ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු කුමක්ද?

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

අධිරාජ්‍යවාදයේ එක් ලක්ෂණයක් වන්නේ ආර්ථික බලවතුන් අතර ලෝකය නැවත බෙදා ගැනීමට උත්සාහ කිරීමය. එහි පළමු ප්‍රයත්නය පළමුවැනි ලෝක යුද්ධයට මග පෑදීය. ඊට මූලික වූයේ ජර්මනියයි. පළමුවැනි ලෝක යුද්ධය නිමා වූයේ සමාජවාදී සෝවියට් දේශය බිහිවීමෙනි. යළිත් මෙම අධිරාජ්‍යවාදී අවශ්‍යතාවය වෙනුවෙන් ලෝකයේ රටවල් යුද වැදුනු අතර එම දෙවන ලෝක යුද්ධය ආරම්භ කළේද ජර්මනියමය. ඒ, 1939 දී පෝලන්තය ආක්‍රමණය කරමිනි. එහිදී ජර්මනිය විසින් සෝවියට් දේශයද ආක්‍රමණය කළේය. දෙවන ලෝක යුද්ධය නිමා වූවේ ජර්මනියට හා ජපානයට පරාජය ලබාදෙමින් සෝවියට් දේශය, බි්‍රතාන්‍යය, එක්සත් ජනපදය ඇතුළු මිත්‍ර පාර්ශවය ජයගනිමිනි. ඒ සමගම නැගෙනහිර යුරෝපය ඇතුළු සමාජවාදී රාජ්‍ය පද්ධතියක්ද බිහිවිය.

කෙසේ වෙතත් මෙම යුද්ධය ලෝක ඉතිහාසයේ දැවැන්තම මානව හා භෞතික හානිය සිදුවු යුදමය තත්වය බව කියනු ලැබේ. මෙම යුද්ධය අවසානයේ නැවත වරක් එවැනි යුද්ධයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහාත් යුද්ධයෙන් කඩා වැටුණු රටවල ආර්ථිකය ගොඩනැංවීම සඳහාත් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වුණි. එක්සත් ජාතීන්ගේ සංගමය බිහි වන්නේ එවන් වටපිටාවක් තුළය. එය මෙතෙක් ලෝකයේ සාමය ආරක්ෂා කර ගැනීම සඳහා පිහිටුවා ගෙන තිබු ජාතීන්ගේ සංවිධානයට වඩා ලොව රටවල්වලට බලපෑම් කළ හැකි ප්‍රබල මට්ටමේ ජාත්‍යන්තර සංවිධානයක් විය. මෙම සංවිධානය මූුලික අනුබද්ධ ආයතන 06 කින් සමන්විත වූවකි.

  • මහා මණ්ඩලය
  • ආරක්‍ෂක මණ්ඩලය
  • භාරකාර මණ්ඩලය
  • ජාත්‍යන්තර අධිකරණය
  • මහලේකම් කාර්යාලය
  • ආර්ථික හා සාමාජික කටයුතු පිළිබඳ මණ්ඩලය

එම මූලික ආයතන ලෙස හඳුනා ගත හැකිය.                                   

මෙම මූලික ආයතන අතරින් ආර්ථික හා සාමාජික කටයුතු පිළිබඳ මණ්ඩලය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානතම ආයතනයකි. මෙම ආයතනයේ මුළු සාමාජිකයන් ගණන 54කි. මෙහි නිල කාලය වසර 03කි. මානව සංහතියේ ආර්ථික හා සමාජීය වර්ධනය දියුණු කිරීම මෙම ආයතනයේ ප්‍රධාන වගකීම වේ. මෙම ආයතනය තම කටයුතු කරගෙන යාමට තවත් අනුබද්ධ ආයතන ගණනාවක් උපයෝගි කර ගැනීමද විශේෂ ලක්ෂණයකි.

