වී අයි ලෙනින් කාල් මාක්ස්ගේ හා ප්‍රෙඩ්රික් එංගල්ස් ගේ ව්‍යාපාරයේ ශ්‍රේෂ්ඨ සන්තතිකයාය.

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

Table of Contents

රුසියානු ජනතාවගේ ශ්‍රේෂ්ඨ පුත්‍රරත්නයත් වූ වී අයි ලෙනින් (1870-1924) කෘති සහ ප්‍රායෝගික විප්ලවීය කටයුතුවලින් මාක්ස්වාදය තවදුරටත් පෝෂණය කරමින් ව්‍යාප්ත කරන ලදී.

විසිවැනි සියවස ආරම්භයේ ධනවාදය,එහි අවසාන අධිරාජවාදී අවධියට අවතීර්ණ විය. ධනවාදය එහි මුලින් පැවති ඉදිරියට ගමන් කරන සහ ප්‍රගමනික ක්‍රමයක සිට පරපටු දිරාපත්වන සහ අභාවයට යන ධනවාදයක් බවට පරිවර්තනය විය . එකල රුසියානු නිර්ධන පන්තිය ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරයේ පෙරටු බලඇනිය බවට පත්වූයේය. සාර්වාදයේ සහ රදළවාදයේ නෂ්ටාවශේෂ, සමාජ ගැටුම් පුපුරන අවස්ථාවකට ළඟා වී තිබූ රුසියාවේ සමාජ ආර්ථික සංවර්ධනයට විලංගු දැමීය. කම්කරු පන්තිය ධනපතියන්ට එරෙහිව ද, දුප්පත් ගොවීහු ඉඩම් හිමියන්ට එරෙහිව ද සටන් කරමින් සිටියහ. රුසියාවේ පර්යන්ත ජාතික ප්‍රදේශවල ජනතාව දෙවැදෑරුම් පීඩනයකට එරෙහිව සාර්වාදී ඒකාධිපතිත්වයට හා දේශීය සූරා කන්නන්ට එරෙහිව සටන් කළහ. කම්කරු පංතිය ගොවි හා ජාතික විමුක්ති ව්‍යාපාර එකිනෙක අනුපූරණය කරමින් හා ශක්තිමත් වෙමින් ධනේශ්වර ඉඩම්හිමි ක්‍රමය එහි බිඳවැටීම වෙත වඩාත් සමීප කළේ ය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් රුසියාව ක්‍රමයෙන් ජගත් ධනවාදයේ දුර්වලම පුරුක බවට පත්විය. කාල් මාක්ස්ගේ හා ප්‍රෙඩ්රික් එංගල්ස් ගේ ව්‍යාපාරය ලෙනින් විසින් ඉදිරියට ගෙන යන ලදී. මේ අනුව රුසියාව ලෙනින්වාදයේ මාතෘ භූමිය වූයේ ය.

ලෙනින් 1870 අප්‍රේල් 22 දා සිම්බීර්ස්ක්හි (අද උග්යානොව්ස්ක්) උපත ලැබීය. ඔහුගේ දෙමාපියෝ ප්‍රගතිශීලී රුසියානු බුද්ධිමතුන් ගේ කොටසක් වූහ. ඔහුගේ පියාගේ මුතුන්මිත්තෝ සියලු දෙනාම ඉතා දුප්පත් වූහ. එසේ වුවද ලෙනින්ගේ පියා, සිය දැඩි උත්සාහය සහ අද්විතීය බුද්ධිමය හැකියාවන් නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කොට පළමුව ගුරුවරයෙකුද පසුව පාසල් පරීක්ෂකවරයකු ද වීමට හැකි විය.

