කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

III. සමාජවාදී සහ කොමියුනිස්ට්වාදී සාහිත්‍ය

ප්‍රතිගාමී සමාජවාදය

(අ) රදළ සමාජවාදය

ප්‍රංශ හා ඉංග්‍රීසි රදල පෙළැන්තිය සිය ඓතිහාසික තත්තවයන් නිසාම, සමකාලීන ධනවාදී සමාජයට විරුද්ධව පත්‍රිකා ලිවීම වෘත්තියන් බවට පත් කරගත්තේය. 1830 ජුලි මස සිදු වූ ප්‍රංශ විප්ලවයේදීද පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේදීද, තම වෛරයට පාත්‍ර වූ මේ උද්දච්චයා යළිත් වරක් මේ රදළ පෙළැන්තියට පරාජය ගෙන දුන්නේය. එතැන් සිට බැරෑරුම් දේශපාලන අරගලයක් කිරීම ගැන සිතීමට පවා නොහැකි විය. ඉන් පසු කළ හැකි වූයේ සාහිත්‍යමය අරගලයක් පමණකි. එහෙත් සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි වුවද, පුනස්ථාපන යුගය යළි පිහටුවාලීම සඳහා යෙදූ පැරණි වාක්‍ය ඛන්ඩ යෙදවීම තවදුරටත් කළ නොහැකි විය. (ඉංග්‍රීසි පුනස්ථාපන සමය(1660-1689) නොව ප්‍රංශ පුනස්ථාපන සමය (1814-1830) ගැනය. – 1888 සංස්කරණයට එංග්ලස් විසින් ලියන ලද සටහනකි. ) අනුකම්පාව ඇවිස්සවීම සඳහා, තම අයිතිවාසිකම් සහ වුවමනාවන් අමතක කර දමා ඇති බවක් මවාපාමින්, සූරාකෑමට භාජනය වූ කම්කරු පංතියේ අයිතිවාසිකම් හා වුවමනාවන් වෙනුවෙන් පමණක් ධනපති පංතියට විරුද්ධව චෝදනා ඉදිරිපත් කරන බව පෙන්වීමට රදළ පෙළැන්තියට සිදුවිය. තම නව ස්වාමියාට විරුද්ධව නින්දා සහගත ලිපි ලියමින් සහ ළඟාවෙමින් පවතින විනාශය ගැන අනාවැකි ඔහුගේ කනට කොඳුරා කියමින් සෑහීමට පත්වීමට රදළ පෙළැන්තියට සිදු විය.

රදළ සමාජවාදය බිහි වූයේ මේ ලෙසිනි. එය අර්ධ විලාපයකි. අඩ වශයෙන් නින්දා සහගත
ලියවිල්ලකි. අතීතයේ අර්ධ දෝංකාරයකි. අනාගතය අරභයා වූ අර්ධ තර්ජනයකි. එය සමහරවිට, සිය තිත්ත, උපහාසජනක, තියුණු ලෙස කා වදින විවේචන මගින් ධනපති පංති හදවතේ අරටුවට එල්ල කරයි. එනමුදු හැමවිටම එය සමකාලීන ඉතිහාසයේ ඉදිරි ගමන වටහා ගැනීමට සම්පූරණයෙන්ම අපොහොසත් වන බැවින්, හැමදාම පූරණ හාස්‍යජනක හැඟීමක් ඇති කරයි.

මහජනතාව තමා වටා එක් රැසකර ගනු පිණිස රදළ පෙළැන්තිය ධජයක් වෙනුවට නිර්ධන පංතියේ හිඟන පසුම්බිය වැනුවේය. එහෙත් ජනතාව ඔවුන් සමග එක්වූ හැම විටෙකම ඔවුන්ගේ පසුපස පැරණි රදළ චිහ්න දුටුවෙන්, හඩ නගමින් සහ ගරු සරු රහිත සිනහ පාමින් ඔවුහු ඔවුන්ගෙන් ඈත් වූහ.

ප්‍රංශ ලෙජිටිම්ස්ට් වරුන්ගේන් කොටසක් සහ “යෞවන එංගලන්ත කාරයෝ” 31 මේ හාස්‍යය ජනක නාටකය රඟ පෑහ.

රදළයෝ සූරාකෑමේ විධිය, ධනවාදී සූරාකෑමට වඩා වෙනස් බව පෙන්වා දෙන්නෝ නම්, ඔවුහු මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වූද, දැනට යල්පැන ඇත්තා වූද අවස්ථාවන් හා තත්වයන් යටතේ සූරා කෑම බව අමතක කරති. සිය පාලනය යටතේදී වත්මන් නිර්ධන පංතිය කිසි කළෙකත් නොපැවති බව පෙන්වා දෙන ඔවුහු, සමකාලීන ධනපති පංතිය තම සමාජ ක්‍රමයේ අනිවාර්ය ප්‍රතිපලයක් බවද අමතක කරති.

කෙසේ වුවද, ඔවුන් තම විවේචනය වූ ප්‍රතිගාමී ස්වරූපය කෙතරම් අල්ප වශයෙන් සඟවති ද යත්,
ධනපති පංතියට විරුද්ධව ඔවුහු ඉදිරිපත් කරන ප්‍රධන චෝදනාවේ තේරුම, පැරණි සමාජ ක්‍රමය
පුපුරුවා දමන පංති යක් ධනපති ආධිපත්‍ය යටතේ වර්ධනය වෙමින් පවතින්නේ ය යනුයි.

ධනපති පංතිය නිර්ධන පංතියක් පිහිකිරීම ගැන නොව, විප්ලවවාදී නිර්ධන පංතියක් බිහි කිරීම ගැන රදළයෝ වඩාත් වැඩියෙන් ධනපති පංතියට චෝදනා කරති.

එබැවින් දේශපාලන ප්‍රායෝගික කටයුතු වලදී රදළයෝ කම්කරු පංතියට විරුද්ධව සියලු ප්‍රචන්ඩ
ක්‍රියාවන්ට සහභාගී වෙති. එමෙන්ම සාමාන්‍ය ජීවිතයේදී ඔවුහු කෙතරම් වගාඩම්බර කථා දෙසා බෑවද, කර්මාන්තය නැමැති කප්රුකෙන් ස්වර්ණමය ඵල නෙලා ගැනීමටද, බැටළු ලොම්, බීට් අලවලින් සාදන සීනි සහ අර්තාපල්වලින් පෙරන ලද මත්පැන් විකණීම සඳහා භක්තිය, ආලය සහ ගරුත්වය හුවමාරු කර ගැනීමේ තත්ත්වය දක්වා පහතට වැටී සිටිති.

පූජකයා හැමදාම ඉඩම් හිමි රදළයා සමග අත්වැල් බැඳගෙන ගමන් කළාක් මෙන්ම, පූජක
සමාජවාදය ද, රදළ සමාජවාදය සමග අත්වැල් බැඳගෙන ගමන් කරයි.

ක්‍රිස්තියානි තපසට සමාජවාදී පැහැයක් දීම තරම් වෙනත් පහසු දෙයක් නොමැත’ කිතුණු දහම
පෞද්ගලික දේපොළවලට විරුද්ධවත්, විවාහයට විරුද්ධවත්, රජයට විරුද්ධවත් ව්‍යක්ත ඝෝෂාවක යෙදී නැතිද? මේවා වෙනුවට කිතුනු දහම දන්දීම සහ දුගී බවද, බ්‍රහ්මචරියාව සහ කයට වධදීමද, ආශ්‍රම ජීවිතය ද දේශනා නොකළේද? කිතුනු සමාජවාදය අන් කිසිවක් නොව, රදළයාගේ කෝපය නිවාලනු පිණිස පූජකයා ඉසින ආසිරිපැන් පමණකි.


(ආ) සුළු ධනපති සමාජවාදය

ධනපති පංතිය විසින් විනාශ කර දමනු ලැබූ, සමකාලීන ධනවාදී සමාජය තුළ සිය ජීවන තත්වයන්
හීන වී ගිය, සහ අභාවයට පත් වී ගිය එකම පංතිය රදළ පෙළැන්තිය පමණක් නොවේ. මධ්‍යකාලීන යුගයේ නගරවැසි කොටස්ද, සුළු ඉඩම් හිමි ගොවියෝද සමකාලීන ධනපති පංතියේ පුරෝගාමීන් වූහ.
(මෙය ජර්මනියට ප්‍රධාන වශයෙන් ගැලපෙයි. එහි ඉඩම් හිමි දළ පෙළැන්තිය සහ ගම්බද ඉඩම් හිමි
යුන්කර්වරු තම වතු හා ඉඩම් රටවලින් අති විශාල කොටසක් බාරකරුවන්ගේ මාර්ගයෙන් වගා කරවා ගත්හ. එමෙන්ම ඔවුහු බීට් සීනිවලින් සහ අර්තාපල් වලින් මත් පැන් පෙරන්නන්ද වූහ. වඩාත් පෙහොසත් බ්‍රිතාන්‍ය රදළ පෙළැන්තිය මෙතරම් පහතට වැටී නැත. එහෙත් ඔවුහුද ව්‍යාජමය බද්ධ ව්‍යාපාර වස්තු වෙළඳ සමාගම් සෑදීමට තම නම් පාවච්චි කිරීමට ඉඩදීම මගින් පහත වැටෙමින් පවතින බදු මුදල්වල පාඩුව පිරිමසාලීමේ ආකාරය නොදන්නෝ නෙවෙති. (1888 ඉංග්‍රීසි මුද්‍රණයට එංගල්ස් ලියූ සටහනකි.)

නවීන ශිෂ්ඨත්වය පූර්ණ වර්ධනයක් ලබා ඇති රටවල ධනපති සමාජයේ අතිරේක කොටසක් ලෙස, නිතර අළුත් වැඩියා වෙමින් පවතින සුළු ධනවාදීන්ගේ නව පංතියක් සෑදී ඇත. මෙය නිර්ධන පංතිය සහ ධනපති පංතිය අතර වැනෙමින් පවතී. එහෙත් තරඟයේ ප්‍රතිඵලයක් වශයෙන්, මේ පංතියට අයත් තනි, තනි සාමාජිකයෝ නිරන්තරයෙන්ම නිර්ධන පංතියට ඇද වැටෙති. එමෙන්ම මහා පරිමාණ කර්මාන්ත වර්ධනය වීමට පටන් ගැනීමත් සමගම, සමකාලීන සමාජයේ ස්වාධීන කොටසක් ලෙස සම්පූරණයෙන්ම අතුරුදහන් වීමත්, භාණ්ඩ නිෂ්පාදනයෙහි, කෘෂිකර්මයෙහි සහ වාණිජයෙහි තමන්ට අයත් වැ තිබූ ස්ථානවලට ඕවර්සියර්ස්වරුන්, වතු කළමනාකරුවන් සහ වැටුප් ලබන සේවකයින් පවත්වන සැටි ඔවුනට පෙනේ.

ජනගහනය හරි අඩකටත් වඩා බොහෝ වැඩියෙන් ගොවීන් සිටින ප්‍රංශය වැනි රටවල ධනපති
පංතියට විරුද්ධව නිර්ධන පංතියේ පැත්ත ගත්, ගත්කරුවන් ඇතිවීම ස්වභාවික දෙයක් විය. මොවුහු ධනපති පාලනයට විරුද්ධව කළ විfවිචන වලදී සුළු ධනපතියාගේ සහ සුළු ගොවියාගේ මිම්ම පාවිච්චි කරමින්, සුළු ධනවාදී ස්ථාවරයක පිහිටා කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළහ. මෙලෙස සුළු ධනවාදී සමාජවාදය බිහිවිය. ප්‍රංශයෙහි පමණක් නොව එංගලන්තයෙහිද සිස්මොන්ඩ් මේ දර්ශනවාදී නිකායේ ප්‍රධානියා වූයේය.

මේ සමාජවාදී නිකාය සමකාලීන නිෂ්පාදනමය සබඳතාවයන්ගේ පරස්පර විරෝධිතාවයන් අති තියුණූ ලෙස නිදහසට කරුණු දැක්වීමේ අති හිස්බව එය විසන් හෙළිකරවු කැරණි. එය යන්ත්‍ර මගින් නිෂ්පාදනය කිරිම් ද ශ්‍රම විභජනයේද විනාශකාරී විපාක ඵළයන් විවාද රහිතව පිළීගැනෙන සේ ඔප්පු කළේය. ප්‍රාග්ධනය සහ ඉඩම් අත්ලොස්සක් දෙනා අත සංකේද්‍රණයේ අරාජිකත්වයද, ධනය බෙදා හැරීමේදී ඇති වී තිබෙන සාපරාධී අසමානතාවයද ජාතීන් අතර පවතින් සමූල ඝාතන කාර්මික යුද්ධයද, පැරණි සදාචාරමය බැඳීම් දියවීයාමද, පැරණි පවුල් සබඳතාවයනුත් පැරණි ජාතීනුත් අහෝසි වී යාම ද එය පෙන්වා දුනනේය.
එසේ වුවද මේ පන්නයේ සමාජවාදය සිය යථානුභූත පරමාර්ථ අතින් එක්කෝ භාණ්ඩ නිෂ්පාදනය සහ හුවමරුව අරභයා පැරණි ක්‍රමත් ඒවා සමග පැරණි දේපොළ සබඳතාවයන් පුනස්ථාපනය කිරීමට හෝ නැතිනම් නිෂ්පාදනය සහ හුවමාරුව අතින් දැනටමත් පුපුරුවා දමා ඇති හා අත්‍යාවශ්‍ය ලෙසම පුපුරුවා දැමිය යුතු පැරණි දේපොළ සබඳතාවයන්ගේ රාමුව තුළ නිෂ්පාදනය සහ හුවමාරුව පිලිබඳ සමකාලීන මාධ්‍යයන් බලාත්කාරයෙන් සිරකිරීමකට භාජනය කිරීමට අභිලාෂයක් දන්වයි. මේ සිද්ධීන් දෙකෙහිදී සුළු ධනපති සමාජවාදය එකවරම ප්‍රතිගාමීය, මනෝරාජික වාදීය.

කර්මාන්තයෙහි ශ්‍රේණි සංවිධානයද, කෘෂීකර්මයෙහි පීතෘ මූලික සබඳතාවයන්ද මේ පන්නයේ
සමාජවාදයේ අවසාන වචන වන්නනේය.

තවදුරටත් සිය සංවර්ධනයේදී මේ ප්‍රවණතාවය බිය සුලු මුර්ඡාවකට ඇද වැටෙයි.


(ඇ) ජර්මන් හෙවත් සැබෑ සමාජවාදය

ආධිපත්‍යට පැමිණ සිටින ධනපති පංතියේ පීඩනට යටතේ ඇති වූ මෙම ආධිපත්‍යයට විරුද්ධව ගෙන ගිය අරගල ප්‍රකාශයට පත් කළ සාහිත්‍යයක් වූ ප්‍රංශයේ සමාජවාදී සහ කොමියුනිස්ට්වාදී සාහිත්‍යය ජර්මනියට ඉදිරිපත් කරනු ලැබූfවි එරfටි ධනපති පංතිය රදළවාදී ඒකාන්තවාදයට විරුද්ධව සිය අරගලය ආරම්භ කළ කාලයේදීමය.

ජර්මන් දාර්ශනිකයෝද අර්ධ දාර්ශනිකයෝද, අලංකාර වාග් පාඨ දෙඩවීමෙහි රිසියෝ ද ඉමහත්
ආශාවකින් යුතුව මෙම සාහිත්‍යය බදා වැළඳගත් නමුදු, මේ සාහිත්‍ය කෘතීන් ප්‍රංශයේ සිට ජර්මනියට සංක්‍රමණය වන විට, ඒ සමගම ප්‍රංශයේ සමාජය තත්ත්වයන්ද ජර්මනියට සංක්‍රමණය නොවූ බව ඔවුහු අමතක කළහ. ජර්මනියේ සමාජ තත්ත්වයන් ඉදිරියේ මේ ප්‍රංශ සාහිත්‍යයෙහි සෘජු ව්‍යවහාරික වැදගත්කම සම්පූරණයෙන් නැතිවී, හුදු සාහිත්‍යමය ප්‍රවණතාවයක් පමණක් ගත්තේය. විය යුතු පිරිද්දෙන්ම, මෙලෙස දහඅට වැනි සියවසරේ ජර්මන් දාර්ශනිකයන්ට පළමුවැනි ප්‍රංශ විප්ලවයේ ඉල්ලීම්, හුදෙක් ව්‍යවහාරික බුද්ධියේ ඉල්ලීම් හැටියට පෙනිණි. විප්ලවවාදී ප්‍රංශ ධනපති පංතියේ අධිෂ්ඨානය පිළිබඳ ප්‍රකාශනය, පොදු වශයෙන් වූ නියම මානව අධිෂ්ඨානයේ නීති ලෙස ඔවුනට පෙනිණි.

අභිනව ප්‍රංශ සංකල්ප සිය පැරණි දාර්ශනික හෘදය සාක්ෂීය සමග සංගතික ලෙස ගළපා ගැනීමට
පමණක් නැතිනම් සිය දාර්ශනික අදහස් බැහැර නොකර ප්‍රංශ සංකල්ප ඈදා ගැනීම තම කෘති මගින් ජර්මන් සාහිත්‍යවේදීහු කළහ.

අනුවාදය මගින් විදේශීය භාෂාවක් උකහා ගන්නා අන්දමට, මෙම උකහා ගැනීමද සිදු විය.

කිතුනු සමය නොදත් පැරණි ලෝකයේ ආවීර්ණ කල්පික ග්‍රන්ථ වල මුල් පිටපත් මතු පිට පූජකයන් විසින් කතෝලිකාගමේ ශුස්ධවන්තයින්ගේ ජීවන චරිත අමන ලෙස ලියන ලද ආකාරය සුප්‍රකටය. ධර්ම ඥානයෙන් තොර වූ ලෞකික සාහිත්‍ය අරභයාද, ජර්මන් සාහිත්‍ය ‍වේදියෝ මෙම ක්‍රියාදාමය අනිත් අතට යෙදවූහ. ප්‍රංශ මුල් පිටපත්වලට යටින්, ඔවුහු සිය දාර්ශනික පල්හෑලි ලියා තැබූහ. නිදසුනක් වශයෙන්, මුදල්වල ආර්ථික කාර්යයන් පිළිබඳව ප්‍රංශ විවේචනයට යටින් ඔවුහු “මනුෂ්‍යත්වය අන්සතු කිරීම” ලියූහ. ධනවාදී රජය පිළිබඳව ප්‍රංශ විවේචනයට යටින් “වියුක්ත-ව්‍යාප්තියේ ආධිපත්‍ය නැති කර දැමීම” ආදිය ලියූහ.

ප්‍රංශ න්‍යායයට යටින් සිය දර්ශනවාදී වාක්‍ය ඛන්ඩ ඉදිරිපත් කිරීම ඔවුන් හැඳින්වූයේ “ක්‍රියාකාරීත්වයේ දර්ශනවාදය”, “සැබෑ සමාජවාදය”, “සමාජවාදයේ ජර්මන් විද්‍යාව”, “සමාජවාදයේ දාර්ශනික පදනම” ආදී වශයෙනි.

මේ අන්දමට ප්‍රංශ සමාජවාදී සහ කොමියුනිස්ට්වාදී සාහිත්‍ය සම්පූර්ණයෙන්ම දුර්වල කරන ලදී. තවද ජර්මන් කාරයා අතට පත් වූ එම සාහිත්‍යයෙන් එක් පංතියක් තවත් පංතියකට විරුද්ධව ගෙනයන අරගලය ප්‍රකාශ කිරීම නිමාවට පත් වූ නිසා මෙයින් “ප්‍රංශ ඒක පාර්ශවිකත්වය” අභිභවා නැගී සිටයේ යැයිද, සත්‍ය වුවමනාවෙන් නොව, සත්‍යයේ වුවමනාවන්, නිර්ධන පංතික වුවමනාවන් නොව, මිනිස් ස්වභාවයේ වුවමනාවන්, කිසිඳු පංතියකට අයත් නැති, යථාර්ථවාදී නොවන දර්ශනවාදී මනස් සෘෂ්ටිය නැමැති මීදුම් පටලයක් තුළ පවතින මිනිසාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන බව ඔහුට හැඟිණි.

තම සිප්කැමි අභ්‍යාසය මෙතරම් භාර දූර ලෙස සහ ගාම්භීර ලෙස හිසට ගත්තා වූ සහ එය මෙතරම්
කෑකෝ ගසමින් වර්ණනා කළා වූ මෙම ජර්මන් සමාජවාදය, සිය පණ්ඩිත මානීත්වය ටිකෙන් ටික නැති කර ගත්තේය.

රදළ පෙළැන්තියට සහ නිරපේක්ෂ රාජාණ්ඩුවට විරුද්ධව ගෙනගිය ජර්මන් ධනපති පංතියේ,
විශේෂයෙන් ප්රුසියන් ධනපති පංතියේ සටන, එක් වචනයකින් කියතොත්, ලිබරල්වාදී ව්‍යාපාරය
වඩාත් බැරෑරුම් විය.

දේශාපලන ව්‍යාපාරය ඉදිරිපිට සමාජවාදී ඉල්ලීම් ඉදිරිපත් කිරීමටත්, ලිබරල්වාදයට විරුද්ධවද,
නියෝජිත ආණුඩ ක්‍රමයට විරුද්ධවද, ධනවාදී තරඟයට, ධනවාදී පූවත්පත් නිදහසට, ධනවාදී
ව්‍යවස්ථාපනයට, ධනවාදී නිදහසට සහ සමානාත්මතාවයට විරුද්ධවද පාරම්පරික අභිශාප ඉදිරිපත් කිරීමටත්, මේ ධනවාදී ව්‍යාපාරය මගින් තමන්ට දිනා ගැනීමට කිසිවක් නැති අතර හැම දෙයක්ම නැති වී යාමේ අනතුරට මූණ පාන බව දේශනා කිරීමටත්, මේ මගින් “සැබෑ” සමාජවාදයට දිගු කලක් තිස්සේ පතමින් සිටි ස්වර්ණමය අවස්ථාව ලැබිණි. ජර්මනියේ ඒවා දිනා ගැනීම අවශ්‍යය යන අරමුණු වල පමණක් තවමත් තිබෙන පූර්වාවයවයන්, එනම් ආර්ථිකමය ජීවන තත්වයන් සහ එයට ගැළපෙන සේ සකස්වුණු දේශපාලන ව්‍යවස්ථාවකින් යුක්තව සමකාලීව ධනවාදී සමාජය පවතින බව ප්‍රංශ විවේචනය පූර්ව කල්පනාවෙක යෙදුණු බැව්, එහිම සංවේගදායි දෝංකාරයක් වූ ජර්මන් සමාජවාදය අවශ්‍යතම මොහොතේදී අමතක කළේය.

පූජකයින්, පාඨශාලා අධීකාරීන්, ගම්බද ඉඩම් හිමි යුන්කරයින් සහ නිළධාරීන් පිරිවර කොට ගත්
ඒකාන්තවාදී නිරපේක්ෂ ආණ්ඩු වලට නම් මේ සමාජවාදය, තමන්ට තර්ජනය කරමින් නැගී එන
ධනපති පංතියට විරුද්ධ පාවිච්චි කළ හැකි පඹයකු විය.

