වසර මැද ආර්ථිකය හා රට වටකරන අර්බුදය

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
මුදල් අමාත්යංශය විසින්, 2019 වසරේ වසර මැද මූල්ය උපනතිය පිළිබඳ වාර්තාව (මූල්ය කළමනාකරණ වගකීම් පනත අනුව අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය) පසුගියදා පාර්ලිමේන්තුව හමුවේ සභාගත කරනු ලැබීය.
මෙම ලේඛනය මගින්ද සුපුරුදු පරිදිම ආර්ථිකයේ ආපසු ගමන විද්යමාන කරනු ලැබීය. 2018 හා 2019 වසර දෙකේදී පළමු මාස 04 පිළිබඳව සැලකිල්ලට ලක්කිරීම මෙම සංඛ්යා ලේඛනවලින් සිදු කරනු ලබයි. එනම් 2019 ජනවාරි සිට අප්රේල් දක්වා කාලයයි. අප්රේල් 21 ප්රහාරයෙන් පසුව ආර්ථිකයේ අර්බුදය තවත් අවුලෙන් අවුලටම පත්වූ බව නොරහසකි. මුදල් අමාත්යංශයේ වාර්තාවේද ඒ පිළිබඳව වාර්තා කර ඇත්තේ, බෝම්බ ප්රහාරයෙන් පීඩාවට පත් ජනතාවට වන්දි ගෙවීමට හා විනාශ වූ දේපළ අලුත්වැඩියාවලට වියදම දරන අතරේම ආණ්ඩුවට අහිමි වී ඇති මුදල රුපියල් කෝටි 5000ක් පමණ වන බවයි.
පාස්කු ඉරුදින ප්රහාරය හේතුවෙන්, කෙටිකාලීනව රාජ්ය ආදායම මත ඇති වූ බලපෑමෙහි මූලික ඇස්තමේන්තුවක් වශයෙන් මූල්ය, සංචාරක, වෙළඳ හා ඉදිකිරීම් යනාදී බලපෑමට ලක් වූ ක්ෂේත්රයන්ගෙන් රාජ්ය ආදායමට ලැබෙන සෘජු දායකත්වය දළ වශයෙන් රුපියල් බිලියන 50කින් අඩුවනු ඇත. 2019 වසරේ ඉදිරි මාසවල ආර්ථික ක්රියාකාරකම් මන්දගාමී වීම හේතුවෙන් මෙලෙස රාජ්ය ආදායම ඇස්තමේන්තුගත අලාභය තවදුරටත් ඉහළ යා හැකි වේ“
(17 පිටුව, වසර මැද රාජ්ය මූල්ය තත්වය පිළිබඳ වාර්තාව – 2019 මුදල් අමාත්යංශය).
මේ මුදල් අමාත්යංශයේ නිල ලේඛනයේ පිළිගත් තහවුරු කළ සත්යයයි. තවමත් හවුලේ වෙඩි නොවදින වාහන සඳහා ලක්ෂ ගණනින් මහජන මුදල් කාබාසිනියා කරන තකතීරු දේශපාලකයින්ට නොවැටහෙන සත්ය මෙයයි.
 

ආණ්ඩුවේ ආදායම – වියදම

2018 වසරේ පළමු මාස 04ට වඩා 2019 වසරේ පළමු මාස 04 තුළ රජයේ ආදායම පහළ වැටී ඇති අතර ඊට පරස්පරව රාජ්ය වියදම 2018ට වඩා 2019 පළමු මාස 04 දී තවත් වැඩි වී ඇත. ඒ නිසා කලින් අපේක්ෂා කළ මට්ටමටත් වඩා වැඩි අයවැය පරතරයක් දැනටමත් දැකිය හැකිය. සහරාන්ලාගේ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයෙන් හානි සිදු වූයේ ජීවිත – දේපළවලට පමණක් නොව මුළු මහත් ආර්ථිකයටමය. ඒ නිසා රට තවත් ආපස්සට ගමන් කරමින් තිබේ. දැනටමත් සංචාරක කර්මාන්තය යළි ගොඩගත නොහැකි මට්ටමට ඇද වැටී අවසන්ය. කුරුඳු, ගම්මිරිස් හා තේ මිල විශාල ලෙස පහත වැටී ඒ ඒ කර්මාන්තවල නියුතු දහස් ගණනක් අද මහ පාරට ඇද දමනු ලැබ ඇත. අලි මදිවට කොටි කියන්නාසේ දැන් ජනාධිපතිවරණයකුත් පැමිණ ඇත. ඉදිරි මාස කිහිපයද ගතවනු ඇත්තේ ආණ්ඩුව නාස්තිකාර වියදම් හා දේශපාලන සංදර්ශන සඳහා මහජන මුදල් වියදම් කරමිනි.
 

