රැස් කරව් ඥාන ධන

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

 

උගනිව්…

සරලම දේ උගනිව්…

තොප යුගය එළඹ ඇත…

ඉගෙනුමට පමා නැත…

උගනිව්.

අයනු ආයනු

ඒ මදි බව සැබැවි…

එහෙත් උගනිව් හෝඩිය…

අධෛර්යමත් නොවව්…

දියත් කරව් නැණ නැව…

කරව් තරණය – විදු සයුර අපරිමිත

උදුරාගනිව් නායකත්වය…!

අනාථය හදාරව – අනාථාගාරයෙහි

සිරකරුව හදාරව – බන්ධනාගාරයෙහි

ගෘහණියනි හදාරව – කුස්සියෙහි

හැට පිරුණත් හදාරව…

ඉහට වහළක් නැතත් සොයව් විදුහල…

ගත වෙව්ලන සීතලෙන්

මොළවව් ඥාන අග්නිය…

සා පිපාසා පහරන

ගනිව් පොත සුරතට

උදුරාගනිව් නායකත්වය…!

නොබා විමසව – සොහොයුරනි…

නොවිකිණෙව් උන්හට…

බලා තමා දෙස

නොදත් බව දැනගනිව්…

හොය හොයා නොදත් දේ

රැස් කරව් ඥාන ධන…

උදුරාගනිව් නායකත්වය…!

බර්ටෝල්ඞ් බ්‍රෙෂ්ට්

රැස් කරව් ඥාන ධන