ලෙනින් ගේ මව ද බුද්ධිමත් කාන්තාවකි.  විදේශීය භාෂාවන් කිහිපයක් දැන සිටි ඇයට සංගීතය කෙරෙහි විශේෂ කුසලතාවයක් තිබුණි. ඇය කියවීමට තද ඇල්මක් දැක්වූවා ය. ඇගේ කෘෂ පෙනුම, ඇගේ ධෛර්‍යය, එඩිතර බව සහ ආත්ම පරිත්‍යාගය වසන් කළේය. මේ සියලුම ගුණාංග, උල්යානොව් පවුලට මුහුණ පෑමට සිදු වූ බලවත් හිරිහැර හා පීඩාවන් හිදී ඉතා ප්‍රයෝජනවත් විය. 1886 දී ඇයගේ සැමියා මියගියේය. ඊට වසරකට පසු ඇගේ වැඩිමහල් පුතා ඇලෙක්සැන්ඩර් සාර්ට විරුද්ධව කරන ලද කුමන්ත්‍රණය කොටස්කරුවෙකු වශයෙන් සිරබාරයට ගන්නා ලදුව නඩු විභාග කොට මරණ දණ්ඩනයට නියම කෙරිණි. පසු කාලයේදී ඇගේ අනෙකුත් දරුවන් ඔවුන්ගේ විප්ලවීය කටයුතු නිසා නොයෙක් විට සිරභාරයට ගනු ලැබූ විට ඇය එඩිතර ලෙස එම තත්ත්වය දරාගෙන සිටියාය.

ලෙනින්ගේ ළමා කාලය ගත වූයේ සාර්වාදී පාලනය යටතේ ප්‍රතිගාමීත්වයේ අවධියකය. 1880 ගණන් වල මැද භාගයේ ඔහු තමන් විසින්ම තනිව කාල් මාක්ස්ගේ හා එංගල්ස්ගේ න්‍යාය ඉගෙනීමට පටන් ගත්තේය. 1285 ගිම්හානයේ ඔහු පළමුවන වතාවට කාල් මාක්ස්ගේ Das Kapital (ප්‍රාග්ධනය) කෘතිය කියවීමට ලැබිණි. එය ඔහුගේ වැඩිමල් සොහොයුරා විසින් ශාන්ත පීටර්ස්බර්ග් නගරයෙන් මිලදී ගෙන තිබුණි. 1888 සිත සමයේදී ඔහු දාස් කැපිටාල් කියවමින් එහි සටහන් ලියා ගත්තේය. එසේම කාල් මාක්ස් හා ප්‍රෙඩ්රික් එංගල්ස් විසින් ලියන ලද තවත් පොත් ද කියවීය.

ලෙනින් විප්ලවීය කටයුතු වලට අවතීර්ණ වූයේ වයස අවුරුදු දාහතේදී හසන් විශ්ව විද්‍යාලයේ සිසුවකු වශයෙන් සිටියදී ය. මාක්ස්වාදය පිළිබඳ ඔහුගේ ගැඹුරු දැනුම 1892 1893 දී සමරාහි ද පසුව ශාන්ත පීටර්ස්බර්ග්හි පැවැත්වූ මාක්ස්වාදී කවවල ප්‍රමුඛස්ථානය හිමිකර දුණි. මෙම මාක්ස්වාදී කව කම්කරු පංතියේ විමුක්තිය සඳහා අරගලයේ සංගමය බවට එක්සත් කරන ලදී. එකල  ලෙනින් රුසියානු අගනුවර නිර්ධන පංතිය අතර ප්‍රචාරක හා සංවිධාන කටයුතු දියත් කළේය.

1898දී ලෙනින්, රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂය නමින් පක්ෂයක් පිඑිටුවීය. මෙම පක්ෂය රුසියාවේ සහ අනෙක් රටවල කම්කරු ව්‍යාපාරයේ නව අවධියක් උදා කළේය. පළමුවන වතාවට නිර්ධන පන්තියට, නව ඉතිහාසමය තත්ත්වයන් යටතේ සිය අරගලය, සිය සමාජ විමුක්තිය සඳහා මෙහෙයවිය හැකි බලවත් සංවිධානයක් බිහිවිය.

ලෙනින්, සිය විප්ලවීය කටයුතුවලදී මාක්ස්වාදය, නිර්මාණාත්මක ලෙස උපයෝගී කරගත් අතර, නිතරම එහි පෝෂකයෙකු වූයේය. තමන්ගේ මුල් කෘතිවලින්ම ,ලෙනින් කාල්මාක්ස්ගේ විප්ලවීය න්‍යායට නිර්මාණාත්මක ප්‍රවේශයක් පෙන්වීය. “ජනතාවගේ මිතුරන් කවරහු ද ,ඔවුන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් ට එරෙහිව සටන් කරන්නේ කෙසේද“ (1894)  කරමින් රුසියාවේ ධනවාදයේ සංවර්ධනය පිළිබඳ ගැඹුරු විශ්ලේශනයක් කරමින්, රුසියාවේ සහ වෙනත් රටවලට සමාන මට්ටමකින් අදාළ වූ ධනවාදී සංවර්ධනය වාස්තවික නියමයන් පෙන්වා දුනි. මෙම කෘතියෙන් හේ, ගොවි විප්ලවයකින් රුසියාවේ ඒකාධිපත්‍යය පෙරළා දැමීම දේශනාකල ජනතාවාදීන්ගේ න්‍යායික වැරදි විවේචනයට ලක් කළේය.

1896 අවසානයේ, සාර්වාදී බලධාරීහු ලෙනින් හිරභාරයට ගෙන සයිබීරියාවේ ෂුෂෙන්ස්කොයේ ගමට පිටුවහල් කරන ලදී. එහිදී, සයිබීරියාවට පිටුවහල් කරන ලද නදියේශ්දා කෘෘප්ස්කයාද ඔහුට එක් වූවාය. ලෙනින්ට ඇය හමුවූයේ 1894 දී ශාන්ත පීටර්ස්බර්ග්හීදී කවයකදී ය. නදියේශ්දා කෘෘප්ස්කයා ඔහුගේ ඔහුගේ ආදරණීය සහකාරිය බවට ද, ඔහුගේ විප්ලවීය අදහස් බෙදා ගත් සගයා බවට ද වූවාය.

පිටුවහලේ ගතකළ කාලය තුළදී වී අයි ලෙනින් ඔහුගේ අති විශාල කෘතියක් වන “රුසියාවේ ධනවාදයේ සංවර්ධනය“ (1899) අවසන් කළේය. ඔහු විසින් සුපරික්ෂාකාරී ලෙස අධ්‍යයනය කරන ලද සත්යාපනය කරන ලද අතිවිශාල සාධක හා සංඛ්‍යාලේඛන වලට පදනම මත, මෙම කෘතියෙන් රුසියාවේ ග්‍රාමීය ප්‍රජා සමූහයේ වියනුකලනය,ගොවි ජනතාව විශ්‍රාමිකයන් හා ගෝලීය ධනේශ්වරය වශයෙන් ස්ථරවට බෙදීම, සහ සමස්ත රුසියානු වෙළෙඳපොළ ඇතිවීම පිළිබඳ ක්‍රියාදාමය පෙන්වා දුන්නේය. රුසියාවේ මහා පරිමාණ යන්ත්‍ර නිෂ්පාදනයේ වර්ධනය පිළිබඳ සුපරික්ෂාකාරී ලෙස අධ්‍යයනය කළේය. කාර්මික නිෂ්පාදිතයේ ධනවාදී ස්වභාවය විස්තර කළේය. නිර්ධන පන්තියේ වර්ධනය වෙමින් පවත්නා වැදගත්කම පැහැදිලි කළේය.

සංවාදයට හා ධනවාදයට එරෙහිව අනවරත සටන් කරුවකු වශයෙන්ද, ලංගමය සමාජවාදී විප්ලවයේ ප්‍රධානම බලවේගය වශයෙන් ද රුසියානු නිර්ධන පන්තියේ ඓතිහාසීය කාර්යභාරයද වී අයි ලෙනින් සනාථ කළේය.

“එහි දියුණු නියෝජිතයන් විද්‍යාත්මක සමාජවාදයේ අදහස්, රුසියානු කම්කරුවාගේ ඓතිහාසීය කාර්යභාරය පිළිබඳ අදහස ප්‍රගුණ කළ විට, මෙම අදහස පුළුල්ව පැතිරුණු විට සහ කම්කරුවන්ගේ වත්මන් විරල ආර්ථික යුද්ධය සවිඥාන පංති අරගලය බවට පරිවර්තනය කිරීමට කම්කරුවන් අතර ශක්තිමත් සංවිධානය පිහිටුවනු ලැබූ විට,සියලුම ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවල ප්‍රධාන තැනට එන රුසියානු කම්කරුවා පරමවාදය පෙරළා දමා ( සියලු රටවල නිර්ධන පංතිය සමඟ එක පෙළට) රුසියානු නිර්ධන පංතිය විවෘත දේශපාලන අරගලයේ ඍජු මාවත දිගේ ජයග්‍රාහී කොමියුනිස්ට් විප්ලවය කර ඇත“

වී අයි ලෙනින් –  ජනතාවගේ මිතුරන් කවරහු ද, ඔවුන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් එරෙහිව සටන් කරන්නේ කෙසේද?

(එකතු කල කෘති 1 වෙලුම 1972)

කම්කරුවන් සහ ගොවීන් අතරද විප්ලවීය සන්ධානය පිළිබඳ අදහස පළමුවෙන් වර්ධනය කළ පුද්ගලයා ලෙනින් ය. මෙම සන්ධානය සාර්වාදය අතුගා දැමීමට පමණක් නොව, අනාගත සමාජවාදී සමාජය ගොඩනැගීමට සමත් බලවේගයක් වශයෙන් ද ඔහු සැලකීය. පිටුවහල් ජීවිතයේ සිට පෙරළා පැමිණි පසු ඔහු මාක්ස්වාදයේ න්‍යායික දේශපාලන සහ සංවිධානමය ප්‍රතිපත්ති මත රටේ විප්ලවීය බලවේග එක්සත් කිරීමට පටන් ගත්තේය. කෙසේ වුවද පොලිස් හිරිහැර නිසා ඔහුට රටින් පිටවී යාමට සිදු විය. එතෙර සිට රුසියාවේ නිර්ධන පන්තියේ විප්ලවීය අරගලයේ මෙහෙයවීමට දිගටම සිදු කළේය.

ලෙනින් ගොඩනැගූ රුසියාව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂය, සමාජවාදී සමාජයක් ගොඩනැගීමේ කටයුත්ත පැවරෙන,  වැඩ කරන ජනතාවගේ අරගලය මෙහෙයවීමට සමත් වූ පක්ෂයක් විය. කෙසේ වුවද, නිර්ධන පංතියේ දුෂ්ඨිය අන්තර්ගත වූ  සහ එය ජීවිතයේ යථාර්ථයන් සමඟ සම්බන්ධ කරන විප්ලවීය න්‍යායකින්  තොරව විප්ලවීය පක්ෂයකට පැවතිය නොහැක. මෙම නිගමනය, කොන්දේසි, ස්ථානය හා කටයුතු වල කාලේ නොතකා ඕනෑම විප්ලවීය පක්ෂයකට කෙලින්ම අදාල වේ. කොමියුනිස්ට්වාදීන් ගේ පක්ෂය සඳහා දියුණු විප්ලවීය න්‍යාය ප්‍රථම කොටම සහ මූලික වශයෙන් සටන් මගකි.

සැබෑ විප්ලවවාදීන් පක්ෂයක් නිර්මාණය කිරීම සඳහා අරගලයේ දී, “කළ යුත්තේ කුමක්ද“ (1902) සහ “පියවරක් ඉදිරියට පියවර දෙක පස්සට“ (1904) නැමැති ඔහුගේ කෘති වලින් වැදගත් කාර්යභාරයක් ඉටුවිය.

කලයුත්තේ කුමක්ද නමැති කෘතියෙන්  ලෙනින්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ අවස්ථාවාදී ප්‍රවණතා හෙළිදරව් කළේය. “විවේචනයේ නිදහස“ යන්න කුටිල ජන නායකත්වයේ වචනවලින් සිය ක්‍රියාවන් ආවරණය කරගනිමින් අවස්ථාවාදීහු ධනේශ්වර අදහස් පතුරුවා හැරීම කෙරෙහි අවිචාරාත්මක සහ සම්මුතිකාමී ආකල්පයක් දැරූහ.  මෙම ස්ථාවරය අනිවාර්යයෙන්ම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට විප්ලවීය පක්ෂයක සිට ප්‍රතිසංස්කරණවාදී පක්ෂයක් බවට පරිවර්තනය වීමට හේතුවිය.

