එක්සත් ජනපදයට රට යටත් කරන ගිවිසුම් හකුලාගනු…!

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

මව්බිමේ ස්වෛරීත්වය උදෙසා ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත්වීම්

අත්‍යාවශ්‍ය පෙරවදනක්

අධිරාජ්‍යවාදී රටවල් විසින් ඍජුව යටත්විජිත පවත්වාගත් යුගය අවසන් වී දැන් ක්‍රියාත්මක වනුයේ සාපේක්ෂ දුබල රටවල් මත ආර්ථිකමය, දේශපාලනමය, සංස්කෘතිකමය හා යුදමය වශයෙන් බලපෑම් සිදුකරමින් පවත්වා ගන්නා නව යටත්විජිතවාදී තත්වයයි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු පැවති නිරවි යුද සමයේ ඇමරිකා එක්සත් ජනපදය විසින් ලෝකය තම නේටෝ යුද කඳවුරට නතු කරගැනීමේ දැඩි උත්සාහයක නිරත විය. එහෙත් සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී කඳවුර බලවත්ව පැවති තත්වයක් තුළ එක්සත් ජනපදයේ උත්සාහය මුළුමනින්ම සාර්ථක නොවූ අතර දුබල හා කුඩා රාජ්‍යවලට එහි බලපෑම්වලට මුහුණදීමේ සාපේක්ෂ හැකියාවක් ලැබී තිබිණි.

එහෙත් පසුගිය සියවසේ 90 දශකයේ මුල සෝවියට් දේශය ප්‍රමුඛ කොට ගත් රාජ්‍ය පද්ධතිය බිඳ වැටීමෙන් පසු ඒක ධ්‍රැවීය ලෝකයක් ප්‍රාර්ථනා කළ ඇමරිකානු එක්සත් ජනපදයේ බලපෑම් තීව්‍ර වන්නට විය. පැරණි සෝවියට් සමූහාණ්ඩු එකතු කරගනිමින් නේටෝ යුද කඳවුර පුළුල් කර ගැනීමට කටයුතු කරන ලද අතර තවත් රටවල් ගණනාවක් යුදමය ගිවිසුම්වලට ඇතුළත් කරගන්නා ලදී.  විශේෂයෙන් රුසියාව සහ චීනය ලෝක බලවතුන් ලෙස නැගී ඒමට සාපේක්ෂව එක්සත් ජනපදය විසින් ආධිපත්‍යය වෙනුවෙන් සෙසු රටවල් වෙත කරනු ලබන බලපෑම්ද ඉහළ ගිය බව නොරහසකි. එසේම ගෝලීය වෙළඳපොළ ආසියාව දෙසට හැරීමත් වේගවත්ම වර්ධන කලාපය බවට පත්වීමත් සමඟ පොදුවේ ආසියාවටත් විශේෂයෙන් ඉන්දියානු සාගර කලාපයටත් එක්සත් ජනපද ඇල්ම බැල්ම තීව්‍ර වෙමින් පවතී.

ශ්‍රී ලංකාවේ දුබල ආණ්ඩු මිලට ගැනීමටද චෝදනාවලින් බියවැද්දීමටද ණය උගුල මගින් දණගස්වා ගැනීමටද එක්සත් ජනපදය යුහුසුළු වන්නේ මෙම තත්වය තුළය. මේ වන විට ACSA ගිවිසුම් උගුලේ සිරවී සිටින ශ්‍රී ලංකාව SOFA නමින් වන ආරක්ෂක පහසුකම් සැලසීමේ විස්තීර්ණ ගිවිසුමකට ඇතුල්වීමේ සූදානමකින් පසුවේ. ජනතා විශ්වාසය සිඳගත් රනිල් මෛත්‍රී ආණ්ඩුවෙන් මේ තත්වයට විසඳුම් අපේක්ෂා කළ නොහැකිවාක් මෙන්ම ඇමරිකානු පුරවැසියෙක් ජනාධිපති පුටුවේ වාඩි කරන්නට සිහින දකින රාජපක්ෂ විපක්ෂයේ ඇතැමුන්ගේ ඇමරිකානු විරෝධය විහිළුවකට වැඩි දෙයක් නොවේ.

ACSA ගිවිසුම අත්සන් කළ බව අනාවරණය වූ පළමු පැයේ සිටම ඊට විරෝධය පළ කළ හා ක්‍රියාමාර්ග ගත් ජනතා විමුක්ති පෙරමුණ අදටද එවැනි රටට එරෙහි ගිවිසුම්වල අනතුර ජනතාවට තේරුම් කරදීමටත් ඒවා පරාජය කරලීමටත් අනවරත උත්සාහයක යෙදී සිටී. ඉදින් ඔබ අතට පත්වන මෙම පොත් පිංච එම උත්සාහයේම කොටසකි. අධිරාජ්‍යවාදයේ නූතන හැසිරීම පිළිබඳ දැනුම එම මැදිහත්වීම්වලට එරෙහි සටන ශක්තිමත් කරවනු ඇති අතර  ඊට පහසුකම් සලසන දේශපාලන පරිසරය පරාජය කරනු ඇත්තේද දැනුවත් මිනිසුන්ය.

 

පෙළගැස්ම

[faq title=”” open1st=”0″ openAll=”0″][faq_item title=”ඇමෙරිකාවේ අනාගත යුද්ධවලට අප නිකරුණේ ඉලක්කයක් වේවි” number=”1″]

ඇමෙරිකාවේ අනාගත යුද්ධවලට අප නිකරුණේ ඉලක්කයක් වේවි. කල් පමා නොවී ගිවිසුම වහා අහෝසි කරන්න

පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක සහෝදරයාගේ කථාව

2007 ජුනි 05 – කල්තැබීමේ විවාදය

ශ්‍රී ලංකා රජයත්, ඇමෙරිකා එක්සත් ජනපදයත් අතර එළැඹුණු ආරක්ෂක ගිවිසුම පිළිබඳව සභාව කල් තබන අවස්ථාවේ ඉදිරිපත් කරනු ලබන යෝජනාව;

            “2007 මාර්තු 05 දින ශ්‍රී ලංකා රජයත්, ඇමෙරිකා එක්සත් ජනපදයත් අතර ඇති කර ගන්නා ලද ආරක්ෂක ගිවිසුම අත්සන් කර මාස කිහිපයක් ගත වී තිබියදීත් තවමත් එම ගිවිසුම රටේ ජනතාවටත්, විශේෂයෙන්ම ජනතා පරමාධිපත්‍ය නියෝජනය කරන පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කර නැත. මේ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක විසින් එකී ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තු විශේෂ ප්‍රකාශයක් මගින්ද ඉල්ලා සිටි නමුත් එම ඉල්ලීම තවමත් ඉටුකර නැත. ගිවිසුම පිළිබඳව හෙළිදරව් වී ඇති තොරතුරු අනුව ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය උල්ලංඝනය වන වගන්ති හා ඇමෙරිකා එක්සත් ජනපදයේ ආක්‍රමණකාරී යුද මෙහෙයුම්වලට අප රට සතු ගුවන්තොටුපොළවල්, වරායවල් හා ගොඩබිම් ප්‍රදේශ ලබාදීමට සිදුවන ආකාරයේ එකඟතා ඇති අතර, ශ්‍රී ලංකාව තුළ විදේශ හමුදා කඳවුරු ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවටද මෙමගින් අනුබල ලැබෙන තත්ත්වයක් ඇති වී තිබේ. එමෙන්ම මෙම ගිවිසුම වසර 10ක් වැනි විශාල කාලයකට වලංගු වන නිසා එහි ඇති අනර්ථකාරී බලපෑම දිගුකාලීන වේ.

            එමනිසා මෙම ගිවිසුම සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත්, රටේ ස්වෛරීත්වය පාවා දෙන හා විදේශ අතපෙවීම්වලට මඟපාදන එම ගිවිසුම වහාම අහෝසි කරන ලෙසත් මෙම පාර්ලිමේන්තුව යෝජනා කර සිටී.”

             ගරු කථානායකතුමනි, ජාතික වැදගත්කමකින් යුතු මෙම කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කරන්නට කල්පනා කළේ ඇයි කියන එක අප වගකීමෙන් කියා සිටිනවා. 2007 මාර්තු මස 05 වන දින ඉතාම හොර රහසේ; ශ්‍රී ලංකා පාර්ලිමේනතුවත්, අවම වශයෙන් මේ රටේ විධායකය නියෝජනය කරන අමාත්‍ය මණ්ඩලයටත් කිසිම ආකාරයකින් දැනුවත් කිරීමක් නොකර තමයි ලංකාවේ සිටින ඇමෙරිකා එක්සත් ජනපදයේ තානාපති රොබට් බ්ලේක් මහතාත්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් මෙම ගිවිසුම අත්සන් කළේ. ඊට පසුව එම ගිවිසුම පිළිබඳව රටට සහ පාර්ලිමේන්තුවට තොරතුරු ඉදිරිපත් කරන්නය කියා කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේ ආණ්ඩුවේ සමහර පුද්ගලයන් එම ගිවිසුම කිසිසේත්ම ඉදිරිපත් නොකරන බවට ආණ්ඩුවේම ජනමාධ්‍යවලින් වහසි දොඩනවා අප දැක්කා. ආණ්ඩුවේ ජනමාධ්‍යවලින්ම ඉදිරිපත් කළේ, මා දැක්කේ නම් කනිෂ්ඨ ඇමතිවරයෙක් – එච්චර වගකීමක් තිබෙන කෙනෙකුය කියා අප හිතන්නේ නැහැ. – ආණ්ඩුවේ මතයක් විධියට ආණ්ඩුවේ ජනමාධ්‍යවලින්ම ප්‍රතිචාරයක් ලබාදුන්නේ, මෙම ගිවිසුම ඉදිරිපත් නොකර සිටීමට ඇමෙරිකා එක්සත් ජනපදයත් එක්ක බැඳී සිටිනවා කියලයි.

          මෙම ගිවිසුම අත්සන් කළාට පස්සේ, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක 2007 මාර්තු 20වැනිදා, එනම් ඊට පසුව තිබුණු පාර්ලිමේන්තු වාරයේදී විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් මෙම ගිවිසුම ඉදිරිපත් කරන්නය කියා ඉල්ලීමක් කළා.

           කථානායකතුමනි, අද ඔබතුමා මතු කළා, 23(2) ස්ථාවර නියෝගය යටතේ මන්ත්‍රීවරුන්ට, විපක්ෂ නායකතුමාට සහ පක්ෂ නායකයන්ට විශේෂ ප්‍රකාශ කළ හැකි බව. ප්‍රශ්න පමණක්ම නොවෙයි, අපේ මහ ලේකම්තුමිය ලියා තිබෙන පොතේ 14 වැනි පිටුවේ එතුමිය සඳහන් කර තිබෙනවා “ප්‍රශ්න කිවුවාට එයින් අදහස් වෙන්නේ ප්‍රකාශ”යි කියලා. කොහොම නමුත් එයට පිළිතුරක් රජයෙන් ලබාදුන්නේ නැහැ. ඔබතුමා කිවුවා, පිළිතුරක් හා බද්ධයි මේ ප්‍රකාශ කියලා. පිළිතුර ලැබුණේ නැහැ. ඒ නිසා තමයි අප කල්පනා කළේ ජාතික වැදගත්කමකින් යුතුව, රටට මොනවා කරලා තිබෙනවාද කියලා දන්නේ නැති මේ ආරක්ෂක ගිවිසුම පිළිබඳව මේ රටේ ජනතාවගේ දැඩි අවධානය යොමුකර වන්නට ඕනෑ කියලා.

          දැන් මේ ගිවිසුමට අදාළව මගේ පැහැදිලි කිරීම් මා පටන් ගන්න කැමැතියි. මෙයට ඉතිහාසයක් තිබෙනවා. ඉංග්‍රීසියෙන් මෙම ගිවිසුම හඳුන්වන්නේ The Acquisition and Cross-Servicing Agreement කියලයි; නැත්නම් ACSA කියලයි. ඒ විධියට තමයි මේ ගිවිසුම එයට අදාළ වන තාක්ෂණික භාෂාවෙන් හඳුන්වන්නේ. එම වචනවලින් මෙම ගිවිසුමේ තිබෙන දේශපාලන ස්වරූපය වැහෙනවා. ඇමෙරිකා එක්සත් ජනපද රජයේ මීට කලින් මෙම ගිවිසුමට තිබුණ නම තමයි, NATO Mutual Support Act ඇමෙරිකා එක්සත් ජනපදයේ කොංග්‍රස් මණ්ඩලය සම්මත කරපු NATO Mutual Support Act එක තිබෙනවා. අප දන්නවා, උතුරු අත්ලාන්තික් සහයෝගිතා සංවිධානය – North Atlantic Treaty Organization- ඇමෙරිකා එක්සත් ජනපදයේ හමුදා නායකත්වය සහිතව තිබෙන හමුදාමය සංවිධානයක් බව. ඒක හමුදාමය සංවිධානයක්. ඒ හමුදාමය සංවිධානයෙන් කළ යුතු දේවල් සම්බන්ධයෙන් ඇමෙරිකානු නීතියෙන් බලය පවරපු පනත තමයි, NATO Mutual Support Act කියන්නේ. ඒ පනතට අනුව ඇමෙරිකානු එක්සත් ජනපද රජයට ලැබී තිබෙන නීත්‍යානුකූල බලතල – ඔවුන්ගේ ආණ්ඩුවට තිබෙන නීත්‍යනුකූල බලතල – පාවිච්චි කරලයි, ඇමෙරිකානු එක්සත් ජනපදය ලෝකය පුරා රටවල් එක්ක – සමහර රටවල් කැමැත්තෙන්, සමහර රටවල් අකමැත්තෙන් එහෙම නැත්නම් බලහත්කාරයෙන් – ගිවිසුම් අත්සන් කරන්න පටන් ගත්තේ. නමුත් 1990 අවුරුද්දෙන් පසුව NATO එක එකම යුද බලවතා බවට පත් වුණාට පසුව, විශේෂයෙන්ම 2000 අවුරුද්දෙන් විතර පසුව ඇමෙරිකා එක්සත් ජනපදය මොකද කළේ? NATO කිව්වාම අප කාටත් තේරෙනවා ඒක අමුවෙන්ම දේශපාලනිකයි කියන එක. අමුවෙන්ම ඇමෙරිකානු යුද සංවිධානයට අනුබද්ධයි කියන අදහස දැනෙන නිසා ඒකට දාපු පිටකවරය තමයි, ACSA කියන්නේ. ඇත්තටම ගත්තොත් සියයට සියයක්ම NATO Mutual Support Act කියන ඒ පනතම තමයි, මේ.

          ඇමෙරිකානු තානාපති රොබට් බ්ලේක් මහතා මේ ගිවිසුමෙන් පසුව පුවත්පත්වලට නිවේදනයක් නිකුත් කර තිබුණා. ඒ නිවේදනයෙන් නම් එතුමා කියා තිබුණේ මේ ගිවිසුම බොහොම අහිංසක එකක් විධියටයි. ඇමෙරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ දී නිකුත් කළ ඒ ප්‍රකාශය මා හැන්සාඞ්ගත කරන්න කැමැතියි.

          එතුමා කියා තිබෙන්නේ මේ විධියටයි. ඒ අනුව ඒක බොහොම අහිංසක එකක්. මේක හමුදා දෙක අතර භාණ්ඩ හා සේවා හුවමාරු කර ගන්න, පහසු කර ගන්න ඇති කර ගත් ගිවිසුමක්ය කියා තමයි එතුමා අපට කියන්න හදන්නේ. අන්තිම සරල, අහිංසක, පුංචි උදාහරණයක් තමයි රොබ්ට් බ්ලේක් මහත්මයා කියා තිබෙන්නේ. මා මේ උපුටා ගන්නේ එතුමාගේ ප්‍රකාශයෙනුයි. එතුමා මෙහෙම කියනවා;

“For example, if the Sri Lankan Army had sent troops to assist in the Pakistani earthquake and needed winter coast for soldiers under ACSA the United States could provide those winter coast in exchange for fuel and foodstuffs the next time a U.S. vessel made a port call in Colombo”

          මොකක්ද ඒ කියන්නේ? ඇමෙරිකානු තානාපතිතුමා කියන්නේ, පාකිස්තානයේ සිද්ධ වුණා වාගේ භූමිකම්පාවක් වෙච්ච වෙලාවක සහන සේවා කටයුතුවලට ශ්‍රී ලංකා හමුදාව ගියොත් අපේ ශ්‍රී ලංකා හමුදාවේ සොල්දාදුවන්ට සීතලට අඳින කබා ඕනෑ වුණොත් ඒවා ලංකාවෙන් යවන්න ඕනෑ නැහැ. අපේ සොල්දාදුවන්ට winter jackets දෙන්න එහේ ඉන්න ඇමෙරිකන් හමුදාවට පුළුවන්ය කියායි. මොකද, පාකිස්තානයේ අමෙරිකානු හමුදා කඳවුරු තිබෙනවා. නමුත් ඒවාට අප සල්ලි ගෙවන්න ඕනෑ නැහැ, අමෙරිකාවේ යුද නැවක් ලංකාවේ වරායකට ආවොත් තෙල් ගහලා අර ගණන හුවමාරු කර ගන්න පුළුවන්ය කියායි කියන්නේ. මේක අන්තිම අහිංසක කතාවක්. නමුත් මේ ගිවිසුමේ winter jackets ප්‍රශ්නයක් නොවෙයි තිබෙන්නේ. මා පැහැදිලිව කියන්න කැමැතියි, NATO Mutual Support Act කියන මේ ගිවිසුම, ඇමෙරිකාව තමන්ගේ විදේශ ප්‍රතිපත්තිය, – අප දන්නවා ලෝකයේ වැඩිපුරම පිළිකුළට පාත්‍රවෙලා තිබෙන විදේශ ප්‍රතිපත්තිය.

         ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තිය ගැන අප හොඳාකාරවම දන්නවා. ලෝකයේ බොහෝ රටවල්-ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල්, සමාජවාදී රටවල්, ඒකාධිපති රටවල් ඇමෙරිකා එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තිය පිළිගන්නේ නැහැ. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය කොතරම් බටහිරට අනුග්‍රහය දක්වන තැනැත්තියක් වුණත් 2001.09.11 දින බෝම්බ ප්‍රහාරය වෙලාවේදී එතුමිය නිකුත් කළ නිවේදනය දැන් මට මතක් වුණා. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායිකාව විධියට එතුමිය ඒක හෙළා දකින ගමන් එතුමියට පවා ලියන්න හිතිලා තිබුණා., ඇමෙරිකාව තමන්ගේ විදේශ ප්‍රතිපත්තිය ගැන නැවත හිතා බලන්න ඕනෑය කියා. චන්ද්‍රිකා බණ්ඩාරනායක වැනි කෙනෙකුට පවා එහෙම ලියන්න හිතිලා තිබුණා, මේ ඇමෙරිකාවට පහර දුන් වෙලාවේ. ඒනිසා මා කියන්න කැමැතියි, මේ NATO Mutual Support Act එක හැදුවේ වෙන මොකකටවත්  නොවෙයි, ලෝකය පුරාම ඇමෙරිකානු යුද බලහත්කාරය, අධිකාරිත්වය පිහිටු වන්නට බව. දැන් මේ ගිවිසුමේම කියන විධියට, මේ ප්‍රකාශවලම තිබෙන විධියට ඔවුන් මේක සැහැල්ලු කරන්නට කථා කරනවා, රජය පුන පුනා කියපු දෙයක් තමයි, “මේ ගිවිසුම රටවල් 89ක් අත්සන් කර තිබෙන ගිවිසුමක්, ඉතින් අපිත් අත්සන් කළා මොකද වෙන්නේ” කියන එක. නමුත් මා කියන්න කැමැතියි, මේ රටවල් 89ට මධ්‍යම ආසියාවත්, සෝවියට් දේශයෙන් කැඩිලා අලුතෙන් නිදහස් වුණු රටවල් 14කුත්, ඒ වාගේම නැගෙනහිර යුරෝපයට අයත් වෙලා තිබෙන සමහර රටවලුත් තිබෙන බව. ඒවාගේම, දකුණු ආසියාවට දැන් තමයි මේක එමින් තිබෙන්නේ. බංග්ලාදේශය මෙයට අත්සන් කළේ දැනට අවුරුදු දෙක-තුනකට කලිනුයි. දකුණු ආසියානු කලාපයට වාගේම, අලුතෙන් ඇමෙරිකානු යුද දේශපාලනය ගමන් කරමින් තිබුණු තවත් කලාප තිබෙනවා. කලින් ඒවා වැහිලායි තිබුණේ. අප දන්නවා, සෝවියට් දේශයට යටින් තිබෙන, ආසියාවේ යටි බඩ කියලා කියන ප්‍රදේශයට ඇමෙරිකාවට යන්න ලැබුණේ නැහැ කියා. සෝවියට් දේශය බිඳුණාට පසුව ඇමෙරිකාව හැදුවා, Silk Road Strategy Act  කියලා එකක්. අප දකින්නේ නුවර පෙරහැරේ නැට්ටුවා නම්, ඒ නැට්ටුවාව අප කොළඹ දී දැක්කොත් අපට තේරෙනේනේ නැහැ. මේ නුවර පෙරහැරේ නැට්ටුවා යි කියලා. නැට්ටුවා වෙනමයි, කරඬුව වෙනමයි, ධාතූන් වහන්සේ වෙනමයි, නිළමේ වෙනමයි දැක්කොත් අපට තේරෙන්නේ නැහැ. මේක නුවර පෙරහැරයි කියලා. නැට්ටුවාත් එක්ක මේවා එකට තබලා බැලුවාට පසුව තමයි පෙනෙන්නේ  “ආ, මේ නුවර පෙරහැර” නේද කියලා. ඒ වාගේ මේ සියල්ලම එකට සම්බන්ධයි. NATO Mutual Support Act කියන එක වෙනස් වුණා. වෙනස් වුණේ ඇයි? 1990 අවුරුද්දෙන් පසුව ඇමෙරිකා එක්සත් ජනපදය තමන්ගේ යුද දේශපාලන අරමුණුවලට ගියා. අප ඒක ගැන ප්‍රශ්න කරන්නේ නැහැ. මොකද, මේක ඇමෙරිකාව සම්බන්ධව විවාදයක් නොවන නිසා. නමුත් අප දැනගන්නට ඕනෑ. ඇමෙරිකාව අපට ගිවිසුම් හදන්නේ මොකට ද කියලා.

         1990 පසුව අප දන්නවා, අප අහලා තිබෙනවා, සේද මාවත ගැන. ඒ, අවුරුදු හයදාහකට කලින් චීනයයි, යුරෝපයයි අතර භාණ්ඩ ප්‍රවාහනය කර ගත් මාවත. චිර ප්‍රසිද්ධ අපේ රටත් ඒකෙ කොටසක්. ඒකෙ මුහුදු ගමන් මාර්ගයේ කොටසක්. නමුත් 1994 දී ඇමෙරිකා එක්සත් ජනපදය සකස් කළා, අලුත් පනතක්. ඒ, සෝවියට් දේශය බිඳුණාට පසුව Silk Road Strategy Act කියලා; සේද මාවත උපාය මාර්ගික පනත කියලා. මොකක්ද ඒ පනතින් කිව්වේ ? අවුරුදු හය දාහකට කලින් චීනයෙන් යුරෝපයට ආවා වාගේ, දැන් යුරෝපයෙන් චීනයට යන්න ඒ සේද මාවත යොදා ගන්න ඕනෑයි කියලා. ඒ මධ්‍යම ආසියාවට යන්න. ඒ පනත අනුව තමයි ඇමෙරිකාව Silk Road Strategy Act එක හදලා, එම Act  එක යටතේ එම රටවලින් ගණනාවක් NATO  සංවිධානයට සම්බන්ධ කරගෙන ඒ රටවල් හැම එකක් එක්කම මෙන්න මේ අද අප අත්සන් කර තිබෙන ආකාරයේ යුද ගිවිසුම අත්සන් කළේ. මේ ACSA  කියන ගිවිසුම NATO කියන නම වෙනස් කරලා, අර කැත නම වෙනස් කරලා, අලුත් පිටකවරයක් දාලා අත්සන් කළා. ඒ අත්සන් කරලා තමයි අද ලෝකයේ වැඩියෙන්ම තෙල් තිබෙන, තවමත් තෙල් නිස්සාරණය කරලා නැති තෙල් තිබෙන මධ්‍යම ආසියාවේ රටවල යුද හමුදා කඳවුරු, ඇමෙරිකා එක්සත් ජනපදය පිහිටුවා තිබෙන්නේ. ඒ නිසා මේ අපේ රජය අත්සන් කරපු ගිවිසුම නිකම්ම නිකම් හිම කබායවල් මාරුකර ගන්නා ගිවිසුමක් නොවෙයි. ඊට එහා ගිය ඇමෙරිකානු දේශපාලන වුවමනාවට අනුව අපේ රජය මත බලහත්කාරයෙන් පටවපු ගිවිසුමක්. මා ඒක ගැන කියන්නම්. ඒ නිසා මේකෙ දේශපාලන අරමුණ වෙලා තිබෙන්නේ ඇමෙරිකාව 1990 න් පසුව ක්‍රියාත්මක කරපු මේ සේද මාවත පනත, NATO Mutual Support Act එකෙන් පසුව ආපු මේ ගිවිසුමත් එක්ක සම්බන්ධ වීමයි.

             අපේ රටත් එක්ක මේ ගිවිසුම අත්සන් කර ගන්න ඇමෙරිකා එක්සත් ජනපදය සෑහෙන්න වලිකෑවා. ඒකට ඉතිහාසයක් තිබෙනවා. මේ ACSA එහෙම නැත්නම් the Aquisition and Cross-Servicing Agreement එක අප ගත්තොත් එහෙම මේ ආකාරයේ යුද ගිවිසුමක් අත්සන් කර ගැනීමේ ඉතිහාසයක් අපේ රටේ තිබෙනවා. විශේෂයෙන්ම ගත්තොත්, ශ්‍රී ලංකා හමුදාව ඇමෙරිකා එක්සත් ජනපදයේ පුහුණුව ලබා තිබෙනවා. හැබැයි, රජය සමහර තැන්වලදී මේක පටලවන්න හදනවා. අපට කිසිම විවාදයක් නැහැ. ලෝකයේ සිටින දියුණුතම හමුදාවක් සිටින රට තමයි ඇමෙරිකා එක්සත් ජනපදය කියන්නේ. ඒ ගැන අප ප්‍රශ්න කරන්නට යන්නේ නැහැ. ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉහළ නිලධාරීන් ඇමෙරිකාවේ පුහුණුව ලබා තිබෙනවා; පුහුණුව ලබමින් සිටිනවා. ලෝකයේ හමුදාවන් අතර එවැනි එකඟතාවන්, එවැනි අධ්‍යයන කටයුතු සිදුවෙනවා අප දන්නවා. ශ්‍රී ලංකාවේ විශේෂ කාර්ය බලකාය පුහුණු කර වන්නේ, සමහර විශේෂ පුහුණුවීම් ලබාදෙන්නේ පාකිස්ථානය බව. අපේ අය, බංග්ලාදේශයේ පුහුණු වෙනවා; ඉන්දියාවේ පුහුණු වෙනවා; බ්‍රිතාන්‍යයේ පුහුණු වෙනවා. ඇමෙරිකාවෙත් ඒ වාගේ පුහුණුව ලබනවා. ඒවා තිබෙන්නේ හමුදා ඇකඩමි අතර. හමුදාමය වශයෙන් තාක්ෂණය, දැනුම, තොරතුරු හුවමාරු කර ගන්නා, පුහුණුව ලබාගැනීමේ ක්‍රමවේදයන් විධියටයි. නමුත් මේ ගිවිසුම ශ්‍රී ලංකා යුද හමුදාවට පුහුණුව ලබාදීම සම්බන්ධව ගිවිසුමක් නොවෙයි. මේක එහෙම ගිවිසුමක්ය කියලා කියන්න රජයේ සමහර අය උත්සාහ කර තිබුණා. මුලින්ම 1996 වාගේ කාලයේ දී ශ්‍රී ලංකා රජය, ඊශ්‍රායලයේ හදපු කෆීර් යානා මිලදී ගන්නකොට, අනිවාර්ය වශයෙන්ම ඊශ්‍රායල් රජයට ඇමෙරිකාවෙන් කොන්දේසියක් තිබුණා. ඇමෙරිකාවෙන් ඒ සඳහා අවසර ගන්න ඕනෑය කියලා; ඒ වාගේම ශ්‍රී ලංකා රජයත් ඇමෙරිකාවෙන් අවසර ගන්න ඕනෑය කියලා. එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජයට පත්කරන්න අපට කෆීර් යානා ඕනෑ. කෆීර් යානා තියෙන්නේ ඊශ්‍රායලයේ. හැබැයි අපට ඒවා ඊශ්‍රායලයෙන් ගන්න බැහැ, ඇමෙරිකාවේ අවසරයක් නැතිව.  අපේ කෆීර් යානා මිලදී ගැනීමේ අවශ්‍යතාව පාවිච්චි කරළා ඇමෙරිකා එක්සත් ජනපදය මුලින්ම මේ යෝජනාව ශ්‍රී ලංකා ආණ්ඩුවට ඉදිරිපත් කළා. ඒ කියන්නේ අපි යුදමය වශයෙන් හෝ දේශපාලන වශයෙන් හෝ මොන යම් හෝ අවශ්‍යතාවකට ලක්වුණු අවස්ථාවක, එහෙම නැත්නම් යම් පීඩනයකට ලක්වුණු අවස්ථාවක මේ යෝජනාව ඉදිරිපත් කළා. මේ ගිවිසුම අත්සන් කළේ ආණ්ඩුවේ අත අඹරවලා කියලා. අපි දන්නවා. අත පිටිපස්සට තියලා ඇඹරුවාට පස්සේ කියන්න අකමැති දේවලුත් කියැවෙන බව. එහෙම තමයි, කර ගත්තේ. මා කියන්නේ නැහැ, කොහොමද එතැනට ආවේ කියලා.

          1990 දී මේ යෝජනාව ආවට, ඒ යෝජනාව සම්පූර්ණ කරගන්න ඇමෙරිකා එක්සත් ජනපදයට බැරිවුණා. ඊට පස්සේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ දී එතුමිය ඇමෙරිකා එක්සත් ජනපදයත් එක්ක ගිවිසුමක් අත්සන් කළා, Join Combined Exercise Training Programme – JCET කියලා. ඒකට අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆැසිපික් කලාපයේ විශේෂ අණදෙන නිලධාරියා ඒ මධ්‍යස්ථානයේ ප්‍රධානියා එක්ක ශ්‍රී ලංකා රජය එකඟතාවකට ආවා, ඒකාබද්ධ හමුදා අභ්‍යාස පවත්වන්න. හමුදා අභ්‍යාස කීයක් පැවැත්තුවාද කියන්න මා පෞද්ගලිකව දන්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකා රජය එහෙම එකඟතාවකට ආවා. අර 1996 දී කරපු ඉල්ලීම දිගටම ඇවිල්ලා. ඊට පස්සේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියගේ කාලයේදී මේ JCET කියන එකඟතාවට ආවා. ඊට පස්සේ අප දන්නා දේ තමයි චන්ද්‍රිකා බණ්ඩානායක මැතිනිය ජනාධිපතිනිය වශයෙන් සිටියදී රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති හැටියට පත්වීම. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති හැටියට කටයුතු කළ කාලයේදී – 2003දී ඇමෙරිකා එක්සත් ජනපදයෙන් නැවතත් යෝජනාවක් ආවා, ශ්‍රී ලංකා රජය හොරෙන් අත්සන් කරපු, කැබිනට් මණ්ඩලයත් අඳුරේ තියලා අත්සන් කරපු මේ ACSA ගිවිසුම අත්සන් කරන්න. ඒ ගිවිසුම අත්සන් කරන්න කියලා යෝජනාවක් ආවා. ඒ වෙලාවේදී එක්සත් ජාතික පක්ෂ රජය පැති ගණනාවකින් රටේ ජනතාවගේ විවේචනයට ලක්වෙලා තිබුණා. එක පැත්තකින් සටන් විරාම ගිවිසුම අත්සන් කිරීම නිසා කොටි සංවිධානය ශක්තිමත් වෙනවා කියලා බරපතල විවේචනයකට ලක්වෙලා තිබුණා. ඒවාගේම, ආර්ථික ප්‍රශ්නත් ඇතිවෙලා තිබුණා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂ රජයට මේ සඳහා කොපමණ වුවමනාවක් තිබුණත්, කොපමණ අවශ්‍යතාවක් තිබුණත්, ඒ වෙලාවේදී මේ දේශපාලන තීන්දුව ගන්න හැකියාව ලැබුණේ නැහැ.

                දෙවන කාරණය මොකක්ද? ඉන්දියානු ආණ්ඩුව – ඉන්දියාවේ තානාපතිවරු, ඉන්දියානු රාජතාන්ත්‍රික අංශ – ඍජුවම ශ්‍රී ලංකා රජයට බලපෑම් කළා. ඒ වෙලාවේ අප දන්නවා, ඇමෙරිකා එක්සත් ජනපදයත් එක්ක එකතුවෙලා මේ ගිවිසුම අත්සන් කරන්නට එපාය කියලා බලපෑම් කළා. 2002 මැයි මාසයේ 28 වන අඟහරුවාදා “People Daily”පුවත්පත එවකට ශ්‍රී ලංකා ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් හැටියට සිටි ඔස්ටින් ප්‍රනාන්දු මහත්මයාගෙන් ගත්ත වාර්තාවක් මා ළඟ තිබෙනවා. එම ලියවිල්ල හැන්සාඞ්ගත කිරීම සඳහා මා සභාගත කරනවා. (කථාව අවසානයේ පළකර ඇත.)

ඔස්ටින් ප්‍රනාන්දු මහත්මයා ඒ වාර්තාවේ මෙහෙම කියා තිබෙනවා.

            “Sri Lanka will not sign a defence agreement with the United States as has been reported by local media” ලංකාවේ මාධ්‍යවල පළවෙලා තිබුණාට අත්සන් කරන්නේ නැහැ කියා එහි තිබෙනවා. නමුත් ඇත්ත හේතුව වෙලා තිබුණේ අර හේතුව. යූඑන්පී ආණ්ඩුවේ අකමැත්තට වඩා ඒ වෙලාවේ තිබුණු බරපතල විරෝධයන් එක්ක තවදුරටත් මේ වාගේ දෙයක් කරගන්න හැකියාවක් තිබුණේ නැහැ. ඉන්දියානු රජයේත් විරෝධයක් තිබුණා. ඒ නිසා මේක අත්සන් කළේ නැහැ. හැබැයි මේකේ කොටසක් විධියට තමයි සමහර යුද අවි මිලදී ගැනීම්වලට අදාළව කරන සාකච්ඡා, ශ්‍රී ලංකා ආණ්ඩුව සහ ඇමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුව අතර පටන් ගත්තේ. ඊළඟට තමයි මේ කියන ACSA ගිවිසුම 2007 මාර්තු මාසයේ පස්වන දා අත්සන් කළේ. අවස්ථා හතරක් හැටියට ගත්තොත්, 1996 දී කෆීර් මිලදී ගන්නා අවස්ථාව තමයි, මේ ගිවිසුමේ ප්‍රධාන ආරම්භය. ඊට පස්සේ ඒකාබද්ධ යුද අභ්‍යාස කිරීම සඳහා 2002 දී ගිවිසුමක් අත්සන් කළා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ රජය යටතේදීත් ගිවිසුමක් ඇතිකර ගන්න උත්සාහ කළා. රනිල් වික්‍රමසිංහ මහත්මයා පටන් ගත්ත ඒ දේ තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා මේ කෙළවර කරලා තිබෙන්නේ කිසි වෙනසක් නැතිව. එක අකුරක් නෑර ඒ විධියටම තිබෙනවා. මේ ගිවිසුම හැදිලා තිබෙන්නේ නේටෝ ගිවිසුමට අනුවයි. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ කාලයේදී පටන් ගත්ත දේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවෙන් හොරෙන් අත්සන් කළා.

           මේ ගිවිසුම අනුව අපේ රටට මොනවා ද වෙන්නේ කියන කාරණය ගැන අපි ඊළඟට දැනුවත් කරන්න කැමතියි. විදේශ රාජ්‍යයක් එක්ක ගිවිසුමක් අත්සන් කර ගත්තාය කියලා නිකරුණේ කලබල වෙන්න අපට රුදාවක් නැහැ. මා උදාහරණයක් කියන්නම්. මෑතකදී එල්ටීටීඊ සංවිධානයෙන් තමිල්නාඩුවේ ධීවරයන් පස්දෙනෙක් ඝාතනය කළා. තමිල්නාඩුවේ ඉන්න ඔක්කෝම අයයි, ඉන්දියානු ආණ්ඩුවේ ප්‍රධාන ඇමතිවරුයි, පොලිසියයි, එල්ටීටීඊ ජනමාධ්‍යයි, මෙහේ ඉන්න එන්ජීඕ කාක්කෝයි ඇතුළු ඔක්කෝම කිව්වා, ඒ අය ඝාතනය කළේ ශ්‍රී ලංකාවේ නාවුක හමුදාවෙන්ය කියලා. නමුත් ශ්‍රී ලංකා නාවුක හමුදාවෙයි, ඒ රටේ තානාපති අංශවල ඉන්න නිලධාරීන්ගේයි මහන්සියෙන් කරුණු සහිතව ඔප්පු කරලා පෙන්නුවා, ඝාතනය කළේ ශ්‍රී ලංකා නාවුක හමුදාවෙන් නොව, එල්ටීටීඊ සංවිධානයෙන් ය කියලා. ඒ අනුව ශ්‍රී ලංකා රජය ඉල්ලීමක් කළා, ඉන්දියානු සහ ශ්‍රී ලංකා නාවුක හමුදා දෙක ඒකාබද්ධව උතුරු මුහුදේ පරීක්ෂණ කටයුතු කරන්න ඕනෑය කියලා. ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට යහපතක් වන එවැනි දේවලට අප විරුද්ධ නැහැ. මේ තිස් අවුරුදු යුද්ධයේදී තවමත් රජිව් ගාන්ධි අගමැතිතුමා ඝාතනය වුණාට පස්සේත්, එල්ටීටීඊයේ ප්‍රධාන සැපයුම් මාර්ගය වෙලා තිබෙන්නේ තමිල්නාඩුව. ඒ නිසා එවැනි ඒකාබද්ධ ආරක්ෂක වැඩපිළිවෙළක් ඇතිකර ගැනීම අපේ රටට හොඳයි. හැමදෙයක්ම අල්ලාගෙන මොකක් හරි කීමේ අවශ්‍යතාවක් අපට නැහැ. නමුත් මේ අත්සන් කරපු ACSA ගිවිසුම එහෙම එකක් නොවෙයි.

             මේ ගිවිසුම අත්සන් කළ පරිසරය මොකක්ද කියා බලමු. ඒ සම්බන්ධයෙන් මා වගකීමෙන් කියන්න කැමතියි. 2007 මාර්තු මාසයේ පස්වනදා මේ ගිවිසුම අත්සන් කරන තුරු, ඒ සම්බන්ධව ලංකාවේ කිසිම ජනමාධ්‍යයක සාකච්ඡාවක්, කිසිම තොරතුරක් තිබුණේ නැහැ. ශ්‍රී ලංකා රජය ඇමෙරිකාවත් එක්ක ලොකු ගිවිසුමක් අත්සන් කළා; කිසිම තොරතුරක් නැහැ; අදත් නැහැ. ඇමෙරිකාව විනිවිදභාවය ගැන බොහෝ දේවල් කථා කරනවා. විනිවිදභාවය, වගකීම් සම්බන්ධව පාර්ලිමේන්තුව දැනුවත් කරන්න ඕනෑය කියලා අපට උගන්වන්නත් ඒ ගොල්ලන්ගේ ලොකු මහත්වරු එනවා. හැබැයි, ඇමෙරිකානු යුද හමුදාවේ නිල වෙබ් අඩවි එකක්වත්, ඇමෙරිකානු ආරක්ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවි එකකවත්, රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි එකකවත් මේ ගිවිසුම සම්බන්ධව කිසිම සඳහනක් නැහැ.

         ඊට පස්සේ අත්සන් කළා, තෙල් ගිවිසුම. ඒකත් හොරෙන්ම තමයි, අත්සන් කළේ. 2007 මාර්තු මාසයේ 14 වන දින, පී.බී. ජයසුන්දර මහත්මයායි, රොබට් ඕ. බ්ලේක් මහත්මයායි තෙල් සම්බන්ධ ගිවිසුමක් අත්සන් කළා. ලංකාවේ තෙල් පරිපාලනය කිරීමේ අයිතිය, තාක්ෂණිකව සහ පරිපාලනමය වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට පැවරෙන ගිවිසුමක් අත්සන් කළා. ඇමෙරිකානු USAID Agency කියන ඒ වෙබ් අඩවියේ ඒ ගිවිසුම නැහැ. නිකම් පොඩි විස්තරයක් තිබෙනවා. CIA website එකෙත් නැහැ. හොරෙන් අත්සන් කළා. අපි කියන්නේ මේ ගිවිසුම හදිසියේ අත්සන් කළ බවයි. හදිසියේ අත්සන් කර ගත්තේ කොහොමද? මා උදාහරණ දෙකක් ඉදිරිපත් කරන්න කැමතියි. එන්ජීඕ සංවිධානවලට අමතරව, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම ගැන  රජයක් වශයෙන් බරපතලම ප්‍රකාශය කළේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. ඒවාගේම පුද්ගලයෙකු වශයෙන් ගත්තොත් එවැනි ප්‍රකාශයක් කළේ ලංකාවේ ඇමෙරිකානු තානාපතිතුමා, ඒ ප්‍රකාශ කළේ 2007 ජනවාරි, පෙබරවාරි මාසවලදී. මානව හිමිකම් උල්ලංඝනය කරන ඉතාම නරුම රාජ්‍යයක්ය කියමින් ජනවාරි, පෙබරවාරි මාසවලදී ශ්‍රී ලංකා රජයට විශාල පීඩනයක් එල්ල කරමින් සිටියා. මානව හිමිකම් උල්ලංඝනය කිරීම අප පිළිගන්නේ නැහැ. හැබැයි, ඒ වාගේම මේ රටේ තිබෙන තත්ත්වය ඩාෆූර්වලට, පිනෝචේගේ චිලි රටට සමාන කරනවාටත් අප එකඟ නැහැ. දැන් BBC එක වාර්තා කර තිබෙනවා. ලංකාව පිනෝචේගේ චිලිය වාගෙයි කියා. ලංකාව පිනෝචේගේ නොවෙයි. පිනෝචේගේ ලොකු තාත්තාගේ චිලිය වාගේ තත්ත්වයක් තිබුණා. අපට 1987, 1990 කාලයේදී. අද මානව හිමිකම් උල්ලංඝනය වීම් සිද්ධවෙනවා. නමුත් ඒක ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන්ට අපේ රටට ගොඩබහින්න අවස්ථාවක් කරගන්නවාට අප එකඟ නැහැ. ඒ නිසා මේ ඉලක්කම් වගා කරලා දෙන උත්තරවලට අප එකඟ වන්නේ නැහැ.

       2007 ජනවාරි, පෙබරවාරි මාසවල පත්‍ර වාර්තා අරගෙන බලන්න. මේ ඇමෙරිකානු තානාපතිතුමා ප්‍රබල විවේචකයෙකු වෙලා සිටියා, ශ්‍රී ලංකා ආණ්ඩුවට. මානව හිමිකම් සම්බන්ධ ප්‍රශ්නය එතුමා ගත්තා. ඊට පසුව එතුමා මොකක්ද කළේ? යාපනයට ගියා. යාපනයට ගිහින් ලංකාවේ ජනමාධ්‍යවලට සාකච්ඡාවක් දුන්නා. යාපනයේ ගිහින් කිව්වා. යාපනයේ තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් එතුමාගේ හද කකියනවාය කියා. ඉරාක ජනගහනයෙන් සියයට 3ක්, 6,50,000ක් පමණ ඝාතනය කරපු ඇමෙරිකාව තමයි ලංකාවේ සිටින ඇමෙරිකානු තානාපතිවරයා තමයි මෙහෙම කියන්නේ. ඇමෙරිකානු හමුදා ඉරාක ජනගහනයෙන් සියයට 3ක් මරලා තිබෙන්නේ දැන් ලක්ෂ 8ක් මරලා තිබෙන්නේ. මා ඔය කාරණය කිව්වා. මොකක් හෝ විවාදයකදී, ඒ තානාපතිවරයා යාපනයට ගිහින් කියනවා, මාර වැඬේ, හද කකියනවාය කියලා. හද කකියනවාය කියා ශ්‍රී ලංකා රජයට තෙරපුමක් කළා, දණ ගහපං, අපි ළඟ දණ ගහපං, නැත්නම් අප මේ ප්‍රශ්නය ගන්නවාය කියලා. මානව හිමිකම් සම්බන්ධ ප්‍රශ්නය ගත්තා.

        ඊට පසුව ලෝකයේ නිෂේධ බලවතුන් තුන් දෙනෙක් ගියා, මඩකළපුවට. තානාපතිවරු පස්දෙනෙක් ගියා, තුන්දෙනෙක් නිෂේධ බලවතුන්; ඇමෙරිකානු තානාපති, ඉතාලි තානාපති, ප්‍රංශ තානාපති. ලෝකයේ නිෂේධ බලවතුන් පස්දෙනයි ඉන්නේ. ඒ පස්දෙනාගෙන් තුන්දෙනෙක් ගියා, මඩකළපුවේ මුදාගත් ප්‍රදේශ බලන්න. එහෙම ගියාම කොටි ගැහුවා, කාලතුවක්කුවලින්. එක තානාපතිවරයෙකුගේ සුෂුම්නාව සෙන්ටි මීටර් කාලකින් බේරුණා. එතුමන්ලා අයිවරි කෝස්ට් හෝ පැපුවා නිව්ගිනියාව වාගේ රටකට නොවෙයි, නිකම් පුංචි රටකටයි ගියේ. එතුමන්ලාට කාලතුවක්කුවලින් ගැහුවා. රොබට් ඕ. බ්ලේක් තානාපතිතුමාත් හිටියා. ඒ ප්‍රහාරයන් පසුව ඇමෙරිකාව කරපු ප්‍රකාශය මොකක්ද?  ඒ ප්‍රහාරයෙන් පසුව ඇමෙරිකාව ප්‍රකාශයක් නිකුත් කළා. මොකක්ද ඒ ප්‍රකාශයේ තිබුණේ ? එක පරිච්ඡේදයකින් එල්ටීටීඊය විවේචනය කර තිබුණා. ඉතිරි පරිච්ඡේද සියල්ලෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩුව විවේචනය කර තිබුණා. ඒ කියන්නේ, වහාම දණ ගහපං කියන එකයි. ඒ, පෙබරවාරි මාසයේදී ජනවාරි මාසයේ, human rights ! ජනවාරි මාසය අගදී යාපනයට ගියා. මට මතක විධියට පෙබරවාරි මාසයේදී විතර ඔය සිද්ධිය මඩකළපුවේ දී සිද්ධ වුණා.

         ඊට පසුව සම සභාපතිවරුන්ගේ ප්‍රකාශයක් නිකුත් කළා, ශ්‍රී ලංකා රජයට. මේ ක්‍රියාවලිය අප ගන්න ඕනෑ. අපි මේ කියන්නේ පොදු පෙරමුණු ආණ්ඩුව ගැන නොවෙයි. ඒක වැටුණාට අපට කිසි ප්‍රශ්නයක් නැහැ. පොදු පෙරමුණු ආණ්ඩුව වළට වැටෙන්න හදන්නේ ලංකාවත් ඇදගෙනයි. ඒකයි අපට තිබෙන ප්‍රශ්නය. හරියට දෙකට බෙදලා අප මේක තියාගෙන ඉන්නේ. ආණ්ඩුව වැටෙන එකට, රාජපක්ෂ මහත්මයා විසින් වළ කපා ගන්න එකට අපට කිසි ප්‍රශ්නයක් නැහැ. අප එතුමා පත්කර ගත්තා. හැබැයි, එතුමා ගිලෙන්න හදන්නේ රටත් එක්ක නම්, අප රට ගිලෙන්න දෙන්නේ නැහැ. ඒනිසා තමයි, ආණ්ඩුවත් එක්ක අපට මොන විවේචන තිබුණත්, ජාත්‍යන්තර තලයේදී “ශ්‍රී ලංකාව” කියන රාජ්‍යය වට්ටන්න අප ඒ කට්ටියට ඉඩ දෙන්නේ නැත්තේ.

         මේ පෙරහැර ගැන අප තව ටිකක් කියනවා නම්, 2006 නොවැම්බර් මාසයේදී සම සභාපතිවරුන් බරපතළ ප්‍රකාශ නිකුත් කළා. ඇමෙරිකා එක්සත් ජනපදයත් එක සම සභාපතිවරයෙක්. ප්‍රායෝගික වශයෙන් ගත්තොත් රොබට් ඕ. බ්ලේක් මහත්මයා තමයි, ඒකේ ප්‍රධාන කරන මූලික දේවල් ටික ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට අත්සන් කරලා දීලා තිබෙන්නේ. මොකක්ද, ඔවුන් කිව්වේ? ශ්‍රී ලංකා හමුදාව, විනයක් නැති, ප්‍රජාතන්තවාදී නොවන militia අතුරු හමුදා කණ්ඩායම් පවත්වාගෙන යන එකක් කියා මේ මහත්වරු තමයි කිව්වේ. 2006 නොවැම්බර් 01 දා එහෙම කියනවා. 2007 පෙබරවාරි මාසයේ මඩකලපුවේ ප්‍රකාශය අර විධියට දෙනවා. ඊට පස්සේ ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ සෙනෙට් සභිකයන් ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්නය බරපතළ ලෙස සාකච්ඡා කරලා මෙහාට නියෝජිතයෙක් එවන්න කථා කරනවා. එහෙම කරලා කරලා 2007 මාර්තු මාසය වන විට ශ්‍රී ලංකා ආණ්ඩුව දණ ගස්සවනවා.

         අප දැක්කා සමහර දෙමළ මන්ත්‍රීතුමන්ලා සහ එන්ජීඕ සංවිධාන මඟින් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ඇමෙරිකානු පුරවැසිභාවය පිළිබඳවත් ප්‍රශ්න කරපු ආකාරය. ඒවා තමයි පාවිච්චි කළේ. එක පැත්තකින් “දණ ගහපන්, අප කියන විධියට වැඩ කරපන්, නැත්නම් මානව හිමිකම් අදිනවා, නැත්නම් හමුදාව විනයක් නැති එකක් කියා කියනවා”යි ශ්‍රී ලංකා ආණ්ඩුවට තෙරපුම හැදුවා. එහෙම තමයි පෙරහැර හදාගෙන ආවේ. ඊට අමතරව, ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පුරවැසිභාවය සම්බන්ධ ප්‍රශ්නයත් ගෙන ආවා. රටේ පොදු ප්‍රශ්නයයි, ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පෞද්ගලික ප්‍රශ්නයයි දෙක එකට එකතුකර ගත්තා. ඒකයි අප කියන්නේ ආණ්ඩුව දණ ගස්සවලා, ආණ්ඩුවේ අත අඹරවලා තමයි මේ ගිවිසුම අත්සන් කළේ කියා. අන්තිමට ආණ්ඩුවට සිද්ධ වුණා, කිසිම සාකච්ඡාවක් නැතිව, ඛනිජ තෙල් අමාත්‍යාංශය මොකක්වත් දන්නේ නැතිව, ඇමතිවරයා මොකක්වත් දන්නේ නැතිව, මාර්තු 14 වෙනිදා අපේ ඛනිජ තෙල් සම්පත පරිපාලනය පිළිබඳව ගිවිසුමක් අත්සන් කරන්න. පස්වෙනිදා ශ්‍රී ලංකා හමුදාව ඇමෙරිකාවත් සමග ගිවිසුමක් අත්සන් කරනවා ! දෙයි හාමුදුරුවනේ ! මේවා කරන්නේ කොටි මඩින අරමුණෙන් නම්, ආණ්ඩුව දැන් කොහොමත් දුවන්නේ propaganda වලින් නේ. වෙන මොකක්වත් නැහැ. ආණ්ඩුව දුවන්නේ සම්පූර්ණයෙන්ම propaganda වලින්. ඉතින් propaganda ගැන ඔය විධියට හිතනවා නම්, ආරක්ෂක ගිවිසුම අත්සන් කරන්න තිබුණේ නිදහස් චතුරශ්‍රයේ නේ. දැන් ඒක හොරන් අත්සන් වෙනවා.

               රොබට් ඕ. බ්ලේක් මහත්මයා එවන පත්තර කෑල්ල ගැන තමයි අපට දැන් පාර්ලිමේන්තුවේදී කථා කරන්න වෙලා තිබෙන්නේ. අදත් ආණ්ඩුවේ නිවේදනයක්. බ්ලේක් මහත්මයා නිකම් අර winter jackets හිම කබායවල් මරුකර ගන්න ගිවිසුමක් අත්සන් කළේ. ඒ දණ ගැස්සූ නිසාම තමයි ඒ වෙලාවේ අංග සම්පූර්ණ වශයෙන් මේ ගිවිසුම ඉදිරිපත් කරන්න බැරි වුණේ; රටට ඉදිරිපත් කරලා, ජනතාව අතරට ගෙන ගිහින් අත්සන් කරන්න බැරි වුණේ.

           කනගාටුවෙන් වුවත් අපට කියන්න වෙන්නේ වෙන වෙන රටවල් සමග අත්සන් කරන ලද ගිවිසුම් අප ළඟ තිබුණාට ලංකාවත් සමග අත්සන් කරන ලද මේ ගිවිසුම මොකක්ද කියා අප නොදන්නා බවයි. නමුත් මේ ගිවිසුම අනුව අප කියන්න කැමැතියි, එහි තිබෙන නිශ්චිත කාරණා මොනවාද කියා. ඒ අනුව ඇමෙරිකානු හමුදාවේ යුද මෙහෙයුම්, සාම සාධක මෙහෙයුම්, මානුෂික මෙහෙයුම් ආදී වශයෙන් ඇමෙරිකාව කරන ඕනෑම මෙහෙයුමකට අපේ රටේ ගුවන් තොටුපොළවල් ලබා දෙන්න; අපේ රටේ වරායවල් ලබා දෙන්න; අපේ රටේ ගොඩබිම ලබාදෙන්න ශ්‍රී ලංකා රජය බැඳී ඉන්නවා. ඒක තමයි Cross-Servicing Agreement කියා කියන්නේ.”Cross” කියන එකට අදාළ වන්නේ මේවායි. මේ ගිවිසුමේ තිබෙනවා ඇමෙරිකානු හමුදාවන්ට ශ්‍රී ලංකාවේ වරායවල්, ගුවන් තොටුපොළවල්, ගොඩබිම පාවිච්චි කරන්න පුළුවන් වාගේම, ලංකාවේ හමුදාවන්ටත් ඇමෙරිකානු, ගුවන් තොටුපොළවල්, වරායවල්, ගොඩබිම පාවිච්චි කරන්න පුළුවන්ය කියා. ඉතාම ප්‍රජාතන්ත්‍රවාදීයි.

          බැලුවාම ඇත්ත. ඇමෙරිකානු නැව්වලට මෙහේ තෙල් ගහන්න පුළුවන් වාගේම, අපේ නැව්වලටත් එහේ ගිහින් තෙල් ගහන්න පුළුවන්. නමුත්, අප දන්නා දෙය තමයි ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව එක පැත්තකින් ආක්‍රමණකාරී යුද කටයුතුවල යෙදෙන හමුදාවක් නොවෙයි කියන එක. අපේ රාජ්‍යය තුළ වුණත් අවුරුදු පනහක්, හැටක් තිස්සේ යම් යම්  ආකාරයේ අඩුපාඩුකම් තිබුණු කාල තිබෙනවා. වැඩිපුර බටහිරට ගැතිවුණු. නමුත් සාමාන්‍යයෙන් අපේ විදේශ ප්‍රතිපත්තිය ලෝකයේ අනික් රටවල් එක්ක යන්තම් කෙළින් හිටගන්න පුළුවන් විදේශ ප්‍රතිපත්තියක්. අඩුපාඩුකම් සහිතව හරි ඒක පවත්වාගෙන ගිහින් තිබෙනවා. ඊශ්‍රායලයේ, ඇමෙරිකාවේ වාගේ  කොන්වුණු විදේශ ප්‍රතිපත්තියක් අපේ රට අනුගමනය කර නැහැ.

         2001 සැප්තැම්බර් 11 වෙනිදා ගුවන් යානාවලින් ඇමෙරිකාවට පහර දෙනවිට මා හිතන්නේ මිනිසුන් මැරෙන එක ගැන හැඟීමක් කාට තිබුණා වුණත්, ලෝකයේ බොහෝ අය ඒ ගැන සතුටු වන්න ඇති. අවංකව කියනවා නම් මට පණිවුඩය ආවේ අරලියගහ මන්දිරයෙන්. ඒ පණිවුඩය බොහොම තෘප්තියෙන් ආවේ. “මරු වැඬේ ! අරුන්ට ගහලා” කියා. ඇමෙරිකාවේ මිනිසුන් මැරෙන එක පිළිබඳව කනගාටුයි. නමුත් ඇමෙරිකාව අනුගමනය කරන ඒ කාලකණ්ණි විදේශ ප්‍රතිපත්තිය නිසා ලෝකයේ මිනිසුන් හැම කෙනෙක් තුළම යටි හිතේ පොඩි කැමැත්තක් ඇති වෙන්න ඇති. ඒ නිසා එවැනි විදේශ ප්‍රතිපත්තියක් එක්ක තමයි අප මේ ප්‍රශ්නය දිහාත් බලන්න ඕනෑ.

            මේ ගිවිසුමට අනුව අපේ නැව්, ගුවන් යානා එහේ යවන්න අපේ රටට පුළුවන් කියා කියනවා. අප ඒවා එහාට යවනවා ද? අපේ ත්‍රිවිධ හමුදාවට ඇමෙරිකාවේ ගුවන් තොටුපොළවල්, ඇමෙරිකාවේ වරායවල් පාවිච්චි කරන්න කවදා ඕනෑ වෙයිද? අපට නිකම් ලණුවක් දීලා ඒ ගොල්ලන් අපේ භූමිය පාවිච්චි කරන එක තමයි මෙයින් සිද්ධ වෙන්නේ. ඇමෙරිකාව එක එක නම් දමනවා, “War-on-terror˜ කියා ඉරාකයේ තෙල් අල්ලනවා. ලොරියේ ඉදිරිපස “බුදු සරණයි” කියා ගහගෙන ලොරිය ඇතුළේ හොර හරක් පටවාගෙන යනවා වාගේ, ඇමෙරිකාව එක එක නම් දමනවා. “War-on-terror˜ අත්කර ගත්තාට පසුව, ඒකෙ තිබෙන්නේ ““War-on-terror˜” ඒ වාගේ එක එක නම් දමා ඇමෙරිකාවට කියන්න පුළුවන් මේක කියා. අවසානයේ වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඕනෑම ආකරයක යුද මෙහෙයුම් කටයුතුවලට ලංකාවේ භූමිය, ගුවන් තොටුපොළවල්, වරායවල් පාවිච්චි කරන්න අවස්ථාවක් ලබාදීමයි.

          ඒකෙන් වෙන්නේ මොකක්ද? අපේ රට මේ වැදගත්කම තේරුම් ගන්න ඕනෑ මේ විධියටයි. අපේ රට පිහිටා තිබෙන්නේ ලෝකයේ මුහුදු කලාපවලින් විශාලතම විවෘත මුහුදු කලාපයේයි. ඉන්දුනීසියාවේ සිට මැඩගස්කරය දක්වා කිලෝ මීටර් 4000ක් යන තුරු පළල අතට කිසිම ගොඩබිමක් නැහැ. මාලදිවයින තිබෙනවා. වැඩක් නැහැ. ඒවාගේම, ලංකාවේ සිට පහළට ඇන්ටාක්ටිකාව දක්වා කිලෝ මීටර් එක්දහස් ගණනක් තිබෙනවා. කිසිදු වැදගත් දූපතක්, ගොඩබිමක් නැහැ. අපේ රටේ මේ පිහිටීම අනුව, ගත්තත්, ඇමෙරිකානු යුද දේශපාලන වුවමනාව පැත්තෙන් ගත්තත් අපේ රට ඔවුන්ට අතිශය වැදගත්. ඒ නිසා තමයි ඔවුන් දිගුකාලීන වශයෙන් අපේ රට ඇතුළේ තමන්ගේ හමුදාමය මූලස්ථාන පිහිටුවා ගන්න, විශේෂයෙන්ම ත්‍රිකුණාමලය වරායේ නාවික හමුදා කඳවුරු පිහිටුවන්න විශාල උත්සාහයක් දරමින් ඉන්නේ. සුනාමි අවස්ථාවේදී ඇමෙරිකානු හමුදාව ලංකාවට ආවා. ඔවුන් කොහේ වැඩ කරන්නද ඉල්ලුවේ?ඔවුන් ඉල්ලුවේ ත්‍රිකුණාමලයේ වැඩ කරන්නයි. මේ ගිවිසුම අනුව ඔවුන්ගේ දිගුකාලීන වුවමනාවක් තිබෙනවා. අපේ රට තුළ හමුදා කඳවුරු ස්ථාපිත කරගන්න.

         මීට අවුරුදු තුනකට කලින් ACSA ගිවිසුම කියා මේ විධියේම ගිවිසුමකට ඇමෙරිකාව බංග්ලාදේශයත් එක්ක අත්සන් කළා. ඒ ගිවිසුම සම්බන්ධව බංග්ලාදේශය පළ කරපු වාර්තාවකට අනුව ඔවුන් කියන්නේ මෙහෙමයි. මා එය සිංහලෙන් කියන්නම්. ඇමෙරිකා එක්සත් ජනපදය බංග්ලාදේශ ආණ්ඩුවට කිව්වේ අතිශය දුප්පත්, දුර්වල, දූෂිත ආණ්ඩුවක් කියලයි. ඒ දුර්වල, දූෂිත ආණ්ඩුවට තමයි බලපෑම් කරන්නේ. එහෙම බලපෑම් කරලා තමයි බංග්ලාදේශයත් එක්ක ACSA ගිවිසුම එත්සන් කළේ. අත්සන් කරලා ඊළඟට මොකක්ද කරන්නේ ? බංග්ලාදේශය තිබෙන්නේ බෙංගාල බොක්කේ අනෙක් පැත්තේ. අප සිටින්නේ ඒකෙ බටහිර. බෙංගාල බොක්කේ නැගෙනහිර පැත්තේ තමයි බංග්ලාදේශය තිබෙන්නේ. බංගලාදේශයේ පහළම තිබෙනවා. “සෙන්ට් මාටිනිස්” කියා බොක්කක්. අද ඇමෙරිකානු නාවික හමුදාව ඒ ගිවිසුම පාවිච්චි කරලා එතැන ඇමෙරිකානු නාමික හමුදා කඳවුරක් ගොඩ නඟන්නට යනවා.

                අප වගකීමෙන් කියනවා, මේ ගිවිසුම අනුව ඇමෙරිකාව එක පාරටම ත්‍රිකුණාමලයේ කඳවුරක් හදන එකක් නැහැ. ඉස්සෙල්ලාම transit point එකක් හදා ගනීවි. මොකද අප බැඳී ඉන්නවා. ඔවුන්ට සේවා සපයන්න. අපට ඒවාට වැහි කබායවල් – winter jackets – හම්බ වෙනවා. ක්‍රමානුකූලව ඒ ගොල්ලන්ගේ උපාය මාර්ගය තමයි, ලංකාවේ කොහේ හරි තැනක ඔවුන්ගේ යුදමය මධ්‍යස්ථානයක් පිහිටුවා ගන්න එක. බෙංගාල බොක්කෙන් බටහිර තිබෙන ත්‍රිකුණාමලය පැත්තෙයි. නැගෙනහිර තිබෙන බංග්ලාදේශයේයි ඇමෙරිකානු නාවික හමුදා කඳවුරු දෙකක් පිහිටුවා ගත්තාට පසුව තවදුරටත් බෙංගාල බොක්ක, බෙංගාල බොක්කක් වෙන්නේ නැහැ. ඒක ඇමෙරිකන් බොක්කක් වෙනවා. ඒනිසා අප මේ තත්වය දැනගන්න ඕනෑ. අප කියන්නේ මේ අනතුර ගැනයි. සමහර දුර පේන්නේ නැති මැට්ටන්ට හිතෙන්න පුළුවන් අප තලියේ පැනේ කිඹුලන් දකින අයයි කියා. එහෙම ටිකක් ආණ්ඩුවේ ඉන්නවා. ඒ කියන්නේ ප්‍රශ්නය සුළුකොට තකනවා. එකත් කියන්න එපායැ. තමන්ට තිබෙන්නේ රට පාලනය කරන්නයි. අනාගතය දක්වායි පාලනය කරන්න තිබෙන්නේ. අද ගහන ගිවිසුම්වලින් හෙට පරිප්පු හම්බ වෙනවා. ඒ නිසා අද සැලකිලිමත් වෙන් ඕනෑ. එහෙම නැතිව අප මේ තලියේ පැනේ කිඹුලන් දකිනවා නොවෙයි. අප කියන්නේ මේක එතැනට මඟපාදන බවයි. ඇමෙරිකාව ඉස්සෙල්ලා එන්නේ කොහොමද කියා මා කියන්නම්. අද කොසෝවෝ උදාහරණයකට ගනිමු. ඇමෙරිකාව ඉස්සෙල්ලාම එතැනට එවුවේ එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා. ඇමෙරිකාවක් ගෑවිලාවත් තිබුණේ නැහැ.

           අවුරුදු දෙකක් ගියාට පස්සේ එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාව NATO NATO Peace Keeping Force බවට පරිවර්තනය කළා. ඊට අවුරුදු දෙකකට පස්සේ NATO NATO Peace Keeping Force එක European Army එක බවට පරිවර්තනය කළා. තර්ක හදන්න පුළුවන්. ලෝකයේ රට රටවලින් මේකට ඇවිදින් පරිපාලනය කරන්න ගියොත් ලොකු වියදමක් යනවාය, යුරෝපයේ හමුදාවකට අඩු වියදමකින් මේක කරන්න පුළුවන්ය කියා. එක්සත් ජාතීන්ගේ හමුදා NATO  හමුදා වුණා; NATO හමුදා යුරෝපා හමුදා වුණා; දැන් ඇමෙරිකන් හමුදා යුරෝපා හමුදාවට අණ දෙනවා. අද කොසෝවෝවල තත්ත්වය ඒකයි.

           අද ඇමෙරිකා එක්සත් ජනපදය සතුව ලෝකය පුරාම විදේශ හමුදා කඳවුරු 702ක් තිබෙනවා. ඒක ඇත්ත ගණන නොවෙයි. ඊට වඩා වැඩියි. දහසක් විතර තිබෙනවාය කියලයි විශ්වාසය තිබෙන්නේ. කොහොම නමුත් 702ක් තිබෙනවා. ඒනිසා අප දකින්නේ, මෙවැනි ගිවිසුම්වලින් විදේශ හමුදා පිහිටුවා ගැනීමේ අරමුණට අප මෙහෙම එක පැත්තකින් සේවය කරන බවයි. අනික් පැත්තෙන් අප අපේ මිත්‍ර ජාතීන්, මිත්‍ර රටවල් ඔක්කොම තරහ කර ගන්නවා. අපට  ඇති දෙයකට නොවෙයි. අප අහන්න කැමැතියි. ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකා රජයට – යූඑන්පී වේවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වේවා පසුගිය අවුරුදු විස්ස ඇතුළත එකදු තීරණාත්මක අවස්ථාවකදීවත් යුදමය ආධාර දී තිබෙනවා ද කියා. ගුවන් තොටුපොළ ප්‍රහාරය වෙලාවේදී, අලිමංකඩ ප්‍රහාරය වේලාවේදී, යූඑන්පී වේවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වේවා කිසිම ආණ්ඩුවකට ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකා රජයට යුදමය ආධාර දී නැහැ. ඒනිසා මේ ගිවිසුමෙන් අපට යුදමය රැකවරණයක් නොවෙයි ලැබෙන්නේ. ඇමෙරිකාවට අවශ්‍ය අවස්ථාවලදී අප ඒ අයගේ තිප්පොළක් බවට පත්වෙලා, විශේෂයෙන්ම අරාබි රටවල දෝෂාරෝපණයට අප ලක්වෙලා. ඇමෙරිකාව අනාගතයේ පටන් ගන්න හදන යුද්ධවලට අපව නිකම්ම දඩබිමක් වෙන්නයි යන්නේ. අප මෙවැනි අමනෝඥ ගිවිසුම්වලට අත්සන් කළොත්, ප්‍රභාකරන් මදිවාට බින්ලාඩනුත් එතකොට මෙහාට බහින්න පුළුවන්.

          ඒ නිසා අවසාන වශයෙන් අප ආණ්ඩුවට කියන්නේ මේකයි. එකක් මේක හොර රහසේ අත්සන් කරපු ගිවිසුමක්. මේ ගිවිසුම වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියායි. ඒවාගේම අප තවත් කාරණයක් කියා සිටිනවා. අප යටත් නොවී ලෝකයේ රටවල් එක්ක වැඩකරන එක වෙනම දෙයක්. හැබැයි, ඇමෙරිකාව වගේ බලවත් ජාතීන් රෙද්ද අස්සට දමාගත්තාට පස්සේ එලවන්න අමාරුයි. ඒ නිසා අප කියන්නේ මේ ගිවිසුම අත්සන් කළාට තවම ප්‍රායෝගික වශයෙන් භූමියේ ක්‍රියාත්මක වන්න ලොකු කාලයක් ගිහින් නැති නිසා මේ ගිවිසුම අහෝසි කරන්න කියායි. ඒ ඉල්ලීම හා බලපෑම මේ රජයට කරමින් මගේ යෝජනාව පිළිබඳ කරුණු දැක්වීම අවසන් කරනවා.

U.S. & Sri Lanka Sign Mutual Services Pact

(US Embassy Press Release)

Sri Lankan Defense Secretary Gotabaya Rajapaksa and U.S. Ambassador Robert Blake signed a logistical agreement between the two countries, providing a framework for increased interoperability. The Acquisition and Cross – Servicing Agreement (ACSA) will allow the United States and Sri Lanka to transfer and exchange logistics supplies, supplies, support, and re-fueling services, either in kind or at cost, during peacekeeping missions, humanitarian operations and joint exercises. The United States has ACSA agreement with 89 other countries around the world.

The categories of allowable goods and services include food, petroleum, and transportation. The provision of weapons systems or ammunition is expressly prohibited under this agreement. Each nation’s forces can support the other during contingencies, such as disaster relief or peace-keeping operations, which reduces the logistics requirement for each nation’

Logistics support allowed under this agreement cannot be transferred beyond the forces of the receiving party without consent of the providing party. The agreement will be effect for ten years, and all transactions must be mutually agreed upon before any transfer is made.

“ACSA will facilitate the exchange of no-lethal equipment, increase cooperation in the field and reduce the paperwork involved” Ambassador Blake said “For example, if the Sri Lankan Army had sent troops to assist in the Pakistani earthquake and needed winter coats for the soldiers, under ACSA the United States could provide those winter coasts in exchange for fuel and foodstuffs the next time a U.S. Vessel made a port call in Colombo. On-the – ground cooperation between our two armed forces was evident in the aftermath of the tsunami disaster. This will enhance both nations’ ability to engage in disaster relief and peace-keeping missions more effectively” he added.

[/faq_item][/faq][faq title=”” open1st=”0″ openAll=”0″][faq_item title=”ස්වෛරීත්වයට හානිකර ආරක්ෂක ගිවිසුම නැවත අත්සන් කරන්නේද නැද්ද යන්න ආණ්ඩුව රටට හෙළි කළ යුතුයි” number=”2″]

ස්වෛරීත්වයට හානිකර ආරක්ෂක ගිවිසුම නැවත අත්සන් කරන්නේද නැද්ද යන්න ආණ්ඩුව රටට හෙළි කළ යුතුයි

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා

2017.03.05 දින ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වූ මාධ්‍ය හමුව

2007 රාජපක්ෂ ආණ්ඩුව සමයේ අපේ රටේ ආරක්ෂක අමාත්‍යාංශයත්, අමෙරිකාවේ ආරක්ෂක අමාත්‍යාංශයත්, අතර ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළා. එයින් දෙරට අතර යුදමය අවස්ථාවන්වලදී පහසුකම් සැපයිය යුතු බවට එකඟතාවයකට ඇවිත් තිබුණා. එම ගිවිසුම අත්සන් කළේ අමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙනුවෙන් එවකට ශ්‍රී ලංකාවේ අමෙරිකාවේ තානාපති රොබට් ඕ බ්ලේක් මහතා සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතායි. රාජපක්ෂ ආණ්ඩුව එදා මේ ගිවිසුම අත්සන් කරන කොට ඇමති මණ්ඩලයටවත් නොකියා රටටත් නොකියා තමයි මේ ගිවිසුම අත්සන් කළේ. එම ගිවිසුම එළියට ආවේ නැහැ. වසර 10කට තමයි ගිවිසුම අත්සන් කර තිබුණේ. 2017 මාර්තු 05 වන විට එම ගිවිසුමේ කාලය අවසන් වෙලා තිබෙනවා.

         මෙම ආරක්ෂක ගිවිසුමේ සඳහන් වෙලා තිබෙනවා තවත් වසර 10කට මෙම ගිවිසුම දීර්ඝ කරන්න හැකියාව තිබෙනවා කියලා. අපිට තිබෙන තොරතුරු අනුව වර්තමාන ආණ්ඩුව මෙම ගිවිසුම දීර්ඝ කිරීම සඳහා සාකච්ඡාවක ඉන්න බව හෙළිවෙලා තිබෙනවා. පසුගිය දා පාර්ලිමේන්තුවේ තිබෙන විදේශ කටයුතු අමාත්‍යාංශ අධීක්ෂණ කමිටු රැස්වීමේදී බිමල් රත්නායක සහෝදරයා මේ ගැන ප්‍රශ්න කළා. එවෙලාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් කියා තිබුණේ ඔවුන්ට ඒ පිළිබඳව අවබෝධයක් නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ආරක්ෂක අමාත්‍යාංශය බවත් කියා තිබුණා. කලින් ආණ්ඩුවත් කළේ ජනතාවටත්, තමන්ගේ කැබිනට් මණ්ඩලයටත් හොරෙන් ගිවිසුම අත්සන් කරපු එකයි. ඒ විදිහටම මේ ආණ්ඩුවත් කාටත් හොරෙන් මෙම ආරක්ෂක ගිවිසුම දීර්ඝ කරන්න යනවද කියලා අපිට සැකයක් තියෙනවා. අපි ආණ්ඩුවට බල කරනවා ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට හානිකරන, මෙම ආරක්ෂක ගිවිසුම නැවත අත්සන් කරන්නට එපා කියලා. මෙම ප්‍රශ්නය දැනට දැවෙන ප්‍රශනයක් ලෙස මතුවෙලා නොතිබුණාට ඉදිරියේදී රටට හානිකර වීමේ හැකියාව තිබෙනවා.

        මේක රටවල් දෙකක් අතර ගිවිසුමක්. ගිවිසුමෙන් කියන්නේ කිසියම් යුදමය කටයුතුවලදී දෙරටම එකිනෙකාට උදවු කළ යුතු බවයි. ඇමෙරිකා එක්සත් ජනපදය මේ කලාපයේ කිසියම් යුදමය කටයුත්තක් කරනවා නම් ඔවුන්ගේ යුද යානාවලට, නැව්වලට සහ සෙබලුන්ට පහසුකම් ලබාදෙන්න අපේ රට බැඳිල ඉන්නවා. ඒ විදිහටම ඇමෙරිකාවත් අපේ රටට යුදමය පහසුකම් ලබාදීමට බැඳිලා සිටින නමුත්, එය අපේ රටට ප්‍රායෝගික තත්ත්වයක් නොවන නිසා අපිට උදව් ලැබෙන එකක් නැහැ. නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය මේ වන විටත් යුද මෙහෙයුම්වල නිරත වෙලා ඉන්නවා. ඉදිරියේදීත් ඉන්දියාව සමඟ චීනය සමග එවැනි ගැටුම්වලට මැදිහත් වේදැයි අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මෙම ගිවිසුම ඇමරිකාවට පමණක් වාසි ලැබෙන ගිවිසුමක්. මේ වන විටත් ඇමෙරිකා එක්සත් ජනපදය දියාගෝගාසියාවල හමුදා කඳවුරක් පවත්වාගෙන යනවා. ඔවුන් විවිධ යුද මෙහෙයුම් කරනවා. පුහුණුවීම් කටයුතු කරනවා. ඒ විදිහටම ලංකාවේ භූමියත් ඔවුන්ට යොදා ගැනීමේ හැකියාව තිබෙනවා.

       මෙම ගිවිසුමේ දෙවන පරිච්ඡේදයේ සඳහන් වෙලා තිබෙනවා ඒකාබද්ධ යුද අභ්‍යාසවලදී, යුද පුහුණුවීම් කටයුතුවලදී, මෙහෙයුම්වලදී ආරක්ෂක සේවාවලට බලපාන වෙනත් ඕනෑම කටයුත්තකදී සේවා පහසුකම් සැපයීම සඳහා දෙරට බැඳී ඉන්නවා කියලා. ඒ වගේම මෙම ගිවිසුමේ පහසුකම් මොනවාද කියලා විස්තර කරලා තිබෙනවා. ආහාර, ජලය, කූඩාරම් ඉදිකිරීම සඳහා භූමිය, ප්‍රවාහන පහසුකම්, (ගුවන් පහසුකම් ඇතුළුව) ඛනිජ තෙල්, ලිහිසි තෙල්, ඇඳුම්, සන්නිවේදන පහසුකම්, සෞඛ්‍ය පහසුකම්, උණ්ඩ සහ පතරොම්, ඇතුළු සියලුම සේවා සැපයිය යුතුයි කියලා. එනිසා මෙම ආරක්ෂක ගිවිසුම අපේ රටට කිසිදු ආර්ථික, හෝ ආරක්ෂක ප්‍රතිඵලයක් නැති එකක්. එය ප්‍රතිඵල දායක වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයට පමණයි. මේ නිසාම ඒකාලයේ මෙම ගිවිසුම අත්සන් කළේ ඇයි කියලා අපිට ප්‍රශ්නයක් තිබුණා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඒකාලයේ පෙනී සිටියේ අධිරාජ්‍ය විරෝධී, දේශප්‍රේමී, ආණ්ඩුවක් විදිහටයි. දේශප්‍රේමය ගැන කිව්වොත් බෙල්ල කඩාගන්න ගියපු කට්ටිය මෙවැනි රටට අහිතකර ගිවිසුමක් අත්සන් කළේ ඇයි? ඒ කාලෙත් අපි මෙම ගිවිසුම අහෝසි කරන්න කියලා විශාල අරගලයක් කළා. නමුත් ආණ්ඩුව අහෝසි කළේ නැහැ. දැන් මෙම ගිවිසුමේ කාලය අවසන් වී තිබෙනවා. නමුත් වර්තමාන ආණ්ඩුව මෙම ගිවිසුම අත්සන් කරනවාද නැද්ද යන්න තවමත් රටට හෙළිකරලා නැහැ. අපි ආණ්ඩුවට බල කරනවා ආරක්ෂක අමාත්‍යාංශයේත් ආණ්ඩුවේත් ස්ථාවරය රටට හෙළිකරන්න කියලා.

        මෙම ගිවිසුම අපේ රටට කරුණු කිහිපයකින් අවාසිදායකයි. එකක් තමයි මෙම ගිවිසුමෙන් අපේ රටට කිසිදු ප්‍රතිඵලයක් නැහැ. වෙනත් රටකට අපේ රටේ භූමිය ලබාදෙන නිසා ස්වෛරීත්වයට හානි කරයි. ඒ වගේම මෙම ගිවිසුම නිසා අසල්වැසි රටවල් අප සමග අමනාප විය හැකියි. ඉන්දියාව, චීනය වගේ රටවල් අපේ රට කෙරෙහි සැකෙන් බලන තත්වයක් ඇති වෙනවා. මේ කලාපයේ රටවල් එක්සත් ජනපදයට විරුද්ධව කිසියම් යුදමය ක්‍රියාමාර්ගයක් ගතහොත් අප අපේ රට ඇමෙරිකාවට උදව් කරන නිසා අනෙකුත් සියලු රටවල්වල සතුරා බවට අපේ රට පත්වීම වළක්වන්න බැහැ. මේ වන විටත් මැදපෙරදිග රටවල් සමඟ උතුරු කොරියාව සමඟ ඇමෙරිකා එක්සත් ජනපදය යුද ක්‍රියාමාර්ගවල සහ මත ගැටුම්වල සිටින නිසා එවැනිම තත්ත්වයක් ඉන්දියාව සහ චීනය සමඟ ඇති නොවෙයිද කියලා කියන්න පුළුවන් කමක් නැහැ.

         මෙවැනි ගිවිසුම් ලෝකයේ බලවත් රටවල් දෙකක් අතර, සිදුවුණාට කිසිදු ප්‍රශ්නයක් නැහැ. ඇමෙරිකාව, බි්‍රතාන්‍ය වගේ රටවල් දෙකක් අතර, මෙවැනි ගිවිසුම් අත්සන් කිරීමෙන් දෙරටටම වාසි වෙන්න පුළුවන්. නමුත් අප වැනි රටවල් මෙවැනි ගිවිසුම්වලට එළැඹීමත් එක්සත් ජනපදයට යටත් වීමක්. ඒවගේම මෙම ගිවිසුම අත්සන් කරපු පුද්ගලයන් පිළිබඳවත් ප්‍රශ්නයක් තිබුණා. මොකද රටවල් දෙක වෙනුවෙන් ගිවිසුම අත්සන් කරපු පුද්ගලයන් දෙදෙනාම ඇමෙරිකානු පුරවැසියන්. ඇමෙරිකාව වෙනුවෙන් අත්සන් කරපු රොබට් ඕ බ්ලේක් මහතා ඇමෙරිකානු පුරවැසියෙක් වූ අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් ගිවිසුම් අත්සන් කරපු ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඇමෙරිකානු පුරවැසියෙක්. මෙම ගිවිසුම කෙතරම් අහිතකර වුනත් වර්තමාන ආණ්ඩුවත් මේ ගිවිසුම අහෝසි කළේ නැහැ. ගිවිසුමට අනුවම යම් නිශ්චිත කාලයකට කලින් දැනුම් දීමකින් පසුව මෙම ගිවිසුමෙන් ඉවත් වීමට හැකියාව තිබෙනවා.

         අපි මේ මොහොතේ රටට ආදරය කරන සියලු බලවේගවල අවධානය මෙම ආරක්ෂක ගිවිසුම සම්බන්ධව යොමු කරනවා. මෙම ගිවිසුම නැවත දීර්ඝ කිරීමට ඉඩ ලබාදිය යුතු නැහැ. ඒ නිසා ආණ්ඩුවේත් ආරක්ෂක අමාත්‍යාංශයේත් ස්ථාවරය රටට කිව යුතුයි. මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් මතුවෙලා තිබෙන බව අපිට වාර්තා වෙලා තිබෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්න ජවිපෙ බලාපොරොත්තු වෙනවා. ආණ්ඩුව මෙය නොසලකා හරිනවා නම් ඊට එරෙහිව ප්‍රබල ජනමතයක් ඇති කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සියලු ක්‍රියාමාර්ග ගන්නවා. අපේ රටෙත් මේ වන විට සයිටම් ප්‍රශ්නය එක්සත් ජාතීන්ගේ සමුළුවේ යෝජනා වැනි තවත් ප්‍රශ්න සාකච්ඡා වෙමින් තිබෙනවා. නමුත් මෙම ආරක්ෂක ගිවිසුම පිළිබඳව සාකච්ඡාවක් ඇති වෙලා නැහැ. අවධානයක් නැහැ. නමුත් අපේ රටට මෙම ගිවිසුමෙන් හානියක් තිබෙනවා. මෙම වැරදි සහගත ගිවිසුම අහෝසි කර දමා වැරැද්ද නිවැරදි කරනවා වෙනුවට මේ ආණ්ඩුව ඒ වැරැද්ද නැවතත් කළ යුතු නැහැ. අපි රටක් විදිහට තවත් රටකට යටත් විය යුතු නැහැ. ඒ වගේම අනෙකුත් රටවල් තරහ කරගත යුතු නැහැ. එනිසා මෙවැනි ගිවිසුම් අත්සන් කිරීමෙන් අපේ රටට අහිතකර තත්ත්වයක් ඇති කරනවා.

 

[/faq_item][/faq][faq title=”” open1st=”0″ openAll=”0″][faq_item title=”ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර වූ ආරක්ෂක ගිවිසුම පිළිබඳ ස්ථාවර නියෝග 23/2 යටතේ නගනු ලබන ප්‍රශ්නය – 2017.03.21″ number=”3″]

ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර වූ ආරක්ෂක ගිවිසුම පිළිබඳ ස්ථාවර නියෝග 23/2 යටතේ නගනු ලබන ප්‍රශ්නය – 2017.03.21

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර දිසානායක සහෝදරයා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය 2007දී අත්සන් තබන ලද ආරක්ෂක ගිවිසුම තවත් වසර 10කට දීර්ඝ කිරීමේ උත්සාහය පිළිබඳව මහජනතාව තුළ පවතින ගැටලුකාරී තත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.

2007 වර්ෂයේ අමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙනුවෙන් එවකට ශ්‍රී ලංකාවේ අමෙරිකාවේ තානාපති රොබට් ඕ බ්ලේක් මහතා සහ එවකට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබනු ලැබුවා. එය නමින් අත්පත්කරගැනීමේ සහ හරස් සේවා සැපයීමේ ගිවිසුමක් බව කියවුණා. එයින් දෙරට අතර යුදමය අවස්ථාවන්වලදී එකිනෙකාගේ හමුදාවන්ට පහසුකම් සැපයිය යුතු බවට එකඟතාවයකට ඇවිත් තිබුණා.

දෙරට අතර හමුදාවන්ට පහසුකම් සැපයීම කිව්වාට වෙන රටවලට අපේ හමුදාව අරගෙන අපි යන්නේ නැහැ. බොහෝදුරට වෙන දේ තමයි මේ කලාපයේ ඇතිවන ඕනෑම යුද්ධයකදී ඇමෙරිකා එක්සත් ජනපදයේ හමුදාවන්ට අපේ ගොඩබිමත්, අපේ මුහුදත්, අපේ ගුවනත් සහ අනෙකුත් යටිතල පහසුකම් ලබාදීම සඳහා තමයි මේ එකඟතාව පළකරලා තිබෙන්නේ. ඒ නිසා මේ කලාපයේ ඇතිවන ඕනෑම යුද්ධයකදී වළක්වන්න බැරි විධියටම මේ ගිවිසුම අනුව, අප ඇමෙරිකා එක්සත් ජනපදයත් සමග එක පෙළේ සිටගත යුතුව තිබෙනවා. අපට තීරණයක් ගැනීමේ අයිතියක් නැහැ. මොකද, අපි ඔවුන්ට මෙම කලාපයේ භූමිය පාවිච්චි කරන්න ඉඩදෙනවා නම් අනිවාර්ය ලෙස අපි ඔවුන්ගේ වුවමනාවත් එක්ක එකට පෙළගැසී තිබෙනවා. අපි කවර පාර්ශ්වයක් නියෝජනය කරනවාද? ඔවුන් නියෝජනය කරන පාර්ශ්වයද? අනෙක් පාර්ශ්වයද?

පසුගිය ආණ්ඩුව මේ ගිවිසුම අත්සන් කරද්දී එය ඇමති මණ්ඩලයට හෝ රටට හෙළිදරව් කිරීමට කටයුතු කළේ නැහැ. එම සම්පූර්ණ ගිවිසුම එළියට ආවේ නැහැ. 2007 මාර්තු 05වැනි දින අත්සන් තබන ලද එය වසර 10කට වලංගු බව ප්‍රකාශ වුණා. ඒ අනුව 2017 මාර්තු 05 වන විට එම ගිවිසුමේ කාලය අවසන් වී තිබෙනවා.

තවත් වසර 10කට මෙම ගිවිසුම දීර්ඝ කිරීමේ හැකියාව තිබෙනවා යැයි මෙම ආරක්ෂක ගිවිසුමේ සඳහන් වී තිබෙනවා. මාධ්‍ය මගින් අනාවරණය වූ තොරතුරු අනුව වත්මන් ආණ්ඩුව මෙම ගිවිසුම දීර්ඝ කිරීම සඳහා සාකච්ඡාවක සිටින බව ප්‍රකාශ වුණා.

මේ තත්වය හමුවේ පැන නගින පහත ගැටලුවලට පිළිතුරු අග්‍රාමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.

  1. 2017 මාර්තු 05වැනි දිනෙන් වලංගුභාවය අවසන් වූ මෙම ගිවිසුම නැවත අලුත් කිරීමට ආණ්ඩුව බලාපොරොත්තු වන්නේද?
  2. පිළිතුර ‘ඔව්’ නම් වර්ධනය වන නව ලෝක තත්වයන් හමුවේ මෙබඳු ගිවිසුමකට නැවත බැඳීම පිළිබඳව ආණ්ඩුවට ඇති තක්සේරුව කුමක්ද?
  3. රටේ ස්වෛරීභාවයට බලපාන, ආරක්ෂාවට අදාළ මෙබඳු ගිවිසුමක් අත්සන් තැබීමට පෙර කරන ලද අධ්‍යයන වාර්තාවක් තිබේද?
  4. පෙර ගිවිසුම හා අලුත් කිරීමේ ගිවිසුමේ වෙනස්කම් මොනවාද? අත්සන් තබනු ලබන්නේ කුමන කාලයක් වෙනුවෙන්ද? නව ගිවිසුම රට හමුවේ තබන්නේද?.

[/faq_item][/faq][faq title=”” open1st=”0″ openAll=”0″][faq_item title=”ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර වූ ආරක්ෂක ගිවිසුම පිළිබඳ

අග්‍රාමාත්‍යවරයාගේ පිළිතුරු ප්‍රකාශය හා අනුර දිසානායක සහෝදරයාගේ ප්‍රතිප්‍රශ්න කිරීම” number=”4″]

ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර වූ ආරක්ෂක ගිවිසුම පිළිබඳ අග්‍රාමාත්‍යවරයාගේ පිළිතුරු ප්‍රකාශය හා අනුර දිසානායක සහෝදරයාගේ ප්‍රතිප්‍රශ්න කිරීම

රනිල් වික්‍රමසිංහ මහතා
ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය 2007 වසරේ අත්සන් කළ ආරක්ෂක ගිවිසුම දීර්ඝ කිරීමට අප රජය බලාපොරොත්තු වෙනවා. මෙම ගිවිසුමේ මූලික අරමුණ වන්නේ වැඩිදියුණු කළ ප්‍රවර්ධන සහයෝගය තුළින් හමුදාවන්ගේ අන්තර්ග්‍රහණය, සූදානම් බව සහ කාර්ය සාධනය ඉහළ නැංවීම හා ආහාර, ජලය, රැකියා, ප්‍රවාහන, ඛනිජ තෙල්, ලිහිසි තෙල්, සන්නිවේදන සේවා, සබැඳි මූලික මෙහෙයුම් සහයෝගීතාව සඳහා අවස්ථාවන් ගොඩනැඟීම සහ පාර්ශ්වයන් අතර ඒකාබද්ධ ක්‍රියාකාරකම්, පුහුණුවීම්, මෙහෙයුම් හෝ වෙනත් සහයෝගිතා උත්සාහයන් තුළින් අනපේක්ෂිත හෝ වෙනත් අවදානම් තත්ත්වයකදී යම් පාර්ශ්වයකට අවශ්‍ය සහයෝගීතාව, සැපයුම් හා සේවා පහසුකම් අන්‍යෝන්‍ය සහයෝගය තුළින් ළඟාකර ගැනීමයි. වර්තමාන ලෝක දේශපාලන තත්ත්වයන් හමුවේ මෙවැනි ද්විපාර්ශ්වික ගිවිසුමක් ඇතිකර ගැනීම අප රටට ඉතා වැදගත් වෙනවා.

අදාළ ගිවිසුම සහ එහි අන්තර්ගත කරුණු පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකා රජය අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ මූලික සාකච්ඡා වට කීපයක්ම පවත්වා තිබෙනවා. අනතුරුව ත්‍රිවිධ හමුදාපතිවරුන්, ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක අධ්‍යක්ෂ ජනරාල් සහ ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡා වට කීපයක් සහ තාක්ෂණික මට්ටමේ සාකච්ඡා පවත්වා තිබෙනවා. කෙසේ වෙතත්, ඇමෙරිකානු රජය මෙම ගිවිසුම අත්සන් කිරිම සම්බන්ධයෙන් අප වෙත පිළිතුරක් ලබාදීමට තවත් කාලයක් අවශ්‍ය බව දැනුම්දී තිබෙනවා.

පෙර ගිවිසුම හා නව යෝජිත ගිවිසුම අතර ඇති ප්‍රධාන වෙනස වන්නේ ගිවිසුමේ දක්වා ඇති වලංගු කාලසීමාවයි. පැරණි ගිවිසුම අනුව ගිවිසුම්ගත එක් පාර්ශ්වයක් විසින් දින 180කට පෙර අනෙක් පාර්ශ්වය වෙත කරන ලද පූර්ව දැනුම්දීමකින් පසුව එම ගිවිසුම අවලංගු කරනු නොලැබුවහොත්, වසර 10ක් සඳහා එම ගිවිසුම බලපැවැත්වෙනවා. නමුත්, නව යෝජිත ගිවිසුම සඳහා නිශ්චිත කාලසීමාවක් නොමැති අතර, ඕනෑම අවස්ථාවකදී එක් පාර්ශ්වයක් විසින් දින 180කට පෙර අනෙක් පාර්ශ්වයට කරනු ලබන පූර්ව දැන්ම්දීමකින් අනතුරුව ගිවිසුම අවලංගු කිරීමට හැකියාව තිබෙනවා.

අනුර දිසානායක සහෝදරයා,

ඔබතුමා ඔය කියන ගිවිසුම අත්සන් කළාද කියා මා දැනගන්න කැමැතියි.

රනිල් වික්‍රමසිංහ මහතා

තවම නැහැ. කටයුතු කරමින් පවතිනවා.

අනුර දිසානායක සහෝදරයා,

එමනිසා මා ඔබතුමාට යෝජනා කරනවා, ගිවිසුම අත්සන් කිරීමට පෙර ඒ ගැන පාර්ලිමේන්තුවේදී විධිමත් සාකච්ඡාවක් පැවැත්වීමට අවස්ථාව දෙන්න කියලා. මොකද, එවකට සිටි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත්, ඇමෙරිකානු තානාපති රොබට් ඕ. බ්ලේක් මහත්මයාත් 2007 වසරේදී මේ ගිවිසුම අත්සන් කළේ. ඒ කාලයේ මේ ගිවිසුම ගැන කිව්වේ, “ඇමෙරිකන් පුරවැසියෝ දෙදෙනෙක් ඇමෙරිකාව වෙනුවෙන් අත්සන් කරපු ගිවිසුමක්” කියලායි. මෙය විශාල ලෙස සාකච්ඡාවට බඳුන්වුණු ගිවිසුමක්. අවුරුදු 10ක් ඉක්මවා ගියාට පසුව ඒ ගිවිසුම අවලංගු වී තිබෙනවා. එමනිසා බැලූ බැල්මට නව ගිවිසුමක් අත්සන් කිරිම තමයි ඔබතුමන්ලාට දැන් පැවරී තිබෙන්නේ. මේ නව ගිවිසුම අත්සන් කිරීමට පෙර මෙම පාර්ලිමේන්තුව තුළ විධිමත් සාකච්ඡාවක් සිදුකිරීමට ඔබතුමා අවස්ථාවක් දෙනවාද? පාර්ලිමේන්තුවේ ඇතිකරන ලද විවාදයකින් පසුව මෙම ගිවිසුම අත්සන් කරන්න කියන එක තමයි අපේ යෝජනාව.

ඔබතුමා දන්නවා අද ලෝකයේ, දේශපාලනය වෙනස් වී තිබෙන බව. වෙන වෙන කඳවුරු නිර්මාණය වී තිබෙනවා. ආර්ථික කඳවුරු නිර්මාණය වෙමින් තිබෙනවා. එමනිසා විදෙස් ප්‍රතිපත්තිය අනුගමනය කිරීමේදී අපිත් ස්වාධීනව එළඹෙන ගිවිසුම් අතිශයින් වැදගත්. එම ගිවිසුම කවුරු හෝ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇතිවන ගිවිසුමක් නොවෙයි; පවුල් දෙකක් අතර ඇතිවන ගිවිසුමක් නොවෙයි. ශ්‍රී ලංකා රාජ්‍යය සහ ඇමෙරිකානු රාජ්‍යය අතර ඇතිවන ගිවිසුමක්. එමනිසා, එකී ගිවිසුම අත්සන් කිරීමට පෙර මෙම පාර්ලිමේන්තුව තුළ විවාදයක් පැවැත්විය යුතුයි කියන එක තමයි. මගේ යෝජනාව ඒ සඳහා අවස්ථාවක් ලබාදෙන්න කියා, ඔබතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා.

[/faq_item][/faq][faq title=”” open1st=”0″ openAll=”0″][faq_item title=”ස්වෛරීත්වයට එරෙහි ගිවිසුම් පිළිබඳ තත්වය පාර්ලිමේන්තුවට කියන්න” number=”5″]

ස්වෛරීත්වයට එරෙහි ගිවිසුම් පිළිබඳ තත්වය පාර්ලිමේන්තුවට කියන්න

පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක සහෝදරයාගේ කථාව

2019 පෙබරවාරි 22 – කල්තැබීමේ විවාදය

 

          අද දින සභාව කල් තබන අවස්ථාවේ  ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර වූ ආරක්ෂක ගිවිසුම්වල බලපෑම පිළිබඳ පහත සඳහන් යෝජනාව ඉදිරිපත් කරනවා.

“ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර, 2007 දී අත්සන් කරන ලද ACSA ගිවිසුම කල් පිරීමෙන් පසු එම ගිවිසුම පිළිබඳ අවස්ථා ගණනාවකදී ආණ්ඩුවෙන් විමසුව ද එයට පාර්ලිමේන්තුවේ නිසි පිළිතුරු ලබානොදීම නිසාත්, එමෙන්ම ශ්‍රී ලංකාව හා එක්සත් ජනපදය අතර තවත් ආරක්ෂක ගිවිසුමක් SOFA – Status of  Forces Agreement අත්සන් කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති නිසාත්,

  1. ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට බලපාන, එහි ස්වාධීන විදේශ ප්‍රතිපත්තියට බලපාන, මෙම ගිවිසුම් පිළිබඳ සම්පූර්ණ තත්වය පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතු බවටත්,
  2. ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට හා ස්වාධීන විදෙස් ප්‍රතිපත්තියට හානිකර මෙවැනි ගිවිසුම් අත්සන් නොකළ යුතු යැයිද මෙම පාර්ලිමේන්තුවට යෝජනා කරයි.”

          මෙම කල්තැබීමේ යෝජනාව මා විසින් ඉදිරිපත් කරන ලද්දේ, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකා ජනරජය අතර Acquisition and Cross-Servicing Agreement  නමින් ඇමෙරිකානු හමුදාවන්ට ශ්‍රී ලංකාවේ තිබෙන විවිධාකාර යුදමය කටයුතු සඳහා අවශ්‍ය කරනු ලබන පහසුකම් සම්බන්ධයෙන් 2007 මාර්තු මාසයේ 5 වනදා අත්සන් කරනු ලැබූ ගිවිසුම සම්බන්ධවයි. අපේ වරායන්, අපේ ගුවන් තොටුපොළවල්, අපේ සන්නිවේදන පහසුකම් මේ සියලුම දේවල් සැපයීම පිළිබඳ එකඟ වෙමින් ලංකාව 2007 මාර්තු මාසයේ 5 වැනිදා ගිවිසුමකට ආවා.

        එවකට ආරක්ෂක ලේකම් වශයෙන් හිටපු ගෝඨාභය රාජපක්ෂ මහතාත්, එවකට එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් හිටපු රොබට් ඕ බ්ලේක් මහතාත් එම ගිවිසුම අත්සන් කරනු ලැබුවා. ඒකේ දේශපාලන සරදම කොපමණද කිව්වොත්, අප දන්නා තරමින් එම ගිවිසුම කැබිනට් මණ්ඩලයටත් ඉදිරිපත් වුණේ නැහැ. අප දන්නා පරිදිම එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණේත් නැහැ. ඒ විතරක් නොවෙයි. එය හොරෙන් අත්සන් කළා පමණක් නොවෙයි, එය අත්සන් කරනු ලැබුවේත් ඇමෙරිකානු පුරවැසියන් දෙදෙනෙකු විසින්. එම ගිවිසුම අත්සන් කළ ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඇමෙරිකානු පුරවැසියෙක්. රොබට් ඕ බ්ලේක් මහතාත් ඇමෙරිකානු පුරවැසියෙක්. ඊට පසුව අපි මාස හයකට වැඩි කාලයක් මේ පාර්ලිමේන්තුව තුළ දිගින් දිගටම උද්ඝෝෂණ කරනු ලැබුවා. මේ ආරක්ෂක ගිවිසුම රටට හෙළිදරව් කරන්න කියලා. මොකද, මේ රටේ ආරක්ෂාව භාරව තිබෙන්නේ; මේ රටේ ස්වෛරීත්වය භාරව තිබෙන්නේ මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නිර්මාණය කර තිබෙන ප්‍රධානතම ආයතනය වන පාර්ලිමේන්තුවටයි. කාටහරි කියන්න පුළුවන්, ජනාධිපතිවරයා පත්වන්නේ ඡන්දයෙන් කියලා. ඒක ඇත්ත. නමුත්, ජනාධිපතිවරයෙකුට වඩා හැමවිටම බහු පක්ෂ ක්‍රමය නියෝජනය කරන පාර්ලිමේන්තුව, ඊට වඩා දිගු ඉතිහාසයක් තිබෙන; ඊට වඩා දිගු සම්ප්‍රදායන් මත ස්ථාපිත වුණු ආයතනයක්. එමනිසා අපි දිගින් දිගටම ඉල්ලා සිටියා, මේ ACSA  කියන ගිවිසුම අඩු ගණනේ පාර්ලිමේන්තුවට ලබාදෙන්න කියලා. ඊට මාස හයකට පසුව, මගේ මතකයේ හැටියට 2007 ජුනි මාසයේදී හෝ ජූලි මාසයේදී පමණ වාගේ විශාල සටනකින් පස්සේ ඒ ACSA කියන ගිවිසුමේ කොටසක් මේ පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබුවා. එහෙත් ඒකට අදාළ ඇමුණුම් ලබාදුන්නේ නැහැ. එමනිසා රටට හොරෙන්; කැබිනට් මණ්ඩලයට හොරෙන්; පාර්ලිමේන්තුවට හොරෙන් තමයි, 2007 දී එවකට පැවතුණු රාජපක්ෂ පාලනය විසින් එක්සත් ජනපදය සමග මේ ගිවිසුම අත්සන් කරනු ලැබුවේ.

       එම ගිවිසුම අත්සන් කිරීමෙන් අපි පෙන්වා දුන්නා, අපි කුඩා රටක් බව, අපි ඉතා බලගතු රාජ්‍යයන් රාශියක් මැද්දේ ජීවත්වන රටක්. ඉන්දියාව එක පැත්තකින් ඉන්නවා; චීනය අනෙක් පැත්තෙන් ඉන්නවා. පාකිස්තානයත් විශාල රටක්. ඒ වාගේම අපට ඈතින් සිටියාට එක්සත් ජනපදයත් දැවැන්ත රටක්. ‘නොබැඳි ප්‍රතිපත්තිය’ කියලා එකක් මේ රටේ අවුරුදු ගණනක් තිස්සේ තිබුණා. දැන්නම් එහෙම එකක් නැහැ. මේ විදේශ ප්‍රතිපත්තිය රකින එක අපට වැදගත් වෙනවා. එහෙම නැත්නම්, මේ බලගතු රටවලට, අපට එක එක දේශපාලන අල්ලස් දෙන්න සිද්ධ වෙනවා.

         මම උදාහරණයක් කියන්නම්. පසුගිය කාලයේදී අපි ඒක හොඳටම දුටුවා. උතුරු දුම්රිය මාර්ගය හදන්න ඉන්දියාවට කොන්ත්‍රාත් එක – ටෙන්ඩර් එක – දෙනකොට, දකුණු දුම්රිය මාර්ගය හදන්න චීනයට දෙන්න සිද්ධ වුණා. චීනයට මත්තල ගුවන් තොටුපොළ හදන්න දෙනකොට, පලාලි ගුවන් තොටුපොළ හදන්න ඉන්දියාවට දෙන්න සිද්ධ වුණා.

         ඊළඟට, සාම්පූර්වල ගල් අඟුරු බලාගාරය හදන්න ඉන්දියාවට දෙනකොට, නොරෙච්චෝලේ බලාගාරය හදන්න චීනයට දෙන්න සිද්ධ වුණා. ඔබතුමා දන්නවා, දැනුත් හම්බන්තොට වරාය චීනයට විකිණුවාට පස්සේ අපට සිද්ධ වෙලා තිබෙනවා, ඒ කියන්නේ මේ ආණ්ඩුව දැන් කටයුතු කරමින් ඉන්නවා, මත්තල ගුවන් තොටුපොළ ඉන්දියාවට විකුණන්න. අපි වටේ චණ්ඩි ගොඩාක් සිටිනකොට අපි එක චණ්ඩියෙකුට යට වුණොත් මොකද වෙන්නේ ? ඒවාගේම බලගතු රාජ්‍යයන් ගොඩක් සිටිනකොට  ඒවාට දණ ගහන්න අපට සිද්ධ වෙනවා. එමනිසා අපේ ස්වෛරීත්වයේ නාමයෙන්; අපේ ආරක්ෂාවේ නාමයෙන් කටයුතු කරන්න තරම් කොන්දක් මේ ආණ්ඩුවලට නැතිනම්, ඉතාමත්ම උචිත පියවර වෙන්නේ; උපක්‍රමශීලීව ගතයුතු පියවර වෙන්නේ කිසිම චණ්ඩියෙකුට එනම්, කිසිම බලගතු රාජ්‍යයකට අනවශ්‍ය ලෙස උදව් කරන්න යන්නේ නැතිව ඉන්න එකයි.

       මොකද, අපට ඒ කිසිම කෙනෙක් එක්ක යුදමය වශයෙන් හැප්පෙන්න බැරි නිසා. නමුත්, ඒ වෙලාවේ රාජපක්ෂ මහතා ස්වෛරීත්වය, ආරක්ෂාව, රටේ අනාගතය, ඒ සියල්ල පාවාදෙමින් හොර රහසේ තමන්ගේ ඇමෙරිකානු පුරවැසි සහෝදරයා ලවා ඒ ගිවිසුමට අත්සන් කළා. 2017 මාර්තු මාසයේ 5 වැනිදා එම ගිවිසුම කල්පිරෙන බව දැනගෙන, ජනතා විමුක්ති පෙරමුණ වශයෙන් අපි ඊට පෙර සිට මේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරනු ලැබුවා. එම ගිවිසුමට කුමක්ද වෙන්නේ කියලා. ඔබතුමා හැන්සාඞ් වාර්තා අරගෙන බලන්න, 2017 මාර්තු මාසයට පෙර සිට අපි මේ පිළිබඳව ප්‍රශ්න කළා. අපි ඉල්ලා සිටියා, ඒ ගිවිසුමට අත්සන් කරන්න එපා, ඒකේ කාලය දීර්ඝ කරන්න එපා කියලා. ඒක අත්සන් කළේ, අවුරුදු 10ක් සඳහායි. අපි විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා, ACSA ගිවිසුමට ආණ්ඩුව කරන්න යනදේ අපට කියන්න කියලා. රනිල් වික්‍රමසිංහ මහත්මයා පොරොන්දු වුණා. තමන් අගමැතිවරයා වශයෙන් ඒ පිළිබඳ රජයේ ස්ථාවරය පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරන බවට. හැබැයි, එතුමා ඒ ස්ථාවරය ප්‍රකාශ කළේ නැහැ. අද මම ඒක ඉතා වගකීමේන් කියනවා. මම මේ අවස්ථාවේදී එම ගිවිසුම සභාගත කරනවා.

       රටේ ජනාධිපතිවරයා, රටේ අගමැතිවරයා, ඒ දෙදෙනාම ඉතාම නින්දා සහගත විධියට පාර්ලිමේන්තුවට බොරු කියමින් මොකක්ද කර තිබෙන්නේ? 2017 අගෝස්තු මාසයේ 4 වැනිදා නැවත ACSA ගිවිසුම  අත්සන් කරනවා; අඇමෙරිකානු යුද සේවා සපයන ගිවිසුම නැවත අත්සන් කරනවා. ආරක්ෂක අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමයි එසේ අත්සන් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙන්නේ. 2017 ජුනි මාසයේ 30 වැනිදා එතුමා කැබිනට් පත්‍රිකාව දානවා. ඊට පස්සේ 2017 අගෝස්තු මාසයේ 4 වැනිදා මේ ගිවිසුමට අත්සන් කරනවා. එය අත්සන් කිරීමේදී කලින් ගිවිසුමට වඩා තවත් යම් යම් බලතල, යම් යම් ඉඩ-කඩ ඇමෙරිකානු ආරක්ෂක හමුදාවන්ට ලබාදෙමින් තමයි එය අත්සන් කර තිබෙන්නේ.

        ජනාධිපතිතුමා ඊයේ මේ සභාවට ආවා. එතුමා ඊයේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයයි, මේ රටේ ස්වෛරීභාවයයි ඔක්කෝම දේවල් ගැන කථා කළා. හැබැයි, එතුමා නොදන්න ඒවා විශාල ප්‍රමාණයකුත් කිවුවා. නොදන්න ඒවා කිව්වේ. එතුමාට ලියලා දුන්න අය වරද්දවා ලියා දුන්නාද කියලා  මම දන්නේ නැහැ. නමුත්, ඊයේ මෙතැනදි නොදන්නා කරුණු, වැරැදි කරුණු විශාල ප්‍රමාණයක් කිවුවා. මේ අවස්ථාවේදී මම ඒවා ගැන කථා කරන්න යන්නේ නැහැ. හැබැයි, එතුමා ස්වෛරීත්වය ගැන, හමුදාව ගැන, ඒවාගේම “රණ විරුවෝ ” කියලා කියමින් හැමවිටම කථා කරන දේවල් ගැන මතක්කරලා බලන්න. නමුත්, එතුමා මොකක්ද කරලා තිබෙන්නේ? එතුමා පෞද්ගලිකව කරපු කතාත් මේ රටට කියනවානේ. ආරක්ෂක ඇමතිවරයා වශයෙන් එතුමා හොර රහසේ මොකක්ද කළේ? ඇමෙරිකාවට යටවෙලා මේ ගිවිසුමට  අත්සන් කළා. වැදගත්ම ඇමුණුම් නැතුව එම ගිවිසුමේ කොටසක් තිබෙනවා. ඒ කියන්නේ 2007 දි රාජපක්ෂ මහත්මයලා ගිවිසුමේ පිටපත් දුන්නේ නැහැ. වාගේම, වර්තමාන මෛත්‍රීපාල – රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවත් එම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැහැ. 2019 පෙබරවාරි වෙනකොට ඒකට අත්සන් කරලා අවුරුදු එකහමාරක් වෙනවා. ජනාධිපතිවරයාගේ අමාත්‍යාංශය යටතේ තමයි එම ගිවිසුම අත්සන් කෙරුණේ. මම මේ කාරණය වගකීමෙන් කියනවා. එම ගිවිසුමේ කාලය දීර්ඝ කරලා අලුතින් අත්සන් කරන්න ගියාම ඒකට විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සම්බන්ධ වුණා. විශේෂයෙන්ම යුද හමුදාවේ නිලධාරී මහත්වරු සම්බන්ධ වුණා. මම ඒ පිළිබඳව දන්නා නිසා සම්පූර්ණ වගකීම අරගෙනයි මේ කියන්නේ. අපේ රටේ රාජ්‍ය නායකයා කවුරු වුණත්, ඔහුට අපහාස කිරීමේ අවශ්‍යතාවක් මට නැහැ. නමුත් මා වගකීමෙන් කියනවා, මේ පාවා දීමේ ගිවිසුම; අපේ රට අනවශ්‍ය දේශපාලන උගුල්වලට කොටුකරන මේ ගිවිසුම අත්සන් කිරිමේදී, මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීමෙන් අපේ රටට වෙන්න පුළුවන් හානිදායක තත්වයන් ගැන යුද හමුදාව පැත්තෙන්, විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ගේ පැත්තෙන් ඔවුන් කරුණු ඉදිරිපත් කරනු ලැබූ බව.

          ඇමෙරිකා එක්සත් ජනපදය අද එකම සුපිරි බලවතා නොවෙයි. එයට අභියෝග කරන්න පුළුවන් ලෝකයේ තවත් රාජ්‍යයන් තුන හතරක් නැගිටලා තිබෙනවා. අපි ඉන්නේත් එක්සත් ජනපදය ආසන්නව නොවෙයි. ඒනිසා අපට හිතන්න ගොඩක් දේවල් තිබෙනවා. නමුත්, මොකක්ද කළේ? මේ ගිවිසුම  අත්සන් කරන එක හානිදායකයි කියන එක ත්‍රිවිධ හමුදාවෙන් ගිය නිලධාරීන් කිව්වා. ඒ පිළිබඳව හැම පැත්තකින්ම කිව්වා. අවසානයේ දී මොකක්ද කළේ?

         මා දන්නා තරමින්, රට වෙනුවෙන් කථා කළ ත්‍රිවිධ හමුදාවේ ඒ අදාළ නිලධාරීන්ට බැණලා පැන්නුවා. එහෙම කරලා මොකක්ද කළේ? 2007 දී ගිවිසුම අත්සන් කළේ අවුරුදු 10කටයි. ඒනිසා තමයි, 2017දී එය කල් ඉකුත් වුණේ. වර්තමාන ජනාධිපතිවරයා මොකක්ද කළේ? එතුමා කිව්වා, “මේ ගිවිසුමට කාලවකවානුවක් දමන්න ඕනෑ නැහැ, ඕනෑ කාලයකට බලපාන්න අත්සන් කරන්න” කියා. ජනාධිපතිවරයා අද එක්සත් ජනපදයත් සමග මේ ගිවිසුම අත්සන් කර තිබෙන්නේ කාල නියමයක් නැතිවයි. ඒ කියන්නේ, අනාගතය දක්වා, අනන්තය දක්වා මේ ගිවිසුම අත්සන් කර තියෙනවා. ඔබතුමා දන්නවා ඇති, මේ ගිවිසුමේ එක වගන්තියක් තිබෙනවා, අපට ඕනෑ නම් මාස හයකට කලින් දැනුම්දීලා ඉවත් වෙන්න පුළුවන්. නමුත්, බලගතු රාජ්‍යයන්  එක්ක නොවෙයි, බලගතු සමාගමක් එක්ක සාමාන්‍ය කෙනෙක් ගිවිසුමක් අත්සන් කළත් එහෙම ලෙහෙසියෙන් ඉවත් වෙන්න බැහැ. බලගතු සමාගම්, බලගතු රාජ්‍යයන්ට අතිදැවැන්ත ශක්තියක් තිබෙනවා. ඒ නිසා පාවාදීමේ මෙවැනි නින්දිත ගිවිසුම් හරහා ජනාධිපතිවරයාත්, අග්‍රාමාත්‍යවරයාගේ ආණ්ඩුවත් ශ්‍රී ලංකාව සහමුලින්ම බිලිදීලා තිබෙනවාය කියන එක තමයි අපි මේ කියන්නේ.

         කවුරු හෝ කියන්න පුළුවන් මේ ගිවිසුමෙන් ඇමෙරිකන් හමුදා කඳවුරු ඇතිවෙලා නැහැය කියා. කඳවුරු ඕනෑ නැහැ. ඇමෙරිකන් හමුදාවේ නාවික යාත්‍රා, ගුවන් යානා ලංකාවේ ගොඩබාන්නම ඕනෑ නැහැ. නමුත් ඔවුන්ට යුද්ධයකදී අවශ්‍ය කරන සියලු සේවාවක්ම ලංකාව ලබාදෙනවා නම් ඒක කඳවුරක් තමයි, ාැ fActද එහි දෙවැනි ගිවිසුම ගැනත් මම ඊළඟට කියන්නම්.

        අනෙක් කාරණය මේකයි. ඔබතුමා දන්නවා, අද ලෝකය ත්‍රස්තවාදය ගැන කථා කරන බව. එතකොට එක්සත් ජනපදය වෙනත් රටක් ආක්‍රමණය කරන එකට නාවික ආධාර ගන්නේ, තෙල් ගන්නේ, communication systems ගන්නේ, ආහාර ගන්නේ ලංකාවේ ආණ්ඩුවෙන් නම්; ඒ සියලුම ලබා දෙන්නේ අපි නම්, අවසානයේ වෙන්නේ මොකක්ද? සමහර විට එක්සත් ජනපදය යුද්ධ කරන රාජ්‍යය ඒකේ පළිය අපෙන් ගන්න පුළුවන්. ඒ නිසා තමයි තෝරු, මෝරු ගහගන්නකොට හැල්මැස්සෝ ගිහිල්ලා මැදට පනින්න ඕනෑ නැත්තේ. අනික, මේකෙන් ශත පහක ආර්ථික ප්‍රයෝජනයක්, ආරක්ෂක ප්‍රයෝජනයක් නැහැ. ඔබතුමාත් දන්නවා, ඇමෙරිකා එක්සත් ජනපදයෙන් අපට කිසිම වාසියක් නැති බව. ඊශ්‍රායලය හැරෙන්න, එක්සත් ජනපදය රාජ්‍යයක් ආරක්ෂා කරන්න එක ඩොලරයක් වියදම් කර නැහැ. ඒ නිසා පළමුවෙන්ම අපි කියන්නේ, මේ ගිවිසුම අත්සන් කිරීමෙන් අපේ රටේ ස්වෛරීත්වය, ආරක්ෂාව සහ අපේ රටේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය සහමුලින් බිඳවැටී තිබෙනවාය කියන කාරණයයි.

        මේ ගිවිසුම මා සතුව තිබෙන එක වෙනම කථාවක්. නමුත්, අඩුම ගණනේ මේ සම්පූර්ණ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණාද, නැද්ද කියන ප්‍රශ්නය කැබිනට් මණ්ඩලය නියෝජනය කරමින් මෙම ප්‍රශ්නයට පිළිතුරු දෙන්න සිටින ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගෙන් මම අහනවා, දැන් ලංකාව ඇමෙරිකානු යුද කොලනියක් කරගෙනයි යන්නේ. ඔබතුමා දන්නවා, මේ එක ගිවිසුමක් අත්සන් කළාට අමතරව, දැන් ආණ්ඩුව කරමින් ඉන්නේ මොකක්ද කියා. දැන් ඔවුන් තව ගිවිසුමක් අත්සන් කරන්න යනවා. ඒ ගිවිසුමේ නම තමයි, SOFA – Status of Forces Agreement between the USA and Sri Lanka  විදේශ කටයුතු අමාත්‍යාංශය මේ පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කරන ලද සටහන මා සතුව තිබෙනවා. මා ඉල්ලා සිටියාට පසුවයි ඔවුන් ඒ සටහන ලබාදුන්නේ. එහිදී ඔවුන් පිළිගන්නවා, SOFA එහෙම නැතිනම් Status of Forces Agreement එකක් අත්සන් කරන්න කටයුතු කරන බව; ඒ සඳහා දැනට සාකච්ඡා කරමින් සිටින බව.

        මේ ගිවිසුම සම්බන්ධයෙන් මම කරුණු කිහිපයක් කියන්න කැමැතියි. අපි වාගේ රටවල් කොයි තරම් දීන වෙලාද කියන කාරණය පෙන්නුම් කිරීමටයි මම ඒ කාරණා කියන්නේ. මේ ගොල්ලන් කථා කරන්නේ දේශප්‍රේමය ගැනයි; ස්වෛරීත්වය ගැනයි. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඊයේ කථා කළ ආකාරය දැක්කානේ. එතුමා කථා කරනකොට හිතෙන්නේ එතුමා තරම් මේ රටට ආදරය කරන, සියලු දේ දන්නා කෙනෙක් තවත් නොමැත කියායි. එතුමාගේ ශරීරයේ හැම තැනකම ස්වෛරීත්වය තිබෙනවා වාගේ නේ,  කථා කරන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්මයාට දක්ෂ ලෙස කථා කරන්න බැරිවුණාට එතුමාත් එහෙමයි. රාජපක්ෂ මහත්මයා කථා කරන විධියට සම්පූර්ණයෙන්ම ස්වෛරීත්වය තමයි එතුමා ඇඳගෙන ඉන්නේ. එතුමාගෙන් ඒක බේරෙනවා වාගෙයි. නමුත් මොකක්ද වෙලා තිබෙන්නේ? මගේ අතේ තිබෙන මේ ලියවිල්ල මම සභාගත කරන්නම්. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරියගේ කාලයේ – 1995 පෙබරවාරි 9 වනදා මහින්ද රාජපක්ෂ මහත්මයා කැබිනට් ඇමතිවරයෙකුව සිටි කාලයේ, මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් කැබිනට් ඇමතිවරයෙකුව සිටි කාලයේ එක්සත් ජනපදයෙන් ලංකා ආණ්ඩුවට ලියවිල්ලක් එවනවා.

          ඒ මොකක්ද? Status of Forces Agreement එකට කිට්ටු ගිවිසුමක් අත්සන් කරන්නයි ඒ ලියවිල්ල එවන්නේ. එහි අරමුණ මොකක්ද ? මම එය කියවන්නම්. එහි අදහස සරලව ගත්තොත්, ඇමෙරිකානු හමුදාවන්ට; එහි සොල්දාදුවන්ට, ඇමෙරකානු යුද දෙපාර්තමේන්තුවට සම්බන්ධ සිවිල් පුද්ගලයන්ට, ඇමෙරිකානු යුද දෙපාර්තමේන්තුවට සම්බන්ධ කොන්ත්‍රාත්කරුවන්ට ශ්‍රී ලංකාව තුළ සහමුලින්ම සියයට සියයක්ම තානාපති වරප්‍රසාද ලැබෙන විධියේ ගිවිසුමක් අත්සන් කරන්නය කියා 1995 වර්ෂයේ පෙබරවාරි 9 වැනිදා ඔවුන් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඒ, චන්ද්‍රිකා මැතිනියගේ රජය පත්වෙලා මාස දෙකකට පසුවයි. 1994 නොවැම්බර් මාසයේ තමයි එතුමිය ජනාධිපතිවරණයෙන් දිනන්නේ. ඊට මාස දෙහමාරකට පසුව මේක එනවා.

        ඒ අවස්ථාවේදී ඇමෙරිකාව යෝජනා කරන්නේ මොකක්ද? මට ලොකු කාලයක් නැහැ, එහි තැන් කිහිපයක් පමණක් මම කෙටියෙන් කියන්නම්. ඒ ඉල්ලීමට 1995 මැයි 16 වනදා ශ්‍රී ලංකා ආණ්ඩුව පිළිතුරු දෙනවා. මොකක්ද, පිළිතුර? This Ministry is pleased to inform that the above-mentioned personnel will be accorded the same status as provided to technical and administrative staff of the Embassy of the United States සරලව කිව්වොත්, තමන්ගේ හමුදා සොල්දාදුවන්ටත්, ඔවුන්ගේ යුද කොන්ත්‍රාත්කරුවන්ටත්, ඔවුන්ට විවිධ සේවා සපයන අයටත්, ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ඉන්න තාක්ෂණික හා පරිපාලන නිලධාරීන්ට වියානා සම්මුතියට අනුව ලැබෙන වරප්‍රසාද ලබාදෙන්නය කියා ඇමෙරිකා එක්සත් ජනපදය ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකා ආණ්ඩුව 1995 වර්ෂයේදී ඒක එහෙම පිටින්ම පිළිගනු ලබනවා.

         ලංකාව 1995 වර්ෂයේදී හොරෙන් අත්සන් කර තිබෙන ගිවිසුම ඒකයි. ඒ කාලයේ මේ ගැන කැබිනට් මන්ඩලය කථා කළාද, නැද්ද කියා මම දන්නේ නැහැ. මට ඒවා සොයන්න විධියක් නැහැ. ඒ අනුව මොකක්ද ලැබී තිබෙන්නේ? මෙන් මේ අය තමයි තානාපති වරප්‍රසාද ලබන කට්ටිය, ඇමතිතුමනි මේක රටවල් දෙකක් අතර තිබෙන ගිවිසුමක්ය කියනවා. මේ ගිවිසුමෙන් තානාපති වරප්‍රසාද ලැබෙන්නේ කාටද? US military and civilian personnel. ඊළඟට මෙන්න මේ කට්ටිය අයිතිය” personnel who are under contract to the US Department of Defence who may be temporarily present in Sri Lanka in connection with ship visits, traning, exercises, humanitarian activities and other activities mutually agreed.

