චිලියට වාමාංශික ජනාධිපතිවරයෙක්

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

වාමාංශික දේශපාලන නායක 35 හැවිරිදි ගැබ්‍රියේ බොරික්, චිලී ජනාධිපති ධුරය ට පත් විය. ලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යෙය් ළාබාලතම ජනාධිපති වනු ඇත්තේ ද ගැබ්‍රියේ බොරික් ය.

පසුගිය වසර කීපයේ රජයේ දූෂණ වංචා හෙළි කරමින්, ජනතාව දැනුවත් කළ ශිෂ්‍ය සංගම් නායකයකු ලෙස ද ගැබ්‍රියේ බොරික් ප්‍රකටය.

අද (20) ඡන්ද ප්‍රතිඵල සියයට 99 ක් නිකුත් වෙද්දී, ගැබ්‍රියේ බොරික්, සියයට 56 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගෙන සිටියේය.

බොරික් ට අභියෝගයක් වූ දක්ෂිණාංශික අපේක්ෂක හොසේ ඇන්තෝනියෝ කාස්ට් හිමි කර ගත්තේ සියයට 44 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.

චිලී ජනාධිපතිවරණය පැවැත්වූයේ සෙබස්තියන් පිනේරා ධුරයෙන් සමු ගැනීමත් සමගය. පිනේරා නියෝජනය කරමින් ඔහුගේ කොන්සවර්ටිව් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ඇන්තෝනියෝ කාස්ට් ය.

පිනේරා  බිලියනපති ව්‍යාපාරිකයෙකි. බොරික් ජයගත් සැණින්, පිනේරා වීඩියෝ පණිවුඩක් හරහා ඔහුට සුබ පැතුවේය. ආණ්ඩුමාරු වීම සාමකාමීව සිදු කිරීමට තමන්ගේ පූර්ණ සාහාය ලබා දෙනවා යැයි ද පිනේරා අවධාරණය කළේය.

(රොයිටර් – ලංකාදීප)

චිලියට වාමාංශික ජනාධිපතිවරයෙක්