“පියවරක් ඉදිරියට, කියවන දෙකක් පස්සට“ නැමැති ඔහුගේ අනෙක් කෘතියෙන්,  වී අයි ලෙනින් පක්ෂයේ ගුණාත්මක සංයුතිය කෙරෙහි, පක්ෂ ජීවිතයේ  ධර්මතා සහ එහි විනය අකුරටම අනුගමනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළේය.

“බලය සඳහා සිය අරගලයේදී නිර්ධන පන්තියට සංවිධානය මිස වෙනත් අවියක් නැත…නිර්ධන පන්තියට අපරාජිත බලවේගයක් විය හැක්කේ සහ එය අනිවාර්යෙන්ම අපරාජිත බලවේගයක් වන්නේ, දසලක්ෂ සංඛ්‍යාත වැඩකරන ජනතාව කම්කරු පන්ති හමුදාවක් බවට ඒකාබද්ධ කරන සංවිධානයේ භෞතිකමය සමගිය විසින් ශක්තිමත් කරනු ලබන මාක්ස්වාදයේ මූලධර්ම මත ඇති කරනු ලබන එහි දෘෂ්ටිමය සමගිය මගින් පමණකි.රුසියානු ඒකාධිපති ජරාපත් පාලනයට හෝ ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ ජරාජිර්ණ වූ පාලනයට හෝ මෙම හමුදාවට ඔරොත්තුදී සිටිය නොහැකිය“

යනුවෙන් ඔහු ලිවීය.

1905 සරසවියේ පළමු වන ජනතා ප්‍රජාතන්ත්‍රවාදී ආදරය අවස්ථාවකට පත්වූවිට, වී අයි ලෙනින් ශාන්ත පීටර්ස්බර්ග් වෙත ආපසු පැමිණියේය. ඔවුන්ගේ අවධානය කේන්ද්‍රගත වූයේ විප්ලවීය අරගලටයෙහි මූලික ප්‍රශ්න කෙරෙහිය.

1905 ජූලි මස ලෙනින්ගේ “විප්ලවයේ දී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම දෙකක්“ නැමැති කෘතිය ජිනීවාහි දී ප්‍රකාශයට පත් කරන ලදී. මෙම කෘතියෙන් විප්ලවයේදී කම්කරු පන්තියේ මූලෝපායික සැලැස්ම සහ අක්‍රමිකතා මාර්ගය න්‍යායික වශයෙන් සම්මත කරන ලදී. එම කෘතියේ ලෙනින් මෙසේ සඳහන් කළේය.

එම කෘතියේ ලෙනින් මෙසේ සඳහන් කළේය.

නිර්ධන පන්තිය ගොවි ජනතාව තමන්ට එකතු කරගනිමින් ඒකාධිපත්‍යයේ ප්‍රතිරෝධය මැඩපවත්වමින් ධනේශ්වර පන්තියේ ස්ථායිතාවය අඩපණ කර දමනු වස් ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය සම්පූර්ණයෙන් සිදු කළ යුතුය. 

පළමුවන රුසියානු විප්ලවය පරාජය විය. පක්ෂ මධ්‍යස්ථානයේ තීරණයකට අනුව ලෙනින්, 1907 දෙසැම්බර් මස රුසියාවෙන් පිටවී ගොස් ඔහුගේ පිටුවහල් ජීවිතයේ දෙවන සමය ආරම්භ කළේය. මෙවර තමන් විසින් නියම කර ගත් පිටුවහල් ජීවිතයකි. මවුබිමෙන් ඈත්වී ඉතා දුෂ්කර අවුරුදු දහයක් ගත කළේය.

1960 අප්‍රේල් මස බිහිවෙමින් මාක්ස්වාදය සහ සංශෝධනවාදය යන මැයෙන් ලිපියක් ලිවීය. මෙම ලිපියෙන් ධනේශ්වර දෘෂ්ටිය වෙනුවෙන් සටනට ඉදිරිපත් වී සිටින සංශෝධනවාදයේ  දෘෂ්ටිමය හරය අනාවරණය කළේය. සංශෝධනවාදී මාක්ස්වාදී පංති හරය දුර්වල කර දැමීම සඳහා කඩතුරාවක් වශයෙන් මාක්ස්වාදී දර්ශනයෙහි සංශෝධන සහ සීරුමාරු භාවිතා කළහ. ඔවුහු පන්ති අරගලය නිර්ධන පන්ති ආඥාදායකත්වය සහ සමාජවාදය පිළිබඳ අදහස පවා ප්‍රතික්ෂේප කිරීමට ද මේ ආකාරයෙන් කම්කරු ව්‍යාපාරය ප්‍රතිසංස්කරණවාදී හා ධනේශ්වරය සමඟ සම්මුතියේ මාවතක හැරවීමකට ද ප්‍රයත්න යෙදූහ.

1912 – 1913 වී අයි ලෙනින්, ජනවාර්ගික ප්‍රශ්නය ගැන ලිපි 50කට අධික සංඛ්‍යාවක් ලිවීය. මෙම ලිපි මගින් ජාතීන් පිළිබඳ සහ අධිරාජ්‍යවාදී යුගයේ ජාතික විමුක්ති ව්‍යාපාරය පිළිබඳ මාක්ස්වාදී න්‍යාය වර්ධනය කළේය. පක්ෂයෙහි වැඩපිළිවෙළෙහි ජනවාර්ගික අර්බුදය පිළිබඳ මූලික ප්‍රතිපත්ති සූත්‍රගත කළේය. සියලුම ජාතීන්ට හා ජාතික කොටස්වලට පූර්ණ සමානත්වය ජාතීන්ගේ ස්වයං තීරණ අයිතිය යනාදිය

මාක්ස්වාදය බවත් පෙර තවත් වැදගත් අවධියක් වූයේ “අධිරාජ්‍යවාදය,ධනවාදයේ ඉහළම අවධිය යි“  (1916) නමැති කෘතියයි. මෙම කෘතියෙන් අධිරාජ්‍යවාදයේ ආර්ථික හරය, එහි ප්‍රතිවිරෝධතා, සහ එහි අනිවාර්ය විනාශය හෙළිකරමින්, අධිරාජ්‍යවාදය සමාජවාදී විප්ලවයේ ආසන්නය බව නිගමනය කළේය.

මෙම කෘතිය කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ මූලික විධිවිධාන නිර්මාණාත්මක ලෙස වර්ධනය කරමින් කෙලින්ම ඉදිරියට ගෙන යාමකි. ලෙනින්, පසු කාලයේ ලියන ලද කෘති වලින් ද අධිරාජ්‍යවාදය පිළිබඳ විද්‍යාත්මක විශ්ලේෂණයක් කළේය. සාධක සහ න්‍යායික කරුණු අතිවිශාල ප්‍රමාණයක් අධ්‍යයනය කිරීම හා සාරාංශගත කිරීම ලෙනින්ට අධිරාජ්‍යවාදී යුගයේදී ධනවාදයේ අසමාන හා කලින් කලට ඇතිවන උච්ඡාවචන පිළිබඳ නියමය සොයාගැනීමටද, එසේම, සමාජවාදී විප්ලවය ප්‍රථමයෙන් රටවල් කිහිපයක හෝ තනි ධනවාදී රටක ග්‍රහණයක කළ හැකිය වැදගත් විද්‍යාත්මක නිගමනය ඒමට ද හැකි විය.

මෙම නිගමනය සහස්‍ර ලෝක විප්ලවීය ව්‍යාපාරය අතිශයින් වැදගත්ය.

ලෙනින්, පළමුවන ලෝක යුද්ධය සමයේ කොල්ලකාරී අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව අසම්මුතිකාමී අචල ස්ථාවරයක් ගත්තේය.අධිරාජ්‍යවාදී යුද්ධය අවසන් විය හැක්කේ පොදු ජනයාගේ විප්ලවීය කටයුතු ආරක්ෂා කිරීම හා දිරිගැන්වීම මගින් ඔවුන්ගේ ජාත්‍යන්තරවාදී නිර්ධන පාන්තික සමගිය තහවුරු කිරීම මගින් පමණකැයි යන වැදගත් නිගමනයට එළඹුණි.