වසර මැද ආර්ථික අර්බුදය

ආණ්ඩුව අවුරුදු 04කට තබා මාස 04කටවත් රට පාලනයට නුසුදුසු බව 2019 පළමු මාස 04 තුළ ආර්ථිකයේ ස්වභාවය තේරුම් ගැනීමෙන් පැහැදිලි කරගත හැකිය. 2019 පළමු මාස 04 තුළදී රටේ ආදායම රු: කෝටි 2,428කින් (රු: මිලියන 24,286) අඩු වී ඇත. නමුත් ඊට පරස්පරව වියදම කෝටි 8,851 කින් (මිලියන 88,514) වැඩි වී ඇත. සමස්ත අයවැය පරතරයද 2018ට වඩා කෝටි 1,128කින් වැඩිය. ආදායමට වඩා වියදම කෝටි 8,000කින් වැඩි වන විට ණය ගැනීමද, පසුගිය වසරේ පළමු මාස 04ට වඩා රු: කෝටි 25,054කින් වැඩි වී ඇත. කෙටියෙන් කියතොත් මාස 04කදී ආණ්ඩුව රට පාලනය කර ඇත්තේ ණය ගැනීම වැඩිකර, වියදම් වැඩිකර ආදායම අඩුකර ගනිමිනි. රට උකස් කර ණය ගෙන, ණය ගෙවීමට ණය ගෙන, ආදායම අඩුකර වියදම් වැඩිකර, යළි රට ණය කිරීමට ආණ්ඩුවක් අවශ්යදැයි රටේ ජනතාව තමන්ගෙන්ම ඇසිය යුතු නොවන්නේද?
ආණ්ඩුව ලබාගෙන ඇති ආදායමද ලබාගෙන ඇත්තේ, නිෂ්පාදන ආර්ථිකයේ ක්රියාකාරිත්වයකින් නොව ජනතාව මත බදු බර පැටවීමෙන් බව පැහැecon1දිලිය. මුළු ආදායමෙන් 5න් 1ක්ම (කෝටි 10,223ක්ම) ලැබී ඇත්තේ වැට් VAT බද්දෙනි. දේශීය පරිභෝජනය මත බදු තුළින් තවත් කෝටි 19,314ක්ද, ආදායම් බදු මඟින් තවත් රු: කෝටි 10,425ක්ද උපයාගෙන ඇත. මෙම ධනපති ආණ්ඩුව බදු ආදායම මිස නිෂ්පාදන ආර්ථිකය මත ආදායම උපදවන පාලනයක් නොවන බව මින් පැහැදිලිය.
වියදම් තුළින් වැඩිම පංගුවක් වියදම් කරනු ලැබ ඇත්තේ ණය වාරික තුළින් පැන නගින පොලිය ගෙවීමටය. රජයේ මුළු වැටුප් ගෙවීමට රු: කෝටි 21,844ක් වියදම් කරන විට රජයේ ණය පොලී ගෙවීමට වියදම පමණක්
රු: කෝටි 29,706කි.
රජයේ ආදායම මෙන් තුන්ගුණයකට ආසන්නව ණය වාරික හා පොලී ගෙවීමට ජනතාව ආණ්ඩුවට උපයා දිය යුතු නම්, රටේ මුළු වියදම ආදායම මෙන් දෙගුණයක් වේ නම් එවන් රටක් ඉදිරියට යන්නේ කෙසේද?
 

ණය පොලියට කෝටි 29,000

ආණ්ඩුව මැතිවරණ කට මුල තබාගෙන මාධ්ය දැන්වීම් පළ කරමින් උපරිම ප්රචාරය ලබා දෙන්නේ, තමන් ජනතාව ගැන සොයා බලන ජනතා සුභ සාධනයට මුල්තැන දෙන ආණ්ඩුවක් බව පෙන්වීමටය. නමුත් ආණ්ඩුව වත්මන් රනිල් වික්රමසිංහ පාලනයේ සහ පරණ රාජපක්ෂ පාලනයේද ණය ගැනීම්වලින් පැනනැගී ඇති පොලී ගෙවීමට දරන ලද වියදම හා සැසඳීමේදී මුළු සුභසාධනයටම සිදුකරන වියදම ගැනිය නොහැකි තරමේ සොච්චමකි.
 econ2
2019 වසරේ පළමු මාස 04 තුළින් සමාජ සුභසාධනයට සිදුකර ඇති මු`ඵ වියදම කෝටි 3,655කි. ණයවලට ගෙවන පොලිය එම මුදල මෙන් අට ගුණයකි. සමෘද්ධි සහනාධාරයට කෝටි 1,300, ආබාධිත රණවිරුවන්ට කෝටි 1,057, එම දීමනාව 2018 වසරේදී ද වෙන්කරන ලද සාමාන්ය ප්රමාණයම බව පහත වගුවෙන් පැහැදිලිය.
රටක ජනතාව ජීවත් කරවීමට ආණ්ඩුවක් රටේ ජනතාව උපදවන ආදායම යොදා ගන්නේද? නැතිනම් රටේ ජනතාව දුක් මහන්සියෙන් උපයන ආදායම එකතු කර තමන්ගේ පාලනයේ නාස්තිකාර වියදම්වලට සහ ගත් ණයට පොලී ගෙවීමට යොදවන්නේ යැයි තර්ක බුද්ධියක් නැතත් බැලූ බැල්මට අනුව තේරුම් ගැනීමට හැකිය.
මීට ඉහතදී ද අප සාකච්ඡා කර ඇති පරිදි රටේ මුළු වත්කම රු: කෝටි ලක්ෂයක් වන විට ගෙවීමට ඇති මුළු වගකීම් රු: කෝටි දොළොස් ලක්ෂයකි. වත්කමෙන් දොළොස් ගුණයක් ණය කර ඇති මේ රට ලෝකයේ බොහෝ රටවල් හා සැසඳීමේදී සම්පත් අතින් උසස් වටිනාකමක් සහිතය. පිහිටීම අතින් ලෝක සිතියමේ වටිනාම ස්ථානයක් හිමිය. දින 365ක්ම හිරු එළිය හොඳින් පතිත වෙන හැම දිනකම පැය 12කට වැඩියෙන් භාවිත කළ හැකි මහ මුහුදකි. මුහුද පුරා ඕනෑම තැනකින් නෙළාගත හැකි මත්ස්ය අස්වැන්නකි. තවමත් විදේශිකයින්ට අත්පත්කර ගැනීමට නොහැකි වූ ජනතා අරගල මගින්ම ආරක්ෂා කරගත් වටිනා ස්වභාවික සම්පත් රැසකි. ඒ සියල්ලටම වඩා ආසියානු කලාපයේම අන් රටවලට වඩා උසස් සාක්ෂරතාවයක් සහිත ජනතාවක් සිටී. මේ සියල්ල හොඳින් කළමනාකරණය කළ හැකි සැලසුම්සහගත පාලනයක් ඇත්නම් මේ සුන්දර රට දියුණු කළ හැකිය. නමුත් වැරදි පාලකයින්ට තමන් සතු බලය පූජා කිරීමේ වරද නිසා ජනතාවට දුක් විදීමට සිදුව ඇත.
මැතිවරණවලදී කෙටි කාලයකට දිගු කරන පොරොන්දු මලුවලට රැවටෙන ජනතාවගේ වැරදි තීරණ පෙරළා වින කර ඇත්තේ ජනතාවටමය. මුදල් අමාත්යංශය විසින්ම ඉදිරිපත් කරන ආණ්ඩුවේ වසර මැද මූල්ය තත්වය පිළිබඳ ප්රකාශන 2019 වසරේ පළමු මාස 04ට ඉදිරිපත් කර ඇති රටේ මූල්ය තත්වයට වඩා ගත වූ මාස 03 තුළද රට තවත් අරාජිකභාවයට ගොස් ඇති බව තවම නිල වාර්තා නැතත් අපි සැම භාවිතයෙන් අත්විඳ හමාරය.
මාස 04කටවත් රටක් පාලනය කර නොහැකි මේ දුබල ධනපති ආණ්ඩුව මාස්පතා නොව දිනපතා ඔප්පු කරන්නේ තමන් කොතරම් අසාර්ථකද යන වග පමණි. ඒ නිසා දැන් ජනතාව තමන්ගේ බලය යෙදවිය යුත්තේ දුබල දුර්වල පැරණි පාලකයින්ටම යළි බලය භාරදීමට නොව මේ අර්බුදයෙන් අර්බුදයට යන රට ගලවා ගත හැකි නව පන්නයේ ධෛර්යවන්ත ජනතාවගේ පාලනයක් නිර්මාණය කරගැනීමටය.

වසර මැද ආර්ථිකය හා රට වටකරන අර්බුදය