සෞඛ්‍යය – සංවර්ධනය මැනීමේ නිර්ණායකයක් ලෙස

සනීපාරක්ෂාව
March 12, 2017
Cuban Health Care: A Work in Progress
March 12, 2017
Show all

සෞඛ්‍යය – සංවර්ධනය මැනීමේ නිර්ණායකයක් ලෙස

සෞඛ්‍යය යන වචනය අපට නිතර ඇසෙන, ජිවිතයේ ඉතා වැදගත් වචනයකි. ඒ අනුව අපට සෞඛ්‍යය යන්න මතකයට නැගෙන්නේ සහ හැෙ`ගන්නේ ලෙඩ රෝග රෝහල්, වෛද්‍යවරුන් සහ ඖෂධයන්ය. එහෙත් සෞඛ්‍යය යන්නට මෙයට වඩා පුළුල් අර්ථයක් තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සෞඛ්‍යය (Health) යන්න නිර්වචනය කර ඇත්තේ, ‘රෝගවලින් සහ ආබාධවලින් තොර වීම පමණක් නොව, පූර්ණ වශයෙන් කායිකව, මානසිකව සහ සමාජීය වශයෙන් ලබන සුවතාවය’ ලෙසයි.

ඒ අනුව අප සෞඛ්‍යය ලෙස අවබෝධ කර ගෙන ඇත්තේත්, සෞඛ්‍යය ලෙස බලාපොරොත්තු වන්නේත් කුමක්ද යන්න විමසා බැලීම වටී. අනෙක් අතට ලංකාවේ ජීවත්වන අපට ඉහත නිර්වචනයට අනුව සෞඛ්‍යය පහසුකම් ලැබේ ද, එසේත් නැතිනම් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් සිටී ද යන්නත් වැදගත් වේ. රටක සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගෙනයාමේත්්, නිරෝගීමත් ජනතාවක් බිහි කිරීමට අදාළ පූර්ණ වගකීම අයත් වන්නේත් එරට රජයටයි. සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමෙන් පවත්වාගෙන යෑම සඳහා තනි තනි පුද්ගලයන්ට දිය හැකි දායකත්වය ඉතා අල්ප වුවත්, එය නොවැදගත් සේ සැලකිය යුතු නොවේ. උදාහරණයක් ලෙස වසංගත තත්ත්වයක් උද්ගත වූ විට එය පාලනය කිරීම සඳහා ප‍්‍රධාන ලෙස ම මැදිහත් විය යුත්තේ රජය වන අතර, එහෙත් තනි තනි පුද්ගලයන්ට ද ඒ සම්බන්ධයෙන් වගකීමක් පවතිී. එහෙත් ප‍්‍රධාන වගකීම රජය සතු වේ. ශ‍්‍රී ලංකාවේ පැවැති පසුගිය ආණ්ඩු මෙම සෞඛ්‍යය සම්බන්ධයෙන් තම වගකීම ඉටු කළේ ද යන්න අවබෝධ කර ගත යුතුයි. එහෙත්, අප සතුව ඇති අත්දැකීම්, සංඛ්‍යාලේඛන, දත්ත අනුව එය එසේ වී නොමැත.

සූරාකෑම, සහ ලාභය මුල් කරගත් ධනවාදී ආර්ථිකයක ඉහත නිර්වචනයට අනුව ඉහත සඳහන් කායික, මානසික සහ සමාජීය සුවතාවය ළඟා කරගත හැකි ද යන ගැටලූව පැන නගී. එය සාතිශය බහුතර ජනතාවකට ලැබේ ද යන්න පිළිබඳව ලංකාව සම්බන්ධයෙන් නොව ලෝකයේ බොහෝ රටවල් සම්බන්ධයෙන් ද එසේ වී නොමැත.

ශ‍්‍රී ලංකාවේ ජනගහනයෙන් 43% ක් දිනකට ඩොලර් 02ක් තරම් අඩු ආදායමක් උපයන විට මෙම කායික, මානසික සහ සමාජීය සුවතාවය ලබා ගන්නේ කෙසේ ද යන ගැටලූව පැන නගී, අනෙක් අතට ලෙඩ රෝගවලින් ආරක්ෂා වීමටත්, ලෙඩරෝග සඳහා ප‍්‍රතිකාර ගැනීමටත්, යහපත් සෞඛ්‍යයක් පවත්වාගෙන යාමටත් හොඳ ආදායම් තත්ත්වයක් තිබිය යුතුය. විශාල ආදායම් විෂමතාවයක් සහිත ලංකාව වැනි රටක දී එය ලබා ගන්නේ කෙසේ ද?

අනෙක් අතට රජය සෞඛ්‍යය වෙනුවෙන් වියදම් කරන මුදල ද ඒ සඳහා ඉතා වැදගත් වේ. ලංකාවේ සෞඛ්‍ය සම්බන්ධයෙන් කරන ලද වියදම් පළමු වගුව වගුවෙන් අවබෝධ කර ගනිමු. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව 2012 වර්ෂයේ රජයේ මුළු වියදමෙන් ප‍්‍රතිශතයක් ලෙස සෞඛ්‍ය වියදම ගතහොත් එය දළ වශයෙන් 14% ක් පමණ විය යුතුය. එහෙත් එය ලංකාවේ 5.9% ක්, කියුබාව 11.5% ක් හා ඕස්ටේ‍්‍රලියාව 17.8% ක් ලෙස සඳහන් වේ. ඒ අනුව ලංකාව සිටින්නේ ලෝකයේ සාමාන්‍යයටත් වඩා ඉතා පහළිනි. අනෙක් අතට ද.දේ.නි ප‍්‍රතිශතයක් ලෙස ගත්කල කියුබාව සහ ඕස්ටේ‍්‍රලියාව එම මට්ටම ළ`ගා කර ගෙන තිබුණ ද ලංකාව සිටින්නේ එයට බොහෝ පිටුපසිනි. ලෝකයේ ධනේශ්වර සංවර්ධනය මනින නිර්ණායකයන් මේවා වුව ද කියුබාව මෙම දර්ශක අතින් සංවර්ධිත රටක් ලෙස කිසිවකු හඳුන්වන්නේ නැත. එහෙත්, ධනේශ්වර නිර්ණායකවලින් ගත්ත ද සමාජවාදී නිර්ණායකවලින් ගත්ත ද කියුබාව සංවර්ධිත රටක් ලෙස සැලකිය හැකි බව ද මෙහි දී මතක තබා ගත යුතුය.

අනෙක් අතට ලංකාව වැනි රටක රජය සෞඛ්‍යය වෙනුවෙන් එක් පුද්ගලයෙකුට වියදම් කරන්නේ ඩොලර් 34ක් පමණි. ඩොලර් 34ක් වියදම් කරමින් පවත්වාගෙන යා හැකි සෞඛ්‍ය සේවාව කුමක්දැයි කෙනෙකුට තර්ක කළ හැක. රෝහල්වල ඇඳන් යට රෝගීන් සිටීම ගැන අප පුදුම නොවිය යුත්තේ එම නිසා ය. කියුබාව වැනි රටක් එක් පුද්ගලයෙකු වෙනුවෙන් ඩොලර් 526ක් වියදම් කරන්නේත්, ඔස්ටේ‍්‍රලියාව වැනි රටක් ඩොලර් 4,085 ක් වියදම් කරන්නේත් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාම සඳහා ය. ඩොලර් 34ක් වැනි මුදලකින් එය කළ හැකි නම් මේ රටවල් මෙතරම් මුදල් ප‍්‍රමාණයක් වියදම් කරන්නේ ඇයි ද යන්න සිතා බැලිය යුතු ය.

ලංකාවේ මෙම මුදල මේ වන විට ඩොලර් 40ක් දක්වා ඉහළ ගොස් ඇතත්
එය ද උද්ධමනය නිසා සිදු වුවකි. ඒ අනුව අප රෝහලකින් බලාපොරොත්තුවන සේවාව අපට නොලැබෙන්නේ මෙම රජයේ වියදම් ප‍්‍රමාණය නිසා ය. ලෙඩ රෝග විශාල ලෙස පැතිරෙන්නේ එම නිසා ය. පුද්ගලයෙකුගේ සෞඛ්‍ය වියදම් වෙනුවෙන් වසරකට රජය සහ රජය සහ පුද්ගලයෙකු විසින් දරන වියදම දෙවැනි වගුව මගින් පැහැදිලි වේ.

එම වගුවට අනුව ශී‍්‍රි ලංකාවේ අඩු ආදායමක් සහිතව ජීවත්වන ජනතාව තමා විසින් සෞඛ්‍ය වියදම් වෙනුවෙන් මුළු වියදමෙන් 61 % ක් පමණ පෞද්ගලිකව දැරිය යුතු ය. ඒ අනුව ජීවන අරගලයට මුහුණ දී සිටින ලාංකිකයාට තමාගේ ආදායමෙන් විශාල ප‍්‍රමාණයක් සෞඛ්‍යය වෙනුවෙන් වියදම් කිරීමට සිදු වී ඇත්තේ රජය එම කාර්යය මඟහැර ගොස් ඇති
බැවිනි. කියුබාවේ දී ඒකපුද්ගල සෞඛ්‍ය වියදමින් 94% ක් පමණ දරන්නේ රජය මඟින් වීම නිසා එරටේ ජනතාවට සෞඛ්‍ය වියදම් බර පැට වී නොමැත. මෙය ඕස්ටේ‍්‍රලියාවටත් වඩා ඉහළ අගයක් ගැනීම මඟින් අවබෝධ වන්නේ එරට ජනතාවට ආණ්ඩුව සලකන ආකාරයයි. අනෙක් අතට පුද්ගලයින් 10,000කට වෛද්‍යවරුන් සංඛ්‍යාව ගත් කල එහි ලෝක සාමාන්‍යය 15 ක් පමණ වන අතර, එය ලංකාවේදී 8.5 ක් පමණ වේx රෝහල්වල දිග පෝලිම් තිබීම අනිවාර්යක් වන්නේ එම නිසා ය. එය ඕස්ටේ‍්‍රලියාවේ දී 32.7 කි. එහෙත් සමාජවාදී කියුබාවේ දී එය 67.2 කි. ඒ අනුව රටක දියුණු නොදියුණුකම මැනීමට එරටෙහි සෞඛ්‍ය තත්ත්වය ඉතා වැදගත් වන අතර, ලංකාව සිටින්නේ ලෝකයේ පහළ ම අඩියක ය.