1917 පෙබරවාරි ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ ප්‍රතිඵලයක් වශයෙන් රුසියාවේ සාර්වාදය පෙරලා දැමීමෙන් පසුව, වී අයි ලෙනින්, තමාගේ දෙවන පිටුවහල් ජීවිත කාලය අවසන් කරමින්, එම අවුරුද්දේම අප්‍රේල් තුන් වන දා සිය රට බලා පැමිණියේය. “රාජ්‍යය සහ විප්ලවය“ නැමැති ඔහුගේ පොත ( 1917 සැප්තැම්බර් ) මාක්ස්වාදී දර්ශනය පෝෂනයවීම සඳහා අතිවිශාල දායකත්වයක් ගලා දුනි. මෙම කෘතියෙන් ඔහු සමාජවාදී විප්ලවයේ කාලය තුළදී ධනේශ්වර රාජ්‍යය කෙරෙහි නිර්ධන පංතියේ ආකල්ප ගැන, නිර්ධන පංතික ආඥාදායකත්වය තත්වය ගැන සිය න්‍යාය ඉදිරිපත් කරමින්, කොමියුනිස්ට්වාදයට යටතේ රාජ්‍ය මැලවී යන ක්‍රියාදාමයේ  ආර්ථික මූලධර්ම පිළිබඳ ගැඹුරු න්‍යායික විශ්ලේෂණයක් දුනි.

ඔහුගේ කාර්යභාරය වූයේ සමාජවාදය හා කොමියුනිස්ට්වාදය ගොඩනැගීමේ උපායමාර්ගික න්‍යායාත්මක ක්‍රමය සූත්‍රගත කිරීම ය. ධනවාදයෙහි සිට සමාජවාදය වෙත සංක්‍රාන්තිය සහ එහි ප්‍රධාන ලක්ෂණ පාලනය කරන නියමයන් ඔහු අනාවරණය කළේය. එසේ කිරීමෙන් නව සමාජයක් පිළිබඳ කාල් මාක්ස්ගේ හා එංගල්ස්ගේ උැ ඉගැන්වීම් තීව්‍ර කරමින් නිර්මාණාත්මක ලෙස වර්ධනය කළේය. මෙම සමාජය ගොඩනැගීම සඳහා බහු ජනතාව සංවිධානය කිරීමේ නව මූලධර්මවලින් මාක්ස්වාදය පෝෂණය කළේය.

රුසියාවේ වැඩකරන ජනතාව 1917 රුසියාවේ සමාජවාදී විප්ලවය (පැරණි දින දර්ශනයට අනුව ඔක්තෝබර්, එමනිසා ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් සමාජවාදී විප්ලවය) සිදුකරමින්, සූරා කන්නන්ගේ පාලනය පෙරළා දැමීමේ හා මානව ඉතිහාසයේ නව යුගයක් ආරම්භ කළේ ලෙනින්ගේ හා ඔහු විසින් නිර්මාණය කරන ලද පක්ෂයේ නායකත්වය යටතේය.

ලෙනින්ගේ ජීවිතය වීරත්වයෙන් පිරි එකකි. ඔහුගේ ජීවිතය අනවරත බුද්ධිමය පරිශ්‍රමයෙන්, දෘෂ්ටිමය හා දේශපාලන සටන් වලින් ගෙවී ගියේය. ලෙනින්ගෙන් මූර්තිමත්වූයේ අද්විතීය නිර්ධන පාන්තික විප්ලවවාදියාගේ ලක්ෂණ යි. එනම් ප්‍රබල බුද්ධියක්, සියලු බාධක ජයගත් අචල අධිෂ්ඨාන ශක්තියක්, වහල්භාවයට හා පීඩනයට එරෙහිව  ශුද්ධ වූ වෛරයක්, විප්වීය අනුරාගයක්, අචල ජාතන්‍යන්තරවාදයක්, පොදු ජනතාවගේ බලවේග පිළිබඳ අසීමිත විශ්වාසයක්, දැවැන්ත සංවිධානමය දක්ෂතාවයක් ආදී ගුණාංගවලින් ලෙනින් පොහොසත් විය.

ලෙනින්ගේ ඉගැන්වීම්, විප්ලවීය න්‍යායයන්ට ඔහු විසින් කරන ලද දායකවීම් ලෙනින්වාදය යනුවෙන් ප්‍රකට විය.

