ඔබට ඇසේද මිනිසුන් ගී ගයන රාවය
කෝපයට පත්වූ මිනිසුන් ගේ ගීතයකි එය
පොදු ජනයාගේ සංගීතයයි එය
නැවත කිසිම දිනක වහලුන් නොවන
ඔබේ හදවත ගැහෙනා තත්සරය
බෙර වාදනයන්හි දෝංකාරයක් වන විට
ජීවිතය දලුලන්නට පටන් ගනී
එයයි හෙට දවස
ඔබ අපගේ සටනට එක්වේද
ශක්තිමත්ව අප සමග එක්ව නැගී සිටීමට
සියලු බාධක බිඳ දමා
ඔබ දකින්නට පතනා ලෝකයක් වේද
එසේනම් සටනට එක්වව්
එවිට ඔබට නිදහස් වීමට අයිතිය ලැබෙනු ඇත.
ඔබට ඇසේද මිනිසුන් ගී ගයනා රාවය
කෝපයට පත් වූ මිනිසුන්ගේ ගීතයකි එය
පොදු ජනයාගේ සංගීතයයි එය
නැවත කිසිදා වහලුන් නොවන
ඔබේ හදවත ගැහෙනා තත්සරය
ඔබට ඇසේද මිනිසුන් ගී ගයන රාවය…
බෙර වාදනයන්හි දෝංකාරයක් වන විට
ජීවිතය දලුලන්නට පටන් ගනී
එයයි හෙට දවස
ඔබට දිය හැකි සියලු ශක්තිය ඔබ දේද සටනට
එවිට අපගේ සටන ජයටැඹ කරා යනු ඇත
ඇතමෙක් ඇද වැටෙනු ඇත
සමහරෙක් ජයටැඹ කරා යනු ඇත
ඔබ නැගිට එක්වේද අප සමග
එවිට ජීවිතය පූජා කළ උත්තරීතර මිනිසුන් ගේ ලෙය
දෙරණ මත වැව් ගංගා හා එක්වනු ඇත.
ඔබට ඇසේද මිනිසුන් ගී ගයන රාවය
කෝපයට පත්වූ මිනිසුන්ගේ ගීතයකි එය
පොදු ජනයාගේ සංගීතයයි එය
නැවත කිසිම දිනක වහලුන් නොවන
ඔබේ හදවත ගැහෙනා තත්සරය
බෙර වාදනයන්හි දෝංකාරයක් වන විට
ජීවිතය දලු ලන්නට පටන් ගනී
එයයි හෙට දවස…
1830 ප්‍රංශ ජනතා නැගිටීම්වලදී යොදාගත් ගීතයක අනුවාදනයකි.
පරිවර්තනය: නිසංසලා ධර්මසේන බර්තෝලමියුස්