කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය


අවතාරයක් යුරෝපයේ හොල්මන් කරයි – එය කොමියුනිස්ට්වාදයේ අවතාරය ය. පාප් වහන්සේ සහ සාර් රජුද, මෙටර්නිහ් සහ ගීසෝද, ප්‍රංශයේ රැඩිල්වරු සහ ජර්මන් පොලිස් ඔත්තුකරුවෝද යන මේ පැරනි යුරෝපයේ සියලූ බලවේග මෙම අවතාරය පලවා හැරීම පිනිස ශුද්ධවූ ගිවිසුමකට එලඹ සිටිති.

බලයට පත් වූ සිය ප්‍රතිවාදීන් විසින් කොම්යුනිස්ට්වාදීන් යයි හෙලා දකිනු නොලැබූ විපක්ෂයක්
ඇත්තේ කොහේද? තමන්ට වඩා ප්‍රගාමී විපක්ෂවලට විරුද්ධව මෙන්ම තමන්ගේ ප්‍රතිගාමී පසමිතුරන්ට විරුද්ධවද කොම්යුනිස්ට්වාදය නැමැති හංවඩු ගසනලද දෝෂාරෝපනය ආපසු දමා නොගැසූ විපක්ෂයක් ඇත්තේ කොහේද?

මෙම කරුනෙන් පැන නගින ප්‍රතිඵල දෙකකි.

කොම්යුනිස්ට්වාදය දැනටමත් සියලු යුරෝපා බලවේගයන් විසින් බලයක් ලෙස පිලිගෙන ඇත්තේය.
කොම්යුනිස්ට්වාදීන් ස්වකීය පක්ෂයේම ප්‍රකාශනයක් මගින් මුළුමහත් ලෝකය ඉදිරියෙහි විවෘත ලෙස ස්වකීය අදහස්ද, ස්වකීය අරමුණුද, ස්වකීය ප්‍රවනතාවයන්ද ප්‍රකාශ කල යුතු, කොම්යුනිස්ට්
අවතාරය පිළිබඳ ළමා කතන්දරවලට පිළිතුරු සැපයිය යුතු කාලය පැමිණ ඇත.

මේ පරමාර්ථය පෙරදැරි කරගෙන විවිධ ජාතීන් නියෝජනය කරන කොම්යුනිස්ට්වාදීහු ලන්ඩනයට ඒකරාශී වී පහත සටහන් ප්‍රකාශනය ලියා ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන්, ඉතාලි, ප්ලෙමිෂ් සහ ඩෙන්මාක් භාශාවලින් මුද්‍රණය කිරීමට තීරණය කළහ.

කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය