වියට්නාමයට නව ජනාධිපතිවරයෙක්

SHARE

වියට්නාමයේ අගමැතිව සිටි න්ගුයෙන් ක්ෂුආන් එරට නව ජනාධිපතිවරයා ලෙස මෙම අප්‍රියෙල් මාසයේදී තෝරා පත් කර ගැනුණි. 1954 වර්ෂයේදී උපත ලැබූ ඔහු වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වන්නේ 1982 වසරේදීය. හැනොයි ජාතික ආර්ථික සරසවියේ ආර්ථික කළමනාකරණය පිළිබඳ උපාධිධාරියෙකු වන ඔහු වියට්නාමයේ 10වැනි ජනාධිපතිවරයාය. ඔහුගෙන් පසු වියට්නාමයේ නව අගමැතිවරයා ලෙස තේරී පත් වූයේ පෑම් මින් චින්ය. ඔහු වියට්නාමයේ 8වැනි අගමැතිවරයා වන අතර 1959 වසරේදී උපත ලබා ඇත. ඔහු 1986 වසරේදී කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වූවෙකි.

Vietnam's pandemic-response leader Phuc sworn in as president - Global Times

වියට්නාමයට නව ජනාධිපතිවරයෙක්