වී අයි ලෙනින් ශ්‍රේෂ්ඨ ගුරුවරුන්ගේ න්‍යායාත්මක දායකත්වය නව ඉතිහාසමය තත්වයනට ගැලපෙන පරිදි වර්ධනය කර විශාල වශයෙන් පුළුල් කළේය. ඔව් මාක්ස්වාදී සියලු සංයුක්ත කොටස්,එහි දර්ශනය, දේශපාලන හා ආර්ථික විද්‍යාවන් සහ විද්‍යාත්මක කොමියුනිස්ට්වාදය පෝෂණය කළේය. මාක්ස්ගේ හා එංගල්ස්ගේ ඉගැන්වීම්, පොතේගුරුවාදයක් බවට හැරවීමට දරන ලද ප්‍රයත්නවලට එරෙහිව සටන් කළ ඔහු මෙසේ ලිවීය.

“ මාක්ස්ගේ න්‍යාය සම්පූර්ණ කළ සහ අලංඝණීය දෙයක් වශයෙන් අපි නොසලකමු. ඊට ප්‍රතිපක්ෂව, එය සමාජවාදීහු ජීවිතයත් සමඟ පියවර තැබීමට අපේක්ෂා කරත් නම්, ඔවුන් විසින් සියලු දිශාවන්ට ම වර්ධනය කළ යුතු විද්‍යාවේ අත්තිවාරම පමණක් දැමූ බව අපට විශ්වාස ය.“

ලෙනින්වාදය යනු,

අධිරාජ්‍යවාදී හා නිර්ධනයන් අතර පන්ති විප්ලව යුගයේ,  යටත් ක්‍රමය බිඳ වැටෙමින් තිබූ යුගයේ, ධනවාදයේ සිට සමාජවාදය වෙත සංක්‍රාන්ත වන යුගයේ, ජගත් පරිමාණයෙන් සමාජවාදය සහ කොමියුනිස්ට්වාදය ජයග්‍රහණය කරන යුගයේ මාක්ස්වාදයයි.
විප්ලවිය න්‍යායන්ට ලෙනින්ගේ  දායකවීම කොතරම් විශාල දැයි කිවහොත් එවක් පටන් එය මාක්ස් ලෙනින්වාදය සමස්ත ලෝකයේ නිර්ධන පන්තියේ ජාත්‍යන්තරවාදී ඉගැන්වීම් යනුවෙන් නම් කරනු ලැබ ඇත.

මේ අනුව මාක්ස් ලෙනින්වාදය කම්කරු පන්තියේ ලෝක දෘෂ්ටිය සංයුක්ත කරන විද්‍යාත්මක දාර්ශනික ආර්ථික හා සමාජ දේශපාලන මත පද්ධතියකි. ලෝකය ප්‍රජානනය කිරීමේ හා විප්ලවීය ලෙස පරිවර්තනය කිරීමේ විද්‍යාවකි. සොබාදහමේ සමාජයේ හා මිනිස් චින්තාවේ වර්ධනයන්හි නියමයන්, කම්කරු පන්තියේ විප්ලවීය අරගලයේ නියමයන් සහ ධනවාදය පෙරලා දැමීම සඳහා, සමාජවාදී හා කොමියුනිස්ට්වාදී සමාජය ගොඩනැගීම සඳහා සමස්ත වැඩකරන ජනතාව ම ගෙන යන විප්ලවීය අරගලයේ නියමයන් පිළිබඳ විද්‍යාවකි.

බහුජනතාවගේ අරගලය සහ නිර්මාණාත්මක කටයුතු පිළිබඳ අත්දැකීම් නිර්මාණාත්මක ලෙස අවබෝධ කර ගැනීම සඳහා ප්‍රබල ක්‍රමයකි. නැතුවම බැරි සටන් මගකි. මාක්ස් ලෙනින්වාදය සදාතනික යෝග්‍යතාවය පිළිබඳ රහස ගැබ් වී ඇත්තේ මාක්ස් එංගල්ස් ලෙනින් ගේ දර්ශනය එහි විධි ප්‍රතිපත්ති සහ අදහස් දසලක්ෂ සංඛ්‍යාත ජනයාගේ හදවතකට සහ මනසට ඉතා සමීප වීම තුළ ය.

Sign up for our Newsletter

Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit