ලොව අධ්‍යාපනයට ඇති ප්‍රධාන බාධා

අධ්‍යාපනය – මානව පැවැත්මේ හා ආරක්ෂාවේ අත්‍යවශ්‍ය අඛණ්ඩ සාධකය
December 26, 2019
තාක්ෂණයේ  ගමන් මඟ
December 27, 2019
Show all

ලොව අධ්‍යාපනයට ඇති ප්‍රධාන බාධා


දුප්පත් රටවල දරුවන්ට පාසල් යාමේ දී ඇති වන බාධක තිබේ. සමහර ඒවා එකඑල්ලේ ම පෙනේ. යාමට පාසලක් නැති නම්, ඉගෙන ගන්නේ කෙසේ ද? එහෙත්, සමහර ගැටලු එලෙස නොපෙනේ. පාසලක් තිබෙන අතර, ගුරුවරයෝ ද සිටිති. එහෙත්, එම ගුරුවරුන් කිසිදා ඉගැන්වීම පිළිබඳ පුහුණුවක් ලද අය නොවේ. දරුවන් පාසල් ගිය ද, ඉගෙන ගත් දෙයක් නොමැති තරම්ය. මෙම ප්‍රධාන ගැටලු 10 අපි කෙටියෙන් විමසා බලමු.

  1. අධ්‍යාපනය සඳහා ලබා දෙන විදේශ ආධාර අඩුවීම ලෝක ආධාර කණ්ඩායම්, දියුණු ධනපති රටවල් විසින් අධ්‍යාපනය සඳහා ඇති විවිධ අරමුදල් මගින් දුප්පත් රටවලට ලබා දෙන ආධාර විශාල වේගයකින් අඩු වෙමින් පවතී. මෙම ආධාර 2004 සිට අඩු වෙමින් පවතින අතර, 2013 සිට සියයට 5කින් පහත වැටී තිබේ. මෙය සිදු වන්නේ පාසල් යා යුතු වයසේ පසුවන නමුත්, පාසල් නොයන දරුවන් සංඛ්‍යාව මිලියන 59ක් දක්වා යළිත් වැඩිවෙමින් පවතින තත්වයන් යටතේ ය. (UNESCO). සියලුම පාසල් යා යුතු වයසේ දරුවන් පාසල් යැවීමට අවශ්‍ය කරන මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 39ක් වන අතර, එය වත්මන් ආධාර ප්‍රමාණය මෙන් දෙගුණයක අවශ්‍යතාවයකි.  2013-14 කාලය තුළ දී ප්‍රංශය, ජපානය, නෙදර්ලන්තය හා ස්පාඤ්ඤය යන රටවල මූලික අධ්‍යාපනය සඳහා ලබා දෙන ආධාර සියයට 40කින් අඩු කර ඇත. එක්සත් රාජධානියේ මෙම කප්පාදුව සියයට 21කි. එමෙන් ම මෙම ආධාර ලබා දීමේ දී බරපතළ විෂමතාවයක් පවතී.

 

  1. ගුරු හිඟය මිලියන 69ක් වීම. ඉගෙනීම සඳහා අවශ්‍ය කරන පළමු දෙය කුමක්ද? පිළිතුර, ගුරුවරයකු සිටීමයි. ලොව පුරාම අධ්‍යාපනය ගුරු හිඟයෙන් පීඩා විඳියි. අවම වශයෙන් සෑම පාසල් යා යුතු දරුවකුටම ප්‍රාථමික පාසලකට ඇතුළත් කොට ඔවුනට මූලික ඉගැන්වීම් කිරීමට නම්, එක්සත් ජාතීන්ට අනුව තවත් ගුරුවරුන් මිලියන 24.4ක් 2015 වන විට අවශ්‍යව තිබිණි. ද්විතීයික අධ්‍යාපනය සම්පූර්ණ කිරීම සඳහා තවත් අවශ්‍ය කරන ගුරුවරුන් ප්‍රමාණය මිලියන 44.4කි. අලුත්ම ගැටලුව වනුයේ, ලොව රටවල් 64කට ගුරුවරුන්ගෙන්  සියයට 25ක්ම කිසිදු පුහුණුවක් නොලැබූ අය බැවින්, දරුවන් පාසල් ගියද ලිවීම, කියවීම හා ගණිතය පිළිබඳව ලැබෙන දැනුම  ඉතා අවම වී තිබේ. ඒ අනුව ලෝකයට අලුත් ගුරුවරුන් පමණක් තවත් මිලියන 69ක් අවශ්‍ය බව ඹභෑීඣ ව පවසයි. මෙයින් මිලියන 17ක් උප සහරානු රටවලටත්, මිලියන 15ක් දකුණු ආසියාවටත් අවශ්‍ය වේ.

