කියුබාව: සම්බාධකවලට එරෙහි යෝජනාව වැඩි ඡන්දයෙන් ජය ලබයි

SHARE

පසුගිය ජුනි 23වැනිදා සමස්ත ලෝකයම දශක 06කට වැඩි කාලයක් පුරා එක්සත් ජනපදය විසින් කියුබාවට පනවනු ලැබ ඇති අමානුෂික සම්බාධකවලට සිය විරෝධය ප්‍රකාශ කළහ. කියුබාව විසින් එකී සම්බාධක හෙළා දකිමින් හා එකී සම්බාධක වහාම ඉවත් කරන ලෙසට බල කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි. එම යෝජනාවට පක්ෂව ඡන්ද 184ක් ලැබුණු අතර විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ එක්සත් ජනපදය හා ඊශ්‍රායලය පමණි. රටවල් 03ක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. මෙය කියුබාව ජාත්‍යන්තර ක්ෂේත්‍රයේදී ලද විශාල ජයග්‍රහණයකි.

කියුබාව: සම්බාධකවලට එරෙහි යෝජනාව වැඩි ඡන්දයෙන් ජය ලබයි