රෝසා ලක්සම්බර්ග් හා කාල් ලිබනෙෂ්ට් බර්ලිනයේදී සැමරේ !

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

Table of Contents

සමස්ත සමාජයක් යුද්ධය එකම විසඳුම ලෙස තෝරාගනිද්දී එයට එරෙහිව සාමය වෙනුවෙන් හා යුද්ධය ඇවිලුවූ වගඋත්තරකරුවන්ට එරෙහිව එම සමාජය විප්ලවයක් සඳහා සුදානම් කරලීම එතරම් පහසු කටයුත්තක් නොවනු ඇත. එවැනි යකඩ ගැහැණියක් 1871 මාර්තු 5 වැනිදා සාර් රුසියාවට යටත් වී තිබු පෝලන්තයේ Zamość හි දී උපත ලැබුවාය. සම්භවයෙන් යුදෙව් ජාතික කාන්තාවක් වූ ඇය පොහොසත් පවුලක 5 වැනි දරුවා විය. ඇයගේ නම රෝසා ලුක්සම්බර්ග්ය.

කුඩා කාලයේ සිටම රෝසා ලුක්සම්බර්ග්ට එම යුගයේ පෝලන්තයේ යුදෙව් විරෝධී ජාතිවාදයට ඉතා දරුණු ලෙස මුහුණ දීමට සිදුවුවාය. විශේෂයෙන්ම වර්සොවී නගරයේ මධ්‍යම මහා විද්‍යාල වලට සිසුන් ඇතුලත් කිරීමේදී සාර් රජය යුදෙව් දරුවන්ගේ දක්ෂතාවය මත යම් කෝටා ක්‍රමයක් හෙවත් ප්‍රමිතිකරණයක් සිදුකරනු ලැබූ අතර එම පාසැල්වලට ඇතුළුවීමේදී විශාල ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට යුදෙව් දරුවන්ට සිදුවුණි. 1884 ජුනි 14 වැනිදා ඇය උසස් පෙළ සමත් වනුයේ සමස්ථ විෂයන් 14 කට A සාමාර්ථ ලබා ගනිමිනි.

කුඩා කාලයේ සිටම ඇය මුහුණදුන් ජාතිවාදයත්, මර්දනයත් නිසා ඇය වසර 16 සිටම රහසිගත පෝලන්ත සමාජවාදී පක්ෂයක සාමාජිකාවක් වී සිටියාය. දිනෙන් දින ඉහල යන සාර් පාලනයේ නොහැකියාව වසා ගැනීමට දියත් කල යුදෙව් විරෝධී ජාතිවාදය නිසා ලුක්සම්බර්ග් පවුල රුසියාව අතහැර ස්විස්ටර්ලන්තයට සංක්‍රමණය වුවාය.

එතැන් පටන් ඇය තම දේශපාලන ක්‍රියාකාරීත්වය වේගවත් කරමින් නිදහස, සමාජ සාධාරණත්වය, ජාතිවාදයට එරෙහිව සටන් වදින්නට වුවාය. සුරිච් නගරයේ ඇය හා සමානව දේශපාලන කටයුතු නිසා රුසියාවෙන් පලා ආ පෝලන්ත විප්ලවවාදීන් සමග ඇය පෝලන්ත සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (SDKP)බිහිකලාය. 1897 දී සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ඉතා හොඳින් සංවර්ධනය වී තිබු ජර්මනියට සංක්‍රමණය වුවාය. විප්ලවයක් කල හැකි එකම රට ජර්මනිය බව ඇයට තේරුම් ගොස් තිබිණි.

සමාජය වෙනස් කල හැක්කේ අතරමැදි ක්‍රමවේද මගින් නොව විප්ලවයකින් පමණක් බව ඇය තදින් විශ්වාස කළාය. ඇය ඉතා වේගයෙන් ජර්මන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (SPD) නායිකාවක් බවට පත් වූ අතර 1905 රුසියානු කම්කරු නැගීටීමටත් රහසිගතව සහභාගී වුවාය. පක්ෂයේ මධ්‍යම පුවත්පතට දිනපතා ආර්ථික හා දේශපාලන ලිපි සකස් කළාය.

පළමුවන ලෝක මහා යුද්ධය ඇවිලෙන විට වහා ඇය යුද්ධයට විරුද්ධව තම විරෝධය පල කල අතර අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව අයවැයෙන් මුදල් වෙන්කිරීමට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන ලෙස තම පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියාය. ඒ වනවිටත් පක්ෂයේ බහුතරයක් යුද්ධයට පක්ෂව අදහස් ප්‍රකාශ කරමින් සිටි අතර ඇය සාමාජිකත්වය දරු එංගල්ස් විසින් ගොඩනැගු දෙවන ජාත්‍යන්තරය පවා යුද්ධයට පක්ෂ ස්ථාවරයක සිටියේය.

