කේරලයේ වමට ජය

SHARE

ඉන්දියාවේ වාමාංශික ප්‍රාන්ත  පාලනයක්  පවතින කේරලයේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබා ගැනීමට එරට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සමත් වී සිටී. ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඉන්දියාවේ ප්‍රධාන කොමියුනිස්ට් පක්ෂ දෙකෙහි නායකත්වයෙන් සෑදී ඇති සන්ධානයකි. මෙම මැතිවරණයේදී දිස්ත්‍රික් පංචායත් සභා 14න් 11කත් නාගරික සභා හයෙන් පහකත්  බලය ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ විසින් දිනාගනු ලැබීය. 2015  වසරේ පැවති මැතිවරණයේදී ඔවුන්ට හිමිව තිබුණේ දිස්ත්‍රික්ක පංචායත් සභා පහක් සහ නාගරික සභා හතරක් පමණි.

කේරලයේ වමට ජය