කාන්තා නිදහස ඉල්ලා සිටීමේ වරදට සිරගතවූ සෞදි කාන්තා හිමිකම් ක්‍රියාකාරිනියට නිදහස

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

සොදි අරාබියේ බලධාරීන් විසින් වසර හයක කාලයකට සිරගත කරන ලද එරට මුල් පෙළේ කාත්තා හිමිකම් ක්‍රියාකාරිනියක වන ලොයුජායින් අල් හතොයුල් (Loujain al-Hathloul) ඉන් නිදහස් කර ඇතැයි ඇගේ පවුලේ සාමාජිකයෝ පවසති.

British Columbia සරසවියේ උපාධිධාරිනියක වන ඇය 1989 වසරේ ජූලී 31 වැනි දින සෞදි අරාබියේ ජෙඩාහි උපත ලබා ඇති අතර සිරගත වනවිට 28 වැනි වියේ පසුවිය. 2018 වසරේ මැයි මාසයේ සිට මේ දක්වා වසර තුනකට ආසන්න කාලයක් සිරදඩුවම් විදි අතර සෞදි අරාබිය තුළ ක්‍රියාත්මක දැඩි ස්ලාම් නීති හමුවේ නොසැලී සිටිමින් කාන්තාවන්ට වාහන පැදවීම් අවස්ථාව ලබා ගැනීම මෙන්ම නිදහස අහිමි කර තිබෙන සෞදි අරාබි කාන්තාවන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් කටයුතු කරනු ලැබීය.

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලින් මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළදී පවා ඇයට සිරදඬුවම් ලබා දීමේ තීන්දුව දැඩි කතාබහට ලක් වූ අතර, ඇයට එරෙහිව එල්ල කර තිබූ ත්‍රස්තවාදයට එරෙහි නීතිය කඩකිරීම් පිළිබඳව සෞදි බලධාරින් දැඩි විවේචනයටද ලක්විය. කෙසේ වෙතත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලින් එල්ල වූ මෙම පීඩනයත් සමගින්ම සෞදි අධිකරණය ඇගේ මෙම වසර හයක සිරදඩුවමෙන් වසර දෙකක් සහ මාස 10ක් අත්හිටුවා අය මෙලෙස නිදහස් කර තිබේ. කෙසේ වෙතත් ඇයට පනවා ඇති වසර පහක සිරදඩුවම එලෙසින්ම ක්‍රියාත්මක වන බවත් සදහන් වෙයි.

කාන්තා නිදහස ඉල්ලා සිටීමේ වරදට සිරගතවූ සෞදි කාන්තා හිමිකම් ක්‍රියාකාරිනියට නිදහස