සෝවියට් දේශයේ බිඳවැටීම සහ ධනවාදයේ වත්මන් අර්බුදය

සෝවියට් දේශයේ බිඳවැටීම සහ ධනවාදයේ වත්මන් අර්බුදය
September 10, 2020
නියමුවා – 2020 මාර්තු
September 14, 2020
Show all

සෝවියට් දේශයේ බිඳවැටීම සහ ධනවාදයේ වත්මන් අර්බුදය

06 – පරිච්ඡේදය

බිඳ වැටුණු සමාජවාදී රටවල වත්මන් තත්වය

සමාජවාදී කඳවුර බිඳ වැටෙමින් හා බිඳ වට්ටවමින් සිටි 1990 දශකයේ අග භාගයේදී ධනවාදය උදම් ඇනුවේ, සමාජවාදයට වඩා යහපත් ජීවිතයත් එම රටවල ජනතාවට ලබාදෙන බවය. අධිරාජ්‍යවාදය විසින් මෙහෙය වනු ලබන මාධ්‍ය තුළින් පෙන්වූයේ, සමාජවාදී රාජ්‍ය පද්ධතිය යනු අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙමින් සිටි, නිදහස මුළුමනින්ම අහිමි කළ, මානව හිමිකම් බිඳකුදු නොමැති අති භයානකම, මිනිස් වර්ගයාගේ අනාගත පැවැත්ම හා යහපත උදෙසා වහාම ලෝකයෙන් තුරන් කළ යුතුම දෙයක් ලෙසින්ය. ඒ සියල්ල මුළාවක්, කටේ නරිවාදන් පමණක් බව දැන් හොඳින් ප්‍රත්‍යක්ෂ වෙමින් පවතී. පූර්වයෙන් සමාජවාදී කඳවුරට අයත්ව තිබී ධනවාදයට ගොදුරුවූ සමාජවාදී කඳවුරේ රටවල් දෙස විමර්ශනාත්මකව බලන විට, ජනතාව ධනවාදී තරගයට ඇද දමා ඇති නමුත්, ඔවුනට ආර්ථික වශයෙන් හෝ යහපත් ජීවිතයක් ලබාදීමට ධනවාදය සමත්ව නැති බව පැහැදිලිය. එම රටවල් සමස්තයක් ලෙසම ධනවාදී අර්බුදය නැමැති ප්‍රචණ්ඩ, පතුලක් නොපෙනෙන ගැඹුරු අගාධය වෙත ඇදගෙන යමින් පවතී. සමාජවාදයෙන් ධනවාදය තුළට එම රටවල් කඩා වැටෙද්දී දෑත දිගුකළ ධනවාදයේ රැකවලුන් ඔවුනටද පෙරටුව එම අගාධයට පෙරළෙමින් සිටී. සමාජවාදී රකුසාගෙන් මුදවා ගත්තා යැයි කියූ ජනතාව දරිද්‍රතාවය, පීඩනය, අපරාධ, දූෂණයන්, ආත්මගරුත්වය බිඳවැටීම ඇතුළු ධනවාදයට ආවේණික ව්‍යසනයන්ගෙන් වටකොට සිටියි. මෙම ඛේදවාචකයේ සත්‍ය පින්තූරයක් සඳහා එම රටවල් ඇසුරෙන් කළ සමීක්ෂණ වාර්තා සහ සංඛ්‍යා ලේඛනද උපයෝගී කොටගනිමින් කරනු ලබන විශ්ලේෂණයක් අවශ්‍යය.
සමාජවාදී කඳවුර පැවැති අවධියේ නැගෙනහිර යුරෝපයට අයත්ව තිබූ රටවල් ගණනාවකි. ඒ බල්ගේරියාව, හංගේරියාව, චෙකොස්ලොවැකියාව, රුසියාව, පෝලන්තය, යුගොස්ලාවියාව, ඇල්බේනියාවය. රුසියාව ඇතුළු සමාජවාදී සෝවියට් දේශයට අයත් සමූහාණ්ඩු පහළොවකි. ඒ රුසියාව, කසකස්තානය, කිර්ගීසියාව, ටජිකිස්තානය, තුර්ක්මේනියාව, අසර්බයිජානය, ආර්මේනියාව, යුක්රේනය, බෙලෝරුසියාව, ලිතුවේනියා, ලැට්වියාව, එස්තෝනියාව, ජෝර්ජියාව, මෝල්දාවියාව, උස්බෙකිස්තානය ලෙසින්ය. සමාජවාදය බිඳවැටීමෙන් පසු මේවා විසිර යන්නට විය. සෝවියට් සමූහාණ්ඩුව නම් වූ දැවැන්ත රාජ්‍ය වෙනුවට සීසිකඩ කළ හුදකලා රටවල් බවට ඒවා පත් විය. වෙන් වෙන්ව එම රටවල් අතුරින් කිහිපයක ධනවාදය තුළ ලද පලදාව කෙසේදැයි විමසා බලමු.

දරිද්‍රතාවය

යුරෝපා ළමා භාරය 2000 වසරේදී පළ කළ වාර්තාවට අනුව සියලුම බිඳ වැටුණු. සමාජවාදී රටවල් දාහතේ ජනගහනයෙන් සියයට 40ක්ම දුප්පත්කමේ රේඛාවෙන් පහළ එනම් දිනකට ඇ.ඩො. 1කට අඩුවෙන් උපයමින් ජීවත්වේ. 1990 වන විට මධ්‍යම හා
නැගෙනහිර යුරෝපා සමාජවාදී රටවල සහ පැරැණි සෝවියට් දේශයට අදාළ රටවල දිනෙක ආදායම ඇමරිකන් ඩොලර් 2 ට අඩු ජනගහනය සියයට 5ක් තරම් අඩු එකක් විය. 2010 වසර වන විට ඉහත පවසන ලද රටවල දෛනික ආදායම ඇමරිකන් ඩොලර් දෙකට අඩු ජනගහනය සියයට 20 දක්වා වර්ධනය වී තිබේ. එයින් කියවෙන්නේ එම රටවල පැවැති දුප්පත්කම ධනවාදය තුළ සිව් ගුණයකින් පමණ වර්ධනය වී ඇති බවයි. වත්මන් රුසියාවේ සෑම දරුවන් 10කින් එක් අයෙකුම එනම් මිලියන තුනක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙමින් ජීවත්වේ. හරි හැටි අහරක් නොමැතිව වැරැහැලි අඳිමින් ජීවත් වන මෙම දරුවෝ අපිරිසිදු, සීතල, මුඩුක්කු නිවාස වල වාසය කරති. මොස්කව්හි පමණක් වීදි දරුවෝ 30,000ක් – 50,000ක් අතර ගණනක් ජීවත් වෙති. 1998 සිට සත්‍ය ඒක පුද්ගල ආදායම අඩුවීම ඉතා ශීඝ්‍ර එකකි. රුසියාව, කිර්ගීසියාව, යුක්රේනය යන රටවල ඒක පුද්ගල ආදායම සියයට 10කින් අඩුවී ඇත. එම අඩුවීම ජෝර්ජියාව, මෝල්දාවියාව, තජිකිස්තානය යන රටවල සියයට 40 කි. සමාජවාදයේ ආරම්භයේ කිර්ගීසියාවට භාෂාවක් පවා තොතිබුණි. එම ජනතාවට තමන්ගේම භාෂාවක් නිර්මාණය කරදෙමින්, ඔවුනගේ සාක්ෂරතාවය ඉහළ දමමින්, තම භාෂාවෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය පවා ලැබීමට අවස්ථාව සලසා දෙනු ලැබූයේ සමාජවාදයයි. එවකට රජයෙන් නොමිලේ සෞඛ්‍ය, ප්‍රවාහනය, අධ්‍යාපනය, නිවාඩු නිකේතනවල ගතකිරීමට අවස්ථාව හා පහසුකම් විය. නමුත් වර්තමානයේ ඔවුනගේ ජීවන තත්වය කඩා වැටී ඇත. මානව සංවර්ධන මට්ටම සලකා බැලීමේදි ආර්මේනියාව, ජෝර්ජියාව, උස්බෙකිස්තානය යන රටවල ජීවන මට්ටම 1990 දී පැවති මට්ටමට වඩා සියයට 80කින් පහත වැටී ඇත. මේ හේතුවෙන් ජනතාවගෙන් හතරෙන් එකක් වෙනත් ප්‍රදේශයන් කරා සංක්‍රමණය වී ඇත. 1990 සිට සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවට අයත්ව තිබූ රටවල මානව සංවර්ධන මට්ටම සමස්තයක් ලෙස පහත වැටුණි. තජිකිස්තානය ස්ථාන 21කින් ද යුක්රේනය ස්ථාන 17කින් ද 1990 සිට 2003 වන විට රුසියාව ස්ථාන 48කින්ද මානව සංවර්ධන දර්ශකයේ දරන ලද ස්ථානය පහළ වැටුණෝය. මෙයට හේතුව සැලසුම් සහගත රාජ්‍යයකට අයත් ආර්ථිකය විනාශවීම හා ඒ හේතුවෙන් සෞඛ්‍යය පහළ වැටීමෙන් ආයු අපේක්ෂා කාලය බිඳවැටීමය.

සෞඛ්‍යය හා ආයු අපේක්ෂාව

රටක සෞඛ්‍ය මට්ටම මනිනු ලබන එක් මිනුමක් වන්නේ ජනතාවගේ ආයු අපේක්ෂාවයි. ඒ අනුව සලකා බලන විට 1985 වර්ෂයේදී එනම් සමාජවාදී අවධියේදී සෝවියට් දේශයේ පුරවැසියන්ගේ ජීවිත අපේක්ෂා කාලය හෙවත් සාමාන්‍යයෙන් මිනිසකු ජීවත් වන කාලය අවුරුදු 65ක් වූ අතර, එය සමාජවාදය බිඳවැටීමෙන් පසු මුල් දශකයේදී වසර 58කට අඩු විය.
medical journal සඟරාවේ වාර්තා වන පරිදි සෝවියට් දේශයේ ආයු අපේක්ෂාව පහත වැටීම මෙසේය.

  • 1985 වසර 65
  • 1990 වසර 65
  • 1995 වසර 58
  • 2000 වසර 63
  • 2009 වසර 64


ආයු අපේක්ෂාව එලෙසින් පහත වැටෙද්දී උපතේ සිට වසර 5ක කාලය තුළ මිය යන සංඛ්‍යාවද ඉහළ ගොස් ඇත. 1990 සිට 2012 දක්වා සිදුවු ළදරු මරණ සංඛ්‍යාව මිලියන 15ක් වීමෙන් මෙය ඉතා පැහැදිලිය. තත්වය කෙතරම්දයත්, මීළඟ දශකවලදී රුසියාවේ ජනගහනය සියයට 30කින් අඩුවේ යැයි සංඛ්‍යා දත්තයන් පෙන්වයි. රුසියාවේ සමාජවාදය බිඳවැටී වසර 23කට පසුද එහි ආයු අපේක්ෂා කාලයේ අගය 1990 තිබූ මට්ටමටවත් ළඟාවී නැත. එයට හේතුව මත්පැන්, මානසික පීඩනය, මානසික අවපාතය, දුම්පානය, රිය අනතුරු හා හිංසන ක්‍රියාවන් වේ.
කාර්මික නිෂ්පාදනය බිඳවැටුණු, තාක්ෂණික වශයෙන් පහළට ඇද වැටුණු හා ජීවන මට්ටම කඩා වැටුණු සමාජයක් බවට රුසියානු සමාජය පත්ව තිබේ. මරණ ප්‍රමාණය 1990දී පැවැතියාක් මෙන් සියයට 30කින් වැඩි විය. සමාජවාදී පාලනය බිඳවැටීමෙන් පසු ඇතිවූ සමාජ ආර්ථික අර්බුදය නිසා පමණක් ලක්ෂ 77ක් මිනිස්සු පෙරට වඩා මරණයට පත්ව සිටිති. ජනගහනය එවකට මිලියන 138කි. ජනගහන වර්ධන වේගය ඍණ 0.48කි. 2000 වසරේ දී ජනගහනයට වඩා 2010 දී ජනගහනය සියයට 1.6කින් අඩුවී තිබේ. එනම් මිලියන 2.31කින් අඩුවී තිබේ. ඒ අනුව 2000 දී මිලියන 145.17ක් වූ රුසියන් ජනගහනය 2010 දී මිලියන 142.86ක් දක්වා පහත වැටුණි.
මේ අනුව එම රටවල සෞඛ්‍ය මට්ටම පහළ වැටීමට සාපේක්ෂව ආයු අපේක්ෂාවද පහළ වැටෙන බව ඉතා පැහැදිලිය. ධනවාදයේ ‘ආශ්චර්යය’ වෙත රැගෙන පැමිණි සමාජවාදී රටක ජනතාවගේ වත්මන් සෞඛ්‍ය තත්වය එසේය.

දුම්පානය

සමාජ ජීවිතයන්ගේ කඩාවැටීම පෙන්වන එක් සාධකයක් වන්නේ රටක මත්පැන් පානය හා දුම්පානයයි. සමාජවාදය කඩා වැටීමෙන් පසුව දුම්පානය පැත්තෙන් රුසියාව පත්ව ඇති තත්වය ඉතා කණගාටුදායක තත්වයකි. වර්තමානයේ වැඩිම දුම්බොන ජනතාවක් සිටින රට රුසියාවයි. එහි වසරක් තුළ දුම්බීම නිසා සිදුවන මරණ සංඛ්‍යාව සාමාන්‍ය මරණවලින් සියයට 4 කි.
මේ තුළින් පැහැදිලි වන්නේ පොදුවේ කඩා වැටුණු සමාජවාදී රටවල ඒක පුද්ගල දුම්පානය ඉතා ඉහළ අගයක් දරන බවය.

මත්පැන් පානය

මත්පැන් පානය සෝවියට් රුසියාවේද පැවැතිය නමුත් සමාජවාදී රජය එය හා බැඳුණු ව්‍යසනයන් දුරලීමට කටයුතු කළේය. එහෙත් සමාජවාදය බිඳ වැටීමෙන් පසුව මත්පැන් උවදුර තවත් ප්‍රබල එකක් විය. .ඔයැ ඛදබාදබ එසපැි. වල වූ දත්තයන්ට අනුව වර්තමානයේ රුසියානුවෙක් මසකට මත්පැන් පානය කරන ප්‍රමාණය – ලීටර් 15කි. එය 1990 තිබූ ප්‍රමාණය මෙන් තුන් ගුණයකි. මෙයට අමතරව සලකා බලන විට 1990- 2001 දක්වා වසරවලදී වයස අවුරුදු 15 – 54 දක්වා වයස් සීමාවට අයත් මරණවලින් සියයට 52ක් මත්පැන් නිසා සිදු විය. මෙය මුළු මහත් ලෝකයේම සලකා බැලුවත් මෙම දත්තයන් තැති ගන්වන සුළුය. මන්දයත් ලෝකයේ 1990 – 2001 තුළ ඉහත වයස් කාණ්ඩයට අයත් මරණවලින් සියයට 4ක් පමණ මත්පැන් නිසා සිදුවන ඒවා වීමයි. මෙම වයස් කාණ්ඩය යනු පුද්ගලයෙක් ශ්‍රම කාර්යයේ නියලෙන අවධියයි. එසේ මත්පැන් උවදුරට ගොදුරුවී තරුණ පරපුර මිය යන්නේ නම් ඒ අහිමි වන්නේ රටේ ශ්‍රම සම්පතයි.

HIV/AIDS ව්‍යාප්තිය

ඒඞ්ස් වැනි රෝගයක් එහි ව්‍යාප්තිය වැළැක්වීම සහ රෝග පාලනය යන දෙආකාරයෙන් මැඩලිය යුතුය. සමාජවාදී රාජ්‍යයන් පැවැති අවධියේ ඒඞ්ස් මැඩලීම ක්‍රමවත් විද්‍යාත්මක වැඩපිළිවෙළක් තුළ සිදු කළේය. ඒ අනුව සමාජවාදී රාජ්‍ය සමයේ නැගෙනහිර යුරෝපය, මධ්‍යම ආසියාව හා රුසියාව යන සියලුම රටවල සිටි ඒඞ්ස් රෝගීන් ප්‍රමාණය 10,000ට අඩුය. එහෙත් 2007 වසරේදී රුසියාවේ සිටින ්‍යෂඪ අසාදිතයින් ගණන 940,000 කි. වර්තමානයේ 2013 වසර වන විට එම සංඛ්‍යාව 980,000කි. යුක්රේනයේ එය 350,000කි. ලොව වැඩියෙන්ම ්‍යෂඪ ව්‍යාප්ත වන ප්‍රදේශය නැගෙනහිර යුරෝපය ලෙස සැලකේ. 1995 වන විට නැගෙනහිර යුරෝපයේ ඒඞ්ස්
රෝගීන් සංඛ්‍යාව 30,000කි. 2004 වන විට ලක්ෂ 15 දක්වා එය වර්ධනය වී තිබේ.
(UN HIV/AIDS report – Eastern Europe + Central Asia)
සමාජවාදය බිඳවැටීමෙන් පසුව එම රටවල ගණිකා වෘත්තිය බහුලවීම මෙයට රුකුලක් විය. ධනේශ්වර ආර්ථික හා සමාජයීය අර්බුදයේ හේතු මත මෙම රටවල ගණිකා වෘත්තිය වේගවත්ව පැතිර යන්නට විය. සමාජවාදී අවධියේ එවන් තත්වයක් නොවීය.

සියදිවි නසා ගැනීම්

සියදිවි නසාගන්නට හේතුව වන්නේ, මානසික බිඳවැටීම, ආර්ථිකය කඩාවැටීම, බලාපොරොත්තු කඩවීම, හුදකලාවීම, කලකිරීම ආදියයි. බිඳවැටුණු සමාජවාදී රාජ්‍යයන්හි සියදිවි නසා ගැනීමේ අගයන් ඉතා ඉහළය. මෙය ඉතා බරපතළ සමාජ ඛේදවාචකයකි. සමස්ත ලෝකයම සලකා බලද්දී සිය දිවි නසාගැනීම් අනුපාතය ජනගහනය ලක්ෂයට 14 දෙනෙකි. වර්තමාන රුසියාවේ එම අගය ජනගහනය ලක්ෂයකට 21.4 දෙනෙකි. ඒ අනුව සිය දිවි නසාගැනීම් අතින් ලෝකයේ 12 වැනි ස්ථානය රුසියාවට හිමිවේ. 1990 සිට 2010 දක්වා රුසියානුවන් ලක්ෂ 8ක් සියදිවි නසාගෙන ඇත. රුසියාවේ වයස 15 – 19ත් අතර දරුවන් විසින් සියදිවි නසාගැනීම් 1500කි. මෙය යුරෝපයේ ඉහළම අගයයි. එනම් ලක්ෂයකට 19.81කි. එය ලෝකයේම එම වයසේ දරුවන්ගේ සියදිවි නසා ගැනීමේ අගය මෙන් 2.7කට වැඩි අගයකි. ලොව වැඩිම සියදිවි නසාගැනීම් ඇත්තේ පැරැණි සමාජවාදී රාජ්‍යයක් වූ ලිතුවේනියාවේය. ලොව වැඩිම තරුණ සියදිවි නසාගැනීම් ඇත්තේ පිළිවෙලින් බෙලෝරුසියාව, කසකස්ථානය, රුසියාව යන රටවලය. සමාජවාදය තුළ පැවැති සමාජ සුරක්ෂිතතාවය, බලාපොරොත්තු සහගත බව, මානසික සතුට, අන්‍යෝන්‍ය ගෞරවය, සාමූහික බැඳීම ආදිය ධනවාදය විසින් අහිමි කිරීම මේ තත්වය ඇතිවීමට හේතුවයි.

සමාජය කඩාවැටීම

පැරැණි සමාජවාදී රටවලත්, පොදුවේ ධනේශ්වර යුරෝපා රටවලත් 1990 සිට දික්කසාදවීමේ ප්‍රතිශතය අඛණ්ඩව වැඩිවී ඇත . මෙයින් පෙන්නුම් කෙරෙන්නේ, සමාජවාදයේ සිට ධනේශ්වරකරණයට ලක්වූ පවුල් ඒකකය කඩාවැටෙමින් තිබෙන තත්වයයි. මත්ද්‍රව්‍ය භාවිතය හා අලෙවිය ආශ්‍රිත අපරාධ දැවැන්ත පිපිරුමක ආකාරයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. බිඳ වැටුණු සමාජවාදී රටවල මිනී මැරුම් දිගටම වැඩි වෙමින් පවතී. ගැහැනු සහ පිරිමි සියදිවි නසාගැනීම් ප්‍රමාණය වැඩිවී තිබේ. සමාජයේ ස්ත්‍රී දූෂණ ප්‍රමාණය වැඩිවී තිබේ. ඒ අනුව ස්ත්‍රී දූෂණ වැඩිම රට යුක්රේනය සහ රුසියාවයි. තවද අපරාධවලට සිරගත වූවන් ප්‍රමාණය වැඩිවී තිබේ. ීදඩසැඑසජ් පොතෙහි කතුවරිය වන ඉරිනා මලෙන්කෝ වසර 20ක් සෝවියට් දේශය තුළ ජීවත් වූවාය. දැනට ජීවත්වන අයර්ලන්තය හා ඊට පෙර වසර 8ක් ජීවත් වූ ඕලන්දය සමග සෝවියට් දේශය සංසන්දනය කරමින් ඇය පවසන්නේ, සෝවියට් දේශය තුළ ජීවත් වූ වසර 20 ක කාලය තුළ තමා ජීවත්වූ ලක්ෂ පහක ජනගහනයක් සිටි තම නගරයේ සිදුවූයේ මිනීමැරුම් දෙකක් පමණක් බවය.

“සෝවියට් දේශයේ බිඳවැටීම සහ ධනවාදයේ වත්මන් අර්බුදය” කෘතිය මෙතනින් කියවන්න – (pdf)