ලෝක ආර්ථික අර්බුදයක පෙරනිමිති

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

ලෝකයේ ආර්ථික අර්බුද ඇතිවීම ආරම්භ වන්නේ වැඩවසම් සමාජ අවධියටත් පෙර සිටය. එහි ඉතිහාසය 03 වන ශත වර්ෂය දක්වා දිවයයි. එය කි‍්‍ර.ව. 235 – 384 කාලය රෝම අධිරාජ්‍යයෙන් ආරම්භවන්නකි. එතැන් සිට ධනවාදයේ දී ඉතා ප‍්‍රබල ලෙස මෙම ආර්ථික අර්බුදයන් පැන නැගුන අතර වසර 500 ක ධනවාදයේ ඉතිහාසය තුල අපට හමුවන ආර්ථික අර්බුද ගණනාවක් ඇත. එහෙත් ධනවාදයේ අවසාන කාලය ලෙස මේ වකවානුවේ විශේෂයෙන් 21 වන ශතවර්ෂයේ ලොව පුරා ආර්ථික අර්බුද රැල්ලක් නිර්මාණය වෙමින් පවති. මෙලෙස 18 වන ශතවර්ෂයේ ආර්ථික අර්බුද 07 කුත් 19 වන ශතවර්ෂයේත් ආර්ථික අර්බුද 15 කුත් වර්තා වන අතර 20 ශතවර්ෂයේ දී එය 22 දක්වා ඉහළ ගියේය. එහෙත් 21 වන ශතවර්ෂය ආරම්භ වී වසර 15 ක් යෑමට මත්තෙන් ලොව පුරා ආර්ථික අර්බුද 12 ක් වාර්තා වීමෙන් අපට නැවත නැවතත් පෙන්නුම් කරමින් සිටින්නේ ධනවාදය එහි අවසානය කරා ඇදෙමින් පවතින බවයි. මෙම ආර්ථික අර්බුදයන්ට මුහුණ දෙන ප‍්‍රධාන රටවල් අතර විශාල ලෙස වර්තා තබා ඇත්තේ ධනවාදයේ පියවරුන් වන එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදයයි.
කාල් මාක්ස්ට අනුව ආර්ථික අර්බුදයන් ඇති වීම ධනවාදය තුල අනිවාර්යක් වන අතර විවෘත වෙළඳපොල තුල ප‍්‍රාග්ධනය ඒකරාශි වීම හේතුවෙන් සහ අසාමාන්‍ය ලෙස ධනය බෙදීයාමෙන් මෙලෙස ආර්ථික අර්බුදයන් නිර්මාණය වන බවයි. 1920 සහ 1930 දී සිදුවු ලෝක ආර්ථීක අවපාතය 20 වෙනි ශතවර්ෂයේ සටහන් වූ දරුණුම ආර්ථික අවපාතයි.
ඉන්පසුව 2008 දී ඇමරිකා එක්සත් ජනපදයේ සිදුවු මුල්‍ය අර්බුදය මෙම ශත වර්ෂයේ සිදුවු දරුණුම ආර්ථික අර්බුදය බවට පත්විය. කොටස් වෙළඳපොල කඩා වැටීමත්, ණය ගෙවීමට නොහැකිවීමත්, නිවාස ණය සහ ණය පත් (Credit Card) ණය හරහා සිදුවු 2008 ආර්ථික අර්බුදය සමනය කර ගැනිමට ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල විශේෂ ආයාසයක් දැරීමට සිදුවිය. එයින් වසර 08 කට පසුව නැවතත් එවැනිම ආර්ථික අර්බුදයක පෙර නිමිති පහල වෙමින් පවතින අතර එය 2015 දෙසැම්බර් මස වන විට විවිධ ආර්ථික දත්තයන් හරහා පෙන්නුම් කළේය. විශේෂයෙන් ලෝකයේ ප‍්‍රධාන කොටස් වෙළඳපොල වල සිදුවන වෙනස්කම් සහ කඩා වැටීම් මේ සඳහා උදාහරණ සපයයි. 2015 දෙවන අර්ධය පමණ වනවිට කොටස් වෙළඳපොළෙහි අවිනිශ්චිතතාවය ඉහළ ගිය අතර එය එස්.ඇන්ඞ්.පීී 500 දර්ශකය මගින් පහැදිලි විය. එස්.ඇන්ඞ්.පීී 500 දර්ශකය (Standered & Poors 500) මගිින් පිළිබිඹුු වන්නේ එක්සත් ජනපද කොටස් වෙළඳපොලෙහි ගණුදෙනු පිළිබඳ තොරතුරුය. එක්සත් ජනපදයේ මෙම කොටස් මිල දර්ශකය මගින් ඇමරිකන් කොටස් වෙළඳපොලෙහි ක‍්‍රියාත්මක වන විශාලම සමාගම් 500 හි කොටස් ගණුදෙනු පිළිබඳ තත්වය නිරූපනය කරන බැවින් එම දර්ශකය ආර්ථීකයේ මුල්‍ය තත්වය පිළිබඳව ඉතා පැහැදිලි අදහසක් ලබාදේ. 2016 වසර ආරම්භයේදීම එම දර්ශකය කින් පහළයෑම මෙම මුල්‍ය අර්බුදය විදහාපායිි.
ආර්ථික අර්බුදයන්හිදී එයට පිලියම් ලෙස එක්සත් ජනපද ආණ්ඩුව කඩාවැටෙන සහ අර්බුදයට යන ආයතන සඳහා සහන සැලසීම සහ අරමුදල් යෙදවීම (Government Bailout Packages) කරනු ලබයි. එලෙස 2008 සිදුවූ ආර්ථික අර්බුදයට පිළියම් ලෙස රක්ෂණ හා මුල්‍ය සමාගම් කිහිපයකට මුල්‍ය ආධාර පිරිනමන ලදි. එයට අමතරව සහනදායී මුල්‍ය ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමත්, ප‍්‍රාග්ධනය යෙදිීමත් වැනි කටයුතු මගින් රජය මෙම අර්බුදයන් සමනය කර ගැනීම සඳහා මැදිහත් වුනි. ආර්ථික විද්‍යා විශ්ලේෂකයින් සඳහන් කරන්නේ එලෙස ගන්නාලද ක‍්‍රියාමාර්ග වල ප‍්‍රතිඵලයක් ලෙස මෙලෙස නැවතත් ආර්ථිකය අර්බුදයට යැමේ ලකුණු පහලවෙමින් පවතින බවයි. එය ලොව පුරා මේ මොහොතේ ඇති ඇති ආර්ථික තත්වයත් සමග සසඳන කල දැක ගත හැක.
ලෝක ආර්ථිකයේ විශාල කොටසකට දායකත්වය සපයන යුරෝපා ආර්ථිකය තුල මේ වන විට අර්බුද ඇරඹී ඇත. විශේෂයෙන්ම බැදුම්කර නිකුත් කිරිම් හරහා රාජ්‍ය ණය (Sovereign Debt) ලබාගැනීම තුළ යුරෝපයේ බොහෝ රටවල් මෙම අවදානමට ලක්ව ඇත. ස්වෛරීත්ව බැදුම්කර යටතේ ලබා ගන්නා විදේශ ණය මගින් ආර්ථිකයේ මුල්‍ය අර්බුදයට පිළියම් සෙවීම යුරෝපය පුරා පසුගිය කාලයේ සිදුවිය. විශේෂයෙන් පෘතුගාලය, අයර්ලන්තය. ඉතාලිය, ග‍්‍රීසිය සහ ස්පාඤ්ඤය යන රටවල් මෙම තත්වයට මුහුණ දුන් අතර යුරෝපා මධ්‍යම බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මේ තත්වය සමනය කිරීම සඳහා මැදිහත් විය. PIIGS රටවල් එකතුව 2015 ග‍්‍රීසියේ දී පැවති සමුඵවේදී එම ආර්ථිකයන්හි තත්වය සමනය කර ගැනීම සඳහා විශේෂ රාජ්‍ය මුල්‍ය උපක‍්‍රම භාවිතා කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල උපදෙස් දුන් අතර ග‍්‍රීසියෙහි ආර්ථිකය කඩා වැටීමේ අවදානම කෙරෙහි වඩා සැලකිලිමත් විය.
මේ අතර චීනයේ කොටස් වෙළඳ පොලෙහිද අසාමාන්‍ය වර්ධනයක් පෙන්නුම් කල අතර එය චීනයේ දළ දේශිය නිෂ්පාදිතයේ වර්ධනයත් සමග සිදුවිය. ලෝකයේ දෙවන ආර්ථිකයට හිමිකම් කියන චීනයේ මැද පාන්තික ආදායම ඉහළ යාමත් සමග චීනයේ කොටස් වෙළඳපොල කටයුතු ඉහළ ගිය අතර එයට ආයෝජන සඳහා ඇති සීමාවන් ද හේතු විය. මෙසේ කොටස් වෙළඳපොල ඉහලයෑම නිසා ඒ හේතුව මත කොටස් වෙළඳපොලෙහි බුබුඵ තත්වයක් පැන නැගින. තාක්ෂණික අංශයේ කර්මාන්තයන්හි කොටස්වල ඉපැයුම්
ඉතා ඉහළ මට්ටමක පැවතුනි. ඒ අනුව එහි කොටසක දල ඉපැයුම් අනුපාතය 150 වාරයක් දක්වා ඉහළ ගියේය. මෙය ලෝකයේ කොටස් වෙළඳපොල තත්වයන් කෙරෙහි බලපෑ අතර එය මූල්‍ය අර්බුදකාරී මට්ටමක් දක්වා තල්ලූ කිරිමට සමත්වනු ඇත.
එක්සත් ජනපදයේ අධ්‍යාපනය සඳහා සිසුන්ට ණය ලබාදීම ද ආර්ථිකය ගැටලූකාරී තත්වයකට ඇද දමා ඇත. පසුගිය වසර නිමවන විට එසේ සිසුන් විසින් ලබාගත් ණය ප‍්‍රමාණය ඇමරිකන් ඩොලර් ටි‍්‍රලියන 1.2 ක් පමණ වේ. මෙම ණය ප‍්‍රමාණය සිසුන්ට ගෙවීමට නොහැකි මට්ටමක පවතින අතර එය 2014 ඔස්ටේ‍්‍රලියාවේ ද:දේ:නි වන ඇ:ඩො: බිලියන 852 හා සසඳන කල විශාල මුදලකි. මෙයට සමගාමීව එක්සත් ජනපදයේ රැකියා වියුක්ති අනුපාතය 4.9 ක් ලෙස පහළ බැස ඇති බවට රැකියා නියුක්ති දර්ශකය සඳහන් කලද එයට අර්ධකාලීන සහ දිනකට
පැය කිහිපයක් පමණක් සේවයෙහි යෙදෙන පුද්ගලයන් ද ඇතුලත් කර තිබේ. එම කොටස මෙයින් ඉවත් කලවිට එක්සත් ජනපදයේ රැකියා වියුක්ති අනුපාතය 10.5 දක්වා ඉහළ යන අතර එය විශාල ආර්ථික අර්බුදයක පෙර නිමිති කියාපායි.
මෙයට අමරතරව පසුගිය මාස කිහිපය තුල එක්සත් ජනපදයේ සිල්ලර හා තොග වෙළඳම විශාල ලෙස පහත ගොස් ඇති අතර එය පසුගිය 2008 ආර්ථික අවපාත කාලයට වඩා වැඩි බව ආර්ථික විශ්ලේශකයින් සඳහන් කරති. 2015 දෙසැම්බර් මස වන විට කර්මාන්ත ශාලාවලට ලැබෙන ඇණවුම් ප‍්‍රමාණය අනෙක් වසරවලට වඩා පහල ගොස් ඇති අතර අපනයන වර්ධනය පහළ ගොස් ආයතන ලබන ලාභාන්තිකයද පහල ගොස් ඇත. මේ කරුණු සියල්ල සලකා බලන කල 2016 වසර තවත් බරපතල ආර්ථික අර්බුදයට අතවනන බවට පැහැදිලි වේ.

ලෝක ආර්ථික අර්බුදයක පෙරනිමිති