විද්‍යාත්මක සමාජවාදයේ (මාක්ස්වාදයේ) නිර්මාතෘ කාල් මාක්ස්ගේ 140 වැනි අනුස්මරණය නිමිත්තෙනි. ඔහු 1883 මාර්තු 14 වැනි දින මියගිය අතර අවමඟුල් කටයුතු සිදුවූයේ අද (17දා) වැනි දිනකදීය. ගෙවී ගිය ‘සහශ්‍රකයේ සිටි විශිෂ්ටතම චින්තකයා’ ලෙස සැලැකෙන්නේ කවුරුන්ද යන පැනය ඉදිරිපත් කරමින් 1999 සැප්තැම්බර් මස බී.බී.සී. ප්‍රවෘත්ති “ඔන්ලයින්” සේවය විසින් පවත්වන ලද ඡන්ද විමසීමේදී පළමු ස්ථානය හිමි වූයේ කාල් මාක්ස්ටය. දෙවැනි, තුන්වැනි සහ හතරවැනි ස්ථාන හිමි වූයේ පිළිවෙළින් ඇල්බට් අයින්ස්ටයින්, අයිසැක් නිව්ටන් සහ චාල්ස් ඩාවින්ටය. 2005 වසරේ බී.බී.සී. ගුවන්විදුලිය _ 4 විසින් ලෝකයේ ඉකුත් ‘සියවසේ විසූ විශිෂ්ටතම දාර්ශනිකයා’ කවුරුන්දැයි විමැසූ ඡන්දයේ දී ද පළමු ස්ථානය හිමිවූයේ කාල් මාක්ස්ටය.
විද්‍යාත්මක සමාජවාදයේ නිර්මාතෘ කාල් මාක්ස් 1818 මැයි මස 05 වැනිදා ජර්මනියේ ටි්‍රර් නගරයේදී උපත ලැබුවේය. ඔහුගේ පියා නීතිවේදියකු වූ හෙන්රිශ් මාක්ස් විය. මව ඕලන්දයේ උපත ලැබූ හෙන්රි යට්ටා නම් වූවාය. 1835 වන තෙක් මාක්ස්, ටි්‍රර් නගරයේදී මූලික අධ්‍යාපනය ලැබුවේය. පසුව බොන් විශ්වවිද්‍යාලයේ නීති විද්‍යා අංශයට ඇතුළු විය. මාක්ස් වැඩි වශයෙන් දර්ශනවාදය, ඉතිහාසය හා විද්‍යා විෂයයන් පිළිබඳ දැඩි උනන්දුවක් දැක්වූයේය. නිර්මාණශීලී සාහිත්‍ය සඳහාද බොහෝ කාලයක් මිඩංගු කළේය. දැනීම ලබාගැනීම සඳහා නොසිඳෙන පිපාසයක්ද, ගැඹුරු ලෙස සත්‍ය සෙවීමද, තම කටයුතු පිළිබඳව ස්වයං විවේචනයද, අරගලකාරී හා සටන්කාමී ජීව ගුණයද තරුණ කාල් මාක්ස් සතු විය.
18 වැනි ශත වර්ෂයේ අවසානයේ බි්‍රතාන්‍යයේ ඇති වූ කාර්මික විප්ලවයෙන් පසු යුරෝපා රටවල පැවැති රදල සමාජ සම්බන්ධතාවන්ගේ නටබුන් බිඳ වැටීමට පටන්ගත් අතර, කාර්මික විප්ලය යුරෝපා මහාද්වීපය පුරා ව්‍යාප්ත වීම ආරම්භ විය. මහා ධනපති කර්මාන්ත සංවර්ධනය සමඟ ගොවීහු සහ හස්ත කර්මාන්ත ශිල්පියෝ නිෂ්පාදන මාධ්‍යයන්ගේ කිසිවක් අයිති නැති අනුකම්පා විරහිත සූරා කෑමට භාජන වූ කුලී වැටුප් ලබන කම්කරුවන් බවට පරිවර්තනය වූහ. ඓතිහාසික සිද්ධීන් මුහුකුරා වැඩුණු එවැනි තත්ත්වයක් තුළදී මාක්ස්ගේ මත සකස් විය. යුරෝපා රටවල ධනවාදය තහවුරු වීම මඟින් පන්ති අරගලය උග්‍ර වීමටද, ධනපති ප්‍රජාතන්ත්‍රවාදී සහ ජාතික විමුක්ති ව්‍යාපාරවල පුළුල් ව්‍යාප්ත වීමකටද ධනපති ක්‍රමයට විරුද්ධව නැඟීසිටින්නා වූ නිර්ධන පන්තියක් ඓතිහාසික කරළියෙහි පෙනී සිටීමකටද මං පාදමින් කම්කරු නැඟිටීම වර්ධනය විය.
1841 අප්‍රේල් මාසයේදී කාල් මාක්ස්ට දර්ශනවාදය පිළිබඳ ආචාර්ය උපාධිය හිමි විය. වැඩ කරන ජනතාවගේ ජීවිතයේ ද්‍රව්‍යමය සහ ආර්ථික ප්‍රශ්න කෙරෙහි ගැඹුරු වුවමනාවක් දැක්වූ මාක්ස් ඒවන විට පැවැති මනෝරාජිත කොමියුනිස්ට්වාදී අදහස් පිළිබඳව පිරික්සා බැලුවේය. විද්‍යාව යටපත් කර ගැනීමට ආගම දැරූ සියලුම ප්‍රයන්තවලට සහ මිනිස් විඥානය බැඳ තැබීමට ඉදිරිපත් වූ සියලුම ප්‍රයත්නවලට විරුද්ධ මාක්ස් නැඟීසිටියේය. අහසේ සහ පොළොවේ සිටින සියලුම දෙවිවරුන්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන මාක්ස් සටන්කාමී අදේවවාදියකු හා විප්ලවවාදියකු ලෙස පෙනී සිටියේය.
ලෝකයේ පීඩනයට පත්ව සිටින ජනතාව එයින් මුදා ගැනීමේ විද්‍යාත්මක දර්ශනයක් සකස් කිරීම සඳහා තම ජීවිතය කැප කළ කාල් මාක්ස් ස්වකීය ද්‍රව්‍යවාදී දෘෂ්ටිය පදනම් කර ගත් ඔහුගේ න්‍යාය ජනතාවට පසක් කරගත හැක්කේ එම න්‍යායෙන් ඔවුන්ගේ ඉතා වැදගත් අවශතාවක් සහ ප්‍රධාන අයිතිවාසිකම් පිළිබිඹු වුවහොත් පමණකැයි යන චින්තනය වර්ධනය කළේය.
මාක්ස්ගෙන් මානව වර්ගයට සිදුවූ අගනා සේවය වන්නේ, වැඩ කරන ජනතාවගේ ඓතිහාසික විමුක්තිකාමී, කාර්යභාරය අරඹයා ප්‍රඥාවේ හා සංකල්පය සමාජවාදය මනෝරාජිත තත්ත්වයක සිට විද්‍යාවක් දක්වා පරිවර්තනය කිරීමයි. වැඩි වැඩියෙන් පෑගී සිටින පන්තියට සිය ජීවිතය කැප කළ මාක්ස්ට තමාගේ අදහස්වලට සම්පූර්ණයෙන්ම කැපවූ විශ්වාසවත් මිතුරකු වූ පෙඩ්රික් ඒංගල්ස්ගේ සහයෝගය ලැබිණි.
කාල් මාක්ස් ජාතීන් සහ ජනවර්ග අතර පැනනඟින ප්‍රශ්න පිළිබඳව වැදගත් මූලධර්මයන් සම්පාදනය කළේය. ‘වෙනත් ජාතියක් පාගා සිටින ජාතියක් නිදහස් ජාතියක් නොවන’ බවත්, ජාතීන් අතර සමානාත්මතාව හා නිර්ධන පන්තියක ජාත්‍යන්තරවාදී මූලධර්මය ජාතීන් හා ජනවර්ග අතර පවත්නා ප්‍රශ්න විසඳීම සඳහා යොදා ගන්නා ප්‍රධාන ප්‍රතිපත්තියක් බවත් එයින් විස්තර කරනු ලැබීය. කාල් මාක්ස් හා පෙඩ්රික් ඒංගල්ස් ලියා පළ කළ ‘කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය’ මඟින් මාක්ස්ගේ ඉගැන්වීම්වල සංයුක්ත කොටස් තුන වූ දර්ශනවාදය, දේශපාලන ආර්ථික විද්‍යාව, විද්‍යාත්මක සමාජවාදය පිළිබඳ විස්තර කළේය. කම්කරු පන්තිය විද්‍යාත්මක විප්ලවාදී න්‍යායකින් සන්නද්ධ කොට වැඩ කරන ජනතාවගේ ස්වාධීන පක්ෂයකට අවශ්‍ය උපාය සහ උපක්‍රමවල පදනම දැමුවේද මාක්ස් සහ ඒංගල්ස් විසිනි. තම ඉගැන්වීම් ලෝකයේ වෙනස් කිරීමේ අවිය ලෙස ගැළපූ මාක්ස්, සමාජවාදය කම්කරු පන්ති ව්‍යාපාරය සමඟ ඒකාබද්ධ කිරීමටත්, ධනපති සමාජ ක්‍රමය වෙනුවට විද්‍යාත්මක සාමාජවාදී ක්‍රමය ඉදිකිරීමේ ඓතිහාසික කාර්ය භාරය භාරව සිටින නිර්ධන පන්තිය තම න්‍යායයෙන් සන්නද්ධ කිරීමටත් ක්‍රියා කළේය.
අධික වේගයකින් මොළය වෙහෙසා වැඩ කිරීම හා ආර්ථික අමාරුකම්වලට මුහුණ පෑම නිසා දිනෙන් දින මාක්ස්ගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය කලක් සිටම පිරිහෙන්නට විය. මේ අතරතුර මාක්ස්ගේ බිරිය රෝගාතුර වීම ඔහුට අතිබරපතළ පහරක් විය. 1881 දෙසැම්බර් මාසයේ 02 වැනිදා මාක්ස්ගේ බිරිය ජෙනි මියගියේය. 1883 පෙබරවාරි මාසයේ මාක්ස්ගේ රෝගී තත්ත්වය උත්සන්න වී ඔහුගේ ශක්තිය වේගයෙන් දුර්වල වන්නට විය. මාර්තු 14 වැනිදා දහවල් 2.45ට පමණ හාන්සි පුටුවේ වාඩිවී සිටියදීම මාක්ස් සදහටම නිහඬ විය.
මාක්ස් අවසන් කාලයේ ජීවත්වූ ලන්ඩන් නගරයේ පිහිටි හයිගේට් සුසාන භූමියේ ඔහුගේ බිරිය වූ ජෙනි මිහිදන් කර තිබූ ස්ථානයේම මාර්තු 17 වැනිදා මාක්ස්ගේ මෘතදේහය මිහිදන් කරන ලදී. එහිදී ඔහුගෙන් සමුගනිමින් කතා කළ මාක්ස්ගේ කල්‍යාණ මිත්‍රයා වූ ඒංගල්ස් තම මිතුරාගේ සුවිශාල වැඩකටයුතු ගැන විස්තර කළේය. ඒවා අතර ඉතා විශේෂ ස්ථානයක් හිමිවූයේ, සැබැවින්ම මාක්ස්ගේ ශේර්ෂ්ඨතම සොයා ගැනීමක් වූ මිනිස් ඉතිහාසයේ සංවර්ධනය පිළිබඳ න්‍යාමය සහ අතිරික්ත වටිනාකම පිළිබඳ න්‍යාමය විය. මාක්ස් ඉමහත් ප්‍රඥාවෙන් හෙබි චින්තකයකු පමණක් නොව ශේර්ෂ්ඨතම විප්ලවාදියා බවත් ඒංගල්ස් එහිදී පැවැසීය. තමාගේ ගුරුවරයා සහ මිතුරා වන මාක්ස්ගෙන් අවසන් වශයෙන් සමුගත් ඒංගල්ස් සිය කතාව අවසන් කළේ අනාවැකියකිනි. ‘මාක්ස්ගේ නමින් ඔහුගේ කාර්යභාරයත් ශත වර්ෂ ගණනාවක් පවතිනු ඇත’ යනු ඒ අනාවැකිය විය.
- එස්. සුදසිංහ (මව්බිම)