        මේ සියලුම පුද්ගලයන්ට තානාපති වරප්‍රසාද ලැබෙනවා.

     ඊළඟට මේ කාරණය බලන්න. මේවා නින්දිතයි. ඇමෙරිකාව බාබඩොස් වැනි banana republic ටිකක් ටිකක් තියාගෙන ඉන්නවා. ඒ ගොල්ලන් ඒ රටවල් තියාගෙන ඉන්නේ ඇමෙරිකානුවන්ට කොලනි වශයෙන් පාවිච්චි කරන්නයි. මම මේ ඒ පුරවැසියන් අපහාසයට ලක්කරනවා නොවෙයි. අපට තිබෙන ප්‍රශ්නය මෙයයි. ඇමෙරිකානු ආණ්ඩුවේ තිබෙන ඉතාම මිනීමරු, මානව විරෝධී විදේශ ප්‍රතිපත්තියත් එක්කයි අපට ගැටලුව තිබෙන්නේ. ඒ රටේ පුරවැසියන් එක්ක අපට ප්‍රශ්නයක් නැහැ. ඔවුන් රටවල් ප්‍රමාණයක් පාවිච්චි කරගෙන තියාගෙන ඉන්නවා. ඇමෙරිකන් අයට passport  එක නැතිව driving licence

      එකෙන්, තමන්ගේ Identity card  එකෙන් වෙන රටවලට යන්න පුළුවන්. මා දන්නවා, ඔබතුමා ළඟදී කැනඩාවට යන්න ගිහින් ඇතිවුණු වීසා ප්‍රශ්නය ගැන. අපිට DNA test  එකක් කරනවා. අපිට එහෙමයි. ලංකාණ්ඩුව මොකද කරන්නේ? ලංකාණ්ඩුව එකඟ වෙනවා. මේ ගිවිසුමේ මෙසේ සඳහන් වෙනවා;

“…that U.S. personnel may enter and exit Sri Lanka with US identification and with collective movement or individual travel orders…”

      ඇමෙරිකන් හමුදාවේ සොල්දාදුවන්ට, ඒකට සම්බන්ධ සිවිල් පුද්ලයන් ඕනෑ කෙනෙකුට Identity card  එකෙන් ලංකාවට එන්න පුළුවන්. ඊළඟට මොකක්ද තියෙන්නේ?

” …Sri Lankan authorities shall accept as valid, without a driving test or fee, driving licences or permits issued by the appropriate Us authorities to US  personnel for the operation of vehicles.”

       ඒ කියන්නේ, ඇමෙරිකන් හමුදාවට සම්බන්ධ පුද්ගලයන්ට හෝ ඒ අයට ලංකාවේ ඒ අයගේ යුද වාහන drive කරන්න පුළුවන්. driving licence  මොනවත් ගන්න ඕනෑ නැහැ. ඊළඟට කොහොමද?

The Embassy further proposes that US  personnel be authorized to wear uniforms while performing official duties and to carry arms while on duty if authorized to do so by their orders.”

        ඒ කියන්නේ, ඇමෙරිකන් හමුදාවේ කෙනෙකුට මෙහෙදි තමන්ගේ යුනිෆෝම් ඇඳගෙන, ආයුධ අරගෙන යන්න එන්න පුළුවන්. මේක Agreement  එකක් නම් මම මේ කාරණය දැන ගන්න කැමතියි. ලංකාවේ හමුදාවේ ජනරාල්වරයා අවශ්‍යතාවන්ට ඇමෙරිකාවේ යනවා නේ. ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ අයට මේ අයිතිය තිබෙනවාද? ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ ඉතාම ප්‍රධාන පුද්ගලයාටවත් මේ අයිතිය තිබෙනවාද? එහෙම නැහැනේ. ඇමෙරිකන් හමුදාවට විතරක් නොවෙයි. ඒ දෙපාර්තමේන්තුව යටතේ ඉන්න සාමාන්‍ය contractorsලාටත් පුළුවන්. මෙහෙ තිබෙන ඇමෙරිකාවේ මොකක් හෝ දෙයකට බත් පැකට් සපයන ලංකාවේ නොවෙන කෙනෙක් ඉන්නවා නම් ඔහුටත් මේ අයිතිය තිබෙනවා. ඇමෙරිකන් හමුදාවට සිමෙන්ති දෙන, ඇමෙරිකන් හමුදාවට වතුර දෙන කුමක් හෝ foreign company  එකක් Indian company  එකක් හෝ තිබෙනවා නම් ඒ ගොල්ලන්ටත් මේ අයිතිය දී තිබෙනවා.

         දැන් ආණ්ඩුව කරමින් ඉන්නේ මොකක්ද? ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් 2018 අගෝස්තු 28 වැනිදා ලංකා ආණ්ඩුවට මේක එවා තිබෙනවා. 1995 මැයි මාසයේ අත්සන් කරන ලද ගිවිසුමට තවත් කරුණු එකතු කරලයි අලුතින් එවා තිබෙන්නේ. මම තව කරුණු දෙක, තුනක් ඔබතුමාට කියන්නම්. මේ ගිවිසුමේ ඊළඟට මෙසේ සඳහන් වෙනවා;

3.  The Government of Sri Lanka recognizes the particular importanc of disciplinary  control by U.S. Armed Forces authorities over U.S. personnel and, therefore, authorizes the Government of the United States to exercise criminal Jurisdiction over U.S. personnel while in Sri Lanka.

       ඇමෙරිකානු හමුදාවට සම්බන්ධ ඕනෑම පුද්ගලයෙකු මෙහේ වාහන අනතුරක් කළත්, මිනී මැරුමක් කළත්, මොනවා කළත් අඩු ගානේ ඔවුන්ට අදාළ කරන නඩු අහන්නවත් ලංකාවේ නීතිය අනුව බැහැ. ඇමෙරිකාව අද ලෝකයේම ගිවිසුම් වෙනස් කරගෙන යනවා. ඇමෙරිකානු හමුදාව විසින් අපේ කවුරු හෝ දූෂණය කළත්, ඝාතනය කළත්, මොනවා කළත් මේ ගිවිසුමට අනුව කිසිවක් කරන්න බැහැ. අද ඇමෙරිකාව බොහෝ රටවල් සමග ගිවිසුම් අත්සන් කර තිබෙනවා. ඒ හැම රටකටම දැන් ඔවුන් නියෝග කරමින් එනවා, ඔවුන්ට විරුද්ධව ඒ රටවල නඩු අහන්න බැහැ කියන එක. ජපානයේ කඳවුරු තිබෙනවා. ඇමෙරිකානු සොල්දාදුවන් විසින් ජපන් ගැහැනු දරුවන් දූෂණය කරනවා. අන්න එවැනි සිදුවීම්වලදී ඇමෙරිකානු jurisdiction  එක බලපාන පරිදි, ඒ ගිවිසුම් වෙනස් කරන්න කියා ඇමෙරිකාව බලපෑම් කරමින් එනවා. ඒවා තමයි දැන් මේ එකතු වෙමින් තිබෙන්නේ. ඊළඟට, මේ ගිවිසුමේ මෙසේ සඳහන් වෙනවා;

4.  The Embassy further proposes that the U.S. Department of Defence and U.S. personnel shall not be liable to pay any tax or similar charge assessed within  Sri Lanka.

          ඒ කියන්නේ මේක යටතේ ලංකාවට එන කිසිම පුද්ගලයෙකුට කිසිම නීතියක් අදාළ වෙන්නේ නැහැ කියන එකයි. ඊළඟට මා දන්නා  තරමින් ලංකාවෙන් යන ඇමතිවරුන් පවා check කර ගන්නේ, ආරක්ෂක ඇමති ගියත් check කර, screen කර ගන්නේ, ඇමෙරිකා එක්සත් ජනපදය. USA යන්න airport එකේ වෙනමම zones හදලා තිබෙනවා. හැබැයි, මේ ගිවිසුම අත්සන් කර ඒ ගොල්ලන් ගැන කියන්නේ මොනවාද? ඒ සම්බන්ධයෙන් මෙසේ සඳහන් වෙනවා;

” Such importation, exportation, and use shall be exempt from any inspection, license, other retrictions, customs duties, taxes, or any other charges assessed within  Sri Lanka.”

          ඒ කියන්නේ, ඒ ගොල්ලන්ගේ ලංකාවට ගෙනෙන දේවල්, ලංකාවෙන් ඒ ගොල්ලන්ට යවන දේවල් කිසිවක් මේ ගිවිසුම යටතේ ලංකා ආණ්ඩුවට පරීක්ෂා කරන්න බැහැ කියන එකයි. මේ කියන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ හමුදාවේ ප්‍රධානියා ගැන නම් අපට පැහැදිලිව මේ කාරණය තේරුම් ගන්න පුළුවන්. මොකද, එහෙම පුද්ගලයින් එක් කෙනායි, දෙදෙනායි. නමුත්, මේ ගිවිසුම යටතේ ඇමෙරිකාවේ ඉන්න ඕනෑම කොල්ලෙකුට, බල්ලෙකුට එන්න පුළුවන්. මම ඒ වචන කිව්වේ මේවා එහෙම කිව්වේ නැත්නම් තේරෙන්නේ නැති නිසයි. මොකද, ඇමෙරිකාවේ military personnel ගැන විතරක් නොවෙයි. මේකේ තිබෙන්නේ, එක්සත් ජනපද හමුදාවට සම්බන්ධ කොන්ත්‍රාත් ඉටුකරන පුද්ගලයන්ටත්, කොන්ත්‍රාත් සමාගම්වල පුද්ගලයන්ටත් මේ අයිතිවාසිකම එහෙම පිටින්ම ලැබෙනවා. ලංකා ආණ්ඩුවට මේ කිසිම දෙයක් පරීක්ෂා කරන්න බැහැ.

          ළඟදී සිංහරාජ වනාන්තරයේ ජාන සම්පත් මංකොල්ලකෑමේ සිද්ධියකට අදාළ පුද්ගලයින්ට මගේ දැනීමේ හැටියට එක්තරා විනිශ්චයකාරවරයෙකු රුපියල් කෝටියක දඩයක් ගැහුවා. අපි එය ඉතා අගය කරනවා. ජාන සම්පත් එකතුකිරීම හේතුවෙනුයි එහෙම කළේ. අපි දන්නවා, ඇමෙරිකාව ලෝකය පුරාම විශාල ලෙස බුද්ධි අංශ පවත්වාගෙන යන රට, ලෝකයේ අනෙක් රාජ්‍යයන් ආක්‍රමණය කරන්න. අනෙක් රටවල් විනාශ කරන්න ගොඩක් වැඩ කරන රට. ඒක ලෝකයේ කවුරුත් දන්නවා. ඒ අයගේ ඔත්තු සේවාවන් ඉතාම ප්‍රබලයි. ඉතින් ඒ නිසා ඔවුන් මේ ගිවිසුම් යටතේ කවුරුන් එවාවිද කියලා කවුද දන්නේ ? ඒ ගැන ඔබතුමා දන්නවාද? ඇමෙරිකානු තානාපති කාර්යාලය තිබෙන තැන නම් අපි කවුරුත් දන්නවා. කොළඹ නගරයේ ඇමෙරිකානු තානාපති කාර්යාලයට සම්බන්ධ, ඇමෙරිකානු ආණ්ඩුවට සම්බන්ධ ආයතන, safe houses  කොපණ තිබෙනවා කියාද ඔබතුමා හිතන්නේ? ඒවායේ අති විශාල සංඛ්‍යාවක් සිටිනවා. අපි කියන්නේ මේකයි. ඇමෙරිකාවේ ප්‍රසිද්ධ, ප්‍රධාන පුද්ගලයකුට යම්කිසි අයිතිවාසිකමක් දෙන්නම ඕනෑ නම් දෙන එකයි, මේ දන්නේ නැති ඕනෑම කෙනෙකුට ලංකාව ඇතුළත ඕනෑම දෙයක් කරන්න කිසිම පරීක්ෂාවකින් තොරව ඉඩ ලබාදෙන එකයි කියන්නේ කාරණා දෙකක්. මේ විධියට කටයුතු කරන්න ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටවත් බැහැනේ. නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, ඔබතුමා ලංකාවේ පාර්ලිමේන්තුවේ ප්‍රධානියෙක්. ඔබතුමා රට යනකොට ලංකාවේ security එකෙන් check  කරනවානේ. ඔබතුමාගේ බෑග් එක ීරස ඛ්බන් ක්‍මිඑදපි එකෙන් බලනවානේ. නමුත්, මේ ගිවිසුමට අනුව ඇමෙරිකාවෙන් එන සිවිල් මනුෂ්‍යයකුගේ, කොන්ත්‍රාත් කරන පුද්ගලයෙකුගේ දෙයක්වත් ලංකා ආණ්ඩුවට check කරන්න බැහැ. මම දන්නේ නැහැ. එට යනකොට රටේ අගමැතිගේ බෑග් check කරනවාද කියා නමුත්, ඇමතිවරුන්ගේ බෑග් නම් check කරනවා කියා මම දන්නවා. මේ ගිවිසුමට අනුව ඇමෙරිකාවෙන් එන පුද්ගලයෝ ඉන්නේ ඇමතිලාටත් වඩා උඩින්ද? මේ බලන්න, ඊළඟට මොකක්ද මෙහි තිබෙන්නේ?

” Aircraft and vessels of the U.S. Government shall be free from boarding and inspection.”

           මේ ගිවිසුම අනුව ලංකාවට එන ඇමෙරිකන් ගුවන් යානයක, එහෙම නැත්නම් vessels එකක, නැවක කිසිම boarding එකක් inspect කරන්න බැහැ. මා දන්නා තරමින් රටේ ජනාධිපති එනකොටත්  boarding pass එකක් හම්බ වෙනවා නමුත්, ඇමෙරිකාවෙන් එන පුද්ගලයා ඊටත් වඩා ලොකුයි. ඒ ගොල්ලන් එනවා; යනවා; දන්නේ නැහැ.

           අපි මේ කථා කරන්නේ ලෝකයේ ඉතාමත්ම සාමකාමී, ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදී, ඉතාමත්ම යුක්තිගරුක විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන රටක් ගැන නම්, අපට මොනවා හෝ හිතන්න පුළුවන්. ලෝකය පුරාම යුද අවුළුවන, ස්වෛරී රාජ්‍යයකට ඇඟිලි ගහන රට මේ; ලෝකයේ බලවත්ම යුදමය රට මේ.

          ඊට පසුව එහි තිබෙන්නේ මොනවාද යන්න. ඔවුන් ලංකාව තුළ කරන කිසිම ගිවිසුමකට, කිසිම කොන්ත්‍රාත් එකකට කිසිම බද්දක් අය කරන්න බැහැ කියලා ගිවිසුමේ තිබෙනවා. මොනවාද  තිබෙන්නේ? ලංකාව තුළ ඇමෙරිකන් හමුදා ක්‍රියාත්මක වෙනකොට, ඔවුන්ගේ යම්කිසි service එකක් කරන කොට, ඒකට කොන්ත්‍රාත් එකක් දෙනවා නම්, ඒ ගැන ගිවිසුමේ මෙහෙම කියනවා.

 “Such contracts shall be solicited, awarded and administered in accordance with the laws and regulations of the Government of the United States of America.”

         ලංකාව තමයි ගිවිසුම් සියල්ලම අත්සන් කරන්නේ. නමුත්, ඒවායේ නීතිය ගැන බලන්නේ ඇමෙරිකාව. ඔබතුමා දන්නවා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙනිසියුලානු නිත්‍ය නියෝජිත තානාපතිවරයාට පසුගිය සතියේ එක්සත් ජනපදය නියෝගයක් දුන්නා, New York City එකෙන් එහාට යන්න බැහැ කියලා. හැබැයි, ඔබතුමා බලන්න, ලංකාව ඇතුළේ කරන හැම සේවාවක්ම සම්බන්ධයෙන් ඇමෙරිකන් නීතිය අනුව තමයි කටයුතු කරන්නේ.

           ඊට පසුව මෙම ගිවිසුමේ මෙහෙම සඳහන් වනවා;

 “Acquisition of articles and services in Sri Lanka by or on behalf of  the U.S. Department of Defence in connection with activities under this Agreement shall not be subject to any taxes or similar charges in Sri Lanka.”

         ඒ කියන්නේ, ඒ ගොල්ලන්ට VAT අදාළ වෙන්නේ නැහැ; ඕනෑම transaction  එකක් කරන්න පුළුවන්. ඒනිසා ඊට වඩා හොඳයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැල්ලා කියන්න, “අපි මේ රට ඇමෙරිකාවේ ඊළඟ ප්‍රාන්තය ලෙස ඇඳා ගන්නවා” කියලා. මේක කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දන්නේ නැහැනේ. අපි අහනවා, ආණ්ඩු පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් මොකක්ද මේක? මෙහෙම අයිතිවාසිකම් ලංකාවේ කාටවත්, ලංකාවේ ජනාධිපතිටවත් නැහැනේ? ලංකාවේ ජනාධිපතිටවත් මේවා නැහැ! ලංකාවේ ජනාධිපතිතුමා ඉඩමක් ගත්තොත් බදු ගෙවන්න ඕනෑ; ඒ අත්සන් කරන ඔප්පුවලට ගෙවන්න ඕනෑ. ඇමෙරිකාවේ කට්ටියට ඒවා නැහැනේ? ශ්‍රී ලංකාවේ යුද හමුදාව ආහාර සැපයුම්කරුවෙක් එක්ක ගිවිසුමක් අත්සන් කළොත් බදු ගෙවන්නේ නැද්ද, ගෙවන්න ඕනෑ. අවසාන වශයෙන් මේ කරුණ කියන්නම්, මෙය ඉතාමත්ම බරපතළයි.

(10)  the Government of Sri Lanka recognizes that it may be necessary for the U.S. Armed Forces to use the radio spectrum. The U.S. U.S. Department of Defense shall be allowed to operate its own telecommunication systems…

This shall include the right to utilize such means and services as required to  ensure full ability to operate telecommunication systems. Use of the radio spectrum shall be free of cost the U.S. Government.”

          තමුන්නාන්සේලාගේ ආණ්ඩුවක් අද තිබෙන්නේ? නමුත්, තමුන්ට වුවමනා දෙයක් කරන්න ඇමෙරිකාවට පුළුවන්. තමුන්නාන්සේ දැක්කා, දින පනස්දෙකේ කුමන්ත්‍රණයේදී විද්‍යුත් සංඛ්‍යාත අමු අමුවේ ගණිකා වෘත්තියේ යෙදවීම නිසා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මොනතරම් හානියක් වුණාද කියලා. මොන ආණ්ඩුව රට පාලනය කළත්, මෙතරම් බලගතු රාජ්‍යයකට, අපට කිසිදු ප්‍රයෝජනයක් නැති දේකට, මොකද, ඇමෙරිකාව යුද්ධ පටන් ගන්නේ ඒ රටේ ඉන්න මිනිස්සුත් විනාශ කරගෙනයි. යුද්ධවලින් අපට කොහෙත්ම උදව්වක් හම්බ වෙන්නේ නැහැ. අපි ඇමෙරිකාවට විකුණන්න කැටපෝලයක්වත් හදන රටක් නොවෙයි. ඇමතිතුමනි, අපේ රට මෙහෙම බිලිදෙන්න තමුන්නාන්සේලාට මොන අයිතියක්ද තිබෙන්නේ? ඔබතුමන්ලාට ඉඩ පාලනය කරන්න දීලා තිබෙන්නේ මේවා කරන්න නොවෙයිනේ. මෙම ගිවිසුමේ අවසානම පිටුව බලන්න.

(11) The Embassy proposes that the parties waive any and all claims (other than contractual claims) against each other for damage to, loss of or destruction of the other’s property or injury or death to personnel of either party’s….”

         මේ ගොල්ලන්ගෙන් ඇමෙරිකානු හමුදාවට සම්බන්ධ පුද්ගලයකුගෙන් කුමන හෝ හේතුවක් මත මම කියන්නේ නැහැ, වෙඩි තියලාම මරන්න ඕනෑ කියලා. කවුරු හෝ මැරුණොත් ඒක අපි දෙගොල්ලන් කථා කරගෙන Waive off  කර ගන්නවා.

        මේක Agreement එකක්. මේ Agreement එක අනුව ලංකාවටත් මේ ටික තිබෙනවා නම්, අඩු කාලේ මේ ගැන චුට්ටක් හිතන්න පුළ්වන් කියලා මම කියනවා. ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ කට්ටියට එහේ ගිහින් මෙහේ driving licence  එකෙන් යන්න පුළුවන්. ලංකාවේ කොන්ත්‍රාත් කරන කට්ටියට එහේ ගිහින් ඒ සියල්ලම කරන්න පුළුවන්. ලංකාවේ කෙනෙක් අතින් ඇමෙරිකානු ජාතිකයෙක් මැරුණොත් දෙගොල්ලන් කථාවෙලා, “ඒක අවුලක් නැහැ” කියලා බේරා ගන්න පුළුවන් කියන මේවා reciprocal වෙන්න එපායැ. නමුත් මේකේ reciprocity එකක් නැහැනේ.

        මේ ඉතාම නින්දිත, අපේ රටේ ස්වෛරීත්වය පාවාදීමේ ගිවිසුම සම්බන්ධව 1995 පෙබරවාරි මාසයේ ඇමෙරිකාවෙන් එවන document එකෙන් ඇමෙරිකානු ආණ්ඩුව යෝජනා කරන්නේ මොකක්ද? ඒ ගොල්ලන් සම්පූර්ණ draft එක වෙනවා. එහි මෙන්න මෙහෙමයි කියන්නේ.

“… together with the reply from the Government of Sri Lanka shall constitute an agreement between the two governments effective from the date of the Government of Sri Lanka’s reply.”

         ඒ කියන්නේ ඒ ගොල්ලන් Agreement එක  එවනවා. අපි ඒකට “හා” කියලා reply එක යැව්වාම, එදා සිට Agreement එක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මේ කණ අත්සන ගහනවා වාගේ වැඩක්.

         ගිවිසුමක් නම් දෙපාර්ශ්වය එකතුවෙලා සාකච්ඡා කරන්න ඕනෑ නේ. ගිවිසුමක් නම් එහෙම නේ. මේක මොකක්ද? ඒ ගොල්ලන් සියල්ලම හදලා අපට එවනවා. අපි reply එක යවනවා. ඒගොල්ලන් කියනවා, එහෙම එව්වාම “හරි” කියලා කියනවා. ඊළඟ පිටුව අනුව ලංකා ආණ්ඩුව. එහෙම තමයි යවලා තියෙන්නේ. ඒ 1995 වර්ෂයේ මැයි 16වැනි දින. පසුගිය දිනයක මේ ගැන කියවලා නැති මන්ත්‍රීවරයෙක් මේ කරුණ කිව්වාම රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඒ වාසිය ගත්තා. මේ 1995 වර්ෂයේ අත්සන් කළ ගිවිසුම තමයි. නමුත් මම කියපු හැම කරුණක්ම තිබෙන්නේ 2018 අගෝස්තු 28 වැනි දින ලංකා ආණ්ඩුවට ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් එවන ලද ගිවිසුමේයි. අපිට ඇත්තටම ලැබිල තිබෙන්නේ Annex”B” එක විතරයි.  Annex”B”  එකේ තිබෙන කොන්දේසි 15 තමයි මම කිව්වේ. අවසාන වශයෙන් මේකෙන් යෝජනා කරන්නේ මොකක්ද? ඔබතුමන්ලා මේකට reply එකක් යැව්වාම එදා ඉඳලා පටන්ගන්නවා කියලායි. එමනිසා අපි ඉතා වගකීමෙන් ඔබතුමන්ලාගෙන් ඉල්ලීමක් කරනවා. ඇමතිවරුන්ට වුණත් මේ සම්බන්ධව පුළුල් අවබෝධයක් තියනවාද කියලා මම දන්නේ නැහැ. මේක අපි අනවශ්‍ය උගුලක පැටලෙන වැඩක්. ලොකු රටවල් සමග ගිවිසුම් අත්සන් කළාම අපට අවලංගු කරන්න බැහැ. ඔබතුමන්ලා මේ වගේ දැවැන්ත රාජ්‍යයකට, මේ ආකාරයට දීන ලෙස අපේ රටේ අනාගතය බැඳ තබන්න එපා. මෙම විෂයට සම්බන්ධ කවුරුත් දැන් පාර්ලිමේන්තුවේ නැහැ. මේ අත්සන් කිරීමට යන SOFA ගිවිසුම අත්සන් කරන්න එපා කියලා ඉල්ලා සිටිමින්, ගිවිසුමේ සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීමට පෙර වහාම මේ ගිවිසුම පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් SOFA ගිවිසුමේ පිටපත් පාර්ලිමේන්තුවට ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් මගේ කරුණු දැක්වීම අවසන් කරනවා.

