අපේ කාලයේ ආදර්ශය; ෆිදෙල්

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

ආදරණීය සහෝදරියනි, සහෝදරවරුනි,
අද අප ඔබ සමඟ කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ ෆිදෙල් හා කියුබානු විප්ලවය පිළිබඳවයි. මීට පෙර අපි කියුබානු විප්ලවය පිළිබඳ කතා කරලා තිබෙනවා. ඒ වගේම එහි නායක ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයා ගැනත් සමහර දේ කතා කර තියෙනවා. අද අපි නැවතත් බලාපොරොත්තු වෙනවා වඩා වෙනස් අයුරකින් කියුබානු විප්ලවයේ අත්දැකීම් ගැනත් ෆිදෙල් ගැනත් කතා කරන්න. මෙවර අපට ෆිදෙල් හා කියුබාව ගැන කතා කරන්න විශේෂ හේතු කිහිපයක් තියෙනවා. එකක් ඔබ දන්නවා 2009 ජනවාරි 01 වැනිදාට ශ්‍රේෂ්ඨ කියුබානු විප්ලවයට වසර 50 ක් පිරෙනවා. අමෙරිකා එක්සත් ජනපදයේ පාමුල සිට ඉන් එල්ල වූ ආක්‍රමණ, කුමන්ත්‍රණ, කඩාකප්පල්කාරී ක්‍රියා හා සම්බාධක හමුවේ නොසැලී සිය මව්බිමේ නිදහසත් සමාජවාදයත් රැක ගැනීමට කියුබානු ජනතාවත්, කියුබාවේ කොමියුනිස්ට් පක්‍ෂයත්, එහි නායකයා ලෙස ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයාත් වසර 50 ක් තිස්සේ දැක්වූ සමත්කම පිටුපස තිබෙන ‘රහස’ අප හඳුනාගත යුතු වෙනවා. ඒ නිසා කියුබානු විප්ලවය ගැන කතා කිරීමට මෙය හොඳ අවස්ථාවක් කියා අපි හිතනවා.
අනෙක් අතට කියුබානු විප්ලවය පිළිබඳව බොහෝ දෙනාට තිබෙන්නේ හොඳම පුළුල්තම නිවැරදිම අදහස නොවෙයි. සමහරු තේරුම් ගෙන තිබෙන විදිහට කියුබානු විප්ලවය කියන්නේ, ෆිදෙල් ඇතුළු ගරිල්ලා කණ්ඩායමක් සියෙරා මහෙස්ත්‍රා කඳුකරයට ඇතුල්වෙලා බැසිස්ටාගේ හමුදාවට පහර දීලා බලය අල්ලගත්ත එකක්. ඒත් එය ඊට වඩා පළල් එකක්. කියුබාවේ මතුවුණ විප්ලවීය තත්වය තේරුම්ගෙන ඊට අනුව කියුබාවට අනන්‍යවූ අරගල ක්‍රමයක් නිර්මාණය කොට ගරිල්ලා අරගලයක් හා ඒ හා බැඳුණු පළල් බහුජන ව්‍යාපාරයක් ඔස්සේ ජයගත් විප්ලවයක් ලෙස අපට කියුබානු විප්ලවය තේරුම් ගතයුතු වෙනවා. එසේ නැතිව කියුබානු විප්ලවය කියන්නේ අහම්බයක් හෝ ෆිදෙල්ගේ හිතුවක්කාරකමක ප්‍රතිඵලයක නොවෙයි. ඒනිසා කියුබානු විප්ලවයේ මෙතෙක් පළල්ව සාකච්ඡා නොවූ කරුණු ප්‍රමාණයක් අපට සාකච්ඡා කරන්න පුළුවන්. ඒත් මුල සිට අග දක්වා කියුබානු විප්ලවයේ ඉතිහාසය කතා කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වෙනුවට එහි ඉතා වැදගත් සංධිස්ථාන කිහිපයක් හා එකී සංධිස්ථානවලදී නායකයෙක් ලෙස ෆිදෙල් තීන්දු තීරණ ගත්තේ කොහොමද, කටයුතු කළේ කොහොමද කියන කරුණු අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
අපි යම් ප්‍රමාණයකින් කියුබානු විප්ලවය ගැන හදාරලා තිබුණාට කියුබානු විප්ලවය විසින් බිහි කළ ශ්‍රේෂ්ඨ සටන්කාමියා හා අනගි මිනිසා වූ චේ ගැන කථා කරල තිබුණාට ෆිදෙල් ගැන වැඩිය කතා කරල තිබුණේ නැහැ. ඒකට හේතුව ෆිදෙල් පවා තමන් ගැන කථා කිරීමට ඉදිරිපත් නොවීම. නමුත් ෆිදෙල් කියන්නේ, පසුගිය සියවසේ බිහිවූ අනගිතම නායකයෙක්. කියුබානු විප්ලවය ජයගැනීම හා කියුබාවේ සමාජවාදී පාලනය වසර 50 ක් තිස්සේ පවත්වාගෙන ඒමේදී ෆිදෙල්ගේ නායකත්වය හා දායකත්වය ඉතාම විශේෂයි. ඒ නිසා ෆිදෙල්ගේ එම නායකත්වයේදී හා දායකත්වයේදී ඔහු පෙන්වූ විශේෂතා ගැනත් අපි කථා කළ යුතු වෙනවා. විප්ලවවාදියෙක් ලෙස, දේශප්‍රේමියෙක් ලෙස ජාත්‍යන්තරවාදියෙක් ලෙස සැබෑ කොමියුනිස්ට්වාදියෙක් ලෙස රාජ්‍ය නායකයෙක් ලෙස හා හොඳ මිනිසෙක් ලෙස ෆිදෙල් පෙන්වූ ගුණාංග හා ඔහුගේ අත්දැකීම් නූතන පරපුරට ඉතාමත් වැදගත් කියා අපි හිතනවා. ඒ නිසයි අපි ඔහු ගැන කතා කළ යුත්තේ.
මෙහිදී මුලින් සඳහන් කළා වගේම අපි මේ සූදානම් වන්නේ කියුබානු විප්ලවයේ සිදුවීම් ටික පෙළට කථා කරන්න නෙවෙයි. කියුබානු විප්ලවයේ ප්‍රධාන සංධිස්ථාන හා ඒවැනි සංධිස්ථාන නිර්මාණය කළ විෂයමූල යථාර්ථයන් හා එහිදී කියුබානු විප්ලවවාදීන් හා එහි නායකයා ලෙස ෆිදෙල්ගේ භූමිකාව ගැනයි අපි කතා කරන්නේ. කෙටියෙන් කිව්වොත් අපි මේ උත්සාහ කරන්නේ, ෆිදෙල් හරහා කියුබානු විප්ලවය තේරුම් ගැනීමටත්, කියුබානු විප්ලවය හරහා ෆිදෙල් තේරුම් ගැනීමටත් බව කිව යුතු වෙනවා. ඒ අනුව ෆිදෙල් හා කියුබානු විප්ලවය ගැන අපි අද කතා කරන්න හදන්නේ විශේෂ කරුණු රැසක් සමගයි. සාමාන්‍යයෙන් මීට පෙර මෙවැනි මාතෘකාවක් කථා කරන්න ඊට අවශ්‍ය තොරතුරු අපට සොයාගැනීමට සිදු වුණේ විවිධ මූලාශ්‍රවලින්. එහෙම වුණාම ඒවායේ නිවැරදිතාවය පිළිබඳවත් ගැටලු මතුවෙනවා. ඒත් මෙවර ඒ ගැටලුව අපට මතුවන්නේ නැහැ.ඊට හේතුව ෆිදෙල්ගේ වචනවලින්ම මෙම කරුණු ඉදිරිපත් කිරීමේ පහසුව අපට ලැබී තිබීමයි.
පසුගිය කාලයේ ඉතා වටිනා පොතක් නිකුත් වුණා. එය නම් කරල තිබනේනේ ඵහ ඛසfෑ – ත්‍සාැක ක්‍්ිඑරද කියලා. ෆිදෙල්ගේ ජීවිත කථාව. මේ පොත ලියල තියෙන්නෙ ඉග්නාසියෝ රමෝනේ (ෂඨභ්ක්‍ෂධ ඍ්ඵධභෑඔ) නැමැති ලේඛකයායි. ඔහු ෆිදෙල් සමග කළ සම්මුඛ සාකච්ඡාවක් අනුව තමයි මේ පොත ලියා තියෙන්නේ. ඔහු කියන ලෙසට ෆිදෙල් සමග පැය 100ක කාලයක් කළ සාකච්ඡාවට අනුව මෙය ලියවුණු පොතක්. ඔහු එම පොතේ හැඳින්වීම නම්කර තිබෙන්නෙත් ් ්‍යමබාර්ා ්‍යදමරි අසඑය ත්‍සාැක යනුවෙනුයි. අපි අපේ සාකච්ඡාව සඳහා පදනම් කරගන්නේ ඒ පොතේ කරුණුයි. ඒ පොතේ විශේෂය වෙන්නේ, රමෝනේගේ ප්‍රශ්නවලට ෆිදෙල් ලබා දී තිබෙන පිළිතුරුවලින් එය සමන්විත වීමයි ඒ නිසා ෆිදෙල්ගේ වචනවලින්ම ෆිදෙල් ගැන හා කියුබාව ගැන කථා කිරීමට අපට හැකි වෙනවා. ඊට අමතරව ෆිදෙල්ගේම ‘ඉතිහාසය මා නිදහස් කරාවි’ යන පොතෙනුත් ෆිදෙල් ගැන සකස්වුණු වාර්තා වැඩසටහන්වලද ෆිදෙල් පවසා තිබූ සමහර කරුණු වලිනුත් තොරතුරු කිහිපයක් අපි මෙයට එක්කර ගන්න කල්පනා කළා.

ෆිදෙල්ගේ ළමා කාලය

ෆිදෙල්ගේ චින්තනයටත් ඔහුගේ දේශපාලන ගමන් මඟට හා පෞරුෂයටත් ඔහුගේ පවුල් පසුබිම හා ළමා කාලයේ අත්දැකීම් සැලකිය යුතු බලපෑමක් කළ බව ඔහු කියනවා. ඒ නිසා අපි ෆිදෙල්ගේ ළමා කාලයෙන් අපේ සාකච්ඡාව ආරම්භ කළ යුතු වෙනවා.ෆිදෙල්ගේ සම්පූර්ණ නම ෆිදෙල් ඇලහෙන්ද්‍රෝ කස්ත්‍රෝ රූස්. ඔහු ඉපදුනේ 1926 අගෝස්තු 13දා කියුබාවේ ඔරියන්ටේ ප්‍රාන්තයේ බිරාන් (ඊෂඍභ) වල සිය පියාගේ ගොවිපළේදී. ෆිදෙල්ගේ පියා ඒන්ජල් කස්ත්‍රෝ අර්ගීස්. ස්පාඤ්ඤ ජාතිකයෙක්. ඔහු ස්පාඤ්ඤයේ ගැලීසියේ දුප්පත් පවුලක 1875 දෙසැම්බර් 01ඉපදී තිබුණා. ස්පාඤ්ඤයේ එකල තිබූ නීතියට අනුව සියලුම තරුණයින් වයස 16 දී හමුදාවට බැඳී සේවය කළ යුතු උණා. එහෙත් පොහොසතුන්ට යම් මුදලක් ගෙවා මෙම අනිවාර්යය යුධ සේවයෙන් නිදහස් වීමට ඉඩ තිබුණත් දිළිඳු අයට ඒ හැකියාව තිබුණේ නැහැ. ඒ අනුව ෆිදෙල්ගේ පියා වයස 16 දී ස්පාඤ්ඤ හමුදාවට බැඳුණා. එහිදී ඔහුට එකළ ස්පාඤ්ඤ යටත් විජිතයක්ව පැවති කියුබාවේ සේවය කිරීමට සිදුඋණා. වසර කීපයක් කියුබාවේ හමුදා සෙබළෙක් ලෙස සේවය කළ ඔහු යළි ස්පාඤ්ඤයට ගියා. තම අනිවාර්යය හමුදා සේවා කාලය අවසන් කළ ඔහු ඉන් පසුව යළි කියුබාවට පැමිණ තිබෙනවා. කියුබාවේ ඔරියන්ටේ පළාතට පැමිණි ඔහු එහි තිබූ අමෙරිකානු සමාගමක කම්කරුවෙක් ලෙස සේවය ආරම්භ කරල තියෙනවා.ෆිදෙල්ගේ පියා අකුරු ඉගෙන ගෙන තිබුණේ නැහැ. ඒත් ෆිදෙල් කියන ලෙසට ඔහු අධිෂ්ඨානයෙන් පිරුණු හොඳ සංවිධාන හැකියාවක් සහිත ක්‍රියාශීලී අයෙක් .මේ හැකියාව නිසා ෆිදෙල්ගේ පියා ඉක්මනින්ම අර අමෙරිකානු සමාගමට සේවයිකන් සපයන්නෙක් බවට පත් වුණා. සේවක නඩ සංවිධානය කරමින් සමාගමට සේවකයින් සපයන්නෙක් ලෙස කටයුතු කළ ඔහු ඉතා ඉක්මනින්ම අඩු මිලට ඉඩම් මිලදී ගනිමින් එම පළාතේ ඉඩම් හිමියෙක් බවට පත් උණා. ෆිදෙල්ගේ පියා මුලදී මරියා නම් කියුබානු කාන්තාවක් ආවාහ කරගත්තා. ඔවුනට පෙඞ්රෝ හා අන්තෝනියා යනුවෙන් දරුවන් දෙදෙනෙක් සිටියා. පසුව ඇයව දික්කසාද කළ ෆිදෙල්ගේ පියා තමන්ට වඩා වයස අවුරුදු 28 කින් බාල කියුබානු කාන්තාවක් හා සම්බන්ධතාවක් ඇතිකරගත්තා. ෆිදෙල්ගේ මව උනේ ඇයයි. අගේ නම ලීනා රූස් ගොන්සාලේස්. ඔවුනට දරුවන් 07 ක් ලැබුණා. ඇන්ජෙලා, රමෝන්, ෆිදෙල්, රවුල්, ජුවානා, එමා හා අගෝස්තිනා ඒ දරුවන් 07 දෙනායි. ෆිදෙල්ගෙ මව ඉපදිලා තිබුනේ 1903 සැප් 23දා. ඇය හා ෆිදෙල්ගේ පියා එකට ජීවත් වීමට පටන්ගෙන ඔවුනට දරුවන් 7 දෙනාම ලැබුනට පසුව 1943 අප්‍රේල් 26 තමයි ඔවුන් නීත්‍යානුකූලව විවාහ වෙලා තියෙන්නෙ.
ෆිදෙල්ගේ පියා ධනවත් ඉඩම් හිමියෙක් උවත් ඔහු කියුබානු ධනේශ්වර පංතිය නියෝජනය කළේ නැහැ. වෙනත් ධනපති පවුල් සමග ඔවුනට කිසිදු සබඳතාවක් තිබුණේ නැහැ. ඒනිසාම ධනේශ්වර සංස්කෘතිය ඔවුන් තුළ තිබුණේ නැහැ. ඒනිසා ෆිදෙල් වරක් මෙහෙම කියනවා. “මෙම ඉඩම් හිමියෙකුගේ පුතෙක් උණාට ඉඩම් හිමියෙකුගේ මුනුබුරෙක් නොවෙයි.” ඉන් ෆිදෙල් කියන්නේ වෙන කිසිවක් නොවෙයි තමන් ධනේශ්වර ඉඩම් හිමි පරපුරකට අයත් කෙනෙක් නොවන බවයි. ෆිදෙල් කුඩා කාලේ ජීවත් වූ“බිරාන්” නම් ප්‍රදේශය ඉතාම පසුගාමී ග්‍රාමීය ප්‍රදේශයක්. එහි පාරවල් මඩවලින් පිරී තිබුණලු. මිනිස්සු ගමන් ගියේ එක්කෝ කරත්තවල නැතිනම් අසුන් පිටලු. මෝටර් රථ හෝ විදුලිබලය තිබිල නැහැ. භූමිතෙල් ලාම්පුවලින් තමයි ආලෝකය අරගෙන තියෙන්නේ. ෆිදෙල් කියන විදිහට ඔහුට වයස අවුරුදු 04 දී ඔහුගේ වැඩිමල් සහෝදරියත් සමග ඔහුව බිරාන්වල තිබුණු ප්‍රසිද්ධ පාසලට ඇතුළත් කරල තියෙනවා. එහිදී ෆිදෙල් නොසැලකිල්ලට ලක් උණාලු. නිතර පහර කෑමට ලක්උණාලු. එම පාසලේ ඉගැන්වූ ගුරුවරිය දරුවන්ට නොදිය යුතු දඬුවම් ෆිදෙල්ට දීල තියෙනවා. තිරුඟු ඇට මත දණ ගසා සිටීමට සැලැස්වීම, දෑ ත් දිගුකර ඒම කාසි දෙකක් තබා දිගු වේලාවක් සිටීමට බලකිරීම වැනි දඬුවම් තමයි දීල තියෙන්නේ. මේ නිසාම කුඩා කාලේ සිටම ෆිදෙල් තුළ අයුක්තියට, පීඩාවට එරෙහිව හැඟීම් වර්ධනය වෙලා තියෙනවා.
ඊළඟට ෆිදෙල්ට වයස අවුරුදු 06 දී ඔහුගේ වැඩිමහල් සහෝදරයා සමග ෆිදෙල්ව සන්තියාගෝඩි කියුබා නගරයේ පාසලකට යවල තියෙනවා. එහිදී ඔවුන් නතරවී සිටියේ ගුරුවරියකගේ නිවසකයි. එම නිවසේදී තමන් සූරාකෑමට ලක්වූ බව ෆිදෙල් කියනවා. ඒක වෙන්නේ මෙහෙයමයි. ෆිදෙල්ගේ හා ඔහුගේ සහෝදරයාගේ වියදම් ලෙස පියා අර ඔවුන් නැවතී සිටින නිවසට මුදල් ලබාදී තිබුණත් එම නිවස අයිති ගුරුවරිය එම මුදල් වියදම් කරගෙන ෆිදෙල්ලාට ප්‍රමාණවත් ලෙස කෑම නොදී ඉඳලා තියෙනවා. ඒ නිසා ඔවුන් නිතරම දැඩි කුසගින්නෙන් පෙළුණු බව ෆිදෙල් කියනවා. එය ෆිදෙල් දකින්නේ සූරාකෑමට ලක් වීමක් හැටියට. මේ කාලේ කියුබාවේ විශාල ආර්ථික අර්බුදයක් ඇති වෙලා. ගුරුවරුන්ට වැටුප් ලබාදීම පවා සිදුවෙලා නැහැ. මේ තත්වය මත අර ගුරුවරිය ෆිදෙල්ගේ ගෙදරින් ලැබුණු මුදලින් ජීවත් වෙලා තියෙනවා. මේ ළමයින්ට හරියට කෑමවත් දීල නැහැ.
ඉඩම් හිමියෙකුගේ පුතෙක් උණත් ෆිදෙල්ගේ ළමා විය සුඛෝපභොගී එකක් වෙලා නැහැ. ගෙදරදී පියා ද නිතර පහර දුන් බව ෆිදෙල් කියනවා. ඒ වගේම ගමේ පාසලේදී පීඩාවට පත් උණා. ඊළඟට නගරයේ ඉගෙන ගනිද්දි කුගින්නේ සිටීමට සිදු උණා. මේ තත්වය තුළ ඔහු කුඩා කළ සිටම විප්ලවකාරී වූ බව ෆිදෙල් කියනවා. ෆිදෙල් කුඩා කළම තමන්ට එරෙහිව සිදුවුණ අසාධාරණයන්ට එරෙහිව නැඟී සිටල තියෙනවා. ප්‍රතිචාර දක්වල තියෙනවා. සමහර ප්‍රතිචාර අපේ ළමයි ආදර්ශයට ගත යුතු නැහැ. ඒත් ෆිදෙල්ගේ ජීවිතය විප්ලවකාරී ලෙස ගොඩ නැඟී තිබෙන්නේ ළමා කළ ඔහු මුහුණ දුන් කටුක අත්දැකීම් හා ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා ඔහු තුළ වූ ක්‍රියාකාරීත්වය අනුව බව පේනවා. කුඩාකළ ෆිදෙල්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ උදාහරණ කීපයක් තිබෙනවා. එකක් වරක් ඔහු ගමේ ගිය වෙලාවක තමන් මුලින්ම ඉගෙන ගත් පාසලේ තමන්ට දඬුවම් කළ ගුරුවරියට පාඩමක් ඉගැන්වීමට සඳහා ඇගේ නිවසේ වහළයට දැවැන්ත ගල් ප්‍රහාරයක් එල්ල කළාලු. ගුරුවරිය බියවී කෑගසාගෙන එළියට දුවනකල් වහළට ගල් ගහලා තියෙනවා.
ඒ වගේම සන්තියාගෝ ඩි කියුබාවල ඔහු ඉගෙනගත් f’සුයිට් පාසලේදි ඔහු බාහිර ශිෂයෙක්ව සිටි නිසා තමන්ට එහි අභ්‍යන්තර ශිෂ්‍යයෙක් ලෙස සලකන මෙන් බලකර ආහාර වර්ජනයක් කළාලු. අවසානයේ එම පාසල ෆිදෙල්ට එහි අභ්‍යන්තර ශිෂ්‍යයෙක් ලෙස ඇතුළත් කරගත්තාලු. ඉන්පසු ගුරුවරියගේ නිවසේ නැවතී කුසගින්නේ සිටීමට සිදුනොවූ බව ඔහු කියනවා. ඒ වගේම වරක් එම පාසලේම උප විදුහල්පතිවරයා ඔහුගේ ඥාති සිසුවෙක් සමග ෆිදෙල් ඇති කරගත් ගැටුමක් නිසා ෆිදෙල්ට අසාධාරණ ලෙස පහර දුන් විට පෙරළා උප විදුහල්පතිවරයාට පහර දී තිබෙනවා. මේ සිදුවීම්වලින් පසු එම පාසලේ ප්‍රධානියා ෆිදෙල් හා සොහොයුරා ‘මැරයින්’ ලෙස හඳුන්වා ගෙදරට බාර දුන්නාලු. වයස 6-7 කුඩා ළමයෙක් මැරයෙක් ලෙස නම් කරන්නේ කෙසේදැයි ෆිදෙල් අහනවා. කොහොම උණත් ෆිදෙල් පාසල් නොයැවීමට පියා තීරණය කළ විට පාසල් යවන්නේ නැතිනම් ගේ ගිනි තියන බවට ෆිදෙල් පියාට තර්ජනය කළාලු. ඔබ ඇත්තටම එහෙම කරන්නද ගියේ කියල පොතේ කතුවරයා විමසුවම ෆිදෙල් කියන්නේ මම ඒ වෙලාවේ එහෙම කිව්ව. ඉතිං පියා මාව නැවත පාසලට යැව්ව කියලයි. කුඩා කළ සිටම ඔහු තුළ තිබූ ආවේගශීලී බව හා අසාධාරණය නොඉවසීම ඉන් පේනවා. කොහොම උණත් තමා විනයකට අනුව ජීවත්වීමට පුරුදු උණෙත් අර f’සුයිට් පාසලේ ඉගෙනගත් කාලෙ බවත් පිදෙල් සඳහන් කරනවා.

මේ කාලේ කියුබාවේ දේශපාලන වටපිටාව

මේ විදිහට ෆිදෙල් තම ළමා කාලය පසුකරමින් තරුණ වියට පා තබනවිට ඔහුගේ ජීවිතයේ ගමන්මඟට කියුබාවේ ඒ කාලයේ පැවති සමාජ ආර්ථික, දේශපාලන තත්වයන් බලපෑවා. ඒ නිසා අපි ඉතාම කෙටියෙන් උනත් කියුබාවේ තිබුණු තත්වයත් තේරුම් ගන්න ඕනේ.

1930 පමණ වන විට කියුබාව ඉතාම නරක දිළිඳුභාවයකට පත්ව තිබුණා. කියුබාව ස්පාඤ්ඤයෙන් නිදහස ලබා ගත්තත් ඒ සමගම. ඊට මැදිහත්වූ අමෙරිකා එක්සත් ජනපදය කියුබාවේ ආර්ථිකය පාලනය කිරීම සිදු කළා. කියුබාව නිදහස්වී එහි ව්‍යවස්ථාව හදන විට එක්සත් ජනපදය ඊට සංශෝධනයක් එකතු කළා. එය නම් කළේ ‘ප්ලැට්’ සංශෝධනය කියලා. ඒ අනුව කියුබාව තුළ සමහර කර්මාන්තවලට අවසර නොදුන් අතර එම භාණ්ඩ එක්සත් ජනපදයෙන් ආනයනය කළ යුතු උණා. මේ නිසා කියුබාව ඉක්මනින්ම ණය වී දිළිඳු උණා. රජයේ සේවකයින්ට වැටුප් ගෙවීමට පවා ආණ්ඩුවට මුදල් නැති උණා.1930 කාලය වනවිට කියුබාවේ බලයේ සිටියේ ජෙරාර්ඩෝ මචාඩෝ නමැති අයෙක්. මුලදී ඔහු පෙන්නුම් කළ ජාතිකවාදී දැක්ම නිසා ජන සහයෝගය ලබා ගත්තද පස්සේ ඔහු ඒකාධිපතියෙක් බවට පත්උණා. මර්ධනය ගෙනාවා. බලය සඳහා මතුපිටින් දේශප්‍රේමී ජාතිකවාදී හැඩ පෙන්වන ධනපති පාලකයන්ගෙන් අපි ප්‍රවේසම් වෙනන් ඕන. කොහොම උණත් මචාඩෝගේ පාලනය මර්ධනයත් සමග පිරිහීමට පත් උණා. කියුබානු ආරම්භක කොමියුනිස්ට් පක්‍ෂයේ නිර්මාතෘවරයා වගේම ඒ කාලේ හිටපු ශිෂ්‍ය නායකයෙක් වුණු අන්තෝනියෝ ද මෙල්ලා මර්ධනයෙන් බේරීමට මෙක්සිකෝවට පලාගොස් සිටියදී මචාඩෝගේ නියමය අනුව ඔහුව මෙක්සිකෝව තුළදීම මරා දැම්ම. ෆිදෙල් කියන විදිහට මෙල්ලා ඉතා විශිෂ්ඨ තරුණ කොමියුනිස්ට් වාදියෙක්. ඔහුට 1917 ඔක්තෝම්බර් විප්ලවයේ බලපෑම තිබුණ. ඉතිං මේ මර්ධනකාරී පාලනයට එරෙහිව ජනතා අරගල පැන නැංගා. 1933 අගෝස්තුවලදී සමස්ථ මහා වැඩ වර්ජනයක් මගින් මචාඩෝගේ අණ්ඩුව පෙරලා දමා භාරකාර ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවා. එම ආණ්ඩුවේ නායකයා උණේ අන්තෝනියෝ ගැටියෙර්. 1933 සැප්තැම්බර්යෙදී එනම් බලයට පත්ව මාසයක් ඉක්ම යනවිට හමුදා මැදිහත්වීමකින් ගැටියෙර්ගේ පාලනයද පෙරළාදමා රමෝන් ගුරු සන් මාටින්ගේ නායකත්වයයෙන් නව ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවා. 1933 දී ගැටියෙර්ව ඝාතනය කළා. 1933 සැප්තැම්බර් සිදුවුණු මේ හමුදා නැඟිටීම පිටිපස්සේ හිටියේ කවුද දන්නවද? ඒ වෙනකරුවත්නෙවෙයි පසුව කියුබාවේ ඒකාධිපතියා වුණු බැටිස්ටයි. ඒ වන විට බැටිස්ටා හමුදාවේ සාජන් වරයෙක්. ඒ නිසාම මේ කැරැල්ල ද හැඳින්වූයේ සාජන්ට්වරුන්ගේ කැරැල්ලක් කියලයි. මේ වන විට ෆිදෙල්ට අවුරුදු 07 යි. ඒත් ඔහුට මේ සිදුවීම් මතක තියෙනවා. ෆිදෙල්ට ඉතාම හොඳ ධාරන ශක්තියක් මතක ශක්තියක් තියෙනවා. හමුදා නැඟිටීම සිදු උණ වෙලාවේ බෝම්බ පිපුරුණු හඬ තමන්ට ඇසුණු බව ෆිදෙල් කියනවා.
කොහොම උණත් රමෝන් ගුරු සන් මාර්ටින්ගේ පාලනය වැඩිකල් තිබුණේ නැහැ. 1934 ජනවාරි වලදී එම පාලනයත් පෙරළා දැමූ බැටිස්ටා හමුදා ප්‍රධානියා බවට පත්වී රටේ බලය අල්ලා ගන්නවා. ඒත් ඔහු මතුපිටට ආවේ නැහැ. තිරය පිටුපසින් ඉඳගෙන විවිධ රූකඩ “ජනාධිපතිවරු” ලෙස පත්කරමින් පාලනය ගෙන ගියා. අවසානයේ 1940 දී ඔහුම ජනාධිපති බවට පත් උණා.
පසු කලෙක දරුණු ඒකාධිපතියෙක් වුණු බැටිස්ටා මුලදී ඉතාම ප්‍රගතිශීලී මුහුණක් පෙන්නලා තියෙනවා. මේ කාලයේ කියුබාවේ කොමියුනිස්ට් පක්‍ෂය බැටිස්ටා සමග එක්ව කටයුතු කළබව ෆිදෙල්කියනවා. 1933 බැටිස්ටා සිදු කළ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව 1934 අප්‍රේල් කැඳවූ සමස්ත මහා වැඩවර්ජනය බැටිස්ටා විසින් මර්ධනය කරනවා. මේ වන විටත් කොමියුනිස්ට් පක්‍ෂය හා බැටිස්ටා අතර එකඟතාවක් තිබූ බවයි ෆිදෙල් කියන්නේ. ලෙනින්ගේ මරණින්පසු ස්ටැලින්ගේ නායකත්වයෙන් පැවති 3 වන ජාත්‍යන්තරයේ 1935 දී ෆැසිස්ට් වවිරෝධී එක්සත් පෙරමුණු ගොඩ නැඟීම සඳහා යෝජනාවක් සම්මත කළ බව අපි අහල තියෙනවනේ. ඒ යෝජනාවට අනුව ලොව පුරා කොමියුනිස්ට් පක්‍ෂ ධනපති පංතිය සමග එකව ‘එක්සත් පෙරමුණු’ ගොඩ නැඟුවනේ. ඒ අනුව කියුබාවෙත් කොමියුනිස්ට් පක්‍ෂය හා බැටිස්ටා පාලනය අතර එක්සත් පෙරමුණක් ගොඩ නැඟිල තියෙනවා. එය කියුබානු කොමියුනිස්ට් පක්‍ෂයට විශාල හානියක් කළ බවත් ෆිදෙල් කියනවා. දෙවන ලෝක යුද්ධයට කලින් 1939 දී සෝවියට් දේශය හා හිට්ලර්ගේ ජර්මනිය අතරත් යුද නොවැදීමේ ගිවිසුමක් අත්සන් කළා. එය හැඳින්වූයේ මොලටොෆ් – රිබන්ත්‍රෝප් ගිවිසුම ලෙස. කියුබානු කොමියුනිස්ට් පක්‍ෂය බැටිස්ටා සමග ගොඩැඟූ එක්සත් පෙරමුණ ඊටත් පෙර ගොඩනඟා තිබුණාලු. මෙම වැරදි සහගත ගිවිසුම කොමියුනිස්ට් පක්‍ෂයටත් සෝවියට් දේශයටත් හානි කළ බව ෆිදෙල් කියනවා. මොලටෝප් – රිබොන්ත්‍රෝප් ගිවිසුමට අනුව ජර්මනිය සෝවියට් දේශය ආක්‍රමණය කරන එකක් නැහැ කියල ස්ටැලින් හිතුවත් ජර්මන්නු සෝවියට් දේශයට පහර දුන්නා. කලින් තිබූ විශ්වාසය නිසා ප්‍රහාරය එල්ල වන විටම එය මැඩ පැවැත්වීමට සෝවියට් දේශය සූදානමක නොසිටි නිසා ඊට අමතර හානි විඳගැනීමට සිදුඋණා. මේ පිළිබඳව සිහිපත් කරමින් ෆිදෙල්තමන්ගේ පොතේ මෙහෙම කියනවා. “ඓතිහාසික පාඩම නම් විප්ලවාකරී පක්‍ෂයකට උපක්‍රමික පියවර වෙනස් කළ හැක. එහෙත් එය උපායමාර්ගික වැරදි නොකළ යුතුය.” ඒ තමයි ෆිදෙල්ගේ දැක්ම. ඒක ඉතාම වැදගත් කියමනක්.

ෆිදෙල් දේශපාලනයට පිවිසීම

මේ විදිහට කියුබාවේ දේශපානය පවතිද්දී ෆිදෙල් වැඩිදුර අධ්‍යාපනය සඳහා 1942 දී කියුබාවේ අගනුවර වන හවානාවලට යනවා. ඔහු 1945 දී බෙලෙන් උසස් පාසලින් සිය උපාධිය ලබාගන්නවා. ඊළඟට ඔහු 1945 දී නීතිය හැදෑරීම සඳහා හවානා විශ්ව විiාලයට ඇතුළත්වී 1950 දී ඒකියන්නේ වයස අවුරුදු 24 දී නීතිඋපාධිය ලබා ගන්නවා. ෆිදෙල් දේශපාලනයට යොමු උණේ මෙන්න මේ හවානා විශ්ව විiාලයේ ඉගෙන ගන්නා කාලයේදියි.
ෆිදෙල් දේශපාලනයට සම්බන්ධ වන විට ඔහුගේ පවුල් පසුබිම අනුව ඒ කියන්නේ පියා ධනවත් ඉඩම් හිමියෙක් වූ නිසා ධනවාදී දේශපාලනයට සම්බන්ධ විය යුතු උවත් ඔහු ගමන් කළේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට. ෆිදෙල්ගේ දේශපාලන ගමනේ දිශානතිය තීරණය කිරීමේදී ඔහු විශ්ව විiාලයේදී ඉගෙනගත් දේට අමතරව අපි කලිනුත් සඳහන් කළා වගේ ඔහු කුඩා කළ ජීවත්වූ පරිසරයත් බලපෑ බව පේනවා. ඔහු ගෙදරදී හා මූලික පාසල්වලදී විඳි කටුක අත්දැකීම් ඔහුගේ චින්තනයට බලපා තිබුණා. ඒ වගේම ඔහු ජීවත්වූ ගමේ අහල පහළ ජීවත්වූ කම්කරු පවුල්වල ජීවන තත්වය ඔහු දැකල තිබුණ. පියාගේ වතුවල සේවය කරපු හයිටියානු දුප්පත් පුවල් ජීවතවූ කුඩා නිවාසවලට ෆිදෙල් නිතර ගිහින් තිබුණා. ඔවුන් සමග එක්වී බඩ ඉරිඟු පුච්චගෙන කාල තබුණා. ඒ නිසා මිනිසුන්ගේ ජීවිතයේ කටුකත්වය තමන්ගේ අධ්‍යාත්මයට බලපෑ බව ෆිදෙල් කියනවා. ෆිදෙල් කියන ලෙසට ඔහු ජීවිතයෙන් ඉගෙන ගත් කෙනෙක්.
ඒ වගේම ෆිදෙල් කුඩා කල සිටම යුද්ධ පිළිබඳ තොරතුරුවලට කැමැත්තක් දැක්වූවලු. ඒ වගේම යුද තොරතුරු කියවා මතකයේ තබා ගත්තාලු. ෆිදෙල්ට හොඳින් මත තිබූ යුද්ධ අතර 1930 කාලයේ පැවති ඇබිසීනියන් යුද්ධය මුල් තැන ගන්නවා. ඉතාලිය විසින් ඉතියෝපියාව (ඇබිසීනියාව) ආක්‍රමණය කිරීම නිසා ඇති වූ මේ යුද්ධයේ තොරතුරු ෆිදෙල්ට මතකහිටියේ විශේෂ කාරණාවක් නිස.ඒ කාලේ ෆිදෙල්ගේ නිවසෙ සේවය කරපු සේවකයෙක් හිටියාලු අකුරු කියවන්න බැරි. ඒ නිසාෆිදෙල්ට සිදු උණාලු ඔහුට ඇහෙන ලෙස පුවත්පත්වල පළවූ මෙම යුධ තොරතුරු කියවන්න. ඒව ෆිදෙල්ටත් මතක හිටියාලු. ඒවගේම 1936 දී ඇති වූ ස්පාඤ්ඥ සිවිල් යුද්ධයත් ෆිදෙල් හොඳින් අධ්‍යයනය කරලතියෙනවා. ඒ යුද්ධය ආරම්භ වුණේ ඒ වන විට ස්පාඤ්ඤයේ පැවති වාමාංශික ආණ්ඩුව ජෙනරාල් ෆ්‍රැන්කෝගේ නායකත්වයෙන් හමුදා කුමන්ත්‍රණයකින් 1936 දී පෙරලා දැමීමත් සමගයි. ඒ යුද්ධය ගැනත් හොඳ වැටහීමක් ෆිදෙල්ට තිබිල තියෙනවා. ඒ වගේම 1939 ඇරඹි දෙවන ලෝක යුද්ධය ගැනත් ඔහුට හොඳ වැටහීමක් තියෙනවා. ඊට අදාළ යුධ වාර්තා හා ලිපි බොහොමයක් තමන් කියවා අධ්‍යයනය කළ බව ෆිදෙල් කියනවා. ඊටත් අමතරව කියුබාවේ නිදහස් අරගලය විසින් කළ බලපෑම් හා බයිබලයේ සඳහන් යුද්ධවල බලපෑමත් ඔහුට තිබුණාලු.පසුකලෙක කියුබාවේදී සාම්ප්‍රදායික නොවන යුද කලාවක් හෙවත් ගරිල්ලා යුද්ධය පිළිබඳ කලාව නිර්මාණය කිරීමට ෆිදෙල්ට මේ දැනුම ඉවහල් වූ බව පෙන්වා.
ෆිදෙල් නීති විiාලයට ඇතුළත් වූ පළමු වසරේම ඒ වන විට කියුබාවේ තිබූ ප්‍රධානතම විපක්‍ෂය වූ ඔර්තඩොක්ස් පක්‍ෂය හෙවත් කියුබානු ජනතා පක්‍ෂයට සම්බන්ධ වෙනවා. ඒ වන විට ඔර්තඩොක්ස් පක්‍ෂයේ නායකයාව සිටියේ එඩුවාඩෝ චිබාස් නැමති අයෙක්. ඔහු 1934 කාලයේ රමෝන් ගුරුසන් මාටින්ගේ පක්‍ෂය වූ කියුබානු විප්ලවාකරී පක්‍ෂය හෙවත් ඔතෙන්ටික් පක්‍ෂයට සම්බන්ධව එහි සෙනෙට් සභිකයෙක් ලෙස ඉඳල තියෙනවා. පස්සේ ඉන් ඉවත් වෙලා 1947 දීතමයි ඔර්තඩොක්ස් පක්‍ෂය පිහිටුවාගෙන තියෙන්නේ. ෆිදෙල් කියන විදිහට චිබාස් විප්ලවීය සමාජ පරිවර්තනයක් විශ්වාස කරල නැහැ. ඒත් වංචා දූෂණවලට එරෙහිව යහ පාලනය වෙනුවෙන් පෙනී ඉඳළ තියෙනවා. චිබාස්ගේ පක්‍ෂය තරුණයින් අතර ජනප්‍රිය වුණු පක්‍ෂයක්. බැටිස්ටා පරදා බලයට ඒමේ හැකියවාට තිබුණේ ඒකට. ඒ වගේම ඔර්තඩොක්ස් පක්‍ෂයේ දර්ශනය සකස්කර තිබුණේ කියුබානු නිදහස් අරගලයේ වීරයෙක් වූ හොසේ මාර්ටිගේ දර්ශනයට අනුව. චිබාස්ගේ අධ්‍යාත්මික නායකයා උණේ මාර්ටි. ෆිදෙල්ට මාර්ටිගේ ඉගැන්වීම්වල බලපෑම ඇති උණෙත් ඔර්තඩෝකස් පක්‍ෂය තුළදියි. ෆිදෙල් මාර්ටිට වගේම මෙල්ලාටත් ලොකු ගෞරවයක් දක්වනවා. කොහො උණත් 1952 පැවැත්වීමට නියමිතව තිබී අවලංගු කළ ජනාධිපතිවරණයට මාස 10 කට පෙර 1951 දී චිබාස් දිවිනසාගෙන තිබෙනවා. චිබාස්ගේ පක්‍ෂය සතුව ගුවන් විදුලි මධ්‍යස්ථානයක් තිබී ඇති අතරඔහු ඒ හරහා ජනතාව ඇමතීමද කරල තියෙනවා. බැටිස්ටාගේ ආණ්ඩුව චිබාස්ට එරෙහිව බෝම්බ පිපිරවීමේ බොරු චෝදනාවක් නඟා තියෙනවා. ඉන් කලකිරුණු චිබාස් තම ගුවන්විදුලි කතාවනිමකොට නිවසට ගොස් වෙඩිතබා ගත් බවයි පැවසෙන්නේ.මේ නිසා ඔර්තඩෝකස් පක්‍ෂයට නායකත්වයක් නොමැතිවී දුර්වල වෙනවා.
මේ කාලේ ෆිදෙල් ශිෂ්‍ය අරගල, ශිෂ්‍ය ක්‍රියාකාරකම් හරහා දේශපාලනයට ඇදිල ගියත් ඔහු කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයෙක් උණේ නැහැ. ඒ වෙනුවට ඔහු දේශප්‍රේමියෙක් උණා. මේ කාලේ කොමියුනිස්ට් පක්‍ෂය පිරිහී තිබූ බවයි ෆිදෙල් කියන්නේ.
කොහොම වුණත් මාර්ටිගේ ඉගැන්වීම්වල බලපෑම තුළ දේශප්‍රේමියෙක් ලෙස වර්ධනය වෙද්දීම ෆිදෙල් කොමියුනිස්ට්වාදය වෙතද ඇදී ගිහින් තියෙනවා. ෆිදෙල්ම කියන විදිහට ඔහු මුල් කාලේ උටෝපියානු (මනෝරාජික) කොමියුනිස්ට් වාදියෙක් උණාලු. මේ අතර විශ්ව විiාලය තුළදී ෆිදෙල් මාක්ස්වාදී පොත පත කියවීම ආරම්භ කරනවා. ඒ අනුව මාක්ස්වාදියෙක් වෙනවා. කොමියුනිස්ට්වාදියෙක් වෙනවා. ඒත් කොමියුන්සිට් පක්‍ෂ සාමාජිකයෙක් උණ් නැහැ. ෆිදෙල් ඒ කාලේ කියවපු මාක්ස්වාදී පෝත්වලින් බොහොමයක නම් සඳහන් කරල තියෙනවා. ඒවා මෙහෙයමයි.

  • කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රකාශනය (මාක්ස්-එංගල්ස්)
  • ප්‍රංශයේ සිවිල් යුද්ධ (මාක්ස්)
  • බ්‍රෑමයර් 18 දා (මාක්ස්)
  • ගෝතා වැඩපිළිවෙළ පිළිබඳ විවේචනය (මාක්ස්)
  • රජය හා විප්ලවය (ලෙනින්)
  • අධිරාජ්‍යයවාදය ධනවාදයේ ඉහළම අවධියයි. (ලෙනින්)
  • කලයුත්තේ කුමක්ද? (ලෙනින්)
  • සොබා දහමේ දයලෙක්තිකය (එංගල්ස්)

මේ පොත් ටික දිහා බැලුවාම අපට පේනවනේ ෆිදෙල්ට මොනතරම් නිරවුල් දැකීමක් මාක්ස්වාදය ගැන තිබෙන්න පුළුවන්ද කියලා. මාක්ස්වාදය ගැන ෆිදෙල් සිය පොතේ මෙහෙම කියනවා.
“මාක්ස්වාදය මට සමාජය යනු කුමක්දැයි ඉගැන්නුවා. මම ඊට පෙර සිටියේ දෑස් බැඳ උතුර දකුණ සොයාගැනීමට නොහැකිව මහා වනයක අතරමංවූ අයෙක් ලෙසයි. ඔබ සැබෑ ලෙසම පංති අරගලයේ ඉතිහාසය තේරුම් ගන්නේ නැතිනම්. අඩු ගණනේ සමාජය පොහොසත් හා දුප්පත් ලෙස බෙදී ඇතිබව හා එක් පිරිසක් අනෙක් පිරිස සූරාකන බවපැහැදිලිව තේරුම් ගන්නේ නැත්නම් ඔබ කැළෑවක අතරමංවූ කිසිවක් නොදන්නා අයෙක් බවට පත් වෙනවා.”
ෆිදෙල් කියන විදිහට මහා විප්ලවවාදී දාර්ශනිකයින් ගෙන් ඔහු කරුණු කීපයක් ඉගෙන ගෙන තියෙනවා. ඒ අනුව හොසේ මාර්ටිගෙන් ඔහු ප්‍රබෝධය, ඔහුගේ ආදර්ශයන් හා තවත් බොහෝ දේ ඉගෙන ගෙන තියෙනවලු. ඒ සියල්ලටම ඉහළින් ඉගෙනගත්දේ ආචාරධර්ම බවයි ෆිදෙල් කියන්නේ. කීර්තියට ගිජු නොවීම මාර්ටිගෙන් ඉගෙන ගත්තලු.මාර්ටිගේ සුප්‍රසිද්ධ කියමනක් ෆිදෙල් මතක් කරනවා. ඒ තමයි “ලොව සියලු කීර්තිය ඉරිඟු මදයක් තරම්ය” කියන කියමන. විප්ලවීය ක්‍රියාවලියකදී අචාරධර්ම හෙවත් අධ්‍යාත්මික වටිනකම් ඉතා වැදගත් බව ෆිදෙල් කියනවා. අද දවසේ උණත් කීර්තිය පිටුපස ප්‍රසිද්ධිය පසුපස හඹායන නායකයින්ට මාර්ටි වගේම ෆිදෙලුත් විශාල ආදර්ශයක්. ඒක අපි අවධාරණය කරගත යුතුයි කියල අපි හිතනවා. ඊළඟට ෆිදෙල් කියනවා මාක්ස් ගෙන් ඉගෙන ගත්තු දේ මොනවද කියල. මානව සමාජය කුමක්ද කියන එක ඉගෙන ගත්තෙ මාක්ස් ගෙන්ලු. එය නැතිනම් කෙනෙකුට මානව සමාජයතේරුම් ගැනීමට නොහැකි බව ෆිදෙල් කියනවා. එය නොමැති නම් අප රාත්‍රියක උතුර-දකුණ නොදැන මහා වනයක අතරමං වුවන් වන බවත් ෆිදෙල් කියනවා. මාක්ස් අපට සමාජය යනු කුමක්ද යන්න හා ඉතිහාසයේ පරිනාමය උගැන්වූ බවත් ඔහු කියනවා. කොමිපාසුව නොතිබුණේ නම් කොලොම්බස්ට මුහුදින් ගොස් කිසි තැනක් සොයා ගැනීමට නොහැකි වන බවත් අපට ඇති කොම්පාසුව මාක්ස්-ලෙනින් වාදය බවත් අවධාරණය කරන ෆිදෙල් එ ්සමගම මාර්ටි ඉගැන්වූ ආචාරධර්මවල වැදගත්කමත් සිහිපත් කරනවා.
මෙයින් අපට ඉතාම පැහැදිලිවෙනව ෆිදෙල්ගේ දේශපාලනය චින්තනය මාර්ටිගේ ඉගැන්වීම් හා මාක්ස්වාදී ඉගැන්වීම් මත ගොඩනැඟුණ බව.ඒ නිසා ෆිදෙල් දේශපේ්්‍රමියෙක් වන අතරම මාක්ස්වාදියෙක් උණා. කොමියුනිස්ට්වාදියෙක් ජාත්‍යන්තරවාදියෙක් උණා. සමහරු හිතං ඉන්නෙ ෆිදල් මාක්ස්වාදියෙක් උණේ කියුබාවේ බලය ගත්තට පස්සේ කියලයි. ඒක ඇත්තක් නොවෙයි. ෆිදෙල් කියන විදිහට ඔහුට මාක්ස්වාදය ගැන දැක්මක් නොතිබුණා නම් මොන්කාඩා ප්‍රහාරය හා පසුව ග්‍රැන්මා ගමන හරහා සියරා මහේස්ත්‍රා කඳුකරයේ අරගලය සැලසුම් වෙන්නේ නැහැ කියලා.ඒ නිසා ෆිදෙල්ගේ ජීවිතයේ පාඩම් අපිට ගොඩක් වටිනවා.දේශප්‍රේමය මාක්ස්වාදයෙන් මුදාගැනීම තමන්ගේ එකම අරමුණ කරගත්තු ඊනියා දේශප්‍රේමන්ට ෆිදෙල් හොඳපාඩමක් වෙනවා. අපේරටවල සමහර දේශප්‍රේමීන්ට මාක්ස්වාදය ගැරඬියට භූමිතෙල් වගෙයි. ඔවුන් ඇත්තටම දේශප්‍රේමින් නොවෙයි. ජාතිවාදීන්. ඔවුන්තුළ තිබෙන්නේ සමාජ අන්ත දේශානුරාගය. එය සැබෑ දේශප්‍රේමය නොවෙයි. වත්මන් අධිරාජ්‍යවාදී යුගයේ සැබෑ දේශප්‍රේමය ජාත්‍යන්තරවාදය සමඟ එක්ව තිබිය යුතුයි. ඒ නිසා අපේ වගේ රටවලදී මාක්ස්වාදයෙන් මගපෙන්වීම ලැබූ ෆිදෙල්ගේ දේශප්‍රේමය පිළිබඳව අත්දැකීම් ගොඩක් වටිනවා. එය විශාල පාඩමක් වෙනවා.
මේ විදිහට අධ්‍යාපනිකව ෆිදෙල්ගේ දේශපාලන චින්තනය වර්ධනය වන අතරම අනෙක් අතින් ඔහු දේශපාලන ක්‍රියාකාරකවලට දායක වෙමින් ප්‍රායෝගික අත්දැකීම් ද ලැබුවා. මේකාලේ ෆිදෙල් රටවල් කීපයකම දේශපාලන අරගලවලට සක්‍රීයව මැදිහත් වූ සටන්කාමියෙක් උණා. හැම සංවිධානයකම හැම කායර්යකදීම ඔහුට නායකත්වය ලැබුණා. ඒ අදහස නිරවුල්ව පලකිරීමේ හා ඒවාට අන්අය නම්මාගැනීමේ විශේෂ හැකියාවකුත් සටන්කාමී බවත් ෆිදෙල්ට තිබුණ නිසයි. 1947 දී ඒ කියන්නේ ෆිදෙල්ට වයස අවුරුදු 21 දී ඔහු හවානා විශ්ව විiාලය තුළ පිහිටුවා තිබුණු ඩොමිනිකානු ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කමිටුවේ සභාපති තනතුරට පත්වෙනවා.මේ සංවිධානය පිහිටුවාගෙන තිබුණෙ ඒ කාලේ ඩොමිනිකන් ජනරජයේ ඒකාධිපතියාව සිටි ට්‍රැජිලෝගේ(ඔරමවසකකද) පාලනයට එරෙහිවයි. ඒ වගේම පුවර්ටෝරිකන් රජයේ නිදහස සඳහාවූ කමිටුවේ සභාපති ධූරයත් ෆිදෙල් දැරුව. ඔහු 1948 දි කොලොම්බියාවේ අගනුවර වූ බොගෝටාවලසිදුවූ ජනතා නැඟිටීමකට සහභාගි වී තිබෙනවා.ඒ වගේම ඩොමිනිකන් ජන රජයේ ඒකාධිපතියාට එfරි සටනටද සහභාගි වෙනවා. මේ එක් එක් රටවල පැන නැඟී තිබෙන සියලු අරගල ඒකාබද්ධකරල අධිරාජ්‍ය විරෝධී, ඒකාධිපති විරෝධී පොදු අරගලයක් ගැනද ෆිදෙල් මේ කාලේ කල්පනා කරල තියෙනවා.ෆිදෙල් මෙම සටන්වලදී අවි පාවිච්චි කරල තියෙනවා. කොහොම උණත් ඔහු වෙඩි තැබීමට ඉගෙනගෙන තියෙන්නේ ගෙදර තිබුණු පියාගේ රයිපලයෙන්. තමන් මුල සිටම හොඳ වෙඩික්කරවෙක්බව ෆිදෙල් කියනවා. ඒ වගේම සම්ප්‍රදායික නොවන යුද කලාවක් පිළිබඳ අදහස ෆිදෙල් තුළ නිර්මාණය වූයේද මෙම අරගල අතර බවයි ඔහු කියන්නේ.

මොන්කාඩා ප්‍රහාරය ඇරඹෙයි

අපි මීළඟට අපේ අවධානය යොමු කරන්නේ කියුබානු විප්ලවයේ ඉතාම වැදගත් සිදුවීමක් වූ මොන්කාඩා ප්‍රහාරය පිළිබඳවයි. මොන්කාඩාප්‍රහාරය සිදුඋණේ1953 ජූලි 26 දා. මේ මොන්කාඩා ප්‍රහාරය අහම්බයක් හෝ ෆිදෙල් ඇතුළු තරුණ කණ්ඩායමක හුදකලා හිතුවක්කාර ක්‍රියාවක් නොවෙයි. ඊට වඩා පළල් ගැඹුරු එකක්.අපි හැම විටමසිදුවීම්තේරුම් ගත යුත්තේ මතුපිටින් නොවෙයි. එම සිදුවීම් සිදුවීමට හේතුවූ සමාජ ආර්ථික දේශපාලන වටපිටාව තුළයි. ඒ අනුව 1953 මොන්කාඩා ප්‍රහාරයට මග පෑදුනේ කොහොම කියල දැන් අපි බලමු.
බැටිස්ටාගේ පාලනය තුළ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ 1952 ජූනි 01 දා. ඒත්1952 මාර්තු10 දා හමුදාකුමන්ත්‍රණයකින් බලය තහවුරු කරගත් බැටිස්ටා ජනාධිපතිවරණය අවලංගු කළා. මේ සමගම කියුබාවේ දේශපාලන අර්බුදය අලුත් තත්වයකට පත් උණා. බැටිස්ටාගේ මේ ඒකාධිපති හා ප්‍රජාතන්ත්‍ර විරෝධීක්‍රියාමාර්ග සියලු දෙනා විසින්ම විවේචනය කළත් ඊට එරෙහි ක්‍රියාමාර්ග ගැනුණේ නැහැ. මේ වන විට විවිධ දේශපාලන කණ්ඩායම් කීපයක්ම තිබුණත් ඔවුන් කිසිවකු සන්නද්ධ අරගලයකට සූදානම් උණේ නැහැ. චිබාස් දිවිනසාගෙන තිබීම නිසා ඔර්තඩොක්ස් පක්‍ෂයත් තිබුණේ දර්වල තැනක. ඊට නායකත්වයක් තිබුණේ නැහැ. මේ තත්වය තුළ ෆිදෙල් නව අරගලයක් ගැන කල්පනා කරනව. ෆිදෙල්ට අනුවඒ වන විට විප්ලවයක් සඳහා තත්වය මෝරා තිබුණා. මොකද මේ වන විට සමාජය තුළ බරපතල බැටිස්ටා විරෝධයක් තිබුණා. බැටිස්ටාගේ පාලනය තුළත් ආර්ථිකය බරපතල ලෙස පිරිහී තිබුන. ග්‍රාමීය ප්‍රදේශවල නූගත්කම,ලෙඩරෝග, දිළිඳුකම බරපතල ලෙස තිබුනා. ජනතාව ගෙව්වෙ ඉතාම දුෂ්කර ජීවිතයක්. අනෙක් අතට හොරකම වංචාව දූෂණය ඉහවහා ගොස් තිබුනා. කියුබාව පැවතියේ එක්සත් ජනපද කොළණියක් වගේ. කියුබාවේ අගනුවර වූ හවානාවල කැසිනෝ සූදුපොලවල් හා ගනිකා මඩම් පිරී තිබුනා. මේ නිසා හවානා හැඳින්වූයේ ගනිකා මඩම ලෙස. මේ තත්වය නිසා බැටිස්ටාගේ පාලනයට එරෙහිව දැවැන්ත විරෝධයක් තිබුන. එහෙම තිබියදී තමයි බැටිස්ටා ජනාධිපතිවරණය අවලංගු කරල ආණ්ඩුවට විරෝධය දැක්වීමට තිබූ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අහෝසි කළේ. ඒ නිසාම සම්ප්‍රදායිකනොවන සන්නද්ධ ප්‍රහාරයක හැකියාව ගැන ෆිදෙල් කල්පනා කළා. මේ දිනවල රෆායෙල් ගාර්සියා බාර්සේනා නම් මහාචාර්යවරයා තචමන්ගෙන් ඉගෙන ගෙන හමුදාවේ ඉහළ තනතුරු දරණ අයගේ සහයෙන් හවානාවල පිහිටි ‘කොලොම්බියා’ නම් හමුදාකඳවුරට පහරදී එය අල්ලා ගැනීමට කථා කරනවා. මේ ගැන ඔහු ෆිදෙල්ට කී විට ෆිදෙල් කියන්නේ කිසිවකුටත් මෙය නොකියන ලෙසයි. එහෙත් මහාචාර්ය වරයා මෙය කීප දෙනෙකුටම පැවසීම නිසා එය හෙළවී ඔහුව සිරභාරයට ගන්නවා.
මේ අතර බැටිස්ටාගේ පාලනයට එරෙහිව සන්නද්ධ ප්‍රහාරයක් සඳහා වූ සැලැස්මක් ෆිදෙල් සකස්කරනවා. එහිදී ඔහු තෝරා ගන්නේ හවානා නොවේ. තමන් උපන් පළාත වූ මරියන්ටේ පලාතේ සන්තියාගෝඩි කියුබාව. මේ වන විට විප්ලවයක් සඳහා වූ පැහැදිලි අදහසක් හා සැලැස්මක් තමන් සතුව තිබු බව ෆිදෙල් කියනවා. මේ වන විට කියුබානු කොමියුනිස්ට් පක්‍ෂය පැවතුනේ දුර්වලවයි. එක් අතකින් එය මහජන පෙරමුණු න්‍යාය තුළ බැටිස්ටාට සහාය දැක්වීඹ නිසා පිරිහීමටලක්වී හුදකළා වී තිබුණා. අනෙක් අතට කොමියුනිසිට්වාදයට එරෙහිව දෙවනලෝක යුද්ධයෙන් පසු එක්සත් ජනපදය දියත් කළ “මැකාර්ති වාදය”නම් වැඩපිළිවෙළට අනුව කියුබානු කොමියුනිස්ට් පක්‍ෂයට එරෙහිව විවිධ ක්‍රියමාර්ග ගෙන තිබුණා. ඒ අනුව රට තුළ විප්ලවීය අවස්ථාවක් මතු වූ විට ඊට මැදිහත්වීමට නොහැකි සේ කොමියුනිස්ට් පක්‍ෂය දුර්වලව තිබුණා. මෙය ඉතා සැලකිල්ලෙන් හැදෑරිය යුතු කරුණක්.
මේ තත්වය තුළ ෆිදෙල් බැටිස්ටා විරෝධී තරුණ ව්‍යාපාරයක් සංවිධානය කිරීම ආරම්බ කළා.එයට වැඩිපුර සම්බන්ධ උණේ ඔර්තඩොක්ස් පක්‍ෂයට සම්බන්ධව සිටි උගත් තරුණපිරිසයි. ෆිදෙල්ට අනුව ඔවුනට පංති හැඟීම තිබුණා ඒත් පංති විඥ්ඥානය තිබුණේ නැහැ. කියුබාවේ විපක්‍ෂයේ සිටි බොහෝ කණ්ඩායම් වංචාවට, දූෂණ්‍යට, නාස්තියට, විරැකියාවට, බලය අයුතු ලෙස යෙදවීමට, විරුද්ධ උණා. ඒත් ඔවුන් සිතුවේ ඒවා දේශපාලකයින්ගේ වැරදි ලෙස, මිස සමාජ ක්‍රමයේ වැරැද්ද ලෙස නොවන බවයි ෆිදෙල් කියන්නේ. ඒක දැන් අපේ රටවල තියෙන තත්වයම තමයි. කොහොම උණත් බැටිස්ටා විරෝධී කොටස් එක්කිරීමට ෆිදෙල් කටයුතු කළා. මේ අනුව ෆිදෙල් විසින් 1200 ක සන්නද්ධ කණ්ඩායමක් පුහුණු කළා. ඔවුනට සාකච්ඡා මගින් දේශපාලිකව දැනුවත් කිරීම් කළා.ඒ සඳහා 3-4 දෙනාගේ කණ්ඩායම් ගොඩ නඟා සාකච්ඡාකර තිබෙනවා. ඊට යොදාගෙන තිබෙන්නේ විශ්ව විiාලය හා ඔර්තඩොක්ස් පක්‍ෂයේ මූලස්ථානයයි. ෆිදෙල්කියන විදිහට ඔහුගේ සැලැස්ම මූර්ත එකක් උණේ නැහැ. ඒත් විනය අත්‍යාවශ්‍ය සාධකයක් උණා.
මේ සන්නද්ධ කණ්ඩායම ගොඩනැඟීම සඳහා ෆිදෙල් හා මුලින්ම එක්වූ අය අතර ජීසස් මොන්ටානේ හා අබෙල්සාන්ත මරියා විශේෂවැදගත් කමක් ඉසිලුවා. මේ දෙදෙනා යොදාගෙන ෆිදෙල් කුඩා මාක්ස්වදී අධ්‍යයන කවයක් හදා මක්ස්වාදය අධ්‍යයනය කරල තියෙනවා. මේ ව්‍යාපාරයේ පළමු වෘත්තීය විප්ලවවාදියා උණේ ෆිදෙල්. මෙහි පළමු පෙළේ නායකයන් අතර, අබෙල්, මොන්ටානේ හා ෆිදෙල් මාක්ස්වාදීන් උණා. මාර්ටිගේ බලපෑම ද තිබුණා. ඔවුන් මාක්ස්වාදීන් උණේ නැතිනම්, එම දැනුම තිබුණේ නැතිනම් යුධ ඇකඩමිවල ඉගෙන නොගත් සුළු පිරිසකටහොඳින්පුහුණුවූ විශාල හමුදාවක් පරාජය කොට විප්ලවයක් කළ නොහැකි බව ෆිදෙල් කියනවා. කොහොම හරි ෆිදෙල් තම කාර්ය සඳහා බඳවාගත් තරුණපිරිසට දේශපාලන දැනුම වගේම යුධ පුහුනුවත් ලබා දුන්නා. එය සිදු කළේ නගරයෙන් පිටත ස්ථානවලදීය. එහිදී මේ බොහෝ දෙනා වෙනත් නම් වලින් ඒ කාලේ කියුබාවේ තිබුණු දඩයම් කරුවන්ගේ සමාජශාලාවලට බැඳිල තියෙනවා. සාමාන්‍යයෙන් එම සමාජ ශාලාවලට සම්බන්ධ වෙන්නේ ඉහළ පංතියේ අය. මේ තරුණයනුත්, එලෙස පෙනී සිටිමින් දඩයම් කරුවන්ගේ සමාජශාලාවලට සම්බන්ධ වී ඒ මගින් වෙඩි තැබීමට පුහුණුව ලබලා තිබෙනවා. ෆිදෙල් කියුබාවේ තිබුණු තත්වයන් තම අරමුණට යොදාගන්නේ එහෙමයි. මෙලෙස පුහුණුවූ අය 7 දෙනාගේ 8 දෙනාගේ සංවිධාන ගොඩ නඟා ඊට නායකයින් පත්කර සංවිධාන ජාලයක් සාදා තිබෙනවා. මෙහි දේශපාලන හා සංවිධාන කටයුතු බාරව ෆිදෙල් කටයුතු කළත් ඔහු ප්‍රසිද්ධියේ පෙනී ඉඳල නැහැ. මොකද මේ වන විටත් ශිෂ්‍ය අරගලවලට මැදිහත් වීම නිසා ෆිදෙල් සටන්කාමීයෙක් ලෙස ප්‍රසිද්ධවෙලයි තිබුණේ. මේ වන විට බැටිස්ටාගේ පොලීසිය ෆිදෙල්ව හොඳට අඳුනනව. ෆිදෙල් සඳහන් කරන විදිහට මොන්කාඩා ප්‍රහාරයේ සැලැස්ම අංග සම්පූර්ණ එකක්. ඔවුන්ගේ සැලැස්ම උණේ බලාපොරොත්තු නොවූ වේලාවක ක්‍ෂණික ප්‍රහාරයක් එල්ල කොට හමුදා කඳවුරේ අවි ලබා ගෙන ඒවා තම කණ්ඩායම හරහා බෙදාහැර රට පුරා ජනතා නැඟිටීමක් ඇති කිරීමත්,ඒ සමගම ගුවන ්විදුලිය අල්ලාගෙන චිබාස්ගේ පටිගත කළ කථාවක් ප්‍රකාශයට පත් කිරීම්ත ඒ සමගම සමස්ත මහා වැඩ වර්ජනයක් කැඳවා පාලනය බිඳ දැමීමත්ය. ඒ අනුව මෙය ජනතා නැඟිටීමක් හා කම්කරු පංති සමස්ථ මහා වැඩවර්ජනයක් දක්වා ගෙන යාමට සැලසුම්කල පහරදීමක් මිස හුදකලා පහරදීමක් උණේ නැහැ. ප්‍රහාරය සඳහා ෆිදෙල් තෝරගත්තේ සන්තියාගේ ඩි කියුබාවල තිබුණ මොන්කාඩා බැරැක්කයි. එහිදී සටන්කරුවන් බැටිස්ටාගේ හමුදාවේ සාජන්ට් වරුන්ගේ නිලඇඳුමින් සැරසී පහරදීම කිරීමටත්, වරක් බැටිස්ටා කලාක් මෙන් මෙයද සාජන්ට් වරුන්ගේ කැරැල්ලක් ලෙස පෙන්වා සෑම හමුදා කඳවුරක් තුළම නැගිටීම් ඇතිකර හමුදාව අකර්මන්‍ය කිරීමත් ෆිදෙල්ගේ උපක්‍රමය උනා. ප්‍රහාරය සඳහා අවශ්‍ය අවි අපි විකුණන සාප්පුවලින් මිලදී ගත් අතර පිරිසට රැස්වීම සඳහා ගොවිපළක් ද මිලදී ගෙන තිබුණි.
රමෝනේ හා කළ සාකච්ඡාවේදී මොන්කාඩා ප්‍රහාරය ගැන දැන් ඔබේ අදහස කුමක්ද කියල ඇහුවාම ෆිදෙල් කියන්නේ මොන්කාඩා ප්‍රහාරයේ සැලැස්ම අසාර්ථක එකක් නොවන බවයි. එය අංග සම්පූර්ණ සැලැස්මක් බව කියන ෆිදෙල්. තමා අද සැලැස්මක් හදන්නේ නම් හදන්නේ එදා සැලැස්මම බවත් කියනවා.වෙනස් වන්නේ එදාට වඩා අද අත් දැකීම් තිබෙන නිසා එදා සිදු කළ සමහර ‘වැරදි’ අද සිදුනොවීමට ඇති ඉඩකඩ පමණක් බවත් කියනවා. මේ පිරිස ප්‍රහාරය සඳහා තෝරාගත්තේ ජූලි 26 දායි. ඊට හේතුවක් තිබුණා. ජූලි 25 දා සන්තියාගෝඩි කියුබාවල උත්සව දවසක්. එදිනට මුළු නගරයම සැකෙළියක් වෙනවා. එහි වාසිය ගැනීම සඳහා එම දිනය තෝරා ගත් බව ෆිදෙල් කියනවා. ඒත් අහම්බීය අවාසියක් සිදු උණේ එම දිනයනිසා බවයි ඔහු කියන්නේ. ප්‍රහාරය සඳහා 160 ක පිරිසක් ෆිදෙල් තෝරාගන්නවා. මේ පිරිස කලින් දිනයේ ගොස් හෝටල් කාමරවල නැවතී එම රාත්‍රියේ ගොවිපළට එකතු වෙනවා. ඒ වන විටත් සැලැස්ම පිළිබඳ වූ ප්‍රධාන කීප දෙනා හැර අන් අය දැන සිටියේ නැහැ. 160 ක් වූ මේ පිරිසෙන් 40 ක් මොන්කාඩා බැරැක්ක වලින් තරමක් දුරින් තිබෙන බයාමෝ වෙත යවනවා. ඒ මොන්කාඩා බැරැක්කවලට පිටින් උදව් ලැබීම වැළැක්වීම සඳහායි. ඉතිරි 120 ත් 90 ක් ෆිදෙල්ගේ නායකත්වයෙන් ප්‍රධාන බැරැක්ක සංකීර්ණය අල්ලා ගැනීමටත් අනෙක් පිරිස දෙකට වෙන්කර, සිවිල් රෝහල අල්ලාගැනීම එක් කණ්ඩායමකටත්, උසාවි සංකීර්ණය අල්ලා ගැනීම අනෙක් කණ්ඩායමටත් පවරනවා. රෝහල අල්ලා ගැනීමේ කණ්ඩායමේ නායකත්වය අබෙල් සාන්ත මරියාට පවරනවා. ඒවගේම මුළු කණ්ඩායමටම හිටපු තරුණියන් දෙදෙනා වන හයිඩි සාන්තමරියා (අබෙල්ගේ සොහොයුරිය) හා මෙල්බා ද එම කණ්ඩායමටම ඇතුළත් කරනවා. මේ වන විට මෙම කණ්ඩායමට ෆිදෙල්ගේ බාල සොහොයුරා වූ රවුල් ද එක්ව සිටිනවා. ඔහුව අධිකරණ සංකීර්ණය අල්ලා ගැනීමේ කණ්ඩායමට ඇතුළත් කරනවා. කෙසේ වෙතත් අනතුරුමදායක හා බරපතළම කාර්යය වූ හමුදා බැරැක්ක අල්ලා ගැනීමේ කාර්යය ෆිදෙල් තමන් වෙත පවරා ගන්නවා. මේ පිළිබඳව ෆිදෙල්ගෙන් විමසූවිට ඔහු කියා සිටින්නේ යම් හෙයකින් තමා මියගිය හොත් ඊළඟ නායකයා වීමේ හැකියාව හා සුදුසුකම් තිබුණේ අබෙල්ට බවත් ඒ නිසාම ඔහුට අනතුරු දායක බවෙන් අඩු කාර්යයක් පැවරූ බවත්ය. ෆිදෙල් කුමන ආකාරයේ නායකයෙක්ද යන්න ඉන් පැහැදිලි වෙනවා.
ෆිදෙල් ඇතුළු පිරිස ජූලි 26 දා පාන්දර 5.15 ට පමණ ප්‍රහාරය ආරම්භ කරනවා. ඔවුන් සියලු දෙනාමබැටිස්ටාගේ හමුදාවේ සාජන්ට් වරුන්ගේ නිල ඇඳුමින් සැරසී සිටියත් ඔවුන්ගේ පාවහන් හා අවිවෙනස් උණා. සැලැස්මට අනුව නියමිතව තිබුණේ බැරැක්ක සංකීර්ණයට ඇතුළුවන තැනපිහිටි මුරපොළ අල්ලාගෙන පාර හරහා තිබූ දම්වැල පහත් කොට කාර් කීපයකින් මේ පිරිස බැරැක්ක සංකීර්ණය තුළට ගොස් හමුදාව බැරැක්ක තුළ සිදා සිටියදීම ඔවුන් යටත් කොට අවි පැහැර ගැනීම හා එහි ඇති පණිවිඩ හුවමාරු වලින්ම අනෙක් හමුදා කඳවුරුවලට ද කතාකොට තමන් සාජන්ට්වරු බවත්මේ බැරැක්කවල බලය තමන් අතටගත් බවත් අනෙක් කඳවුරුවලද බලය ලබා ගන්නා ලෙසත් ඉල්ලා හමුදා කඳවුරු තුළ අවුල් සහගත තත්වයක් ඇති කොට ඒ තුළ රටේ බලය ඇල්ලීමේ ඉතිරි කටයුතු සිදුකිරීමය. එහෙත් ආරම්භයේ ඇති වූ අහම්බ සිදුවීමකින් ෆිදෙල්ගේ මුළු සැලැස්මම වෙනස් උණා. සමහර හුදකලා අහම්බයන් මුළු සැලැස්මක්ම වෙනස් කිරීමට හේතුවන්නේ කෙසේද යන්න පෙන්වන කදිම නිදසුනක් සේ මෙය සලකන්න පුළුවන්.
ෆිදෙල් ඇතුළු පිරිස කාර් 16 ක ගමන් ගත් අතර ක් එක් රථයක් තුළ 8 දෙනෙක් පමණ ඉඳලා තියෙනවා. මේ පිරිස කිසිදු ප්‍රශ්නයකින් තොරව පළමු හමුදා මුරපොළ ළඟටයනවා. එම මුරකුටිය අල්ලා ගැනීමට නියමිතව සිටි රමිරෝ වැල්දෙස් හා මොන්ටානේ ඉතා පහසුවෙන් මුරකුටියේ සිටි සෙබලුන් යටත් කොට එය අල්ලාගෙන දම්වැල පහත් කරනවා. ඒත් ඒ සමගම පා මුර සංචාරයේ යෙදුණු කීප දෙනෙක් මේ මුරකුටිය දෙසට එන බව ෆිදෙල් දැකල තියෙනවා. එලෙස පාමුර සංචාරයක් කිරීම සාමාන්‍යයෙන් කෙරෙන දෙයක් නෙවෙයිලු. එදා නගරයේ තිබූ සැනකෙළිය නිසා විශේෂයක් ලෙස තමයි මේ පාමුර සංචාරය එදාටපමණක් යොදා තිබෙන්නේ. එය ෆිදෙල්ලා දැන සිටියේ නැහැ. ඒ නිසා මෙම අහම්බ සිදුවීමෙන් සැලැස්ම මුළුමනින් අවුල් වෙනවා. පාමුර සංචාරයේ සෙබලු මුරපොළවෙත ළඟාවීම නැවැත්විය යුතුබ ව ෆිදෙල්ට පේනවා. ඒවෙලේ ඔහුට හිතුන පරිදි ඔහු වහාම ඔහුගේ රථය පෙරට ගෙන අර සෙබලුන් දෙසට ගොස් රථයේ දොර ඇරගෙන ඔවුන් වෙතට කඩා පනිනවා. මේසමගම ෆිදෙල් ගිය රථයේ ගිය අනෙක් අයත් බිමට බහිනවා.ඒ අතර එක් අයෙක්ගේ තුවක්කුව පත්තුවෙනවා. මෙය වැරදියට වටහාගත් අනෙක් වාහනවල අයද එම ස්ථානයට පැමිණ වෙඩි තබමින් අවට තිබූ ගොඩනැගිලි අත්පත් කරගන්නවා. ඒත් ෆිදෙල් කියන්නේ ඒව සැලැස්මේ ගොඩනැගිලි නොව හිස් ගොඩනැගිලි බවයි. ඒනිසා ෆිදෙල් යළි එම ගොඩනැගිල්ලට දුවගොස් පිරිසට කථා කොට ඔවුන්ව එක්රැස්කර බැරැක්ක බලා යළි පිටත් වෙනවා. එහෙත් ඒවන විට වෙඩිහඬ නිසා බැරැක්කවල නිදා සිටි සෙබලු අවදිවී මේ අයට ප්‍රහාර එල්ල කරනවා. මේ නිසා සැලැස්ම අවුල් වී ප්‍රහාරය අසාර්ථ වෙනවා. අවසානයේ ෆිදෙල් පසුබැසීමට තීරණය කරනවා. මේ වනවිට පිරිසික් මියගොස් හා තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා. ප්‍රහාරයට එක් වූ වාහන කිහිපයක් ආපසු හරවාගෙන ඊට ගොඩවූ පිරිසද සමඟ ආපසු යනවා. මේ වන විට ෆිදෙල් බැරැක්ක අභියස උඩ තට්ටුවක තිබූ මැෂින් තුවක්කුවක් වෙත, එය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදී වෙඩි තබමින් තමයි ඉඳල තියෙන්නේ. වාහන කිහිපයක් ෆිදෙල්ව පහුකර ආපසු ගියත් ඒ ගිය එක් වාහනයක් වහාම ආපසු හරවා ගෙන ඇවිත් ඒ තුළට ෆිදෙල්වත් දාගෙන පලා යනවා. ෆිදෙල් කියන්නේ සටනකදී අනපේක්ෂිත බොහෝ දේ සිදුවන බවයි. එම වාහනයේ සිටි සගයා ක්ෂණිකව සිතා ක්‍රියාත්මක වී ෆිදෙල්ව රෑගෙන ගොස් තිබෙනවා. මෙහිදී ෆිදෙල්ට අවශ්‍ය වුනේ පසු බසින පිරිස සමඟ “එල්කැනේ” ප්‍රදේශයට පසු බැසීමටයි. ඒත් ඉදිරියෙන් ගිය රථය මඟ වරද්දාගත් නිසා අවසානයේ ඔවුනට සිය ගොවිපල වෙත ඒමට සිදු වෙනවා. මේ වන විට සමහරු සටන අතහැර දමා තිබුනද ෆිදෙල් ඇතුළු 19 ක පමණ පිරිසක් දිගටම සටන් කිරීමේ අරමුණින් කඳුකර පෙදෙසට පලා යනවා.

මේ අතර සිවිල් රෝහල් අල්ලා ගැනීමට ගිය අබෙල් ඇතූළු පිරිස පහසුවෙන් එය අල්ලා ගන්නවා. නමුත් සටන අසාර්ථක වීම නිසා බැටිස්ටාගේ හමුදාව පසුව අබෙල් ඇතූළු බොහෝ දෙනෙක් මරා දමනවා හයිඩි හා මෙල්බා ගේ ජීවිත බේරෙනවා. උසාවි සංකීර්ණය අල්ලා ගැනීමට ගිය අය එය අල්ලා ගත්ත ද පසුව හමුදාව පැමිණ ඔවුන්ව යටත් කර ගන්නවා. මෙහිදී වහාම ක්‍රියාත්මක වූ රවුල් තම කණ්ඩායම දෙසට පිස්තෝලය එල්ල කර ගෙන සිටින හමුදා නිලධාරියාගේ අත වෙව්ලන බව දැක වහාම පිස්තොලය උදුරා ගෙන ඔහු යටත් කොට තම කණ්ඩායම සමඟ බේරී පලා එනවා. කෙසේ වුවත් සටනේදී මියගිය අය හා පසුව අත් අඩංගුවට ගෙන මරා දැමූ අයද ඇතුළුව 70 දෙනෙක් පමණ මරා දමා තිබෙනවා. සමහරු පලා ගිය අතර සමහරු අත් අඩංගුවට පත් වෙනවා. මේ විදිහට මොන්කාඩා ප්‍රහාරය අසාර්ථක වෙනවා. ඒත් ෆිදෙල් කියන්නේ තම කණ්ඩායම හොඳින් සටන් කළ බවත් අහම්භයක් නිසා පිරිසකට මඟ නොවැරදුනේ නම් තත්වය මීට වඩා වෙනස් වන බවයි.

හොඳයි දැන් අපි බලමු කඳුකර ප්‍රදේශයට පලා ගිය ෆිදෙල් ඇතුළු පිරිසට මොකද වුනේ කියලා. මේ අය අතර තුවාල ලැබූ කිහිප දෙනෙක්ම ඉඳල තියෙනවා. මේ නිසා තුවාල ලැබූ අය ප්‍රදේශයේ පල්ලියේ කාදිනල්තුමාට භාර දීමට තීරණය කර ඔවුන්ව ස්ථානයක නවත්වා ඔවුන්ගේ අවි සඟවා ෆිදෙල් පුද්ගලයෙක් අත කාදිනල්තුමාට පණිවිඩයක් යවා තිබෙනවා. ඉන් පසු ෆිදෙල් හා තවත් දෙදෙනෙක් පමණක් ඉදියට යනවා. ඔවුන්ට එක් කැළෑ ප්‍රදේශයකින් තවත් කැළෑ ප්‍රදේශයකට මාරු වීමට සිදු වන්නේ එලිමහන් බිමක් හරහාය. එළිය තිබියදී ඒ හරහා යාම හොඳ නැති නිසා අඳුරු වැටෙන තුරු සිටීමට ඔවුන් තීරණය කරනවා. ඒ අතර දින දෙකක් නිදිවරා සිටි තත්වය තුළ අසල තිබූ මඩුවකට ගොස් ඔවුන් ටික වේලාවක් විවේක ගැනීමට තීරණය කරනවා. ඒත් ඔවුන්ට හොඳටම නින්ද යනවා. කැරලි කරුවන් සෙවීමට පැමිණි හමුදා කණ්ඩායමක් නිදා සිටින ෆිදෙල් ඇතුළු තිදෙනා අත් අඩංගුවට ගන්නවා. ඒක හරිම විශේෂ සිදුවීමක්. ෆිදෙල් කියන විදිහට ඔවුනට දොර ඇර ගෙන එන ශබ්දය ඇසී, ඇස් ඇර බලන විට සොල්දාදුවන් තමන් වෙතට තුවක්කු එල්ල කර ගෙන සිටියාලු. ඒ සමඟම ෆිදෙල් සොල්දාදුවන් සමඟ වාදයක පැටලුනාලු. ෆිදෙල් කිව්වලු අපි විප්ලවීය හමුදාවේ සෙබලු, නුඹලා බැටිස්ටාගේ කුලී හමුදාවේ අය කියලා. මේ විවාදය අස්සේ සෙබලු මේ තිදෙනාව මරන්නමයි උත්සාහ කරල තියෙන්නේ. ඒත් එම සෙබල කණ්ඩායම බාරව ගිය ලුතිනන්වරයා ඔවුන්ව මරන්න ඉඩදීලා නැහැ. ෆිදෙල් කියන ලෙස ඔහු කළු ජාතිකයෙක්. ඔහුගේ නම පෙඞ්රෝ සාරීයා ය. ඔහු විශ්ව විiාලයක පාඨමාලාවක් ද හදාරන කෙනෙක්ලු. ඉතින් මේ නිළධාරියා තම හමුදා භටයන්ට ෆිදෙල් ඇතුළු පිරිස මරන්න නොදී ඔවුන් පාලනය කර ගෙන තියෙනවා. ඒ අතරම හිමින් සැරේ කීප විටක්ම කීවලු “ අදහස් මරා දමන්න බැහැ” කියලා. අල්ලා ගත්ත ගමන් ෆිදෙල් ගෙන් නම ඇහුවම ෆිදෙල් ඒ වෙලාවෙ කටට ආපු බොරු නමක් කීවලු. කොහොම හරි මේ තුන්දෙනාවත් අරගෙන හමුදා භටයො පාරට ඇවිත් තියෙනවා. එවිට වෙඩි හඩක් ඇහුනලු. හමුදා භටයො කලබල වෙලා මේ අයට කියල තියෙනවා බිම දිගාවෙන්න කියලා. එවිට ෆිදෙල් කීවලු මම දණ ගහන්නේ නෑ, උඹලට උවමනානම් හිටගෙන ඉඳිද්දිම මාව මරා පල්ලා කියලා. මේ වෙලාවේ අර ලුතිනන්වරයා හිමිහිට කීවලු උඹ හරිම නිර්භීත තරුණයෙක් කියලා. මේ නිලධාරියා ටිකක් වෙනස් කෙනෙක් බව දැනගත් ෆිදෙල් ඔහුට ලංවෙලා කිව්වලු මට පොඩි රහසක් කියන්න තියෙනවා, මම තමයි ෆිදෙල් කස්ත්‍රෝ කියලා. ඒ පාර මේ නිළධාරියා කිව්වලු කාටවත් ඇහෙන්න එහෙම කියන්න එපා කියලා. ඊලඟට මේ අයව අරගෙන ඇවිත් හමුදා රථයට දා ගෙන තියෙනවා. ඔහු ෆිදෙල්ව ඉදිරි අසුනේ රියදුරු හා ඔහු අසලින් වාඩි කරවලා තියෙන්නේ. මේ වෙලාවෙ මහා මිනී මරුවෙක් වෙච්ච ප්‍රදේශය භාර හමුදා නිළධාරියා ඇවිත් මේ අයව තමන්ට භාරදෙන ලෙස ලුතිනන්වරයාගෙන් ඉල්ලලා තියෙනවා. ඒත් ලුතිනන්වරයා එය ප්‍රතික්ෂේප කරලා මේ හිරකාරයෝ මගේ. ඒ අයට මං වගකියන්න ඕන කියලා ෆිදෙල් ඇතුළු පිරිස අරගෙන මොන්කාඩා බැරැක්කයට භාර දෙන්නේ නැතිව ප්‍රදේශයේ පොලිසියට භාර දුන්නලු. ෆිදෙල්ගේ දිවි රැකිලා තියෙන්නේ එහෙමයි. අහම්බ සිදුවීම් නරකට වගේම හොඳටත් සිදුවෙනවනෙ. දැන් බලන්න තමන්ගෙන් පස්සේ සංවිධානයේ නායකත්වය භාර ගන්න ඕන නිසා අනතුරු දායකකමින් අඩු මෙහෙයුමකට යවපු අබෙල් මියගියා. ඒත් අනතුරුදායක මෙහෙයුම බාරගත් ෆිදෙල් බේරුනා. මේ ක්‍රියාවන් සිදුවන්නේ එහෙමයි. ඉතින් පොතේ කතුවරයා ෆිදෙල්ගෙන් අහනවා, ඔබ පෙඞ්රෝ සාරියාට ජීවිතෙන් ණය ගැතියි නේද කියලා. ෆිදෙල් කියනවා මම තුන් පාරක් ණය ගැතියි කියලා. ඇයි ඔහු තුන්පාරක් ෆිදෙල්ගේ ජීවිතේ බේරුවනේ. පළමුවර සොල්දාදුවන්ගෙන්. දෙවෙනිවර හමුදා නිලධාරියාට භාර නොදීමෙන්. තුන්වන අවස්ථාව මොන්කාඩා බැරැක්කවලට භාර නොදී පොලිසියට භාර දීමෙන්. ෆිදෙල් කියනවා ඔහුව මොන්කාඩා බැරැක්කයට භාරදුන්න නම් මොකුත්ම ඉතුරු වෙන්නේ නැහැ කියලා. ඉතින් මේ ලුතිනන්වරයා කියුබානු විප්ලවයෙන් පස්සේ කියුබාවේ විප්ලවීය හමුදාවෙත් සේවය කරල පසුව අසනීපයකින් මැරුණලු.

ෆිදෙල්ට එරෙහි නඩු විභාගය

ඉතින් අන්තිමේදී ෆිදෙල් ඇතුළු පිරිසට එරෙහි නඩු විභාගය 1953 සැප්තැම්බර් 21 ආරම්භ වුනා. මුලදී ඔහුට අධිකරණයට ගෙන යාමෙන් පවා වැලකුනා. ඒ ෆිදෙල් අධිකරණය ඉදිරියේ කතා කරන නිසා. ඒ වගේම වෙනත් කිසිවෙකු සමඟ කතා කිරීමට දුන්නෙත් නැතිලු. ෆිදෙල් මෙහිදී ආහාර වර්ජන ඇතුළු විවිධ උද්ඝෝෂණ හා සටන් කර සුළු සුළු අයිතීන් ලබා ගෙන තියෙනවා. නඩු විභාගයේදී තමා වෙනුවෙන් ෆිදෙල්ම පෙනී සිටියා. ඔහු අධිකරණයේදී දීර්ඝ දේශනයක් කළා. “ ඉතිහාසය මා නිදොස් කරනු ඇත” නමින් එය ප්‍රසිද්ධ වුනා. තමන්, තමන් වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයිද යන්න ඔහු එහිදී මෙසේ සඳහන් කරනවා. “ ඔබව අමතන්නා ලාමක ගර්වයට සිය මුලු හදින්ම වෛර කරයි. ඔහුගේ ප්‍රකෘති ස්වභාවයත්, මනෝභාවයත්, අධිකරණගත රඟපෑම් වලට හෝ සංවේදනවාදයට හෝ නැඹුරුව නැත. මෙම අධිකරණය හමුවේ එසේ නීතිඥවරයා ලෙස පෙනී සිටීමට මට බලපෑ හේතු දෙකකි. පලමුවැන්න, මට ප්‍රයෝගිකව නෛතික ආධාර අහිමි කර තිබීමය. දෙවැන්න, මෙවැනි වෙලාවක හදවතේ රුධිරය හා සත්‍යයේ සාරය වන වචන කිව හැක්කේ ඒ සා තදින් පීඩාවට පත්වූ, තම රට අතරමං කොට එහි යුක්තිය පාගාදමා තිබෙනු දැක ඇති කෙනෙකුට වීමය.” මේ විදිහට ෆිදෙල් බැටිස්ටාගේ පාලනය විත්තිකාරයා කරලා ඉතාම ලස්සන ප්‍රකාශයක් කරනවා. ඉතින් ඔබ සියලු දෙනාම ෆිදෙල්ගේ ඒ ප්‍රකාශය ඇසුරෙන් සකස් කළ පොත “ඉතිහාසය මා නිදොස් කරාවි” යන පොත කියවනව නම් ඉතාම හොඳයි. මොකද ෆිදෙල්ගේ දැක්ම, චින්තනය, ධෛර්යය හා අනාගතය පිලිබඳ වන විශ්වාසය ඒ පොතේ අඩංගු වෙලා තියෙන නිසා. බැටිස්ටාගේ පුහුණු විශාල හමුදාවකට එරෙහිව සටන් වැද දිවි පිදූ තම සඟයන්ගේ සටන්කාමිත්වය අගය කරමින් කියුබානු නිදහස් අරගලයේ අතීත සිදුවීම් සමඟ එය සසඳන ෆිදෙල්, එහි තැනෙක මෙහෙම කියනවා. “ සිය නිදහස දිනා ගැනීමට වුවමනා වූ විට ජනතාව සටන් වදින්නේ එලෙසය. ඔවුහු ගුවන්යානා වලට ගල් ගසති ෟ යුද්ධ ටැංකි පෙරලති ෳ” ඒ වගේම සිය ප්‍රකාශය අවසන් කරමින් අධිකරණයේදී ෆිදෙල් මෙහෙම කියනවා. “මගේ ආයාචනය හමාර කිරීමට මම ආසන්න වෙමි. එහෙත් අනෙක් සියලු නීතිඥයන් කරනවාක් මෙන් මගේ විත්තිකරු නිදහස් කරන මෙන් ඉල්ලා නොසිටිමි. මගේ සහෝදරයින් ෆයින් දූපතේ නින්දිත සිර දඩුවම් වලින් දැනටමත් පෙළෙන විට මා නිදහස් කරන්නැයි මට ඉල්ලා සිටිය නොහැකිය. ඔවුන් සමඟ එක්වීමට, ඔවුන්ගේ ඉරණම බෙදා ගැනීමට මා එහි යවන්න. ජනාධිපති අපරාධකරුවෙකු හා හොරෙකු වන ජනරජයක අවංක මිනිසුන් එක්කෝ මියැදී හෝ නැතිනම් සිපිරි ගෙයක සිටීම අවබෝධ කර ගත හැකිය.” ඉතින් ෆිදෙල් අන්තිමට මෙහෙම කියනවා. “බියගුළු තර්ජන හා කෲරත්වයෙන් පිරි සිපිරි ගෙය කවදා හෝ කිසිවෙකුට හෝ අත් වඳින්නට වූවාට වඩා මට දුෂ්කර වන බව මම දනිමි. එහෙත් මම ඊට බිය නොවෙමි. මගේ සහෝදරයන් 70 වකගේ ජීවිත බිලිගත් කාලකන්නි භීම පාලකයාගේ කෝපයෙන්ද මම බිය නොවෙමි. මට දඩුවම් දෙන්න. කමක් නැහැ. ඉතිහාසය මා නිදොස් කරාවි.” ෆිදෙල් තමන්ගේ කාර්යය ගැන මොනතරම් අභිමානයක සිටියද, අනාගතය ගැන මොනතරම් විශ්වාසයක සිටියද කියල ඉන් පේනව. ඉතිහාසයේ ගමන්මග පිළිබඳව මාක්ස්වාදී දෘෂ්ටියකින් බලන අයෙකුට විතරයි එවැනි සුබවාදී හැඟීම් තිබෙන්නේ. පුංචි පුංචි පසුබෑම් වලදී පවා විශ්වාසය බිඳගෙන තමන් කරන අගලය දෙසම අවිශ්වාසයෙන් බලන අයට ෆිදෙල් ඉතා වටිනා ආදර්ශයක්.

කොහොම වුනත් නඩු විභාගය අවසානයේ ෆිදෙල්ට වසර 15 ක සිර දඩුවමක් ලබා දුන්නා. මුහුද මැද දූපතක පිහිටි විශේෂ සිර ගෙයක සිර කලා. එහිදී ද අයිතීන් වෙනුවෙන් ෆිදෙල් අරගල කළා. ඔහු යටත් වුනේ නැහැ. විප්ලවකාරී වුනා. මෙහිදී ෆිදෙල් හොසේ මාර්ටි ගේ ප්‍රසිද්ධ කියමනක් මතක් කරනවා. ඒ, “ගුහා පත්ලකදී වුවද සාධාරණ ප්‍රතිපත්තියක් හමුදාවකට වඩා ප්‍රබලය.” කියන කියමනයි. පසුව ෆිදෙල් සිර ගෙදරදී පොත පත කියවනවා. දිනකට පැය 12-14 කියවූ බව ඔහු කියනවා. ඒ වගේම කියුබානු විප්ලවය සඳහා සියරා මහේස්ත්‍රා කඳුකරයේ කරන අරගලයක් පිළිබඳ සැලැස්මද මෙහිදී ඔහු සකස් කරනවා.

මේ අතර ජනතා විරෝධය නිසා ෆිදෙල් ඇතුළු පිරිස පොදු සමාවක් යටතේ බැටිස්ටා විසින් 1955 මැයි 15 දා නිදහස් කරනවා. හිර ගෙදරින් නිදහස් වූ රවුල් ඇතුළු පිරිස වහාම මෙක්සිකෝවට යනවා. ෆිදෙල් දින කිහිපයක් ප්‍රමාද වී මෙක්සිකෝවට යනවා. මොන්කාඩා ප්‍රහාරයට කලින් 1948 ඔක්තෝබර් වල ෆිදෙල් මිර්තා ඩයස් බෙලාට් නම් රූමත් තරුණියක් සමඟ විවාහ වෙනවා. ඔවුනට පුතෙක් හා දුවෙක් ඉන්නවා. ඒත් හිරෙන් නිදහස් වූ ෆිදෙල් 1955 දී ඇගෙන් දික්කසාද වෙනවා. ඒ පිළිබඳ ෆිදෙල් විටෙක මෙහෙම කියලා තිබුණා. “ මම තරුණ කාලේ ඉඳලම විප්ලවවාදියෙක්. එය පවුල් ජීවිතයකට නියමිත හොඳම තත්වය නොවේ. මම හැම වෙලාවෙම දේශපාලනය හා පෞද්ගලික ජීවිතය මිශ්‍ර වෙනවට විරුද්ධ වූ කෙනෙක්.” ඒ ෆිදෙල් පවුල් ජීවිතය ගැන දැකපු හැටි.

කොහොම වුනත් මොන්කාඩා ප්‍රහාරය ගැන ෆිදෙල් කියන්නේ ඒක චීනයේ හෝ වියට්නාමයේ විමුක්ති අරගල තුළ තිබූ සන්නද්ධ ක්‍රියාමාර්ග වලට වෙනස් බවයි. චීනය හා වියට්නාමයේ බොහෝ විට සාම්ප්‍රදායික යුධ කලාව යොදා ගත්තත් කියුබාවේදී යුද්ධයේ අළුත්ම අත් දැකීමක් වූ සාම්ප්‍රදායික නොවන යුධ කලාවක් හෙවත් ගරිල්ලා අරගලයක් බිහිවූ බව ඔහු කියනවා.

ග්‍රැන්මා ගමන හා කියුබානු විප්ලවය

ඔබ කවුරුත් දන්න විදිහට 53 මොන්කාඩා ප්‍රහාරය අසාර්ථක වීමෙන් පස්සේ දිවි ගලවාගත් අය මෙක්සිකෝව, ගෝතමාලාව ඇතුළු රටවල් කිහිපයකට පලා ගියා. මොන්කාඩා ප්‍රහාරයට සම්බන්ධව සිටි ඇන්තෝනියෝ නිකෝ ලෝපෙස් අත් අඩංගුවට පත් නොවී ගෝතමාලාවට ගියා. එහිදී ඔහුට අර්නස්ටෝ ගුවේරා හෙවත් “චේ” මුණ ගැසුනා. මේ අතර ගෝතමාලාවේ තිබුණු ආබෙන්ස්ගේ ආණ්ඩුව එක්සත් ජනපද කුමන්ත්‍රණයකින් පෙරලා දැමූ විට මේ අය මෙක්සිකෝවට ආවා. මෙක්සිකෝවේදී “චේ” ඒ වන විට ඔහු හඳුනාගෙන සිටි පෙරුවියානු සමාජවාදිනියක වූ හිල්ඩා සමඟ විවාහ වී සිටියා. ඔවුනට හිලිඩිටා නම් දුවක්ද හිටියා. 55 දී හිරගෙදරින් නිදහස් වූ රවුල් ඇතුළු පිරිස මෙක්සිකෝවට ගිය අතර එහිදී ඔවුනට “චේ” මුණ ගැසුනා. චේ රවුල් සමඟ මිත්‍ර වුනා. පසුව ෆිදෙල් මෙක්සිකෝවට පැමිණි විට චේ හා ෆිදෙල් අතර සිදුවූ සාකච්ඡාවකින් අනතුරුව ෆිදෙල්ගේ ගරිල්ලා කණ්ඩායමට එක් වීමට චේ තීරණය කළා. ඒ, ගරිල්ලා කණ්ඩායමේ වෛiවරයා ලෙසයි.

මේ වන විට ෆිදෙල්ගේ මෙම ව්‍යාපාරය “ජූලි 26 ව්‍යාපාරය” ලෙස නම් කර තිබුණා. එය සන්නද්ධ කණ්ඩායමක් හැටියට වගේම බහුජන පෙරමුණක් තුළත් ක්‍රියාත්මක වුනා. කියුබාවේදී බහුජන පෙරමුණ මෙහෙය වූ කීර්තිමත් නායකයෙක් වුනේ ප්‍රෑන්ක් ෆයර්ස්. ඒ අනුව ජූලි 26 ව්‍යාපාරය සන්නද්ධ ගරිල්ලා කණ්ඩායමක් න්‍යෂ්ටිය බවට පත්කරගත් පළල් බහුජන ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වුනා. මෙහි විශේෂය වුනේ මෙය දේශපාලන පක්ෂයක් නොවීමයි. ව්‍යාපාරයේ න්‍යෂ්ටිය වූ ගරිල්ලා කණ්ඩායමට ෆිදෙල් නායකත්වය දුන්නා. කියුබානු විප්ලවය පුරාම අපිට ෆිදෙල්ගේ මේ විශේෂ නායකත්වය හා ක්‍රියාකාරිත්වය දකින්න පුළුවන්. අපි තනි නායකයින්ගේ වීර ක්‍රියා මත ඉතිහාසය නිර්මාණය කළ හැකි යැයි විශ්වාස කරන්නේ නැහැ. ඒත් විශේෂ හැකියාවන් හා දක්‍ෂතා ඇති පුද්ගලයින්ගේ පුද්ගල මැදිහත්වීමේ වැදගත් කමද අපි අවතක්සේරු කළ යුතු නැහැ. කියුබානු විප්ලවයේදී එහි ගමන් මඟ, ආකෘතිය, එහි ස්වභාවය සඳහා කියුබාවේ තිබූ විෂය මූලික තත්වයන් වගේම ෆිදෙල්ගේ චින්තනය, දැක්ම හා විශේෂ නායකත්වයත් ඔහුගේ උපායමාර්ග හා උපක්‍රම වල බලපෑමත් නොසලකා හරින්න බැහැ. අපි ෆිදෙල්ගෙන් ඉගෙන ගත යුත්තේ මේ නිසයි.

හොඳයි අපි කතා කරමින් සිටියේ මේ පිරිස මෙක්සිකෝවේදී කටයුතු කළ හැටි. ෆිදෙල් හිර ගෙදර සිටියදීම සකස් කළ සැලැස්මට අනුව යලිත් සන්නද්ධ කණ්ඩායම ගොඩ නගමින් සිටියා. මේ පිරිස මෙක්සිකෝවේදී සටන් පුහුණුව ලැබුවේ ස්පාඥ්ඥ ජාතික කර්නල් වරයෙකු වූ කර්නල් ඇල්බර්ටෝ බයෝ ගෙන්. ඔහුට සිටි හොඳම සිසුවා වූයේ චේ යි. චේ ඉතා උනන්දුවෙන් ඉගනීම හා පුහුණුව ලැබූ බව ෆිදෙල් කියනවා. මේ වන විටත් චේ දරුණු ලෙස ඇදුම රෝගයෙන් පීඩා වින්දත් ඔහු ඉතා ධෛර්යයෙන් කටයුතු කළාලු. ෆිදෙල් කියන විදිහට චේ ඔහුට හමුවන විටත් මාක්ස්වාදියෙක්ව, කොමියුනිස්ට්වාදියෙක්ව සිටියා. මේක හරිම විශේෂයක්. ඔහු පක්‍ෂයක සාමාජිකයෙක් නොවුනත් තනිවම කොමියුනිස්ට්වාදියෙක් වුනා. සමාජවාදය විශ්වාස කළා. මෙය අපත් ගත යුතු පාඩමක්. චේ තදින්ම ස්ටැලින් විවේචනය කරල තියෙනවා. ස්ටැලින්ගේ පුද්ගලවාදය හා බලය පාවිච්චි කිරීම චේ තදින් විවේචනය කරල තියෙනව. ඒත් චේ ට්‍රොස්කිවාදියෙක් නොවුනු බවත් ඔහු මාක්ස්-ලෙනින්වාදියෙක් වූ බවත් ෆිදෙල් කියනවා. ෆිදෙලුත් ස්ටැලින්ගේ ඉහත ලක්‍ෂණ ප්‍රතික්ෂේප කරනවා. ඒ අතරම ඔහු ස්ටැලින් සෝවියට් දේශය කාර්මික කරණය කිරීමට ගත් ක්‍රියාමාර්ගය අගේ කරනවා. චේ ගැන බොහොම ගෞරවයෙන් කතා කරන ෆිදෙල් කියන්නේ චේ ඉතාම නිර්භීත හා ආත්මාර්ථයෙන් තොර කෙනෙක් බවයි. ඔහුත් ජනප්‍රියත්වය හා බලයට ආශා කිරීම ප්‍රතික්ෂේප කළා. චේ ෆිදෙල්ගේ කණ්ඩායමට එකතු වන විට එක ඉල්ලීමක් කළාලු. කියුබානු විප්ලවය ජයගැනීමෙන් පසු තමාට ආර්ජන්ටිනාවේ විප්ලවය සඳහා එහි යාමට අවසර දිය යුතු බවත් රාජ්‍යමය හේතු මත තමාව නොවලක්වන ලෙසත් ඉල්ලා තිබෙනවා. චේ ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වීමේදී ඉදිරියෙන්ම සිටි බවත් අනතුරු වලට මුහුණ දීමට බියක් නොදැක්වූ බවත් ෆිදෙල් කියනවා. සියෙරා මහේස්ත්‍රාවේ අරගලය තුළ නායකයින් ලෙස මතුවන අය ආරක්‍ෂා කිරීමට පැනවූ විශේෂ සීමාවක් නොවන්නට චේ මියයාමට පවා ඉඩ තිබූ බවයි ෆිදෙල් කියන්නේ.

කොහොම හරි මේ අය මෙක්සිකෝවේ පුහුණුව ලබමින් සිටියදී මෙක්සිකෝ පොලිසිය විසින් මේ අය අත් අඩංගුවට ගන්නවා. එහිදී චේ පොලිසිය සමඟ සමාජවාදය ගැන විවාදයකට පැටලීම නිසා මේ කණ්ඩායම කොමියුනිස්ට්වාදී කණ්ඩායමක් ලෙස හැදින්වුනාලු. කොහොම හරි මාස දෙකකට පස්සේ මේ අය නිදහස් වෙනවා. අවසානයට නිදහස් වුනේ ෆිදෙල්. ඉතින් මේ පිරිස ඔවුන්ගේ සැලැස්ම පරිදි යලි විප්ලවය ආරම්භ කිරීමට කියුබාවට යාමට සූදානම් වෙනවා. කියුබානු ඉතිහාසය පුරාම අසල්වැසි රටවල සිට කියුබාවට ගොඩ බැස සටන් කිරීම සම්ප්‍රදායක්ව පැවති බවයි ෆිදෙල් කියන්නේ. මේ පිරිස දිව්රුම් දීමක් කරල තිබුණලු. ඒ, “1956 දී එක්කෝ අපි නිදහස් මිනිසුන් වෙමු, නැතිනම් දිවි පිදූවන් වෙමු” යනුවෙන්. මෙවර ෆිදෙල්ගේ සැලැස්ම වී තිබුණේ මොකක්ද? ෆිදෙල් ඇතුළු පිරිස ආයුධ සන්නද්ධව හොරෙන් කියුබාවට ගොඩ බහිනවා. ගොඩ බැසීමට ඔවුන් නියම කර ගෙන තිබුණේ 56 නොවැම්බර් 30 දා. එදිනට ෆ්‍රෑන්ක් ෆයස්ගේ නායකත්වයෙන් සන්තියාගෝ ඩි කියුබාවේ ජනතා නැගිටීමක් ඇති කරනව. ඒ නැගිටීම අතර කියුබාවට ගොඩ බසින මේ සන්නද්ධ පිරිස සටන් කරමින් ප්‍රදේශයේ බලය තහවුරු කරගෙන ජනතා සහය සහිතව ආණ්ඩුව පෙරලා දමා බලය අල්ල ගන්නවා. ඒ අනුව ගරිල්ලා කණ්ඩායමක ක්‍රියාකාරිත්වය සමඟ ජනතා නැගීටීමක් එක්කල සැලැස්මක් තමයි මේ අයට තිබුනේ.

කොහොම හරි 1956 නොවැම්බර් 25 දා 82 ක් වූ මේ පිරිස තම ආයුධ හා ආහාරපානත් සමඟ ග්‍රැන්මා නැමති බෝට්ටුවෙන් කියුබාව බලා පිටත් වෙනවා. මේ ගමනට සම්බන්ධ වූ හුවාන් අල්මේදා වරක් ඔහුගේ අත්දැකීමක් විස්තර කරල තිබුණා. ගමන පිටත් වෙන්න හදන කොටම එක් අයෙක් මුහුදට වැටුනලු. එවිට ෆිදෙල් කිව්වලු අපි ඔහුව සොයා ගෙන මිසක් මේ ගමන යන්නේ නැහැ කියලා. ඒ ප්‍රකාශය නිසා කණ්ඩායමේ හැමෝටම ලොකු ශක්තියක් ඇති වුනාලු. මේ මිනිසා අපව තනිකර දමා යන්නේ නැහැ කියන විශ්වාසය ඇති වුනාලු. ඒ තමයි ෆිදෙල්ගේ නායකත්වයේ විශේෂ ලක්‍ෂණ. ඉතින් කොහොම හරි ඔහුවත් හොයා ගෙන ගමන පිටත් වුනා. ගමන සැලසුම් කළේ දින 5 කට. ඒත් ගමනට දින හතක් ගත වුනා. ඊට එක හේතුවක් වුනේ බර වැඩිවීම නිසා බෝට්ටුවේ වේගය අඩාල වීමයි. ඔවුන් බෝට්ටුවෙන් පුහුණු වෙද්දී තිබූ වේගය බර වැඩි නිසා සෑහෙන්න අඩු වෙලා තියෙනවා. අනෙක කියුබාවට ආසන්නයේ බෝට්ටුව කුනාටුවකට හසු වෙනවා. මේ නිසා ඔවුනට නියමිත දිනට, නියමිත ස්ථානයට ගොඩ බැසීමට නොහැකි වෙනවා. ඒ අනුව ඔවුන් දින දෙකක ප්‍රමාදයක් සහිතව දෙසැම්බර් 2 දා වගුරු බිම් ප්‍රදේශයකට ගොඩ බසිනවා. කොහොම වුනත් කලින් යොදා ගත් පරිදි නොවැම්බර් 30 ප්‍රෑන්ක් ෆයස්ගේ නායකත්වයෙන් සන්තියාගෝ ඩි කියුබා වල නැගීටීම සංවිධානය කරනවා. එය බැටිස්ටාගේ හමුදාව විසින් මර්ධනය කරනවා. ඒ අනුව එම සැලසුම අසාර්ථක වෙනවා. විප්ලව කියන්නේ එහෙම තමයි. අසාර්ථක වීම්, වැරදීම්, පරාජයන් මැද්දේ තමයි විප්ලව ඉදිරියට යන්නේ. එකම දේ විශ්වාසය හා අරගලය දිගට ගෙන යාමට ධෛර්යය තිබිය යුතු වෙනවා. නැතිනම් ජය ගන්න බැහැ. මේ පරාජයන් ගැන ෆිදෙල් වරක් කිව්වේ ඒවා විප්ලවයේ අනිවාර්ය වියඳම් කියලයි. විප්ලවවාදී ව්‍යාපාර වල ඇතිවන පුංචි පසුබෑම් වලදී පවා විශ්වාසය බිඳ ගෙන අකර්මන්‍ය වන අයට මේක හොඳ අත්දැකීමක් විය යුතුය.
ඉතින් මඩ වගුරු ප්‍රදේශයකින් කියුබාවට ගොඩ බසින විට මේ කණ්ඩායමේ අය දින දෙකක් කෑම නැතිව හිටියේ. ඇයි දින 05 කට නෙ ගමන සංවිධානය කළේ. ඒ අතර සමහරුන්ට මුහුදු ඔක්කාරය හැදිලා තිබුනා. ඒ දුෂ්කරතා මැද ඔවුන් උක්යායක් හරහා ගමන් කරද්දී දෙසැම්බර් 05 දා ඇලග්‍රියා ඩි පියෝ නම් ස්ථානයේදී මේ අයට හමුදාවෙන් හදිසි ප්‍රහාරයක් එල්ල වෙනවා. එහිදී සමහරු මියගිය අතර පිරිස විසිරී යනවා. සමහරු අත් අඩංගුවට පත් වෙනවා. කීප දෙනෙක් සියෙරා මහේස්ත්‍රා කඳුකරයට පලා යනවා. මෙම ප්‍රහාරයේදී චේ ගේ බෙල්ලට වෙඩි වැදිලා තියෙනවා. ඒත් ඔවුන් අමාරුවෙන් කඳුකරයට යනවා. චේ තුවාල ලබා තිබියදීම ගමන් කිරීමට සූදානම් වන විට වෙනත් අයෙක් දමා ගිය පතරොම් පෙට්ටියක් ඔහු දැකලා තියෙනවා. ඒ හැර ඔහු ලඟ බෙහෙත් පෙට්ටියක් තිබිලා තියෙනවා. මේ දෙකම ගෙන යන්න බැහැ. අවසානයේ චේ බෙහෙත් පෙට්ටිය අතහැරලා පතරොම් පෙට්ටිය අරගෙන කඳුකරයට යනවා. මේ ප්‍රහාරයෙන් පස්සේ දෙසැම්බර් 18 දා ෆිදෙල්ට රවුල් ඇතුළු 06 දෙනෙක් යලි හමුවෙනවා. ඉන් දින දෙකකට පසු මේ කණ්ඩායමට චේ ගුවේරා, හුවාන් අල්මේදා, රමිරෝ වැල්දෙස් ඇතුලු හතර දෙනෙක් එකතු වෙනවා. ෆිදෙල් සමඟ සිටි කීප දෙනා සතුව තිබිල තියෙන්නේ රයිෆල් දෙකයි. පසුව රවුල් ඇතුලු පිරිස හමුවුනාම ඔවුන් සතුව තිබූ ආයුධ 05 ත් සමඟ මුළු ගණන 07 ක් වුනාලු. එවිට පළමුවරට ෆිදෙල් “දැන් මේ සටන අපට ජය ගත හැකි” යැයි කිවාලු. ෆිදෙල් මොනතරම් සුභවාදීද කියන එක ඉන් පේනවා. මේ වගේම කියුබාවේ නිදහස් සටන කාලේ වරක් නිදහස් සටනේ වීරයෙක්වූ කාලෝස් මැනුවෙල් කැස්ජෙඩස් තමා සතුව මිනිසුන් 12 ක් පමණ සිටියදී “අපට තවමත් මිනිස්සු 12 ක් ඉන්නවා. ඒ නිසා මේ සටන අපි දිනනවා” කියල කීවාලු. ෆිදෙල්ගේ මේ ප්‍රකාශයත් ඊට සමාන බව කියනවා. කොහොම හරි තවත් දින කිහිපයකට පස්සේ සඟවා තිබූ අවි කිහිපයක් සොයා ගැනීමත් සමඟ ඔවුන් සතුවූ අවි ප්‍රමාණය 17 ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ෆිදෙල් කියන විදිහට ඔවුන් පළමු සටන දිනල තියෙන්නේ එම තුවක්කු 17න්.

මේ පිරිස සිය පළමු සටන ජයග්‍රහණය කළේ 1957 ජනවාරි 17 දා. ඒ කුඩා හමුදා කණ්ඩායමකට එල්ල කළ ප්‍රහාරයකින්. එම ජයග්‍රහණය කුඩා වුවත් එය අරගලයේ ජයග්‍රහණය සංකේතවත් කළ බව කියන ෆිදෙල් ඒ අනුව ඔවුන් නියමිත දිනයේ නිවැරදි ස්ථානයට ගොඩ බැස්සේ නම් සටන මාස 07 කින් අවසන් කළ හැකිව තිබූ බව පවසනවා. ගරිල්ලා කණ්ඩායම කඳුකරය තුළ ජනතාව දිනා ගනිමින් ටිකෙන් ටික වර්ධනය වුනා. මේ අතර 1957 පෙබරවාරි 17 දා නිව්යෝර්ක් ටයිම්ස් පත්‍රයේ හර්බට් මැතිව්ස් සියෙරා මහේස්ත්‍රාවට රහසින් ගෙන්වා ෆිදෙල් පුවත්පත් සාකච්ඡාවක් කරනවා. එය පලවීමත් සමඟ සටනේදී ෆිදෙල් මියගිය බවට බැසිස්ටා පාලනය කර තිබූ ප්‍රකාශය බොරු වෙනවා. ඒ වගේම එදිනම ජූලි 26 ව්‍යාපාරයේ නායක මණ්ඩලය කඳුකරයේ රැස්වී සාකච්ඡාවක් ද කරල තියෙනවා. එදාම තවත් විශේෂ සිදුවීමක් වෙනවා. ඒ තමයි ගරිල්ලා කණ්ඩායමේ ඉඳලා ගමේ යන අතර හමුදාවට අහුවෙලා ෆිදෙල් මැරීමට එකඟ වී ද්‍රෝහියෙක් වුණු උතුමියෝ නම් පුද්ගලයා ගරිල්ලා කණ්ඩායම විසින් ඔහුගේ ද්‍රෝහි කමට දඩුවමක් ලෙස වෙඩි තබා මරා දැමීම. මේ විදිහට ජූලි 26 ව්‍යාපාරයේ න්‍යෂ්ටිය වූ ගරිල්ලා කණ්ඩායම කඳුකරය තුළ සටනේ අත් දැකීම් ලබමින් වර්ධනය වෙද්දී එහි පළල් බහුජන පෙරමුණ උද්ඝෝෂන මෙහෙයවමින්, ගරිල්ලා කණ්ඩායමට අවශ්‍ය දේ සපයමින් නගරවල ක්‍රියාත්මක වුනා.

1957 මාර්තු 13 සන්නද්ධ කණ්ඩායම් කිහිපයක් හවානාවල ප්‍රහාර කිහිපයක් එල්ල කරල තියෙනවා. විශ්ව විiාල සිසුන්ගේ සන්නද්ධ කණ්ඩායමක් හා තවත් පිරිසක් බැටිස්ටාගේ මාළිගාවට ප්‍රහාරයක් එල්ල කරල තියෙනවා. ඒ වගේම විශ්ව විiාල ශිෂ්‍ය සංගමයේ හෝසේ අසතෝනියෝ ඇචිවේරියාගේ නායකත්වයෙන් යුත් පිරිසක් රජයේ ගුවන් විදුලියට පහරදීල තියෙනවා. මේ සියලු දෙනාම බැටිස්ටාගේ හමුදා අතින් විනාශ වෙනවා. මේ අය ජූලි 26 ව්‍යාපාරයට සම්බන්ධ නැති පුද්ගල කණ්ඩායමක් බවයි පේන්නේ. ෆිදෙල්ට අනුව පුද්ගල ඝාතන වැරදියි. ඒකෙන් සමාජයක් වෙනස් කරන්න බැහැ කියලයි ෆිදෙල් කියන්නේ. මොන්කාඩා ප්‍රහාරයට යෙදූ බලයෙන් 10 – 12 ගුණයකින් අඩු බලයක් යොදල බැටිස්ටා මරා දාන්න පුළුවන්කම තිබුණලු. ඒත් ඉන් පලක් නැති බව ෆිදෙල් කියනවා. මැරුණු පුද්ගලයා වෙනුවට තව කෙනෙක් ඒ තැන ගන්නා බවත් මියගිය පුද්ගලයා වීරයෙක් වෙන බවත් ඔහුගේ හිතවතුන් අපේ සතුරන් වී අපේ සතුරන් ප්‍රමාණය වැඩිවන බවත් ෆිදෙල් කියනවා. ඒ අනුව ෆිදෙල් හුදකලා පුද්ගල ඝාතන වලට විරුද්ධ වෙනවා.

මේ අතර ගරිල්ලා කණ්ඩායම 1957 මැයි 28 එල් උවේරෝ වල හමුදා කඳවුරට පහර දෙනවා. මෙය ඉතාම අනතුරුදායක ප්‍රහාරයක් බව ෆිදෙල් කියනවා. ඒත් ඔවුන් එම ප්‍රහාරය එල්ල කළේ එදින මුහුදින් එන සන්නද්ධ පිරිසක් එම ප්‍රදේශයට ගොඩ බසින නිසා ඔවුනට ආරක්‍ෂාව ලබා දීමට බවයි ෆිදෙල් කියන්නේ . කෙසේ වෙතත් මේ සටනේ අවසානයේදී ජය ගන්නවා. චේ යුධ සෙබලෙක් ලෙස දස්කම් පෙන්වන්නේ මෙම සටනේදියි. ඉන් පසු ඉක්මනින්ම ෆිදෙල් චේට හමුදා කණ්ඩායමක අණදෙන නිලධාරී තනතුර පවරනවා. ඒ අනුව ෆිදෙල් ලඟට බිහිවූ දෙවන අණදෙන නිළධාරියා වුනේ චේයි. පසුව ගරිල්ලා කණ්ඩායම තව පුළුල් වෙද්දී කැමිලෝ හුවන් අල්මේදා, රවුල් වැනි අය අණ දෙන්නන් බවට පත් වෙනවා. මෙම කණ්ඩායම තමන් නිදහස් කර ගත් ප්‍රදේශවල ජනතාව අතර අකුරු ඉගැන්වීම් කරනව. රෝග වලට ප්‍රථිකාර කරනවා. බොහෝ විට මීට මුල්වෙලා තියෙන්නේ චේයි. ඒ වගේම මේ අය කඳුකරය තුළ “රේඩියෝ රිබෙල්දේ” නමින් ගුවන් විදුලියක් පවත්වාගෙන ගියා. රෝණියෝ ක්‍රමයට පත්‍රිකා හා පත්තර මුද්‍රණය කර බෙදා හැරියා. මේ කාලයේ ඒ කියන්නේ 1958 අප්‍රේල් 09, ජූලි 26 ව්‍යාපාරයට සම්බන්ධ සමහරු සමස්ත මහා වැඩවර්ජනයක් කැඳවලා තියෙනවා. ඒත් ෆිදෙල් ඊට විරුද්ධ වෙනවා. සහය දෙන්නේ නැහැ. තමා එහි අසාර්ථක බව දුටු බව ෆිදෙල් කියනවා. ඒ තුළ කට්ටිවාදය තිබූ බවත් එය අසාර්ථක වීම අවසානයේ බැටිස්ටාට වාසි වූ බවත් ඔහු කියනවා. කළ යුතු අරගල වගේම නොකළ යුතු වෙලාවේ කරන නොකළ යුතු අරගල ගැනත් මින් කියවෙනවා.

කඳුකරයේ සටන ඉදිරියට යද්දී රට මැද තිබූ ප්‍රාන්ත දෙකේ බලය තහවුරු කිරීමට ෆිදෙල් කල්පනා කරනවා. ඒ අනුව චේ සමඟ පිරිසක් ලාස් විලාස් ප්‍රාන්තයේ ශාන්ත ක්ලේරා අල්ලා ගැනීමට යවනවා. ඒ වගේම කැමිලෝගේ නායකත්වයෙන් පිරිසක් කැමගුවේ ප්‍රන්තයට යවනවා. ඉතා දුෂ්කර මඟක ගමන් ගනිමින් අතර මග සටන් කිහිපයකට මුහුණ දුන් චේ ගේ කණ්ඩායම ශාන්ත ක්ලේරාවල බලය අල්ලා ගන්නවා. එහිදී එස්කැම්බ්‍රේ කඳුවල සිදුවූ සටන විශේෂ වැදගත් කමක් ගන්නවා. ඒ වගේම ශාන්ත ක්ලේරා හරහා ගමන්ගත් සන්නද්ධ දුම්රියක් පීලි පන්නා වටලන චේගේ කණ්ඩායම එම දුම්රියේ තිබූ සියලු අවි අල්ලා ගන්නවා. ඒ වගේම සෙබලුන් යටත් කර ගන්නවා. මෙහි සටන අවසන් වන විට සෙබලු 1700 ක් යටත් කරගත් බව පැවසෙනවා. මේ සමඟම හවානා හා ඔරියන්ටේ අතර තිබූ සබඳතා බිඳ වැටෙනවා. ඔරියන්ටේ ප්‍රාන්තය තළ ෆිදෙල් සටන් කිහිපයක්ම ජය ගන්නවා. බැටිස්ටාගේ පරාජය මේ සමඟ ආරම්භ වෙනවා. මේ තත්වය යටතේ බැටිස්ටාගේ ජනරාල් වරයෙක් වූ ඉවුලෝගියෝ කැන්ටිලෝ 1958 දෙසැම්බර් 28 දා ෆිදෙල් හමුවී සාකච්ඡා කිරීමට ෆිදෙල්ට යෝජනා කර තියෙනවා. මීට පෙරත් මේ ජනරාල්වරයා ෆිදෙල් සමඟ අදහස් හුවමාරු කර ගෙන තිබුණලු. ඔහු තනිවම එන්නේ නම් හා තමා කියන තැනකට එනවා නම් සාකච්ඡාවට කැමති බව ෆිදෙල් කියනවා. ඒ අනුව ඔහු තනිවම හෙලිකොප්ටරයකින් පැමිණ ෆිදෙල් සමඟ සාකච්ඡා කරනවා. පරාජයට පත්වන විට එක් එක් අය හැසිරෙන හැටි මෙයින් අපට පෙනෙනවා. කොහොම හරි කැන්ටිලෝ අඩු ජීවිත නාස්තියකින් යුද්ධය නතර කරන ආකාරය ගැන ෆිදෙල් සමඟ කතා කරනවා. එවිට ෆිදෙල් කියන්නේ බැටිස්ටාගේ හමුදා යටත් වන්නේ නම් ජීවිත හානි සිදු නොවන බවයි. කොහොම වුනත් ෆිදෙල් කියන්නේ ඔහු තමාට එකඟ වූ ආකාරයට කටයුතු නොකළ බවයි.

බැටිස්ටා පලායාම හා විප්ලවය ජය ගැනීම

ඉතින් මේ විදිහට සටන ජයග්‍රාහීව ඉදිරියට යද්දී 1959 ජනවාර් 01 දා බැටිස්ටා රටින් පලා යනවා. හමුදා නිලධාරීන් සටන් විරාමයක් ප්‍රකාශ කළත් ෆිදෙල් එය ප්‍රතික්ෂේප කරනවා. මේ තත්වය තුළ වහාම ක්‍රියාත්මක වූ ෆිදෙල් හවානාවල බලය තහවුරු කර ගැනීම සඳහා රට මැද සිටි චේ හා කැමිලෝ හවානා වලට යවනවා. චේ හා කැමිලෝ හවානා වලට ඇතුල්වීමට පෙරම හවානාවල සිටි ජූලි 26 ව්‍යාපාරයට සම්බන්ධ පිරිස් එහි පොලිස් ස්ථාන වලට පහරදීමට ගොස් බොහෝ දෙනෙක් මියයනවා. ඊට හේතුව ඔවුන්ට සටන් අත්දැකීම් නොතිබූ නිසා බවයි ෆිදෙල් කියන්නේ. බැටිස්ටාගේ බලය බිඳ වැටෙද්දී බොහෝ ආයතන විප්ලවවාදීන්ගේ සහයට එනවා. කියුබාවේ නිල ගුවන් විදුලිය “රේඩියෝ රිබෙල්දේ” ගුවන් විදුලියේ විකාශන හසු කර ගෙන ඒවා තම විකාශය ඔස්සේ ප්‍රචාරය කරනවා. ඒ සමඟම ෆිදෙල් විප්ලවීය සමස්ත මහා වර්ජනයක් සඳහා වැඩකරන ජනතාවට විවෘත ආරාධනයක් කරනවා. වෘත්තීය සමිති රැසක නායකයින් බැටිස්ටාට හා එක්සත් ජනපදයට පක්‍ෂ අය වුවත් ඔවුන්ගේ බාධා කිරීම් නොසලකා වැඩ කරන ජනතාව වර්ජනයට එක් වෙනවා. මේ වන විට චේ හා කැමිලෝ හවානා නගරයේ බලය තහවුරු කර ගන්නවා. අවසානයේ බැටිස්ටාගේ බලය බිඳ වැටෙනවා. මේකෙ විශේෂය වෙන්නේ ගරිල්ලා අරගලයකින් පටන්ගත් සටන ජනතා සහභාගිත්වයකින් හා විප්ලවීය සමස්ත මහා වර්ජනයකින් ජයග්‍රාහීව අවසන් කිරීමයි. ඒ අනුව කියුබානු විප්ලවය කැළෑ වැදුනු පුංචි කණ්ඩායමක් විසින් බලය අල්ලා ගැනීමක් නොවන බවත් පළල් ජනතා ක්‍රියාකාරිත්වයක් ද සහිතව සම්ප්‍රදායකි නොවන යුධ ක්‍රියාවලියක් හරහා බලය අල්ලා ගත් එකක් බව පැහැදිලි වෙනවා.
ඉතිං 1958 ජනවාරි 08 ව දා ෆිදෙල් හවානාවලට ළඟා වෙනව. ඒ සමගම නිල වශයෙන් කියුබාවේ විප්ලවීය ආණ්ඩුවක් පිහිටුවන බව ප්‍රකාශ කරනවා. කියුබානු විප්ලවය ජය ගන්නවා.

ගරිල්ලා සටනේ පාඩම් හා ෆිදෙල්ගේ නායකත්වය

දැන් මීළඟට අපි සාකච්ඡා කරගත යුතු කරුණු කිපයක්ම තියෙනවා. ඒ කියුබානු විප්ලවයේ විශේෂත්වය, එහි අත්දැකීම් හා විශේෂයෙන් ඒ තුළ ෆිදෙල්ගේ නායකත්වය ගැන. ඔබ දැනටමත් දන්නා විදිහට කියුබානු විප්ලවය විශේෂ එකක් පක්‍ෂයක් නැතිව සන්නද්ධ හා බහුජන දේශපාලන ව්‍යපාරයක නායකත්වයෙන් සිදුවූවක්. කියුබානු අරගලය දේශප්‍රේමී අරගලයක් උණා. අධිරාජ්‍ය ගැති ඒකාධිපති බැටිස්ටාගේ පාලනයට එරෙහිවයි අරගලය පෙළ ගැසුණේ. අරගලය දේශප්‍රේමී උණාට එය ජාතිවාදී උණේ නැහැ. ෆිදෙල්, චේ ඇතුලු නායකයන් මාක්ස්වාදී දේශපලන දර්ශනය මත පදනම්වයි දේශප්‍රේමය යොදාගත්තේ. ඒ නිසා කියුබානු විප්ලවය වැදගත් සටන් පාඨය උණේ මොකක්ද? ඒ “මව්බිම නැත්නම් මරණය” කියනඑක. ඒක දේශප්‍රේමීයි. ඒ වගේම “අපි දිනන්නෙමු” (උැ අසකක අසබ) යන පාඨයත් යොද ගත්තා. කියුබානු අරගලය සැබැ ලෙසම විප්ලවකාරී උණා. සාමාන්‍යයෙන් කළ නොහැකි ලෙස පෙනුන දේ ඔවුන ්කළා. ඊට ඔවුන්ට මඟ කිව්වේ අනෙක් නිදහස් අරගලවල පාඩම් හා මාක්ස්වාදී උග්නැවීම්. ඒ නිසාම ෆිදෙල් ඇතුළු පිරිස නිතර කිවූ සටන්පාඨයක් තිබුණ ඒ තමයි “හැකිනම් කරමු නොහැකිනම් කෙසේ හෝ කරමු” යන්න. එය ඕනෑම විප්ලවවාදී ව්‍යාපාරයකට ගැලපෙන එකක්. කියුබානු විප්ලවය ඒ විදිහටම වෙනත් ඕනෑම රටකට ආදේශ කරන්න බැහැ. ඒත් එහි අත්දැකීම් ගන්න පුළුවන්. විශේෂයෙන්ම කියුබාවේ සන්නද්ධ අරගලයකට මග පෑදුනේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාලනය වෙනස් කිරීමට තිබූ ඉඩ බැටිස්ටා විසින් අහෝසිකළ නිසයි.
දැන් අපි අරගලය ගැන ෆිදෙල් කියන දේ බලමු. ෆිදෙල්ගේ ජීවිත කථාව පොත ලියූ රමෝනේ ෆිදෙල්ගෙන් අහනව අරගලය ජයගනු ලැබවේ යුධ උපක්‍රම වලින්ද? දේශපාලන උපායමාර්ගවලින්ද කියල. ෆිදෙල් කියනව ඒ දෙකෙන්ම කියල. සිරගත වීමටත් පෙර සියෙරා මහේස්ත්‍රා කඳුකරයේ කරන සටනක සමස්ත සැලැස්මක් තමා සතුව තිබුණ බව ඔහු කියනවා. ඔහුගේ සටනේ උපක්‍රම උණේ සතුරා බලාපොරොත්තු නැති මොහොතක ක්‍ෂණිකව පහරදීම, පසුබැසීම, සතුරා විශ්මයට පත් කරමින් පහරදීම, යළි යළිත් පහරදීමයි. විශේෂයෙන් මානසික යුධ උපක්‍රම අනුගමනය කළ බව ඔහු කියනවා. ඒවගේම ගමනාගමනය, සන්නිවේදන ජාල අඩපණ කිරීම ද සිදු කළා ලු. ඒත් මේ සියල්ලේ න්‍යෂ්ටිය උණේ ගරිල්ලා කන්ඩායමයි. ෆිදෙල් නිතරම සම්ප්‍රදායික නොවන යුධ කලාවක් විශ්වාස කළාලු. ඔහුට අනුව සතුරන්ට එරෙහිව තම සම්පත් හොඳින්ම යොදාගන්නා තැනැත්තා ජය ගන්නවා. ඒ අතරම ෆිදෙල් මෙහෙම කියනවා. “ඔබ ප්‍රතිපත්තිගරුක විය යුතුයි. ජනතාව සඳහා ප්‍රතිපත්ති සේම ඔබේ සතුරන් සඳහා ප්‍රතිපත්තිද ඔබට තිබිය යුතුයි. නැතිනම් ඔබට ජය ගත නොහැකියි.” ප්‍රතිපත්ති ගරුක වීමේ වටිනාකම එසේ අවධාරණය කරන ෆිදෙල් සටන්කිරීමේදී සැලකිය යුතු කරුනු ගැනත් කතා කරනවා. එය ඉතාම වැදගත්. ඔහු කියනවා “ඔබ අහිංසක මිනිසුන් මරා නොදැමිය යුතුයි. සතුරාගේ හමුදාව සමග සටන් කළ යුතුයි. එසේ නොමැතිව ප්‍රචණ්ඩත්වය සාධාරණය කිරීමේ මඟක් නැහැ. යුද්ධය පිළිබඳ මගේ සංකල්පය එයයි.” ඉතිං බලන්න ෆිදෙල් මොන වගේ නායකයෙක්ද කියලා. ඔහුට සටන හා එහි නීති ගැන ආචාරධර්ම ගැන ඉතා හොඳ අවබෝධයක් තිබුණා. ඒ වගේම ඔහු ඒවා රැක්කා. තවමත් රකිනවා. ගරිල්ලා යුද්ධය සාම්ප්‍රදායික එකක් නොවුණත් එය යුද්ධයේ පොදු නීති පිළිපැදිය යුතු බව කියන ෆිදෙල් එය මනෝ විiාත්මක කරුණක් බවත් කියනවා. ඔහු කියන්නේ “ඔබ සතුරාගේ ගෞරවයට පාත්‍ර විය යුතුයි. සතුරාට තදින් පහර දිය යුතුයි. ඒත් අවමන් නොකළ යුතුයි.” කියලයි.
සටනේදී උපක්‍රම තරම්ම විනය හා ආචාරධර්ම වැදගත් බව ෆිදෙල් කියනවා. ආචාරධර්ම (ෑඑයසජි) සදාචාරමය ප්‍රශ්නයක් පමණක් නොවන බවත්, එය අවංක නම් එය ප්‍රතිඵල ජනනය කරන බවත් ඔහු කියනවා. අරගලයකදී විශේෂයෙන්ම සන්නද්ධ අරගලයකදී විප්ලවාවදී ව්‍යාපාරයක් විසින් අනුගමනය කළ යුතු හා කියුබානු විප්ලවවාදීන් අනුගමනය කළ ආචාරධර්ම රැසක් මෙහිදී ෆිදෙල් ඉදිරිපත් කරල තියෙනවා. ඒව සාරාංශ කරල ගත්තාම මේ විදිහට අපට පෙල ගස්ස ගන්න පුළුවන්.
එක සාමාන්‍ය ජනයාට හිරිහැර නොකිරීම. ඔවුන් මත බලය නොයෙදවීම.
ඊට හේතුව විප්ලවවාදී ව්‍යාපාරයක් ජනතාවට ප්‍රේමකරන ව්‍යාපාරයක් වෙන්න ඕන. ඔවුන් දිවි පිදීමට පවා ඉදිරිපත් වෙන්නෙ පීඩාවට පත් ජනතව වෙනුවෙන්. ඉතිං එහෙම ජනතාවට සැබෑ ලෙසම ප්‍රේම කරන, මානව ප්‍රේමය හදවතේ තිබෙන අයට පුළුවන් කමක් නැහැ සාමාන්‍ය ජනතාවට කරදර හිරිහැර කරන්න. අනෙක එහෙම උණොත් ඒ ජනතාව දිනාගන්නත් බැරිවෙනවා. ඒ නිසයි මේ කරුණු වැදගත්.
ඊළඟ කරුණ ජනතාවගෙන් ගත්ත දේට සාධාරණව ගෙවීම. මෙයත් ඉතා වැදගත්. විප්ලවවාදී හමුදාව මං පහරන්නන් හෝ කොල්ලකරුවන් නොව සාධාරණ පිරිසක් විය යුතුයි. ඒ නිසාම කඳුකරයේදී ෆිදෙල්ලා ගැමියන්ගෙන් ධාන්‍ය හා මස් ගත්තේ වෙළෙඳ පොළේ මිලටත් වඩා වැඩියෙන් ගෙවල. ගැමියන්ට නොගෙවා දේවල් ගැනීම තම කන්ඩායමට ෆිදෙල් විසින් තහනම් කරල තිබුණා. මේ කරුණු සන්නද්ධ ව්‍යාපාරයකට පමණක් නොවෙයි, බහුජන ව්‍යාපාරයකදී පවා එය විප්ලවවාදී ව්‍යාපාරයක් නම් රැකිය යුතු කරණු වෙනව. ජනතාව සමඟ ගනුදෙනු වලදී අවංකකම, ප්‍රතිපත්තිගරුක බව, නිහතමානී බව, සත්‍යගරුක බව රකින්න බැටි උනොත් ඒ ව්‍යාපාරය ජනතාව තුළ පිහිහීමට පත්වෙනව. එවැනි දේශපාලන ව්‍යාපායකට දිනන්න බැහැ. ඒ නිසා විප්ලවීය සාර්ධර්ම හා විනය ඉතාම වැදගත්. ඒ කරුණේදී අපට හමුවන හොඳම ආදර්ශය වෙන්නේ ෆිදෙල්. නෙකුත් කරුණ අවශ්‍ය විටක විනය ක්‍රියාමාර්ග ගත්තද ජනතාව බිය වැද්දිය යුතු නැහැ. දේපළවලට හානි නොකළ යුතුයි. ඒ වගේම ජනතාවගේ දේපළ හොරකම් කිරීමට ඉඩ නොදිය යුතුයි. අනෙක ස්ත්‍රීන්ට එරෙහිව ලිංගික බලපෑම් නොකිරීම. මෙය තදින්ම රැකල තියෙනවා. ඒ වගේම ෆිදෙල් තදින් අනුගමනය කළ තවත් ප්‍රතිපත්තියක් තිබුණා ඒ තමයි යුධ සිරකරුවන් මරා නොදමීම හා ඔවුනට හිංසා නොකිරීම. ෆිදෙල් කියන විදිහට මෙය මනෝවිiාත්මක කරුණක්. යුධ සිරකරුවන්ට වධ දෙන්නේ නම් හා ඔවුන් මරා දමන බව ඔවුන් දන්නවා නම් ඔවුන් සටනකදී පහසුවෙන් යටත් වෙන්නෙ නැතිලු. අවසානය දක්වාම සටන් කරනවාලු. ඒත් ඔවුන් මරා නොදමන බව හා හිංසා නොකරන බව දැනගත් විට කුඩා ප්‍රතිවිරෝධයකදී පවා වහාම යටත් වෙනවලු. එවිට යටත් වූ සෙබලුන්ගේ අවි හා උපකරණ ලබා ගෙන ෆිදෙල්ලා ඔවුන් නිදහස් කරනවාලු. ෆිදෙල් කියනවා සටන පැවතුණු වසර දෙකකට ආසන්න කාලය තුළ තුන් වරක් නැවත නැවත යටත් වූ හමුදා සෙබලු ඔවුනට හමුවූ බව. ෆිදෙල් කියන්නේ ඒ නිසා අවසානයේ දී ඔවුන් ගරිල්ලා කණ්ඩායමට අවි සපයන්න් බවට පත්වූ බවයි. ඒ වගේම ගරිල්ලා කණ්ඩායම සටනේදී තුවාල ලැබූ තම සහෝදර සෙබලුන්ට මෙන්ම සතුරු සෙබලුන්ටත් ප්‍රතිකාර කරල තිබෙනවා. මෙහිදී ‘චේ’ විශේෂයෙන්ම දෙපාර්ශ්වයේම තුවාල ලද සෙබලුන්ට ප්‍රතිකාර කළාලු. එය සතුරු සෙබලුන්ගේ මානසිකත්වය වෙනස් කිරීමට හේතුවූ බව ඔහු කියනවා. ෆිදෙල් කියන්නේ ධනපති කුලි හමුදාවක හා විප්ලවීය හමුදාවක වෙනස ක්‍රියාකාරකම්වලින්ම පෙනිය යුතු බවයි. ගරිල්ලන්ගේ අරමුණු පවිත්‍ර එකක් බව සැම විටම පෙන්විය යුතු බව කියන ෆිදෙල් වියට්නාම් විමුක්ති අරගලයේදීත්, චීන විමුක්ති අරගල්යේදීත් දෙවන ලෝක යුද්ධයේ සෝවියට් රතු හමුදාවත් මෙලෙස ආධාරධර්ම රකිමින් කටයුතු කළ බව කියනවා. අනෙක් කරුණ තමයි පුද්ගල ත්‍රස්තවාදය හා පුද්ගල ගාතන යොදා නොගැනීම. බරපතළ වැරදි කරන ද්‍රෝහීන්ට හා පාවාදෙන්නන්ට සාධාරණ නඩු විභාගයකින් පසු දඬුවම් ලබාදීම කළද, ක්‍රමයක් ලෙස අරගලය සඳහා පුද්ගල ත්‍රස්තය හා පුද්ගල ඝාතන යොදාගැනීම වැරදි බවයි ඔහු කියන්නේ. ඔවුනට පහසුවෙන්ම බැටිස්ටා මරා දැමිය හැකිව තිබූ බවත් එහෙත් ඉන් කිසිදු වෙනසක් නොවන බවත් ඔහුගේ තැනට වෙනත් අයෙක් ඒම නිසා බලාපොරොත්තු අලුත් වන බවත් මිය ගිය සතුරා වීරයෙක් වී ඔුහගේ හිතවතුන් වෛරකරුවන් වෙන බවත් ෆිදෙල් කියනවා. “මාක්ස්වාදය තුළ ත්‍රස්තවාදයට හා පුද්ගල ඝාතනවලට ඉඩක් නැත. ත්‍රස්ත ක්‍රියා නිසා ඔබ ඔබට විරුද්ධවාදීන් රැසක් හදා ගනී.’‘ ෆිදෙල් කියන්නේ ඒකමයි. ඒ වගේම තම කණ්ඩායම තුළ පටු පෞද්ගලික අරමුණු ඉස්මතු වීමටත් ෆිදෙල් ඉඩ දුන්නේ නැහැ. කීර්තිය හෝ වරප්‍රසාද සඳහා සටන් කිරීම ඔහු පිලිකෙව් කළා.
ඒ විදිහට සටනේ ආචාරධර්ම ගැන සැලකිලිමත් වූ ෆිදෙල් දේශපාලන ක්‍රියාකාරිත්වයේදී කට්ටිවාදයට වැටුණේ නැහැ. එය හෙළා දැක්ක. බැටිස්ටා විරෝධී සියලු බලවේග එක් කිරීමට කටයුතු කළා. ඒත් ඒ අතරම අරගලයේ නායකත්වය එහි න්‍යෂ්ටිය වූ ගරිල්ලා කණ්ඩායම සතුව තමා ගැනීමටද ප්‍රවේසම් උණා. සාම්ප්‍රදායික නොවන ගරිල්ලා අරගලය වගේම ජනතා නැගිටීම්, මහා වැඩවර්ජන, පෙලපාලි වැනි බහුජන ක්‍රියාකාරිත්වයන්ද යොදා ගත්තා. විටින්විට නිර්මාණය වන නව ඓතිහාසික තත්වයන්ට අනුව අපක්‍රම තේරුව. අපක්‍රම වෙනස් කළා. ඒත් උපායමාර්ගික වැරදි නොකිරීමට වග බලා ගත්තා. මෙම අරගලයෙන් අප ගතයුතු පාඩම් එවයි. අපි හිතනව මේ කරුණු ඕනැම විප්ලවවාදී ව්‍යාපාරයකට ඕනෑම අරගල ආකෘතියට ගැලපෙන ඒ නිසාම තදින් අවධාරණය කරගත යුතු කරුණුයි කියල. ෆිදෙල් කියන්නේ නිකම් හිතුවක්කාර රැඩිකල් තරුණයෙනක් නෙවෙයි. අරගලය ගැන විප්ලවය ගැන ඔහුට පැහැදිලි දැක්මක් තිබුන. එය මාක්ස්වාදී දැක්මක්. විප්ලවයවේ අත්දැකීම් අල්ලා පසුකලෙක ලියවුනු ‘සන්නද්ධ අරගලයේ වැඩකොටස’ කියන ලිපියේ ෆිදෙල් මෙහෙම සඳහන් කරනව “විප්ලවය යනු ඓතිහාසික අවශ්‍යතාවයක පැන නැගීමක් මිස හිතුවක්කාර කමක හෝ පුද්ගල කැමැත්තක ප්‍රථිපලයක් නොවේ. කිසිවෙකුට විප්ලවය වැලැක්වීමට නොහැකිවාක් මෙන්ම විප්ලවය බලෙන් පැටවිය නොහැකිද වන්නේය. විප්ලවය වනාහි අතිමහත් අවශ්‍යතාවයක පැන නැගීමකි.” ෆිදෙල්ගේ දැක්ම ඉන් හොඳින් පැහැදිළි වෙනව.
මේ අතර පොතේ කතුරවයා ෆිදෙල්ගෙන් අමතර ප්‍රශ්නයක් අහනවා. ඒ ඔවුන් රැවුල් වැවීම ගැන. එය විලාසිතාවක් වුණාද කියලයි අහන්නේ. නමුත් ෆිදෙල් කියනවා. අපි රැවුල් වැව්වේ නැහැ කඳුකරයේදී රැවුල් කැපීමේ පහසුකම් නොතිබුණ නිසා රැවුල් වැටුනා කියල. පසුව එය ගරිල්ලා කණ්ඩායමේ සංකේතය බවට පත්උණා කියලා. ඒ අතර ෆිදෙල් කියනවා එහි අමතර වාසියක් කඳුකරයේදී තිබුණලු. ඒ බැටිස්ටාගේ ඔත්තුකරුවන්ට හොරෙන් ගරිල්ලා හමුදාවට ඇතුළ් වෙන්න අමාරු උනාලු. එහෙම කරන්න නම් ඔවුන් මාස කීපයක් තිස්සේ රැවුල් වවාගෙන සූදානම් විය යුතු උණාලු. ඊළඟට වර්තමානයේ රැවුල් වවා සිටීම ගැන කියන ෆිදෙල් මෙහෙම කියනවා. රැවුල කැපීමට දිනකට විනාඩි 15 ක් බැගින් වැය කළොත් අවුරුද්දකට විනාඩි 5500 ක්. එය පැය 08 ක වැඩ දින 10 ක් ලු. රැවුල් නොකපා සිටීමෙන් ඉතිරිවන එම කාලය වෙනත් වැදගත් වැඩකට යොදා ගත හැකි බව කියන ෆිදෙල් රැවුල කැපීමට ගන්නා රේසර් සබන් ක්‍රිම්වර්ග ආදියට යන වියදමත් ඉතිරිවන බව කියනවා. ඒ ෆිදෙල් හිතන විදිය. ඒත් ඔබ කැමති විදිහක් කරන්න ඔබට පුළුවන්.
සමාජවාදය ගොඩ නැඟීම හා අභියෝග
ඔබ කවුරුත් දන්නව කියුබානු විප්ලවය ජයගන්නා තුරුම එය සමාජවාදී බව කිව්වේ නැහැ. දේශප්‍රේමි හැඩයක් තමයි තිබුණේ. සියරා මහේස්ත්‍රාවලදී හර්බර්ට් මැතිව්ස් එක්ක කරපු පුවත්පත් සාක්ඡාවේදී ෆිදෙල් තම සටනේ අරමුණ පැහැදිලි කරමින් කිව්වෙ “අපේ අරමුණ සැලසුම්ගත ආර්තිකයක්, සමාජ සාධාරණත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය කියලයි. කොහොම උණත් කියුබාවේ සමාජවාදය ප්‍රකාශයට පත් කළේ හා එය ගොඩ නැඟීම ඇරඹුවෙත් වෙනස් විදිහකට. ඒවගේම සමාජවාදය මුහුණ දුන් ගැටලුත් බොහොමයක් තිබුණ අපි ඒ ගැනත් කෙටියෙන් කතාකරගන්න ඕන.
1950 ජනවාරි 01 බැටිස්ටා පලා යාමෙන් පසු 1959 ජනවාරි 08 වනදා හවානාවලට ආපු ෆිදෙල් නව විපල්වකාරී රජයක් ප්‍රකාශයට පත් කලා. ඒත් ඔහු ජනාධිපතිධූරය හෝ අගමැතිූධරය බාරගත්තේ නැහැ. රටේ ජනතාවගේ සිත් දිනා සිටි මහේස්ත්‍රාත් වරයෙක් වූ මැනුවෙල් උරුටියා ජනාධිපති ලෙස පත්කළ ඔවුන් නීතිඥයෙක් වුණ හෝසේ මිරෝ කඩෝනා අගමැති තනතුරට පපත් කළා. ෆිදෙල් විප්ලවීය හමුදාවන්ගේ අණදෙන නිලධාරි තනතුර පමණක් දරුවා. ජනපති කම හෝ අගමැති කම බාර නොගැනීම ගැන ෆිදෙල් මෙහෙම කියනවා. “මම විපල්වය සඳහා සටන් කළා. තනතුරු මට වැදගත් නැහැ. අරගලයෙන් ලැබෙන තෘප්තිය, අරගලයෙන් හා එහි සාර්ථකත්වයෙන් ලැබෙන අඩම්බරය, ජයග්‍රහණය, ආණ්ඩුවේ ඕනෑම තනතුරකට වඩා බොහෝ ශ්‍රේෂ්ඨ ත්‍යාගයක්.” ඒ අනුව තමන් සටන් වැදුනේ තනතුරු හෝ බල තන්හාවෙන් නොවන බව පෙන්වීමට ෆිදෙල් කටයුතු කළා. ඔහු ශ්‍රේෂ්ඨ මිනිසෙක් වෙන්නේ ඒනිසා. කෙසේ වුවත් පසුව 1959 පෙබරවාරි 16 වන දා ෆිදල් විප්ලවීය ආණ්ඩුවේ අගමැති ධූරයට පත් වුණා.
අලුත් ආණ්ඩුව පිහිටුවා ගත් විගසම බැටිස්ටා සමයේ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ට විවෘත අධිකරණයේ නඩු අසා ප්‍රසිද්ධියේ දඬුවම් දුන්නා. මේ ගැන පසුව ෆිදෙල් කියන්නේ එම යුදධ අපරාධ කරුවන්ට දඬුවම් දීම නිවැරදි නමුත් ප්‍රසිද්ධියේ මරණ දඬුවම දීම එක්සත් ජනපදය විසින් කියුබාවට එරෙහිව යොදාගත් නිසා එසේ ප්‍රසිද්ධියේ දඬුවම් නොදී සිටියා නම් හොඳ බවයි. ඉතිං විප්ලවයෙන් පසු කියුබාව සමාජවාදය දෙසට ගමන් කිරීම ඇරඹුවා ඒත් එය ප්‍රකාශයට පත කළේ එක්සත ජනපදය හා ඇති වූ ගැටුම් හා සෝවියට් දේශය සමග ඇති වූ මිත්‍රත්වය අතරයි. ඒ අනුව 1961 අපේ්්‍රල් 16 වන දා ප්‍රසිද්ධ රැළියකදී කියුබාව සමාජවාදී බව ෆිදෙල් ප්‍රකාශ කළා. එක්සත් ජනපදය විසින් මෙහෙයවූ ප්‍රතිවිප්ලවවාදී කණ්ඩායම් 1961 අප්‍රේල්වල කියුබාව තුළප්‍රහාර කීපයක් එල්ල කළා. කියුබානු වරායේ නවතා තිබූ නැවක බෝම්බ පුපුරවා කීප දෙනෙක් ඝාතනය කළා. ඊට විරෝධය පල කරමින් පැවති දැවැන්ත ජන රැළියකදී ෆිදෙල් රැස්ව සිටි අයගෙන් අහනවා “පසුගිය කාලයේ අපි කරපු නාගරික සංවර්ධනය ඔබ අනුමත කරනවාද ” කියල. පිරිස “ඔව්” කියල කෑගහනවා. ඔහු නැවත අහනවා අධ්‍යාපනයේ, කෘෂිකර්මාන්තයේ කළ වෙනස් කම් ඔබ අනුමත කරනවද කියල. පිරිස ‘ඔව්’ ‘ඔව්’ කියල කෑගහනවා. එවිට ෆිදෙල් කියනව ඒ තමයි සමාජවාදය අපි අපේ අවිවලින් ඒ සමාජවාදය ආරක්‍ෂා කරමු කියල. එහෙමයි ඔහු සමාජවාදය ප්‍රකාශයට පත් කළේ. ඊළඟට කියුබානු කොමියුනිස්ට් පක්‍ෂය ගොඩනැඟුවේ 1965 ඔක්තෝම්බර් 03 වන දා. ඒ වනතුරු රට පාලනය කළේ ඒකාබද්ධ පෙරමුණකින්. 1961 දී ඔවුන් ජූලි 26 ව්‍යාපාරයත් ජනතා සමාජවාදී පක්‍ෂයත්, විප්ලවීය කණ්ඩායමකුත් එක්කර “විප්ලවීය සංවිධානවල ඒකාබද්ධ ජාතික විධායක සංවිධානය (ධඍෂ) ගොඩ නඟනවා. 65 කියුබානු කොමියුනිස්ට් පක්‍ෂය ගොඩ නඟනතුරු ක්‍රියාත්මක උනේ එයයි. ඉන්පසු 1976 පෙබරවාරි 15 ජනමත විචාරණයක් පවත්වා “සමාජවාදී” වචනය කියුබානු ව්‍යවස්ථාවට ඇතුළත් කරනවා. සමාජවාදය රටතුළ හා ව්‍යවස්ථාව තුළ තහවුරු කළේ එහෙමයි.
මේ අතර බලය ගත් මොහෙතේ සිටම සමාජවාදය දෙසට බරවූ ප්‍රතිසංස්කරණ සිදු කිරීම ඇරඹුවා. විප්ලවයෙන් පසු වැරදි කරන අයට දැඩි දඬුවම් පුමුනුවන බව ප්‍රසිද්ධකර තිබූ නිසාත් ගරිල්ලා කණ්ඩායමේ විනය ගරුක හැසිරීම නිසාත් බලය මාරුවෙන කාලය තුළ මංකොල්ලකෑම්, පලිගැනීම් ලේ වැගිරීම් අවම වෙලා තියෙනවා.

කෘෂිකර්මික ප්‍රතිසංස්කරණ

සමාජවාදය දෙසට සිදු කළ ප්‍රතිසංස්කරණ අතර ඉතා වැදගත් උනේ කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණයි. මේ පිළිබඳව ෆිදෙල්, චේ, රවුල් ආදීන් අතර විශාල සංවාදයක් තිබිල තියෙනවා. මොකද මේ වන විට කියුබාව තුළ එක්සත් ජනපදය සතුව ඉඩම් අක්කර මිලියන බාගයක් පමණ තිබුණා. ඒවා ගොවීන් අතර බොද දෙන ලෙස ඉල්ලීමක් ද තිබුණා. මේ පිළිබඳව සංවාදය සමාජවාදය මතුඋණේ ඒ අනුවයි. විශාල ඉඩම් කුඩා කැබලිකර බෙදා දුන්විට නිෂ්පාදනය අඩුවීමේ අනතුර දුටු නිසා ඉඩම් කැබලි කිරීමේ ඉල්ලීම ඉවත දැමීමට මුලදී ෆිදෙල්ලාට සිදුඋණා. එහිදී ෆිදෙල් ගොවීන් 3000 ක් සහභාගි උණ සමුළුවකදි ගොවීන්ට කරුණු පහදා දී එම තීරණයට ඔවුන් එකඟ කරගත්තා. ඒත් පසුව ඉඩම් ප්‍රතිසංස්කරණය කළා. ඒ සඳහා කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ සඳහා වූ ජාතික කමිටුව (ෂභ්ඍ්) ගොඩනඟා ඉඩම් ජනතාවට බෙදා දුන් අතර ඒ සමගම ඒවා සාමූහිකකරණයද කළා. එය සිදුකළේ බලය යෙදවීමෙන් නොවෙයි. අවබෝධය ලබාදීමෙනුයි. ඉඩම් පවරා ගැනීමේදී ෆිදෙල්ගේ පියා සතුව තිබූ විශාල ඉඩම් ප්‍රමාණයක්ද පවරා ගත්තා. මුලින්ම පවරා ගත්තේ එම ඉඩම්ලු. මේ ගැන ෆිදෙල්ගේ වැඩිමහල් සොයුරු රමොන් කියන්නේ මෙහෙමයි. ෆිදෙල් නීතිය හදාරන කාලේ ෆිදෙල්ගේ තාත්තා කිව්වලු පුතා නීතිවේදියෙක් වෙලා අපේ ඉඩම්ටික රැකගනීවී කියල. ඒත් ඒ නීතිවේදයමලු තම පවුලේ ඉඩම් පවරා ගැනීමේ නියෝගයට අත්සන් කළේ. ඉඩම් ප්‍රතිසංස්කරණය ගැන පසුව ෆිදෙල් මෙහෙම කියනවා. “ඔබ රැඩිකල් නැතිනම් ඔබට කිසිවක් නොකර සිටිය හැකියි. ඔබට පක්‍ෂයක් සංවිධානය කළ හැකියි. මැතිවරණ 20 ක් පැවැත්විය හැකියි. ඒත් කිසිවක් සිදුවන්නේ නැහැ. නමුත් මම හිතුවා ගිනි පුපුරක් දැල්විය යුතුයි කියල. ඒ තමා කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ.”කර්මාන්ත ජනසතුව
ඉතිං මේ විදිහට කියුබාවේ විප්ලවීය ආණ්ඩුව කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ කරන අතර කර්මාන්ත ජනසතුවටත් අත තිබ්බා. ඒක සිදුඋනේ මෙහෙම. කලින් කියුබාව තෙල් ගත්තේ එක්සත් ජනපදයෙන්. පසුව 1960 දී සෝවියට් දේශයෙන් අඩු මිලට බොර තෙල් ගත හැකි උණා. ඒවන විට කියුබාවේ තෙල් ඒකාධිකාරය තිබුණේ ෂෙල්, එසෝ වැනි එක්සත් ජනපද සමාගම් අත. කියුබානු ආණ්ඩුව මෙම සමාගම්වලින් ඉල්ලීමක් කළා සෝවියට් බොරතලේ පිරිපහදු කර දෙන ලෙස. නමුත් ඔවුන් එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළා. මේ නිසා 1960 ජූනි 29 කියුබානු ආණ්ඩුව අමෙරිකානු තෙල් සාමගම් ජනසතු කළා. ඊට එකට එක කිරීමක් ලෙස එක්සත් ජනපදය 1960 ජූලි 06 කියුබාවෙන් සීනි ගැනීම නතර කළා. කියුබාවේ අපනයනය ප්‍රධාන වශයෙන් තිබුණේ සීනි මත. මෙය කියුබාවට විශාල පහරක් උණා. මේ වෙලාවේ කියුබානු සීනි මිලදී ගැනීමට සෝවියට් දේශය ඉදිරිපත් අණා. මේ සමග එක්සත් ජනපදය කියුබාව හා සතුරු වීම ආරම්භ කළ අතර සෝවියට් දේශය හා කියුබාව අතර මිත්‍රත්වය තහවුරු උණා. මෙහිදී කියුබාව තෙල් ජනසතුවෙන් නතර වුණේ නැහැ. 1960 අගෝස්තුවල සුප්‍රසිද්ධ යුනයිටඞ් ෆෘට් කොම්පැනිය ඇතුලු එක්සත් ජනපද සමාගම් රැසක් ජනසතු කළා. මෙම සමාගම් ජනසතු කිරීමේ නියෝග ෆිදෙල් කියෙව්ව ප්‍රසිද්ධ රැස්වීමකදි. එහිදී ෆිදෙල් කොතරම් හැඟීම්බර වුණාද කියනවා නම් ඔහුට කථාකර ගැනීමට බැරිවෙලා මයික්‍රෆෝනයෙන් ඉවත් වෙන්න සිද්ධ උණා. ඒ වෙලාවේ මයික්‍රෆෝනය ගත්තු රවුල් පිරිසට කථා කළා. සුළු වේලාවකින් ෆිදෙල් ඇවිල්ලා ජනසතු කරන සමාගම්වල නම් ලයිස්තුව යළිත් එකින එක කියෙව්වා.
මේ නිසා එක්සත් ජනපදය මොනතරම් කෝප උණාද කියනවා නම් කියුබාව ආක්‍රමණය කිරීමට පවා සැලසුම් කළා. අපි එය පසුව කතා කරනවා. ඒ විතරක් නෙවෙයි 1960 සැප්තැම්බර්වල එක්සත් ජාතීන්ගේ සැසිවාරයට සහභාගි වීමට ෆිදෙල් නිව්යෝක්වලට ගියවිට නැවතීමට හෝටලයක් දීම එක්සත් ජනපදය ප්‍රතික්‍ෂේප කළා. මෙහිදී ෆිදෙල් කිව්ව එහෙම උණොත් තමන් එක්සත් ජාතින්ගේ මූලස්ථානය ඉදිරිපිට කඳවුරු ගසා ගන්නා බව. කොහොම උණත් එක්සත් ජනපදයේ හලාම්වල තෙරේසා හෝටලය නොමිලේ ලබාදීමට එහි කලු ජාතික අයිතිකරු ඉදිරිපත් වීම නිසා ෆිදෙල් එහි නතර උණා. ඊළඟට 1961 ජනවාරිවල එක්ස්ත ජනපදය කියුබාව හා තිබූ තානාපති සබඳතා නතර කළා.

1961 සාක්ෂරතා වැඩ සටහන

කියුබාව සමාජවාදය ගොඩනැඟීමේදී සාක්‍ෂරතාවය හා අධ්‍යාපනය ගැන විශාල බලාපොරොත්තු තිබ්බ. මේ කාලය වෙනකොට කියුබාවෙ සාක්‍ෂරතාවය තිබුණේ ඉතා පහළ මට්ටමක. ගැමි ජනතාව අතර බොහෝ දෙනා අකුරු දැනගෙන හිටියේ නැහැ. මේ නිසා කියුබානු විප්ලවීය ආණ්ඩුව 1961 වසර අධ්‍යාපන වසර ලෙස නම් කළා. විශ්ව විiාල හා පාසල් සිසුන්ගේ ස්වේච්ඡා කණ්ඩායම් සංවිධානය කරල ගැමියන්ට අකුරු ඉගැන්වීමට ගම්මවලට පිටත් කරල යැව්වා. ඒ වගේම අලුතින් පන්ති කාමර 10,000 ක් හැදීමේ සටන්පාඨය ගෙනල්ල එය ක්‍රියාවට යෙදුවා. අන්තිමේ නූගත්කම මුලුමනින්ම දුරුකල මුල්ම අමෙරිකානු රට බවට කියුබාව පත් උණා. ඒ වගේම සෞඛ්‍ය සේවය නඟා සිටුවීමටත් කටයතු කළා. විවිධ ජනතා සුබසාධන ලබාදෙමින් ජනතාවගේ ජීවන වියදම අඩුකිරීමට පියවර ගත්තා. ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කිරීමත් ආරම්භ කළා.
මේ කොහොම වුණත් සමාජවාදය ගොඩනැඟීමේදී විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න කියුබානු විප්ලවවාදීන්ට සිදු උණා. මේව ගැඹුරින් තේරුම් ගැනීම ඉතාම වැදගත්. මොකද මේවා වෙනස් ආකාරවලින් ඕනෑම රටක සිදුවිය හැකි නිසා බලය ලබාගත් මුල් දවස්වලම නව ආණ්ඩුවට එරෙහිව කැසිනෝ සූදු හිමියෝ උද්ඝෝෂණ ආරම්භ කළා. ඒ කියුබානු විප්ලවීය ආණ්ඩුව කැසිනෝ නැවැත්වූ නිසා. කියුබාවේ කැසිනෝ හල් රැසක්ම තිබුණ. බැටිස්ටාගේ කාලේ අමරිකන්කාරයෝ කියුබාවට ආවේ සූදු කෙලින්නයි, ගනිකාවෝ ගන්නයි තමයි. ඒව නතර කළාම කැසිනෝකාරයෝ උද්ඝෝෂණ කළා. අනෙක් අතින් වෘත්තිකයන් රට හැර ගියා. වෛiවරුන්ගෙන් 50%ක් හා විවිධ වෘත්තිකයන් ලක්‍ෂ ගණනක් රට හැර යාම නිසා ජනතා සේවා හා පරිපාලනයට තදින් බලපැවා. ඔවුන් ගියේ එක්සත් ජනපදයට ලක්‍ෂගණනක් කියුබානුවො, විශේෂයෙන්ම බැටිස්ටාගේ පාලනයේ වරප්‍රසාද ලබපු අය, අපරාධවලට සම්බන්ධ අය, නව පාලනයට කැමැති නොවූ අය එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මියාමිවල පදිංචි උනා. ඒ අනුව මියාමි ෆිදෙල් විරෝධීන්ගේ මධ්‍යස්ථානය උනා. එය එක්සත් ජනපදය තම උවමනාවන්ට යොදාගත්ත. බොහෝ ෆිදෙල් විරෝධී ප්‍රචාරවල හා කුමන්ත්‍රණවල මධ්‍යස්ථානය උනේ මියාමියි. ඒ අතර ඉඩම් බලෙන් බෙදා ගැනීම වැනි අසංවිධානාත්මක අරාජික ක්‍රියාත් ඇතිවෙලා තියෙනවා. සමහර පක්‍ෂක්‍රියාකාරිකයන්ගේ අතිධාවනකාරී ක්‍රියාත් හානි කළා කියලා ෆිදෙල් කියනවා. උදාහරණයක් විදිහට කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ සඳහා වු ජාතික කමිටුවේ ප්‍රධාන තනතුරක් දැරූ අයෙක් අමෙරිකානු නිකල් සමාගමක් ජන සතු කරල. ඒත්ත එය පවත්වාගෙන යාමට අවශ්‍ය තාක්‍ෂණය තිබිල නැහැ. ඒත් පවරගත් පසු ආපසු දෙන්නත් බැහැ. ඒක වෙනත් ගැටලුවක් වෙනවා. මේ වගේ අරාජික හා අවබෝධයෙන් තොරව සිදුවන ක්‍රියාත් සිදුවෙලා තියෙනවා. හැබැයි ඉතිං විප්ලව ගමන කරන්නෙ එහෙම තමයි. වැරදීම් සිදුවෙනවා. මොකද නව සමාජය ගොඩගන්න වෙන්නේ පැරනි සමාජය විසින් නිර්මණය කරල තියෙන මිනිසුන් ගෙන්නේ. එහෙම උණාම වැරදි වෙනවා. ඒත් ඒව අවම කරගැනීමයි කළ යුත්තේ. මේ අතර ජනාධිපතිධූරයට පත්කරපු මැනුවෙල් උරුටියා තම ජනාධිපති බලතල යොදාගනිමින් වරප්‍රසාද භුක්ති විඳීමට පටන්ගත් නිසා අලුත් ගැටලු මතුවී පසුව ඔහුව ඉවත් කිරීමට සිදු වෙනවා.

කුමන්ත්‍රණ, ත්‍රස්තවාදී ක්‍රියා හා කඩාකප්පල් කාරී ක්‍රියා

කියුබානු විප්ලවයට එරෙහිව ප්‍රතිගාමී කල්ලි හා කන්ඩායම් ගෙන ගිය කුමන්ත්‍රණ ත්‍රස්වාදී ක්‍රියා හා කඩාකප්පල්කාරී ක්‍රියා රැසක්ම තිබිල තියෙනවා. ඒව කීපයක් කෙටියෙන් සඳහන් කිරීම ප්‍රමාණවත් කියල අපි හිතනවා. මේව විවිධාකාරයෙන් මතුවෙලා තියෙනවා. ඔය කැමගුවා පළාතේ හිටපු පළාත් ආණ්ඩුකාරවරයා ඒ පළාත තුළ කැරැල්ලක් ගහල තියෙනවා. මිනිහගේ නම හියුබර් මාටෝස්. දැන් ඔහු පිටුවහලේදී මියගිහින්. මේ අතර ත්‍රස්තවාදි ක්‍රියා රැසක්ම ඇතිවෙලා තියෙනවා. 1961 නොවැම්බර් සිට 1963 ජනවාරි අතර මාස 14 ක් තුළ ත්‍රස්තවාදි ක්‍රීයා 5780 ක් සිදුවූ බව කියනවා. ඒත් ඒ ත්‍රස්තවාදී ක්‍රියා සියල්ල විප්ලවීය හමුදා විසින් පරාජය කරනවා. එහිදීත් එම ත්‍රස්තවාදී ක්‍රියා පරාජය කළේ ගරිල්ලා විධික්‍රම වලින් බවයි, ෆිදෙල් කිය්නනේ. ත්‍රස්තවාදීන්ගේ ගරිල්ලා හැඩයේ ක්‍රියා සම්ප්‍රදායික හමුදා ක්‍රියාවලිය පරාජයකළ නොහැකි බවයි. ෆිදෙල් කියන්නේ නිකරගුවාවේ කොන්ට්‍රා කැරලි කණ්ඩායම් පරාජයට පත් කිරීමට නොහැකි උනේ ඒ නිසාලු.ඒ අතර කඩාකප්පල්කාරී ක්‍රියා රැසක් සිදු උණා. කාෂිකාර්මික බිම්වලට ජීව විiාත්මක ප්‍රහාර එල්ල උණා. වෛරස් නිසා උක් වගාවෙන් 90% ක් ම විනාශ උණාලු. පසුව එය කෝපි, අල, කොමඩු වගේ වගාවන්ටත් පැතිරුණාලු. ඒ අතර සමහර ප්‍රතිගාමි පුවත්පත් බොරු ප්‍රවෘත්ති පතුරුවා හැරිය. බොරු ප්‍රවෘත්ති හරහා ප්‍රතිවිප්ලවකාරීන්ට කොතරම් හානියක් කරන්න පුළුවන්ද කියන එකට හොඳම උදාහරණය තමයි “පීටර් පෑන්” මෙහෙයුම නමින් ක්‍රියාත්මක වූ ප්‍රතිවිපල්වාකරී මෙහෙයුම. මීට සම්බන්ධ අය ආරංචියක් පතුරුවා හැරියලු කියුබානු නව ආණ්ඩුව දෙමාපියන්ගෙන් ළමයින්ව රජයට පවරාගෙන ඔවුන්ව රුසියාවට යවනවය. එහිදී ඒ ළමුන් මස්කර ටින්වල අසුරනවය කියල. මේ ප්‍රචාරය පිටුපස පල්ලියත් ඉඳල තියෙනවා. මින් කලබල වූ දෙමාපියන් ළමුන් 14,000 ක් කියුබාවෙන් පිටකරල අමෙරිකා එක්සත් ජනපදයේ මියාමිවලට යැව්වලු. අපි කලිනුත් කිව්වෙ ඔය මියාමිවල තමයි කියුබාවෙන් පැනල ගිය හැමෝම ඉන්න තැන. ඉතිං කතුවරය අහනව මේ ප්‍රචාරය ජනතාව විශ්වාස කළාද කියල. ෆිදෙල් කියනවා ඒක පුදුම දෙයක් ජනතාව එය විශ්වාස කළා කියලා. ඒ සාමන්‍ය ජනතාවගේ හැටි. ඔබට මතක ඇති ලංකාවෙ 1971 අරගලය කාලේ සමගි පෙරමුණේ ඇමතිවරු අපට එරෙහිවත් ඔය වගේ බොරුවක් කිව්වනෙ. අපි අවුරුදු 5 න් පහළ ළමුන් හා 55 න් ඉහළ වැඩිහිටියෝ මරනව කියල. එදා ඒකත් බොහෝ දෙනා විශ්වාස කළානේ. හතුරෝ පාවිච්චි කරන්නේ ජනතාවගේ ඒ දුර්වලතා තමයි. මේ අතර කියුබානු විප්ලවීය රජය කියුබාවේ තිබු වාර්ගික අර්බුදය (කලු ජනතාවට පහත් ලෙස සැලකීම) විසඳීමට උත්සහ කරද්දී ප්‍රචාරය කලාලු වාර්ගික අර්බුදය විසඳන්න සුදු මිනිසුන් හා කලු ගැහැණුන් බලෙන් බන්ඳල දෙන්න හදනව කියලා. ඒත් මේ බොරු ප්‍රචාර මැද කියුබාව සැමට සමාන අයිතීන් දීල සමානතා පදනම මත කියුබාවේ වාර්ගික ගැටලුව විසඳුව. දැන් කියුබාවේ සුදු අය ලබන හැම අයිතියක්ම කලු අයත් ලබනවා. භේදයක් නැහැ. ඒ නිසාම ගැටුමකුත් නැහැ. එහෙමයි මේ වගේ ගැටලු විසඳිය යුත්තේ.
විප්ලවයට කලිං කියුබාවෙ කලු මිනිසුන්ට සලකල තියෙන්නෙ ඉතාම පහත් විදියට. කලු අයට ඇතුල්වෙන්න ඉඩ ආරම්භයේදීම විප්ලවීය ආණ්ඩුව මුහුණ දුන් තවත් ලොකු අභියෝගයක් උණේ කියුබාවේ භාණ්ඩාගාරය හිස වී මහ බැංකුව බංකොලොත් වීම. බැටිස්ටාත් ඔහුගේ සහචරයෝත් රටින් පැනල යද්දි මහ බැංකුවේ මුදල් සියල්ල ඔවුන් විසින් පැහැරගෙන ගොස් තිබුණ. ඒ නිසා මහ බැංකුව යළි ගොඩ ගෙන ආර්ථිකය නඟා සිටුවීම ලොකු අභියෝගයක් උණා. මේ අබියෝගය පැවරුනේ ඕනෑම දුෂ්කර වැඩකට මුලින්ම ඉදිරිපත් වන ‘චේ’ ටය. ඒ අනුව මේ මහ බැංකුවේ සහභාපති බවට පත් කරනව. මේ වෙලාවේ කවුද කෙනෙක් චේ ගෙන් අහල තියනවා ඔබ (ඉකොනොමිස්ට් කෙනෙක්ද) ආර්ථික විiාඥයෙක් ද කියල. චේ කිව්වලු නැහැ මම කොමියුනිස්ට්වාදියෙක් කියල. කොහොම උණත් චේ කියුබානු ආර්ථිකය ඉක්මනින්ම නඟාසිටුවල තියෙනව. මේ සියලු කුමන්ත්‍රණ ත්‍රස්තවාදීක්‍රියා, කඩාකප්පල්කාරී ක්‍රිටා මැද තමයි සමාජවාදය ගොඩනැඟුණේ.
කියුබාව තුළ සමාජවාදය ගොඩනැඟීමේදී විශ්වාසය තැබුවේ මතවාදී අරගලය මත බවයි ෆිදෙල් කියන්නේ. මතවාදවලට විශාල මෙහෙයක් කළ හැකි බවත් මුදල්වලට වඩා දැනුම, අධ්‍යාපනය හා සංස්කෘතිය වැදගත් බවත් ෆිදෙල් කියනවා. ඒ නිසා විප්ලවයේදී වැඩිපුර බර තැබුවේ මතවාදී අරගලයට (ඊ්එඑකැ දf ෂාැ්ි) බවයි ෆිදෙල් කියන්නේ. ඔහු තම පොතේ එකතැනක කියනව ආයුධවලට වඩා අදහස් බොහෝ වැදගත් කියල. (ෂාැ්ි ්රු පදරු සපදචරඒබඑ එය්බ ඇ්චදබි) ඒ නිසාම ඔවුන් ජනතාවගේ අධිරාජ්‍ය විරෝධී හැඟීම් හා පංති සටන සමාජවාදය ගොනඩනඟන කාලය තුළත් අඛන්ඩව පවත්වා ගැනීමට කටයුතු කළා. අධිරාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට ජනතාව යොදා ගත්තා. එක්සත් ජනපද සම්බාධකවලට එරෙහිව මුළු ලොවම යොදාගන්න කියුබාව සමත්වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. ඔබට මතක ඇති පසුගිය කාලේ සිදුවූ ඒලියන් ගොන්සාලේස් සිදුවීම. එය බැලූ බැල්මට ඉතා කුඩා සිදුවීමක්. ඒත් කියුබාව එය දැවැන්ත උද්ඝෝෂනයකට හරවලා එක්සත් ජනපදය පරද්දලා ජයගත්තා. 1999 දී ඒලියන් ගොන්සාලේස් නමැති කුඩා දරුව සමග ඔහුගේ මව මියාමිවලට පලා යද්දි බෝට්ටුව පෙරළිලා මව මිය ගියා. ඒලියන්ව මියාමිවල වෙරළාරක්‍ෂකයෝ බේරාගෙන මියාමිවල හිටපු ඥාතියෙකුට භාර දුන්නා. ඉන් පසු ඔවුන් මේ ළමයව ෆිදෙල් විරෝධී ප්‍රචාරයකට යොදාගත්තා. මේ වන විට ළමයගේ පියා හිටියේ කියුබාවේ. ඔහු ළමයගේ අයිතිය ඉල්ලුව. මුළු කියුබාවටම ළමයව ඉල්ලල පරාට බැස්සා. ෆිදෙල් පවා ඒ පෙලපාලිවල සාමාණ්‍ය ජනයා අතර පුරවසියකුසේ ගමන් කළා. අවසානේ එක්සත් ජනපදය පැරදුනා. ඒලියන් යළි කියුබාවට ගෙනාවා. පසුගිය දා ඔහු කියුබානු කොමියුනිස්ට පක්‍ෂයේ තරුණ සංගමයේ සාමාජිකත්වය ලබාගෙන තිබුණා. ඒ වගේම තමයි මේ වන විට එක්සත් ජනපදයේ සිර දඬුවම් ලබා සිටින කියුබානු වීරයින් 5 දෙනාගේ සිදුවීමත් ලෝක අවධානය දිනා ගත් අරගලයක් බවට පෙරළෙන්න කියුබාව කටයුතු කළා. කියුබාව ගොඩනඟමින් ඉන්නේ ජනතාවගෙන් ඈත්වූ සමාජවාදයක් නොවෙයි. ජනතාව සහභාගි කරගන්නා සමාජවාදයක්. මේ කාරණේදී සෝවියට් දේශය සැහෙන වැරැද්දක් කරල තියෙනවා. ඒ බව ෆිදෙල් පවා කියනවා.
ජනතාව දිනාගැනීම සඳහා භාවිත කරන්නේ දේශපාලන අරගලය මිස වරප්‍රසාද නොවන බවයි ෆිදෙල් කියන්නේ. වරප්‍රසාද ලබාදීමෙන් ජනතාව දිනාගැනීමට උත්සහ කිරීම අනුවනකමක් ලෙසයි ෆිදෙල් දකින්නේ. ජනතාවට අයිතීන් හා පහසුකම් දිය යුතුයි. විශේෂයෙන් අධ්‍යාපනය සෞඛ්‍ය වැනි සේවා උපරිම ලෙස හා නොමිලේ ලබා දිය යුතුයි. ඒත් බෝහෝ දේ නොමිලේ දීම හොඳ නැතිබව ෆිදෙල් කියනවා. සෝවියට් දේශයේ පාන් ඉතා ලාබෙට තිබුනලු. එහිදී මිනිස්සු පාන් ගෙනත් කුකුල්ලුන්ට කන්න දෙන්න පුරුදු උණාලු. ඒ හැඟීමක් නැතිකම නිසා. සෝවියට් දේශයේ ප්‍රවාහනය නොමිලේ සැපයීමේ අදහසක් එහි නායකයින්ට තිබිල තියනවා. ඒත් ෆිදෙල් කියන්නේ එය වැරදි බවයි. එවිට මිනිස්සු නිකරුනේ අනවශ්‍ය ගමන් යාමට පෙලඹෙන බවත් ඉතා කුඩාදුරක් පවා පයින් යාමට කම්මැලි වෙන බවත් පිදෙල් කියනවා. ඒ නිසා සමාජවාදය ගොඩනැඟීමේදී මතවාදී අගරලයේ වැදගත්කම කියුබාව පෙන්නලා තියෙනවා. කියුබාව ස්වර්ගයක් නොවුනට කියුබානු සමාජවාදය එරට ජනතාවට සැබෑ නිදහස, ගෞරවය හා අභිමානය ලබාදීල තියෙනවා. ඒ වගේම අධ්‍යාපනයේ, සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ, කෘෂිකර්මාන්තයේ මහා වෙනස්කම් හා ජයග්‍රහණ ලබල තියෙනවා. සියලු දෙනාගේ මූලික වුවමනා සියල්ල සපුරල තියෙනවා. දැනට ලෝකයේ හොඳම සෞඛ්‍ය සේවය ක්‍රියාත්මක වෙන්නේ කියුබාවේ. එහි අධ්‍යාපනය හා කියුබාවේ සාක්ක්‍ෂරතාවයත් ඉහළම මට්ටමක තියෙනවා. මේ සඳහා සංඛ්‍යාත්මක උදාහරණ කියන්න ඕනේ කියල අපි හිතන්නේ නැහැ. මොකද ඒව බොහෝ දෙනෙක් දන්න නිසා.


ෆිදෙල් රාජ්‍ය නායකයෙක් ලෙස
අපි කලින් ඉතාම කෙටියෙන් කථා කළේ කියුබාවේ සමාජවාදය ගොඩනැඟීමේදී මතුවූ අභියෝග හා ගැටලු ගැනයි. ඒ වගේම එහිදී කියුබානු විප්ලවාවදින් ඊටf මුහුණදුන් අයුරුදුත් තරමක් කථා කළා. අපිට වාඩත් වැදගත් වන්නේ කියුබාවේ සමාජවාදය ගොඩනැඟමේදී හා එය මුහුණ දුන් ප්‍රධාන අභියෝගවලදී ෆිදෙල්ගේ නායකත්වය ඊට ලැබුණෙ කොහොමද කියන එකයි. කියුබාවේ සමාජවාදයට ෆිදෙල්ගේ චින්තනය හා දැක්ම බලපෑවේ කොහොමද කියල. ඔහු කුමන වර්ගයේ නායකයෙක්ද කියල කථා කිරීම වැදගත්. ඉතාම පැහැදිලිව පෙනෙන ලෙසට විප්ලවයෙන් පසු එය ආරක්‍ෂා කර ගැනීමේදීත් සමාජවාදය ගොඩනැඟීමේදීත් ෆිදෙල්ගේ චින්තනය, දැක්ම හා ආදර්ශමත් නායකත්වය ඉතා වැදගත් උණා. චේ, රවුල් ඇතුලු අනෙක් නායකයන් නොසලකා හරිනව නොවෙයි. ඒ ත් ඒ හැමට ඉදිරියෙන් ෆිදෙල් හිටියා. අපි ඔබට කලිනුත් කිව්වා මතක ඇති බලය ලබාගත් ගමන් ජනාධිපතිධූරය ගන්නවා වෙනුවට ෆිදෙල් ජනාධිපතිධූරය හා අගමැති ධූරය වෙනත් අයට පවරල තමන් විප්ලවීය හමුදාවේ අණදෙන තනතුරේ හිටියා. ඉන් ඔහු පෙන්නුම් කළේ ඔහුගේ අරමුණ ‘රජකම’ නොවන බවයි. ඔහු 1959 ඔක්තෝම්බර් 16 වැනි දා අගමැති ධූරයට පත් උණා. ඒත් වරප්‍රසාද ගත්තේ නැහැ. ඒ ගැන අපි පසුව කතා කරනවා. ෆිදෙල්ගේ පෞරුෂය හා ගුණාංග පෙන්වන සිදුවිම් රැසක්ම තිබෙනවා. 1959 විප්ලවයේ ජයග්‍රහණයෙන් මාස කීපයකට පසු ෆිදෙල් සංචාරයක් සඳහා එක්සත් ජනපදයට ගියා. මෙම සටන්කාමී තරුණ නායකයා පිළිගැනීමට එවකට අමෙරිකානු ජනාධිපති අයිසන් හවර් කැමති උනේ නැහැ. ඒ වෙනුවට ෆිදෙල්ව මුණ ගැහුනේ උප ජනාධිපති කෙනඩියි. මේ ගමනේදී ෆිදෙල්ව වටකරගත් මාධ්‍යවේදීන් ඔහුගෙන් ඇහුව ඔබ එක්සත් ජනපදයට ආවේ ආධාර ඉල්ලනද කියලා. මොකද දුප්පත් රටවල රාජ්‍යනායකයෝ බලයට ආවට පස්සේ එක්සත් ජනපදයට ගියේම ආධාර ඉල්ලගෙන නෙ. ඒත් ෆිදෙල් කිව්ව “නැහැ. මම ආවේ ආධාර ඉල්ලගෙන නෙවෙයි. යහපත් ආර්තික සබඳතා ඇති කරගන්නයි. අපේ රට දුප්පත් රටක් නොවෙයි. ඒත් අපේ රටේ දුප්පත් මිනිස්සු පොහොසත් රටවල වැඩ කරනවා. මට අවශ්‍යවෙලා තියෙනවා අපේ රටේ දුප්පත් මිනිස්සු අපේ පොහොසත් රටේ වැඩ කරනව දකින්න කියලයි. මොනතරම් අභිමානයක්ද ෆිදෙල්ට තිබ්බේ. ඒ ඔහුගේ දැක්ම ඒ වගේම පසු කාලෙක 1979 දී ෆිදෙල් එක්සත් ජනපදයට ගියා ඒ වන විට දෙරට අතර සබඳතා ඉතාම අයහපත්වයි තිබුණේ. ෆිදෙල්ව මරන්න කුමන්ත්‍රණ ගණනාවක් කරල තිබුණා. මෙහිදී ෆිදෙල් වටකරගත් මාධ්‍යවේදීන් ඔහුගෙන් ඇහුවා ඔබ අමෙරිකාවට බය නැතිව අවේ ඔබ ඇඳුමට යටින් වෙඩි නොවදින කබායක් ඇඳලද ඉන්නෙ කියලා. එවිට ෆිදෙල් හිනාවෙලා ඔහුගේ හමුදා නිල ඇඳුමේ බොත්තම් ගලවල පපුව පෙන්නල කිව්ව නැහැ මට තියෙන්නේ මෝරල් වෙසට් එකක් නැතිනම් අධ්‍යාත්මික ආරක්‍ෂක කබායක් කියල. ඒක වඩාත් බලවත් මාව හැමදාම ආරක්‍ෂා කළේ ඒකෙන් කියලයි ෆිදෙල් කිව්වේ.

ඊළඟට අපි බලමු කියුබාව මුහුණ දුන් බරපතළ අභියෝගවලදී ෆිදෙල් කොහොමද ඊට මුහුණ දුන්නේ කියල.

1961 අප්‍රේල් ඌරු බොක්ක ආක්‍රමණය

තම රට ආසන්නයේ පුංචි දූපතක සමාජවාදී පාලනයක් පැවතීම එක්සත් ජනපදයට බරපතළ ප්‍රශ්නයක් උණා. ඒ නිසා කියුබාවේ විප්ලවීය ආණ්ඩුව පෙරළා දැමීමේ මෙහෙයුමක් එක්සත් ජනපදය සැලසුම් කළා. ඒ සඳහා කියුබාවෙන් පලාගොස් මියාමිවල පදිංචිව සිටින කියුබානුවන් දහසකට වැඩි පිරිසක් ආක්‍රමණයක් සඳහා පුහුණු කළා. ඔවුන්ගේ සැලසුම උනේ ෆිදෙල් ග්‍රැන්මා මගින් 56 දී කියුබාවට ගොඩ බැස්ස ආකාරයටම මේ පිරිස කියුබාවට ගොඩ බැස ප්‍රහාර එල්ල කරමින් රට තුළ සිට ප්‍රති විප්ලවකාරී කණ්ඩායම්වල සහායද ලබා තාවකාලික ආණ්ඩුවක් ප්‍රකාශයට පත් කිරීමත් එම තාවකාලික ආණ්ඩුවේ ඉල්ලීම පරිදි එක්සත් ජනපද හමුදා මැදිහත්වී විප්ලවීය පාලනය පෙරළා දමා අමෙරිකන් ගැති පාලනයක් පිහිටුවීමටයි. මේ සඳහා එක්සත් ජනපද නැව් හා ගුවන් යානා ද ස්ථානගත කරතිබුණා. සැලැස්මට අනුව පුහුණුව ලබා සිටි 1200 ක පමණ පිරිස 1961 අප්‍රේල් 17 වන දා කියුබාවේ ඌරුබොක්ක නමැති ප්‍රදේශයට ගොඩ බැස ප්‍රහාර එල්ල කළා. මෙම ප්‍රහාරය ආරම්භ වූ වහාම ෆිදෙල් ආරක්‍ෂක උපදෙස් පවා නොතකමින් සටන් පෙරමුනේ සිට සටන මෙහෙයවනු ලැබුවා. චේ වැනි සිය හොඳම සගයන්ද ඊට සම්බන්ධකර ගත්තා. අවසානයේ ප්‍රහාරය ආරම්භ වී පැය 60 ක් ඇතුළත ප්‍රහාරය මුලුමනින්ම මැඩ පවත්වා 1200 කට ආසන්න පිරිසක් යුද සිරකරුවන් ලෙස අත් අඩංගුවට ගැනීමට ඔවුන් සමත් උණා. මෙම සටනේදී කියුබානු සෙබලුන් 150 ක් පමණ මියගොස් සියගණනක් තුවාල ලැබුවා. ඒත් ප්‍රහාරය පරාජය කරන ලැබුවා.
මෙහිදී ෆිදෙල් පෙන්වූ විශේෂ ගුණාංග රැසක්ම තිබුණා එකක් ආරක්‍ෂාව පිළිබඳ කළ අනතුරු ඇඟවීමද නොසලකා ඔහු සටනේ නායකත්වය තමන් අතට ගෙන යුද පෙරමුණට ගොස් පෞද්ගලිකවම හමුදා මෙහෙයවීම් කළා. ඒ වගේම මේ සටනf්දීත් ෆිදෙල් තමන්ගේ ආචාරධර්ම රැක්කා. අත්අඩංගුවට ගත් ප්‍රතිවිප්ලවවාදින්ට කිසිදු හිරිහැරයක් කළේ නැහැ. පහරක් වත් ගැසුවේ නැති බවයි කියන්නේ. තමන්ගේ සහෝදර සෙබලු මියගොස් තිබෙන ආකාරය දැක දැකත් ෆිදෙල්ගේ හමුදාවේ සබෙලු ඉතාම සංයමයෙන් කටයුතු කළාලු. ඒ වගේම තුවාල ලබපු, මියයාමට ආසන්න සතුරු සෙබලුන්ට පවා ප්‍රතිකාර කළා. ඊළඟ සිත් ඇදගන්නා කාරණය උනේ ෆිදෙල් තම අත්අඩංගුවට පත් සෙබලුන්ට කළදේයි. ඔවුන් සිරගත කරනවා වෙනුවට යළි එක්සත් ජනපදයට ඔවුන් බාරදීමට තමන් කැමති බවත් ඒත් ඒ වෙනුවෙන් එක්සත් ජනපදය කියුබාවට ඊට අවශ්‍ය භාණ්ඩ ලබා දිය යුතු බවත් ප්‍රකාශ කළා. එක්සත් ජපදය ඊට එකඟ උණා. ඒ අනුව සිරකරුවන් භාණ්ඩවලට හුවාමරු කළා. ඒ යටතේ කියුබාවට අමෙරිකන් ඩොලර් මිලියන 2ක නොමේරූ ළදරු ඒකක, ඩොලර් මිලියන 50 ක ළදරු ආහාර, ඖෂධ හා තවත් උපකරණ එක්සත් ජනපදයෙන් නොමිලේ ලබා ගත්තා. මේ වන විට ආර්ථික සම්බාධක නිසා එවැනි භාණ්ඩවල හිඟකමට කියුබාව මුහුණදීල තිබුණා.
මේ පිළිබඳ කථාකරන ෆිදෙල් කියන්නේ යටත්වූ පිරිස හිරේ දමා ඔවුන් වීරයන් කිරීමට තමන්ට වුවමනා නොවූ බවයි. එසේම මේ ගත් ක්‍රියා මාර්ග අධ්‍යාත්මික දඬුවමක් (ඵදර ්ක ඡ ්බසියපැබඑ) ලෙස ඔහු හඳුන්වන්නේ. ඒත් එක්සත් ජනපදය වැඩ කළේ ඊට වෙනස් ලෙස. මෙම සිරකරු හුවාමරුව ගැන සාකච්ඡා කිරීමට එක්සත් ජනපද නීතීඥයෙක් කියුබාවට ආවා. ඔහුගේ නම f’ම්ස් ඩොනටන්. ඔහු සාකච්ඡා අවසානයේ ෆිදෙල්ට කිමිදුම් කට්ටලයක් තෑගි කළා. පසුව එය පරීක්‍ෂා කළ විට පෙනී ගියේ එය මාරාන්තික විෂබීජ සහිත කිමිදුම් කට්ටලයක් බවයි. ඒ එක්සත් ජනදයේ සදාචාරයෙ හැටි.

මිසයිල අර්බුදය

1962 ඇති වූ මිසයිල අර්බුදයද කියුබාව මුහුණ දුන් තරමක් බරපතළ අභියෝගයක්. ඒක සිදුඋනේ මෙහෙමයි. 1962 පෙබරවාරිවල කියුබාවට ආපු සෝවියට් දූත පිරිසක් ෆිදෙල් සමග සාකච්ඡාකරමින් කියල තිබෙනවා. එක්සත් ජනපදය විසින් කියුබාව ආක්‍රමණය කිරීමේ සැලැස්මක් ඇති බව. මෙහිදී ෆිදෙල් කිව්වලු ඊට හොඳම උත්තරය වන්නේ “කියුබාවට පහරදීම සෝවියට් දේශයට පහරදීමක් ලෙස තමන් සලකන බවය.” සෝවියට් දේශය විසින් ප්‍රකාශ කිරීමයි කියල. එවිට නියෝජිත පිරිස කියල තියෙන්නේ ඒ සඳහා භෞතික බලයක් අවශ්‍ය නිසා මිසයිල කිපයක් ිකියුබාවේ සවිකළ යුතු බවයි. මෙය තමන්ට තනිව නීරණය කළනොහැකි බව පැවසු ෆිදෙල්, රවුල්, චේ ඇතුලු ඉහළ නායකයින් රැස්කර අවසානයේ මිසයිල 42 ක් රැඳවීමට කැමැත්ත පල කර තිබෙනවා. එහිදීත් ෆිදෙල් කිව්වලු අපි මෙය ප්‍රසිද්ධියේ කරමු කියා. ඒත් සෝවියට් දේශය ඊට එකඟ නොවී රහසින් මිසයිල සවිකරනවා. ඒ අතර මීට සම්බන්ධව සිටි කර්නල් ඔලෙග් පෙන්කොව්ස්කි නම් රුසියානුව මේ තොරතුරු රහසින් එක්සත් ජනපදයට ලබාදීල තියෙනවා. ඒ අනුව එක්සත් ජනපද ඔත්තු ගුවන් යානා මගින් 1962 ඔක්තෝම්බර් 14,15 දිනවල මෙම මිසයිල ඡායාරූප ගත කරනවා. මේ සමගම වහාම මෙම මිසයිල ඉවත් කර ගන්නා ලෙසත් නැතිනම් ඊට පහර දෙන බවත් එක්සත් ජනපද ජනාධිපති කෙනඩි ප්‍රකාශ කරනවා. මේ සිදුවීම ලෝකය 3 වන ලොක් යුද්ධයක් අද්දරටම ගෙන ඒමට සමත් වෙනවා. ඔක්තෝම්බර් 22 වන දා අමෙරිකානු ජනාධිපති කෙනඩි ජාතිය අමතමින් යුද්ධයට සූදානම් වන ලෙස අමෙරිකානුවන්ට කියනවා. ඒ අතර ෆිදෙල් ඔක්තොම්රබ් 23 වන දා ජනතාව අමතමින් ආක්‍රමණයකට සූදානම් වන ලෙස සිය ජනතාවට කියනවා. වහාම කියුබානුවන් ලක්‍ෂ 03 ක් හමුදාවට බැඳෙනවා. ඔක්තෝම්බර් 25 වන දා වන විට අමෙරිකානු යුධ නැව් කියුබාව බලා පිටත් වන අතර සෝවියට් යුධ නැව් ඊට ප්‍රතිප්‍රහාර සඳහා පැමිනෙවා. මේ අතර ඔක්තෝම්බර් 27 වන දා තමන්ගේ රටට ඉහළින් පියාසර කළ අමෙරිකානු ඔත්තු බලන ගුවන් යානයක් කියුබාව විසින් වෙඩිතබා බිම හෙලනවා. මේ දිනවල සෝවියට් ජනාධිපති හා ෆිදෙල් අතර ලිපි කීපයක් හුවමාරු වෙලා තියෙනවා. ෆිදෙල් තමන්ගේ පෝතේ ඒ ලිපි පල කරල තියෙනවා. ඒ, එක් ලිපියකින් ෆිදෙල් කෘෂෙව්ගෙන් ඉල්ලීමක් කරනව යම් හෙයකින් න්‍යෂ්ටික යුද්ධයක් ආරම්භ වන්නේ නම් පළමු ප්‍රහාරය සෝවියට් දේශය විසින් සිදු කළ යුතුයි කියල. ඒක කෘෂෙව් තේරුම් නොගත් බවයි ෆිදෙල් කියන්නේ. මොකද න්‍යෂ්ටික යුද්ධයකදී ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට කිසිවකු ඉතිරි වන්නේ නැහැ. ඒ අතර කියුබාව විසින් සිය තම ගුවන් සීමා උල්ලංඝණය කළ අමෙරිකානු ගුවන් යානයක් බිම හෙලනව. ඒ ගැන කෘෂෙව් ෆිදෙල්ට දොස් කියනවා. ඒත් ෆිදෙල් කියන්නේ දැන් තත්වය වෙනස් බවයි. විප්ලවයට කලිං කියුබාවෙ කලු මිනිසුන්ට සලකල තියෙන්නෙ ඉතාම පහත් විදියට. කලු අයට ඇතුල්වෙන්න ඉඩ නොදීපු උද්‍යාන, හෝටල්, මුහුදු වෙරළවල්, පාසල් එහෙම තිබුනලු. ඒත් විප්ලවීය ආණ්ඩුව ව්‍යවස්ථාවේ වගන්ති වලින් වගේම ප්‍රායෝගික ජීවිතය තුළත් සමාන අයිතීන් ලබාදීල, සියලු අසමාන සැලකිලි නවත්වල මේ ප්‍රශ්නය විසඳුව. බලය බෙදන්න ගියේ නැහැ. දැන් කලු මිනිස්සු රට තුළ සමාන අයිතීන් හා සමාන අවස්ථා ලබනව. සංස්කෘතිකව පවා ඔවුනට වෙනසක් නැහැ. එහෙමයි විප්ලවය කියුබාවෙ වාර්ගික ගැටළුව විසඳුවෙ. අපේ රට ඉහළින් පියාසර කොට අප රටට බෝම්බ හෙලන තුරු අපට බලා සිටිය නොහැකි නිසා තමන් ගුවන් යානාවලට පහර දෙන බවත් පවසන ෆිදෙල් මව්බිම වෙනුවෙන් මියයාමට තමාත් තම ජනතාවත් සූදානම් බවත් කියනව. මේ අතර ජනාධිපති කෙනඩිගේ සොහොයුරු රොබට් කෙනඩි හා සෝවියට් නායකයන් අතර සිදුවූ සාකච්ඡාවකින් පසු එක්සත් ජනපදය තුර්කියේ රඳවා ඇති සිය මිසයිල ඉවත් කරගනැනීමට හා කියුබාව ආක්‍රමණය නොකිරීමටත,් සෝවියට් දේශය කියුබාවේ මියිල් ඉවත් කර ගැනීටමත් එකඟ වීමෙන් මිසයිල අර්බුදය නිමාවට පත්වෙනවා. මේ අර්බුදයේදීද ෆිදෙල්ගේ නිර්භිතබාවය හා ඔහු තත්වයන් විශ්ලේෂණය කළ ආකාරය ඉතා වැදගත් වෙනවා.


සංක්‍රමනික අර්බුද

කියුබාව මුහුණ දුන් තවත් අර්බුදයක් උනේ සංක්‍රමණික අර්බුදය. 1959 ජනවාරි විප්ලවයත් සමග කියුබාවේ හිටපු වරප්‍රසාද ලාභීන් බැටිස්ටා පාලනයේ හිතවතුන් වගේම සමාජ විරොධී කොටස කියුබාවෙන් පලා ගියා. ඔවුන් පදිංචි උනේ එක්සත් ජනපදෙය් ෆලොරිඩා ප්‍රාන්තයේ මියාමිවල. එක්සත් ජනපදය ඔවුන්ට විවිධ පහසුකම් දෙමින් කියුබානු විරෝධී කටයුතුවලට වුන් පෙළඹෙව්වා. මේ නිසා මියාමිවල සිටින සංක්‍රමනිකයන් විටින් විට විවිද බලපෑම් කිරීමටත් කියුබානුවන් එහි ගෙන්වා ගැනීමටත් කටයුතු කලා. 1959-1962 අතර කාලයේ පමණක් කියුබානුවන් 270,000 ක් පමණ රටින් පිටවී තිබෙනවා. කෙහොම උණත් ප්‍රථම සංක්‍රමණික අර්බුදය මතු උණේ 1965 දී. එක්සත් ජනපදය විසින් කියුබාවට සිදුකළ ගුවන් ගමන් නතර කිරීම නිසා නිති පතා එක්සත් ජනපදයට යමින් සිටි අයට යාමට නොහැකි උණා. පවුල් අතර සබඳතා දුරස් උණා. මෙහිදී මිනිස්සු අනාරක්‍ෂිත බෝට්ටු හා පාරු වලින් මියාමි පලා යාමට7 පටන්ගත්තා. කලබලකාරී තත්වයක් ඇති උණා. මෙහිදී වහාම මැදිහත්වූ ෆිදෙල් කියුබාවේ කැමරියෝකා වරාය විවෘත කරල යාමට කැමති සියලු දෙනාටම යාමට ඉඩ ලබා දුන්නා. ඒ අනුව මියාමිවලින් බෝට්ටු 1000 ක් පමණ ඇවිත් ලක්‍ෂ 03 ක් පමණ කියුබානුවන් රැගෙන ගියා. මේ විදිහට 66 දීත් යළි 1980 දීත් සංක්‍රමණික අර්බුද මතු උණා. එ ්හැම විටම ෆිදෙල් ඔවුනට රටින් පිටවීමට ඉඩ සලසා දී කලබලකාරීත්වය සමනය කළා. විශේෂයෙන්ම සමාජවාදී කඳවුර බිඳවැටිල කියුබාව දුෂ්කරතාවලට මුහුණ දුන් කාලයේ රට හැර යන පිරිස වැඩි උණා. මෙය එක්සත් ජනපදය විසින් කියුබාවට එරෙහි නිතරම යොදා ගත්තා. 1994 අගෝස්තුවල නැවත වරක් බරපතළ සංක්‍රමණික ප්‍රශ්නයක් මතු උණා. ඊට හේතු උනේ අමෙරිකාව විසින් වසරකට ලබාදෙන විසා ප්‍රමාණය අඩු කිරීමයි. මේ අතර මියාමිවල සිට විකාශනය කරන ප්‍රතිවිප්ලවකාරී ගුවන් විදුලියක් තියෙනව. එය නම් කරල තියෙන්නේ රේඩියෝ මාර්ටි කියල. එම ගුවන් විදුලිය විසින් ප්‍රකාශකරල තිබුණ රටින් පිටවන අය ගෙනයාමට මියාමිවල සිට බෝට්ටු එන බව. නමුත් ඒ ප්‍රවෘත්තිය බොරුවක්. බෝට්ටු ආවේ නැහැ. මේ නිසා බෝට්ටු පැමිණෙනතුරු වෙරළට රැස්ව සිටි අය නොසන්සුන් වී කැරැල්ලක් ඇති කරනව. ඔවුන් කුපිතවී කඩා සාප්පුවලට පහර දෙමින් කලබල කළා. එය කියුබාවේ වසර 46 කට පසු ඇති වූ ප්‍රථම කැරැල්ල ලෙසයි සලකන්නේ. මෙහිදී පොලීසිය යෙදවීමට සමහරු යෝජනා කළත් ෆිදෙල් ඊට විරුද්ධ වෙනවා. අවසානයේදී පොලීසිය හෝ ආරක්‍ෂක භටයින් නැතිව තවත් සහෝදරවරු දෙදෙනෙක් සමග ෆිදෙල් කරුලි ගසන මිනිස්සු අතරට යනවා. ගිහින් ඔවුන්ට කථා කරල යන්න කැමති හැම දෙනාම මියාමිවලින් බෝට්ටු ගෙන්වා ගෙන යන ලෙස දන්වා ඊට ඉඩදෙනව. ෆිදෙල් කියන්නේ “ඒ අයට මෙහෙ යොඳ නැතිනම් එහේ ගියාවේ.” කියලයි. ෆිදෙල් කිසිවිටක සංක්‍රමනිකයන් බලය යොදා නැවැත්වීමට කටයුතු කලේ නැහැ. ඒ වගේම එය විශාල ප්‍රශ්නයක් කර ගැනීමටත් ඉඩ තිබ්බේ නැහැ. හතුරන්ට අවස්ථා නොදීම ෆිදෙල්ගේ උපායක් වුණා.

කියුබානුවන්ට කියුබාව හොඳ නැතිනම් මියාමිවලට යාමට වගේම මියාමිවල සිටින කියුබානුවන්ට කැමතිවිට කියුබාවට පැමිණ සිය ඥාතින් බලා යාමටත් ඉඩ දීලා තියෙනවා. ඉන් කියුබාවට අමතර වාසිත් තියෙනවා. එක්සත් ජනපදය සම්බාධක පමුණුවා තිබෙන තත්වයක් තුළත් එලෙස කියුබාවට එන අය සිය ඥාතීන්ට විවධ තෑගි බෝග රැගෙන එනව. භාණ්ඩ ගෙනත් දෙනව. මුදල් (ඩොලර්) ගෙනත් දෙනව. එය කියුබාවට පුංචි වුණත් අමතර වාසියක්. එක්සත් ජනපදයේ සිට කියුබාවට එන බොහෝ අය එන්නේ මෙක්සිකෝව හරහා එවිට එක්සත් ජනපදයත් දන්නවා. ඒත් එය නැවැත්වීමට කව්රුත් උත්සාහ කරන්නේ නැහැ. කොහොම වුණත් කියුබාව මේ පිළිබඳව ඉන්නේ ඉතාම හොඳ සුපරික්‍ෂාකාරිත්වකිනුයි.
මෙලෙස බාහිර අභියෝගවලට මුහුණදෙන අතරම ෆිදෙල්ට අභ්‍යන්තර අභියෝගවලටත් මුහුණ දෙන්න සිදු උණා. ඕනෑම කෙනෙක් වෙනස්විය හැකි බවට නිදසුනක් වන සිදුවීමක් කියුබාවේ සිදු උණේ. ඒ තමයි ඔචෝවෝ දූෂණ සිදධිය. ජෙනරාල් අර්නල්ඩෝ ඔචොවෝ කියුබාවේ හිටපු ඉතාම හොඳ හමුදා නායකයෙක්. ඔහු සියරා මහේස්ත්‍රාවේදී කැමිලෝගේ කණ්ඩායමේ සටන් කරල තියෙනවා. පසුකාලෙක නිකරගුවාවේ, වෙනිසියුලාවේ, ඉතියෝපියාවේ, ඇංගෝලාවේ, කියුබාව වෙනුවෙන් සටන් කරල තියනවා. ඔහු “කියුබානු ජනරජයේ වීරයා” සම්මානයද දිනා ගෙන තියෙනවා. එහෙත් ඔහු 1989 ජූනිවල මත්ද්‍රව්‍ය වෙළෙඳාමට සම්බන්ධ වූ බවට අත්අඩංගුවට ගැනීමට සිදු වෙනවා. ඔහු නිකරගුවාවේ සේවය කළ කාලයේ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ බවට පුවත්පත්වල වාර්තා පලවීමෙන් පසු ෆිදෙල් මේ ගැන පරීක්‍ෂණයක් පැවැත්වීමට කල්පනා කරනවා. එය ඔහු කියුබාවේ කිසිවකුට බාර නොදී කොලොම්බියානු ගරිල්ලෙක් වූ නවාරෝ වුල්ෆ් ට භාර දෙනවා. පරික්‍ෂණය නිමවී නවාරෝ පරීක්‍ෂණ වාර්තාව අභ්‍යන්තර කටයුතු ඇමති අප්‍රාන්ටීස්ට භාර දී යනවා. ඒත් අප්‍රාන්ටීස් මේ වාර්තාව ෆිදෙල්ට භාර නොදී මඟ හරිනවා. අවසානයේ ෆිදෙල් මේ පරීක්‍ෂණයට උදව් කළ සගයෙක් මගින් වාර්තාව ගෙන්වා ගෙන බලනවා. එම වාර්තාව විසින් ඔචාවෝ මත්ද්‍රව්‍ය වෙළඳාමට සම්බන්ධ බව තහවුරු කර ඇති බව ෆිදෙල් දකිනවා. ඉන්පසු නඩු විභාගයක් පවත්වා ඔචාවෝ ඇතුළු සිව්දෙනෙකුට මරණ දඬුවම ලබා දෙනවා. අභ්‍යන්තර කටයුතු ඇමති අප්‍රාන්ටිස් තොතුරු හැඟවීමේ fා්දනාව මත වසර 20 ක සිරදඬුවමක් නියම කරනවා. අප්‍රාන්ටිස් 1991 ජනවාරිවල සිරගෙදරදීම මිය යනවා. මේ සිදුවීම ගැන ඉතාම නිරවුල් දැක්මක ෆිදෙල් ඉන්නවා. ඔචාවෝ ඔබට ද්‍රෝහී උනාද කියල පෝතේ කතුවරයා විමසන විට ෆිදෙල් කියන්නේ මෙයයි. “එතැන ද්‍රෝහී වීමක් සිදුවී නැහැ. අපේ හමුදාව තුළ විනය තහවුරු කර ඇත්තේ දේශපාලන අධ්‍යාපනය තුළ මිස පෞද්ගලික ගතිගුණ මත රඳා පවතිමින් නෙවෙයි. මෙවැන්නක් කිසිසේත්ම දේශපාලන ද්‍රෝහීකමක් නොවේ. ඔචාවෝ විප්ලවයට එරෙහිව කිසිදු කුමන්ත්‍රණයක් සිදු කර නැත.” ඒත් ඔචාවෝ කරපු වරදට ඔහුගේ ඉතිහාසය නොසලකා දඬුවම් කරනවා. ඒ වගේම අප්‍රාන්ටිස් ගැන ෆිදෙල් මෙහෙම කියනවා. “අප්‍රාන්ටිස් විශිෂ්ඨ ලෙස වැඩ කළ අයෙක්. එහෙත් බලය යනු බලයයි. කෙනෙකුට කිරීමට ඇති දුස්කරතම සටන ඇත්තේ තමා තුළමය. ආත්ම දමනය සඳහා වන සටන අතිශය දුශ්කරය.”
ෆිදෙල් ජාත්‍යන්තර වාදියෙක් ලෙස
මීළඟට අපි බලමු ෆිදෙල් ජාත්‍යන්තර වාදියෙක් ලෙස කටයුතු කළ හැටි ඉතාම කෙටියෙන්. කියුබාව ඉතා කුඩා රටක් උණත් සතුරු ප්‍රහාර හා සම්බාධකවලට මුහුණ දීල හිටියත් ඔවුන් සිය ජාත්‍යන්තරවාදී යුතුකම හොඳින් ඉටු කළා. එහිදී සෝවියට් දේශයේ හා සමාජවාදී කඳවුරේ සහාය කියුබාවට තිබීම ඊට ශක්තියක් උන බවත් අමතක කළ යුතු නැහැ. කොහොම උණත් ලතින් අමෙරිකාව හා අප්‍රිකා මහද්වීපවල විමුක්ති අරගලවලට කියුබාව සැබෑ ජාත්‍යන්තරවාදී අර්ථයකින් දායක වුණා. ඔවුන් ඒ වෙනුවෙන් කිසිදු ප්‍රතිලාභයක් බලාපොරොත්තු උණේ නැහැ. සෝවියට් දේශය මෙන් රූකඩ ආණ්ඩු හැදීමට උත්සාහ කළේ නැහැ. කියුබාව 1974 ගිනි විසව් රාජ්‍යය පෘතුගාලයෙන් නිදහස කරගැනීමේ සටනට දායක උණා. දස වසරක් තිස්සේ එහි කියුබානුවන් 600 ක් පමණ ක්‍රියාකාරී උණා. ඒ වගේම 1964 කොංගෝවේ අරගලයට දායක උණා. ‘චේ’ ඊට පෞද්ගලිකවම දායක උණා. 1975 සිට ඇංගෝලාවේ නිදහස් අරගලයටත් කියුබාව මැදිහත් උණා. ඇංගෝලාවේ තිබූ ඵඡඛ් සංවිධානයේ නායකත්වයෙන් තිබූ වාමාංශික ආණ්ඩුවට එරෙහිව දකුණු අප්‍රිකානු සුදු හමුදා ආක්‍රමණයක් දියත් කළවිට ඇංගෝලාවේ වාමාංශික ආණ්ඩුව රැක ගැනීමට කියුබාව එහි සටනට යනවා. කියුබානුවන් 36,000 ක් ඇංගෝලාවේ සටන් වදිනවා. 2000 ක් පමණ මිය යනවා. දකුණු අප්‍රිකානු සුදු හමුදා ඇංගෝලාවෙන් ඉවත්වන තුරු ඔවුන් සටන් කරනවා. මෙහි විශේෂය උනේ තෙල් සම්පත සහිත රටක් වන ඇංගෝලාවේ සටනට කියුබානුවන් යනව විට තම සන්නද්ධ රථවලට හා ට්‍රැක්ටර් රථවලට අවශ්‍ය තෙල් පවා කියුබාවේ සිට රැගෙන යාමයි. එමගින් තම සටන තෙල් වෙනුවෙන් නොවන බව පෙන්වීමට ෆිදෙල් සමත් උණා. එවගේම ග්‍රෙනඩාවේ මොරිස් බිෂොප් ගේ පාලනයටත් කියුබාව සහාය දුන්නා. මේ අගරලවලදී කිසිවිටක එම රටවලට උපදෙස් දීමට හෝ එම රටවල් මත තම අධිකාරීත්වය පැටවීමට කියුබාව කටයුතු කළේ නැහැ. ඒ පිළිබඳව ෆිදෙල් මෙහෙම කියනවා. “ඔබට අපෙන් උපදෙස් ඉල්ලන්න බැහැ. ඔබයි සටන් කරන්නf්. ඔබයි මිය යන්නේ. අපි නොවෙයි. අප කරන්නේ කුමක්දැයි අප දන්නවා. ඔබ වෙනුවෙන් තීරණ ගත යුතුයි. ඔබ කුමණ තීරණයක් ගත්තත් අප ඔබට උදව් කරනවා. ඔබ අනෙකුත් ව්‍යාපාරවලට ගරු කළ යුතුයි. අපේ අත්දැකීමෙන් දැනුම මත පදනම් වී ඔබ මත කිසිවක් පටවන්න බැහැ. අනෙක් රටවල කරන දේ වලින් කියුබාවට වාසි සිදුවේද අවාසි සිදුවේද යන්න අප සැලකුවේ නැහැ. ඔබේ ඉරණම ඔබම තීරණය කරන්න.” ඒ දැක්මට අනුව කියුබාව අන් අය මත තම මතය පැටෙව්වේ නැහැ. වෙනුසියුලාවේ හියුගෝ චාවේස්ට එරෙහිව හමුදා කුමන්ත්‍රණයක් ආරම්භ වුණ වේලාවේ ෆිදෙල් චාවේස්ට යම් යම් උපදෙස් දුන්නා. ඒත් ඒ ඉතාම නිහතමානිව එසේ උපදෙස් දුන්නාට කමක් නැතිදැයි චාවේස්ගෙන් විමසීමෙන් අනතුරුවයි. ඒ තමයි ෆිදෙල්ගේ ස්වභාවය. ඒ අනුව ජාත්‍යන්තරවාදී අරගලවලදී කියුබානුවන් ප්‍රතිලාභවලින් තොරව යුතුකමක් ලෙස සටන් කළා. සටනට ගිය සොල්දාදුවන් ඒ ගැන තැන තැන පුරසාරම් දෙඩුවේ නැහැ. යුදමය සටන්වලට අමතරව කියුබාවේ වෛiවරු හෙදියන්, පාසල් ගුරුවරුන් විවිධ රටවල ස්වේඡාවෙන් සේවය කරනවා. දැනුත් අවශ්‍ය ඕනෑම රටකට ස්වේච්ඡා වෛiවරු සැපයීමට කියුබාව සූදානම්. කත්‍රිනා සුළි සුළඟ හැමූ අවස්ථාවේ එක්සත් ජනපදය වෛiවරු 1670 ක් හා ගෝතමාලාවට 1000 ක් කියුබාව විසින් යවල තිබුණා.

සමාජවාදී කඳවුර බිඳවැටීම හා කියුබාව

1990 දශකය ආරම්භයේ සමාජවාදී කඳවුර බිඳවැටීම කියුබාවට දැවැන්ත අභියෝගයක් උණා. එක්සත් ජනපදයේ ආර්ථික සම්බාධකවලට මුහුණ පා සිටි කියුබාවට අවශ්‍ය තෙල්, ඖෂධ ආදී බොහෝ දේ ලැබුණේ සෝවියට් දේශයෙන්. සෝවියට් දේශය කඩාවැටීමත් සමග කියුබාවේ සමාජවාදය අනතුරට මුහුණ පෑව. සමාජවාදය අතහැර ප්‍රතිසංස්කරණවලට යන ලෙස කියුබාවට බලපෑම් එල්ල උණා. ඒතත් කියුබාව ඊට සූදානම් උනේ නැහැ. ඒ වෙනුවට “සමාජවාදය නැතිනම් මරණය’‘ යන සටන් පාඨය පෙරට ගත්තා. සෝවියට් දේශය බිඳවැටීමත් සමග මතුවූ තත්වය ගැන ෆිදෙල් මෙහෙම කියනවා. “කියුබාවේ සීනි සඳහා වෙළෙඳපොළ අහිමි උණා. ආහාර ද්‍රව්‍ය , ඉන්ධන හා මළ සිරුරු වල දැමීමට අවශ්‍ය ලැලි පවා නැති උණා. ඒත් දවසින් දවස අපි තෙල් නැතිව, අමුද්‍රව්‍ය නැතිව, කෑම නැතිව, සබන් නැතිව ඉන්න පුරුදු උණා. හැමදෙනාම හිතුව විප්ලවය පරාජය වෙයි කියල. සමහර මෝඩයෝ තාමත් එහෙම හිතනවා. එය දැන් නොවැටුනත් පසුව වැටෙයි කියල හිතනවා. ඔවුන් ඒ ගැන වැඩි වැඩියෙන් හිතන විට අපිත් වැඩි වැඩියෙන් හිතනවා. අපි වැඩි වැඩියෙන් විසඳුම් හොයා ගන්නවා. මේ වගේ ආශ්චර්යමත් ජාතියක් කිසිදා පරදන්න බෑ” මේ විදියට ඉතාම ධෛර්යයෙන් යුතුව ජනතාව දිරිමත්කරමින් ෆිදෙල් හා කියුබාව අර්බුදයට මුහුණ දුන්නා. ටිකෙන් ටික විසඳුම් හොයා ගනිමින් විප්ලවය රැකගත්තා. කියුබාවේ සමාජවාදය බිඳ නොවැටී ආරක්‍ෂා වීමට ෆිදෙල් ඇතුළු පිරිස ගේ දැක්ම හා ඔවුන් අනුගමනය කළ උපාය මාර්ග ප්‍රතිපත්ති හේතුවෙලා තිබෙනවා. ඉන් සමහර දේවල් ගැන ෆිදෙල් විස්තර කරනවා. කියුබාව ආරක්‍ෂාව සඳහාවත් සෝවියට් දේශය මත විශ්වාසය තැබුවේ නැති බවයි ෆිදෙල් කියන්නේ. “සෝවියට් දේශය අප වෙනුවෙන් සටන් කරාවි යයි අපි විශ්වාස කළේ නැහැ. ඉතා ඈතින් තිබෙන මේ කුඩා දූපත නිසා ඔවුන් ඇමරිකාව සමඟ යුද්ධයකට පැටලෙන්නො නැහැ. ඒ නිසා විප්ලවය ආරක්‍ෂා කරන්න අපි අපේ ම ක්‍රම හා ක්‍රියාමාර්ග සකස් කළා. අපි වශ්වාසය තැබුවේ දේශපාලන දර්ශනය මත. මිනිසුන් ආයුදවලට වඩා කිහිප ගුණයක් බලවත්”’ ෆිදෙල් ආරක්‍ෂාවේදි වගේම ආර්ථිකයේදීත් තමන්ගේම ක්‍රම හරහා ඉදිරියට ගියා. ජනතාවගේ සහයෙන් පවත්වාගෙන යන සමාජයක් නිර්මාණය කළා. ජනතාවගේ දුෂ්කරතා තමනුත් බෙදා ගත්තා. වරප්‍රසාද ලැබුවේ නැහැ. පොතේ ලේඛකයා ෆිදෙල්ගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. “කියුබාවේ විප්ලවය ආරක්‍ෂා කිරීඹ සඳහා පෙරෙත්‍රෙයිකාවක් අවශ්‍ය බව ඔබ හිතුවේ නැද්ද?” ෆිදෙල් ඊට මෙහෙම පිළිතුරු දෙනවා. “සෝවියට් දේශය තුළ අප අත්නුදුටු ඓතිහාසික යථාර්ථයක් තිබුනා. කියුබාවේ ස්ටැලින්වාදයක් තිබුනේ නැහැ. බලය අයුතු ලෙස භාවිතය, නිල ඡායාරූප-පිළිරූ හදන පෞද්ගලිකත්වයේ සංස්කෘතිය මෙහේ තිබුනේනැහැ. අපි හැම වෙලාවෙම පෞද්ගලිකත්වයේ සංස්කෘතියට විරුද්ධ වුනා. ඒ නිසා මෙහේ එවැන්නක් තිබුනේ නැහැ. අපට අප අතින් සිදු නොවූ වැරදිවලට පිළියම් යොදන්න අවශ්‍ය නැහැ. මෙහේ බලහත්කාරී සාමූහික කරණය තිබුනේ නැහැ. අපි එක් මූලධර්මයකට ගරු කළා. සමාජවාදය ගොඩ නගන්නේ නව සමාජයක් ගොඩනැගීමට කැමති නිදහස් මිනිසුන්ගෙන්.” ඉතිං බලන්න ෆිදෙල්ගේ අදහස මොනතරම් නිරවුල්ද නිවැදිද? බලහත්කාරය මගින් වහලුන්ගෙන් සමාජවාදය ගොඩනගන්න බැහැ. එය ගොඩනගන්නේ එය ගොඩනැගීමට කැමති නිදහස් මිනිසුන් විසින්. ඉතින් මේ සත්‍යය විප්ලවවාදී පක්‍ෂයක් ගොඩනැගීමේදීත් ගැලපෙනවා නේද? ඉතිං මේ විදියට දුෂ්කරතා පරදවමින් කියුබාව සමාජවාදය රැකගත්තා. සංචාරක ව්‍යාපාරය දියුණු කළා. ෆිදෙල් ඒ ගැන පෞද්ගලිකව සොයා බැලුවා. යන්ත්‍ර සූත්‍ර, නැතිව කර්මාන්තය දියුණු කළා. ෆිදෙල් කම්හල් වලට යමින් ගොවිපොලවල් වලට යමින් වැඩකරන ජනයා දිරිමත් කළා. ඒ අතරම ජනතාවගේ දුර්වලතා ගැනද ඔහු හොඳ වැටහීමක හිටියා. දුප්පතුන්ගේ හා පොහොසතුන්ගේ සංස්කෘතියේ වෙනස ගැන ඔහු මෙහෙම කියනවා. “පොහොසතුන්ගේ සංස්කෘතිය හා දුප්තුන්ගේ සංස්කෘතිය අතර පරතරයක් තිබෙන බව අපි සොයා ගත්තා. පොහොසතුන්ගේ සංස්කෘතිය අවංකයි. ‘මම මිලදී ගන්නව. මම ගෙවනවා’ ඒත් දුප්පතුන්ගේ සංස්කෘතිය ?‘මම මෙය ගන්නේ කොහොමද? මම මේක පොහොසතුන්ගෙන් පැහැර ගන්නේ කොහොමද? සමහර ඉතාම දේශප්‍රේමී පවුල් තියෙනවා. උදාහරණයක් ලෙස ඔවුන් හෝටලයක වැඩකරන පුතාට මෙහෙම කියනවා. ගෙදරට ඇඳ රෙද්දක් ගේන්න. ගෙදරට කොට්ටයක් ගේන්න. අරක ගේන්න. මේක ගේන්න. ඒ ආකල්ප ඇති වෙන්නේ දිළිඳුකමේ සංස්කෘතියෙන්. අපි සමාජය වෙනස් කළාට මේ පැරණි පුරුදු වෙනස් කරන්න විශාල කාලයක් යනව. සෝවියට් දේශය තුළ ඔවුන් මෙය කොපමණ කථාකළාද මම දන්නේ නැහැ.” දිළිඳු ජනයාගේ සංස්කෘතියේ ස්වභාවය ෆිදෙල් විස්තර කළේ එහෙම. ඒ අතර ඔහු සමාජවාදය තුළ සෝවියට් දේශය කළ වැරදිත් කථා කරනවා. සෝවියට් දේශය ජනතාවගෙන් වියෝ වුනු සමාජවාදයක් ගොඩ නැගූ බවත් අර්ථික වර්ධනය, අභ්‍යවකාශකරණ සහ ආයුධ බලය ගොඩනැගීම ගැන පමණක් සිතූ බවත් පවසනවා. සෝවියට් දේශය එහි අධ්‍යාපනය සඳහා පරිගණක යොදාගත හැකිව තිබියදී පරිගණක නිපදවීමට උනන්දු නොවූ බව කියන ෆිදෙල් කියුබාව පරිගණක විද ්‍යාව පැසැල්වල මූලික පංතිවල සිටම උගන්වන බවත් කියනවා. ඒ අතර සෝවියට් දේශය ලබාගත් හා ලොවට ලබාදුන් ජයග්‍රහණද ඔහු අගය කරනවා. විප්ලවය රඳා පැවතිය යුත්තේ ජනතාව මත බවයි ෆිදෙල් කියන්නේ “විප්ලවය එය විසින්ම ආරක්‍ෂාවිය යුතුයි. එය ආරක්‍ෂා වන්නේ එලෙසයි. අපට න්‍යෂ්ටික අවි තිබීම නිසා හෝ අප පොහොසත් නිසා එය ආරක්‍ෂා වන්නේ සැහැ. අප වසර 46ක සම්බාධක වලට මුහුණ දුන්නා. විවිධ බාධක හා හිරිහැර! අපි විශේෂ දුෂ්කර කාලයක් පසුකලා. කිසිම රටක් ජනතාවෙගේ සහයන් තොරව එලෙස ආරක්‍ෂා වන්නේ නැහැ. ජනතාවගේ දේශපාලන කැමැත්ත නැතිව එසේ වන්නේ නැහැ.” මිනිසුන් හෙවත් මානව ප්‍රාග්ධනය ඉතා වැදගත් බව පවසන ෆිදෙල් “සෝවියට් දේශය වැනි විශාල බලවත් රටවල් බිඳ වැටෙද්දීත් අපි ආරක්‍ෂාවී ඉන්නේ මානව ප්‍රාග්ධනය නිසා” බව පවසනවා.
ඉතිං මේ විදියට ෆිදෙල් සමාජවාදය දැකපු නිසා එහි ගැටළු හඳුනාගෙන හිටපු නිසා. එය ආරක්‍ෂා කිරීමට නිවැරදි ක්‍රියාමාර්ග ගත් නිසා හාඉතාම දුෂ්කර වෙලාවලදී පවා පරාජය පිළිනොගෙන දරාගෙන සිටීමට සමත්වූ නිසා සමාජවාදය රැක ගැනීමට සමත් උනා. ඒ ඕනෑම සමාජවාදී ව්‍යාපාරයකට ඕනෑම විප්ලවවාදී ව්‍යාපාරයකට ඉතාම වැදගත් අත්දැකීමක් කියලා අපි හිතනවා.

ෆිදෙල්ගේ දැක්ම

අපි මේ වනවිට කියුබානු විප්ලවය ගැනත් එය ජයගැනීමට හා එහි සමාජවාදය මුහුණ දුන් අභියෝග ගැනත් ෆිදෙල් ගැනත් බොහෝ දේ කථා කළා. අපි මේ කරුණු කථා කළේ අනුපිළිවෙලකට නොවෙයි. වැදගත් සංධිස්ථාන හා ඒවාට බලපෑ හේතුයි අපි කථා කළේ. අපි අනුපිළිවෙලකින් තොරව කථාකළත් අපිට අවශ්‍ය දැනුම හා අත්දැකීම අරගන්න එය බාධෘවක් නැහැ කියලයි අපි හිතන්නේ. කොහොම උනත් ඔබ කියුබාව හා ෆිදෙල් පිළිබඳව තව තවත් පොපත කියවිය යුතු වෙනවා. ඒ වගේම මේ ෆිදෙල්ගේ ඵහ ඛසfැ කියන පොතෙන් කියනවානම් හොඳයි. ඉතිං දැන් අපි සූදානම් වෙන්නේ අපේ කථා බහේ අවසාන කොටසට පිවිසෙන්න. ඒ රාජ්‍ය නායකයෙක් ලෙස කටයුතු කිරීමේදී ෆිදෙල්ගේ චින්තනය, දැක්ම හා ඔහු අනුගමනය කළ උපක්‍රම කළ උපක්‍රමවල විශේෂ අවස්ථා කිහිපයක් හරහා අපට අලුත් අත්දැකීමක් එකතු කරගන්න. මේ වන විටත් ෆිදෙල්ගේ චින්තනය දැක්ම හා උපාය උපක්‍රම ගැන අපි සමහර කරුණු කථා කරල තියෙනවා. එහි තව කරුණු කීපයක් හරහාත් ෆිදෙල්ව තේරුම් ගැනීමට අපි උත්සාහ දරමු. ෆිදෙල් ඉතාම පැහැදිළි ප්‍රතිපත්ති හා ආචරධර්ම මත කටයුතු කරන නායකයෙක්. කුමණ හේතුවක් නිසාවත් ඔහු එම ප්‍රතිපත්ති හා අචාර්යධර්ම සදාචාරයන් කඩකරල නැහැ. අපි කලිනුත් කිව්වා යුද්ධයේදී යුද්ධයේ නීතිය අකුරටම රැක්කා. සතුරු හමුදාවේ යටත් වූවන්ට පහර දුන්නේ නැහැ. වධ දුන්නේ නැහැ. මරා දැමුවේ නැහැ. සාමාන්‍ය ජනයාට හිරිහැර කළේ නැහැ. ජනතාවට එරෙහිව බලය පාවිච්චි කළේ නැහැ. ඒ බලය නැති නිසා නෙවෙයි. බලය පාවිච්චි කිරීම දුබල බවේ සළකුණක් හා වැරැද්දක් නිසයි. මිනිසුන්ගේ හොඳ වගේම නරකත් දැක්කා. සතුරන්ගේ නරක වගේම හොඳත් දැක්කා. සතුරාට අවමන් කළේ නැහැ. බය වුනෙත් නැහැ. යටත් වුණේ නැහැ. ඒ වගේම සතුරාගේ හොඳ දේ පවා අගය කළා. ඒ මගින් සතුරාගේ ගෞරවයට පාත්‍ර උනා. ලෝක නායකයන් බොහෝ දෙනෙක් ගැන ෆිදෙල්ට හොඳ වැටහීමක් තිබුනා. 1961 කියුබාව ආක්‍රමණය කිරීමට සකස්කළ සැලැස්ම අසාරථක වීමෙන් පසු ජනාධිපති කෙනඩි ලතින් ඇමරිකාවේ රටවල ඉඩම් ප්‍රතිසංස්කරණවලට අනුබල දුන්නා. එම රටවලට ඩොලර් බිලියන් 20ක් දුන්නා. ඒ ලතින් ඇමරිකාවේ විප්ලවය අඩපන කිරීමට. ෆිදෙල් කියනව කෙනඩි එහදී බුද්ධිමත් ලෙස ලතින් ඇමරිකාවේ විප්ලවයට මුහුණ දුන්න කියල. ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක් වූ ජිමී කාටර්ට ෆිදෙල් කියුබාවට ආරාධනා කරල ගෙන්වා ගත්තා. ඒ මගින් දේශපාලන ජයග්‍රහණත් ලබා ගත්තා. කාටර් ගැන කථාකරන ෆිදෙල් කියනවා ඔහු අවංක කෙනෙක් කියල ෆිදෙල්ට හිතනලු. ඒකට හේතුව කාටර් ඡක්හ ඊදහ සඟරාවට දීපු සාකච්ඡාවක් ෆිදෙල් කියවල තියෙනවා. මෙතනදී කකතුවරයා අහනවා ෆිදෙල්ගෙන් ඔබ ඡක්හ ඊදහ සඟරාව කියවනවද කියල, ෆිදෙල් කියනව ‘නැහැ’. ඒත් අර සාකච්ඡාව තිබෙන බව දැනගෙන එය කියෙව්වා කියල, ඉතිං ඒ සාකච්ඡාවේදී කාටර්ගෙන් ප්‍රශ්නයක් අහලා තිබුනලු. “ඔබ ඔබේ බිරිඳට අවංකද”කියල, කාටර් උත්තර දීල තිබුනලු” ඔව් මතක හැටියට’ කියල ඒ නිසා කාටර් තරමක් අවකං කෙනෙක් ලෙසයි ෆිදෙල් දැක්කේ.
කම්පුචියාවේ විප්ලවයේ නායකයෙක් වුනු හා මහා මිනිස් ඝාතන වලට චෝදනා එල්ලවුනු ඉයන්සාරි ගැන ෆිදෙල් මෙහෙම කියනව. “ ඔහු මිත්‍රශීලී බුද්ධිමත් අයෙක්. ඒත් විප්ලවයේ සංකීර්ණ අවස්ථාවලදී ඇතැම් අයගේ ස්නායු අවුල් වෙනවා. ඉතා හොඳ අය විශ්වාස කළ නොහැකි ලෙස හැසිරෙනවා.” මේ විදියට ෆිදෙල් හැම කෙනෙක් දෙසම විවෘතව හා විවේචනාත්මකව බැලුවා.
ෆිදෙල් තුළ තිබෙන අති විශේෂම ගුණය වෙන්නේ කීර්තියට ගිජු නොවීම, වරප්‍රසාද ලබා නොගැනීම හා පුද්ගල අභිවාදන නොවීමයි. ඊට ඉතාම ප්‍රබල උදාහරණ රැසක් තියෙනවා. කියුබාවේ කිසිම තැනක ෆිදෙල්ගේ නමින් පාරක්, ගොඩනැගිල්ලක්, ක්‍රීඩාපිටියක් නගරයක් වැනි කිසිවක් නම්කරල නැහැ. ඒ වගේම රජයේ කිසිම ආයතනයකට මේ වනතුරු නිල ඡායාරූපයක් නිකුත්කරලත් නැහැ. අපේ රටවල පාලකයෝ නම් බලයට පත්වුනුදාම කරන්නේ රජයේ ආයතන වලට තමන්ගේ නිල ඡායාරූපය යවන එකනේ. ඒත් ගෙවුන කාලය පුරාවටම ෆිදෙල් එහෙම කළේ නැහැ. සමහර ආයතනවල ෆිදෙල්ගේ පින්තූර තියෙනව.ඒව ඒ ඒ ආයතන සිය කැමැත්තෙන් තමන් විසින්ම නිර්මාණය කර ගත් ඒවා. ඒවගේම ෆිදෙල් තම හමුදා නිල ඇඳුමේ පදක්කම කිසිවක් පළඳින්නේ නැහැ. හමුදා නිල ඇඳුම ගැන ඔහු කියන්නේ එය සරලයි,පහසුයි වියදමත් අඩුයි එය ඇන්දම ගෙදර ඉන්නව වගේ පහසුවක් දැනෙනව කියලයි. ෆිදෙල් ප්‍රසිද්ධියට අකැමැති බවට තවත් හොඳ උදාහරණයක් තියෙනව. මේ පොත ලියන්න කලින් කිසියම් අවස්ථාවක ෆිදෙල්ව හමුවුන වෙලාවක ඉග්නාසියෝ රමෝනේ කියන පුවත්පත් කලාවේදියා සම්මුඛ සාකච්ඡාවක් කරල ජීවිත කාථාව ලිවීමේ යෝජනාව ෆිදෙල්ට ඉදිරිපත් කළාම ෆිදෙල් ඇහුවලු ඔබට මාත් සමග කථාකරකර ඉන්නවට වඩා වැදගත් වැඩක් ඇත්තෙම නැද්ද” කියල. ෆිදෙල්ව පොත ලිවීමට එකඟ කරවාගෙන තිබෙන්නේ ඉතාම අමාරුවෙන්. ඉතින් හැම හංදියකම තමන්ගේ රුව සහිත යෝධ පුවරු සවිකරන බොල් නායකයින්ට ෆිදෙල් හොඳ ආදර්ශයක්.
ෆිදෙල් කිසිවිටෙකත් වරප්‍රසාද පාවිච්චි කරන්නේ නැහැ. කතුවරයා ෆිදෙල්ගෙන් අහනව ඔබේ වැටුප කීයද කියල. ෆිදෙල් කියනව ඩොලර් 30 යි කියල. ලංකාවේ මුදලින් රු. 3000ක් විතර, ඉතා පුංචි වැටුපක්. ඒත් ෆිදෙල් කියන්නේ මම බඩගින්නේ මලේ නැහැනෙ කියලයි. ඔහු තම වැටුපෙන් පක්‍ෂයේ සාමාජික මුදලද ගෙවන බවත් පුතා මියයාම නිසා රැකවරණයක් නැතිව සිටින නැන්දා කෙනෙකුට ජීවත්වීමට කුඩා මුදලක්ද ඉන් ලබාදෙන බවත් ෆිදෙල් කියනවා. රූපවාහිනිය වැනි මාධ්‍ය නායක ප්‍රතිරූප නැංවීමට ඔවුන් පාවිච්චි කරන්නේ නැහැ. ඒ අනුව ෆිදෙල් ඉතාම සරල කෙනෙක්. රටේ කවුරුත් ඔහුට ‘අතිගරු’ වැනි යෙදුම් යොදන්නේ නැහැ. කවුරුත් ඔහුට කියන්නේ ෆිදෙල් කියල. නිකම්ම නෙමෙයි ‘අපේ ෆිදෙල්’ කියලයි. ඒ තරමට ඔහු ජනතාවට සමීපයි. ෆිදෙල් ගැන ලියූ කතුවරයා වරක් ෆිදෙල්ගෙන් අහනව අනාගත පරපුර ඔබ ගැන කොහොම හිතයි කියල ඔබ හිතනවද කියල. ෆිදෙල් දෙන්නේ මේ වගේ පිළිතුරක්. “ඒ ගැන කථා කිරීමට පවා නොවැදගත්. අනාගතයේදී අප ගැන හිතනු ඇත්තේ මිනිස් සංහතියේ කලබල සහිත කාලයක ජීවත් වුනු ම්ලේච්ඡයන් ලෙසයි. 2100 වෙසෙන පරම්පරාවන්ට අප පෙනෙනු ඇත්තේ එලෙසයි. ඔවුන් අප දෙස බලනු ඇත්තේ අප අද ප්‍රාථමික සාමූහික සමාජයේ මිනිසා දෙස බලන ආකාරයටමයි. 21වන සියවසේ පසුවන හැම දශකයක්ම වසර 1000කට සමානයි.” ඉහත ප්‍රකාශයේද ෆිදෙල් තමන්ව පුම්බා ගන්නවා වෙනුවට පිළිතුරු දුන්නේ එහෙමයි.
ෆිදෙල් තුළ පවතින තවත් විශේෂ්‍යක් වෙන්නේ සිය අඩුපාඩු ස්වයං විවේචනාත්මකව දැකීමයි. ඒ ගැන ෆිදෙල් මෙහෙම කියනව. “මම මා පිලිබඳව ඉතාම දැඩියි. ස්වයං විවේචනාත්මකයි. ඔබ සෑම විටම ඔබ ගැන අවධානයෙන් සිටිය යුතුයි. මම ප්‍රිය කරන්නේ ක්‍රියාකාරිත්වය මම කීර්තියට කැමති නැහැ. ඊට අමතරව ෆිදෙල් මෙහෙමත් කියනවා. “ මා අතින් වැරදි සිදුවී තිබෙනවා. එහෙත් ඒ එකක්වත් උපායමාර්ගික වැරදි නෙවෙයි. උපක්‍රමික වැරදියි”
“දුම්පානය කිරීමේ වරද සිදුවුනා. නමුත් රටේ හා ජනතාවගේ සෞඛ්‍යය වෙනුවෙන් වසර 20කට පෙර එය නතර කලා. එය කළේ ස්වේච්ඡාවෙන්මයි.”
මේ විදියට ෆිදෙල් තමන්ගේ අඩුපාඩු දකිමින් නිතර ඒවා නිවැරදි කර ගැනීමට සමත් වෙනව. ඒ වගේම තමන් කළ දේවල් ගැන නෙවෙයි, තමන්ට ඒ වනතුරු කිරීමට නොහැකිවුන දේ ගැන සිතමින් ඒවා කිරීමට උත්සාහ කරනවා. මේ වන විට අසනීප තත්වයෙන් පසුවෙද්දී පවා ලිපි ලියමින් මතවාදී අරගල හරහා සිය දායකත්වය ලබා දෙනවා.
ෆිදෙල්ට විප්ලවය ගැන, සමාජවාදය ගැන උපාය උපක්‍රම ගැන ඉතාම හොඳ වැටහීමක් තියෙනවා. ඒක ඉතාම නිරවුල්.විප්ලවය අපනයනය කල නොහැකි බවත් විප්ලවය සඳහා හේතුවන විෂයමූල තත්වයන් වෙනත් රටකට අපනයනය කල නොහැකි බවත් ෆිදෙල් කියනව.ා මේ පිළිබඳව අපි මීට පෙරත් වරින්වර කථා කකළා ඔබට මතකත් ඇති. එහෙත් මම කරුණු යළිත් මතක් කළේ ෆිදෙල් අපට යමක් ඉගෙන ගතහැකි අංගසම්පූර්ණ විප්ලවවාදියෙක් හා රාජ්‍ය නායකයෙක් වන නිසයි.
විප්ලවය ගැන වගේම සමාජවාදය හා එහි මූලධර්ම ගැනත් ඔහුට තිබූ අවබෝධය ඔහු සෝවියට් දේශයේ ගොර්බචේව් අනුගමනය කළ පෙරෙස්ත්‍රොයික වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කිරීම මගින් හොඳින් පේනව. 1988 ජූලි 26දා කළ ප්‍රකාශයක් මගින් ෆිදෙල් පෙරෙස්ත්‍රොයිතාව ප්‍රතික්ෂේප කරන්න එය “අනතුරුදායකය” හා සමාජවාදයේ ප්‍රතිපත්තිවලට පටහැනියි බව කියමින්.
බොහෝ සිදුවීම් පිළිබඳව ෆිදෙල්ට තිබෙන්නේ ඉතාම පළල් හා නිවැරදි දැක්මක් බව විවිධ සිදුවීම් පිළිබඳ ඔහු කරන විග්‍රහ දෙස බලන විට පේනව. ලෝක දේශපාලනය ගැන විවිධ අරගල හා සිදුවීම් ගැන ඔහු කථාකරන්නේ පාර්ශ්වීය ලෙස නොවෙයි. ඉරාකයේ සදාම්ගේ බිඳවැටීම ගැන ඔහු දකින්නේ සදාම් තත්වයන් හරිහැටි තක්සේරු නොකළ බවයි. එක්සත් ජනපදයට අවස්ථාවක් නොදී කුවේටයෙන් හමුදා ඉවත් කරගත යුතුව තිබූ බවත් ඒ පිළිබඳව තමා සදාම්ට ලිපි කිහිපයක්ම ලිබූ බවත් ෆිදෙල් කියනවා. ඒ අතරම ඔහු හිතනව අවසානයේ සදාම්ගේ ඉහළ හමුදා නිළධාරින් කිසියම් පාවාදීමක් කළ බව. නැතිනම් ඇමරිකානු හමුදා එතරම් ලෙහෙසියෙන් බැගඩෑඞ් වෙත නොයන බවයි ඔහුගේ අදහස. ඒවගේම චේගේ බොලීවියානු ගමන ගැන ෆිදෙල් පවසන දේත් ඉතා වැදගත් . ෆිදෙල් ‘චේ’ටෙ ඉතාම තදින් ගරුකරනවා. අගය කරනවා. චේ පරමාදර්ශයක් බවයි ෆිදෙල් කියන්නේ. ඒ අතරම චේගේ බොලීවියානු ගමන ගැන අදහස් පලකරන ෆිදෙල් කියන්නේ චේ බොලීවියාවට යාමට සූදානව් වූ විට තවමත් එහි තත්වයන් පරිණත වී නැති බවත් තත්වයන් සූදානම් වනතුරු එහි නොයන ලෙසත් තමා චේගෙන් ඉල්ලා සිටි බව කියනව. ඒත් බලකලේ නැතිලු. චේ කුඩා කණ්ඩායමක් සමඟ ගරිල්ලා ව්‍යාපාරයක් ගොඩනැගීමට බොලීවියාවට යනවාට තමා අකැමැති වූ බවත් චේ යා යුතුව තිබුනේ විශාල හමුදාවක් සංවිධානය කොට ඉන්පසු ඊට නායකත්වය දීමට බවත් පවසන ෆිදෙල් එතෙක් කියුබාවේ සිටින ලෙස චේගෙන් ඉල්ලා සිටි බව කියනවා. ඒත් ෆිදෙල් කියන්නේ චේ යමක් තීරණය කළවිට එය කෙසේ හෝ ඉටු කරන වර්ගයේ කෙනෙකු බවයි. බොලීවියාවේදී එහි කොමියුනිස්ට් පක්‍ෂ ලේකම් මාරියෝ මොන්f’ අරගලයේ නායකත්වය ඉල්ලා චේ සමඟ වාදකොට චේට උදව් නොකිරීමට ගත් තීරණය තදින් විවේචනය කරන ෆිදෙල් මාරියෝ මොන්f’ දැඩිව විවේචනය කරනවා. ඒ අනුව බොලීවියන් කොමියුනිස්ට් පක්‍ෂයේ නායකයින් අරගලයට සහය ලබාදීමේ තැනට පත්කිරීමට තමා උත්සාහ ගත් බවත් කියනවා.
ඒ අතරම ෆිදෙල් ඉතාම දියුණු උපක්‍රම අනුගමනය කරන නායකයෙක් බවත් අපට පේනවා. ඔහු තම සතුරන් ට එරෙහිව යොදගතහැකි ඉතා කුඩා අවස්ථා පවා යොදාගන්නවා. ඕනෑම සටන් පාඨයක් යොදා ගන්නවා. ඒ වගේම සතුරන්ට සටන්පාඨ හා අවස්ථා ලබා නොදීමටත් වගබලා ගන්නවා. ඒ බව කරුණු කීපයක් තුලින්ම අපට තේරුම් ගන්න පුළුවන්. අපි කලිනුත් කිව්වනෙ සමාජවාදී කඳවුර බිඳ වැටුනට පස්සේ කියුබාවට ඉතාම දුෂ්කර කාලයක් උදාඋනා කියල. එහිදී ආර්ථික දුෂ්කරතා වලට, සංක්‍රමණික ප්‍රශ්න වලට අමතරව අධිරාජ්‍යවාදී බලවතුන් කියුබාවේ මානව හිමිකම් කඩකරන බවත් ආගමික නිදහස නැති බවත් ආදී ප්‍රචාරද පැතිරෙව්ව. ඒ සඳහා ඔවුන් පාප් වහන්සේ පවා යොදාගත්තා. මෙහිදී මෙම ප්‍රචාරයට ෆිදෙල් උත්තර දුන්නෙ තම රටේ සංචාරයක් සඳහා පාප්ට ආරාධනා කිරීමෙන්. ඒ අනුව 1998 ජනවාරියේදී පාප් කියුබාවට ආවා. දේව මෙහෙයක් පැවැත්වුවා. ෆිදෙල් සමග සාකච්ඡා කළා. ඒත් ෆිදෙල් කියනව දේශපාලන ‘සිරකරුවන්’ පිළිබඳ කථාකලේ නැතිලු. එවැනි දේශපාලන සිරකරුවන් ලෙස නම්කළ අයගේ අපැහැදිළි ලේඛණයක් ආපසු පිටත් වෙද්දී තමන්ට දුන්නත්එහි නම් සඳහන් බොහෝ දෙනා සිරගෙදර සිටියේ නැතිලු. කොහොම උනත් කියුබාවේ මානව හිමිකම් කඩවීම් ගැන කථා කරනවා වෙනුවට අවසානේ පාප් වහන්සේට සිදුවුනා කියුබාවට එරෙහි ආර්ථික සම්බාධක අසාධාරණ බව කියන්න. ෆිදෙල් පාප් වහන්සේ හරහා එය ලෝකයට කියවා ගන්න සමත් වුණා. ඒ අතර කියුබාවේ ආගමික නිදහස නැත කියන ප්‍රකාශයත් බොරු උනා. ඒ වගේම 2002 මැයිවල ඇමරිකාවේ හිටපු ජනාධිපත්වරයෙක් වූ ජිමී කාටර්ගෙන්වා ගැනීමත් එවැනි අවස්ථාවක් මෙය අපි කලිනුත් සඳහන් කළා. කියුබාවට ආපු කාටර්ට විශ්ව විiාලය තුළ දේශනයක් පැවැත්වීමට අවසර දුන්න. එම දේශනය සජීවි ලෙස රූපවාහිනියෙන් ප්‍රචාරය කළා. ෆිදෙල් කියන්නේ අපි මතවාදවලට බය නැහැ. කියලයි. ඔහු ජෝර්’ බුෂ්ටත් කියුබාවට ආරාධනා කරනවා. ඔහුට කියුබාවට පැමිණ ඕනෑතරම් වෙලාවක් ගෙන කථාකළ හැකි බවත් එම කථා රූපවාහිනිය හරහා ගුවන් විදුලිය හරහා මෙන්ම එය ප්‍රමාණවත් නැතිනම් වීදි පුරා ශබ්ද විකාශන සවිකොට එමගින්ද ප්‍රචාරය කිරීමට තමන් සූදානම් බවත් එසේ කථාකොට හැකිනම් ජෝර්’ බුෂ්ගේ මතය නිවැරදි බව තහවුරු කරන ලෙසත් අභියෝග කරනව. ඉන් පෙනෙනේනේ ෆිදෙල් කියුබානු ජනතාව ගැන තිබෙන විශ්වාසයේ ප්‍රමාණයයි. එය පෙන්වන හොඳම උදාහරණය වෙන්නේ කාටර්ගේ සංචාරයේදී එක් අවස්ථාවක ෆිදෙල් හා කාටර් බේස්බෝල් ක්‍රිඩා කිරීමය. කාටර්ගේ සංචාරයේදී කාටර් සමග ෆිදෙල් බේස්බෝල් පිටියකට යනව. එහි විශාල සෙනගක් රැස්වී ඉන්නවා. එහිදී ෆිදෙල් කාටර්ට ආරාධනා කරනවා ආරක්‍ෂකයින් නැතිව දෙදෙනා පමණක් පිටිය මැදට ගොස් ක්‍රිඩා කිරීමට. කාටර් විමතියට පත් වුණත් පිටිය මැදට ගොස් ෆිදෙල් සමග ක්‍රිඩ කරනවා. ඉන් ෆිදෙල් පෙන්නුවේ තම රටේ ජනතාව මොන තරම් විනයක් ඇති ජනතාවක්ද යන්නයි. ජනතාව පිළිබඳ ෆිදෙල්ගේ විශ්වාසය ඉන් පේනව.
මේ වගේ තවත් සිදුවීම් කිහිපයක් තියෙනවා. ෆිදෙල්ගේ උපක්‍රමික ක්‍රියාමාර්ග වල වැදගත්කම ඉගෙන ගන්න. ඉන් එක් සිදුවීමක් වෙන්නේ වලදාරෙස් සිද්ධියයි. වලදාරෙස් කියන්නේ බෝම්බ පුපුරුවා මිනිසුන් ඝාතනය කිරීම නිසා කියුබාවේ සිරගත කළ පුද්ගලයෙක්. ත්‍රස්තවාදියෙක්. හිර ගෙදරදී ඔහු අංශභාගය වැළඳුනු බවක් පෙන්වා රෝද පුටුවකින් තමයි ඇවිද්දේ. මේ අතර වලදාරේස් සිරගෙදරදී කවි කිහිපයක් ලිව්වලු. ඒ සමඟම බටහිර රටවල් ප්‍රචාරයක් කලාලු කියුබාව අංශභාග රෝගියෙක් වූ කවියෙක් සිරගත කර ගෙන සිටින බව ෆිදෙල් කියන්නේ මිනිහා කවියෙක් නොවන බවයි. “ ඔහු ශ්‍රේෂ්ඨ කවියෙක් නොවේ. ශ්‍රේෂ්ඨ කවියෙක් යනු ආචාර ධර්ම වලින් වියෝ වූවෙක් නොවේ. තමන්ගේ රටට සම්බාධක දමන තමන්ගේ රටට මරණය ලඟා කරන, රට විනාශ කිරීමට සැලසුම් හදන අයගෙන් මුදල් ලබාගෙන ජීවත්වන්නෙක් නොවේ. යම් අයෙකුට වචන තාක්‍ෂණික ලෙස සැලසුම් කිරීමට හා සකස් කිරීමට හැකි වූවාට ඔහුට කවියෙකු විය නොහැකියි.” ඒ ෆිදෙල් වලදාරේස් ගැන කියූ විදිය. කොහොම උනත් වලදාරෙස්ගේ රෝගී තත්වය‘ ගැන වෛiවරු සැකකළා. අවසානයේ ඔහුට හොරෙන් ඔහුගේ සිර කුටියේ වීඩියෝ කැමරාවක් සවිකොට ඔහුගේ කටයුතු පටිගත කළා. එහිදී ඔප්පු උනා වලදාරේස් බොරු කරනබව. ඔහු නාන කාමරයේ දී ව්‍යායාම් කරන අයුරු ඇවිදින අයු එහි තිබුනා. පසුව වලදාරේස් ගෙන්වා ඔහුගේ බොරුව ඔහුට හෙළිකොට ආණ්ඩුව ඔහුව නිදහස් කිරීමට සූදානම් බවත්, ඔහුට රටින් පිටවීමට ඉඩ දීමට ද සූදානම් බවත් එහෙත් ඒ සඳහා ඔහු ගුවන් තොටුපලේ සිට ගුවන් යානයට පයින් ඇවිදගෙන යායුතු බවත් ප්‍රකාශ කළා. වලදාරේස් ඊට එකඟ වී නිදහස් කළ පසු ගුවන් යානයට පයින් ඇවිදගෙන ගියාලු. ඒ සමඟ බටහිර ගෙනගිය මතවාද මුළුමනින්ම බොරු කිරීමට ෆිදෙල් සමත් වුනා.
ඒ වගේම ඔස්වල්ඩො පායා කියල ෆිදෙල් විරෝධියෙක් හිටියලු. මිනිහට “සිතීමේ නිදහස” පිළිබඳව සකාරෝ ත්‍යාගය පිරිනැමීමට ප්‍රංශය තීරණය කලාලු. ඊට පසුව ඔවුන්ම ප්‍රචාරයක් යැව්වලු කියුබාව ඕවල්ඩෝ පායාට රටින් පිට වීමට ඉඩ නොදෙන බවට. මෙය දැනගත් වහාම ෆිදෙල් මැදිහත් වූ ඔහුට රටි පිටවී යාමට අවශ්‍ය සියලු පහසුකම් නලසා දුන්නාලු. ඒ සමඟ එම ප්‍රචාරයත් අහෝසි උනා. ඉතිං මෙයින් අපට කරුණු දෙකක් වැටහෙනවා. එකක් අධිරාජ්‍යවාදීන් කියුබාවට එරෙහිව මොනතරම් බොරු බේගල් ප්‍රචාරය කරාද කියන එක. අනෙක ඔව්නුට ඒ සඳහා අවස්ථා ලබා නොදී වහාම ඒවා විසඳමින් ෆිදෙල් ඊට සාර්ථකව මුහුණ දුන්නේ කොහොමද කියන එක. ඒක ලෝකෙ ඕනෑම විප්ලවවාදී ව්‍යාපාරයකට ලොකු අත්දැකීමක්
දැවැන්ත ප්‍රතිරූපයක් තිබුණු රාජ්‍යනායකයෙක් ලෙස ගත්තම අන්අය පහත්කොට නොසැලකීමේ විශේෂ ගුණයක් ෆිදෙල් සතුව තුබුනා. ඔහු කිසිවෙකුට අපහාස කළේ නැහැ. තමන්ගේ සතුරන්ට පවා!අහම්බෙන් කථාකරද්දී එවැනි වචනයක් කියවුනොත් ඔහු එවේලේම ඒක නිවැරදි කරනවා.
පසුගිය අවුරුද්දේ කියුබාවට එරෙහි සම්බාධක පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැවති ඡන්ද විමසීමේදී කියුබාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කළේ රටවල් 4යි. ඒ එක්සත් ජනපදය, ඊශ්‍රායලය ඇතුළු එම රටවල් 4ගැන කියද්දි මාර්ෂල් දූපත් ඒව කුඩා දූපත් කියා කියනවා. ඒ සමගම ඔහු කියනව එසේ කීවේ එම රට පහත්කොට සැලකීමට නොවන බව. ‘ඕනෑම රටක ප්‍රමාණයට මම ගරු කරනව’ ෆිදෙල් කියනවා. ඒ මගේම ෆ්ලොරිඩාවේ ආණ්ඩුකාරය ගැන කථාකරද්දි ඔහුට සමාන්‍යයෙන් ව්‍යවහාර කරන ‘තඩියා’ යන වචනය ෆිදෙල්ට කියවෙනවා. ඒ සමගම ඔහුට එසේ කීම ගැන තමා කනගාටු වන බව පවසන ෆිදෙල් එය ඔහුට අදාල විවේචනයක් නොවන බවත් ඔහු ව්‍යායාම කරමින් ආහාර පාලනය කරන්නේ නම් එය හොඳ බවත් තමා එසේ කියන්නේ ඒ මහතාගේ හොඳට බවත් කියනවා. ඒ වගේම සදාම් හුසේන් ගැන කථාකරද්දී ඔහුගේ පාලන කාලයේ සමහර වැරදි සිදුවී තිබෙන බවත් ඒත් දැන් ඔහු මියගොස් ඇතිනිසා තමා එය කථා නොකරන බවත් පවසනවා.
ඉතා ගැඹුරු දාර්ශනික හා දේශපාලනික අදහස් සරල ලෙස හා සියුම් ලෙස ඉදිරිපත් කිරීමට ෆිදෙල් දක්වන්නේ විශාල සමත් කමක්. අප කලිනුත් කථාකළා ඔබට මතක ඇති සියෙරා මහෙස්ත්‍රාවලදී පුවත්පත් කලාවේදී හර්බට් මැතිව්ස් සමග කළ සාකච්ඡාවේදී තම ව්‍යාපාරයේ අරමුණ කරුණු 3කට ගොනු කරල කියනවා. එනම් සැලසුම් සහගත ආර්ථිකයක් සමාජ සාධාරණත්වය, ප්‍රජාතන්ත්‍රවාදය ලෙස. ඒ වගේම 1959 ඇමරිකානු සංචාරයේදී පුවත්පත් කලාවේදීන්ට තමන් ආධාර ඉල්ලීමට නොආ බව කියමින් පැවසූ කරුණු වලත් විශාල ගැඹුරක් තිබුනා. ජනමාධ්‍ය මගින් සමාජයට කරන අනිසි බලපෑම ගැන ෆිදෙල්ගේ මේ විග්‍රහය බලන්න මොන තරම් ගැඹුරුද දාර්ශනිකද, ඒත් කොතරම් සරලද කියලා. “මාධ්‍ය මගින් කරන්නේ බොරු කියන එක පමණක් නොවේ. සාවi පරාවර්තනයන් ඇති කිරීමයි. බොරුව හා සාවi පරාවර්තනයන් යනු වර්ග දෙකක්. බොරුව දැනුම මත ඝෘණාත්මක බලපෑමක් ඇති කරනව. සාවi පරාවර්ථනයන් චින්තනය මත ඝෘණාත්මක බලපෑමක් ඇති කරනවා. එය තොරතුරු වසන් කිරීමට හෝ විකෘති කිරීමට සමාන නැහැ. එමගින් සිදුවන්නේ සිතීමට ඇති හැකියාව මොට කිරීමයි.”
ෆිදෙල් ඉතා කාර්යබහුල රාජ්‍ය නායකයෙක් ලෙස කටයුතු කරන අතරේදී ලෝක දේශපාලනයේ තොරතුරු අධ්‍යයනය කිරීමට ආර්ථික හා සමජ දත්ත නිරවුල් ලෙස යොදාගනිමින් විශ්ලේෂණය කිරීමට කටයුතු කරනවා. ඒ වගේම පොත පත කියවීම අධ්‍යනය ද කරනවා. ෆිදෙල්ගේ නිල රථයේ වහලේ කුඩා විදුලි බල්බයක් සවිකරල තියෙනවලු. දුර ගමන් යනවිට රාත්‍රි කාලවල පවා ඔහු එම බල්බය දල්වාගෙන පොත පත කියවනවලු. ඔහුට ඕනෑම විෂයක් ගැන දැනුම තියෙනවා. ඔහුගේ දැනුම නිරවුල් පුළුල්. ඔහු විවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධ විවිධ පුද්ගලයන් ඇසුරුකිරීමද කරල තියෙනවා. ඔහු ලඟින් ඇසුරු කළ රාජ්‍ය නායකයන් අතර ඉන්දියාවේ නේරු, මිසරයේ නසාර්, යුගෝස්ලාවේයාවේ මාර්ෂල් ටිමෝ, සෝවියට් දේශයේ කෘෂෙව්, ස්විඩනයේ ඕලොෆ්පාමේ, ජර්මනියේ විලිබ්‍රාන්ට්, ඇල්ජිරියාවේ හෞරි බුම්ඩින් හා බෙන්බෙලා, පලස්තීනයේ යසර් අර්පත්, ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි, චිලියේ සැල්වදොරේ අයන්දේ, සෝවියට් දේශයේ බ්‍රෙෂ්නෙෆ් හා ගොර්බචොෆ්, ප්‍රංශයේ පුංශුවා මිතරොං, ද.අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා, චීනයේ ජියැං සෙමින්, ස්පාඥයේ කාලෝස් රජු ආදී රැසක්ම වෙනව. ඒ වගේම දාර්ශනිකයන්, සාහිත්‍යකරුවන්, කවීන්, පුවත්පත්කලාවේදීන් ඇතුළු විශාල විද්වතුන් පිරිසක් සමගද ඔහු කිට්ටු සබඳතා පවත්වල තියෙනවා. ජිනිපෝල් සාත්‍රේ, හෙමිංවේ, ෆැබ්ලෝ නෙරුදා, ස්ටිවන් ස්පිල් බර්ග්, ජැක් නිකල්සක්, නොම් චොමිස්කි හා ගේබ්්‍රයෙල් ගාර්ෂියා මාර්කේවේස් ඒ අතර වෙනව. මාර්ක්වේස් ෆිදෙල්ගේ ලඟම මිතුරෙකු ලෙසයි සැලකෙන්නේ.
අපි කවුරුත් දන්න විදිහට 1961 සිට ඇමරිකා එක්සත් ජනපදය කියුබාවේ සමාජවාදය බිඳ දැමීමට වගේම ෆිදෙල්ව ඝාතනය කිරීමටත් උත්සාහ කළා. ලොව කිසිම රාජ්‍ය නායකයෙකුට මෙතරම් ඝාතන උත්සාහයන් අරගෙන නැහැ. සුරුට්ටුවලට වස දැමීම රැවුල හැලෙන්නට බෙහෙත් දැමීම, කිරිවලට සයනයිඞ් දැමීම ආදී විවිධ උත්සාහයන් විශාල ගණනක් ඒ කිසිවකින් ෆිදෙල්ට අනතුරක් කිරීමට එක්සත් ජනපදයට නොහැකි වුණා. ෆිදෙල්ගේ රාජ්‍ය පාලනය අවසන් කිරීමට සිහින මැවූ ඇමරිකානු ජනාධිපතිවරු රැසක් තම ධුර කාලය නිමාකරද්දී ෆිදෙල් විශ්‍රාම ගන්නා තුරුම කියුබානු ජනාධිපති ධුරය දැරවා. දැනුත් කියුබාවේ සැබෑ නායකයා ෆිදෙල් ෆිදෙල්ගේ රාජ්‍ය නායක කාලය තුළ එක්සත් ජනපදයේ ජනාධිපතිවරු ලෙස සිටි අය නම් අයිසන් හවර්, කෙනඩි, ජොන්සන්, නික්සන්, ජෙරල් ෆෝඞ්, කාටර්, රිගන්, බුෂ්, ක්ලින්ටන්, හා වත්මන් බුෂ්ද වෙනවා. මේ සියලු දෙනාම ෆිදෙල් හා කියුබාව හමුවේ අසාර්ථක වූ අයයි. විප්ලවය විසින් ගොඩනැගූ කියුබාවත් එහි නායකයා වූ ෆිදෙල්ගෙන් විශේෂත්වය ඉන් හොදින්ම පේනවා.
පොදුවේ ගත්විට කියුබාව ගැන තව කරුණු කිපයක් සඳහන් කරන්න ඕනෑ. ෆිදෙල් කියන විදිහට එක්සත් ජනපදයට හෝ ජාත්‍යන්තර ප්‍රජාවට කියුබාවට එරෙහිව මානව හිමිකම් චෝදනා එල්ලකළ නොහැකි ලෙස කියුබාව මානම හිමිකම් රැකල තියෙනවා. කියුබාවට එරෙහිව ත්‍රස්තවාදී කටයුතුවල නිරතවූ අය පවා නිදහස් කරල තියෙනවා. ඇමරිකාව වගේ සිරකරුවන්ට වධදීම කරලම නැහැ. ත්‍රස්තවාදී කටයුතුනිසා මිස ‘අදහස් නිසා’ කිසිවෙකු සිරගත කරල නැහැ. විප්ලවයෙන් පසු මේ දක්වා කිසිදු උත්ඝෝෂණයක් මැඩලීමට කඳුළු ගෑස්, බැටන් ප්‍රහාර යොදාගෙන නැහැ. නිල නොවන මැරකල්ලි, සන්නද්ධ කණ්ඩායම් නැහැ. විප්ලවයෙන් පසු කිසිවෙකු අතුරුදන් වී නැහැ. කියුබාව විවේචනය කරන කියුබානු විරෝධි විදේශ සඟරා උවත් කියුබාව තුළ තියෙනවා. මිලදී ගන්න පුළුවන්, ඒත් ඒව මිලදී ගත යුත්තේ ඩොලර්වලට. තම රටේ සල්ලි ඒව සඳහා යෙදවීමට සූදානම් නැති බවත් එම සඟරා බැලීමට කැමති අය ඩොලර්වලින් මිලදී ගත යුතු බවත් ෆිදෙල් කියනවා. එවිට එය කළ හැකි වන්නේ ඩොලර් උපයන අයට පමණයි. හැම ගැටලුවකටම ෆිදෙල් හා කියුබාව විසඳුම් හොයල තියෙන්නේ වෙනස් ක්‍රමවලින් සම්ප්‍රදායික ක්‍රම වලට පිටින් වෙන රටක් නම් කරන්නේ තම රටට එරෙහි සඟරා තහනම් කරන එක. එහෙම වුණාම ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැහැ. කියවීමේ නිදහස නැහැ කියල ගැටලු මතුවෙනව. ඒ නිසා කියුබාව කියුබානු විරෝධි විදේශ සඟරා ගෙන්වීමට ඉඩදෙනව ඒ අතර ඒව ඩොලර්වලින් පමණක් මිලදී ගැනීමට සලස්වල ඉන් වෙන හානියත් අවම කර ගන්නව.
ඒ වගේම කියුබාවේ තවත් විශේෂයක් තියෙනවා කියුබානු ව්‍යවස්ථාවට අනුව පුරවැසියන් 10,000කට වැඩි ප්‍රමාණයක් අස්සන් සහිතව ව්‍යවස්ථා සංශෝධනයක් භාර දුන්නොත් එය ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුයි. ඒ කියන්නේ පුරවැසියන් 10,000කගේ අස්සනින් ව්‍යවස්ථාව සංශෝධනය කළ හැකියි. මේ ගැන කියද්දි ලේඛකයා අහනව පසුගිය කාලේ කිසියම් විරුද්ධ පිරිසක් එවැනි සංශෝධනයක් අත්සන් කර බාර දුන්නා ඒත් එය ඔබ භාර ගත්තේ නැහැ. ඒ ඇයි කියලා. එවිට ෆිදෙල් කියනවා එම සංශෝධනය බාර නොගන්නා ලෙස ඉල්ලා මිලියන ගණනකගේ අස්සන් සහිත පෙත්සමක් ලැබුනා. ඒ නිසා අපි කලින් එක ගත්තේ නැහැ කියලා. ඉතින් මේ සියලු කරුණු වලින් අපට පේනවා කියුබාව තමන්ට ආවේනික සමාජවාදයක්, වඩාත් ජනතාවදී ප්‍රජාතන්ත්‍රවාදයක් පවත්වාගෙන යන බව. ඒතුළ මර්ධනය නැහැ. ඒ වගේම හතුරන්ට හා කුමන්ත්‍රණවලට ඉඩක් දෙන්නේ නැහැ. සියල්ලේදීම ෆිදෙල්ගේ මතවාදී මග පෙන්වීම පවතින බව පේනවා.
පසුගිය 20වන සියවස ලෝකයට විශිෂ්ඨ සිදුවීම් රැසක් එක්කළා. විශිෂ්ඨ නායකයින් රැසක් බිහිකළා. 1917 ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය එහි පළමුවැන්නයි. එම සියවසේ පළමුවැනි විශිෂ්ඨයා ලෙනින්. ඒ වගේම චීන විප්ලවය, වියට්නාම් විප්ලවය තවත් විශිෂ්ඨ සිදුවීම් වුණා. ඒ අතරට 1949 ජන 01දා ඇතිවූ කියුබානු විප්ලවයත් විශිෂ්ඨතම සිදුවීමක්. එම සියවසේ විශිෂ්ඨ නායකයින් අතර ෆිදෙල්ද විශිෂ්ඨයෙක් වෙනවා. සමාජවාදී කඳවුරේ දැවැන්තයා වූ සෝවියට් දේශය බිඳ වැටී තිබියදීත් එක්සත් ජනපදය පාමුල දනින් නොවැටී සිටිම මගින් කියුබාව තමන් කුමන ආකරයේ රටක්ද යන්න ඔප්පු කළා. කියුබාවට එල්ල වූ සියලු අභියෝග හමුවේ කියුබාවේ සමාජවාදයත් එහි නිදහසත් ජනතාවගේ ගරුත්වයත් රැකදීමට නායකත්වය දීම හා මගපෙන්වීම තුළින් තමන් කුමන වර්ගයේ පුද්ගලයෙක්ද යන්න ෆිදෙල් නේවා තියෙනවා. කියුබාව අපට කොපිකරන්න බැහැ. කවුරුහරි එහෙම හිතනවනම් එය නිර්මාක්ස්වාදීයි. ඒත් කියුබානු විප්ලවයෙන් අපට ඉගෙන ගත යුතු දේ බොහෝ තියෙනවා. විශේෂයෙන් විප්ලවයට වසර 50ක් පිරෙන මේ මොහොතේ අප ඒ ගැන වැඩි අවධානයක් යොදවන ඒක හොඳයි. ඒ වගේම විප්ලවකාරී තරුණයෙක් ලෙස සටන්කාමියෙක් ලෙස ගරිල්ලා කණ්ඩායමක අනදෙන්නා ලෙස, රාජ්‍ය නායකයෙක් ලෙස, කොමියුනිස්ට්වාදියෙක් ලෙස, ජනතාවදියෙක් ලෙස හා සැබැ මිනිසෙක් ලෙස ෆිදෙල්ගේ ජිවිතය තුළ පැවති විශේෂ ගුණාංග පිළිබඳ අපි ගැඹුරින් හිතා බැලිය යුතු වෙනව. එවන් ගුණාංග සහිත මිනිසුන් ඉල්ලා සිටින මෙවැනි කාලයක එම ගුණාංග වලින් යමක් අපේ ජිවිතවලට එකතුකර ගැනීමට අප කටයුතු කළ යුතු වෙනව. විශේෂයෙන් ඔහුතුළ වූ මිනිස්කම, ආචාර්යධර්ම, ප්‍රතිපත්තිගරුක බව, කීර්තියට ගිජු නොවීම, වරප්‍රසාද නොලැබීම, සරලබව, සෘජු බව, පරාජය හමුවේ නොවැටී සිටිමේ ගුණය, ධෛර්ය, ක්‍රියාකාරිත්වය ගැන තව තවත් හදාරමින් ඉන් ඉගෙන ගත යුතු වෙනව. මෙය ෆිදෙල් ගැන අන්ධ භක්තියෙන් කරන පුද්ගල වර්ණනාවක් ලෙස නොව ඔහුගේ ජීවිතයේ වටිනාකම් පිළිබඳව කළ කථාබහක් ලෙස අප සැලකිය යුතුයි කියලා අපි හිතනවා. ෆිදෙල්ම කියන ලෙස ඔහුත් වැරදි කරලා තියෙනවා. විවිධ අඩුපාඩු එහු සතුව ඇති ඒත් ඊට ඉහළින් තිබෙන ගුණාංග ගැන කථා කිරීමට ඒව අප බාධාකරගත යුතු නැහැ. ඉතිං අවසාන වශයෙන් අපි ෆිදෙල්ගෙන් ඉගෙන ගනිමු. කියුබාවෙන් යමක් ඉගෙන ගනිමු. ෆිදෙල්ගෙන් කියුබාවෙන් පමණක් නොවෙයි යමක් ඉගෙන ගත හැක්කේ කොතනින්ද? කාගෙන්ද? ඒ හැම තැනින් ඒ හැමදෙනාගෙන් ඉගෙන ගනිමු යයි යෝජනා කරමින් අපේ සාකච්ඡාව අවසන් කිරීමට බලාපොරොත්තු වෙනව. අප දේශපාලනයේදී සත්‍ය ගරුක විය යුතුයි. ෆිදෙල්, රමෝනේ සමග පැය 100ක් පුරා කථාකළ සාකච්ඡාව අවසන් කරමින් එක් වාක්‍යයක් කියනවා. ඒ තමයි “We will never tel yon a lie” – (අපි ඔබට කිසිදාක බොරු නොකියන්නෙමු )යන වාක්‍යය මෙය ඕනෑම සැබෑ විප්ලවාදීයෙකුට ගැලපෙන වදනකි. එය අවධාරණය කරමින් අදට අපි ඔබෙන් සමුගන්නවා.

අපේ කාලයේ ආදර්ශය; ෆිදෙල්