 

  1. පන්ති කාමර නොමැතිකම. ලොව බොහෝ රටවල දරුවනට ඉගෙනීමට සුදුසු පන්ති කාමර නොමැත. ඒ වෙනුවට ගස් යට හෝ කූඩාරම් තුළ ඉගෙනුම් කරනු ලබයි. එමෙන් ම බොහෝ පන්ති කාමරවල (පාසල්වල) නළ ජල පහසුකම් නැති අතර, විශාල ප්‍රමාණයක වැසිකිළි පහසුකම් නැත. වැසිකිළි නොමැති වීම හා ගැහැනු ළමයින්ට වෙන් වූ වැසිකිළි නොමැති වීම ගැහැනු දරුවන් පාසල් නො ඒමට බලපාන ප්‍රධාන හේතු අතුරින් එකකි. එමෙන් ම පන්ති කාමරයක ඉගෙන ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාවද වැඩිවෙමින් පවතී. මලාවි රාජ්‍යයේ පළමු වසර පන්ති කාමරයක දරුවන් 130 දෙනෙක් පමණ සිටිති. ඉගෙනුම සඳහා සුදුසු ම ප්‍රමාණය සිසුන් 20 දෙනෙකු පමණක් වී තිබිය දී බි්‍රතාන්‍යය, එක්සත් ජනපදය වැනි රටවල පවා පන්ති කාමරයක සිටින සිසුන් ගණන 30 දෙනෙකු ද ඉක්මවා තිබේ. පිලිපීනයේ මෙම අගය 6575ත් අතර වේ.

 

  1. ඉගෙනුම් උපකරණ හිඟය. ලෝකයේ පාසල් පෙළ පොත් හිඟය කොතරම් ද කිවහොත්, පැරැණි හා ඉරී ගිය පෙළ පොතක් සාමාන්‍යයෙන් හය දෙනෙක් පමණ පරිහරණය කරති. උදාහරණයක් ලෙස ටැන්සානියාවේ හයවැනි ශ්‍රේණියේ දරුවන්ගෙන් තමාටම පෙළ පොතක් ඇත්තේ සියයට 3.5 දෙනෙකුට පමණි. කැමරූන් හි එක් පෙළ පොතකට පළමු වසර පන්තියේ දරුවන් 11 දෙනෙකු සිටින අතර, දෙවැනි වසරේ ගණිතය පෙළ පොතකට සිටින ළමයින් ගණන 14 දෙනෙකි. මෙම රටවල පමණක් නොව පැරගුවේහි සියයට 69කට තමාට වූ පෙළ පොත් නැති අතර පිලිපීනයේ එම අගය සියයට 49කි.

 

  1. ආබාධිත දරුවන්ට පාසල් අහිමි වීම. UNICEF වාර්තා අනුව,
  • ලෝක ජනගහනයෙන් බිලියනයක් (මිලියන 1,000ක්) එනම් සියයට 15ක් පමණ කුමන හෝ ආබාධිත තත්වයක පසුවන අය වන අතර, ඉන් මිලියන 110ත් 190ත් අතර පිරිසක් දරුණු ආබාධිත තත්වයක සිටිති.
  • වයස අවුරුදු 1 – 14ත් අතර  දරුවන්ගෙන් ආබාධිත ප්‍රමාණය මිලියන 93-150ත් දක්වා අතර වන බව කියැවේ.
  • ඉන්දියාවේ පමණක් වයස 6-13 අතර ආබාධිත දරුවන්ගෙන් සියයට 38ක් පාසල් නොයයි.
  • නැගෙනහිර යුරෝපයේ හා මධ්‍යම යුරෝපයේ, රුසියාවේ හා පූර්ව සෝවියට් ජනරජවලට අයත් රටවල් 27 තුළ පමණක් ආබාධිත දරුවන් මිලියන 2.5ක් පමණ සිටින අතර, ඉන් මිලියන 1.8ක් ම දරුවන්ට ප්‍රාථමික අධ්‍යාපනය අහිමි වන බව UNESCO ව පෙන්වා දෙයි. (2001 දත්ත අනුව).
  • පොදුවේ දුප්පත් රටවල සිටින ආබාධිත දරුවන්ගෙන් සියයට 95කටම පාසල් අධ්‍යාපනය අහිමි වී තිබේ.

