නිකරගුවාහි සමාජවාදී පක්ෂයට විශිෂ්ට මැතිවරණ ජයක්

SHARE

නිකර්ගුවාහි සමාජවාදී දේශපාලන පක්ෂයක් වන සැන්ඩිනිස්ටා ජාතික විමුක්ති පෙරමුණ (Sandinista National Liberation Front) (FSLN) එරට මහ නගර සභා මැතිවරණයෙන් 73.70% ක අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට මැතිවරණ ආයතනයට අනුව, FSLN පක්ෂයට ඡන්ද 1,489,688 ලැබී ඇති අතර, නගරාධිපති ධුර 153 ක්ද දිනා ගැනීමට සමත්ව ඇතැයි වාර්තා වේ.

මේ අතර සැන්ඩිනිස්ටා ජාතික විමුක්ති පෙරමුණ FSLN සංවිධානයේ ලේකම් El 19 Digital මාධ්‍ය ආයතනය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර ඇත්තේ “මෙම ප්‍රතිපලය අපගේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීම, පුරවැසියා තම ප්‍රජාවන්ගේ සංවර්ධනය, ඔවුන්ගේ අවශ්‍යතා තෘප්තිමත් කිරීමටද, සෑම දිනකම වැඩිදියුණු කිරීමටද අපට ඉඩ සලසන සාමූහික ගොඩනැගීම සඳහා වරප්‍රසාද ලබා දෙන ඉදිරි දර්ශනයක මාර්ගය බවයි”

නිකරගුවාහි සමාජවාදී පක්ෂයට විශිෂ්ට මැතිවරණ ජයක්