රුසියානු විප්ලවය

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

ඉතිහාසය වෙනස් කල අරගලයන් පිළිබඳ සාකච්ඡාවේදී මෙවර අප යොමුවන්නේ රුසියාවේ සිදුවූ සමාජවාදී සමාජ විප්ලවය පිළිබදවය. වහල් හිමියන්ට එරෙහිව ස්පාර්ටකස් මෙහෙයවූ කැරැල්ලත්, ප්‍රංශ හා ඇමරිකන් විප්ලව පිළිබඳවත් අවධානය යොමුකළ විට අපට පෙනීයනු ලබන්නේ ඒ සෑම අරගලයක්ම අවසානවුයේ දේපළ හිමි පංතියක් අතින් තවත් දේපළ හිමි පංතියක් අතට රාජ්‍ය බලය හුවමාරු වීමෙන් බවයි. එහෙත් සමාජවාදී සමාජ විප්ලවය විසින් රුසියාව තුල සිදුකරනු ලැබුවේ දේපළ හිමි පංතිය අතින් දේපළ අහිමි පංතියට රාජ්‍ය බලය ලබා ගැනීමේ ක්‍රියාවලියයි. එබැවින් රුසියාව තුල සිදුවූ මෙම අරගලය ඉතිහාසයේ සිදුවූ අරගලයන්ට වඩා වෙනස් ආකාරයක් ගනී.

පූර්ව රුසියාව

එක්තරා අවධියක රුසියාව යනු මුහුදක් නොමැති එනම් මුහුදට පිවිසීමට මාර්ගයක් නොමැති ගොඩබිමෙන් වටවූ රාජ්‍යයක් විය. එරට උතුරු කොටසෙහි පසෙහි නිසරු භාවය සහ අධික ශීතල හේතුවෙන් මනුෂ්‍යවාසයට නුසුදුසු විය. එහෙත් දකුණු ප්‍රදේශය සෞම්‍ය දේශගුණයෙන් සහ සාරවත් පසකින් යුක්ත විය. මෙනිසාම ජනාවාස බිහි වීම මේ ප්‍රදේශයෙන් ආරම්භ වූ බවටද තොරතුරු පවතී. පසු කලෙක දකුණු ප්‍රදේශය දෙසින් කළු මුහුද දෙසට රුසියානු දේශ සීමාව ව්‍යාප්ත කර ගැනීමට පාලකයන්ට හැකි වූහ. මෙම භූගෝලීය තත්වයන් හේතුවෙන් රුසියාව බොහෝ කාලයක් ලෝකයෙන් හුද කලා වූ රාජ්‍යයක් ලෙස පැවතිණි. එම නිසා සමාජ සංවර්ධනයේ දිශාවට රුසියාව ගමන් කිරීම ඉතාම මන්දගාමී විය. එසේම රුසියාව ගැන සාකච්ඡා කිරීමේදී සාර් රජ පෙළපත මග හැර යා නොහැකි ලෙස ඉතිහාසය හා බැදී පවතී.ඉදිරියෙදී අපගේ සංවාදයේදි සාර් පාලනය ලෙස හඳුන්වනු ලබන්නේ එම පෙළපතේ රජවරුන් ඒ ඒ කාල පර්ච්ඡේදයන්ගේ කාර්ය භාර්යයන් වේ.

සාර් සහ ජනතාව

ඉතිහාස තොරතුරු අනුව 16 වන සියවසේදී මොස්කව් ප්‍රදේශයේ සිටි අයිවන් නම් කුමාරයෙක් රුසියාවේ පළවන සාර් (1533 -84) තනතුරට පත් විය. මෙහි පාලන රටාවද වැඩවසම් ලක්ෂණ වලින් සමන්විත විය. ඉඩම් වල අයිතිය රඳලයන් සතු වූ අතර එනිසාම ඉඩම් වලට බැද තැබූ ප්‍රවේණි දාසයන් මෙන්ම ගොවීන්ද දැඩි පීඩනයකට ලක් වූහ. ක්‍රිස්තියානි පල්ලියද සාර් පාලනයේ අතකොළු වූ අතර සාර්ට එරෙහි මතවාදයන් අහෝසි කොට හිතැති මතවාදයන් පීඩිතයන්ගේ හිත් තුලට කා වැද්දීම ඔවුන්ගේ ප්‍රධාන රාජකාරිය විය.( දේව මෙහෙයන් සහ පල්ලියේ නොයෙකුත් ක්‍රියා මාර්ග හරහා මෙය සිදු කරන ලදී.)
නිෂ්පාදන උපකරණයන්ගේ අඩු දියුණු මට්ටම නිසාම නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වා ගැනීම සඳහා විශාල වශයෙන් මිනිස් ශ්‍රමය අවශ්‍ය විණි. එනිසාම විශාල ඉඩම් අස්වැද්දීම සඳහා ප්‍රවේණි දාසයන්ගේ සහභාගීත්වය වඩා වැඩි වශයෙන් අවශ්‍ය විය.++++ මේ තත්වය තුල එම පාලනයේ නීති රීති ඉතා දැඩි වීම අනිවාර්යක් වුයේය. එබැවින් සාර් පාලනයට එරෙහිව වචනයක් හෝ පිට කිරීම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවණ කාරණාවක් විය. සාර් රුසියාවේ ලාංඡනය වූයේ නවුට්:ණබදමඑ, නොහොත් කසයයි. නවුට්:ණබදමඑ යනු වහලුන්ට පහර දීම සඳහා යොදාගන්නා කසයයි. එසේම එහි ඉතා සංවිධානාත්මකව අධික වධ බන්දනයන්ට ලක් කර මිණී මරණ ක්‍රමයක් වූ අතර එය පොග්රම්:ඡදටරදප* යනුවෙන් හඳුන්වනු ලැබීය. සාර් රුසියාව ලොව හමුවේ තැබු මෙම නම් දෙකෙන්ම ඔවුන්ගේ ඒකාධිපති ස්භාවය ලොවට හෙළිකෙරුණි. එම පාලනයට එරෙහි වූවන්ට ලබා දෙන තවත් දඩුවමක් වූයේ සයිබීරියාව නම් මිනිස් වාසයට නුසුදුසු ප්‍රදේශයට පිටුවහල් කිරීමයි. එසේ පිටුවහල් කළ ජනයාගෙන් කඳවුරු ගණන් පිරී ඉතිරී ගිය අතර මෙය සැබවින්ම සොහොන් පිටියකම විය. බොහෝ දෙනා මෙහි කටුක බව දරා ගත නොහැකිව සිය දිවි හානි කරගත්හ.
වර්ෂ 1689 දි මහා පීටර් වශයෙන් ප්‍රසිද්ධියට පත් වූ සාර් වරයා විසින් යුරෝපයේ ධනේශ්වර සංවර්ධනයේ යම් යම් අංගයන් රුසියාව මත උත්තරාරෝපණය කිරීමට උත්සහ කළ අතර 1782 දී බලයට පත් කැතරින් රුජිණ විසින්ද එම උත්සහයම දැරුවද රුසියාව තුල ධනේශ්වර සංවරධනයක් ඇති කිරීමට ඔවුනට නොහැකි විය. කෙසේ නමුත් සාර්වරුන්ගේ ඒකාධිපති පාලනය තුල සිදුවූයේ සාමාන්‍ය ජනතාව , ප්‍රවේණි දාසයන්, ගොවීන් ආදී පහල ස්ථරවල කොටස් වඩ වඩාත් පීඩාවට පත්වීමයි. ඔවුනට එසේ වෙද්දී අධ්‍යාපනය ලැබීම,රජයේ උසස් නිල වලට පත්වීම, රඳලයන්ට පමණක් සීමා විය.
එසේම සාර්වාදී වැඩවසම් රුසියාව ‘ජාතීන්ගේ සිරගෙය’ නම් අන්වර්ථ නාමයෙන්ද හඳුන්වනු ලැබිණි. ඒ සාර් විසින් රුසියාව අවට කුඩා රාජ්‍යයන් යටත් කරගනිමින්ද ඒවා රුසියානු අධිරාජ්‍යයට ඈඳා ගනිමින්ද ජනතාව පීඩාවට පත්කිරීමටද කටයුතු කළ නිසාය.

“ රුසියානු ගැමි ජනයා ඇත්ත වශයෙන්ම වහල්ලු වූහ. තම ගම් බිම් වල ඇද බැඳ තබන ලැබූ ඔවුන්ට විශේෂ අවසරයක් නොමැතිව ඉන් පිටවිය නොහැකි විය. අධ්‍යාපනය උසස් නිලධාරීන් හා බුද්ධිමතුන් කිහිප දෙනෙකුට සීමා විය. ඒ සෑම දෙනෙකුම තොරා ගනු ලැබුවේ ඉඩම් හිම් රඳල පංතියෙනි. නියම මධ්‍යම පංතියක් එහි නොවීය .ගැමි ජනයා නොදියුණු නූගත් කොටසක් විය. ඔවුනට විඳීමට තිබූ අධික වද හිංසා හේතු කොට ගෙන අතීතයේදී නිරන්තර කැරළි ඇති වුවද , ඒවා සැමෙකක්ම පාගා මිරිකා යටපත් කර දමනු ලැබීය ”-

ශ්‍රී ජවහර් ලාල් නේරුගේ ලෝක ඉතිහාස සිහිවටන, පිට 657

අදහස් පිපිරීම

ඉහල පංති ස්ථරයේ පුද්ගලයින්ට ලැබුණු වරප්‍රසාද හේතුවෙන් ඔවුන් හට විදේශයන් හි අධ්‍යාපන ලැබීමේ අවස්ථා මෙන්ම ඒවාහි සංචාරය කිරීමේ අවස්ථාද හිමි වුණි. විශේෂයෙන්ම ඒ හරහා යුරෝපය පුරා පැතිර ගිය රාජාණ්ඩු වලට එරෙහි මතවාදයන් රුසියාවට ඇතුල් වන්නට විය. එසේම ඇමරිකන් මෙන්ම ප්‍රංශ විප්ලවයන්ගේ බලපෑම්ද රුසියානු උගත් පරපුර වෙත බලපෑම් සිදු කරන ලදී.
තවත් පැත්තකින් කළා හා සාහිත්‍යමය කේෂත්‍ර තුලින්ද සැලකිය යුතු බලපෑමක් මෙම ප්‍රජාව මත වෙත එල්ල විය. ඇලෙක්ස් සැන්ඩර් පුෂ්කින්, ගොගොල්, ටර්ගෙනව්, ඩොස්ටොය්ව්ස්කි හා ඇන්ටන් චෙකොෆ් ද එසේම ලියෝ ටෝල්ස්ටෝයි හා මැක්සිමම් ගොර්කි වැනි ග්‍රේෂ්ඨ සාහිත්‍යවෙදීන්ගේ මග පෙන්වීම්ද උගත් පරපුර වෙත නැවුම් හැගීම් ඇති කරන ලදී.
සාර් පෙලපතේ ඒකාධිපති පාලනයත්, යුරෝපය දෙසින් පැමිණි නිදහස පිළිබද නව අදහස් හේතුවෙන් උගත් ප්‍රජාවට නිසොල්මනේ සිටිය නොහැකි තත්වයක් උද්ගත විය. මෙහි ප්‍රතිළුලයක් ලෙස වර්ෂ 1825 දී තරුණ නිලධාරීන් පිරිසක් සහ උගත් මෙන්ම බුද්ධිමත් පිරිස්ද එක් වී සාර්ට එරෙහිව කැරැල්ලක් ගැසූහ. සාර් විසින් තම දේශපාලනික ක්‍රියා කාරීත්වය යටපත් කර දමන බැවින් මෙම කැරැල්ලට අදාල සංවිධාන කටයුතු කෙරුණේ ඉතා රහසිගතවය. මෙය රුසියාවේ දේශපාලන පිබිදීමේ ගුණාත්මක පිම්මක් විය. සාර් පාලනයේ නොයෙක් මර්ධනකාරි තත්වයන් මැද මෙම නව අදහස් උගත් ප්‍රජාව අතර පැතිරුණි.
මේ අතර 19 වන සියවස අග භාගය පමණ වන විට යුරෝපයේ ප්‍රචලිතව තිබු මාක්ස්වාදයේ බලපෑම්ද රුසියාවට කාන්දු විය. ගොවි ව්‍යාපාරයන් හි ක්‍රියා කාරීව සිටි මෙන්ම “නරොද්නික” ව්‍යාපාරයේ පුරෝගාමියෙකු වූ ප්ලෙහනොව් වැන්නන් විසින් රුසියාවට මාක්ස්වාදය හඳුන්වා දීමට මුල පිරුවේය. ඒ අනුව නව සමාජවාදී අදහස්ද උගත් ප්‍රජාව අතර වේගයෙන් ව්‍යාපත් විය. දහස් ගණන් ශිෂ්‍යයෝ ගම් බිම් කරා ගොස් මේ සම්බන්ධයෙන් ගැමි ජනතාවට අවබෝධය ලබා දීමට කටයුතු කරන ලදී. එය කළය මුනින් අතට පෙරලා වතුර දැමීමක් මෙන් විය. ශිෂ්‍යයන් පවසන දේ තේරුම් ගැනීමට තරම් ගැමියෝ මුහුකුරා ගොස් නොතිබුණි. ඔවුනට ශිෂ්‍යන් පෙනුනේ තමන් සිටින ස්ථානයෙන්ද පහලට ඇද දැමීමට පැමිණෙන කණ්ඩායමක් ලෙසය. ඇතැම් ගැමියන් ඔවුන් සාර්ගේ පොලිසියටද බාර දුන් අතර අතැමෙක් සිසුන්ව සිර කර තබා ගන්නා ලදී. සාර්ට එරෙහිව ගැමියන් දැනුවත් කිරීමට ගිය සිසුන් තමන්ට ගැමියන් වෙතින් ලැබුණු ප්‍රතිචාරයන් හමුවේ මහත් කම්පනයකට හා කලකිරීමකට පත් විය.

පුද්ගල ත්‍රස්තවාදය බිහිවේ

මෙම දැනුවත් කිරීම් හරහා ජනතාව සාර්ට එරෙහිව පෙළගැස්විය නොහැකි යන අදහසක් ශිෂ්‍යන් හට කාන්දුවිය. ඔවුන් ඊලගට දුටුවේ සාර් පෙරලා දැමිය හැකි එකම මාර්ගය පුද්ගල ත්‍රස්තවාදය බවයි. ඒ අනුව ඔවුන්ගේ විප්ලවකාරී ක්‍රියා මාර්ග නව මුහුණුවරක් ගන්නා ලදී. බෝම්බ ප්‍රහාර එල්ල කරමින් හෝ කෙසේ හෝ පාලකයන් ඝාතනය කිරීම ඔවුනගේ පරමාර්ථය වූහ. මෙහි බෝම්බ ගසන්නන් “බෝම්බ රැගත් නිදහස් වාදීන්” යනුවෙන්ද ඔවුනගේ සංවිධානය “ මහජන කැමැත්ත” ලෙසද හඳුන්වනු ලැබීය. පොදුවේ මෙසේ පුද්ගලයින් ඝාතනය කර සාර් පාලනය අහෝසි කිරීමේ ව්‍යාපාරය නරෝද්නික් ව්‍යාපාරය ලෙසද හැදින් වූහ. මෙම සංවිධාන තම ක්‍රියා මාර්ග ආරම්භ කිරීමත් සමග සාර් පාලනයෙන් පීඩාවට පත්ව සිටි රුසියාවේ යටත් ජාතීන් හා සුළු ජාතීන් මෙම ත්‍රස්ත ක්‍රීයා අනුමත කරමින් ඔවුනට සහයෝගය ලබා දෙන ලදී. සාර් පාලනය තුල සුළු ජාතීන්ට ස්ව භාෂාව කථා කිරීමට ඉඩ නොදී ගොළුවන්සේ පසෙකට කර තිබුණි. තම යටත් විජිතයක් බවට පත් කොට තිබූ පෝලන්තයේ ජනයාට එම භාෂාව තහනම් කෙරුණි. ක්‍රමයෙන් තමන්ට අභියෝගයක් බවට පත්ව එන ත්‍රස්තවාදී සංවිධාන මර්ධනය කිරීමට සාර් රජය තම උපරිම බලය යෙදවීය. එම සංවිධාන තුලට ඔත්තුකරුවන් රිංගවා ඒවා අඩපන කිරීමද, “ පොග්රම් ” ආකාරයට මනුෂ්‍ය ඝාතන සිදුකරමින්ද එයට අමතරව අත් අඩංගුවට පත්වන්නන් සයිබීරියාවට පිටුවහල් කිරීමද ඒ අතර වේ.

ප්‍රාග්ධනයේ ආගමනය

19 වන සියවස අගභාගය වන විටත් රුසියාව තුල ධනේශ්වර ආර්ථික ක්‍රියාවලියක් ස්ථාපිත වීමට තරම් වටපිටාවක් සකස් වී නොතිබුණි. එහෙත් ප්‍රංශය,බි්‍රතාන්‍යය,ජර්මනිය වැනි රටවල ප්‍රාග්ධන ආයෝජනයෙන් ප්‍රධාන නගර ආශ්‍රිතව කර්මාන්ත ශාලා ආදිය ඇති විය.මෙහි ප්‍රතිළුලයක් ලෙස ධනපති පංතියක සහ කම්කරු පංතියක ආරම්භය සනිටුවන් කරන ලදී.

“ මේ සමයේ සිදුවූ තවත් වැදගත් දියුණුවක් නම්, හැටගණන් වල සිටම බටහිර කර්මාන්ත පැතිර යන්නට වීමයි.එහෙත් එය ඇතැම් ප්‍රදේශ වලට පමණක් සීමා විය. එනම් පිටර්ස්බර්ග්, ඒ අවට ප්‍රදේශය හා මොස්කව් නුවර ය.මුළු රටම ගෙන බලන විට,එය සම්පූර්ණයෙන්ම කෘෂිකාර්මික රටක් ලෙස ම පැවැත්තේ ය. එහෙත් එහි ඉතාමත් නවීන කර්මාන්ත ශාලා ගොඩනගනු ලැබීය. මේවා සාමාන්‍යයෙන් ඉංග්‍රිසි කළමනාකරුවන්ගේ පාලනය යටතේ පැවතුණි. මෙයින් ප්‍රතිළුල දෙකක් ඇති විය. මෙම කාර්මික ප්‍රදේශයන්හි රුසියානු ධනපති වාදය සීඝ්‍රයෙන් පැතිරීගිය අතර , එලෙස ම සීඝ්‍රයෙන් කම්කරු පංතියක්ද වැඩී වර්ධනය වන්නට විය. මුල් කාලයේ බි්‍රතාන්‍යයේ පැවති කර්මාන්ත ක්‍රමය මෙන්ම මේ රුසියානු කර්මාන්ත ක්‍රමයක් රුසියානු කම්කරුවාගේ ශ්‍රම ශක්තිය අති භයානක ලෙස උරා- මරා-ගත් බව කිව යුතුය.ඔවුනට දිවා රෑ මුළුල්ලේ ම වැඩ කිරීමට සිදුවිය. එහෙත් එක් වෙනසක් තිබුණි.මේ වන විට නවීන අදහස් පැතිරි තිබුණේය. සමාජවාදී හා කොමියුනිස්ට්වාදී අදහස් රුසියානු කම්කරුවගේ සිතෙහි රැව් දෙන්නට විය. ”

ශ්‍රී ජවහර් ලාල් නේරුගේ ලෝක ඉතිහාස සිහිවටන, පිට 659

මෙසේ සාර් වරුන්ගේ ඒකාධිපති පාලනයන්ට එරෙහිව ජනතාව ක්‍රමයෙන් සිදු කළ අරගලයන්ගේ ගුණාත්මක පිමි කිහිපයක් 1905 සහ 1917 යන වසරවලදී සිදු විය.

රුසියානු විප්ලවය