බ්ලැන්කිවාදය – Blanquism

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

Table of Contents

නාමික උපත
         බ්ලැන්කිවාදය යනු 1848 -1871 කාල වකවානුව තුල ප්‍රංශ නිර්ධන පංති ව්‍යාපාරය තුළ මතු වූ අවස්ථාවාදී උපනතියකි. බ්ලැන්කිවාදයේ නිර්මාපකයා වූ ලුයිස් ඔගස්ට් බ්ලැන්කි ( Louis Auguste Blanqui 1805–1881) ගේ නමින් එම මතවාදය නාමකරණය වී ඇත. එම වකවානුව තුල ඔහු අනුගමනය කළ කුඩා කණ්ඩායමක් බ්ලැන්කිවාදී සමාජයක් ලෙස සංවිධානය වී පැවතී ඇත.

සමාජ ආර්ථික පදනම 

         ප්‍රංශ විප්ලවයෙන් පසුව ප්‍රංශය තුල සමාජවාදී විප්ලවයක් සදහා අවශ්‍ය විෂයමූල තත්වයන් වර්ධනය වී තිබිණි. එහෙත් ඒ වෙන විට නිර්ධන පන්තිය එවැනි විප්ලවීය ක්‍රියාකාරීත්වයකට සංවිධානය වී නොතිබිණි. ලුයි බ්ලැන්කි වැනි විප්ලවවාදීන් ‘ජනතා විප්ලවය කොල්ලකෑමට එරෙහිව’ ධනපති පංතියට එරෙහිව විවේචනාත්මකව අදහස් දරණ ලදී. ම විවේචකයන් පිටුපස නිර්ධන පන්තිය සක්‍රියව පෙළ නොගැසුණු තත්වයක් තුල විප්ලවය සඳහා මනෝරාජික ආකෘතීන් පිළිබද යෝජනා කරලියට පැමිණියේ ය.

නාමික අරුත

       බ්ලැන්කිවාදය යනු රහසිගතව සංවිධානය වූ කුඩා කණ්ඩායමක් විසින් රාජ්‍ය බලය පැහැර ගැනීම මගින් සමාජවාදය ස්ථාපිත කළ හැකි යැයි විශ්වාස කළ මතවාදයකි. එය විප්ලවය සදහා නිර්ධන පන්තිය සංවිධානය කිරීම ප්‍රතික්ෂේප කරයි.

ඔහුගේ දේශපාලනික ක්‍රියාකාරීත්වය තුල ප්‍රධාන වශයෙන්ම ඔහු ක්‍රියාදාම මිනිසෙක්. හොඳින් සංවිධානය වූ කුඩා කණ්ඩායමක් අවස්ථාව ලද විට එල්ලකරන දේශපාලන ප්‍රහාරයකින්, ආරම්භයේ දී ලබන සාර්ථකත්වයන් කිහිපයකින් ජනතාව ඔවුන් සමග පෙළගස්වා විප්ලවයක් සාර්ථක කර ගත හැකි යැයි විශ්වාස කළා. 

බ්ලැන්කිවරුන්ගේ තක්සේරුව අනුව කුඩා විප්ලවීය කණ්ඩායමකින් විප්ලවය කළ හැකි අතර බලය ලබා ගැනීමෙන් පසු සෙසු පිරිස ඔවුන්ගේ අඥාදායකත්වයට යටත් කළ හැකිය. මෙය සත්‍ය වශයෙන්ම අඥාදායකත්වයක්. එහෙත් එය සමස්ථ නිර්ධන පන්තියේ අඥාදායකත්වයක් නොව පුද්ගලයන් කිහිප දෙනෙකුගේ අඥාදායකත්වය යටතේ සංවිධානය වූ කුඩා කණ්ඩායමක අඥාදායකත්වයක් පමණි

එංගල්ස්

බ්ලැන්කිවාදීන් කොමියුනයෙන් පලා යාම – 1873

බ්ලැන්කිවාදීන් පිළිබද වැරදි අර්ථ නිරූපන

          රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා නිර්ධන පන්තිය පක්ෂයක් ලෙස සංවිධානය වේ. එම පක්ෂයට එහි අධිකාරී බලයක් සහිත නායකත්ව මණ්ඩලයක් විසින් නායකත්වය සපයයි. මෙම බොලෂෙවික් සංවිධාන ව්‍යූහය විකෘති ලෙසින් අර්ථ දක්වමින් එය ද පුද්ගල කණ්ඩායමක් වෙත රාජ්‍ය බලය ලබා ගැනීමක් ලෙස අර්ථ දැක්වීමට අවස්ථාවදීන් උත්සාහ දැරූ අවස්ථා ඇත. වරක් ප්ලෙහනොව් සහ ඇතැම් මෙන්ෂෙවිකයන් විසින් බොල්ෂෙවිකයන් බ්ලැන්කිවාදීන් ලෙස අර්ථ දැක්වීමට උත්සාහ කළහ.

රෝසාගෙන් පිළිතුරු

         ප්ලෙහනොව්ගේ එම විකෘති කිරීම පිළිබඳව රෝසා ලක්සම්බර්ග් දීර්ඝ ලෙස පිලිතුරු සපයා ඇත.

සංවිඥානික සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සහ බ්ලැන්කිවාදීන් අතර වෙනස වන්නේ අපට කුමන්ත්‍රණකරුවන් පිරිසක් වෙනුවට නිර්ධන පන්තියක් සිටීමය. පන්තිය සංවිධානය කිරීමේ අපගේ අදහස අමතක කර දමන ඔහු මධ්‍යගතභාවය සහ පක්ෂයත් අරගලයත් අතර සම්බන්ධතාවය පිළිබඳ අපගේ අදහස පිළිබඳ විකෘති අදහසක් පළ කරයි. බ්ලැන්කිවාදීන් වැඩ කරන ජනතාවගේ ඍජු ක්‍රියාකාරීත්වය අපේක්ෂා නොකරයි. ඔවුන්ට විප්ලවය සඳහා ජනතාව ඍජුව සංවිධානය කිරීමට අවශ්‍ය නැත. ඔවුන් ජනතාවගෙන් අපේක්ෂා කරන්නේ විප්ලවීය මොහොතේ ක්‍රියාකාරීත්වයක් පමණි.

නව බ්ලැන්කිවාදීන්

           සමාජ විප්ලවය සඳහා නිර්ධන පන්තිය සංවිධානය කිරීම මග හරින, නිර්ධන පන්ති වෙත පන්ති මතවාදය රැගෙන යාම සඳහා වූ මතවාදී අරගලය මග හරින කුඩා කණ්ඩායම් ලෙස සංවිධානය වී කෙසේ හෝ රාජ්‍ය බලය ලබා ගැනීම වෙනුවෙන් උපක්‍රම තෝරන දේශපාලන කණ්ඩායම් මෙසේ හැඳින්වේ.

විමර්ශන

Sign up for our Newsletter

Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit