ලාඕත් සේ (චීනය)

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

බටහිර දර්ශනයේ ආරම්භකයා ලෙස සැලකෙන ක‍්‍රි.පූ. 624 දී බිහි වූ තේල්ස්ට සමගාමීව පෙරදිග චීනයේ දී හමු වන දාර්ශනිකයා ක‍්‍රි.පූ. 604දී උපත ලද ලාඕත් සේ ය. ඉන්දියාවේ ද දර්ශනයේ ප‍්‍රධාන යුග හතර අතුරින් දෙවන යුගය වන ‘වීර කාව්‍ය යුගය’ ඇරඹෙන්නේ ද ක‍්‍රි.පූ. 600 දී ය. ක‍්‍රි.පූ. 2000 වන කාලයේ දී ශිෂ්ටාචාරගත වීම ඇරඹි ඉන්දියාව සේ ම චීනයේ ද එකී කාලයේ ආරම්භ වන මානව ශිෂ්ටාචාරය විකාශනය වෙමින් බහුදේවවාදය, ඒකදේවවාදය ලෙසින් ඉගැන්වීම් විකාශය විය. ක‍්‍රි.පූ.1766-1122 ‘ෂන්’ රාජවංශය රජ කළ සමයට පසුව එළැඹි ‘චෞ’ රාජ වංශය (ක‍්‍රිපූ.1122-221) සමයේ දී ක‍්‍රි.පූ.604 පටන් හමු වන ලාඕත් සේ පළමුව චෞ රාජ මාලිගයේ ශාස්ත‍්‍රීය කටයුතුවල නිරත අයෙකු විය. පසු කලෙක දුර බැහැර ප‍්‍රදේශයකට ගොස් ‘තාඕ’ නම් දාර්ශනික ග‍්‍රන්ථය රචනා කළේ ය. මුල් කාලීන ග‍්‍රීක, ඉන්දීය දාර්ශනික කෘති මෙන්ම ‘තාඕ’ ද ලියැවී ඇත්තේ කාව්‍ය ලෙසිනි. චීනය තුළ වර්තමානයේ ද පවතින තාඕවාදය (Taoism) බිහි වීමේ පසුබිම එසේ ය.

තාඕවාදයට අනුව ලෝකය සදාකාලික ය. එය නිතර වෙනස් වේ. ඇතැම්හු විශ්වයේ චලිතය පිළිබදව පළමු ඉදිරිපත් කිරීම කළ දාර්ශනිකයා ලාඕත් සේ ලෙස ද හදුන්වති. ලෝකයේ විවිධත්වය මායාවක් බවත්, සියල්ලට ම මූලික වන තැනුම් ඒකකය ‘තාඕ’ ලෙසත් එයින් හදුන්වයි. ‘තාඕ’ අපට නොපෙනෙන බවත්, බුද්ධිය මෙහෙයවීමෙන් පමණක් එය තේරුම් කර ගත හැකි බවත් පෙන්වා දෙයි. පසුකාලීනව ලාඕත්සේ ගේ අනුගාමිකයකු වූ, චූ අත්සේ (ක‍්‍රි.පූ.375) දක්වා සිටියේ, මිනිසා ලෝකයේ ද්‍රව්‍ය විවිධත්වය අනාවරණය කර ගන්නා තරමට ඔහුට තාඕ නොපෙනී යන බවත්, ඔවුන් අවිද්‍යාවේ ගිලෙන බවත් ය.

ලෝකය තේරුම් ගැනීම පිළිබදව වන ඥාන විභාගයේ දී තාඕවාදය සොක‍්‍රටීස්ගේ දර්ශනයේ සදහන් ලෙස ම ‘‘දැනුම මෙන් ම නොදැනුම ගැන ද අවබෝධයක් තිබීම අවශ්‍ය බව පවසා සිටී’’. එමෙන් ම ඉන්දීය උපනිෂද් දර්ශනයේද ‘‘විද්‍යාව මෙන්ම අවිද්‍යාව ද දත යුතු බව මෙලෙස ම දක්වා ඇත. තා ඕවාදය අවිහිංසාවාදී දර්ශනයකි.’’

‘‘සැතපුම් දහස් ගණනක ගමනක් වුව ආරම්භ වන්නේ එක් පියවරකිනි‘‘

ලාඕත් සේ (චීනය)