කෲව්-මැකලම් ප‍්‍රතිසංස්කරණ

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

Table of Contents

ලංකාවේ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ඉතිහාසයේ පළමු සන්ධිස්ථානය වන කෝල්බෲක්-කැමරන් ප‍්‍රතිසංස්කරණ පිළිබඳව පසුගිය විමර්ශන කලාපයේ පළ විය. 1833 දී සිදු කෙරුණු මෙම ප‍්‍රතිසංස්කරණයෙන් මූලිකව ම ආණ්ඩුකාරයා අත තිබූ ප‍්‍රධාන බලතල ව්‍යවස්ථායක හා විධායක සභාවලට පැවරිණි. කෝල්බෲක්-කැමරන් ප‍්‍රතිසංස්කරණවලින් පසු 1910 දී කෲව්මැකලම් ප‍්‍රතිසංස්කරණ සිදු වෙන තුරු එම වසර 75ක කාලය තුළ සුළු සුළු වෙනස්කම් හැර ප‍්‍රධාන ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සිදු නොකෙරිණි. එහෙයින්, මෙම කාලවකවානුව ආණ්ඩුක‍්‍රම විකාශනයේ නිශ්චල අවධිය ලෙස සැලකේ.

කෝල්බෲක්-කැමරන් ප‍්‍රතිසංස්කරණ අනුව ආණ්ඩුකාරයා සතු මූල්‍ය හා ව්‍යවස්ථා බලය ව්‍යවස්ථා සභාවට පැවරිය යුතු වුවත්, එය එසේ සිදු වූයේ නැත. මේ සම්බන්ධව මෙරට සිටි යුරෝපීය ජාතිකයන් විසින් ම විරෝධතා ව්‍යාපාර දියත් කළ අතර තත්වය පුපුරා ගියේ 1864දී ය. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ පැවැත්ම ආරක්ෂා කිරීම සඳහා සිදු කෙරුණු යුද්ධ කටයුතු හා ආරක්ෂක කටයුතු සඳහා වැය වූ මුදලින් ලංකාව විසින් යම් කොටසක් එරට භාණ්ඩාගාරයට ගෙවිය යුතු යැයි යටත්විජිත ලේකම්ගෙන් නියෝගයක් ලැබිණි. මෙම සිද්ධිය පාදක කොටගෙන ව්‍යවස්ථාදායක සභාවේ නිලනොලත් නියෝජිතයන් සියලූ දෙනා ම 1864 වසරේ ඉල්ලා අස් විය. ඔවුන් ජෝර්ජ් වොල්ගේ
ගේ නායකත්වයෙන් ලංකා සංගමය පිහිටුවාගෙන ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ඉල්ලා විරෝධතා ව්‍යාපාර ආරම්භ කරන ලදී.

කෝල්බෲක්-කැමරන් ප‍්‍රතිසංස්කරණ නිසා ම සිදු වූ ආර්ථික හා සමාජීය වෙනස්වීම් හේතුවෙන් වෙළෙඳාමට හා වතු වගාවට ඇතුළු වූ ස්වදේශිකයන්ගෙ න් මධ්‍යම පන්තියක් බිහිවිය. විදෙස් අධ්‍යාපනය ලැබූ ඔවුන්ගේ දුවාදරුවෝ පසු කාලයේ දී ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ ඉල්ලා සිදු කෙරුණු උද්ඝෝෂණවල පුරෝගාමීන් වූහ. පොන්නම්බලම් රාමනාදන්, ශී‍්‍රමත් ජේම්ස් පීරීස්, පොන්නම්බලම් අරුණාචලම් වැන්නන් ඒ අතර විය. පසුව පහතරට වැවිලිකරුවන්ගේ සංගමය, හලාවත සංගමය, යාපනය සංගමය ආදී සංගම් ද මේ සඳහා ඉදිරිපත් විය. කෝල්බෲක් කැමරන් ප‍්‍රතිසංස්කරණයෙන් ස්ථාපිත ව්‍යවස්ථාදායකය නිසි පරිදි වර්ධනය නොවූ බවත්, විශේෂයෙන් ම 1833න් පසුව සිදු වූ ජනගහනයේ හා සමාජ ආර්ථික තත්ත්වයන්ගේ වර්ධනය සලකා ඊට අනුරූපී වෙනස්කම් සිදු කරන ලෙසත් ඔවුහු ඉල්ලූහ. එහෙත්, එකල ආණ්ඩුකාරයා වූ හෙන්රි මැකලම් ඊට විරුද්ධ වූ අතර, උද්ඝෝෂකයන්ගේ ඉල්ලීම් සලකා බලා මැකලම් ආණ්ඩුකාරයා සමඟ සාකච්ඡුා කළ යටත්විජිත භාර ලේකම් කෲව් සාමිවරයා විසින් 1910 දී පමණ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයක් සිදු කරන ලදී. කෲව්-මැකලම් ප‍්‍රතිසංස්කරණ
ලෙස හැඳින්වෙන්නේ එයයි.

ඒ අනුව
1. ව්‍යවස්ථාදායක සභාවේ සභික සංඛ්‍යාව 21 දක්වා වැඩි කිරීම
ව්‍යවස්ථාදායක සභාවේ බහුතරය නිලනොලත් අයගෙන් පත් කරන ලෙසත් ජාතිකත්ව පදනම මත සභිකයන් තෝරා ගැනීම නවතන ලෙසත් ඉල්ලීම් තිබුණත්, ඒ කිසිවක් සිදු නොකර ජනවාර්ගික පදනම මඟින් ම තෝරා ගැනීමටත් නිලලත් සභික සංඛ්‍යාව බහුතරය ලෙස තැබීමටත් කටයුතු කරන ලදී.
ව්‍යවස්ථා සභාවට අයිති නිලනොලත් නියෝජිතයන් 10 දෙනා අතුරින් 4 දෙනෙකු සීමිත ඡන්දයකින් තෝරා ගැනීමට යෝජනා විය. සීමිත ඡන්ද බලය යනු උගත්, රුපියල් 1,500ට නොඅඩු වාර්ෂික ආදායමක් හෝ වැටුපක් හිමි අවුරුදු 21ට වඩා වැඩි පිරිමින්ට පමණක් ඡන්ද බලය හිමි විය. ඒ අනුව කාන්තාවන්ට හෝ අඩු ආදායම්ලාභීන්ට ඡන්ද වරම් නොලැබිණි.

2. මුදල් කටයුතු පිළිබඳව කාරක සභාවක් පත් කෙරිණි.

3.  ව්‍යවස්ථාදායකයේ බලතල පුළුල් කිරීම සිදුවිය

Sign up for our Newsletter

Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit