මැදපෙරදිග අර්බුදයේ තුර්කියේ භූමිකාව

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

රුසියාව තුර්කිය හා යුද ගුවන් යානා පසුගිය කාලය පුරා ලෝකය බොහෝ උණුසුම් කළ මාතෘකා විය. තුර්කිය විසින් රුසියානු SU24 වර්ගයේ යුද ගුවන්යානයකට ප‍්‍රහාරයක් එල්ල කිරීමත් සමඟම මෙම කතාබහ ආරම්භ වු අතර, මෙහි විශේෂත්වය වන්නේ තුර්කිය නේටෝවට (NATO) අයත් රටක් ද වීමයි.

තුර්කි සමුහාණ්ඩුව යුරෝපීය රටක් වන අතර ජනගහනයෙන් බහුතරයක් තුර්කි හා කර්ටස්ය. තුර්කිය වටා බල්ගේරියාව, ගී‍්‍රසිය, ආර්මේනියා, අසබයිජාන්, බටහිර ඉරානය, ඉරාකය, සිරියාව, මධ්‍යධරණී මුහුද හා සයිප‍්‍රසය යන රටවල් පිහිටා ඇත. ප‍්‍රධාන ආගම ඉස්ලාම් වන අතර රාජ්‍ය භාෂාව තුර්කි වේ. අන්කරා තුර්කියේ අගනුවරයි. 1923 දී මුස්තාපා කොමාල්ගේ නායකත්වයෙන් තුර්කියේ දේශපාලන පද්ධතිය පිහිටුවන ලදී. යුරෝපා කවුන්සිලය, නේටෝ සංවිධානය, ඨ 20 යන සංවිධානවල සාමාජිකත්වය දරන තුර්කිය නැගෙනහිර ආසියාව, මැද පෙරදිග හා මධ්‍යම ආසියාව සමඟ සංස්කෘතික, දේශපාලන, ආර්ථික හා කාර්මික සබඳතා ගොඩනඟාගෙන ඇත. මෙවන් වටපිටාවක් තුළ තුර්කිය විසින් රුසියන් ගුවන් යානයකට පහර දීම මහත් ආන්දෝලනයකට තුඩු දෙන කරුණක් වී ඇත.

මෙම සංසිද්ධිය සඳහා හේතුපාදක වී ඇත්තේ සිරියානු සිවිල් යුද්ධයයි. සිරියානු ආණ්ඩුව හා ආණ්ඩුවට විරුද්ධ ෂීෂී ත‍්‍රස්තවාදීන් අතර ඇති වී තිබෙන යුද්ධයේ දී ෂීෂී ත‍්‍රස්තවාදීන්ට එරෙහිව පසුගිය සැප්තැම්බර් මාසයේ දී රුසියානු ගුවන් යානා සිරියාව තුළ ගුවන් මෙහෙයුම් ආරම්භ කරන ලදී. රුසියානු සහය හිමිවුයේ සිරියන් ජනාධිපති බෂීර් අල් අසාද්ට ය.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති වැල්දිමීර් පුටින් පවසා සිටින්නේ තම ජීවිත පරදුවට තබමින් රුසියානු ගුවන් නියමුවන් ත‍්‍රස්තවාදීන් පරාජය කිරීම සඳහා සටනක නිරත වී සිටින විට දී තුර්කිය ඔවුන්ට පහර දීම සෘජුවම ෂීෂී ත‍්‍රස්තවාදීන්ට සහාය පළ කිරීමක් බවයි. මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වන රුසියානු ජනාධිපතිවරයා තුර්කි-සිරියා දේශසීමාව ආසන්නයේ සිදු වු සිදුවීමෙන් අනතුරුව තත්ත්වය සමනය කිරීමට හෝ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු ආකාරයක කනගාටුවක් පළ කිරීමක්වත්, සිදු වු හානියට වන්දි ගෙවීමක් පිළිබඳවත් තුර්කි දේශපාලන නායකයන් කිසිදු අදහසක් පළ කර නොමැති බවයි. එමෙන් ම තුර්කිය හිතාමතා ම තුර්කිරුසියානු සබඳතා අර්බුදයට යැවීම කනගාටුවට කරුණක් බව ද ඔහු පවසයි. රුසියාව පවසන පරිදි තම ගුවන්යානා තුර්කි ගුවන් කලාපයට ඇතුළු වී ඇත්තේ වැරදීමකිනි.

නමුත්, තම රටට අයත් ගුවන් කලාපය උල්ලංඝනය කරමින් සිටින බවට ගුවන් නියමුවන් දෙදෙනාට නොනවත්වා අනතුරු ඇඟ වූ බවත් තුර්කි හමුදා බලධාරීහු පවසති.

ගුවන් යානාව බිම හෙළීමත් සමඟ ම රුසියාව යුද නෞකාවක් මධ්‍යධරණී මුහුදේ ස්ථානගත කර ඇත. රුසියානු විදේශ අමාත්‍යවරයාගේ තුර්කි සංචාරය කිරීම හා ගුවන් ගමන් ද අවලංගු කර ඇත.

මීට අමතරව තුර්කියට එරෙහි සම්බාධක ගණනාවක්ම පැනවීමට රුසියාව කටයුතු කර ඇත.

-ජනවාරී පළමුවැනිදා සිට තුර්කි වැසියන්ට ලබා දී ඇති වීසාවලින්, නිදහස්ව රුසියාවට පිවිසීම හා එහි රැුඳී සිටීම අවලංගු කිරීම. මෙමගින් දැනට රුසියාවේ රැුකියා කරන ලක්ෂයකට ආසන්න තුර්කි වැසියන්ගේ රැුකියා අහිමි වේ.

-අවදානම් බව ඇඟවීම මඟින් තුර්කියට පැමිණෙන රුසියානු ස ං ච ා ර ක ය ි න ් වැළැක්වීම. මෙයින් තුර්කියේ සංචාරක කර්මාන්තයට බලවත් පහරක් වදිනු ඇත.

-කෘෂිකාර්මික අපනයන සම්බන්ධයෙන් සම්බාධක පැනවීම.

ඉහත සම්බාධකවලට එකට එක කිරීමක් ලෙස තුර්කියට කළ හැක්කේ දකුණු රුසියාවේ නාවික ගමන් මර්ගයක් වන ‘බොරපන්’ නාවික ගුවන් මාර්ගය රුසියාවට අහිමි කිරීමයි.

නමුත්, මෙය සිදු කළහොත් එය නිසැකව ම රුසියාව හා තුර්කිය ඇතුළු නේටෝ රටවල් අතර හට ගන්නා ගැටුමක ආරම්භයක් වීමට ඉඩ ඇත. තුර්කිය වෙත රුසියාවෙන් එල්ල වන තවත් බරපතල චෝදනාවක් වන්නේ සිරියාවේ හා ඉරාකයේ නීත්‍යනුකූල අයිතිකරුවන්ගෙ න් ෂීෂී ත‍්‍රස්තවාදීන් පැහැර ගන්නා තෙල්වල ප‍්‍රධාන ගැනුම්කරු තුර්කිය බවයි.

මෙම සිද්ධිය පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදය ද ප‍්‍රකාශ නිකුත් කරමින් සිටී. ජනපති බැරක් ඔබාමා පවසන්නේ සෑම රටක ම වාගේ තුර්කියටත් තම භූමිය හා ගුවන් කලාපය ආරක්ෂා කිරීමේ අයිතිය ඇති බවයි. ඇති වී ඇති තත්ත්වය පිළිබඳව එකිනෙකා සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු යැයි ද ඔහු පවසයි.

තුර්කිය නේටෝ සංවිධානයේ මිතුරු රාජ්‍යයක් වන බව සියලූ දෙනා දැනගත යුතු බව ද ඔබාමා අවධාරණය කරයි.

මෙවැනි ප‍්‍රකාශ නිකුත් කරමින් සිටින ඇමරිකා එක්සත් ජනපදය තම බලය තහවුරු කරගනු වස් අනෙකුත් රාජ්‍යයන් තුළ ත‍්‍රස්තවාදය පෝෂණය කරමින් එම රාජ්‍යයන් අර්බුදයට යවමින් සිටින බව නොරහසකි.

සිරියාවේ සහ ඉරාකයේ ෂීෂී ඉලක්ක වෙත තමන් ගුවන් ප‍්‍රහාර එල්ල කරන බව ඇමරිකාව කියා සිටියත්, ඔවුන් මෙතෙක් එල්ල කළ ප‍්‍රහාරවලින් ත‍්‍රස්තවාදීන්ට සැලැකිය යුතු හානියක් සිදු නොවී ය. ඔවුන්ගේ එම ගුවන් මෙහෙයුම්වලට ප‍්‍රංශයේ හා තුර්කියේ ද සහය ලැබිණි.

නැගෙනහිර හා බටහිර අතර සන්ධිස්ථානයක පිහිටි තුර්කිය සියලූම පුපුරනසුලූ පරස්පරයන් තමා තුළට ඇද ගෙන ඇත. යුරෝපීය සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීමට උත්සුක වන තුර්කිය, අනෙක් පසින් සිරියාවේ ආණ්ඩු පෙරළියක් සඳහා එක්සත් ජනපදයේ සහය ඇතිව ගෙන යන නිකායවාදී යුද්ධයේ තදින් ම වෙලී සිටී.

මැදපෙරදිග අර්බුදයේ තුර්කියේ භූමිකාව