යුද්ධයට එරෙහිව යුරෝපයේ කම්කරුවන් සමගි විය යුතු බවත් පවසමින් දේශන, සම්මන්ත්‍රණ ජර්මනිය පුරා සංවිධාන කරන්නට ඇය සමත් වුවාය. එහිදී කීපවරක් ඇය අත්අඩංගුවට පවා පත්වුවාය. 1919 දී රෝම අධිරාජ්‍යයට එරෙහිව සටන් වැදුණු ස්පාටකස් සිහි කරමින් ඇයත් සමග එක්වුණු සුළුතරයක් වූ SPD සාමාජිකයන් සමග ඇය ස්පාටකස් ලීගය බිහිකල අතර පක්ෂ ව්‍යවස්ථාව සකස් කෙරුනේද ඇය අතිනි. පසුව දිනෙන් දින ඇයගේ අතීත සගයන් ඇයත් සමග එකතුවන්නට විය. එම සියල්ලන් SPD මව් පක්ෂයෙන් නෙරපා දමන ලදී. ඒ වනවිට යුද්ධයද අවසාන අදියරට පැමිණෙමින් තිබිණි.

1918 නොවැම්බර් 9 වැනිදා ජර්මනිය ජනරජයක් බවට පත් වන අතර රෝසා ලක්සම්බර්ග්ගෙ පැරැණි SPD පක්ෂය බලයට පත් වුවත් තම පක්ෂය රජයට එක්වීම ප්‍රතික්ෂේප කරන ලබන බව පැවසුවාය. පළමුවන ලෝක මහා යුද්ධය අවසාන වනවිට ජර්මනියේ ඒ වනවිට ආර්ථික, දේශපාලන අර්බුද උග්‍ර වී රට අස්ථාවර වී තිබිණි. විශාල හමුදා සාමාජිකයින් ප්‍රමාණයක් හමුදා හැර ගොස් සිටි අතර ඔවුන් රජයේ හමුදා සමග ගැටුමක නිරතවී සිටි අතර ස්පාටකස් ලීගය සමගද එක් වෙමින් සිටියහ. 1871 පැරිස් කොමියුනයේ ආශ්වාදය ලබා සිටි රෝසා ලක්සම්බර්ග් හා ඇයගේ කිට්ටුම සගයා වූ කාල් ලිබනේෂ්ට් සමග 1919 ජනවාරි මාසයේ 1-5 අතර කාලයේදී විප්ලවය ප්‍රකාශයට පත්කරන ලද්දේ මෙම සියළු විෂය මුලික තත්වයන් අධ්‍යනය කිරීමෙන් පසුවය.

එහිදී තමනට හිතවත් හමුදා නිලධාරීන් යොදාගනිමින් (SPD)පාලක සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රජය තම රාජ්‍ය ත්‍රස්ත්‍රවාදය යොදා ගනිමින් ඉතා තිරස්චීන මර්දනයක් ස්පාටකස් ලීගයේ සාමාජිකයන්ට එරෙහිව දියත් කරන ලදී. 1919 ජනවාරි 15 වැනිදා රෝසා ලුක්සම්බර්ග් හා කාල් ලිබනෙෂ්ට් අත්අඩංගුවට ගෙන එදිනම වෙඩි තබා මරා දමන ලදී.

මෙම වර්ෂයේ ජනවාරි 15 වැනිදා ජර්මනියේ වමේ පක්ෂ වන නැගෙනහිර ජර්මනියේ තරුණ කොමියුනිස්ට් පෙරමුණ (FDJ), ජර්මන් කොමියුනිස්ට් පක්ෂය, antifas හා කුර්දිස්ථාන් පක්ෂ එක් වී රෝසා ලුක්සම්බර්ග් හා කාල් කාල් ලිබනෙෂ්ට් මරා දමා වසර 102 ක් සම්පූර්ණවීම බර්ලීනයේදී සමරන ලදී. කොරෝනා වසංගත තත්වය හමුවේ වුවද සැමරුමට 3000ක පමණ ජනතාවක් සහභාගී වී තිබිණි. කොරෝනා වසංගතය දඩමීමා කරගනිමින් ජර්මන් පොලීසිය කීපවරක් සැමරුමට බාධා කල බව එහි සංවිධාකයින් මාධ්‍ය වෙත පවසා තිබේ.

www.lankatruth.com

Sign up for our Newsletter

Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit