විප්ලවාදී පක්ෂය හා වෘත්තීය සමිති

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

සමාජවාදී විප්ලවය වෙනුවෙන් ධනපති ක්‍රමය තුල ක්‍රියාත්මක වන, නැතිනම් සමාජවාදයගොඩ නැගීමට කටයුතු කරන නිර්ධන පන්ති විප්ලවවාදී පක්ෂයක් මුහුණ දෙන ප්‍රධාන අභියෝගක් තිබේ. ඒ නිර්ධන පන්ති ව්‍යාපාරය තුල විටිව් විට විවිධ ආකාරයෙන් මතු වෙන අවස්ථාවාදය හඳුනාගැනීම හා එය පරාජය කිරීම ය. අවස්ථාවාදය මතුවන ප්‍රධාන ආකාර දෙකක් ඉතිහාසය විසින් හඳුනා නෙ ඇත.
1.  දක්ෂිණාංශික අවස්ථාවාදය
2.  අති වාමවාදී අවස්ථාවාදය
තවද පන්ති දේශපාලනයේ දී වෘත්තීය සමිතිවල වැඩ කිරීම සම්බන්ධයෙන් ද ඉහත සඳහන් අවස්ථාවදී ප්‍රවණතා දෙකම මතුවීමේ අනතුර තිබේ. විප්ලවාදීන් වෘත්තීය සමිති තුල වැඩ කිරීම පිළිබඳව ලෙනින්වාදී ස්ථාවරය තේරුම් ගැනීම වැදගත් වෙන්නේ ඒ නිසා ය.
ධනේෂවර පන්තියේ මතවාදයට අනුව හා එයම ප්‍රකාශ කරන සුළු ධනේෂ්වර ඹතයන්ට අනුව වෘත්තීය සමිති ස්වාධීන විය යුතුය. ඒවා දේශපාලන පක්ෂවලට සම්බන්ධ නොවිය යුතුය. ‘ස්වාධීන වෘත්තීය සමිති’ (මේවා ස්වාධීන වෙන්නේ නිර්ධන පන්ති ව්‍යාපාරයේ පමණි) තම වෘත්තීය අයිතීන් වෙනුවෙන් පමණක් කටයුතු කළ යුතුය. මෙම ධනපති පන්ති මතය විසින් කරනු ලබන්නේ වෘත්තීය සමිති නිර්ධන පන්ති ව්‍යාපාරයේ මෙවලම් බවට, සටන් මධ්‍යස්ථාන බවට පත්වීම වැළැක්වීම ය. එම නිසා ‘ස්වාධීන වෘත්තීය සමිති’ ප්‍රතිගාමී අදහසකි.
එසේම වමේ පෙනුමක් සහිතව වෘත්තීය සමිති තුල ක්‍රියාත්මක වෙන සුළු ධනපති පන්තිය, කම්කරු පන්තිය “වෘත්තීය සමිතිවාදය” තුල කොටුකර තැබීමට උත්සාහ දරති. ඊට අනුව වෘත්තීය සමිති වෘත්තීය අරගලවලට පමණක් සීමා කරති. ධනවාදය තුල අයිතීන් දිනා ගැනීමේ අරගලයට පමණක් වෘත්තීය සමිති සීමා කරන ඔවුන් ධනපති ක්‍රමය වෙනස් කිරීමේ දේශපාලන අරගලයක් වෙත කම්කරු පන්තිය ගමන් කිරීම වැළැක්වීමේ පියවර ගනිති.
දක්ෂිණාශික අවස්ථාවාදය එලෙස වෘත්තීය සමිති “වෘත්තීය සමිතිවාදය” තුල කොටුකර තැබීමට, ‘ස්වාධීන වෘත්තීය සමිති’ පවත්වාගෙන යාමට උත්සාහ කරද්දී අති වාමාංශික අවස්ථාවාදීන් වෘත්තීය සමිති මුලුමනින්ම ප්‍රතික්ෂේප කරති. ඔවුන්ට අනුව වෘත්තීය සමිති යනු ප්‍රතිගාමී ආයතනයකි. එවැබින් විප්ලවවාදීන් ‘ප්‍රතිගාමී වෘත්තීය සමිති’ ප්‍රතික්ෂේප කළ යුතුය. 1919 – 20 කාලයේ ජර්මන් වාමවාදීන් මේ මතය තදින් දැරූ අතර ලෙනින් ඔවුන්ව තදින් විවේචනය කළේය. ආර්ථික සටන්පාඨ සහ ආර්ථික අරගල මුලුමනින්ම ප්‍රතික්ෂේප කරන, ඒ නිසාම වෘත්තීය සමිති තුල වැඩ කිරීම ද ප්‍රතික්සේප කරන මතවාදය අති වාමාංශික අවස්ථාවාදය ලෙසින් ලෙනින් හැඳින්වීය.
මේ පිළිබඳව ලෙනින්වාදී විග්‍රහය වූයේ නිර්ධන පන්ති ව්‍යාපාරය, විප්ලවාදීන් වෘත්තීය සමිති තුල ක්‍රියාත්මක විය යුතු බවත් එලෙස ක්‍රියාත්මක විය යුත්තේ කම්කරු පන්තියට දැනුම ලබා දී ඔවුන් වෘත්තීය සමිතිවාදයෙන් මුදවා කම්කරු පන්ති දේශපාලනය වෙත ගෙන ඒම සඳහා බවත් ය.

ධනපති පාර්ලිමේන්තු සහ වෙනත් සෑම වර්ගයකම ප්‍රතිගාමී ආයතන බැහැර කරලීමේ ශක්තිය ඔබ සතුව නැති තාක් කල් ඔබ ඒවා තුල වැඩ කළ යුතුය.
(ලෙනින් තෝරා ගත් කෘති -10 වෙළුම /174 පිටුව)

වෘත්තීය සමිති පිළිබඳව ලෙනින් මෙසේ විග්‍රහ කළේය. “ධනපති ක්‍රමයේ සංවර්ධනයේ මුල් කාලයේ දී වෘත්තීය සමිතිවලින් නියෝජනය වූයේ, කම්කරුවන්ගේ අසමගියේ සහ අසරණභාවයේ සිට පන්ති සංවිධනායේ බීජාංකුර දක්වා පරිවර්තනය වීමක් හෙයින්, එය කම්කරු පන්තිය ලැබූ දැවැන්ත ජයග්‍රහනයක් විය.” ඒ අනුව ධනවාදයේ මුල් යුගයේ වෘත්තීය සමිති යනු ධනපති ක්‍රමය තුල කම්කරු පන්තිය සංවිධානය වීමට සංවිධානය වූ ව්‍යූහයක් බැවින් එය කම්කරු පන්තියේ ජයග්‍රහනයක් බව ලෙනින් පැවසීය. එහෙත් නිර්ධන පන්ති විප්ලවකාරී පක්ෂ බිහිවී එන විට වෘත්තීය සමිති යම් ප්‍රතිගාමී අංග ලක්ෂණ පෙන්නුම් කරන බව ද ලෙනින් මෙසේ පැවසීය.

නිර්ධන පන්ති සංවිධානය උසස්තම ආකෘතිය වන නිර්ධන පන්ති විප්ලවවාදී පක්ෂය (නායකයින් මුලු මහත් පන්තියම හා පොදු ජනතාවම සමග නොබිඏඳිය හැකි සමස්ථයක් සේ එකට පෑස්සීමට උගෙන ගන්නා තෙක් පක්ෂය එම නම ලැබීමට සුදුසු නොවේ) හැඩ ගැසී ඒමට පටන් ගත් පසු, වෘත්තීය සමිති යම් යම් ප්‍රතිගාමී අංග ලක්ෂණ එනම්, කිසියම් ශිල්පීය පටු ආකල්පයක්, දේශපාලනයෙන් බැහැරව සිටීමේ කිසියම් ප්‍රවණතාවයක්, එක්තරා අකර්මන්‍ය ස්වාභාවයක් යනාදිය පෙන්නුම් කරන්නට පටන් ගත් තේය.” එලෙස වෘත්තීය සමිති පසුව යම් යම් ප්‍රතිගාමී අංග ලක්ෂණ පෙන්නුම් කළ බව පවසන ලෙනින් ඒ සමගම ඒවායේ වැදගත්කම මෙසේ අවධාරණය කර තිබේ. “එසේ වුව ද, වෘත්තීය සමිති මගින් හැර, වෘත්තීය සමිති හා කම්කරු පන්තියේ පක්ෂය අතර අන්‍යෙන්‍ය ක්‍රියාකාරීත්වයෙන් තොරව ලෝකයේ කිසිම තැනක නිර්ධන පන්තිය සංවර්ධනය නොවීය. විය හැක්කේද නොවේ. නිර්ධන පන්තිය විසින් දේශපාලන බලය දිනා ගනු ලැබීම, එය පන්තියක් වශයෙන් තැබූ යෝධ ඉදිරි පියවරකි. ඒ අනුව පක්ෂ අන් කවරදාකටත් වඩා පරණ විදිහට පමණක් නොව නව ක්‍රමයකට වෘත්තීය සමිතිවලට ඉගැන්වීම් සහ මග පෙන්වීම් කළ යුතුය. ඒ අතරම වෘත්තීය සමිති “කොමියුනිස්ට්වාදයේ පාසලක්” බවට මෙකළ මෙන්ම අනාගතයේදීත් අත්‍යාවශ්‍ය වනු ඇති බවත් ඒවා නිර්ධන පන්තිකයින්ට ඔවුන්ගෙු් අඥාදායකත්වය ක්‍රියාත්මක කිරීමේ පුහුණුව ලබා දෙන අභ්‍යාස විද්‍යාල බවටත් රටේ ආර්ථික ජීවිතයේ කළමනාකාර කටයුතු ක්‍රමානුකූල ලෙස ප්‍රථමයෙන් කම්කරු පන්තියට (එක් එක් කර්මනා්තයට නොවේ) සහ පසුව සියළු වැඩකරන ජනතාවට පවරා දීම සඳහා කම්කරුවන්ට නැතිවම බැරි සංවිධානයක් බවත් මතක තබා ගත යුතුය.
(ලෙනින් තෝරා ගත් කෘති 10 වෙළුම/ 164- 165පිටු)

ඒ අනුව නිර්ධන පන්ති ව්‍යාපාරය ආර්ථිකවාදයට හා වෘත්තීය සමිතිවාදයටත් එසේම වෘත්තීය සමිති මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීමටත් එරෙහිව ඒවා කම්කරු පන්තියට කම්කරු පන්ති දේශපාලනය ලබා දෙන පාලසල් බවටත් ධනවාදය පෙරලා දැමීමට සටන් වදින කම්කරු සටන් මධ්‍යස්ථාන බවටත් සමාජවාදය ගොඩ නගන මධ්‍යස්ථාන බවටත් පත් කිරීමේ අරමුණු සහිතව ඒ තුල ක්‍රියාත්මක විය යුතුය.  වෘත්තීය සමිති තුල වෘත්තීය සමිතිවාදයට එරෙහිව කම්කරු පන්ති දේශපාලනය ජයග්‍රහනය කිරීමේ අරමුණින් කටයුතු කළ යුතුය.

විමර්ශන

 

විප්ලවාදී පක්ෂය හා වෘත්තීය සමිති