දර්ශනයේ ශබ්ද කෝෂයෙන්…

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

Table of Contents

ප්‍රපංචය (Phenomennon)

යම් කිසිවක් ගැඹුරින් අධ්‍යනය කරන විට එය හැඳින්වීම සඳහා එයට “ප්‍රපංචය” යැයි කියපු ලැබේ.  ද්‍රව්‍ය, සංකල්ප, සහ සංසිද්ධි යන ඕනෑම එකක් ප්‍රපංචයක් ලෙසින් හැඳින්විය හැකිය.

ද්‍රව්‍ය (Material)

මිනිසාගේ විඥානයෙන් පරිබාහිරව හා ඉන් ස්වාධීනව පවතින්නා වූත් මිනිසාගේ මනස තුළත් පිළිබිඹුවන්නා වූත් විෂය මූලික යථාර්ථය ද්‍රව්‍ය ලෙස විග්‍රහ කළ හැකිය. වාස්තවික ලෝකය ප්‍රජානනය කළ හැක්කේ, ද්‍රව්‍යමය ස්වරූපයෙනි. සියල්ලටම මූලික වන්නේ ද්‍රව්‍ය බව භෞතිකවාදීන් පිළිගනියි. මේ අනුව ද්‍රව්‍ය වාස්තවික බවත්, එය මිනිසාගේ විඥානයෙන් පරිභාහිරව පවතින බවත් සත්‍යයකි.

“භෞතිකවාදය හා අනුභූති විවේචන” නම් කෘතිය මඟින් ලෙනින් සූත්‍රගත කරන ලද ද්‍රව්‍ය පිළිබඳ නව අර්ථකරථනය මෙසේය. .

ද්‍රව්‍ය යනු මිනිසා වෙත ඔහුගේ සංවේදනයන් මඟින් එළඹෙන, තවද අපේ සංවේදනයන් මඟින් ඒවා පිටස්තරව ස්වාධීනව පවතිද්දී පිටපත් කරනු ලබන, රූපගත කරනු ලබන, පරාවර්තනය කරනු ලබන විෂයමූල යථාර්ථය හඟවන දාර්ශනික ප්‍රභේදයයි.”

මිනිසා බිහිවීමටත් පෙර ප්‍රකෘතිය තුළ පැවතියේ ද්‍රව්‍ය පමණකි. නමුත්, මිනිසා බිහිවීමත් සමග නිර්මාණය වූ මිනිස් විඥානය ප්‍රකෘතිය තුළ තිබෙන ද්‍රව්‍යමය නොවන ප්‍රපංචයක් බව අප තේරුම් ගත යුතුය. සියළු ද්‍රව්‍යයන් චලිතයේ පවතින අතර, ද්‍රව්‍යයේ පැවැත්මේ මාදිලිය චලිතයයි. ද්‍රව්‍ය පවතින මූලික ආකාර පහක් දැනට සොයා ගෙන ඇත.

පදාර්ථ (Category)

අප අවට ඇති සියළු වස්තූන් පදාර්ථ ලෙසින් හැඳින්වේ. ඉතා කුඩා අංශුවේ සිට විශාල වස්තූන් දක්වා වූ ජීවි, අජීවි සියල්ල පදාර්ථ ලෙසින් හැඳින්විය හැකිය. පදාර්ථයේ මූලික අවස්ථා තුනකි. ඒවා නම්  ඝන, ද්‍රව හා වායු  වේ.

සංකල්ප (Concepts)

ප්‍රකෘතිය තුළ වූ ද්‍රව්‍යමය නොවන ප්‍රපංච, “සංකල්ප” ලෙසින් හැඳින්වේ. සංකල්ප යනු කිසියම් ක්‍රියාදාමයක් හෝ සංසිද්ධියක් පිළිබඳ වන අධ්‍යාත්මික ප්‍රපංචයකි. සංකල්ප පවතින්නේ ඉතාමත් දියුණු මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය තුළය. මිනිස් මොළයේ දැනුම නම් ක්‍රියාවලියෙහි එක් අවස්ථාවක් සංකල්ප ලෙස පවතී.

ප්‍රකෘතිය

සියළුම ද්‍රව්‍ය හා සංකල්පවල එකතුව ප්‍රකෘතිය ලෙස හඳුන්වමු. සූක්ෂම අංශවේ සිට අති විශාල වස්තූන් දක්වා අජීවී වස්තූන් ද, සියළුම සංසිද්ධි ද මෙයට අයත් ය. මිනිසා බිහිවීමට පෙර ප්‍රකෘතිය ලෙස පැවතියේ ද්‍රව්‍ය පමණක් වුවද, මිනිසා බිහිවීමෙන් පසු ඔහු ද ප්‍රකෘතියට අයත් වස්තුවක් නිසා ඔහු නිර්මාණය කළ මතවාදයන් ද දැන් ප්‍රකෘතියට අයත් වේ.

විඥානය (Consciousness)

විඥානය යනු අතිශයින් උසස් සෙ සංවිධානය වූ ද්‍රව්‍යමය යථාර්ථය පිළිබිඹු කරන්නා ූත් මිනිස් මොළයේ ජාති ක්ෂණයකි. ද්‍රව්‍ය දීර්ඝ කාලයක් පරිණාමය වීමේ ප්‍රතිඵලයක් ලෙස විඥානය බිහි වූ බවව විද්‍යාව විසින් තහවුරු කර ඇත. ද්‍රව්‍යයේ සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස විධ්‍යානය බිහිවූවා සේම ද්‍රව්‍ය හා විඥානය අතර ඇත්තේ වෙන් නොකළ හැකි සම්බන්ධතාවයකි.

දයලෙක්තික දර්ශනයට කිසිවක් නිත්‍ය, සර්ව සම්පූර්ණ  හෝ ශුද්ධ හෝ නොවේ. එය සෑම දෙයක්ම හා සෑම දෙයකම තාවකාලික බව අනාවරණය කරයි. ඇතිවීමේ සහ නැතිවීමේ, පහළ සිට ඉහළට වන අනන්තය උද්ගමනයේ ක්‍රියාදාමය හැර වෙනත් කිසිවක් එය හමුවේ ඔරොත්තු දීමට අසමත් ය. එසේම දයලෙක්තිකය යනු චිත්තා පරවශ මොළය තුළ හුදෙක් මෙම ක්‍රියාදාමය පරාවර්තනය වීම ය.”

එංගල්ස්

Sign up for our Newsletter

Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit