About Us

Contact us

Address: 298, Kalapaluwawa, Rajagiriya, Sri lanka.

Tel.: +94777802707

leftlibrary.net@gmail.com

Follow Us

Facebook
Google+
http://leftlibrary.net/about-us/
Follow by Email
Twitter

Subscribe Our Articles

Name
Email *

අපි ගැන අපෙන්…

මතවාදී අරගලය පන්ති සටනේ ප්‍රධාන ආකාර තුනෙන් එකකි. සවිඥානික දේශපාලන ක්‍රියාකාරීත්වය සඳහා අත්‍යාවශ්‍ය ම උපකරණයකි. මිනිසා සිය විමුක්තිය සඳහා කරන සිය අරගලයේ දී, ඒ සඳහා ක්‍රියාකාරී වීමට නම්, පළමුව තමා ප්‍රාග්ධනයේ ‘‘වහලෙක්’’ බවට පත් වී ඇති බවත් එම වහල් භාවයෙන් මිදීමට තමා වැනි ම අනෙක් අය සමග එක් වී සටන් කළ යුතු බවත් අවබෝධ කර ගැනීම අනිවාර්යය කොන්දේසියක් වේ.

මේ බව වාමාංශික ක්‍රියාධරයන් මෙන් ම ධනපති පන්තියේ නියෝජිතයන් ද හොඳින් ම දනියි. එම නිසා මිනිස් මනස අත්පත් කර ගැනීමෙන් දැවැන්ත මෙහෙයුමක් ධනපති පන්තියේ ප්‍රමුඛ කාර්ය භාරය ඉටු කරන අධිරාජ්‍යවාදය විසින් සියවසකට අධික කාලයක් තිස්සේ මහත් ආයාසයකින් සිදු කරනු ලබයි. නිෂ්පාදන උපකරණවල හිමිකම හා ශ්‍රමය මිල දී ගැනීමේ ඔවුන් සතු හැකියාව මිනිසාට හා සොබාදහමට එරෙහි ‘‘මතවාදී යුද්ධයක්’’ දියත් කර තිබේ. එම මතවාදී යුද්ධයට අනුව, ‘‘සමාජවාදය විකල්පයක් නොවේ. ඉතිහාසය අවසන් වී ඇත්තේ ධනපති ක්‍රමයෙහි අවසාන අවධිය ලෙස සහතික කරමිනි. එම නිසා ධනවාදයට එරෙහි අරගලය වෙනුවට එයට අනුගත වීම එකම විකල්පය’’ බව බිලියන ගණනක් ලොව පුරා ජනතාවට දිනපතා ඒත්තු ගන්වමින් සිටියි. එහෙත් ලොව පුරා සෑම අතකින් ම ධනපති ක්‍රමයේ අසාර්ථක භාවයේ උදාහරණ දිනපතා ම දස දහස් ගණනින් වාර්තා වේ. එම සිදුවීම්වල සැබෑ හරය ජනතාවට අවබෝධ කර දීම වමේ කාර්යභාරයේ එක් අත්හැරිය නොහැකි වගකීමකි.

www.leftlibrary.net බිහි වන්නේ එහි සැබෑ හරය ශ්‍රී ලාංකික ජනතාවට අවබෝධ කර දීමේ කාර්ය භාරයේ නියුතු වාමාංශික, ප්‍රගතිශීලි, දේශපාලන හා සමාජ ක‍්‍රියාධරයන් වෙනුවෙනි. ඔවුනට මතවාදී සටන දියුණු තියුණු කිරීම සඳහා පහසුවෙන් ‘‘අවි’’ සපයා ගත හැකි මතවාදී අවි ගබඩාවක් සයිබර් අවකාශයේ ගොඩ නැගීමට ය. ඒ ගැන අධ්‍යනය කරන ලිපි, පොත පත, චිත්‍රපට හා කවි අවි ගවේෂණය කරන්නන් හට ලබා දීමට ය. මෙහි දී left library තුළ මාක්ස්වාදී මූලික ලේඛන, ලෝක සමාජවාදී ව්‍යාපාර තුළ විවිධ වකවානු තුළ පළ කරන ලද කෘති හා ලේඛන (ඒවායේ මතවාදී නිවැරදිභාව පිළිබඳ විවාදාත්මක බව පිළිගනිමින්ම) එමෙන්ම මෙම සයිබර් පුස්තකාලය තුළ මාක්ස්වාදී නොවන අධිරාජ්‍ය විරෝධී හා ධනේශ්වර ක්‍රමය පිළිබඳ විවිධ මට්ටමේ විවේචන සහිත කෘති හා ලේඛන ද ඉදිරිපත් කර ඇත.

අප අතර ගොඩනගන ප්‍රථම වාමාංශික සයිබර් පුස්තකාලය ඇතුළත් කර ඇති මුල් කෘති, ලිපිලේඛන හා කලා නිර්මාණ කළ සියලූම සංවිධාන හා පුද්ගලයන් හට මෙහි දී අපගේ කෘතවේදීත්වය පල කර සිටිමු. එමෙන්ම ඒවා යොදා ගැනීමේ දී එම මුල් කෘතිවල කර්තෘවරුන්ගේ හා මූලාශ්‍ර සඳහන් කරමින් යොදා ගන්නා ලෙස අපි ඔබෙන් සහෝදරාත්මකව ඉල්ලා සිටිමු. මෙහි ඇති අඩුපාඩු කම් පිළිබඳ අප දැනුවත් කරන ලෙසත්, එමෙන්ම ඔබ සතුව ඇති මෙහි පල කිරීමට සුදුසු ලිපි ලේඛන හා කලා නිර්මාණ අප වෙත එවා මෙම සයිබර් පුස්තකාලය ගොඩනැගීමට අප සමග අත්වැල් බැඳ ගන්නා ලෙසත් ඉල්ලා සිටිමු.

ලෝකය වෙනස් කිරීමට දැනුම සොයන ඔබට www.leftlibrary.net මෙසේ විවෘත කර සිටිමු.

left library කණ්ඩායම.