කොලොම්බියා ජනාධිපතිවරණයෙන් වාමාංශික අපේක්ෂක ගුස්ටාවෝට ජය

SHARE

ඊයේ (19) පැවති කොලොම්බියාවේ ජනාධිපතිවරණයෙන් වාමාංශික අපේක්ෂක ගුස්ටාවෝ පෙට්‍රෝ ජයග්‍රහණය කර තිබේ.

හිටපු ගරිල්ලා සටන්කරුවෙකු වූ පෙට්‍රෝ ව්‍යාපාරික අධිපති රොඩොල්ෆෝ හර්නාන්ඩස්ට එරෙහිව 50.4%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇත.

පෙට්‍රෝගේ ජයග්‍රහණය කොලොම්බියාවේ ජනාධිපතිවරණයකදී වාමාංශිකයෙකු ලැබූ පළමු ජයග්‍රහණය වන අතර ඔහුගේ උප ජනාධිපති ෆ්‍රැන්සියා මාකේස් එම ධූරය දැරූ පළමු කළු ජාතික කාන්තාව බවටද පත් වේ.

කොලොම්බියා ජනාධිපතිවරණයෙන් වාමාංශික අපේක්ෂක ගුස්ටාවෝට ජය