අප්‍රේල් තිසීස – වත්මන් විප්ලවයේදී නිර්ධන පංතිය සතු කර්තව්‍යයෝ

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

1917 පෙබරවාරි රුසියාවේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයෙන් පසුව ලෙනින් ආපසු රුසියාවට පැමිණියේ 7 අප්‍රේල් 16 වැනිදා ය. 1917 අප්‍රේල් මස 17 වැනි දින පැවැත්වෙන බොල්ෂෙවික් පක්ෂයේ අවසන් සැසිවාරයට ලෙනින් විසින් සංක්ෂිප්ත සටහනක් ඉදිරිපත් කරන ලදී.  මෙම සංක්ෂිප්ත සටහන මත පදනම්ව අපෙන් විප්ලවයේදී නිර්ධන පන්තියට පැවරෙන අවසානයෙන් නිර්ධන පන්ති පක්ෂය සඳහා කෙටුම්පත් වැඩපිළිවෙළ 1917 අප්‍රේල් මස 23 වැනිදා ලියා අවසන් කරන ලදී .මෙම වැඩපිළිවෙල සකස් කරන ලද්දේ 1917 මැයි හතේ සිට දාහත දක්වා පැවති රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු ( බොල්ෂෙවික් – Bolshevik) පක්ෂයේ හත්වැනි සමස්ත රුසියානු සාකච්ඡා සභාවට ඉදිරිපත් කිරීම සඳහා ය.

 එතෙක් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ වැඩපිළිවෙළ දෙස තිබුණේ 1905 විප්ලවය සඳහා ඉදිරිපත් කළ වැඩපිළිවෙළයි. ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය සම්පූර්ණ නොවී තිබූ තත්ත්වයක් යටතේ සකස් කරන ලද්දකි. 1917 පෙබරවාරි විප්ලවයෙන් පසු පවතින තත්ත්වය පිළිබඳවත්, තාවකාලික ආණ්ඩුව පිළිබඳවත් නිර්ධන පංතිය පක්ෂයේ ස්ථාවරයත්, පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ සහ දර්ශනය හඳුන්වා දෙමින් මෙම අප්‍රේල් තිසීසය ලෙනින් විසින් ඉදිරිපත් කරන ලදී.

 1917 පෙබරවාරි විප්ලවයේ දී රුසියාවේ රාජ්‍ය බලය වැඩවසම්වාදී සාර්ලාගේ අතින් ධනේශ්වර පන්තිය අතට මාරු වී තිබේ.   සෑම විප්ලවයක ම මූලික ප්‍රශ්නය වන්නේ රාජ්‍ය බලය පිළිබඳ ප්‍රශ්නයයි. වත්මන් රුසියාවේ  කෙරෙන්ස්කිගේ ආණ්ඩුව ධනේශ්වර ආණ්ඩුවකි.   වත්මන් අධිරාජ්‍යවාදී යුද්ධයේදී අධිරාජ්‍ය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටී. එය ජනතාවගේ ආණ්ඩුවක් නොවේ.  සාමය පාන් හෝ සම්පූර්ණ නිදහස එයට ලබා දිය නොහැක. එය පෙරළා දැමිය යුතුය.   වත්මන් රුසියාව තුළ ද්විත්ව පාලනයක් ඇතිව තිබේ. එක අතකින් කෙරෙන්ස්කිගේ ගේ තාවකාලික ආණ්ඩුවකි. අනෙක් අතින්, කම්කරු, සෙබළ සෝවියට් සභා නිර්මාණය වී තිබේ. මෙම තත්වය යටතේ තවදුරටත් 1905 වැඩපිළිවෙළ වලංගු නොවනු ඇතැයි ද (ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය මූලික කොට ගත් වැඩපිළිවෙළකි)  තත්වයන්ට  අනුව නිර්ධන පන්ති පක්ෂ වැඩපිළිවෙළ සකස් විය යුතුව ඇතැයි ද මෙමගින් අවධාරණය කරනු ලබන ලෙනින් එම වැඩපිළිවෙළ සෝවියට් සභා වෙත සම්පූර්ණ රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා සකස් කළ යුතුව ඇතැයි ද අප්‍රේල් තිසීසය මගින් ඉදිරිපත් කරයි.

වත්මන් තත්වය යටතේ රුසියාවේ කම්කරු පක්ෂයට පැවරෙන ජාත්‍යන්තර වගකීම බලවත් ලෙස පෙරට පැමිණ ඇති බව මෙම තිසීසයන් මගින් පෙන්වා දේ.  දෙවෙනි ජාත්‍යන්තරයේ එවකට පැවති ස්වභාවය ප්‍රධාන ප්‍රවණතාවයන් තුනක් ලෙස දැකිය හැක. අධිරාජ්‍යවාදී යුද්ධයේදී  පීතෘ භූමිය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින සමාජ ජාත්‍යෝන්මාදවාදීන් ද, නියම ජාත්‍යන්තරවාදීන් හා ජාත්‍යෝන්මාදවාදීන් අතර වැනෙමින් සිටින මැද පිරිසද ට්සමර්වර්ල්ඩ් ජාත්‍යන්තරය නියෝජනය කරන නියම ජාත්‍යන්තරවාදීන් ද එම ප්‍රවණතාවයන් තුන බව අප්‍රේල් තිසීසය මගින් පෙන්වා දෙමින් නව ජාත්‍යන්තරයත් පිහිටුවීමේ වැදගත් කම අවධාරණය කරයි. 

ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය සම්පූර්ණ වූ තත්ත්වයක් යටතේ,  රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ නාමය දේශපාලනිකව කොමියුනිස්ට් පක්ෂය බවට වෙනස් විය යුතු බව යෝජනා කරයි. 

ලෙනින් මෙම තිසීසයන් ඉදිරිපත් කරන අවස්ථාව වන විට රුසියන් කම්කරු ව්‍යාපාරය තුල පන්ති සහයෝගීතාවය ද බලවත් ව පැවැතිණි.  තාවකාලික ආණ්ඩුව පෙරළා නො දැමිය යුතු යැයි ද, ධනපති පන්තියට කොන්දේසි සහිතව සහාය දිය යුතු යැයි ද යන මතය ස්ටාලින් ඇතුළු මෙන් මෙන්ෂෙවිකයන් විසින් ඉදිරිපත් කරන ලදී.  මෙම අප්‍රේල්  තිසීසයන් මගින් පෙන්වා දෙන්නේ ධනපති පංතියෙන් ස්වාධීනව බලය අල්ලා ගැනීමට කම්කරුවන් හා ගොවීන්ට නායකත්වය දීම සඳහා  බොල්ෂෙවික් පක්ෂය වහා ඉදිරිපත් විය යුතු බවයි.  ලෙනින්ගේ වදන් වල තිබෙන විචක්ෂණ භාවයත්, ස්ථාවර භාවයත්, එහි මූලික හරයත් වැඩපිළිවෙළෙහි තිබෙන නිරවුල් භාවයත් අපට වැදගත් පාඩමක් උගන්වයි.  දේශපාලනයේ දී ඒ ඒ දේශපාලන වටපිටාවන්ට අනුරූප වන පරිදි වැඩපිළිවෙළ සකස් විය යුතු බවත්, උපාය උපක්‍රම  දේශපාලන තත්වයන් වෙනස් වන විටදී වෙනස් විය යුතු බවත් අප්‍රේල් තිසීසය මගින් අපට උගන්වන වැදගත් පාඩම් ය. එහෙයින්,  අප ද වර්තමාන දේශපාලනයට අනුරූපව විවිධ උපාය උපක්‍රම සඳහා පක්ෂය සූදානම් කරන මොහොතේ දී අප විසින් අධ්‍යයනයට ලක් කළ යුතු වැදගත්කමක්  අප්‍රේල් තිසීස තුල ඇත.


අප්‍රේල් තිසීස – වත්මන් විප්ලවයේදී නිර්ධන පංතිය සතු කර්තව්‍යයෝ