 

  1. ගැහැනු දරුවනට අධ්‍යාපනය අහිමි වීම ලෝකයේ තවමත් පාසල් අධ්‍යාපනය අහිමි වන ප්‍රධාන හේතුවක් වන්නේ ගැහැනු ළමයකු වීමයි. දැනටද ලොව දියුණු වෙමින් පවතින රටවල සිටින තරුණ ගැහැනු ළමයින් මිලියන 100කට අඩු ම වශයෙන් එක වචනයක් හෝ කියවීමට නොහැක. වයස අවුරුදු 14ට අඩු සෑම ගැහැනු ළමයින් පස් දෙනෙකුගෙන් එක් අයකුම දුප්පත්කම, යුද්ධ හෝ වෙනත් හේතූන් නිසා පාසල් අධ්‍යාපනය අහිමි වී තිබේ.
  • වයස අවුරුදු 6-17 අතර ගැහැනු දරුවන් මිලියන 130ක් පාසල් නොයන අතර, මිලියන 31ක් ප්‍රාථමික පාසල් වයසෙහි ගැහැනු දරුවෝ පාසල් නොයති.
  • ලොව පුරා දිනකට වයස අවුරුදු 18ට අඩු ගැහැනු දරුවන් 41,000 දෙනෙක් විවාහ කර දෙනු ලබන අතර, එය වසරකට මිලියන 15කි. එම සියලු දෙනාට ම පාසල් අධ්‍යාපනය මඟහැරේ. ™ නයිජීරියාවේ පාසල් යා යුතු වයසේ ගැහැනු දරුවන්ගෙන් මිලියන5 දෙනෙක් ද, පාකිස්ථානයේ මිලියන 3.5 දෙනෙක් ද, ඉතියෝපියාවේ මිලියනයක් පාසල් නොයති.
  • ගැහැනු දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සමාජයීය වාසි
  1. ලොව සියලු ම අම්මාවරුන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ අය වන්නේ නම්, මාතෘ මරණ ප්‍රමාණය තුනෙන් දෙකකින් අඩු කර ගත හැකි වන අතර, ආරක්‍ෂා කර ගත හැකි ජීවිත ප්‍රමාණය 9,800කි.
  2. ලොව සියලු ම කාන්තාවන් ද්විතීයික අධ්‍යාපනය ලැබූවන් නම්, ළමා මරණ ප්‍රමාණය සියයට 30කින් අඩු කර ගත හැක. එනම්, දරුවන් මිලියන තුනකගේ ජීවිත රැක ගත හැක.
  • ලොව සියලු කාන්තාවන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූවන් නම්, ළමා මන්දපෝෂණය මිලියන 1.7කින් ද, ද්විතීය අධ්‍යාපනය ලැබූවන් නම්, ළමා මන්දපෝෂණය මිිලියන 12කින් ද අඩු කර ගත හැක.
  • උප සහරානු අප්‍රිකාවේ ගැහැනු ළමයින්ට ප්‍රාථමික අධ්‍යාපනය ලැබුණේ නම්, වයස 17ට අඩු ගැහැනු ළමයින් ගැබ් ගැනීම සියයට 10කින් ද, ද්විතීයික අධ්‍යාපනය ලබා තිබුණේ නම්, උප සහරානු අප්‍රිකාව, දකුණු හා බටහිර ආසියාවේ වයස අවුරුදු 17ට අඩු ගැහැනු ළමයින් ගැබ් ගැනීම සියයට 60කින් ද අඩු කර ගත හැකි වනු ඇත.
  • උප සහරානු අප්‍රිකානු රටවල පමණක් කිසිදු අධ්‍යාපනයක් නැති කාන්තාවන් අතර උපත් ප්‍රමාණය සියයට 6.7ක් ද, ප්‍රාථමික අධ්‍යාපනය සහිත කාන්තාවන් අතර උපත් ප්‍රමාණය සියයට 5.8ක් ද, ද්විතීයික අධ්‍යාපනයක් සහිත කාන්තාවන් අතර උපත් ප්‍රමාණය 3.9ක් ද ලෙස අඩු වේ.
  • සියලු ගැහැනු ළමයින් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූවන් නම්, ළමා විවාහ සියයට 14කින් ද, සියලු ගැහැනු ළමයින් ද්විතීයික අධ්‍යාපනය ලැබූවන් නම්, ළමා විවාහ සියයට 66කින් ද අඩු කර ගත හැක.
  • පාකිස්ථානයේ ප්‍රාථමික අධ්‍යාපනය පමණක් සහිත කාන්තාවන් උපයන්නේ ප්‍රාථමික අධ්‍යාපනය පමණක් සහිත පිරිමිියකු උපයන මුදල මෙන් අඩකි (සියයට 51කි). ද්විතීයික අධ්‍යාපනය ලැබූ කාන්තාවෝ සියයට 70ක් උපයති. මෙම තත්වය ජෝර්දානයේ පිළිවෙළින් සියයට 53ක් හා සියයට 67කි.
  1. යුද ගැටුම් ඇති රටක ජීවත් වීම.
  • 2011දී ලොව පාසල් නොයන දරුවන්ගෙන් සියයට 36ක් ජීවත් වන්නේ යුද ගැටුම් බහුල ප්‍රදේශවලය (UNESCO).
  • යුද ගැටුම් ඇති රටවල් 33ක තත්වය ප්‍රාථමික පාසල් වයසේ දරුවන් මිිලියන 39ක් ද, වයස අවුරුදු 7-14 අතර දරුවන් මිලියන 90ක් ද වේ. ™ උදාහරණයක් ලෙස කොංගෝවේ දරුවන් මිලියන5ක් ද, නයිජීරියාවේ දරුවන් මිලියන 10.5ක් ද, පාකිස්ථානයේ දරුවන් මිලියන 5.4ක් ද යුද ගැටුම් නිසා පාසල් නොයති.

