ඉන්දීය දර්ශනවාදය තුළ හමුවන ෂඩ් ශාස්තෘවරු

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

Table of Contents

කි‍්‍රස්තු පූර්ව 5000 පමණ කාලයේ දී කෘෂිකර්මාන්තය මූලික කොටගත් ජනාවාස පිළිබද තොරතුරු සහිත ඉන්දීය ශිෂ්ඨාචාරයේ ක‍්‍රි. පූ. 3000 කාලයේ දී ඉන්දු හා ගංගා යන ගංගා ආශ‍්‍රිත ශිෂ්ඨාචාරයන් හා පසුකාලීනව මොහෙන්ජදාරෝ සහ හරප්පා ආශ‍්‍රිත ශිෂ්ඨාචාරයන් පිළිබඳ තොරතුරුද පවතී. ක‍්‍රි.පූ. 2000-1400 කාලය තුළ වරින්වර මධ්‍යම ආසියාවේ සිට පැමිණි ‘ආර්යයන්’ගේ සංක‍්‍රමණ සමගින් ඉන්දීය ශිෂ්ඨාචාරය නව මඟකට එළඹිණි. ස්වදේශිකයන් හා මුසුව භාෂාවන්, සංස්කෘතීන්ගේ වර්ධනයන් සහිත නව අවධියකට එළඹිණි. බ‍්‍රාහ්මණයන් බිහි වීමත් සමග ඔවුන්ගේ ස්මරණ ශක්තියෙන් පරම්පරාගතව ආ දැනුම, ස්තෝත‍්‍ර විධිමත් ලෙස ලියැවෙන දර්ශනවාදයන් බවට පත්වනුයේ ක‍්‍රි.පූ. 1500 පමණ කාලයේ දී ය. එතැන් සිට බිහි වූ ඉන්දීය දර්ශනය ප‍්‍රධාන යුග 04ක් ලෙස හදුනා ගත හැක.

01. වෛදික යුගය (ක‍්‍රි.පූ. 1500-600)
02. වීරකාව්‍ය යුගය (ක‍්‍රි.පූ. 600- ක‍්‍රි.ව. 200)
03. සූත‍්‍ර යුගය (කි‍්‍ර.ව. 200)
04. ශාස්ත‍්‍රීය යුගය (කි‍්‍ර.ව. 200)

වෛදික යුගය ( ක‍්‍රි.පූ. 1500-600)

ආර්යයන් ඉන්දියාව තුළ ශිෂ්ඨාචාරගත වීමත් සමඟ ඇරඹි මෙම කාලයේ ප‍්‍රාථමික ඇදහිලි, විශ්වාසයන් ඇරඹී ඒවා මිනිස් චින්තනය සමඟ ගැටීමට ලක්වන අවස්ථා දක්වා විකාශය වේ. සෘග්, සාම, යජුර්, අථර්ව යනුවෙන් වේද ග‍්‍රන්ථ 04 ක් හදුනාගත හැක. දෙවියන් ගැන කියවෙන ස්තෝත‍්‍ර ග‍්‍රන්ථවලින් පසු යාග-හෝම පිළිබඳව සදහන් බ‍්‍රාහ්මණ ග‍්‍රන්ථ ද බිහිවිය. ඒවායින් සෑහීමකට පත් නොවූ ඇතැම් පිිරිස් වනාන්තරගතව ගත කළ කාලයේ දී ඔවුන්ගේ අදහස් ‘අරණ්‍යක’ නමින් ලියවී ඇත. විවිධ දාර්ශනිකයන්ගේ මත ප‍්‍රකාශ සහිතව ‘උපනිෂද්’ ග‍්‍රන්ථ ලියැවී ඇත. මෙසේ චතුර්වේද, බ‍්‍රාහ්මණ, අරණ්‍යක හා උපනිෂද් ග‍්‍රන්ථ සමස්තය වෛදික සාහිත්‍යය නම් වේ.

වීරකාව්‍ය යුගය ( ක‍්‍රි.පූ. 600- ක‍්‍රි.ව. 200)

එලෙස බිහිවූ වෛදික සාහිත්‍යයට එරෙහිව මත බිහි වූ කාලවකවානුව මෙසේ හඳුනාගත හැක. ජෛන දර්ශනය, බෞද්ධ දර්ශනය, චාර්වක දර්ශනය ආදී දර්ශනවාදයන් සමගම
මේ යුගයේ බිහි වූ ෂඞ් ශාස්තෲවරුන්ගේ ඉගැන්වීම් හඳුනාගත හැක. එවකට ඉන්දියාව තුළ රාජ්‍යයන් අතර ඇති වූ යුද්ධ, ආක‍්‍රමණ, ආර්ථිකය බිඳවැටීම් වැනි තත්ත්වයන් මත රාජ්‍ය පාලනයේ නියුතු ක්ෂත‍්‍රියයන් තුළ බ‍්‍රාහ්මණ විරෝධීභාවයක් ඇති විය. බ‍්‍රාහ්මණ විරෝධීව ඇති වූ අදේවවාදී දාර්ශනිකයන් ලෙස ෂඞ් ශාස්තෲන් හදුනා ගත හැක.

සංජය බෙල්ලට්ඨිපුත්ත

කිසිවක් පිළිබඳ නිශ්චිත පිළිතුරක් නොදෙන සියල්ල සැක කරන, නැතහොත් ආඳකු ලෙසිිිින් ලිස්සා යන ස්වභාවයක් ඔහු කෙරෙන් දැකිය හැක. ඉන්ද්‍රිය ගෝචර දැනුම මෙන්ම තාර්කික දැනුම ද ප‍්‍රතික්‍ෂේප කරන ඔහු ලෝකය අවබෝධ කර ගත නොහැකි බව පවසයි. කිසිවක් නොදැන සිටීම පරම සැපත බව පවසන අධ්‍යාපනය හා දර්ශනය එනිසා ම ප‍්‍රතික්‍ෂේප කරයි. තමන් හමුවට එන සෑම අයෙකුගෙන් ම ප‍්‍රශ්න අසන, අසන ප‍්‍රශ්නවලට සෘජු පිළිතුරක් නොදෙන ඔහු ග‍්‍රීක විතණ්ඩවාදීන් සිහිගන්වයි. බෞද්ධ දර්ශනය තුළ ඔහුගේ ඉගැන්වීම් ‘අමරාවික්‍ෂේපවාදය’ ලෙස හදුන්වයි.

අජිත කේසකම්බල

පාරභෞතිකවාදියෙකු ලෙස හඳුනාගැනෙන මොහු ලෝකය තේරුම් ගැනීම පිළිබඳව තාර්කික දැනුම ප‍්‍රතික්‍ෂේප කරන, ඉන්ද්‍රියග්‍රෝචර දැනුම මත විශ්වාසය තබයි. මිනිසා යනු භෞතික පදාර්ථවල එකතුවක් බවත් මිනිසා මිය යාමෙන් පසු එම පදාර්ථ විනාශ වන බවත් ආත්මයක් කියා දෙයක් නොමැති බවත් පවසයි. මනස කියා දෙයක් පසුව ඉතිරි නොවන බවත් කර්මයක් හෝ පුනර්භවයක් කියා දෙයක් නොමැති බවත් තව දුරටත් පවසයි. කර්මය හා පුනර්භවය සහිත ඉගැන්වීම් වලට තදින් පහර දුන් ඔහු පින් පව් සදහා නොව අන් අයගේ හිත සුව පිණිස කටයුතු කිරීම මනුෂ්‍යත්වය වෙනුවෙන් කළයුතු බව පවසයි. බෞද්ධ දර්ශනයේදී ‘‘උච්ඡේදවාදය’ නමින් දක්වා ඇත.

පූර්ණ කස්සප

අක‍්‍රීයවාදියෙකු ලෙස හදුන්වන ඔහුගේ දර්ශනය බෞද්ධ සාහිත්‍යයේ දක්වා ඇත්තේ ‘අකිරියවාදය’ ලෙසයි. දාසයෙකු වූ කස්සපගේ උපත සමග ඔහුගේ ස්වාමියාට දාසයන් දහසක් සම්පූර්ණ වීමෙන් ‘පූර්ණ කස්සප’ නම් වූ බව සඳහන් ය. පින්-පව් කියා කිසිවක් නොමැති බව, යහපත්-අයහපත් ක‍්‍රියාවල කිසිදු විපාකයක් නැති බවත් උගන්වන ඔහු බ‍්‍රාහ්මණයන්ගේ යාග හෝම තදින් ප‍්‍රතික්‍ෂේප කරයි. බටහිර දී සාකච්ඡුා වන සාංදෘෂ්ටිකවාදී ස්වභාවයක් ගනී.

මක්ඛලි ගෝසාල

මොහු විඥානවාදී දාර්ශනිකයෙකි. සියල්ල සිදුවන්නේ දෛවය අනුව ය. එය පූර්ව නියතයකි. සෑම ද්‍රව්‍යයක් ම එයට අනුව ඇති වීම, පරිණාමය වීම සිදු වේ. එයට බලපෑම් කිරීමට කිසිවෙකුට නොහැක. බෞද්ධ දර්ශනයේ හේතුඵලවාදයට එරෙහිව මත දැක්වූ ඔහු යාගහෝමවලට ද විරුද්ධ විය. සසරෙහි අඩු වීමක් හෝ වැඩි වීමක් නැත. පණ්ඩිතයෝ ද, බාලයෝ ද සමාන උත්පත්ති සංඛ්‍යාවක් ගෙවා සසර කෙළවර කරතියි දැක්වූහ. විඥානවාදී වුවද ඔහුගේ ඉදිරිපත් කිරීම්වල ඇති ප‍්‍රබලකම නිසා බොහෝ කාලයක් මෙම දර්ශනය පැවත ඇත. තව ද ඔහු ජීව විද්‍යාව හදාරා ඇති බවත්, සත්ත්වයන් වර්ගීකරණයක් කිරීමට උත්සාහ දරා ඇති බවත් සදහන් ය.

පකුධ කච්චායන

ෂඞ් ශාස්තෘන් අතර භෞතිකවාදී දැක්මක් සහිතව වඩාත් ප‍්‍රබල කරුණු ඉදිරිපත් කරනුයේ මොහු ය. ලෝකය කිසිවකු විසින් නිර්මාණය නොකළ බවත්, සියලූ පදාර්ථ වෙනස් නොවන බවත්, සියල්ල වෙනස් වීම ලෙස පෙනෙන එය මායාවක් බවත් පවසයි. සෑම වස්තුවක් ම නිසල වන අතර උපතක් හෝ විපතක් නැත. විශ්වය සෑදී ඇත්තේ ජලය, ගින්න, වායු, පඨවි, ආත්මය, සැප හා දුක් ලෙසිනි. සූත‍්‍ර යුගයේ බිහි වූ ‘වෛශේෂික’ දර්ශනයේ පදනම ද මේ මත ගොඩනැඟී ඇත. බෞද්ධ දර්ශනයේ ද පඨවි, අපෝ, තේජෝ, වායෝ්, ජීව, සුඛ, දුක්ඛ ලෙස දක්වා ඇත්තේ පකුධ කච්චායනගේ දර්ශනය හැ`දින්වීමේ දී ය. මෙසේ භෞතිකවාදී අදහස් දැක් වුව ද ඔහු පාරභෞතිකවාදියෙකි. ලෝකයේ චලිතය ප‍්‍රතික්‍ෂේප කරයි.

නිගණ්ඨනාථපුත්ත

බ‍්‍රාහ්මණයන්ගේ බිලි පූජා, යාග හෝමවලට එරෙහි වන අවිහිංසාවාදී දැක්මක් ඔහුට විය. පංචශීල ප‍්‍රතිපත්තියක් ඉදිරිපත් කළ ඔහු කර්මවාදයක් ගැන ද සඳහන් කරයි. කර්මය ගෙවා දැමීමට දැඩි දුක් දිය යුතු බව පවසයි. නූල්පොටකට හෝ ආශා නොකළ ඔහු ඇදුම් නොමැතිව විසී ය.

Sign up for our Newsletter

Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit