ලතින් ඇමරිකාව නැවතත් වමට ?

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

පළමු වන හා දෙවන ලෝක මහා යුද්ධ රුසියාව හා චීනය සමාජවාදී ජයග්‍රහණ සහතික කල ආකාරයටම ලොව වෙලාගත් කොරෝනා වසංගතය හා ඇමරිකාවේ සිදුවූ ජනාධිපතිවරණ අර්බුදය ලොව පුරා දුර්වල රාජ්‍යයන් කීපයක්ම බලවත් රාජ්‍යයන්ට අභියෝග කරමින් ආර්ථික, දේශපාලන හා මිලිටරි ජයග්‍රහණ ලබා ගැනීමට සමත්වී ඇත. උතුරු කොරියාව හා ඉරානය න්‍යෂ්ටික බලවතුන් බවට පත් වුහ. චීනය හා වියට්නාමය ආර්ථික බලවතුන් බවට පත්වුහ. Sputnik නමින් වැක්සීනයක් සොයාගත් රුසියාව හා කුඩා කියුබාව සෞඛ්‍යය කේෂ්ත්‍රයේ නියමුවන් බවට පත්ව ඇත. වෙනිසියුලාව හා බොලිවියාව තම පාලනයන් වෙත ඇමරිකානු බලපෑම ඉවතලා බටහිර හා කලාපයේ රටවල ජාත්‍යන්තර විශ්වාසය දිනාගැනීමට සමත් වී ඇත.

කොරෝනා වසංගතය නිසා ඉතා දරුණු ලෙස පිඩා විඳින තවත් මහාද්වීපයක් වනුයේ දකුණු ඇමරිකාවයි. මේ වනවිට සමස්ථ ලතින් ඇමරිකාව තුල මිලියන 11කට රෝගය වැළඳී 400,000ක් මියගොස් ඇත. ආර්ථික අවපාතය නිසා වසර 5 ක් පුරා පිඩා විඳින සමස්ථ ලතින් ඇමරිකානු රටවල් තුල කොරෝනා වසංගතය නිසා ආර්ථික විෂමතාවය හා දුප්පත්කම ඉතා වේගයෙන් ඉහල යෑම හේතුවෙන් දේශපාලන හා සමාජ අර්බුද ඉහල යා හැකි බව ජාත්‍යන්තර ආරංචි මාර්ග අනතුරු හඟවයි.

ඒ.ජා. සංවිධානයට අනුබද්ධ කලාප සංවිධානයක් වන CEPALE මගින් නිකුත් කල නවතම වාර්තාවකට අනුව 2020 අවසානය වනවිට සමස්ථ ලතින් ඇමරිකානු රටවල ඒක පුද්ගල අදායම 2010 වසරේ පැවති ස්ථානයට යළිත් ඇද වැටී ඇත. දළ ජාතික නිෂ්පාදනය 9% PIBකින් කඩා වැටී ඇත. මෙම රටවල ආර්ථිකය රැඳී ඇත්තේ කෘෂි නිෂ්පාදන, ලොපස් හා බලශක්තිය අපනයනය කිරීම, සේවා (සංචාරක), හා ඩයස්පොරාවෙන් ලැබෙන්නාවූ මුදල් වලිනි.

මෙම ප්‍රධාන ආර්ථික මුලාශ්‍ර අහිමි වීම හා නතරවීමෙන් රැකියා විරහිත භාවය 8.1% සිට 13.5% දක්වා ඉහල ගොස් ඇත. දුප්පත්කම 30.2% සිට 40% දක්වා වැඩි වී ඇත. යහපත් සෞඛ්‍යය කේෂ්ත්‍රයක් නොමැති වීම හා රටවල නිෂ්පාදනය නතරවීමෙන් ආර්ථික සංවර්ධනය කඩා වැටීමේ ප්‍රථිපලයක් ලෙස මිලියන 231ක ජනතාවක් එනම් මහද්වීපයේ ජනතාවගෙන් 40%ක ප්‍රතිශතයක් දුගීභාවයට පත් වී ඇත. 15%ක ජනතාවක් එනම් මිලියන 96ක් අන්ත දුගීහාවයට පත්ව ඇත. සෞඛ්‍යය රක්ෂණයක් හා රජයෙන් සහතික කල සුබසාධන පද්ධතියක් නොමැති වීමෙන් ඉදිරිකාලයේදී මෙම රටවල ජනතා නැගිටීම් බහුල වී හැකි බව එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

පසුගිය වසරේ ඔක්තෝම්බරයේ බොලිවියාවේ ඇමරිකානු හා බටහිර සහය ලැබූ Jeanine Anezගේ ලිබරල් රජය පෙරලා දමා Evo Moralesගේ සමාජවාදී පක්ෂය MAS බලයට පත්කිරීම සඳහා 2019 සිට වීදි සටන්වල යෙදුනු බොලිවියානු ජනතාව නිසා සමස්ථ අනෙකුත් ලතින් ඇමරිකානු රටවල ජනතාවගේද විප්ලවීය හැඟීම් වර්ධනය වෙමින් පවතින බව බටහිර පුවත්පත් වාර්තා කර සිටි. බ්‍රසීලයේ, පීරු, කොලොම්බියා, චිලී, හයිටියේ, ආර්ජන්ටිනාවේ හා ඉක්වදෝරයේ එරටවල් පාලනය කරනු ලබන ලිබරල් පාලනයන්ට එරෙහිව ජනතා සටන් මේ වනවිටත් උග්‍ර වෙමින් පවතී.

බොලිවියාවේ නොසිතපු ලෙස බලයට පැමිණි Moralesගේ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයෙන් පසු දැන් ලොවම බලා සිටිනුයේ ඉක්වදෝරය දෙසය. හිටපු ජනාධිපති Rafael Correaගේ සහයෙන් වයසින් අවුරුදු 35ක් වන හා ආර්ථික විශේෂඥයෙකු වන Andres ARAUZ එරට පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් බලයට පත්වීමට නියමිත බව බටහිර මාධ්‍ය පසුගියදා වාර්තා කර සිටියහ.

2019 ඔක්තෝබරයේදී එවකට අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ (IMF) සෘජු මැදිහත්වීම මත පාලනය කරන ලෙනින් මොරෙනෝගේ රජයට එරෙහිව එරට ජනතාව කැරලි ගැසූ අතර කොරෝනා වසංගතය හේතුවෙන් 15,000ක් දැනට මිය ගොස් සිටි. එරට ප්‍රධාන අපනයන ද්‍රව්‍ය වනුයේ ඛනිජ තෙල් වේ. 2020 දී IMF උපදෙස් මත තෙල් මිල ඉහල දැමීම නිසා හා කොරෝනා වසංගතය නිසා ඇතිවුණු අර්බුද හේතුවෙන් ඩොලර් බිලියන 6.4ක් එරට ආර්ථිකයට අහිමිවූ අතර කබලෙන් ලිපට වැටුණු ජනතාව වර්තමාන රජය ගෙදර යැවීමට ඉතා දැඩිව අදිටන් කරගෙන සිටින දේශපාලන විචාරකයින් පවසති.

https://lankatruth.com/si/?cat=3

ලතින් ඇමරිකාව නැවතත් වමට ?