විශ්මිත මිනිස් මොළය

SHARE

මිනිස් මොළයේ සුවිශිත්වයත් එහි අඩංගු කොටස් හා එම කොටස්වලින් කෙරෙන විවිධ වූ කාර්යයන් ගැන අප බොහෝ අවස්ථාවල සාකච්ඡා කරලා තිබෙනවා. අප මේ ලිපියෙන් උත්සාහ කරන්නේ මිනිස් මොළය ගැන ඊට වඩා වෙනස් තොරතුරු ප‍්‍රමාණයක් ඔබ වෙත ඉදිරිපත් කරන්න.

මිනිස් මොළය කොච්චර විශාල ද?

1. සාමාන්‍ය මිනිස් මොළයක ස්කන්ධය රාත්තල් 3 යි.
2. පිරිමින්ගේ මොළය ස්ති‍්‍රන්ගේ මොළයට වඩා ස්කන්ධයෙන් 10% වැඩියි
3. වැඩිම ස්කන්ධයක් ඇති මොළය හිමිවන්නේ යෝධ තල්මසාටය එය රාත්තල් 17 කි.
4. එහෙත් ශරීර ස්කන්ධයට සාපේක්ෂව මොළයේ ස්කන්ධය වැඩි ම මිනිසාගේ ය. එය 2% අගයකි. (අලියාගේ එම අගය 0 15%කි)
5. මොළයේ ස්කන්ධය අපේ සමේ ස්කන්ධයෙන් අඩක ප‍්‍රමාණයකි.
6. විශාලතම අංගය වන මස්තිෂ්කය මොළයේ මුළු ප‍්‍රමාණයෙන් 85%කි.
7. නියැන්ඩතාල් මානවයාගේ මොළය Homo-sapian මොළයට වඩා 10% විශාලය.
8. පසුගිය වසර 10,000-20,000 ඇතුළත මිනිස් මොළය ටෙනිස් බෝලයක ප‍්‍රමාණයකින් කුඩා වී ඇත.

මොනවද මේක ඇතුළේ තිබෙන්නේ ?

1. 73% ක්ම ජලය (2%ක් ජලය ඉවත් කිරීම මඟින් අවධානය, මතකය හා අනෙකුත් ඥානාත්මක හැකියාවන්ට බලපෑම් කළ හැක)
2. ශරීරයේ තිබෙන ඔක්සිජන්වලින් 20% භාවිතා කරයි
3. ශරීරයේ සංසරණය වන රුධිරයෙන් 20% භාවිතා කරයි
4. ශරීරයේ පවතින කොලෙස්ට්‍රෝල්වලින් 25% මොළය තුළ ඇත (අත්‍යවශ්‍ය කොලෙස්ට්‍රෝල් ප‍්‍රමාණය නොතිබුණොත් Dementia රෝගය වැළඳීමේ අවදානම වැඩි වේ. කොලෙස්ට්‍රෝල් තවත් අඩු වීමෙන් මොළය මිය යා හැක.)
5. මොළයේ වියළි බරින් 60% මේදය අඩංගුය.

විශ්මිත මිනිස් මොළය