සම අයිතිය ඉල්ලා ස්විස් කාන්තාවෝ අරගලයක

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

ස්විට්සර්ලන්තයේ ජිනීවා, බාසෙල් සහ සුරිච් නගර ඇතුළු නගර 40ක පමණ කාන්තාවන් ප්‍රමුඛ කරගත් විරෝධතා මාලාවක් පසුගියදා පැවැත්විණි. මෙම විරෝධතාවන්හි ප්‍රධානම අරමුණ වූයේ කාන්තාවන්ට සම වැටුප් ලබාගැනීම, සේවා ස්ථානයන්හිදී කාන්තාවන්ට සිදුවන අතවර හා ප්‍රචණ්ඩත්වයන්ට එරෙහිව විරෝධය ප්‍රකාශ කිරීම සහ කාන්තාවන් විශ්‍රාම යන වයස වසර 65 දක්වා වැඩි කිරීමට විරෝධතාවය ප්‍රකාශ කිරීමයි. විරෝධතාකරුවන් ප්‍රකාශ කරන්නේ ස්විස් කාන්තාවන්ට ඡන්ද බලය ලැබී වසර 50ක් ගතවී තිබියදීත්, ව්‍යවස්ථාවට සමානාත්මතාවය පිළිබඳ සංකල්පය ඇතුළත් කර වසර 40ක් ගතවී තිබියදීත්, පළමු කාන්තා වැඩවර්ජනයට වසර 30ක් ගතවී තිබියදීත්, 2019 පැවැත්වූ විශාල කාන්තා වැඩවර්ජනයට වසර 02ක් ගතවී තිබියෙදීත් මෙම සමානාත්මතාවය පිළිබඳ ඉල්ලීම් අදටද වලංගු බවයි. එසේම පැතිර යන කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ කාන්තාවන් තවදුරටත් අයුක්තියට අසාධාරණයට ලක්ව ඇති බවත් ඔවුහු ප්‍රකාශ කරති. එසේම එරට වෘත්තීය සමිති ෆෙඩරේෂණයද ප්‍රකාශ කරන්නේ ස්විට්සර්ලන්තය තුළ කාන්තාවන්ට පිරිමින් හා සමාන වැටුප් ලබාදීමට අවශ්‍ය පියවර ගැනීමේ ප්‍රගතියක් දක්නට නොමැති බවයි.

සම අයිතිය ඉල්ලා ස්විස් කාන්තාවෝ අරගලයක