ලොව පුරා රැල්ල ප්‍රගතිශීලී ව්‍යාපාරවලට

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

උද්ඝෝෂණ හා විරෝධතා රැල්ලක් ලෝකය පුරා පැතිර යන බව පෙනෙන්නට තිබේ. එය මීට පෙර සිදුවූ විරෝධතාවලට වඩා ප්‍රමාණාත්මකව විශාල වෙමින් හා ව්‍යාප්ත වෙමින් තිබේ.

Aljazeera වාර්තා කළ ආකාරයට පසුගිය අවුරුදු 10 තුළ (එක්සත් ජනපදය හැර) රටවල් 153ක් තුළ 7000කට ආසන්න උද්ඝෝෂණ හා විරෝධතා ප්‍රමාණයක් පැවැත්වී තිබේ. 2010-2020 අතර කාලය තුළදී 10,000කට වැඩි පිරිස් සහභාගිත්වයක් සහිත උද්ඝෝෂණ අඩු තරමින් 900ක් වත් ලෝකය පුරා සිදු කෙරී තිබේ.

1. ප්‍රංශයේ කහ කබාකරුවන්ගේ උද්ඝෝෂණ ව්‍යාපාරය

2. එක්සත් ජනපදයේ  Black Lives Matter විරෝධතා ව්‍යාපාරය

3. 2019 ඔක්තෝබරයේ ලෙබනනයේ හට ගත් විරෝධතා රැල්ල

4. බ්‍රසීල ජනාධිපති බොල්සෙනාරෝට එරෙහි උද්ඝෝෂණ ව්‍යාපාරය

5.ඉන්දියාවේ ගොවි අරගලය මේ අතුරින් කැපී පෙනෙන උද්ඝෝෂණයි.

ජර්මන් බුද්ධි මණ්ඩලයක් වන (Think Tank) Friedrich – Ebert  – Stiftung කණ්ඩායම මගින් සිදු කළ පර්යේෂණ වාර්තාවක් උපුටා දක්වමින් Washinton Post පුවත්පත පසුගිය නොවැම්බර් 24වැනි දින වාර්තා කර තිබුණේ 2006-2020 කාල වකවානුව තුළ ඊට පෙර අවුරුදු 15ට වඩා ලෝකයේ සිදු කෙරුණු විරෝධතා ව්‍යාපාරයන් ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි වී ඇති බවයි. එකී වාර්තාවට අනුව මෙම කාල වකවානුව තුල දී රටවල් 101ක උද්ඝෝෂණ ව්‍යාපාරයන් 900කට වැඩි ගණනක් වාර්තා වී තිබේ. වර්තමානයේ ලොව පුරා සිදුවන විරෝධතා ව්‍යාපාරයන්ගේ වර්ධනය සලකා බලමින් ඔවුන් වත්මන් යුගය 1848, 1917 හෝ 1968 වැනි කාල වකවානු හා සමාන යයි සඳහන් කර තිබේ.

How Macron fights back in Yellow Jackets crisis – POLITICO

මෙම උද්ඝෝෂණයන් බොහොමයක් සිදුව ඇත්තේ පාලකයන් විසින් ලබා දීමට එකඟ වූ නමුත් තවමත් ලබා දී නොමැති සාධාරණ ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙනි. එම උද්ඝෝෂණවලදී උද්ඝෝෂණකරුවන් දේවල් සිදුවන ආකාරයට විරෝධය පළ කරමින් වෙනසක් බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර තිබේ. එම වාර්තාවට අනුව විරෝධතා සහ උද්ඝෝෂණ ව්‍යාපාරයන්ගේ වැඩිම ප්‍රමාණාත්මක වැඩි වීමක් සිදුවී ඇත්තේ යුරෝපය සහ මධ්‍යම ආසියානු කලාපය තුලය. එසේම ඉහළ ආදායම් සහිත රටවල සිදුවන උද්ඝෝෂණ ප්‍රමාණය අනෙකුත් රටවලට සාපේක්ෂව ඉහළ ගොස් තිබේ.

බහු ජාතික රක්ෂණ සමාගමක් වන ක්‍ය්මජැර සමාගම විසින් සිදුකළ හා 2021 වසරේ ජූලි මාසයේදී ප්‍රකාශයට පත් කල වාර්තාවකට අනුව 2008/09 ආර්ථික අර්බුදයෙන් පසු, ලෝකයේ 100කට වැඩි පිරිසක් සහභාගි වූ විරෝධතා ව්‍යාපාරයන්ගේ ප්‍රමාණය ලෝක ආර්ථික අර්බුදයෙන් දස වසක් ගත වෙද්දී ඊට පෙර දශකයට සාපේක්ෂව 36%කින් ඉහළ ගොස් තිබේ. එනම් 2009 වසරට පෙර දශකයේදී වසරකට උද්ඝෝෂණ 355ක සාමාන්‍යයක සිට ලෝක ආර්ථික අර්බුදයෙන් පසු දශකයේදී වසරකට උද්ඝෝෂණ 482ක සාමාන්‍යයක් වන පරිදි වැඩි වී ඇත. ඔවුන්ට අනුව මෙම දශක දෙක අතරදී යුරෝපය තුළ උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාරවල 71%ක වර්ධනයක්, මැද පෙරදිග හා උතුරු අප්‍රිකානු රටවල 229%ක වර්ධනයක් හා උප සහරා අප්‍රිකාව තුළ 48%ක වර්ධනයක් සිදු වී තිබේ.

Lebanon protests grow among young jobseekers | Financial Times

මෑතකදී එක්සත් ජනපදයේ ආරම්භ වූ Black Lives Matter විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් එක්සත් ජනපදය තුලත් ජාත්‍යන්තරවත් විරෝධතා ව්‍යාපාරයන්ගේ ප්‍රමාණය ඉහළ ගියේය. එක්සත් ජනපදය තුළ පමණක් එය 156%ක ඉහළ නැගීමකි. යුරෝපා සංගමය හඳුන්වා දුන් කප්පාදු වැඩපිළිවෙළ; එනම් පොදු වියදම් කප්පාදුව, සහනාධාර කප්පාදුව හා බදු ඉහළ දැමීම හේතුවෙන් ඉහත සඳහන් කළ දශක දෙක අතර කාලය තුළදී යුරෝපයේද උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාරයන්ගේ වර්ධනයක් සිදු විය. ඉන් වැඩිම වර්ධනය සිදු වුයේ ජර්මනිය තුළයි. එකී දශක දෙක අතරදී ජර්මනියේ උද්ඝෝෂණ හා විරෝධතාවන් 247%කින් ඉහළ ගොස් තිබේ. දෙවන විශාලතම වැඩි වීම සිදුවී ඇත්තේ ප්‍රංශයේය. එය 108%කි.

Brazil protests: Thousands march across the country calling for President  Bolsonaro's impeachment - CNN

ඉහත පර්යේෂණ මූලික වශයෙන් සිදු කෙරී ඇත්තේ කොවිඩ් 19 ලෝක වසංගතයට පෙරදීය. කොවිඩ් වසංගතය හේතුවෙන් ලෝක ආර්ථිකය තවදුරටත් බිඳ වැටුණි. එකී ආර්ථික බිඳ වැටීමෙන් ගැලවී ඇත්තේ රටවල් අතළොස්සක් පමණි. කොවිඩ් වසංගතය තවමත් පවතින අතර ඒ තත්වය නොසලකා ලෝකයේ සෑම රටකම පාහේ උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාරයන්ගේ වර්ධනයක් දක්නට ලැබේ.

Highlights From The Virtual Oxford Real Farming Conference 2020 - Part One

මීට අමතරව වර්ධනය වන උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාරයන්ගේ ස්වභාවයේ වෙනසක්ද නිරීක්ෂණය කළ හැකිව තිබේ. විශේෂයෙන්ම කොවිඩ් ලෝක වසංගත තත්වයත් සමග මෙම වෙනස් වීම කැපී පෙනෙන ලෙස වර්ධනය වෙමින් පවතින බව පෙනේ. කොවිඩ් වසංගතයට පෙර ලෝකය තුළ පැතිර ගිය විරෝධතාවන් අතර සංක්‍රමණික විරෝධය, ජාතිකවාදය, පාරිසරික ගැටලු, සමලිංගික විවාහ, ගබ්සාව නීති ගත කිරීම වැනි සටන් පාඨ සැලකිය යුතු කොටසක් අත්පත් කර ගත් අතර කොවිඩ් වසංගතයෙන් පසු වර්ධනය වන උද්ඝෝෂණ හා විරෝධතාවන් අතර ප්‍රමුඛතාවට පැමිණ ඇත්තේ වැටුප් වැඩිවීම්, කම්කරු අයිතිවාසිකම්, ආදායම් විෂමතාව වැනි සටන් පාඨය. ඊට සමාන්තරව පසුගිය කාලය තුළදී වෘත්තීය සමිති, කම්කරු හා ප්‍රගතිශීලී ව්‍යාපාරයන්ගේ ක්‍රියාකාරිත්වයේ සැලකිය යුතු වර්ධනයක්ද සිදුවී තිබේ.

එසේම 2008/09 ලෝක ආර්ථික අර්බුදයෙන් පසුව ගතවූ මුල් කාලය තුළදී ලෝකයේ බොහෝ රටවල මැතිවරණ ජයග්‍රහණයන් අත් වූයේ ජාතිවාදී හා ජාතිකවාදී පක්ෂ හා ව්‍යාපාරයන්ටය. එහෙත් කොවිඩ් වසංගත තත්වය ආරම්භ වීමෙන් පසු ගතවූ කාලය තුළදී එකී තත්වය වෙනස් වී එවැනි ජාතිවාදී හා ජාතිකවාදී ව්‍යාපාරයන් පසුපසට තල්ලු කරමින් ප්‍රගතිශීලී, අධිරාජ්‍ය විරෝධී හා වාමාංශික පක්ෂ හා ව්‍යාපාරයන්ට මැතිවරණ ජයග්‍රහණ හිමිවන ප්‍රවණතාවක් වර්ධනය වෙමින් තිබෙන බව පෙනේ.

ලොව පුරා රැල්ල ප්‍රගතිශීලී ව්‍යාපාරවලට