ලෝකය වෙනස් කරන සොයන ඔබට...

සංස්කාරකවරු

චන්ද්‍රික අධිකාරි
ප්‍රසන්න පෙරේරා
රවිනාත් විජේසේකර

Address:


298, Kalapaluwawa,
Rajagiriya,
Sri lanka.
Phone: +94777802707
Email: leftlibrary.net@gmail.com

ඔබේ අදහස් සහ යෝජනා අපට කියන්න.

ආදරණීය සහෝදර සහෝදරියනි,

   මතවාදී අරගලය, පංති සටනේ ප්‍රධාන ආකාර තුනෙන් එකකි. සවිඥානික දේශපාලන ක්‍රියාකාරීත්වය සඳහා අත්‍යාවශ්‍යම උපකරණයකි. මිනිසා සිය විමුක්තිය උදෙසා කරමින් සිටින අරගලයේදී, ඒ සඳහා ක්‍රියාකාරීවීමට නම්, ප්‍රාග්ධනයේ වහලෙකු බවට තමා පත්වී ඇති බවත්, එම වහල්භාවයෙන් මිදීමට තමා වැනිම අනෙක් අය සමඟ එක්වී සටන් කළ යුතු බවත් අවබෝධ කර ගැනීම අනිවාර්යය කොන්දේසියක් වේ.

    මේ බව වාමාංශික ක්‍රියාධරයන් මෙන්ම, ධනපති පංතියේ නියෝජිතයෝ ද හොඳාකාරව අවබෝධ කර ගෙන සිටිති. ධනපති පංතියේ ප්‍රමුඛ කාර්යභාරය ඉටු කරනු ලබන අධිරාජ්‍යවාදය, සියවසකට අධික කාලයක් තිස්සේ මිනිස් මනස මතවාදී මෙහෙයුමක් මහත් ආයාසයකින් සිදුකරමින් සිටියි. නිෂ්පාදන උපකරණවල හිමිකම හා ශ්‍රමය මිල දී ගැනීමේ ඔවුන් සතු හැකියාව විසින් මිනිසාට සහ සොබාදහමට එරෙහි “මතවාදී යුද්ධයක්” දියත් කරනු ලැබ තිබේ. එම මතවාදී යුද්ධය, “සමාජවාදය විකල්පයක් නොවේ, ඉතිහාසය අවසන් වී ඇත්තේ ධනපති ක්‍රමයෙහි අවසාන අවධිය ලෙසින් සනිටුහන් කරමිනි. එම නිසා එකම විකල්පය වී තිබෙන ධනවාදයට එරෙහිව අරගල කිරීම නොව කළ යුත්තේ එයට අනුගතවීමයි” යනුවෙන් බිලියන ගණනක ලොව පුරා ජනතාවට දෛනිකව නොයෙක් උපක්‍රම භාවිතා කරමින් ඒත්තු ගන්වමින් සිටියි.

    යථාර්ථය නම්.., ලොව පුරා, සෑම අතකින්ම, දිනපතාම වාර්තා වන්නේ ධනේෂ්වර ක්‍රමයෙහි අසාර්ථකවීම් පිළිබඳ උදාහරණයන් ය. ධනපති ක්‍රමය මිනිස් වර්ගයාට ඇති එකම විකල්පය නම්.., ජනතාවගෙන් අති බහුතරයක් වූ ශ්‍රම බලකාය හෙවත් නිර්ධන පංතිය වැඩි වැඩියෙන්, තව තවත් පීඩාවට පත්වන්නේ කෙසේද? මොහොතින් මොහොත, එම ජනතාවගේ විමුක්තිය තව තවත් දුරස් වන්නේ ඇයි? මෙම සත්‍යය පිළිබඳව, සැබෑ හරය ජනතාවට කියාදීම, අවබෝධ කරදීම, වාමාංශික දේශපාලන කාර්යභාරයේ අත්හැරිය නොහැකි වගකීමයි.

    www.leftlibrary.net වෙබ් පුස්තකාලය බිහි වන්නේ ඉතාම වැදගත් වූ එම කර්තව්‍යය, වගකීම ඉටු කරන්නා වූ දේශපාලනයේ නියුතු වාමාංශික, ප්‍රගතිශීලි දේශපාලන හා සමාජ ක්‍රියාධරයන් වෙනුවෙනි. මෙම ප්‍රයත්නය; අන්තර්ජාල පුස්තකාලය, මතවාදී සටන දියුණු තියුණු කිරීම සඳහා වඩා පහසුවෙන් “මතවාදී අවි” ලබා ගත හැකි තොරතුරු තැන්පතුවක් ගොඩ නැගීම සඳහා ය.

    මෙම වෙබ් පුස්තකාලය තුළ මාක්ස්වාදී මූලික ලේඛන, ලෝක සමාජවාදී ව්‍යාපාරය තුළ විවිධ වකවානු තුළ පළ කරන ලද කෘති සහ බොහෝ කෘතිවල සිංහල පරිවර්තන ද, (ඒවායේ මතවාදී නිවැරදිභාවය පිළිබඳ විවාදාත්මක බව පිළිගනිමින්ම) මාක්ස්වාදී නොවන නමුත් අධිරාජ්‍ය විරෝධී හා ධනේෂ්වර ක්‍රමය පිළිබඳ විවිධ මට්ටමේ විවේචන ඇතුලත් කෘති හා ලේඛන ද ඉදිරිපත් කර ඇත.

    මේ, ශ්‍රී ලංකාව තුළ ගොඩ නැගෙන ප්‍රථම වාමාංශික අන්තර්ජාල පුස්තකාලයයි. මෙහි තැන්පත් කර තිබෙන සියලුම මුල් කෘති, පරිවර්තන, ලිපි ලේඛන හා කලා නිර්මාණ කළ සියලුම සංවිධාන සහ පුද්ගලයන් හට අපගේ ඉමහත් කෘතවේදීත්වය පළ කර සිටිමු. එමෙන්ම, ඒවා තුළින් උපුටා ගැනීමේ දී සහ යොදා ගැනීමේදී එම මුල් කෘතිවල කතෘවරුන් සහ මූලාශ්‍ර සඳහන් කරමින් යොදා ගන්නා ලෙසත් සහෝදරාත්මකව ඉල්ලා සිටිමු.

    එමෙන්ම, මෙහි ඇති අඩුපාඩු පිළිබඳ අප දැනුවත් කරන ලෙසත්, මෙහි පළ කිරීමට සුදුසු ලිපි ලේඛන, පරිවර්තන හෝ කලා නිර්මාණ ඔබ සතුව ඇත්නම්,  ඒවා නිර්මාණකරුවන්ගේ අවසරය ද සහිතව අප වෙත එවා මෙම අන්තර්ජාල පුස්තකාලය පුළුල්ව ගොඩ නැගීමට අප හා අත්වැල් බැඳ ගන්නා ලෙසත් ඉල්ලා සිටිමු.

    ලෝකය වෙනස් කිරීමට දැනුම සොයන ඔබට www.leftlibrary.net මෙසේ වීවෘත කර සිටිමු.

~ Left Library Team~

අධ්‍යාපනය FAQs

දැනුම යනු කුමක් ද? දැනුම යනු සමස්ත මානව ඉතිහාසය පුරාම මිනිසාගේ කි‍්‍රයාකාරීත්වය තුළ එකතු කර ගත් අත්දැකීම්වල සමස්තය වේ. අධ්‍යාපනය යනු කුමක් ද? මානව වර්ගය සිය ඉතිහාසය පුරා වෙහෙසවී, මහා කැපකිරීම් කොට සොයා ගත්, ඉගෙන ගත්, ඒකරාශී කරගත් මහා දැනුම් සම්භාරයක්

Share...

Share on facebook
Share on twitter
Share on linkedin

“සමාජවාදයට යන මාර්ගය පිළිබඳව අන්තිම අංශු මාත්‍ර විස්තරය දක්වා සියලු කරුණු මාක්ස් දැන සිටි බව හෝ මාක්ස්වාදීන් දන්නා බව අපි නොකියමු. එවැනි දෙයක් ගැන දෙසීම විහිළුවක් වනු ඇත. අපි දන්නේ, මේ මාර්ගය වැටී ඇත්තේ කුමන දිශාවටද යන්නත් එය අනුගමනය කරන්නේ කුමන පන්ති බලවේගද යන්නත්ය. නිශ්චිත ප්‍රායෝගික කරුණු පිළිබඳ විස්තර හෙළිදරව් වන්නේ ලබන අත්දැකීමෙන් පමණකි.”

ව්ලැඩ්මියර් ඉල්යීච් ලෙනින්