  • ජාත්‍යන්තර කම්කරු සංවිධානය
  • ආහාර හා කෘෂිකර්ම සංවිධානය
  • ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
  • ලෝක සෞඛ්‍ය සංවිධානය
  • එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක, හා සංස්කෘතික සංවිධානය
  • තීරු බදු හා වෙළඳාම පිළිබඳ පොදු සම්මුතිය
  • ප්‍රතිසංස්කරණ හා සංවර්ධනය පිළිබඳ අන්තර් ජාතික මණ්ඩලය

වෙළඳාම හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මන්ත්‍රණ මණ්ඩලය වැනි ආයතනයන් මෙය හා සම්බන්ධ අනුබද්ධ ආයතනයන් ලෙස අදටත් කටයුතු කරනු දැකිය හැක.

ආර්ථික හා සාමාජික කටයුතු පිළිබඳ මණ්ඩලයේ අනුබද්ධ ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ෂඵත්‍) යනු 1944දී ඇමරිකා එක්සත් ජනපදයේ බ්‍රෙට්න් වුඞ්ස් (ඊරුඑඑදබ උදදාි) හි පැවති සම්මුතියකින් පසුව බිහි වූ මූල්‍ය සංවිධානයකි. බ්‍රෙට්න් වුඞ් සමුළුව අධිරාජ්‍යවාදී කඳවුරේ වුවමනා වෙනුවෙන් ක්‍රියාත්මක වීම සඳහා ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක වෙළඳ සංවිධානය පිහිටුවාගත් අතර ඉන් මූල්‍ය පාලනය පිළිබඳ ආයතනය වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලය. ආරම්භයේදී මෙම සංවිධානය පිහිටුවා ගැනීමේ සමුළුවට රටවල් 44ක් නියෝජනය කරමින් නියෝජිතයින් 730ක් සහභාගි වී ඇත.

ලොව සුපිරි බලවතුන් හතක් වන එක්සත් ජනපදය, එක්සත් රාජධානිය හෙවත් මහා බි්‍රතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ජපානය, ඉතාලිය සහ කැනඩාව ඇතුළු රටවල් 21ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්ථීර සාමාජිකත්වය භුක්ති විඳියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පාලනය කරන ආයතනයක් වන අතර එහි ව්‍යවස්ථාවට අනුව එක්සත් ජනපදය පමණක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සියලුම ප්‍රධාන තීරණ සම්බන්ධයෙන් නිෂේධ බලයක් භුක්ති විඳින බව සඳහන් කළ හැකිය. එම තත්වය තුළින්ම පැහැදිලි වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු ඇමෙරිකාවේ බලපෑමට යටත් ආයතනයක් බවය.

මෙලෙස ගොඩනැගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් ෂඵත්‍ ආයතනය පිහිටුවීමේ ප්‍රකාශිත අරමුණු කිහිපයක් අපට හඳුනා ගත හැකිය. ඒවා අතර පහත අරමුණු කැපී පෙනේ. මූල්‍ය අරමුදලේ සාමාජික රටවල් අතර මූල්‍යමය සහයෝගීතාව ඇති කරගැනීම, විදේශ විනිමය අනුපාතවල ස්ථාවරත්වය සහතික කිරීම, ජාත්‍යන්තර වශයෙන් සිදුවන්නා වූ වෙළඳාමේ ගලායාම දිරිගැන්වීම සඳහා විනිමය පාලනය ඉවත් කිරීම යන කරුණු අරමුණු අතර වේ. ජාත්‍යන්තර වෙළඳාමේදී පැවති පැරණි ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම් වෙනුවට බහුපාර්ශ්වික වෙළඳ සහ ගෙවීම් පද්ධතියක් ස්ථාපිත කිරීමත් ලෝක වෙළඳාම තුළ ඇති සියලු බාධක ඉවත් කිරීම මගින් ජාත්‍යන්තර වෙළඳාම ප්‍රවර්ධනය කිරීමත් සාමාජික රටවල සමතුලිත ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට උපකාර කිරීමත් මෙහි අරමුණු අතර කැපී පෙනේ. ලොව බොහෝ රටවල ගෙවුම් ශේෂයන්හි ඇති වන අසමතුලිතතාවය ඉවත් කිරීම හෝ අඩු කිරීමත් ධනවත් රටවලින් දුප්පත් රටවලට ප්‍රාග්ධනය අපනයනය ප්‍රවර්ධනය කිරීමත් මෙහි ප්‍රකාශිත අරමුණු අතර දැකිය හැකිය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංවිධාන ව්‍යුහය දෙස බලන විට එය අධිරාජ්‍යවාදීන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සකස් වූ මූල්‍යමය ආයතනයක් බව අද දක්වා එහි ක්‍රියාත්මක වූ වැඩපිළිවෙළවල් මගින් මැනවින් පැහැදිලි වේ. එහිදී මූල්‍ය අරමුදල තමන් සතු ප්‍රාග්ධනය ලොව දුප්පත් රටවල ආර්ථිකය නගා සිටුවීමට යෙදවීම තුළින් තුන්වන ලෝකයේ රටවල ආර්ථිකයට ඇඟිලි ගසන අධිරාජ්‍යවාදී බලවතුන්ගේ අතේ ඇති ආයුධයක් බවට පත්වී අවසන්ය. මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමන් ලබා දෙන්නා වූ මූල්‍ය ප්‍රතිපාදනයන්ට මුවාවෙමින් විවිධ කොන්දේසි මගින් තුන්වැනි ලෝකයේ රටවල් සමඟ මෙහෙයුම් කරන ක්‍රම ගණනාවක්ද අපට හඳුනාගත හැකිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යම් රටකට ණය ලබාදීමේදී තාක්ෂණික කරුණුවලට වඩා අවධානය යොමු කර තිබෙන්නේ ණය වෙනුවෙන් අමුණා ඇති කොන්දේසි කෙරෙහිය. ඔවුන් තමන් ලබාදෙන්නා වූ සෑම ණය වර්ගයකටම අප්‍රකාශිත හෝ ප්‍රකාශිත කොන්දේසි පනවනු ලැබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තම ක්‍රියාකාරිත්වයේදී සිය සාමාජිකයින්ට ඔවුන්ගේ මුදල් ඒකකවල හුවමාරුවට අනෙකුත් සාමාජිකයින්ගේ මුදල් ඒකක විකිණීමට හෝ ීෘඍ :ීචැජස්ක ෘර්අසබට ඍසටයඑි* ලබාගැනීමට අවශ්‍ය පහසුකම ලබාදී තිබීම විශේෂ ලක්ෂණයකි. මෙම හැසිරවීම මගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සම්පූර්ණ සංචිතය වෙනස් නොවන අතර එහි සංයුතිය පමණක් වෙනස් වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සම්පත් ස්ථිර ප්‍රතිපත්ති මගින් සාමාන්‍ය ගෙවීම් පියවීමට අදාළ අරමුණු සඳහා ලබා ගත හැකිවීමද විශේෂ ලක්ෂණයක් වේ. නිශ්චිත අවශ්‍යතා සඳහා ස්ථිර පහසුකම් වශයෙන් වන්දි සහ හදිසි මූල්‍ය පහසුකම් සැපයීමද ස්වාරක්ෂක තොග පහසුකම් සහ විස්තීරණ මූල්‍ය පහසුකම් ලබාදීමද මුල්‍ය අරමුදල විසින් සිදු කරනු ලබයි. තාවකාලික පහසුකම් වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තෙල් පහසුකම් ලබාදීම, අවශ්‍ය වුවහොත් පරිපූරක මූල්‍ය පහසුකම් සැපයීම යනාදිය සිදු කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්පත් සඳහා වූ පුළුල් ප්‍රවේශය පිළිබඳ ප්‍රතිපත්තියද මෙහි විශේෂිත සම්ප්‍රදායක් වන්නේය.

සංචිත කොටස් ලබාගැනීම හැරුණු විට යම් සාමාජික රටක් ණය ඉල්ලීම් කළහොත්  “ඒවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් දක්වන ප්‍රතිපත්ති අනුගමනය

කර එම රටෙහි ගෙවුම් ශේෂයේ දුෂ්කරතා මඟහරවා ගැනීමට  අදාළ රට පියවර ගැනීම කළ යුතුය” යන්න මෙහි මූලික ස්ථාවරයක් වී තිබේ. එම ණය ලබා ගැනීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සම්බන්ධ ව්‍යවස්ථාවන්හි ප්‍රතිපාදනවලට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපාදනවලට අනුකූලද යන පරීක්ෂාවට ලක් කිරීමද දැකිය හැකි තවත් ලක්ෂණයක් වේ.

තුන්වන ලෝකයේ රටවල් මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන ණය මතින් ඇති කරන ලද ප්‍රතිඵල පිළිබඳව ලොව විවිධ ආර්ථික විශ්ලේෂකයන් විසින් සිය අදහස් ඉදිරිපත් කරනු ලැබ තිබේ. “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි පැකේජය තුන්වන ලෝකයේ රටවල ව්‍යුහාත්මක ගෙවුම් ශේෂ හිඟය නිවැරදි කිරීමටම සැලසුම් කර නොමැත” යන්න එවැනි විවේචනයකි. මෙවැනි කොන්දේසි බොහෝදුරට ආර්ථික තාර්කිකත්වයෙන් තොර වන අතර බොහෝ දුරට අදාළ රටවල ආර්ථික අර්බුදය තව තවත් උග්‍ර කිරීමට හේතු වන බව ඔවුන්ගේ අදහස වේ. මෙම ණය කොන්දේසි කොතරම් දැඩිද යන්න බොහෝ විට ණය ගැතියන් ඒවාට අනුගත වීමට අසමත් වීම තුළින්ම පැහැදිලි වන බව ඔවුන්ගේ තවත් අදහසක් වේ.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පනවනු ලබන කොන්දේසි සම්බන්ධයෙන් එම ආයතනයට පරිශුද්ධභාවයක් නැත” යන්නද ඔවුන්ගේ අදහසකි. සමහර විටෙක එය සුළු අඩුපාඩුවක් අල්ලා ගත හැකි නමුත් සමහර විටෙක ප්‍රධාන උල්ලංඝනය කිරීම් නොසලකා හැරීමටද කටයුතු කරයි. මූල්‍යය අරමුදලේ අරමුණ වී තිබෙන්නේ ණය ගැණුම්කරු ඉතා ඉක්මනින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාජ්‍ය නිර්බාධ ප්‍රතිපත්තියට අනුගත වීමට බල කිරීම බවද අපට පැහැදිලි වන්නේ ලංකාව වැනි රටවල් අද මුහුණ පා තිබෙන තත්වය නිසාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අද ලොව බොහෝ රටවලට ණය පහසුකම් සපයන අන්තර්ජාතික බැංකු නිශ්චිත වශයෙන් නොවුණත් බොහෝ අවස්ථාවලදී ඔවුනොවුන් එකට එකතු වී කටයුතු කරන බව ඒවායේ ක්‍රියාකාරිත්වය තුළින් තහවුරු වේ.

1979දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණයක් ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට ජනතා විරෝධී ප්‍රතිපත්ති ගණනාවක් අනුගමනය කිරීමට සිදු විය. ආනයන සහ මිල පාලනයන් ඉවත් කිරීම, ණය ලබා දීමෙන් පසු ආහාර සලාකයට දෙන සහනාධාර අහෝසි කිරීම, විදේශ ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම සඳහා අපනයන සැකසුම් කලාප ස්ථාපිත කිරීම යනාදිය සිදු කරන ලද්දේ මූල්‍ය අරමුදලේ කොන්දේසි මතය. මෙම තත්වය වර්තමාන කොන්දේසි මගින් තවත් දුරට රැගෙන ගොස් ඇති බව පෙනී යයි.

මූල්‍ය ප්‍රතිපත්තියේ විනය නමැති ජනප්‍රිය කොන්දේසි මගින් වැඩි පොලී අනුපාතික මගින් මූල්‍ය ප්‍රසාරණය සීමා කිරීමද අයවැය හිඟය ‘කළමනාකරණය කළ හැකි සමානුපාත’ වල පවත්වා ගැනීම අවශ්‍ය වීම හේතුවෙන් මහජනයා වෙනුවෙන් කරන වියදම් නොඑසේනම්  සහනාධාර කප්පාදුව සිදුකළ යුතුවීමද ජාත්‍යන්තර අරමුදලේ කොන්දේසි අතර විශේෂිත තත්වයන් වේ.

සුජීව දිසානායක (Left / 2023 Apr -Sep)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු කුමක්ද?