ඊශ්‍රායලය හා පලස්තීනය අතර පවතින යුද ගැටුම් පසුගිය කාලයේදී නැවතත් උත්සන්න විය. ඒ සමඟම මෙම ගැටලුව පිළිබඳ දේශපාලන සංවාදය අලුත්වී තිබේ. තම තමන්ට සංවේදී වන ආකාරයට මෙම ගැටලුව දෙස බලා විග්‍රහයන් ඉදිරිපත්කිරීම්ද දක්නට ලැබේ.
විශේෂයෙන්ම ලංකාව තුළ පසුගිය කාලයේ ඇතිවූ මුස්ලිම් විරෝධී, ජාතිවාදී මනෝභාවයන් පදනම් කරගනිමින් ද ඇතැම් අය මෙම ගැටලුව දෙස බැලීමට පෙළැඹී සිටිති. ඊශ්‍රායලය තුළ රැකියා කරන කරනු ලබන ලාංකිකයන් ඇතුළු විදෙස් ජනයාට මෙම ප්‍රශ්නය දැනෙනුයේ තමන් මුහුණ දෙන අනාරක්‍ෂිත තත්ත්වයට සාපේක්‍ෂවය. ඇතැමකු විසින් වැරැදිකරුවන් – නිවැරැදිකරුවන් තීරණය කරනු ලබන්නේ එවැනි සංවේදී කරුණු තුළිනි.
අනෙක් පසින් සමාජවාදී කඳවුර බිඳවැටී ලෝක දේශපාලන බලතුලනය වෙනස්වී ඇති තත්ත්වයක් තුළ පලස්තීන විමුක්ති අරගලයේ හඬ දුර්වලවී තිබෙන නිසාත්, හමාස් සංවිධානයේ ඇතැම් වත්මන් භාවිතාවන්ගේ තිබෙන මුස්ලිම් අන්තවාදී ක්‍රියාකලාපය නිසාත් මෙම ගැටලුව දෙස ඒකපාර්ශ්වීය ස්ථාවරයක සිට පැනනඟින මතවාදවලට සාපේක්‍ෂව වැඩි ඉඩකඩක්ද නිර්මාණයවී තිබේ.
ඓතිහාසික, විෂයමූලික මෙන්ම අන්තර් සම්බන්ධිත විග්‍රහයක් තුළින් මෙම ගැටලුව විශ්ලේෂණය කළ යුතු වන්නේ මෙම තත්ත්වය නිසාමය. මෙවර ‘විමර්ශන’ කලාපය වෙන්වී ඇත්තේ ඒ අරමුණිනි.