එය, ජර්මන් කම්කරු පංතික කැරළි පාගා දැමීම පිණිස අවියක් ලෙස ආණ්ඩුවලට ආධාර වූ අතර
එය ඒ සමගම ප්‍රතිගාමි වුවමනාවන්, එනම් ජර්මන් අවරසිකයන්ගේ වුවමනාවන් සෘජු ලෙසම
නියෝජනය කළේය. දහසය වැනි සියවසරේ අවශේෂයක් වූ එතැන් සිට එක් හෝ තවත් ආකාරයකින් නිරන්තරයෙන්ම යළි යළිත් මතුවෙමින් පැවති සුළු ධනපති පංතිය ජර්මනියේ දැනට පවතින තත්වයන්ගේ යථාර්වාදී සාමාජීය පදනම වේ.

මේ පංතිය රැක ගැනීම, ජර්මනියෙහි දැනට බලපාන තත්ත්වය ආරක්ෂා කර ගැනීමය. ධනපති
පංතියේ කාර්මික සහ දේශපාලනමය ආධිපත්‍යය එක් අතකින් ප්‍රාග්ධනය සංකේන්ද්‍රනය වීමෙන්ද,
අනෙක් අතින් විප්ලවවාදී නිර්ධන පංතියේ වර්ධනයෙන් ද මෙම පංතිය සිය විනාශය බියෙන් යුතුව
බලා සිටී. එක් වෙඩි පහරකින් හාවුන් දෙදෙනෙකු මරා දැමීමට “සැබෑ” සමාජවාදය බිහිවී තිබෙන බව එයට දැනුනාක් මෙනි. “සැබෑ” සමාජවාදය වසංගතයක් මෙන් පැතිරිණි.

අලංකාරෝක්තිය නැමත පුෂ්පයෙන් ගෙත්තම් කළ, මෘදු චිත්තfවිගය නැමති කඳුලින් පොඟවා,
කාල්පනිකය නැමති මකුළුදැලෙන් ගොතන ලද මායාකාරී වස්ත්‍රය, ජර්මන් සමාජවාදීන් විසින් සිය
කෙට්ටු “සදාකාලික සත්‍යයන්” දැවටීම සඳහා පාවිච්චි කළ මේ උත්කෘෂ්ට වස්ත්‍රය, එබඳු ජනගහනයක් ඉදිරියේ ඔවුන්ගේ භාණ්ඩ අලෙවිය වැඩි කිරීමට පමණක් උපකාරී විය.

ජර්මන් සමාජවාදය තම පැත්තෙන්, සුළු ධනපති අවරසිකත්වයේ පුරාජේරුකාර නියෝජිතයා
වශයෙන් වූ තම කාර්යයන් කොටස වඩාත් හොඳින් වටහා ගත්තේය.

ආදර්ශවත් ජාතිය ජර්මන් ජාතිය බවත්, නියම ආදර්ශවත් මිනිසා ජර්මන් සුළු ධනවාදී අවරසිකයා
බවත්, එය ලොවට ප්‍රකාශ කළේය. මෙම ආදර්ශවත් මිනිසා කරන සෑම දුෂ්ඨ නීච ක්‍රියාවකටම, එය එම ක්‍රියාවකට සැබෑ මූණුවරට වඩා හාත්පසින්ම වෙනස් වූ ගුප්තමය, උසස් සමාජවාදී අර්ථකථනයක් දුන්නේය. “රළු ලෙස විනාශකාරී වූ” කොමියුනිස්ට්වාදී ප්‍රවනතාවයට සෘජු ලෙසම විරුද්ධ වීමත් සියලු පංති අරගල කෙරෙහි වූ සිය උත්තරීතර පිළිකුල ප්‍රකාශ කරලීමටත් තරම් වූ අන්තයකට එය ගියේය. ජර්මනියෙහි දැනට (1847) ප්‍රචාරය වන ඊනියා සමාජවාදී සහ කොමියුනිස්ට්වාදී පොත්පත් වලින් ඉතා සුළු සංඛ්‍යාවක් හැර අන් සියල්ල මෙම තුච්ච සාහිත්‍ය ගණයට අයත්ය.


2 ගතානුගතික හෙවත් ධනපති සමාජවාදය

ධනපති සමාජයේ පැවැත්ම සහතික කරනු පිණිස සමාජීය දුක්ගැනවිලි වලට පිළියම් කිරීමට ධනපති පංතියෙන් සෑහෙන කොටසක් කැමැත්ත දක්වයි.

මෙම කොටසට ආර්ථිකවාදීන්, පරාර්ථචර්්‍යාවාදියෝ, මානව හිතවාදියෝ, කම්කරු පංතියේ තත්ත්වය උසස් කිරීමට ආශා කරන්නෝ, පුණ්‍ය කර්මයන් සංවිධානය කරන්නෝ, තිරිසනුන්නට වදදීම වළක්වන සමාජවල සාමාජිතයෝ, අමධ්‍යප වීරයෝ, හැමතැනම සැටින විවිධ සමාජ ප්‍රතිසංස්කරණ වාදියෝ ආදිය අයත්වෙති. මේ වර්ගයේ සමාජවාදය අංග සම්පුූර්ණ පද්ධති බවට සකස්කොට ඇත. (1848 කුණාටුව මේ අශෝභන ප්‍රවනතාවය එහෙම පිටින්ම ඉවතට ගෙන ගොස්, සමාජවාදය අතගෑමට ආශා කළ ධාරකයින්ගෙන් එය උදුරා ගන්නා ලදී. මෙම ප්‍රවනාතාවයේ ප්‍රධාන නියෝජිතයා සහ සදාතනික ආකෘතිය වූයේ කාල් ග්රූන්ය34 – 1890 ජර්මන් මුද්‍රණයට එංගල්ස් විසින් ලියන ලද සටහනකි.)

ප්රුදොන් විසින් ලියන ලද “දුගී බවේ දර්ශනවාදය” ‍මේ වර්ගයට නිදසුනක් සේ දැක්විය හැකිය.

සමකාලීන සමාජ තත්ත්වයන් නිසා අනිවාර්යයෙන් පැනනගින අරගලයන් සහ අනතුරු රහිතව තම පැවැත්මේ තත්ත්වයන් ආරක්ෂා කර ගැනීමට ධනපති සමාජවාදීන්ට අවශ්‍ය වී ඇත’ විප්ලවවාදී සහ දිරාපත් කරවන කොටස් වලින් තොරව, දැනට පවතින ධනපති ක්‍රමය රැකගැනීම ඔවුන්ගේ අභිප්‍රාය වන්නේය. නිර්ධන පංතියක් රහිත ධනපති පංතියක් ඔවුන්ට උවමනාය. ධනපති පංතියේ ආධිපත්‍ය ඇති ලෝකයක් ඉතාම හොඳ ලෝකයක් බව එම පංතිය අදහස් කිරීම ස්වභාවික දෙයකි. ධනපති සමාජවාදය මේ සැනසිලිදායක සංකල්පනය අඩු වැඩි වශයෙන් අංග සම්පූර්ණ පද්ධති බවට වර්ධනය කරයි. එවැනි සමාජ වාදී ක්‍රමයක් ක්‍රියාවේ යොදවන ලෙසද, එය ඔස්සේ සාමාජීය නව ජෙරුසෙලමක් කරා එක එල්ලේම ගමන් කරන ලෙසද, එය නිර්ධන පංතියට යෝජනා කරන විට, එය සැබවින්ම ඉල්ලා සිටින්නේ නිර්ධන පංතිය දැනට පවතින ධනපති පංතියට තවදුරටත් වෛර නොකළ යුතු බවද එය ඉල්ලා සිටී.

ජීවත්වීමේ ද්‍රව්‍යමය තත්ත්වයන්, ආර්ථික සබඳතාවයන් වෙනස් කිරීමෙන් පමණක් මිස, හුදු දේශපාලන ව්‍යාපාරයෙන් කිසි සෙතක් ඇති නොවන බව පෙන්වා දීමෙන්, කම්කරු පංතිය ඉදිරියෙහි හැම ව්ප්ලවවාදී ව්‍යාපාරයක් ම හෙළා දැකීමට මෙම සමාජවාදයේම එනමුදු වඩාත් වැඩියෙන් ප්‍රායෝගික, වඩාත් අඩුවෙන් ක්‍රමානුකූල තවත් වර්ගයක් වෑයම් කළේය. ජීවත්වීමේ ද්‍රව්‍යමය තත්ත්වයන් වෙනස් කිරීම යන්නෙන් මේ වර්ගයේ සමාජවාදය, විප්ලවයකින් පමණක් සිදු කළ හැකි ධනවාදී නිෂ්පාදන සබඳතාවයන් විනාශකර දැමීමක් කොහෙත්ම අදහස් නොකරයි. එහෙත් එය ධනවාදී නිෂ්පාදන සබඳතාවයක් මත පදනම් වූ පරිපාලන ප්‍රතිසංස්කරණයක් ඇති කිරීම පමණක්, ප්‍රාග්ධනයත්, ශ්‍රමයත් අතර ඇති සබඳතාවයන්ට කිසිඳු හානියක් නො කරන නමුදු හොඳටම වැඩි වුණොත් ධනපති ආණ්ඩුවේ පරිපාලන වියදම් අඩු කරන සහ එම පරිපාලනය ලිහිල් කරන ප්‍රතිසංස්කරණ ඇති කිරීමක් අදහස් කරයි.

ධනපති සමාජවාදය එයට සෑහෙන පමණින් පැහැදිලි ලෙස ප්‍රකාශ වන්නේ, එය හුදු අලංකාර භාෂා
ශෛලියකට පරිවර්තනය වූ විට පමණකි.

නිදහස් වෙළදාම! කම්කරු පංතියේ අභිවෘද්ධිය සඳහාය. ආරක්ෂක තීරු බදු! කම්කරු සෙත පිණිස
වන්නේය. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ! කම්කරු පංතියේ වුවමනාවන් සඳහාය – අවසාන වචන
ධනපති සමාජවාදය බැරෑරුම් අර්ථයකින් යුතුව ප්‍රකාශ කළ එකම වචනය ය.

ධනපති සමාජවාදයේ හරය එක් පාඨයක් තුළ සම්පිණ්ඩනය වී ඇත – එනම් ධනපතියා ධනපතියෙකි, එහෙත් කම්කරු පංතියේ අභිවෘද්ධිය පිණිසය.

3. විවේචක – මනෝරාජික සමාජවාදය සහ කොමියුනිස්ට්වාදය

නූතන කාලයේ හැම ශ්‍රේෂ්ඨ විප්ලවයකදීම නිර්ධපංතියේ ඉල්ලීම් ප්‍රකාශ කළ (බබේප් ආදීන්ගේ
කෘති වැනි) සාහිත්‍ය ගැන අපි මෙහිදී සටහන් නොකරමු.

රදළවාදී සමාජ ක්‍රමය පෙරළා දැමූ අවධීයේදී, හැමතැනම කැළඹීම් පැවති කාලයේ දී සිය අරමුණූ
ඉටුකර ගැනීම සඳහා නිර්ධන පංතිය සෘජු ලෙසම දරූ ප්‍රථම වෑයම, එවකට නිර්ධන පංතියේ පැවති
නොදියුණූ තත්ත්වයන් නිසාත්, තම පංතියේ විමුක්තිය සඳහා අත්‍යාවශ්‍ය ආර්ථික තත්ත්වයන්
නොතිබුණු නිසාත් (නොමැතිවීම නිසාත්) නොවැලැක්විය හැකි සේ අසාර්ථක විය. මන්දයත් එම
අත්‍යවශ්‍ය තත්ත්වයන් ධනවාදී අවධිය විසින් බිහිකළ යුතුව තිබුණු තත්ත්වයන් බැවිනි. නිර්ධන
පංතියේ fමි ප්‍රථම ව්‍යාපාර සමග පැන නැගී විප්ලවවාදී සාහිත්‍යට අනිවාර්්‍ය ලෙසම ප්‍රතිගාමී
ස්වරූපයක් තිබුණී. එය විශ්වතපස් දහමත් ඉතා රළු වර්ගයේ සමාජීය සමතලා කිරීමකුත් දේශනා
කළේය.

සමාජවාදී සහ කොමියුනිස්ට්වාදී ක්‍රමයන් යැයි යෝග්‍ය ලෙස නම් කරන ලද සෙන්-සිමෝන්, පූරියේ, ඕවන් ආදීන්ගේ ක්‍රම බිහිවූයේ ඉහත විස්තර කරන ලද නිර්ධන පංතිය සහ ධනපති පංතිය අතර පැවති අරගලයේ මුල් නොදියුණු වකවානුවේදී ය. (“ධනපතියෝ සහ නිර්ධනයෝ” නැමති 1 කොටස බලන්න. )
මේ ක්‍රමවල සම්පාදකවරු සැබවින්ම පංතීන්ගේ ප්‍රතිඝතිකතාවයද, එවකට ආධිපත්‍ය දරූ පංතිය තුළ විනාශකාරී කොටස්වල ක්‍රියාකාරීත්වය ද දුටුවෝය. එහෙත් තවමත් බිළිඳු වියෙහි පසුවන නිර්ධන පංතියට එෛතිහාසික ස්වාධීනත්වයක් හෝ ඔවුනට ආවේනික වූ දේශපාලනික ව්‍යාපාරයක් තිබෙන බවත් ඔවුහු නොදුටහ.

පංති ප්‍රතිඝතිකත්වයන්ගේ සංවර්ධනය කර්මාන්තයේ දියුණුවට සමාන වේගයකින් සිදුවන නිසා
තවමත් නිර්ධන පංතියේ විමුක්තියට අවශ්‍ය ආර්ථික තත්ත්වයන් සපයා නැති බව ඔවුනට පෙනිණි. එබැවින් මෙම තත්ත්වයන් බිහි කිරීමෙහි සමත් නව සමාජ විද්‍යාවක්, නව සමාජ නියාමයන් සොයන්නට වූහ.

සමාජීය ක්‍රියාකාරීත්වයට අයත් ස්ථානය ඔවුන්ගේ පෞද්ගලික නිර්මාණශීලී ක්‍රියාකාරීත්වයට යටත්විය යුතුය. ඓතිහාසික විමුක්ති තත්ත්වයන්ට අයත් ස්ථානය මනඃකල්පිත තත්ත්වයන්ට යටත් විය යුතුය. එමෙන්ම පංතියක් වශයෙන් අනුක්‍රමයෙන් සහ ඉබේ හට ගන්නා නිර්ධන පංතික සංවිධානය මොවුන්ගේ වටිටෝරුවක් අනුව සාදන ලද සංවිධානයට යටත් විය යුතුය. ඔවුන්ගේ මතය අනුව අනාගතයේ සමස්ත ලෝත ඉතිහාසය ඔවන්ගේ සමාජීය සැළෑස්ම ප්‍රචාරය කිරීම සහ ප්‍රායෝගික ලෙස ක්‍රියාවට පෙරලීම බවට පත් වන්නේය.

වැඩියෙන්ම දුක් විඳීන පංතිය, කම්කරු පංතිය බැවින් සිය ක්‍රම සම්පාදනයන් සැලැස්මානුගත
කිරීමේදී එම පංතියේ අභිවෘද්ධිය ගැන ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළ යුතුය යන
සවිඥ්ඥානක හැඟීම ඔවුනට ඇත. ඔවුනට නිර්ධන පංතිය පවතින්නේ එය අතිශ්‍යයින්ම දුක් කරදර
විඳින පංතිය යන ස්ථාවරය අනුව පමණකි.

පංති සටනේ නොදියුණු තත්ත්වය නිසාත්, ස්වකීය පරිසරය නිසාත්, මේ ගණයේ සමාජවාදීනුත් තමන් සියලු ප්‍රතිඝතිකතාවයන්ට වඩා ඉහලින් සිටින පිරිසක් ලෙස සිතා ගනිති. සමාජයේ හැම
සාමජිකයකුගේම තත්ත්වය, ඉතා යහපත් තත්ත්වයක පවතින සාමාජිකයාගේ තත්ත්වය පවා උසස් කරලීමට මොවුනට උවමනාය. එම නිසා ඔවුහු නිරන්තරයෙන්ම පංති ප්‍රභේදයක් නොතකා මුළු මහත් පංතියටමත්, වඩාත් වැඩි වශයෙන් පාලක පංතියටත් ආයාචනය කරති. ඔවුන්ගේ මතය හැටියට ඔවුනගේ සැළැස්ම ගැන දැනගැනීම පමනක් සෑහේ. එවිට එය ඉතාම හොඳ සැළැස්ම බව සමාජය පිළීගනු ඇත.

මේ හේතුව නිසා ඔවුහු සියලු දේශපාලන ක්‍රියාවන්ද, විශේෂයෙන්ම විප්ලවවාදී ක්‍රියාවන්ද ප්‍රතික්ෂේප කරති. තම අරමුණූ සාමාකාමී ක්‍රියා මගින් සහ කුඩා පරිමාණ අත්හදා බැලීම්, එම හේතුව නිසා අසාර්ථක වීමට භාජනය වූ අත්හදා බැලීම් මගින්ද, ආදර්ශයේ බලපෑම මගින්ද, නව සමාජීය බයිබලයක් සඳහා මග පාදාගැනීමට ක්‍රියා කරති.

නිර්ධන පංතිය තවමත් නොදියුණු තත්ත්වයක පවතින වකවානුවක, තම තත්ත්වය පිළිබඳව මනස් සෘෂ්ඨික සංකල්පයක් පමණක් ඇති කරගෙන සිටින වකවානුවක අනාගත සමාජය ගැන අඳිනු ලබන මෙවැනි මනස් සෘෂ්ඨික චිත්‍ර සමාජයේ පොදු ප්‍රතිනිර්මාණය සඳහා වූ එම පංතියේ ප්‍රථම පූර්ව හැඟීම සහිත අභිලාසයන්ට ගැලපේ.

එහෙත් මේ සමාජවාදී සහ කොමියුනිස්ට්වාදී සාහිත්‍ය තුළ එමෙන්ම විවේචක කොටස්ද ඇත. ඒවා
දැනට පවතින සමාජයේ සියලු පදනම් වලට පහර දෙයි. එබැවින් කම්කරු පංතියේ අධ්‍යාපනය සදහා ඉතා අවශ්‍ය වටනා කරුණු වලින් එම සාහිත්‍ය සමන්විතය. එම සාහිත්‍ය මගින් යෝජනා කර තිබෙන පියවරයන් වන නගරය සහ ගම අතර ඇති ප්‍රතිවිරෝධතාවය නැති කිරීම ද, පවුල අහෝසි කරලීමද, වැටුප් ශ්‍රමය මගින් පෞද්ගලික ලාභ ගරා ගැනීම අහෝසි කරලීමද, සමාජීය සංඝතිය ලොවට ප්‍රකාශ කර සිටීමද, සරළ නිෂ්පාදන මෙහෙයවීමක් දක්වා රාජ්‍යයේ කාර්යයන් පරිවර්තනය කිරීමද යන මේ සියලු යෝජනා, එවකට යන්තමින් බිහිවෙමින් පැවති මේ සාහිත්‍ය මගින් අපැහැදිලි සහ අවිනිෂ්චිත ආදීතම ස්වරූපයන් වශයෙන් පමණක් හඳුනාගනු ලැබූ පංති ප්‍රතිඝතිකයන්ගේ අතුරුදහන් වීම වෙත යොමුවී තිබුණි. එම නිසා මෙම යෝජනා හුදු මනෝරාජික ස්වරූපයකින් යුක්තය.

විවේචක – මනොරාජික සමාජවාදය සහ කොමියුනිස්ට්වාදයේ වැදගත්කම සහ ඓතිහාසික
සංවර්ධනයත් අතර තිබෙනුයේ අපවර්තනීය සම්බන්ධකමකි. සමකාලීන පංති අරගලය වර්ධනය වන සහ නියත හැඩයක් ගන්නා ප්‍රමාණයට සමානුපාතිකව, අරගලයට ඉහලින් සිට එයින් ඈත් වී, වෙන්වී සිටීමේ මනස් සෘෂ්ඨික ප්‍රහාරයන්ගේ මුළු ප්‍රායෝගික වටිනාකමද, මුළු න්‍යායික සහේතුක නිදොස්භාවයද නැතිවී යනු ඇත. එම නිසා මේ ක්‍රමයේ නිර්මාතෘවරුන් බොහෝ කරුණූ අතින් විප්ලවවාදී වුවද, ඔවුන්ගේ ගෝලයෝ හැමදාම ප්‍රතිගාමී නිකායවල් සැදූහ. නිර්ධන පංතියේ තවත් දුර සංවර්ධනය නොදකින ඔවුහු සිය ගුරුන්ගේ පැරණි මතවල තදින්ම එල්ලී සිටිති. එබැවින් ඔවුහු පංති අරගල අප්‍රාණික කිරීමටත් පංති ප්‍රතිගතිකතාවයන් සමාදානයෙන් නිරවුල්කර දැමීමටත් නොකඩවා ක්‍රියාකරති. ඔවුහු තවමත් ස්වකීය මනෝරාජික සමාජයන් අත්හදා බැලීමට සිහින දකිමින් නව ජෙරුසෙලමේ කුඩා සැළැස්ම වන හුදකලා පැලැන්ටීීස් පිහිටුවාලීමටද (Home Colonies) අභ්‍යන්තරික ජනපද පිහිටුවාලීමටද කුඩා ඉකාරියා පිහිටුවාලීමටද ක්‍රියා කරති. මේ අහස්මාලිගා ඉදිකිරීම පිණීස ධනපතීන්ගේ හදවත් වලට සහ මුදල් පසුම්බි වලට ආයාචනය කිරීමට මොවුනට සිදුවි ඇත. ඉහතින් විස්තර කළ ප්‍රතිගාමී හා ගතානුගතික සමාජවාදීන්ගේ ප්‍රවර්ගයට මොවුන් ක්‍රමක්‍රමයෙන් වැටෙමින් සිටිති. ඔවුන් එම ප්‍රවර්ගයෙන් වෙනස්වන්නේ වඩාත් ක්‍රමානුකූල පණ්ඩිතමානීත්වය නිසාත්, තම සමාජ විද්‍යාවේ ආනුභාසම්පන්න ප්‍රතිපල පිළිබඳව ඔවුන් තුළ ඇති අන්ධභක්තිය නිසාත් පමණකි.

මේ හේතුව නිසා ඔවුහු කම්කරුවන්ගේ සියලු දේශපාලන ව්‍යාපාරවලට වලට විරුද්ධ වෙති. නව බයිබලය කෙරෙහි ඇති අවිශ්වාසයේ විපාකයන් වශයෙන් එබඳු ක්‍රියාවන් ඇති විය හැකිය යනු ඔවුනගේ මතයය.

එංගලන්තයේ ඕවන්වාදියෝ සහ ප්‍රංශයේ පූරියේවාදියෝ පිළිවෙලින් එංගලන්තයේ
චාටිස්ට්වරුන්ටද, ප්‍රංශයේ ප්‍රතිසංස්කරණවාදීන්ටද විරුද්ධව ක්‍රියා කරති.


කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය