සමාජවාදය මනෝ රාජ්‍යයෙන් විද්‍යාවට

SHARE

       එංගල්ස් විසින් රචිත මෙම කෘතියෙහි මුල් කෘතිය වන්නේ “ඩූරිංගේ මතවලට පිළිතුරු දීම සඳහා එංගල්ස් 1880 දී පමණ ජර්මන් සමාවාදී පක්ෂයේ ප්‍රධාන පුවත්පත වන ලයිප්සිග් (Vorwarts) හි පළ කළ ලිපි පෙළක එකතුවයි. එය “ඩූරිං මහතාගේ විද්‍යා විප්ලවය”  යන නමින් පොතක් ලෙස පළ කරන ලදී.

        “ප්‍රංශ මන්ත්‍රී මණ්ඩලයේ නියෝජිතයෙකු වූ පෝල් ලෆාර්ගේ ඉග්ගීමට අනුව එංගල්ස් මෙම ලිපි එකතුවෙන් පරිච්ඡේද 03ක් 1880 දී “මනෝරාජික සමාජවාදය සහ විද්‍යාත්මක සමාජවාදය” යන නමින් නැවත පළ කළේය. ඉංග්‍රීසි සංස්කරණය සඳහා ද එංගල්ස් විසින්ම 1892 අප්‍රේල් දීර්ඝ විශේෂ හැඳින්වීමක් ලියා ඇති අතර ප්‍රගති ප්‍රකාශන මන්දිරය විසින් සිංහලට නගා ඇති කුඩා පොත් පිංච තුල එංගල්ස්ගේ එම විශේෂ පෙරවදන ද ඇතුලත්වීම ඉතාමත් වැදගත් ය.

         “ඩූරිං” විසින් තමන් සමාජවාදියෙකු ලෙස නම් කර ගන්නා නමුත් මාක්ස්ට හා මාක්ස්වාදයට එරෙහිව ඉදිරිපත් කළ විවේචනාත්මක කෘතීන්ට පිළිතුරු සපයමින් එංගල්ස් විසින් සම්පාදිත “මනෝරාජික සමාජවාදයේ සිට විද්‍යාව දක්වා සංවර්ධනය වූ ආකාරයත් මාක්ස් ඒ සඳහා දැක්වූ සුවිශේෂ දායකත්වයත් ගෙන හැර දක්වයි.

ඉතිහාසය පිළිබඳ ද්‍රව්‍යවාදී සංකල්පය හා අතිරික්ත වටිනාකම මගින් ධනපති ක්‍රමයේ නිෂ්පාදනයේ රහස හෙළිදරව් කිරීම යන මේ සොයා ගැනීම් දෙක අප හමුවේ තැබු‍වේ කාල් මාක්ස් ය. මෙම සොයා ගැනීම සමගම සමාජවාදය විද්‍යාවක් බවට පත් විය. ඊලඟට කළයුතු වූයේ එහි විස්තර හා සම්බන්ධකම් සියල්ල පැහැදිලි කිරීම ය. 

එංගල්ස්

සමාජවාදය මනෝරාජ්‍යයෙන් විද්‍යාවට – පිටුව 61

      එසේම එංගල්ස් මෙම කෘතිය අවසන් කරන්නේ විය යුතු ලෙසම මෙම විද්‍යාව උපයෝගී කොට ගෙන නිර්ධන පන්තිය විසින් සම්පූර්ණ කළ යුතු සමාජ සංවර්ධනයේ ඓතිහාසික කාරයභාරය නිසි ලෙස අවධාරණය කරමිනි.

නවීන නිර්ධන පන්තියේ කාර්යභාරය වී තිබෙන්නේ මෙම විශ්වීය විමුක්තිය පිළිබඳ කාර්යය ඉටු කිරීමයි. නිර්ධන පන්ති ව්‍යාපාරයේ න්‍යායික ප්‍රකාශනය වූ විද්‍යාත්මක සමාජවාදීන්ගේ කර්තව්‍යය නම් මෙම ඓතිහාසික කොන්දේසි අංග සම්පූර්ණ ලෙස වටහා ගැනීඹ හා ඒ අනුව එහි ස්වාභාවයම වටහා ගැනීම  ද, දැනට පීඩිතව සිටින නිර්ධන පන්තියට ඉටු කිරීමට පැවරුණු මෙම භාරධූර කාර්යය පිළිබඳ කොන්දේසි හා අර්ථය එයට සම්පූර්ණයෙන් ලබා දීම ද වන්නේ ය. 

එංගල්ස්

සමාජවාදය මනෝරාජ්‍යයෙන් විද්‍යාවට – පිටුව 86

          අනෙක් අතට මෙහි වැදගත් වන තවත් කාරනයක් නම් එංගල්ස්ට තම කෘතිය තුල සංයුක්තව පමණක් නොව විෂයානුබද්ධව හා සම්පූර්ණ ලෙසින් ඩූරිංගේ විවේචනවලට පිළිතුරු දීමට ගන්නා උත්සාහයයි. සම්පූර්ණ ශාස්ත්‍රීය කටයුත්තක් වන එය අධ්‍යනයට මෙන්ම නිර්ධන පන්ති ව්‍යාපාරය තුල මතවාදී සංවාදය සඳහා ද ගුරු කොට ගත යුතු වැදගත් සම්ප්‍රදායකි.

කාලය හා අවකාශය පිළිබඳ සංකල්පයන්ගේ පටන් ද්විලෝක මුදල් මිම්ම දක්වා වූද, ද්‍රව්‍යයේ සහ චලනයේ සදාකාලිකත්වයේපටන් සදාචාර අදහස්වල නශ්‍ය ස්වාභාවය දක්වා ද ඩාවින්ගේ ස්වභාවික වරණීයතා න්‍යායෙහි පටන් අනාගත සමාජයේ  යෞවනයන් ශික්ෂණය කිරීම දක්වා වූ තිබිය හැකි සෑම සියලු මාතෘකාවක්ම ගැන කරුණු දැක්වීමට මට සිදුවිය.

එංගල්ස්

ඉංග්‍රීසි සංස්කරණයට ලියූ විශේෂ පෙරවදන

සමාජවාදය මනෝ රාජ්‍යයෙන් විද්‍යාවට“ කෘතිය  මෙතනින් ලබා ගන්න. 

සමාජවාදය මනෝ රාජ්‍යයෙන් විද්‍යාවට