එක්සත් පෙරමුණු දේශපාලනය යනු කුමක්ද?

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

          විවිධ පංතීන් ට අයත් පක්ෂ සමඟ නිර්ධන පංති පක්ෂය හා සමාජවාදය අරමුණු කරගනිමින් උපායමාර්ගික වැඩපිළිවෙළක් ලෙස ස්ථාවර සංවිධාන ගොඩනැගීම එක්සත් පෙරමුණ දේශපාලනයේ මූලික ම ක්‍රියා මාර්ගයයි. මෙහි ඇති න්‍යායික වැරැද්ද වනුයේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ පන්ති වුවමනාවන් සහිත සංවිධාන ( පක්ෂ) නිර්ධන පංතියේ උවමනාවන් සඳහා යොදා ගැනීමට නොහැකි වීමයි.

එක්සත් පෙරමුණ න්‍යායක් ලෙස බිහිවීම

            1935දී තුන්වෙනි ජාත්‍යන්තරයේ හත්වැනි සමුළුවට බල්ගේරියානු කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වරයා වූ ජෝර්ජ් දිමිත්‍රොව් විසින් ”නැඟී එන ෆැසිස්ට්වාදය පරාජය කිරීම සඳහා සෑම රටක්ම ෆැසිස්ට් විරෝධී එක්සත් පෙරමුණක් ගොඩ නැගිය යුතු බවට ගෙන ආ යුතු   මෙම යෝජනාව (ස්ටාලින්ගේ දේශපාලන වුවමනාවන් මත) සමුළුවේදී සම්මත විය. මේ සමග ලෝකයේ බොහෝ කොමියුනිස්ට් පක්ෂ රටවල   ධනපති පන්ති සමග ෆැසිස්ට් විරෝධී එක්සත් පෙරමුණ සඳහා පොළඹවන ලදී. මෙම ෆැසිස්ට් විරෝධී එක්සත් පෙරමුණු න්‍යාය පසුකලෙක ස්ටැලින්වාදය තුළ අවධි තුළින් සමාජවාදය පිළිබඳ න්‍යායික සංකල්පයට පදනම සපයනු ලැබීය. ඒ තුළ පරිධියේ පසුගාමී ධනේශ්වර රටවල් අර්ධ වැඩවසම් හරිද ධනේශ්වර ලෙස විග්‍රහ කොට විප්ලවය අවධි දෙකකට බෙදනු ලැබීය. සමාජ පරිවර්තනයක් සඳහා ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය සම්පූර්ණ වී තිබීම අත්‍යවශ්‍ය වේ යැයි නිගමනය කරන ධනපති පංතිය ද දෙකට බෙදා ඉන් එක් කොටසක් අධිරාජ්‍යගැති සම්ප්‍රදායික ධනපති පන්තිය ලෙසටත් තවත් කොටසක් ප්‍රගතිශීලී ධනපති පන්තිය ලෙසටත් විග්‍රහ කරන ලදී. (ධනවාදයේ අවපාත අවධියේදී ධනපති පන්තිය ප්‍රගතිශීලී යැයි පිළීගැනීම බලවත් වරදකි) නිර්ධන පන්ති ව්‍යාපාරය ප්‍රගතිශීලී ධනපති පන්තිය සමග එක්ව ඔවුන්ගේ නායකත්වයෙන් එක්සත් පෙරමුණක් ගොඩ නගා පළමුවෙන් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය සම්පූර්ණ කළ යුතු බවත් සමාජවාදී සමාජ විප්ලවය කළ යුතු බවත් මෙම න්‍යායෙන් පෙන්වා දෙනු ලැබීය. මෙය එක්සත් පෙරමුණු හා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය ලෙස හඳුන්වනු ලැබීය.

