ක්‍ෂේත්‍රයන් බොහෝ ප්‍රකෝටිපතියන් ඉහළ යන බව දැකීමේදී ජනතා ප්‍රකෝප වීම් වැඩි ඉඩක් ඇත.

එක්සත් ජනපදය : වත්කම් දළ දේශීය නිෂ්පාදනයෙන් 20% කි

ඉන්දියාවට හාත්පසින්ම වෙනස්ව, ඇමරිකාවේ ප්‍රකෝටිපති පන්තිය 2010 මුල් භාගයේදී පුදුම සහගත ලෙස සමතුලිත විය. කෝටිපති ධනය එකතුව එකල දළ දේශීය නිෂ්පාදිතයෙන් 10% ක් පමණ වූ අතර එය ධනවත් රටවල සාමාන්‍යයට අනුරූප විය. වැදගත්ම දෙය නම්, එක්සත් ජනපදයේ ප්‍රමුඛ පෙළේ ධන කුවේරයින් සාපේක්‍ෂව ස්වල්පයක් පමණක් උරුම කරගත් ධනයයෙන් හෝ “නරක” කර්මාන්තවලින් ගොඩනඟා ගත් ධනයෙන් සිය ගමන ආරම්භ කර ඇත. 2015 වන විට පින්තූරය එක් ප්‍රධාන මිනුමකින් වෙනස් වී තිබුණි. බිලියනපති ධනය දළ දේශීය නිෂ්පාදිතයෙන් 15% දක්වා ඉහළ ගොස් තිබේ. එම වසරේ බර්නි සැන්ඩර්ස් “බිලියනපති පංතියට එරෙහිව” තරග කල පළමු ඇමරිකානු ජනාධිපති අපේක්‍ෂකයා බවට පත්වූ අතර, එතැන් පටන් බොහෝ දෙනෙක් ප්‍රකෝටිපතියන්ට පහර දීමට එක් වූහ. පසුගිය වසරේදී එක්සත් ජනපදයේ විශාල වාසි ප්‍රධාන වශයෙන් හොඳ සහ තනිව ගොඩනැගුනු ධනපතීන් වෙත ගලා ආ නමුත් බිලියනපතියන්ගේ ධනයේ අනුපාතය දළ දේශීය නිෂ්පාදිතයෙන් 20% කට ආසන්න ප්‍රමාණයක් දක්වා වේගයෙන් වර්ධනය විය.

ස්වීඩනය : නව කර්මාන්ත හිමියන්ගේ විශ්ලේෂණය

ඉහළ නැගී එන ආර්ථිකයන් 10 ක් සහ ඉහළ සංවර්ධිත ආර්ථිකයන් 10 ක් කෙරෙහි අවධානය යොමු කරන අතර, ඇමරිකානු ප්‍රකෝටිපති පන්තිය දැන් එහි සම තරගකරුවන් අතර දෙවැනියට වර්ධනය වී ඇත. බොහෝ ප්‍රගතිශීලීන් තවමත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මනෝරාජ්‍යයක් ලෙස වැරදි ලෙස අර්ථකථනය කරන ස්වීඩනයේ වඩාත්ම ඉහලින් ප්‍රකෝටිපතියන් වර්ධනය වී ඇත. ස්වීඩනය පසුගිය වසරේදී බිලියනපතියන් 10 ක් බිහිවූයේ මුළු ගනන 41 ක් වෙමින් වන අතර ඔවුන්ගේ මුළු ධනය දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස 20% සිට 30% දක්වා ඉහළ ගියේය.

සාම්ප්‍රදායිකව වමට නැඹුරු ප්‍රංශයේ ද මෙවැනි ම ප්‍රවණතාවක් ඇති වෙමින් තිබේ. පසුගිය වසරේදී බිලියනපතියන්ගේ ධනය දළ දේශීය නිෂ්පාදිතයෙන් 11% සිට 17% දක්වා ඉහළ ගියේය. එක්සත් රාජධානිය, ඊට වෙනස්ව, බිලියනපතියන්ගේ ධනය දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස සාපේක්‍ෂව පහල අගයක ඇති අතර, එය පසුගිය වසරේ තරමක් ඉහළ ගොස් 7% ක් දක්වා පැමිණියේය.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රයේ කේන්ද්‍රීය අංගයක් වන ධනය සහ උරුමය මත අයකරන බදු ස්වීඩනය දිගු කලක සිට ප්‍රායෝගික නොවන සේ සළකා අතහැර දමා ඇත. ගෝලීය වශයෙන් තරඟකාරී සමාගම්වල ආරම්භකයින් පලවා හැරීමට ස්වීඩනයට කිසිදු උවමනාවක් නැත. 2018 දී IKEA සමාගමේ නිර්මාතෘ Ingvar Kamprad මියගිය දිනයේදී, එක් පුවත්පතක් එය වාර්තා කරේ, රජුගේ සහ තවත් කිහිප දෙනෙකු හැරුණු විට ඔහුට වඩා ජනප්‍රිය ස්වීඩන් ජාතිකයෙකු නම් කිරීම දුෂ්කර බවය.

චීනය

මාවෝ සහ මුදල්“රාජ්‍ය ධනවාදය” අගය කරන්නන් සිතන පරිදි තවදුරටත් චීනය එලෙස සැලකිය නොහැක. පසුගිය වසරේ එහි ප්‍රකෝටිපති පන්තියට ආසන්න වශයෙන් ඩොලර් ට්‍රිලියනයක් එකතු විය. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 15% දක්වා ආසන්න වශයෙන් දෙගුණයක වූ වැඩිවීමකි. චීනයේ ප්‍රකෝටිපති ලැයිස්තුවේ වෙනස්වීම්, වෙළඳ හා දේපළ වෙළඳාම් සමාගම් විසින් ආධිපත්‍යය දරණ පැරණි ආර්ථිකයේ මෑත කාලීන පරිහානිය සහ නව ධනයක නැගීම සනිටුහන් කරයි. නව ආර්ථිකය, ඊ-වාණිජ්‍යය (ecommerce) හා ඖෂධ වැනි අංශවල සමාගම් විසින් මෙහෙයවනු ලබන අතර ධනයෙන් වැඩි කොටසක් ඒවායින් ජනනය වේ. මගේ ලැයිස්තුවේ ඉහළින්ම නැගී එන ආර්ථිකයන් 10 අතුරින් චීනය තායිවානය හා දකුණු කොරියාව සමඟ සිය ධනයෙන් 40% කට වඩා වැඩි ප‍්‍රමාණයක් “හොඳ” කර්මාන්ත වල නියැලෙන බිලියනපතියන්ගේ ලබා ගනී. එය නැගී එන රටවල සාමාන්‍යයට වඩා දෙගුණයකි.මාඕවාදී සාරධර්මවලින් ඉතුරු වී ඇති දේවලින් විශාල ධනයක් උපයා ගන්නේ කෙසේද යන්න පිළිබඳව චීනය විසංවාදයක සිටින බව පෙනේ. 2010 ට පෙර, බෙයිජිනය කිසිදු වත්කමක් ඩොලර් බිලියන 10 ඉක්මවා නොයා යුතු බවට ලිඛිත නොවූ නීතියක් ක්‍රියාත්මක කරන බවක් පෙනෙන්නට තිබුණි. ශුද්ධ ලාභය එම අගය ඉක්මවා රැස් කරගත් ව්‍යාපාරිකයන් අධිකරණය ඉදිරියේ චෝදනාවන්ට ලක්විය. විශාල අන්තර්ජාල සමාගම් ඇරඹුණු අතර, එම සමාගම් වල මුල් අයිතිකරුවන්ගේ ආදායම් වල ශුද්ධ වටිනාකම පළමු වරට 2014 දී ඩොලර් බිලියන 10 ඉක්මවා ගියේය. වසර හතකට පසුව චීන බිලියන 10 වැඩි ධනයක් සහිත ව්‍යාපාරිකයන් 50 කට වැඩි පිරිසක් සිටිති. Ant Group හි හිමිකරු Jack Ma වැනි ප්‍රමුඛ පෙලේ අන්තර්ජාල ව්‍යාපාර පාලනය කරමින්, බීජිං පාලනය නැවත මෙය තහවුරු කරන බවක් පෙනේ. නමුත් ලෝකයේ ප්‍රමුඛ ආර්ථිකය බවට පත්වීමේ චීනයේ අරමුණ එහි තාක්‍ෂණික දක්ෂතාවය මත රඳා පවතින හෙයින්, මෙම ප්‍රතිපත්තිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම අපහසු විය හැකිය.

ප්‍රකෝටිපති පංතිය අතර සම්බන්ධතාවය

ඇමරිකාවේ සිය ප්‍රකෝටිපති පන්තිය සමඟ ඇති සම්බන්ධතාවය ද සංකීර්ණය. ඕනෑම කෙනෙකුට අතිශය ලෙස ධනවත් විය හැකිය යන පදනම මත ගොඩනගා ඇති එක්සත් ජනපදය තුල එම සිහිනය සැබෑ කරගන්නා පුද්ගලයින් ඉලක්ක කරන්නේ කලාතුරකිනි. 20 වන ශතවර්ෂයේ මුල් භාගයේ Robber Baron යුගය වැනි අන්ත අසමානතාවක් පැවති යුගයන්හිදී පමණක්, John D Rockefeller වැනි පුද්ගලයන් මහජන සතුරන් ලෙස සලකන ලදී. මෑතක් වන තුරුම ඉහළ පෙළේ ධනපතීන් අපකීර්තිමත් වීමට වඩා ඇගයීමට පත්විය. ඊට හේතුව වනුයේ, බොහෝ දෙනෙක් ස්ව-උත්සාහයෙන් දියුණු වූ ව්‍යවසායකයින් වීමයි. Bill Gates සහ Warren Buffett වැනි අය එවැනි පරාර්ථකාමීන් ලෙස ද ප්‍රචලිතය. පුළුල් ලෙස කිවහොත්, ඇමරිකානු බිලියනපතියන්ගේ ධනයේ ප්‍රභවයන් ඔවුන්ගේ සමකාලීන ධනපතීන්ට වඩා මිතුරන්ට වඩා ප්‍රශ්නකාරී බවෙන් අඩු ය. තුනෙන් එකක් පැමිණෙන්නේ “හොඳ” කර්මාන්ත වලින් වන අතර, එය සංවර්ධිත පන්තියේ ඉහළම අගය වන අතර, එය දෙවන ස්ථානයේ සිටින ඕස්ට්‍රේලියාවේ අගය මෙන් හතරෙන් එකක් පමණ වේ. ඔවුන්ගේ ධනයෙන් හතරෙන් එකක් පමණ උරුමයෙන් ලැබෙන අතර, එම කොටස ස්වීඩනය, ප්‍රංශය සහ ජර්මනිය යන රටවල දක්නට ලැබෙන 60% කට වඩා බෙහෙවින් අඩු ය. ඇමරිකානු ධනයේ පරිමාණය ද මෙම සන්දර්භය තුළ සලකා බැලීම වටී. Jeff Bezos ගේ ඩොලර් බිලියන 177 ධනය මනස අවුල් කරවන බවක් පෙනෙන්නට තිබේ. නමුත් දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.8% ක් වන එය Rockefeller ධනය හා සංසන්දනය කරන විට ඉතා කුඩා එක් වන අතර, Rockefeller ගේ ධනය දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.6% කි.

කෙසේ වෙතත්, ස්වීඩනයේ සහ ප්‍රංශයේ සිට රුසියාව සහ ඉන්දියාව දක්වා අවම වශයෙන් සැබෑ Rockefeller පන්නයේ ධනපතියන් 17 සිටී. පසුගිය වසරේ Mukesh Ambani සතු ධනයේ ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 85 දක්වා දෙගුණයකට වඩා වැඩි වූ අතර දැන් ලැයිස්තුවේ පස්වන ස්ථානයට පත්ව ඇති අතර මුළු ධනය ඉන්දීය දල දේශීය නිශ්පාදනයෙන් 2.8% ට සමාන වේ. ලායිස්තුවේ 17 වන ස්ථානයේ සිටින ගෞතම් අදානි සතු මුළු ධනය ඉන්දීය දල දේශීය නිශ්පාදනයෙන් 1.7% කි.මෙගා-බිලියනපතියන්ගේ ධනය ඔවුන්ගේ පරිමාණයන් කුමක් වුවත්, සමස්ත පන්තිය කෙරෙහි දේශපාලන කෝපය ඇති කරයි. ඇමරිකානු තාක්‍ෂණ යෝධයන්ගේ ආරම්භකයින් සහ ප්‍රධානීන් කරුණු දැක්වීම සඳහා කොන්ග්‍රසය දක්වා යන ලදි. සැන්ඩර්ස් පසුව ඇමරිකානු පවුල්වල පහළ භාගයට අයත් සියලු පවුල් වල එකතුකල ආදායම, ඉහළම ආදායම්ලාභී ධනපනීන් තිදෙනාගේ ධනයටත් ආසන්න වන බවට චෝදනා කළ අතර Gates, Bezos සහ Buffett යන අය උදාහරණ ලෙස දක්වන ලදි.

ජර්මනිය: අඩු වර්ධනයක් පෙන්වීම ජර්මනියේ අත්දැකීම් කීමට ප්‍රතිවිරුද්ධ කරුණකි. එහි ප්‍රකෝටිපති ජනගහනය පසුගිය වසරේ 29 සිට 136 දක්වා ඉහළ ගිය නමුත්, ඔවුන්ගේ මුළු ධනයේ එකතුව දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස ඉහළ ගොස් ඇත්තේ ඉතා සුලු වශයෙනි. බොහෝ දෙනා අඩු වියදම් ජීවන තත්වයක් පවත්වා ගනී. ඇමරිකානු ධනපතියන් සාමාන්‍ය ආදායම වන ඩොලර් බිලියන 105 ට සාපේක්ෂව, ඉහළම 10 දෙනාගේ සාමාන්‍ය ආදායම ඩොලර් බිලියන 23 කි. බොහෝ විශාල ජර්මානු ධනවතුන්ට සිය ධනය පරම්පරාවෙන් උරුම වී ඇත. නමුත් බොහෝ විට එම ධනපතීන්ගේ මූලයන් Mittelstand පන්නයේ ව්‍යාපාරයන්ය; මේවා පවුල විසින් මෙහෙයවනු ලබන, බොහෝ විට කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ සමාගම් වන අතර ඒවා ජර්මානු කර්මාන්තයේ කොඳු නාරටිය වන අතර එය තවමත් ජාතික අභිමානයකි.ඇමරිකානු බිලියනපතියන් විරෝධී ව්‍යාපාරයට සමාන ව්‍යාපාරය ජර්මනියේ නොමැත. එසේම, මේ වන විට එක්සත් ජනපදයේ පසුබෑම එහි “හොඳ” ප්‍රකෝටිපතියන්ගේ කල් පවතින ජනප්‍රියතාවයෙන් සීමා වී තිබේ. දෙදහසෙන් පසු උපන් බොහෝ පිරිස් දකින්නේ Elon Musk වැනි චරිත දූරදර්ශී වීරයන් ලෙසය. එහෙත් පසුගිය වසරේ ඔහුගේ ධනය හය ගුණයකින් වර්ධනය වීම පිලිබඳ ඔවුන් එතරම් කනස්සල්ලට පත්වන්නේ නැත.කෙසේ වෙතත්, එක් පුදුමයක් නම්, ස්වීඩනය සිය අතිවිශාල පවුල් ධනය මූලික වශයෙන් යහපත් ලෙස වැලඳගනු ඇත්ද යන්නයි. දැන් 2020 හි උත්පාතය නව Rockefeller වරුන්ගේ දේශය ලෙස එහි තත්වය ශක්තිමත් කර තිබේ. ප්‍රංශය ද මෑතකදී ධනය මත බදු අහෝසි කර ඇති අතර එය නැවත සලකා බැලීමේ පීඩනයකට මුහුණ දිය හැකිය.ජනතා විරෝධයේ ආරම්භය ද?

රුසියාව බොහෝ කලක සිට ආධිපත්‍යය දරන්නේ “නරක” ප්‍රකෝටිපතියන්ගේ අගනුවර ලෙස ය. නැගී එන ආර්ථිකයන් අතර එය දෙවැනි වන්නේ මෙක්සිකෝවට පමණක් වන අතර, නරක බිලියනපතියන්ගේ ධනය සමස්ත දල දේශීය නිශ්පාදනයෙන් 60% ට සමාන වේ. නම් 120 ක් ඇති රුසියානු ලැයිස්තුව එතරම් විශාල නොවන ආර්ථිකයක් සඳහා පුදුම සහගත ලෙස දිගු වන අතර, බොහෝ දෙනෙක් ධනය ප්‍රදර්ශනය කිරීම සඳහා උත්සුක වෙයි. මෙතෙක් ක්‍රෙම්ලිනයට දැඩි අතෘප්තියක් පාලනය කර ගැනීමට හැකි වී ඇති නමුත් මෙක්සිකෝවේ පිළිබඳව එයම කිව නොහැකිය. අසමානතාවය පිළිබඳ කෝපය ජනාධිපති Andrés Manuel López Obrador ගේ ජයග්‍රහණයට උපකාරී වූ අතර, ප්‍රකෝටිපති ධන කුවේරයන්ගේ කඩාවැටෙන ජනප්‍රියතාවය හේතුවෙන් López Obrador ද ක්‍රියාත්මක වීමට සිදුවනු ඇත.

ඉන්දියාව: තවත් ඉහළ බරක්

ඉන්දියාව ද අවදානම් සහිත සමාජයකි. එහි ප්‍රකෝටිපති පංතියේ මුළු ධනය දළ දේශීය නිෂ්පාදිතයෙන් 20% කට සමාන වන අතර, එය රුසියාවට පමණක් දෙවන වන ආදායම් විෂමතාවයයි. ප්‍රකෝටිපති ධනයෙන් 55% කට වඩා වැඩි ප්‍රමාණයක් සංකේන්ද්‍රණය වී ඇත්තේ පවුලේ උරුමයෙනි. මෙය ඉන්දුනීසියාවට පමණක් දෙවැනි වන තත්වයකි. එකම ශුභාරංචිය නම්, තාක්‍ෂණික, නිෂ්පාදන සහ විශේෂයෙන් විවිධාංගීකෘත සමාගම්වල කර්මාන්තවල නව ධනය පැමිණීම නිසා “නරක” ප්‍රකෝටිපති ධනය පසුගිය වසරේ සමස්තයක් ලෙස අඩුවීමයි. කෙසේ වෙතත්, සමස්තයක් වශයෙන් ගත් කල, මම ඉන්දියාවේ ප්‍රකෝටිපතියන්ගේ ලැයිස්තුව සොයා ගැනීමට පටන් ගත් දා සිට, උරුමයෙන් සදාකාලික වූ ඉහළ-ප්‍රභූ පැලැන්තියකගේ සාමාන්‍ය චිත්‍රය රැඩිකල් ලෙස වෙනස් වී නැත. වසංගත තත්වය විසින් බිලියනපතියන්ගේ වර්ධනය, ආදායම් විෂමතාවයේ බලපෑම ඇතුළුව දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින බොහෝ ආර්ථික හා සමාජ ප්‍රවණතා වේගවත් කළේය. පොහොසත් රටවල මෙම තත්වය සඳහා මුලුමනින්ම පාහේ අවධානය යොමු කර ඇත්තේ, බිලියනපතියන් වෙත ධනය වැඩිපුර ධනය ගලා එන වෙළඳපොළේ මූලික සැකැස්ම වෙනසකට ලක් නොකර, බදුකරණයෙන් ධනය ආපසු ලබා ගැනීම කෙරෙහිය. සමාජ සුබසාධනය සඳහා අවශ්‍ය මුදල් පියවා ගැනීමේ ක්‍රමයක් ලෙස, ඉහළ බදු අයකිරීමේ ක්‍රමය ප්‍රගතිශීලීන් අතර ජනප්‍රියය. එබැවින්, ආර්ථික ක්‍රමය වෙනසකට භාජනය නොවන තෙක් ධනයේ අසමානතාවය තවදුරටත් පුළුල් වනු ඇත.මහජනතාවගේ ආකල්පය මෙතැන් සිට විකාශනය වන ආකාරය රඳා පවතින්නේ, ධනපතියන් නිර්මාණය වන ආකාරය මත ය. අද වන විට, තාක්‍ෂණික හා නිෂ්පාදන අංශ වල ස්වයං-සාදන (self-made) ව්‍යවසායකයින්ට විශාලතම වාසි අත්කර දී තිබේ. “හොඳ” ප්‍රකෝටිපතියන් සඳහා වන හොඳ ප්‍රතිරූපය, ධනය බෙදීයාමේ අසමානතාවය පිළිබඳ කෝපය පුළුල් කැරැල්ලක් බවට පත්වීම වළක්වා ගැනීමට උපකාරී වී තිබේ. නමුත් පුළුල් වන කෝටිපති ලැයිස්තු අනතුරක සේයාවක් එක් කර ඇත.

(ලිපියේ සමාලෝචනය පිළිබඳ එකඟතාවයක් නොමැති වුවද කොරොනා සමය තුළ ප්‍රකෝටිපතියන් බිහිවීමේ වත්මන් ධනපති ක්‍රමයේ ස්වභාවය පිළිබඳ තොරතුරු හා දත්ත අනුව අප රටත් අප ලෝකයක් ගමන් කරමින් තිබෙන්නේ කොතෙන්ටදැයි , මැනවින් පෙන්වා දෙන ලිපිය කි)

කෝවිඩ් මුදල් ධනවතුන්ගේ පසුම්බියට ගියේ කෙසේද?