 

  1. නිවසේ සිට පාසලට ඇති දුර. ලොව බොහෝ පාසල් දරුවන්ට පාසල් යාම සඳහා දිනකට පැය තුනක් ඇවිදීමට සිදු වීම පොදු දෙයක් වී තිබේ. කුඩා දරුවන් අලුයම පිබිදී මේ තරම් දුරක් බොහෝ විට නිරාහාරව පාසල් යාම හා පසුව නැවත නිවසට ඒමට සිදු වීම නිසාම පාසල් අධ්‍යාපනය අතරමඟ හැර යන අතර නිසි ඉගෙනුමක් ලබා ගැනීමටද එය බාධාවක්ව පවතී. එමෙන් ම ළමයින්ගේ ආරක්‍ෂාව පිළිබඳ ගැටලුද, විවිධ ලිංගික හිංසනයන්ට ලක් වීම නිසාද පාසලට ඇති දුර වැඩි වීම විසින් දරුවන්ට පාසල් යාමට බාධා ඇති කරයි.

 

  1. මන්දපෝෂණය. ලොව දියුණු වන රටවල දරුවන්ගෙන් මිලියන 171ක් පමණ මන්දපෝෂණය නිසා මොළය දියුණු වීමට බාධා වූ අය වන අතර, මෙය උදාහරණයක් ලෙස සැලැකුවොත්, වසර හතරක් පාසල් නොයාමෙන් දරුවෙකුට සිදුවන ඉගෙනුම් හානියට සමානය. එනිසා ම වසර පහට පෙර මන්දපෝෂණයට ලක් වූ දරුවකුගේ තාර්කික මානසික හැකියාව සාමාන්‍ය ළමයෙකුට වඩා සියයට 19කින් අඩු වේ. හොඳ අධ්‍යාපනයක් සඳහා හොඳ ආහාර දරුවන්ට අවශ්‍යය.