නේපාලයේ යළි මතු වන බල අරගලය

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

වසර ගණනාවක් තිස්සේ පැවැති සන්නද්ධ ගැටුම් හා මෑත ඉතිහාසයේ සිදු වූ දරුණුතම භූමිකම්පාවට මුහුණ පා සිටින නේපාලය, නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමෙන් පසුව හෝ දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වයක් ලබා ගනීවි යැයි එරට ජනතාව බලාපොරොත්තු විය. මෙවැනි වටපිටාවක් තුළ එරට ජනාධිපති ධුරය සදහා නේපාල කොමියුනිස්ට් පක්ෂයේ බින්ද්‍යා දේවි බන්ධාරිව පත් කර ගන්නා ලදී. එය ලෝකයේ අවධානයට යොමු වූ කරුණක් විය. ඒ අතරම තෙරායි ප‍්‍රදේශයේ ජන කොටස් නව ව්‍යවස්ථාව ප‍්‍රතික්ෂේප කරමින් විරෝධතා දැක්වීම ආරම්භ කරන ලදී. කෙසේ වෙතත්, මෙම කරුණු හේතුවෙන් නේපාලය තුළ යළිත් දේශපාලන අස්ථාවරත්වයක් මතුවෙමින් පැවතිණිි. නේපාලයට තවත් බල පෙරළියක කුණාටුවක් හමා එන්නට විය. එනම් එරට අගමැති කේ. පී ශර්මා ඕලිට විරුද්ධව පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වීම නිසා ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්විය.

පසුගිය මැයි මාසයේදී ද අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වුවද, මාවෝවාදී කේන්ද්‍රයේ පුෂ්ප කමල් දහාල් විසින් ඕලිට සහාය දැක්වීමට එකග වීම නිසා එය වැළකී
ගියේ ය. නමුත්, පසුව පුෂ්ප කමල් දහාල් විසින් විශ්වාසභංගය ඉදිරිපත් කළ නේපාල මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂ එකතුව සමග එක් වීම මත අගමැති ඕලිට විශ්වාසභංගය ජය ගැනීමට තරම් මන්ත‍්‍රී සංඛ්‍යාවක් නොවී ය. විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වීමේ දී ඊට සහය දීමට පුෂ්ප කමල් දහාල් විසින් තීරණය කිරීමට කරුණු කීපයක් හේතු විය.

x පසුගිය වසරේ කත්මණ්ඩු ප‍්‍රදේශයේ සිදු වූ භූමිකම්පාවෙන් විශාල ලෙස විනාශයට පත් වූ ප‍්‍රදේශ යළි ගොඩනැ`ගීම වේගවත් නොකිරීම.
x මැයි මාසයේ ඇති වූ එක`ගතාවය මත මාස දෙකකින් අගමැති ධුරය පුෂ්ප කමල් දහාල්ට භාර නොදීම.
x ජන ආන්දෝලනයන් දෙක සමයේ ඇති වූ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සම්බන්ධයෙන් නේපාලයේ මාක්ස්වාදී කේන්ද්‍රයේ සාමාජිකයන් ගැන විමර්ශන කටයුතු කිරීම.

තමාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම සදහා ඉන්දියානු මැදිහත් වීමක් ද ඇති බව ඕලිගේ මතයයි. ඕලි චීනය සමග වෙළෙද ආර්ථික ගිවිසුම්
ගණනාවකට එළැඹ ඇත. චීනයේ සිට නේපාලය දක්වා තෙල් නළ මාර්ගයක් හා දුම්රිය මාර්ගයක් ඉදි කිරීමේ ගිවිසුමක් අත්සන් කිරීම හරහා ඉන්දියාවට නේපාලයේ විදේශ ගනදෙනු පාලනය කිරීමට අසීරු වී ඇත. එමෙන් ම ඉන්දියාවේ විදේශ අමාත්‍යංශයේ උත්සාහය වූයේ නව ව්‍යවස්ථාව ම`ගින් ඉන්දියානු දේශසීමාව ආසන්නයේ පදිංචිව සිටින තෙරායි ප‍්‍රදේශයේ ජන කොටස්වල ඉල්ලීම්වලට පිළිගැනීමක් ලබා දීමයි. එහෙත්, නේපාලයේ සම්මත කර ගන්නා ලද නව ව්‍යවස්ථාව ඉන්දියානු විරෝධතාවය ද නොතකා හැරීමකි.

එසේම ඉන්දියාව නේපාලයේ නව අගමැතිවරයා ලෙස පත් වේ යැයි බලාපොරොත්තු වූයේ නේපාල් කොංග‍්‍රසයේ සුසිල් කොයිරාලය. එනමුත්, පත් වූයේ පොදුවේ ඉන්දියාවේ විරෝධය වූ කේ.පී. ඕලිය. කෙසේ වෙතත්, නව ව්‍යවස්ථාවට විරෝධය පළකරමින් ඉන්දියාවට මායිම්ව පැවති තෙරායි ප‍්‍රදේශය තුළ ඉන්දියානු දේශසීමා හා මුර පොළවල් වසා දමමින් විරෝධතා දැක්වීය. මේ නිසා නේපාලයට ඉන්ධන ප‍්‍රවාහනය කිරීම නැවතිණි. එසේ ම විශාල හානියක් වූ නේපාල භූමිකම්පාවෙන් හානියට පත් වූ ගොඩනැ`ගිලි යළි ඉදි කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට ද බාධාවක් විය.

එසේ ම නේපාල සංචාරක කර්මාන්තයට ද මෙය අහිතකර ලෙස බලපෑම් ඇති කරන ලදී.
මා ඕවාදී කේන්ද්‍රයේ සහ නේපාල කොංග‍්‍රසයේ සභාව එක් වී අලූතින් පිහිටුවන ලද ආණ්ඩුවේ මුල් මාස 09 තුළ අගමැති තනතුර පුෂ්ප කමල් දහාල්ට හිමි වන අතර, 2018 පාර්ලිමේන්තුව විසුරුවන තෙක් ඉතිරි කාලය තුළ අගමැති ධුරය හිමිවන්නේ නේපාල කොංග‍්‍රස් නායක ෂර්භහා¥ර් ඩිවුවෝටය. වත්මන් අගමැති පුෂ්ප කමල් දහාල් නොහොත් ප‍්‍රචණ්ඩා දෙවෙනි වතාවටත් බලයට පැමිණි ලොව ප‍්‍රථම කොමියුනිස්ට්වාදියා විය. කෙසේ වුවද අගමැති දහාල්ගේ මෙම නව රජය පිහිටුවීමට හැකියාව ලැබී ඇත්තේ ද මදේශි පක්ෂය සමග ද ඇති කර ගන්නා එක`ගතාවයන් කීපයක් මත ය. එහෙයින් එම කරුණු ඉටු වන තෙක් ඔවුන් අවධානයෙන් සිටිනු ඇත.
කෙසේ වෙතත්, එක්සත් ජනපදයේ බලය ආසියාව තුළ දිගහැරීමේ වැඩපිළිවෙළට සහයෝගය දීමට ඉන්දියාව එකග වී සිටී. එයට හේතුව කලාපය තුළ ඉන්දියාව හා චීනය අතර ඇති ප‍්‍රතිවිරෝධතාවය හේතුවෙනි. නමුත් මෙම බල ව්‍යාපෘතිය හමුවේ අවසානයේ ගොදුරක් බවට පත්ව ඇත්තේ නේපාලයේ ජනතාවය.

නේපාලයේ යළි මතු වන බල අරගලය