මාවෝවාදය හා මහජන පෙරමුණු න්‍යාය

             ඉහත න්‍යාය  මාවෝවාදය තුළ ද සුළු වෙනස්කම් සහිතව ඉදිරිපත් කරනු ලැබීය. මාවෝවාදය මගින් චීනය විග්‍රහ කරනු ලැබුවේ අර්ධ වැඩවසම් අර්ධ යටත් විජිත රටක් ලෙසයි. ඒ අනුව චීනයෙ ධනපති පන්තියේ ද කොම්ප්‍රදෝරු ධනපති පන්තිය( ඉඩම් හිමි රදළයන්ගෙන් බිහිවූ) හා ප්‍රගතිශීලී ධනපති පන්තිය ලෙස බෙදා වෙන් කර මෙම විප්ලවය මහජන ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය ලෙස නම් කරනු ලැබීය. එක්සත් පෙරමුණ න්‍යායෙන් මෙය වෙනස් වන ප්‍රධාන ලක්ෂණය වන්නේ විප්ලවයේ නායකත්වය නිර්ධන පංති ව්‍යාපාරය ගත යුතු බව තීරණය කිරීමයි. ඊට අමතරව මෙම මහජන ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය නිර්ධන පන්තිය අර්ධ නිර්ධන පන්තිය සුළු ධනේශ්වර පන්තිය ප්‍රගතිශීලී ධනපති පන්තිය යනුවෙන් පන්ති 4 ක ආඥාදායකත්වයක් ලෙසද විග්‍රහ කරනු ලැබීය.

           1935 දී තුන්වන ජාත්‍යන්තරයෙන් සම්මත වූ පැසිස්ට් විරෝධී එක්සත් පෙරමුණු න්‍යාය මේ ආකාරයට ස්ටාලින්වාදී මාවෝවාදී ආකාරයෙන් ලෝකයේ බොහෝ කොමියුනිස්ට් පක්ෂ පන්ති සහයෝගිතා ප්‍රතිසංස්කරණවාදී වැඩ පිළිවෙලකට ඇද දැමීමට පාදක විය.

              මෙම වැඩ පිළිවෙල ඉතාමත් පැහැදිලි ලෙසම නිර්මාණවාදී ප්‍රවණතාවයක් වශයෙන් හඳුනාගත යුතු අතර ඒවා තහවුරු කිරීමට යොදා ගත්තේ ලෙනින් විසින් 1905 දී රුසියාවේ විප්ලවය ඉලක්ක කර ගනිමින් ඉදිරිපත් කළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම දෙකක් නම් ලිපියයි. රුසියාවේ ධනේෂ්වර විප්ලවය සිදු නොවූ තත්ත්වයක් තුළ ඉදිරිපත් කළ මෙම වැඩපිළිවෙළ 1917 පෙබරවාරි ධනේෂ්වර විප්ලවය කිරීමත් සමඟ අප්‍රේල් තිසීස මගින් අත්හැර දමන ලදී.

එක්සත් ක්‍රියාමාර්ග

යනු මොනවාද?

         එක්සත් ක්‍රියාමාර්ග යනුවෙන් හදුන්වනුයේ එක්සත් පෙරමුණ මෙන් සමාජවාදය ඉලක්ක කර ගත් දිගු කාලීන උපාය මාර්ගික වැඩපිළිවෙලක් නොවෙයි. විවිධ පක්ෂ හා කණ්ඩායම් තම තමන්ගේ ප්‍රතිපත්ති සහ වැඩ පිළිවෙලවල් සහිත දේශපාලනික න්‍යායික දැක්මක් මත වෙන් ව ගමන් කරන අතර සියලු දෙනාටම බාධා කරන තත්ත්වයන් පැරදවීම සඳහා සියලු දෙනාටම එකඟ විය හැකි සීමා තුළ අරගල කිරීමයි. මේක ඉතිං ප්‍රතිපත්තිමය එකඟතාවක් ඇති වීම හෝ දෙදෙනා එකට ගමන් කරන එකම සංවිධානයක් ගොඩ නැගිය නොහැක. ( විවිධ පන්ති වුවමනාවන් සහිත සංවිධාන කිහිපයකට එකම සංවිධානයක් බවට පත් වීමට නොහැක) මේ ආකාරයේ එක්සත් ක්‍රියාමාර්ග නිර්ධන පංති ව්‍යාපාරය තුළ බොහෝ විට දැකිය හැකි අතර ඒවා මාක්ස් ලෙනින්වාදය ට පටහැනි නොවේ. නමුත් විශේෂයෙන් 18ක ධනපති ක්‍රමයෙන් වර්ධනය හා ස්වභාවය පන්ති බලවේග වල වර්ධනය මට්ටම විප්ලවවාදී ව්‍යාපාරය ශක්තිය අධිරාජ්‍ය විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී හෝ පැසිස්ට් විරෝධී ක්‍රියාමාර්ග වල අවශ්‍යතාවය අනුව එක්සත් ක්‍රියාමාර්ග වල ස්වභාවය හා සීමාව තීරණය කරනු ලැබේ.

විමර්ශන

එක්සත් පෙරමුණු දේශපාලනය යනු කුමක්ද?