[/faq_item][/faq][faq title=”” open1st=”0″ openAll=”0″][faq_item title=”දැන් රටට අවශ්‍ය මහජන ආරක්ෂාව, ආර්ථිකය, ජාතික සමගිය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ හැකි පාලනයක්” number=”6″]

දැන් රටට අවශ්‍ය මහජන ආරක්ෂාව, ආර්ථිකය, ජාතික සමගිය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ හැකි පාලනයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක සහෝදරයාගේ කථාව

2019 මැයි 23 – කල්තැබීමේ විවාදය

 

“ලෝක බලවතුන් අතර පවතින වෙළඳ, යුද හා දේශපාලන තරගය නිසාත්, 2010 අප්‍රේල් මස 21 දින සිදුවූ ප්‍රහාරය නිසා රට තුළ ඇතිවූ අනාරක්ෂිත තත්වයත් එම ප්‍රහාරය ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධාන සමග ඇති සම්බන්ධතාවයත් යොදා ගනිමින් හා හුවාදක්වමින්, අපේ රට් ස්වෛරීත්වයට හා මහජන ආරක්ෂාවට දිගුකාලීනව හානි විය හැකි මට්ටමින් යම් යම් විදේශ රාජ්‍යයන් හා සමහර ජාත්‍යන්තර ආයතන රටතුළ ක්‍රියාත්මක වන බවට දැනට විවිධ පාර්ශ්වයන් මගින් හෙළිදරව් කර තිබේ. රටේ ස්වෛරීත්වයට හා මහජන ආරක්ෂාවට හානිකර විය හැකි රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට ඉඩකඩ නිර්මාණය කරන ගිවිසුම් හා එකඟත්වයන්ට විදේශ රටවල් හා ආයතන සමග නොපැමිණිය යුතු බවත්, අප්‍රේල් 21දින ප්‍රහාරයට පෙර හා පසු එසේ එළඹ ඇති ගිවිසුම්, එකඟතාවයන් පිළිබඳ සියලුම කරුණු පාර්ලිමේන්තුවට ආණ්ඩුව මගින් ඉදිරිපත් කළ යුතු බවත්, මෙම පාර්ලිමේන්තුව යෝජනා කර සිටියි.”

         අප්‍රේල් 21 වන දින ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව මා ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවේ කථාකරන අවස්ථාව. මේ නිසා ප්‍රථමයෙන්ම එයින් ජීවිත හානිවූ අපේ රටේත්, වෙනත් රටවල්වල ජනතාවටත්, ඒවාගේම විවිධාකාර පීඩාවන්ට ලක්වෙච්ච, තුවාල වෙච්ච තමන්ගේ අම්මලා, තාත්තලා, දරුවන්, දැරියන් නැතිවෙච්ච සියලුම ජනතාවට අපේ හෘදයාංගම කනගාටුව ප්‍රකාශ කරන්න කැමතියි. ඒවාගේම අපේ ආදරණීය මාතෘ භූමිය නැවත වතාවක් ඉතාම දුඃක්ඛිත, ඉතාම දුෂ්කර වකවානුවකට ඇද වැට්ටවීම සම්බන්ධවත් අපි ඉතාම කනගාටු වෙනවා. ඒ වාගේම අපි විසින් ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංගයේ සඳහන්කර තිබෙන පරිදි මේ අන්තවාදී, ත්‍රස්තවාදී ප්‍රහාර වළක්වා ගැනීමට ඇති තරම් ඉඩ-කඩ රටේ ජනාධිපතිවරයාට තිබියදී, රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයාට තිබියදී, අගමැතිවරයාට තිබියදී, කැබිනට් මණ්ඩලයට තිබියදී, ආරක්ෂක ප්‍රධානීන්ට තිබියදී එය වළක්වා නොගෙන මේ මහා විශාල ජීවිත හානියට වගකීම මේ ආණ්ඩුව ගත යුතුයි කියන එකත් සමහර ආරක්ෂක ප්‍රධානීන් ගත යුතුයි කියන එකත් මම සඳහන් කරනවා.

       ඒවාගේම මෙම ප්‍රහාරයටත් වඩා අපි අන්ත පහළ මට්ටමට වට්ටලා හැම පැත්තකම අන්ත ජාතිවාදය රටේ මුදුනටම ගේන්න ඉඩහැරීමේ ඒ දේශපාලන පාපයෙන් මේ ආණ්ඩුවට කවදාවත් ගැලවන්න බෑ. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රමුඛ මේ අමාත්‍ය මණ්ඩලය අද මොන බොරු කිව්වත්, ඔවුන්ට මේ දේශපාලන පාපයෙන් ගැලවෙන්න බැහැ. මොකද, මෙය වළක්වා ගතහැකිව තිබූ ප්‍රහාරයක්. පහර දෙනවා කියලා කිව්වේ ඇමතිවරයෙකුගේ ගෙදරකට නම් පහර දෙනවා කිව්වේ ජනාධිපතිවරයාගේ ගෙදරකට නම්, ආරක්ෂාව සම්බන්ධයෙන් සිටින හැමකෙනාගේම මැදිහත්වීම මීට වඩා වෙනස් වන බව අපි හොඳින්ම දන්නවා කියන කාරණය. පහර දෙනවා කිව්වේ සාමාන්‍ය මිනිසුන් යන පල්ලිවලට නිසා තමයි මෙතරම් දැනුවත්ව තිබියදී එය වළක්වා ගත්තේ නැත්තේ.

        අපි අද විවාද කරන පාර්ලිමේන්තුව කල් තැබිමේ යෝජනාවට අදාළ මාතෘකාවට ආවොත්, අද සිදුවෙලා තිබෙන්නේ මොකක්ද, මරාගෙන මැරනෙ ප්‍රහාරයෙන් පස්සේ රට තුළ ඇති වෙලා තිබෙන බරපතළ අනාරක්ෂිත භාවය, අස්ථාවර භාවය මාසයකට වැඩිකාලයක් තිස්සේ ගමන් කරමින් තිබෙනවා. එක පැත්කින් එය භාවිත කරමින් අන්තවාදී, ජාතිවාදී දේශපාලන ආගමික කණ්ඩායම් අද එය ඉහගෙන කන්න හදනවා. ඒ වාගේම සමහර ව්‍යාපාරික කණ්ඩායම්, ගොඩනැගී තිබෙන මෙම ජාතිවාදී, අන්තවාදී තත්වය, අනාරක්ෂිත භාවය තමන්ගේ ව්‍යාපාර සාර්ථක කර ගන්න පාවිච්චි කරමින් ඉන්නවා. ඒවාගේම සමහර වෘත්තිකයෝ, ගොඩනැගී තිබෙන මේ තත්ත්වය තමන්ගේ වෘත්තිය ශක්තිමත්කර ගන්න යොදා ගනිමින් ඉන්නවා. මේ ජාතිවාදී, අන්තවාදී ප්‍රහාරයෙන් පස්සේ දේශපාලන වාසි ගන්න හදන්නේ දේශපාලනඥයෝ පමණක් කියන තැනට මම නම් සීමා වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ජාතිවාදයෙන් පෝෂණය ලබන දේශපාලනයක් තිබෙනවා. ඒක මේ බෝම්බවලින් පටන් ගත්ත එකක් නොවෙයි. නමුත්, බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ ජනමාධ්‍ය ආයතන ජාතිවාදයෙන් තමන්ගේ ර්එසබටි වැඩිකර ගන්නවා අපට ඉතා පැහැදිලිව පෙනෙනවා. මේ ජාතිවාදී, මේ අන්තවාදී ප්‍රහාරයෙන් පස්සේ ව්‍යාපාරිකයෝ තමන්ගේ ව්‍යාපාර ශක්තිමත් කර ගන්න කටයුතු කරමින් ඉන්නවා. ඒ වාගේම තමයි මෙම ප්‍රහාරයන් පස්සේ අපේ රට පත්වෙලා තිබෙන මෙම බලවත් අනාරක්ෂිත, අසරණ භාවය පාවිච්චි කරමින් විදේශීය රාජ්‍යයන්, විශේෂයෙන්ම එක්සත් ජනපදය ඇතුළු අධිරාජ්‍යවාදී රටවල්, කලාපීය බලවතුන් සහ ජාත්‍යන්තර සංවිධාන මේ රටට ඉතා දැඩිව මැදිත්වීමට පටන් අරගෙන තිබෙනවා.

       එම ප්‍රහාරයෙන් දිනකට දෙකකට පසු අග්‍රාමාත්‍යවරයා, ඒ වාගේම විවිධ ඇමතිවරු මේ පාර්ලිමේන්තුවට කිව්වා, මේ ප්‍රහාරය සම්බන්ධ කටයුතු සඳහා, ආරක්ෂක කටයුතු සම්බන්ධ පරීක්ෂණ සඳහා මේ වන විටත් විදේශ රාජ්‍යයන් 8කින් විවිධාකාර ආරක්ෂක නිලධාරීන්, විශේෂඥයන් පැමිණ සිටින බව, එමනිසා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමාගේ පිළිතුරු කථාවේදී මම දැනගන්න කැමැතියි, ඒ රාජ්‍යයන් මොනවාද, කොපමණ නිලධාරීන් ප්‍රමාණයක් ඇවිල්ලා ඉන්නවාද, ඔවුන් කොපමණ කාලයක් මේ රටතුළ කටයුතු කරනවාද, ඔවුන්ට ආරාධනා කළේ ජනාධිපතිද, ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා වශයෙන් ඔබතුමාද, නැත්නම් අගමැතිතුමාද, කැබිනට් මණ්ඩලය ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගත්තාද සහ දැනට ඔවුන් විසින් සපයාදී තිබෙන විශේෂ සේවාවන් මොනවාද කියලා. මොකද, අපි හොඳාකාරවම දන්නවා, ලෝකයේ රටවල් අතර විවිධ දේශපාලන, ආර්ථික, යුදමය ගනුදෙනු තිබෙන බව. ඒ ගැන විවාදයක් නැහැ. ඒ සමස්තය ප්‍රතික්ෂේප කරන රටවල් ලෝකයේ ඇත්තේ නැහැ. හරියටම පෙබරවාරි මාසයේ 22වැනි දා මම මේ පාර්ලිමේන්තුවට කල්තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කළා. මා එහි සඳහන් කළේ, ලංකාව, අපේ රට විශේෂයෙන්ම එක්සත් ජනපදයත් සමග විවිධාකාර ආරක්ෂක ගිවිසුම්වලට යමින් තිබෙන බවත්, ඒවා පාර්ලිමේන්තුවට හෙළිදරව් කරන්න කියන එකත්, ඒවාගේම ලංකාව එක්සත් ජනපදයට බැඳතබන, අපේ ස්වෛරීත්වය උදුරා දමන මෙවැනි පාවාදීමේ, රටේ ආරක්ෂාව දශමයකින්වත් ශක්තිමත් නොවන ගිවිසුම්වලට යන්න එපා කියන එකත්.

        ඒ පිළිබඳ හැන්සාඞ් වාර්තාව මා සතුව තිබෙනවා. මේ ගැන නැවත නැවත කියන්න අවශ්‍ය නැති නිසා මා ඉතා කෙටියෙන් මේ කාරණය කියන්නම්. රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ, 2007 මාර්තු මාසයේ 5 වනදා, ගෝඨාභය රාජපක්ෂ කියන ඇමෙරිකානු පුරවැසියා විසින් ඒ මොහොතේ ඇමෙරිකානු පුරවැසියෙක් වූ එතුමාගේ අද තත්වය මොකක්ද කියන්න මා දන්නේ නැහැ. ලංකාවේ කැබිනට් මණ්ඩලයට පවා නොදන්වා ආරක්ෂක ලේකම් විධියට ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර Acquisition and Cross-Servicing Agreement එක අත්සන් කළා. ඒ ගිවිසුම අනුව ඇමෙරිකාව කරන්නා වූ සෑම යුද්ධයකදීම ලංකාව බැඳී සිටිනවා. විවිධාකාර සේවා සපයන්න. මේ තිබෙන්නේ, ඒ ගිවිසුම. මේ සභාවේ ප්‍රයෝජනය සඳහා මා එය අද නැවතත් සභාගත කරනවා.

          ඒ ගිවිසුම මගින් අපි බැඳී සිටිනවා, ඇමෙරිකානු හමුදාවලට යුද්ධවලදී අවශ්‍ය කරන විවිධාකාර සේවා සපයන්න; අපේ ගුවන් තොටුපොළවල්, වරායල්, ඉඩකඩම්, තෙල් පහසුකම් ආදිය ලබා දෙන්න. එදා ඒ ගිවිසුම අත්සන් කළේ හොරෙන්. අපි මාස හයක් මේ පාර්ලිමේන්තුවේ කෑ ගහලා තමයි එවකට පැවති රාජපක්ෂ ආණ්ඩුවෙන් ගිවිසුම දුන්නේ නැහැ. ඒ වෙලාවේ. ඒ ගිවිසුම 2017 මාර්තු මාසයේ 5 වනදා අවසන් වන නිසා අපි 2017 පෙබරවාරි මාසයේදී පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගෙන් විමසා සිටියා, “මේ ගිවිසුමේ කාලය දැන් අවසන් වේගෙන යනවා. මේ ගිවිසුමේ කාලය දීර්ඝ කරනවාද? එහෙම නැත්නම් එය අහෝසි කරනවාද ඒ ගැන අපට දැන ගන්න ඕනෑ” කියලා. අගමැතිතුමා කිව්වා “එවැනි සාකච්ඡාවක් නැහැ. එහෙම කරනවා නම්, පාර්ලිමේන්තුවට කියනවා” කියලා. ඊට පසුව අපි අවස්ථා කීපයකදී ඒ ගැන ඇහුවාම ආණ්ඩුව කිව්වා, “එහෙම දෙයක් ගැන දන්නේ නැහැ” කියලා. මා විසින් 2019 පෙබරවාරි මාසයේ 22වනදා ගෙන එන ලද සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයෙන් පසුව රුවන් විජේවර්ධන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා මේ පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබුවා. Acquisition and Cross-Servicing Agreement-ACSA කියන ගිවිසුම, මේ කැබිනට් මණ්ඩලය එම ගිවිසුම අනුමත කරලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එකඟතාව මත, උපදෙස් මත, ඒ වෙලාවේ එතුමාගේ ආරකේෂක ලේකම්ව සිටි කපිල වෛද්‍යරත්න මහතා ඇමෙරිකානු තානාපති අතුල් කෙශාප් මහතා සමග 2017 අගෝස්තු මාසයේ 4වන දා නැවත වතාවක් අත්සන් කළා. එදා අග්‍රාමාත්‍යවරයා රටට බොරු කිව්වා. අද දේශප්‍රේමයේ සළු ඇඳගෙන විවිධාකාර නන්නත්තාර ප්‍රකාශ කරන ජනාධිපතිවරයා රටට හොරෙන් තමන්ගේ ආරක්ෂක ලේකම්ලවා මේ පාවාදීමේ ගිවිසුමට ලංකාව අත්සන් කරවූවා. ඒ කොපමණ කාලයකට ද? ගෝඨාභය රාජපක්ෂ උන්නැහේ ඇමෙරිකානු පුරවැසියකු වශයෙන් එය අත්සන් කළේ, අවුරුදු 10කට. මෛත්‍රීපාල සිරිසේන මහතා, රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ඒ ගිවිසුමට අත්සන් කළේ කොච්චර කාලයකටද? ඒ සදාකාලයටයි. රාජ්‍ය අමාත්‍යතුමනි, ඔබතුමා ඉදිරිපත් කරපු ගිවිසුමේ එය සඳහන් කර තිබෙනවා. Acquisition and Cross-Servicing Agreement – ACSA- ගිවිසුමට සදාකාලිකවයි බැඳිලා තිබෙන්නේ. එය අවසන් වන දින වකවානුවක් නැහැ. නියෝජ්‍ය කථානායකතුමනි, ඔබතුමා දන්නවා, බලගතු රාජ්‍ය සමග කොන්දේසි රහිත ගිවිසුම්වලට ගියාම මොකද වෙන්නේ කියලා. ඒවා ඊළඟට පත්වන ආණ්ඩුවකටවත් ඉවත් කර ගන්න බැහැ. ඇකමැති වුණත් අදත් අපට පිළිගන්න වෙනවා. ලෝකයේ දැනට තිබෙන ශක්තිමත්ම යුද බලය ඇත්තේ ඇමෙරිකාවටයි කියන කාරණය. එදා ඒ පාවාදීම කළා. අප එය හෙළිකරව් කරන කල් මේ රටේ කිසිකෙනෙක් එය හෙළිදරව් කළේත් නැහැ.

        මම එදාම මගේ කතාවේදී කරුණු ඉදිරිපත් කරමින් ඇමතිතුමාගෙන් ඇහුවා, මේ ගිවිසුමට අමතරව ලංකාව ඇමෙරිකාව සමග Status of Forces Agreement කියන තවත් ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරන්න යනවාද කියලා. එදා මට දුන් උත්තරය තමයි, “එවැනි ගිවිසුමක් නැහැ. ඒ ගැන දන්නේ නැහැ” කියන එක. අදාළ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මේ ගැන ප්‍රශ්න කරලා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් මා ඉල්ලා ගත් පිළිතුර මා 2019 පෙබරවාරි මාසයේ 22වන දාත් මේ පාර්ලිමේන්තුවේ හැන්සාඞ්ගත කළා. මොකද අපිත් මේවා ගැන ඇහැ ගසාගෙන ඉන්න නිසා. මේ රටේ ස්වෛරීත්වය කියන්නේ, රටට ආදරය කිරීම කියන්නේ  දේශපාලන ප්‍රතිපත්තියක් පමණක් නොවෙයි. ඒක අපේ පුද්ගලික ප්‍රතිපත්තියක්. දැන් සමහරු හිතනවා දේශප්‍රේමී වෙන්න ජනාතිවාදී වෙන්න ඕනෑය කියලා. දේශප්‍රේමී වනවා සහ ජාතිවාදී වනවා කියන්නේ දෙකක්. ඒවාගේම ජාත්‍යන්තරවාදී වනවා සහ ජාත්‍යන්තරය ඉස්සරහා දණ ගහනවා කියන්නේ තවත් එකක්.

        ලෝකයේ රටවල් එක්ක ගනුදෙනු කරන එකයි, ලෝකයේ රටවල් ඉස්සරහ දණ ගහන එකයි, දෙකක්. ඒනිසා අපි ඇහුවා මේ SOFA එක ගැන. අපි ඒ ගැන හෙව්වා. මේ පාර්ලිමේන්තුවේදී ඔබතුමා කිව්වා එහෙම ගිවිසුමක් නැහැ, දන්නේ නැහැ කියලා. නමුත් විදේශ අමාත්‍යාංශයේ ආංශික අධීක්ෂණ කාරක සභාව අපට දීපු විස්තරයේ තිබෙනවා , “The United States and Sri Lanka concluded  agreement by exchange of diplomatic notes in 1995 regarding the  Status of U.S. military personnel and civilian employees of the  Department of Defense (DoD) who visit Sri Lanka for joint exercises or official duties.” කියලා.

         1995 මැයි 16 වනදා තමයි ලංකාවමේ SOFA එකට අත්සන් කරලා තිබෙන්නේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ, දැන් අවුරුදු 24ක් තිස්සේ මේ පාවාදීමේ ගිවිසුම ලංකාව තුළ ක්‍රියාත්මක වෙනවා. මම ඇයි මේකට පාවාදීමේ ගිවිසුම කියලා කියන්නේ? ගිවිසුමක දෙපැත්තක් තිබෙනවා. පාර්ශ්ව දෙකක් ගිවිසුමකින් බැඳුනාම දෙපාර්ශ්වයටම අයිතිවාසිකම් තිබෙනවා. නමුත් මේ   SOFA එකෙන් බලය ලැබෙන්නේ ඇමෙරිකානු හමුදාවලට පමණයි.

       1995දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ අත්සන් කළ ස්වෛරීත්වය බිලි දීමේ යුද ගිවිසුම අලුත් කරන්න කියලා ඇමෙරිකානු එක්සත් ජනපදයේ තානාපති කාර්යාලයෙන් 2018 අගෝස්තු 28 හෝ ඊට කලින් දිනයක ඔබතුමන්ලාට එවපු පිටපතක් එදාත් මම මේ පාර්ලිමේන්තුවේ සභාගත කළා. අදත් මා ඒ ගිවිසුවේ පිටපතක් සභාගත කරනවා.

       එමගින් ඔවුන් ඉල්ලා සිටි දේවල් මම එදා එකින් එකට කිව්වා. එමනිසා මම ඒවා නැවත  කියන්නට යන්නේ නැහැ. ඔවුන් ඉල්ලා සිටියේ මොකක්ද? ඔවුන් ඉල්ලා සිටියේ ඇමෙරිකානු හමුදා භටයන්ට, ඇමෙරිකානු නිලධාරීන්ට, ඇමෙරිකානු යුද දෙපාර්තමේන්තුවට සේවා සපයන කොන්ත්‍රාත්කරුවන්ට වියානා ගිවිසුම අනුව ලංකාව තුළ රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද ලබාදෙන්න කියලාත්, ඇමෙරිකානු හමුදාවට, එහි නිලධාරීන්ට, එහි කොන්ත්‍රාත්කරුවන්ට ලංකාව තුළ ක්‍රියාත්මක වෙන විධියට අවසර ලබාදෙන්න කියලාත්, කිසිදු පරීක්ෂාවකින් තොරව ඇමෙරිකානු හමුදාවේ නැව්වලට, ගුවන් යානාවලට ලංකාවට එන්නත්, යන්නත් අවසර දෙන්න කියලාත්, ඇමෙරිකානු හමුදාවට සහ සිවිල් නිලධාරීන්ට, පුද්ගලයන්ට ඔවුන්ගේ හැඳුනුම්පතින්, පාස්පෝට් එකෙන්, වීසා මගින් නොවෙයි. ලංකාවට යෑමේ සහ ඊමේ අවසර දෙන්න කියලාත්, ලංකාවට එන ඇමෙරිකානු හමුදා සහ සිවිල් පුද්ගලයන්ගේ කිසිම දෙයක්, ලංකාවට ගෙනෙන දෙයක්, ලංකාවෙන් ගෙනයන කිසිදු දෙයක් පරීක්ෂාවකින් තොරව ගෙන ඒමට සහ ගෙනයෑමට අවසර දෙන්න කියලාත්.

        මේ ගිවිසුමේ මේ ඉල්ලීම් තිබෙනවා. මම කියන්නේ මෙහෙම ගිවිසුමක් ලංකාවේ ආණ්ඩුවට එව්වාට පස්සේ, ඒ තානාපති කැඳවලා, ප්‍රශ්න කරලා එළවන්න ඕනෑ, “තමුසෙලාගේ වත්ත කියලා හිතලාද මෙහෙම ගිවිසුමක් අපට එවන්නේ?” කියලා අහලා. එහෙම කොන්ද තිබෙන ආණ්ඩු අපට 1995දී තිබුණේත් නැහැ. දැනුත් නැහැ. මෙහෙම ගිවිසුමක් අපි ඇමෙරිකාවට නොවෙයි වෙනත් රටකට යැව්වොත් මොකද වෙන්නේ කියලා මම ආරක්ෂක රාජ්‍ය ඇමතිතුමාගේ පිළිතුරු කථාවේදී දැනගන්න කැමැතියි. අපි යම්කිසි රටකට ගිවිසුමක් යැව්වොත් මොකද වෙන්නේ? අන්දමන් දූපත කිලා හිතන්නකෝ, අපට වඩා පුංචි රටක් තෝරා ගනිමුකෝ. අපි මාලදිවයිනට මෙහෙම ගිවිසුමක් යැව්වොත් මොකද වෙන්නේ ඇමතිතුමනි? මේක රටක, Nation එකක ගරුත්වය බල්ලාට දාලා කියලා තිබෙන ගිවිසුමක්. 1995 චන්ද්‍රිකා බණ්ඩානායක නෝනා මේක එක දවසින් අත්සන් කරලා යවලා තිබෙනවා. එක දවසින් ! දැන් 2018 අගෝස්තු මාසයේ 28 වෙනිදා ඔබතුමන්ලාට එවලා තිබෙනවා. ඒක update කරන්න කියලා. ඒ update කරපු තොරතුරුවලින් කොටසක් තමයි මම දැන් කියෙව්වේ.

       ඒ විතරක් නොවෙයි. ඇමෙරිකානු හමුදාවට අවශ්‍ය නම් පුළුවන් මේ ගිවිසුමෙන් පසුව ලංකාව තුළ ආයුද සහිතව යන්න එන්න පවා. මේකේ තිබෙන ඒවා මිසක් මම එක වචනයක්වත් වැඩි කරලා කියන්නේ නැහැ. මට එහෙම පටු අරමුණක් නැහැ. ඒ වාගේම ඔවුන්ට ලංකාවේ Customs එකට කිසිම බද්දක් ගෙවන්නට අවශ්‍ය නැහැ. කියලා මේ ගිවිසුම හරහා ඔවුන් ඉල්ලනවා.

       ඒ විතරක් නොවෙයි,

The Government of Sri Lanka recognizes that it may be necessary for the U.S. Armed Forces to use radio spectrum, The U.S. Department of Defense shall be allowed to operate its own telecommunication systems. This shall include the right to utilize such means and services as required to ensure full ability to operate telecommunication systems. Use of the radio spectrum shall be free of cost to the U.S. Government.”

 කියාත් සඳහන් වෙනවා.

          අපි බාබඩොස් ද? අපි ඇමෙරිකාවේ ඊළඟ ප්‍රාන්තයද ? මෙහෙම ලියුමක් එවන්න ඇමෙරිකාවේ තානාපතිට කොන්දක් එන්නේ කොහෙන්ද? මේ අවුරුදු 30ක්, 40ක් තිස්සේ දීන භාවයේ පතුළටම අපේ රට ඇදලා දාපු නිසයි මෙහෙම වෙන්නේ. 2007 දී පාර්ලිමේන්තුවට, කැබිනට් මණ්ඩලයට හොරෙන් ඇමෙරිකානු පුරවැසියන් දෙදෙනෙකුට ලංකාවේ ගිවිසුමක් අත්සන් කරන්න පුළුවන් වුණා කියලා ඇමෙරිකාව දැනගත්තාට පස්සේ, ඊට වඩා දීන භාවයට පත්කරන ගිවිසුම් ඔවුන් එවනවා. එහෙම තමයි, මොකද බෙල්ල නැව්වාම කට්ටිය දන්නවා. කොන්දෙනුත් නවලා, දණ හිසෙනුත් නවලා ගන්න. අපි කවුරුත් දන්නවා, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දැඩි ඇමෙරිකානු ගැති පිළිවෙතක් අනුගමනය කරනවා කියන එක. ලෝකයේ බලවත් රාජ්‍යයන් තමන්ගේ ශක්තිය පාවිච්චි කරලා අනෙක් රටවල් යටත් කරගන්න උත්සාහ ගන්නා බව අපි දන්නවා. ඒකෙන් බේරෙන්න ලේසිත් නැහැ. නමුත්, මේක එහෙම නොවෙයි. මේ තිබෙන්නේ අත්දෙකම දිගුකරලා, “එන්න, එන්න මෙහේ ඕනෑ එකක් කරගන්න” කියන ආරාධනයයි. මම ඒකයි කිව්වේ, මේ SOFA ගිවිසුම අනුව ලංකාව ඇමෙරිකානු යුද කොලනියක් වෙනවා කියලා. ළඟදී තිලක් මාරපන මහතා ඇමෙරිකාවේ ගියාට පස්සේ Associated Press කියන ඇමෙරිකානු ප්‍රධාන ප්‍රවෘත්ති ජාලය ඒ පිළිබඳව වාර්තා කළා. ඒ සාකච්ඡාවල එක ප්‍රධානකරුණක් බවට පත්වුණේ මේ ගිවිසුම කියලා ඔබතුමා දන්නවා. ආණ්ඩුව එදා අපට පාර්ලිමේන්තුවේදී බොරු කිව්වා. මෙහෙම ගිවිසුමක් නැහැ කිව්වා. හැබැයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිවේදනවල තිබෙනවා, මෙන්න මේවා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. අපි දැනගන්න කැමැතියි ආණ්ඩුව කරපු මේ සාකච්ඡා මොනවාද කියලා. ඒ ගැන අපට සහතිකයක් දෙනවාද?

      මේ 1995 ගිවිසුම හරිනම් අවලංගු කරලා දමන්න ඕනෑ. මම නැවතත් කියනවා. මේ ගිවිසුමට අනුව කිසිදු ඇමෙරිකානු සෙබළෙක්, සිවිල් පුද්ගලයෙක්, කොන්ත්‍රාත්කාරයෙක්වත් ලංකාවට පරීක්ෂා කරන්න බැරිබව. ලංකාවේ ජනාධිපති හැම අවුරුද්දකම දෙපාරක් ඇමෙරිකාවට යනවා. එතුමා UN General Assembly  එකට නිව්යෝර්ක් යනවා. ලංකාවේ රාජ්‍ය නායකයා ගෙනයන භාණ්ඩ 5 ඇමෙරිකාවේ ආරක්ෂක අංශවලින් පරීක්ෂා කරන්නේ නැද්ද කියලා මම දැනගන්න කැමැතියි. ලංකාවේ ජනාධිපතිට පුළුවන්ද, මම මෛත්‍රීපාල සිරිසේන කියලා Identity Card  එක පෙන්නලා ඇමෙරිකාවට යන්න Plane  එකට board කරන්නේ නැහැ. හැබැයි, ඇමෙරිකාවේ සිටින ඕනෑම තක්කඩි කොන්ත්‍රාත්කාරයෙකුට අපේ රටට එන්න පුළුවන්, රුවන් විජේවර්ධන මැතිතුමනි, මේ ඉදිරිපත් කරපු ලියවිල්ල අනුව ඔබතුමා හෝ ඔබතුමාගේ ඇමතිතුමා වන මෛත්‍රීපාල සිරිසේන හෝ කියන්න තිබුණා. මෙහෙම ස්වෛරීත්වය හෙළා දකින තුට්ටුදෙකේ ලියැවිලි එවන්න එපා කියලා. අපි ලජ්ජා වෙනවා. ඔබතුමන්ලාගේ ආණ්ඩුව ගැන. ඔබතුමන්ලා අපට මේක වසන් කළා. මෙහෙම දෙයක් නැහැ කියලා බොරු කිව්වා. අදත් හරියට කියලා නැහැ. ඒ නිසා තමයි අපි මේ ප්‍රශ්නය මතු කරන්නේ. ඇමෙරිකා එක්සත් ජනපදය 2015 ජනවාරි මාසයේ 16 වැනිදා ඔවුන්ගේ පෙන්ටගන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් International Security Advisory Board  කියලා එකක් ඔවුන්ගේ රටින් පත්කළා. ඔවුන් යෝජනා කළා, ලෝකය පුරා තිබෙන ඇමෙරිකානු ගිවිසුම් 100කට වැඩි ප්‍රමාණයක් යාවත්කාලීන කරන්න කියලා. මම ඒ ලියැවිල්ල සභාගත කරනවා.

        මේ රටට ආදරය කරන, මාතෘභූමියේ ස්වෛරීත්වය ගැන හිතන මේ පාර්ලිමේන්තුවේ සිටින ජාතිවාදී නොවන සෑම මන්ත්‍රීවරයෙකුම මේක කියවන්න කියලා මා ඉල්ලා සිටිනවා. මොකද, ඇමෙරිකාවේ අද අවශ්‍යතාව මොකක්ද කියලා ඔවුන් පැහැදිලිව කියලා තිබෙනවා. ඔවුන් කියනවා, “Why we need SOFA Protections”, කියලා. ඔවුන් පැහැදිලිව යෝජනා කරනවා, ඇමෙරිකන් නීතිය අනුව වැඩකරන නීතිමය බලතල ඇමෙරිකාවට අවශ්‍ය බව. ඔවුන් වැඩකරන්න සූදානම් අද අපේ රටේ තිබෙන නීතිය අනුව නොවෙයි කියලාත් ඔවුන් කියනවා.

         මා අවසාන වශයෙන් මෙම මාතෘකාවට අදාළව මේ කාරණය ගැනත් කියන්න කැමැතියි. මේ ඇමෙරිකානු ගිවිසුමේ 56 වැනි පිටුවේ තිබෙන්නේ මොකක්ද? ඔවුන් කියනවා, මේ SOFA ගිවිසුම යටත්වීමේ ගිවිසුමක් ලෙස තමයි ලෝකයේ රටවල් හිතන්නේ කියලා. ලෝකයේ බොහො රටවල් මේ ගිවිසුම අත්සන් කරන්න පැකිළෙනවා. අන්න ඒ පැකිළීම වෙනස් කරන්න යොදා ගන්න ඕනෑ මොකක්ද කියලා ඇමෙරිකානු ආරක්ෂක ප්‍රධානීන් යෝජනා කරනවා. මම එය හැන්සාඞ් වාර්තාවට ඇතුළත් කිරීම සඳහා ඉදිරිපත් කරන්නම්. මේකේ 56 වැනි පිටුවේ ඔවුන් කියනවා, මේ Agreement එක negotiate කරද්දී පාවිච්චි කරන්න ඕනෑ tactics මෙනවාද කියලා. ඔවුන් ඒ අතින් අවංකයි. ඇත්ත කියලා තිබෙනවා. මේක අහගන්න. ,

“Adjust  Negotiating Tactics. Even though it is asking for special privileges, the United States has leverage in SOFA negotiations , which derives in very important part from the value the host Government attaches to a  U.S. military presence. It is clear that Negotiating a SOFA is easier when the host Government sees a compelling need for the presence of U.S. Forces and/or when bilateral relations are generally good. Problems emerge when public attitudes and/or concerns regarding incursions on sovereignty outweigh the perceived need for a U.S. presence.”

මොකක්ද මේ කියන්නේ? , “It is clear that Negotiating a SOFA is easier when the host Government sees a compelling need for the presence of U.S. Forces…”   එකක් කියනවා.

The most obvious recent example is the change of position by the lraqi Government” ISIS  එක බැග්ඩෑඞ්වල ගේට්ටුව ළඟට ආවාම-ඊට කලින් ඉරාකයේ Prime Minister Nouri al-Maliki මේ ගිවිසුම ප්‍රතික්ෂේප කළා.

“With ISIS at the gates of Baghdad in 2014, Prime Minister Nouri al-Maliki, who had previously refused to agree to a SOFA proved willing to reconsider and afford status protections via diplomatic note so as to bring U.S. troops back.”

         තවත් උදාහරණයක් තිබෙනවා, පිලිපීනය ගැන. පිලිපීනයෙන් කිව්වා, US base එකේ කාලය දීර්ඝ කරන්න බැහැ” කියලා. එසේ කියලා මාසයකට පසුව මින්දනාඕවල අලුතෙන් ISIS attacks දෙකක් වුණා. ඔබතුමා දන්නවා. ඊට පස්සේ මොකක්ද වුණේ කියලා. පිලිපීනයට සිද්ධවුණා නැවතත් එම Agreement එක අත්සන් කරන්න. මෙම ඇමෙරිකන් දෙපාර්තමේන්තුව ලෝකයේම රටවල ඉන්නා ඒ ගොල්ලන්ගේ තානාපතිවරුන්ට කියනවා, “කුමන හෝ රටක් මේක අත්සන් කරන්න අමාරුයි කියනවා නම්, ඒ රට අමාරුවේ වැටුණු වෙලාවක් මේ වැඩය සඳහා යොදා ගන්න” කියලා. දැන් ඒකට නියම වෙලාව. ඒ නිසා තමයි මේක පාවිච්චි කරන්නේ. අපි හිටියේ ණය උගුලේ. අපි තිස් අවුරුදු යුද උගුලක හිටියා. ඊට පස්සේ අපි ණය උගුලකට මාරුවුණා. දැන් අපි නැවත ආරක්ෂක උගුලකට මාරු වෙමින් තිබෙනවා. අද ඇමෙරිකාව පමණක් නොවෙයි, ලෝකයේ සිටින ආරක්ෂක බලවතුන්, ලංකාව ගැන ඇහැගහගෙන සිටින හැම ආරක්ෂක බලවතෙකුම මේ මහා විශාල විනාශය සහ මේ ආණ්ඩුවේ තිබෙන බරපතළ අසමත්කම පාවිච්චි කරමින් මේ අරාජිකත්වය අස්සෙන් රිංගනවා. රිංගලා ලංකාවේ පැලපදියම් වෙන්න පුළුවන් හැම තැනම චැබැඑර්එැ කරනවා. ආණ්ඩුව ඇස් වහගෙන ඉන්නවා. අද විදේශ අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය යනාදී මේ හැම එකක් අස්සේම මේක ගිහිල්ලා තිබෙනවා. පසුගිය අවුරුදු ගණනක් තිස්සේ තිබුණු එක දැන් එරසටටැර වෙලා තිබෙනවා. මේකෙන් ඒ ගොල්ලන්ට ලොකු අවශ්‍යතාවක්, අවස්ථාවක්  ඇවිල්ලා තිබෙනවා. අපි කියන්නේ ඒකයි.

      අපි පැහැදිලිව කියනවා, මෙම ACSA ගිවිසුම වහාම අහෝසි කරන්න කියලා. SOFA ගිවිසුම අත්සන් කරන්න එපා. මම ඉල්ලීමක් කරනවා. ඇමතිතුමාගේ පිළිතුරු කථාවේදී මේ ගැන මේ රටට හෙළිදරව් කරන්න කියලා. ඔබතුමන්ලා භාරකාරයන් පමණයි. ඔබතුමන්ලාගේ ගිවිසුම් පමණක් නොවෙයි, විවිධ එකඟතාවන් තිබෙනවා. මා දැනගන්න කැමතියි. බෝම්බ පිපිරිලා දවස් දෙකකින් රටවල් අටක ආරක්ෂක ප්‍රධානීන් මේ රටට එන්නේ කොහොමද කියලා. ඒ ගොල්ලන්ට තිබුණු අවශ්‍යතාව මොකක්ද? උන්නැහේලා ඇවිල්ලා අමුතුවෙන් කරන වැඩේ මොකක්ද? මම පිළිගන්නවා. ලෝකයේ යුද තාක්ෂණය ලංකාවට අවශ්‍යයි කියලා. සියලුම යුද තාක්ෂණය තිබෙන රටක් ලෝකයේ කොහේවත් නැහැ. ඔවුන් මේ රටේ හැම අස්සක් මුල්ලක් නෑරම රිංගන එක රටේ වර්තමාන ආරක්ෂාවට පමණක් නොවෙයි, අනාගත ආරක්ෂාවටත් අහිතකරයි.

      මම ඊළඟ කරුණුවලට එන්න කැමතියි. අද අපේ රටට මෙම ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කරපු ශ්‍රී ලංකා ත්‍රස්තවාදී කණ්ඩායම අයත් තවුහිද් ජමාත් සංවිධානයත්, ඔවුන්ගේ මව් සංවිධානය වශයෙන් හඳුන්වාදෙන ISIS සංවිධානය කියන්නේත් ජාත්‍යන්තර සංවිධානයක්. හැබැයි මේ  ISIS එක, Al-Qaeda එක හැදුවේ ඇමෙරිකා එක්සත් ජනපදයයි කියන එක ගලේ කෙටූ අකුරක් වාගේ සනාථ වෙලා දැනට බොහෝ කාලයක් වෙනවා. ඇමෙරිකාවේ ප්‍රධාන දක්ෂණාංශික නායකයෙකු වන ළඟදී මියගිය ජෝන් මැකේන්, 2012 වාගේ කාලයක අද Al-Qaeda එක නියෝජනය කරන ප්‍රධාන නායකයන් සමග සිටින ඡායාරූපය ඕනෑ තරම් පළවෙලා තිබෙනවා. මීට අවරුදු ගණනකට කලින් WikiLeaks නිර්මාතෘ වන ජුලියන් අසාන්ජ්  e mail 1,700ක් හෙළිදරවු කළා. හිලරි ක්ලින්ටන් මහත්මිය ISIS එකට සල්ලි දුන්නේ කොහොමද කියලා. ඇමෙරිකාව මේ ලෝකය පුරාම ත්‍රස්තවාදී සංවිධාන හැදුවා කියන එකත්, ඔවුන්ට ආයුධ දුන්නා කියන එකත්, නිශ්චිත සත්‍යයක්. අද ඇමෙරිකාවම ඒකෙන් පරිප්පුව කාලා, ඇමෙරිකාවම ඒකට විරුද්ධව සටන් කරනවා කියන එකත් සත්‍යයක්. හැබැයි තෝරා බේරා ගත් තැන්වල විතරක් අද සිරියාවට ගහන්නෙත් මෙම ISIS සංවිධානයමයි. හැබැටි ඒ ISIS ලාට ඇමෙරිකාව උදව්කරනවා. සිරියාවට ගහන හැම උපකරණයක්ම, හැම ආයුධයක්ම ඇමෙරිකානු නිෂ්පාදන, රුසියානු, චීන නිෂ්පාදන නොවෙයි. ඒ නිසා ISIS එකට ගහන රුසියන් හමුදාවේ ජෙට්වලට, planes  වලට ගහලා වට්ටන්නේ කවුද? ඇමෙරිකානු හමුදාවයි. මම මේ කාරණය කිව්වේ වෙන මොකුත් නිසා නොවෙයි. ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක ත්‍රස්තවාදය හදලා, තමන්ගේ දේශපාලනය වෙනුවෙන් ඒ ත්‍රස්තවාදය පාවිච්චි කරනවා. තමුන්නාන්සේලා ලංකාවේ ත්‍රස්තවාදී, උවදුර මර්දනය කරන්න ඒ රටේ FBI එක ගෙන්වනවා. තමුන්නාන්සේලා මොන විධියේ ආණ්ඩුවක්ද?

    ඒ දේවල්වලට, බැහැය කියන්න තමුන්නාන්සේලාට නොහැකිවෙලා තිබෙන්නේ මොකද? තමුන්නාන්සේලා මේ ගිවිසුම් අත්සන් කර තිබෙන නිසා සහ ඒවා අත්සන් කරන්න බොහොම කැමැත්තෙන් ඉන්න නිසා තමයි තමුන්නාන්සේලාට එහෙම කියන්න බැරිවෙලා තිබෙන්නේ. මේක හරියට මෙන්න මේ වාගේයි. එල්ටීටීඊ සංවිධානය හැදුණේ අපේ රටේ ජාතිවාදී, අන්තවාදී දේශපාලනය නිසා බව අපි කවුරුත් දන්නවා. හැබැයි, එල්ටීටීඊ සංවිධානය හැදුණාට පස්සේ දෙමළ නායකයන් ඒකට උදවු කළා. ‘එල්ටීටීඊය තමන් කියන විධියට, තමන් කියන කට්ටියට විතරක් ගහලා එයි, ඒ අය තමන්ට control කර ගන්න පුළුවන්’ කියා දෙමළ නායකයන් හිතුවා. ඒ එල්ටීටීඊ සංවිධානයට ඉන්දියාව උදව් කළා; ආයුධ දුන්නා; සල්ලි දුන්නා; ඔක්කොම කළා. අන්තිමට මොකද වුණේ ? ඒ එල්ටීටීඊ සංවිධානය දෙමළ නායකයනුත් මරාගෙන, ඉන්දියාවේ නායකයනුත් මරාගෙන, දෙමළ ජනතාවටත්, රටටත් විරුද්ධ මහා බිල්ලෙක් බවට පත් වුණා. අපි තිස් අවුරුදු යුද්ධයකින් එල්ටීටීඊ ත්‍රස්තවාදය විනාශ කළ බව ඇත්තයි. හැබැයි, අපි ඔක්කොම නන්දිකඩාල්වලට ගිහින් නතර වුණාට පසුව තමයි එය අවසන් වුණේ කියන කාරණය අපි මතක තියාගන්න ඕනෑ. දෙමළ මිනිසුන් පමණක් නොවෙයි, මුළු රටම නන්දිකඩාල්වලට ගියා.

      2012 දී බොදුබල සේනා සංවිධානයටත්, තව්හිද් ජමාත් සංවිධානයටත් කියන දෙකටම දේශපාලනයේ සරණ ගිය සමහර බුද්ධි අංශවලින් පඩි ගෙව්වාය කියා දැන් බුද්ධි අංශ වාර්තා මගින් හෙළිදරවු වෙලා  තිබෙනවා. ඒක හරි ලස්සන වැඩක්. ඒ කියන්නේ, සිංහල – බෞද්ධ අන්තවාදයටත් සල්ලි දෙනවා;  හදනවා. මුස්ලිම් – ඉස්ලාම් ත්‍රස්තවාදයටත්- අන්තවාදටයත් – සල්ලි දෙනවා; හදනවා. ඊට පසුව ඒ දෙකෙන්ම වැඩ ගන්නවා. ඒවා හදද්දි ඒ දෙගොල්ලන්ම හිතුවා, තමන්ට ඕනෑ විධියට කට්ටිය වැඩේ කරාවි කියලා. හැබැයි, තමන්ම හදපු බිල්ලා තමන්වත් ගිල ගන්නා තත්ත්වයට පත් වෙනවාය කියන කාරණය අපි දැනගන්න ඕනෑ.

       අපි තමුන්නාන්සේලාට කියන්නේ මේකයි. අද මේ රටේ ඇතිවෙලා තිබෙන අනාරක්ෂිත තත්ත්වය නිසා අපේ  රටේ ආරක්ෂාව පමණක් නොවෙයි; ස්වෛරීත්වයත් බිල්ලට යනවා; මතු අනාගතයම බිල්ලට යනවා. ලෝකයේ බලගතු රාජ්‍යයන් අපේ මේ දුර්වලතාව පාවිච්චි කරලා දැන් පිනුම් ගහනවා. අපිට ආණ්ඩුවක් නැහැ. රටට ආණ්ඩුවක් නැහැ. ජනාධිපතිවරයා එක පැත්කයි; අගමැතිවරයා තව පැත්තකයි; ඇමතිවරු තව පැත්තකයි. මේ සියලු දෙනාම දස අතේ විසිරිලා ගිහින් තිබෙන්නේ. ඒනිසා ආණ්ඩුව විකාර කියවනවා.

       ඊළඟට, මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මන්ත්‍රී කණ්ඩායමේ සැලකිය යුතු කොටසක් අමු ජාතිවාදී ලෙස, ඉස්ලාම් අන්තවාදයට නොදෙවෙනි ජාතිවාදයක් මතු කරමින් මේ තත්ත්වයෙන් උපරිම දේශපාලන වාසි ලබාගන්න උත්සාහ කරමින් ඉන්නවා.

     තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ මුස්ලිම් දොස්තර කෙනෙකු සිංහල බෞද්ධ අම්මලා හාරදහසක් වඳ කරලාය කියා අද “දිවයින” පුවත්පතේ පළ වෙලා තිබෙනවා. ලෝකයේ තිබෙන සාමකාමීම රටේ වුණත් මෙහෙම ප්‍රවෘත්තියක් ජාතික පුවත් පතක headline එක විධියට පළ වුණොත්, ඒ රටම ඇවිස්සෙනවා. ඒ නිසා ඉහගෙන කන්න පුළුවන් හැම එක්කෙනාම දැන් මේක ඉහගෙන කනවා. ඒක ඇමෙරිකාවත් කරනවා; චීනයත් කරනවා-; ඉන්දියාවත් කරනවා; දේශපාලනයේ ඉන්න කට්ටියත් කරනවා; Media  එකත් කරනවා; නිලධාරීනුත් කරනවා; බිස්නස්කාරයනුත් කරනවා; ගම්වල මිනිස්සුත් තමන්ට පුළු පුළුවන් විධියට ඒ කටයුත්ත කර ගන්නවා. දැන් මුස්ලිම් මිනිසුන් බයවෙලා  ඉන්න නිසා, මේ තත්ත්වය පාවිච්චි කරලා මුස්ලිම් මිනිහාගේ  ඉඩමේ කෑල්ලක් අල්ලා ගන්න පුළුවන් නම් මේ වෙලාවේ ඒකත් කර ගන්නවා. ණයක් ගෙවන්නේ නැතිව පොල්ලක් තියන්න පුළුවන් නම් මේ වෙලාවේ ඒ වැඩෙත් කරනවා.

        මොසාඞ් ඔත්තු සේවයේ හිටපු නිලධාරියෙකු ලංකාව පිළිබඳව පොතක් ලිව්වා. ඔහු ඒ පොතේ එක කාරණයක් සඳහන් කළා. ඒ මොකක්ද? මොසාඞ් එක, එකම වෙලාවේ එකම කඳවුරක, එක කෙළවරක ශ්‍රී ලංකා හමුදාවත්, අනික් කෙළවරේ එල්ටීටීඊ එකත් පුහුණු කළාය කියා ඔහු ලංකාව ගැන ලියූ ඒ පොතේ සඳහන් කර තිබෙනවා. අද ලංකාව පත්වී තිබෙන්නේ අන්න එවැනි තත්ත්වයකටයි. තවුහිද් ජමාත් සංවිධානයට; ISIS එකට සල්ලි දෙන, ISIS එකට ආයුධ දෙන, උදවු කරන එක්සත් ජනපදය අපිට උපදෙස් දෙන්නත්, මේකෙන් අපිව බේරා ගන්නත් කටයුතු කරනවා.

      ආරක්ෂාව පැත්තන් එක්සත් ජනපදය අසාර්ථක රාජ්‍යයක්. එක්සත් ජනපදයේ ජීවත් වනවාය කියන්නේ බංකරයක ජීවත් වනවා වාගේ වැඩක් බව ඔබතුමා දන්නවා. මේකට උත්තරය මොකක්ද? මීට කලින් විදේශීය රාජ්‍යයන්, අධිරාජ්‍යවාදී රටවල්, අපේ රටට ඇතුළු වුණේ අපේ රටේ ජාතිවාදී අන්තවාදය නිසා ඇති වුණු බෙදුම්වාදය පාවිච්චි කරගෙනයි.

        එල්ටීටීඊ බෙදුම්වාදය පාවිච්චි කරලා තමයි, ඉන්දියාව හා ඇමෙරිකාව වැනි විදේශ රටවල් ලංකාවට ඇතුළු වුණේ. ජනතා විමුක්ති පