ශ්ලයිඩන් සහ ශ්වාන්

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

Table of Contents

සමහර ශාකයන් ජනනය වන්නේ ශාකවලම බීජයන්ගෙනි. ඒ අතර අනෙකුත් ශාක, ශාක බීජයන්ට සමාන ද්‍රව්‍යයන්ගෙන් ස්වයංව ජනනය වෙයි. මේ දෙවැනි ඝනයට අයත් ශාක අතරින් සමහරක් ස්වයං ජනනය වීමට අදාල පෝෂකරයන් ඇත්තේ පස්තුළය. අනෙක්වාට මූලික වන ස්වයං ජනන පෝෂකරයන් ඇත්තේ ශාක තුළය. එමෙන්ම සතුන්ට අදාලවද සමහර සතත්ව වර්ග දෙමාපිය සතුන්ගෙන් බිහිවෙයි. අනෙකුත් සතුන් සවයං ජනනය වේ. බෙහොමයක් කෘමීන් කුණුගොඩවල් සහ කුණුවූ එළවළු වැනි දැයින් ජනනය වන අතර අනෙකුත් බෙහොමයක් සතුන් සතත්ව අභ්‍යන්තරයේ වන විවිධ ග‍්‍රන්ථීන්ගෙන් නිකුත්වන ශ‍්‍රාවයන්ගෙන් ස්වයංව ජනනය වේ.” – ඇරිස්ටෝටල්-”සත්ත්ව පුරාවෘත්තය” කෘතිය.

ඇරිස්ටෝටල් ජීවත්වූ ක‍්‍රි.පූ.382-322 කාලවකවානුවේ ජීවයේ බිහිවීම, ජීවයේ අඛණ්ඩතාවය පිළිබඳව පැවතියේ මෙවන් මතයකි. ජීවීන් දෙවියන් විසින් මවන ලද්දේය යන අදහසට පටහැනිව පූර්ව ඇරිස්ටෝටලියානු සමයේ සිට භෞතිකවාදී මතවාදී අරගලයන් සිදුවූ අතර මේ ඇරිස්ටෝටල් ගේ සමයේ පැවති දාර්ශනික අදහසයි. එනම් බොහෝ සතුන් මෙන්ම ශාකද ද්‍රව්‍ය වලින් ස්වයංජනනය වන බව පැවසූ ස්වයංජනනවාදයයි.

මෙලෙස ඉදිරියට ගිය ජීවයේ බිහිවීම පිළිබඳ ව වූ විඥාණවාදී මතවාදයන්ට එරෙහි සියවස් ගණනක අරගලයේ කූඨප‍්‍රාප්තිය සිදුවූයේ 1838 වසරේදී ජර්මන් ජාතික විද්‍යාඥයින් දෙපලක් වන ශ්ලයිඩන් සහ ශ්වාන් විසින් සෛලවාදය ඉදිරිපත් කිරීමත් සමඟිනි. එනම්,

1. සෑම සත්වයෙකුම එක් හෝ සෛල කිහිපයකින් හෝ ඊට වැඩිගණනකින් සමන්විතය.

2.සෛලය ජීවයේ මූලික තැනුම් ඒකකයයි. මෙම මූලික කරුණු දෙකට අමතරව 1855 දී රුඩොල්ෆ් වර්චෝව් විසින් තවත් වැදගත් විද්‍යාත්මක කරුණක් එක්කරමින් සෛලවාදය අංගසම්පූර්ණ බවට පත්කළේය. එනම්

3. ඕනෑම සෛලයක් පැනනඟින්නේ හෙවත් බිහිවන්නේ තවත් සෛලයකිනි. දෙවියන්ගේ කලවයෙන් පුරුෂයාත්,දෙවියන්ගේ ඉල ඇටයකින් ගැහැණියත් මැව්වේය යන දේව වාදයට එරෙහිව බොහොමයක් සතුන් හා ශාක තම මව් පාර්ශ්වයෙන් හා සමහර සතුන් හා ශාක, ද්‍රව්‍ය වලින් ස්වයංව ජනනය වන බව පැවසූ ස්වයංජනනවාදයද පසෙකට කරමින් සෛලවාදය ජීවයේ භෞතික පදනම තහවුරු කළේය.

සත්ව හෝ ශාක සෛල සොයාගනු ලැබුවේ ශ්ලයිඩන් හෝ ශ්වාන් විසින් නොවේ. පියවි ඇසට නොපෙනෙන දේ නිරීක්ෂණය කිරීමේ උත්සාහයන් සමඟ අන්වීක්ෂය බිහිවිය.අන්වීක්ෂයෙන් සොබාදහම නිරීක්ෂණයේදී ෙසෙල හඳුනා ගැනිනි. විද්‍යා ඉතිහාසයේ දැක්වෙන පරිදි 1665 දී පමණ
රොබර්ට් හුක් විසින් තමා නිපදවාගත් කුඩා අන්වීක්ෂයට දැමූ කෝක් ගසක කැබැල්ලක් පිරික්සීමේදී එම ශාක කැබැල්ල තැනී තිබුනේ කුඩා පෙට්ටි වැනි දේ වලිනි. ඒවා
නම් කෙරුණේ ජැකකි හෙවත් ෙසෙල ලෙසය. පසුව 1670 දී පමණ ඇන්ටන් වෑන් ලීවන් හුක් විසින් පොකුණු ජලය බිඳිත්තක ඳඟලන ඒකෙසෙලිකයෙකු දුටුවේය. ඒ ක්ෂුද්‍ර ජීවීන්ය.

නීතීඥයකු වූ 1804 දී ජර්මනියේ උපන් මැතියස් ජාකොබ් ශ්ලයිඩන් උද්භිද විද්‍යාවට බෙහෙවින්ම පි‍්‍රය කළේය. වෙනත් උද්භිධ විද්‍යාඥයින් විවිධ ගස්වල දිග,උස පත‍්‍රවල හැඩය ආදිය නිරීක්ෂනය කරමින් නව ශාක විශේෂ සොයාගනිද්දී ශ්ලයිඩන් කළේ අන්වීක්ෂයෙන් ශාක කොටස් පිරික්සීමයි. ජෙනා විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යාව පිළිබඳ මහාචාර්්‍ය වරයා වූ ශ්ලයිඩන් 1838 දී, තම නිරීක්ෂනයන් පදනම් කරගනිමින් ” සියලූ ශාකවල තැනුම් ඒකකය සෛලයයි” ප‍්‍රකාශයට පත්කළේය.තවදුරටත් යමින් කලල මට්ටමේ ශාක නිරීක්ෂනය කළ ඔහු එම කලල ශාක බිහිවන්නේ එක් සෛලයකින්ය යන්නද ප‍්‍රකාශ කළේය. මේ අතර මෙකලම ජීවත්වූ තවත් ජර්මන් ජාතික විද්‍යාඥයකු මෙන්ම කාය ව්‍යවච්ෙඡ්දය පිළිබඳ මහාචාර්්‍ය වරයෙකු ලෙස සේවය කළ තියඩෝර් ශ්වාන් විසින් සියළුම සත්වපටකද තැනී ඇත්තේ විවිධ වූ සෛල වර්ග වලින් බව ප‍්‍රකාශයට පත් කළේය.

පසුව මෙම විද්‍යාත්මක සත්‍යයන් ද්විත්වයම එක්කොට සෛලවාදය ලෙස ප‍්‍රකාශයට පත් කෙරිණි.සත්ව පටක අධ්‍යයනයෙන් හෙළිකළ මහා දැනුම් සම්භාරය හා සිදුකළ කර්තව්‍යය සලකා තියඩෝර් ශ්වාන් නූතන පටක විද්‍යාවේ පියා ලෙස සැලකේ.

Sign up for our Newsletter

Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit