කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

IV. විවිධ රටවල විරුද්ධ පක්ෂ සම්බන්ධව කොමියුනිස්ටිවාදීන්ගේ
ස්ථාවරය


දෙවැනි කොටසින් කරන ලද පැහැදිලි කිරීමෙන් ඉක්බිතිව දැනට පිහිටුවා ඇති කම්කරු පක්ෂ එනම් එංගලන්තයේ චාටිස්ට්වරුන් සහ උතුරු ඇමරිකාවේ ඉඩම් ප්‍රතිසංස්කරණවාදීන් කෙරෙහි
කොමියුනිස්ට්වාදීන්ගේ ආකල්පය කෙබඳුද යන්න අවබෝධ කරගත හැකිය.

කම්කරු පංතියේ ක්ෂණික අරමුණු ඉටුකර ගැනීමටත්, ක්ෂණික අයිතිවාසිකම් හා උවමනාවන්
ක්‍රියාත්මක කර ගැනීමටත් සටන් කරන කොමියුනිස්ට්වාදීන් අද්‍යතන ව්‍යාපාරය කරගෙන යාමේදී, අනාගතය සඳහා ද සටන් කරති. ප්‍රංශයේ කොමියුනිස්ට්වාදින් ගතානුගතික සහ රැඩිකල් ධනපති පංතියට විරුද්ධව, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සමග එකතු වෙති’ එහෙත් එසේ කරන්නේ විප්ලවවාදී සම්ප්‍රදායේ සිට පැවති එන වාග් පාඨ සහ මායා මත විවේචනය කිරීමේ අයිතිය ප්‍රතික්ෂේප නොකරමිනි.

ස්විට්සර්ලන්තයේ කොමියුනිස්ට්වරු රැඩිකල්වාදීන්ට ආධාර දෙති. එහෙත් එසේ කිරීමේ දී එම පක්ෂය එකිනෙකට ප්‍රතිවිරෝධී කණ්ඩායම් වලින් සෑදී තිබෙන බවත්, කොටසක් ප්‍රංශ ශෛලය අනුව ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන් බවත්, අනික් කොටස රැඩිකල් ධනවාදීන් බවත් අමතක නොකරති. පෝලන්තයේ ජාතික විමුක්තිය සඳහා ප්‍රධානතම කොන්දේසි වශයෙන් කෘෂික විප්ලවයක් ඇති කළ යුතු යයි තරයේ ප්‍රකාශ කරන පක්ෂයට, 1846 ක්‍රාකොවු කැරැල්ල ඇතිකළ පක්ෂයට කොමියුනිස්ටිවරු ආධාර කරති.

ජර්මන් ධනපති පංතිය, නිරපේක්ෂ රාජාණ්ඩුවටත්, රදළවාදී ඉඩම් හිමියන්ටත්, ප්‍රතිගාමී
අවරසිකයින්ටත් විරුද්ධව විප්ලවවාදී ලෙස ක්‍රියාකරන හැම විටම ජර්මන් කොමියුනිස්ට්වරු එම
පංතිය සමග එකතුවී සටන් කරති.

එහෙත් ධනපති පංතිය සිය ආධිපත්‍යයත් සමගම අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළයුතු සමාජයික සහ
දේශාපාලනමය කොන්දේසි ජර්මන් කම්කරුවන් ධනපති පංතියට විරුද්ධව මෙහෙයවන අවි ලෙස ක්ෂණිකවම පාවිච්චියට ගැනීම සඳහාද, ජර්මනියේ ප්‍රතිගාමි පංතිීන් ඇද වැටුනු වහාම ධනපති පංතියට විරුද්ධව සටන අරඹාලීම සහතික කරනු සඳහාද ධනපති පංතිය සහ කම්කරු පංතිය අතර ඇති ප්‍රතිඝතිකතාවය පිළිබඳ වඩාත් පැහැදිලි වැටහීමක් කම්කරු පංතිය තුළ ඇතිකරවාලනු පිණීස ඔවුහු එක මොහොතක්වත් අපතේ නොයවති.

ජර්මනිය යුරෝපයේ වඩාත් දියුණු තත්ත්වයක් යටතේ පවතින නිසාත්, එංගලන්තයේ 17 වන
සියවසරේදී ද, ප්‍රංශයේ 18 වන සියවසරේද සිටි නිර්ධන පංතියට වඩා ඉහමත් ලෙස දියුණු වූ නිර්ධන පංතියක් සහිතව සිදුවීමට යන ධනපති විප්ලවයකට ජර්මනිය ආසන්නවී ඇති නිසත්, තම අවධානය ප්‍රධාන වශයෙන් ජර්මනිය කෙරෙහි යොමු කරති. එමෙන්ම ජරිමනියේ ධනපති විප්ලවය ඉන් ඉක්බිතිව ක්ෂණිකව ඇතිවිය හැකි නිර්ධන පංති විප්ලවයක ප්‍රාරම්භයක් විය හැකි බැවිනි.

එක් වදනකින් පවසතොත් සෑම රටකම සිටින කොමියුනිස්ට්වාදියෝ ඒ ඒ රටවල දැනට පවතින
සාමාජයික සහ දේශපාලනමය ක්‍රම වලට විරුද්ධව විප්ලවවාදී සෑම ව්‍යාපාරයකටම ආධාර දෙති.
මේ හැම ව්‍යාපාරයකම දේපළ පිළිබඳ ප්‍රශ්නය, එම අවධියේදී එය අඩු හෝ වැඩි හෝ වශයෙන්
දියුණු ස්වරූපයක් ගත්තද ඒවා සියල්ලකම ප්‍රථම ප්‍රශ්නය ලෙස ඉදිරිපත් කරති. අවසාන වශයෙන් සියලු රටවල ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවල සමගියක් සහ එකඟතාවයක් ඇති කරවනු පිණිස හැම තැනකදීම කොමියුනිස්ට්වරු පරිශ්‍රමයක් දරති.
සිය අදහස් හා අරමුණූ සැඟවීම කොමියුනිස්ට්වාදීහු පිළිකුල් කරති. දැනට පවතින සමාජීය
තත්ත්වයන් ප්‍රජන්ඩකාරී ලෙස බිඳ හෙලීමෙන් පමණක් සිය අරමුණු සපුරාලිය හැකි බව ඔවුහු
ප්‍රසිද්ධියේම පවසති. කොමියුනිස්ට්වාදී විප්ලවයක් ඉදිරියේ පාලක පංතීන් බියෙන් සැළෙත්වා. ස්වකීය විලංගු හැර නිර්ධනීන්ට නැති වීමට වෙන කිසිවක් නැත. දිනාගැනීමට ලෝකයක් ඔවුන්ට ඇත්තේය.

සකල දේශවාසී වැඩකරන ජනතාවනි එක්වව්!

කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය