යුක්රේන යුද්ධයෙන් ගොඩ යන එක්සත් ජනපදය

SHARE

මාර්තු 24 වන දිනට රුසියානු යුක්රේන යුද්ධයට මාසයක් සම්පුර්ණ විය. (NATO හමුදා පළමු වරට යුගොස්ලෝවියාවට ප්‍රහාර එල්ල කරන ලද්දේද 1999 මාර්තු 24වැනිදාය.) දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ ඇති වූ විශාලතම යුද ගැටුම බවට රුසියානු යුක්රේන යුද්ධය පත් වී ඇත. මෙම යුද්ධය හේතුවෙන් මේ වන විට මිලියන 10ක පමණ ජනතාවක් අවතැන් වී ඇති අතර දහස් ගණනක් මිය ගොස් තිබේ. රුසියාව යුක්රේනයේ අග නගරය, කීව් නුවර වටලා ගෙන සිටින අතර යුක්රේනයේ දකුණු දිග නගරයක් වූ මැරියුපොල් නගරය වටලා යටත් කරගනිමින් සිටී.

රුසියානු සෙබළුන් 7000ක් පමණ මේ වන විට මිය ගොස් ඇතැයි වාර්තා වන අතර යුක්රේන ආක්‍රමණයට එකට එක කිරීමක් ලෙසට රටවල් ගණනාවක්ම විසින් රුසියාවට එරෙහිව සම්බාධක පනවනු ලැබ තිබේ. යුරෝපා සංගමය රුසියාවේ තෝරා ගත් බැංකු කිහිපයක් SWIFT ලෝක මුල්‍ය පද්ධතියෙන් ඉවත් කර තිබේ. රුසියානු මගී ගුවන් යානාවලට යුරෝපා ගුවන් කලාපයට ඇතුළු වීම තහනම් කර තිබේ. Russia Today සහ Sputnik ප්‍රවෘත්ති ආයතන අන්තර් ජාලයෙන් ඉවත් කර ඒවායේ ගුවන් සංඛ්‍යාත සඳහා බාධා පමුණුවන ලදී. යුරෝපා සංගමයේ ස්වභාවික වායු අවශ්‍යතාවෙන් 40%ක් පමණ ලබා ගන්නේ රුසියාවෙනි. මේ හේතුව නිසා යුරෝපා සංගමයේ රටවල් බලශක්තිය අරභයා රුසියාව මත යැපෙන තත්වයක සිටී. පසුගිය මාර්තු 08වැනිදා යුරෝපා සංගමය RePowerEu නම් වැඩ සටහනක් ආරම්භ කරන ලද අතර එහි අරමුණ වී ඇත්තේ යුරෝපා සංගමය රුසියාවේ ස්වභාවික වායුව මත වන යැපීම වසරක් ඇතුලත 2/3කින් අඩු කිරීමයි. මීට අමතරව යුරෝපා සංගමයේ රාජ්‍යයන්ගේ සහ ආණ්ඩුවල ප්‍රධානීන් මාර්තු 10/11 දෙදින වර්සෙල්ස් ප්‍රකාශනය නිකුත් කරනු ලැබීය. එමගින් ඔවුන් රුසියාවට එරෙහිව ඔවුන්ගේ ආරක්ෂක හැකියාවන් ඉහළ දැමීමටත් බලශක්තිය සහ අනෙකුත් සම්පත් අරභයා රුසියාව මත ඇති ඔවුන්ගේ යැපීම අඩු කිරීමටත් වඩාත් හොඳ ආර්ථික පදනමක් ගොඩ නැගීමටත් අවශ්‍ය පියවර ගැනීමට එකඟතාවක් ඇති කර ගෙන තිබුණි.

මේ අතර එක්සත් ජනපදයද පසුගිය මාර්තු 05වන දා සිට රුසියානු බොර තෙල් ආනයනය නතර කළේය. එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඔහුගේ යුරෝපා සංචාරයේදී යෝජනා කර තිබුනේ රුසියාව G 20 සංවිධානයෙන් ඉවත් කරන ලෙසටය.

මාර්තු 26 දින වන විට රුසියාව ඔවුන්ගේ යුදමය ක්‍රියාමාර්ගයේ පළමු අදියර බොහෝ දුරට අවසන් කළ බව ප්‍රකාශ කළේය. මේ අනුව රුසියාව මීළඟට නැගෙනහිර යුක්රේනයේ දොන්බාස් ප්‍රදේශය නිදහස් කර ගැනීමේ මෙහෙයුම්වල යෙදෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

NATO සංවිධානය පුළුල් කිරීමේ උත්සාහය

යුක්රේන යුද්ධය පිළිබඳ කරුණු දක්වමින් යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති අංශයේ ප්‍රධානියා වන ජෝසෙප් බොවෙල් පසු ගිය සතියේදී ප්‍රකාශ කර සිටියේ මෙම යුද්ධය භ්ඔධ සංවිධානයේ ආක්‍රමණශීලීභාවයේ ප්‍රතිඵලයක් බවයි. ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබුණේ භ්ඔධ සංවිධානය යුක්රේනය දක්වා ව්‍යාප්ත කිරීමට ගත් උත්සාහය වරදක් බවයි.

යුක්රේනය රුසියාවේ බටහිර දේශසීමාවේ පිහිටි ප්‍රංශයට වඩා විශාල වූ රටකි. එය රුසියාව සමග කිලෝ මීටර 2295ක පමණ දේශ සීමාවක් බෙදා ගනී. යුක්රේනය රුසියාවේ ජාතික ආරක්ෂාවට වැදගත් පිහිටීමක් සහිත භූමියක් බවට පත්ව ඇත්තේ මේ නිසාය. භ්ඔධ සංවිධානය 1949 වසරේදී සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී කඳවුරට එරෙහිව අධිරාජ්‍යවාදී කඳවුර විසින් ගොඩනගාගත් යුද සංවිධානයකි. සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු එය විසුරුවා හැරිය යුතු හෝ අක්‍රිය විය යුතුව තිබුණද එසේ නොවීය. ඒ වෙනුවට එය මේ මොහොතේදී එක්සත් ජනපදයේ වුවමනාව මත රුසියාව වැනි රටවල් ඉලක්ක කර ගනිමින් ව්‍යාප්ත කෙරෙමින් තිබේ. 1999දී භ්ඔධ සාමාජිකත්වය සහිත රටවල් ගණන 16ක් පමණක් වුවත් 2022 වන විට එය රටවල් 30ක් දක්වා වැඩි වී තිබේ. එක්සත් ජනපදය රුසියාවට එරෙහිව තේරූ උපායමාර්ගය වුයේ රුසියාව භ්ඔධ සාමාජික රටවලින් වට කිරීමයි. ඒ අනුව හැකි ඉක්මනින් යුක්රේනයටද භ්ඔධ සාමාජිකත්වය ලබා දීම ඔවුන්ගේ අපේක්ෂාව විය. යුක්රේනයට  NATO සාමාජිකත්වය ලැබුණේ නම්, ඉන් යුක්රේනයේ විදේශ ප්‍රතිපත්තිය එම සංවිධානයට අවශ්‍ය ලෙස සකස් කර ගැනීමටත් යුක්රේන ආරක්ෂක හමුදා භ්ඔධ හමුදාවන්ට යටත් කිරීමටත් යුක්රේනය තුළ එක්සත් ජනපද හමුදා සහ මිසයිල ස්ථානගත කිරීමටත් අවකාශ සැලසේ. යුක්රේනයට NATO සාමාජිකත්වය ලබා නොදෙන බවට ස්ථිර සහතිකයක් රුසියාව විසින් ඉල්ලා සිටියේ එබැවිනි. එහෙත් එය දිගින් දිගටම කල් යවමින් යුක්රේනය NATO සාමාජික රටක් බවට පත් කර ගැනීමට එක්සත් ජනපදය ගත් උත්සාහය රුසියානු යුක්රේන යුද්ධයේ ප්‍රමුඛ හේතුවයි.

කෙසේ වෙතත් එක්සත් ජනපදයේ මෙම හැසිරීම විසින් යුරෝපය තුළ යුද්ධයක් ආරම්භ වී තිබේ. යුද්ධයට අවශ්‍ය තත්වයන් සකසන්නේ එක්සත් ජනපදය වුවද යුද්ධය සිදු කෙරෙන්නේ එක්සත් ජනපදය තුළ නොවේ. යුද්ධයෙන් පීඩාවට පත් වන්නේ එක්සත් ජනපද වැසියන් නොවේ. විනාශ වන්නේ එක්සත් ජනපදයේ දේපළ නොවේ. ඒ වෙනුවට දැන් යුක්රේනයට සහ යුරෝපා සංගමයේ අනෙකුත් රටවල ආරක්ෂක හැකියාව වර්ධනය කිරීම සඳහා අවි ආයුධ සහ වෙනත් යුද උපකරණ අලෙවි කර ගැනීමේ අවස්ථාව එක්සත් ජනපදයට උදා වී තිබේ. එසේම යුරෝපා සංගමය රුසියාවෙන් මිලදී ගත් ස්වභාවික වායුව, ඛනිජ තෙල් ඇතුළු අනෙකුත් භාණ්ඩ වෙනුවට එක්සත් ජනපද තෙල්, ස්වභාවික වායුව, ඇතුළු අනෙකුත් භාණ්ඩ අලෙවි කර ගැනීම සඳහා වෙළඳපොළක් විවෘත වී තිබේ. තවද යුරෝපා සංගමය තුළ ගිලිහෙමින් තිබූ එක්සත් ජනපද අධිපත්‍යය යළි ශක්තිමත් කර ගැනීමේ හැකියාවද මේ නිසා එක්සත් ජනපදයට ලැබී තිබේ.

රුසියානු-යුක්රේන යුද්ධය හා යුරෝපා සංගමය  

දැන් ඔවුන්ට ලාභදායී රුසියානු තෙල්, ස්වභාවික වායුව, ආහාර ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් භාණ්ඩ වෙනුවට වියදම් අධික එක්සත් ජනපද භාණ්ඩ මිලදී ගැනීමට සිදුවී තිබේ. එසේම තම ආරක්ෂක හැකියාව වර්ධනය කර ගැනීම සඳහා එක්සත් ජනපද යුද උපකරණ මිලදී ගැනීමට සිදුව තිබේ. රුසියාවෙන් එන තර්ජනයට මුහුණ දීම සඳහා එක්සත් ජනපද ආධිපත්‍යයේ සරණ යාමට සිදුව තිබේ. මීට අමතරව දැවැන්ත සරණාගත ප්‍රශ්නයකට මුහුණ දීමටද යුරෝපයට සිදුව තිබේ. එක්සත් ජනපදය තම රටේ අර්බුදය විතැන් කර ඇත්තේ මේ ආකාරයටයි. එහෙත් මේ සියල්ල විසින් යුරෝපය පුරා දැනටමත් වර්ධනය වී ඇති ආර්ථික අර්බුදය තවත් තීව්‍ර වනු ඇති අතර ජනතාවගේ සුබ සාධක කප්පාදුව, අයිතීන් කප්පාදුව සහ ශ්‍රම සූරාකෑම තවදුරටත් උග්‍ර වනු ඇත.

යුක්රේන යුද්ධයෙන් ගොඩ යන එක්සත් ජනපදය