ලිංගිකත්වය සහ ස්ත්‍රී පුර්ෂ සමාජභාවය

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

ලිංගභෙදය සහ ස්ත්‍රි පුර්ෂ සමාජභාවය යන්න තරමක් සමාන අර්ථවකින් භාවිතා කිරීමට අපි හුරු වී ඇත්තෙමු. නමුත් පසුගිය කාලය තුල මේ සම්බන්ධයෙන් ලෝකය තුළ ඇති වූ සංවාදය තුල මේ දෙක සංකල්ප දෙකක් වශයෙන් අර්ථ විවිරණය කොට ඇත. එය ලාංකීය සමාජ සංවාදය තුලටද ඇතුළත්ව ඇත. මෙම සංකල්ප පිළිබඳ සරළ හෝ අදහසක් පැවතීම අපගේ ආකල්ප සකස් කර ගැනීමේදී සහ පවතින සමාජ සංවාදය වටහා ගැනීමේ සහ ඊට ඇතුල් වීමේ අර්ථයෙන් වැදගත් වනු ඇත.

ලිංගභේදය යනු ගැහැණු සහ පිරිමි අතර ඇති ජීව විද්‍යාත්මක වෙනස්කම වශයෙන් හැඳින්විය හැකිය.

ලිංගභේදය තීරණය කරන සාධක කිහිපයක් ඇත. එනම් වර්ණ දේහ, භාහිර හා අභ්‍යන්තර ලිංගික අවයව සහ ශාරීරික හෝමෝන ක්‍රියාකාරිත්වය යි. සාමාන්‍යයෙන් ගැහැණුන්ට සහ පිරිමින්ට වර්ණදේහ 46 ක් ඇති අතර ඒවා පවතින්නේ යුගල 23 ක් වශයෙනි. ගැහැණුන් සතුව පවතින්නේ ං වර්ණදේහ යුගල 23 ක් වන අතර පිරිමින්ට පවතින්නේ ං සහ හ වර්ණදේහ යුගලය බැගිනි මෙම වර්ණදේහ නැතිනම් ක්‍රොමසොම වෙනස මගින් ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වය වෙනස් කරනු ලබයි. උදාහරණයක් ලෙස ස්ත්‍රීන්ගේ ශරීරයේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටෙරෝන් ඉහළ මට්ටමක පවතින අතර එමඟින් ශරීරයේ මූලික සහ ද්වීතීක ලිංගික ලක්‍ෂණ උත්තේජනය කරයි. පියයුරු සහ ඔසප් වීම ආදිය උදාහරණයක් ලෙස ගත හැක.

අනෙක් අතට පිරිමි ශරීරය තුළ ෆොස්ටස්ටෙරෝන් හෝමෝනය කාන්තාවන්ට සාපේක්‍ෂව ඉහළ මට්ටමක ඇත. මෙම ජානමය වශයෙන් පාලනය වන දේවල් වල ප්‍රතිඵලයක් වශයෙන් ස්ත්‍රීන් සහ පුර්ෂයින් අතර ජෛව විද්‍යාත්මක මෙන්ම කායික වෙනස්කම්ද ඇති කෙරෙනවා.

කෙසේ වෙතත් අප සරලව ලිංගභේදය ස්ත්‍රී-පුර්ෂ යන දෙකොටසට පමණක් බෙදුණු ලැබුවද එය ඊට වඩා සංකීර්ණ එකක් බව නූතන විද්‍යාව සොයාගෙන තිබෙනවා. සමහර විටෙක සමහර ගැහැණුන් හ වර්ණදේහයක් සමගද පිරිමින් ං වර්ණදේහයන් 03ක් සමගද උපත ලබනවා. මේ අනුව අන්තර් ලිංගික අය බිහිවන අතර ඔවුන් ස්ත්‍රී සහ පුර්ෂ ලක්‍ෂණ දෙකම පෙන්නුම් කරනවා. මේ අයුරින් ලිංගභේදය අප සිතනවාට වඩා තරමක් සංකීර්ණ එකක් වන අතර අන්තර් ලිංගික හෝ ද්වි ලිංගික ප්‍රමාණය 0.1% පමණ යැයි සැලකෙනවා. එනම් ලෝකයේ ජනගහනයෙන් මිලියන 7.5ක් පමණ අන්තර් ලිංගිකයින් ජීවත් වෙනවා.

නමුත් ස්ත්‍රී පුර්ෂ සමාජභාවය විස්කර කිරීම තරමක් සංකීර්ණ කටයුත්තක්ව ඇත. නමුත් මෙය සමාජයක් තුල ස්ත්‍රියගේ සහ පුර්ෂයාගේ කාර්යභාරය, භූමිකාව හෝ ලිංගික අනන්‍යතාවය ලෙස හැඳින්විය හැකිය. එනම් ස්ත්‍රී පුර්ෂ සමාජභාවය යනු සමාජීයව නියම වන සමාජ විද්‍යාත්මක කරුණකි. එබැවින් එය සමාජීය සංස්කෘතික සහ පුද්ගලබද්දතාවක් ලෙස හැඳින්විය හැක.

ලෝක සෞඛ්‍ය සංවිධානය ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිර්වචනය කරන්නේ මෙලෙසයි. “ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනු සමාජීයව ගොඩනගන ලද ස්ත්‍රීන්ගේ සහ පුර්ෂයින්ගේ නෛසාර්ගික ලක්‍ෂණ වේ. එනම් ස්ත්‍රීන්, පුර්ෂයින් සහ එම කණ්ඩායම් අතර ඇති වූ සම්මතයන්, භූමිකාවන් සහ සම්බන්ධතාවයන් වේ. ඒවා සමාජයෙන් සමාජයට විවිධාකාර වන අතර වෙනස් කිරීමටද හැකි වේ.” යනුවෙනි.

සෑම සමාජයකම ගැහැණුන් කුමක් කළ යුතුද, පිරිමින් කෙසේ හැසිරිය යුතුද, ගැහැණුන්ගේ විලාසිතා මොනවාද, පිරිමින්ගේ විලාසිතා මොනවාද වඩාත් ශක්තිමත් ගැහැණුද, පිරිමිද, වඩා බුද්මත් ගැහැණුද ආදී වශයෙන් වන ප්‍රශ්න වලට විවිධාකාරයේ පිළිතුරු ගොඩනගා ඇත. එම ප්‍රශ්න සහ පිළිතුරු මඟින් ගොඩ නගා ඇත්තේ ස්ත්‍රී පුර්ෂ සමාජභාවය යනුවෙන්ද පැවසිය හැක.

ලෝකයේ ඉතා ප්‍රකට ඇමරිකානු මානව විද්‍යාඥවරියක් මෙන්ම එරට ප්‍රමුඛ ස්ත්‍රීවාදී ක්‍රියාකාරිනියකද වූ මාග්‍රට් මිඩි 1935 දී පැපුවා නිව්ගීනියාවේ ගෝත්‍ර තුනක් අධ්‍යයනය කරමින් ඒ එක් එක් ගෝත්‍රයක් තුල ස්ත්‍රී පුර්ෂ සමාජභාවය ගොඩනැගී ඇති ආකාරය පිළිබඳ එළිදරව් කළාය. ඇය අධ්‍යයනය කරන ලද්දේ අරාෆේෂ්, මුන්ඩුගුමුර් සහ චුම්බුලි නම් ගෝත්‍රයි.

ඇයගේ සොයා ගැනීම්වලට අනුව අරාෆේෂ් ගෝත්‍රයේ ස්ත්‍රී සහ පුර්ෂ දෙපාර්ශවයම ඉතා සාමකාමී, සහයෝගයෙන් ජීවත්වන අන්‍යෝන්‍ය බැඳීමකින් යුතුව ජීවත්වන ගෝත්‍රයකි. මුන්ඩුගුමෝර් ගෝත්‍රය  ඊට හාත්පසින්ම වෙනස් වූ අතර ස්ත්‍රී පුර්ෂ දෙපාර්ශවයම ඉතා රළු ආක්‍රමණශීලී පිරිසක් වීය. චම්බුලි ගෝත්‍රයේ ප්‍රධාන භූමිකාවන් අයත්ව පැවතියේ ස්ත්‍රීන්ටය. පිරිමින්ගේ භූමිකාව පැවතියේ දෙවැනි තැනය. ලොව බොහෝ තැන්වල පවතින ස්ත්‍රී පුර්ෂ භූමිකාව කනපිට හැරවූ වැනි තත්ත්වයක් චුම්බුලි ගෝත්‍රයේ වීය. ශරීරයෙ වෙනස්වන, අපහසු බර වැඩ ගැහැණුන් විසින් කරන ලද අතර පිරිමින් සැහැල්ලු සරල වැඩකටයුතු වල නිරත වෙයි. ස්ත්‍රී යනු – සියුමැලි, දුර්වල, සාමකාමී පිරිසක්ය. පුර්ෂයින් යනු – හැඩිදැඩි, ශක්තිමත්, ආක්‍රමණශීලී පිරිසක්ය. ආදී වශයෙන් සහ එකිනෙකාගේ වැඩ කටයුතු, විලාසිතා, සිතුම්පැතුම් වෙන් කරමින් ස්ත්‍රිය සහ පුර්ෂයා බෙදා තිබුණද ඒවා ස්ත්‍රියගේ සහ පුර්ෂයාගේ ජීව විද්‍යාත්මක ස්වභාවය සමඟ සම්බන්ධ නැති බව පෙනේ.

ස්ත්‍රී පුර්ෂ සමාජභාවය සමාජමය ගොඩනැංවීමක්ය යන්න අද ලෝකයේ ප්‍රධාන මතයකි. මාග්‍රට් මීඞ්ගේ පර්යේෂණයෙන්ද එය ඔප්පු වේ.

– විමර්ශන (2019 මැයි)

ලිංගිකත්වය සහ ස්ත්‍රී පුර්ෂ සමාජභාවය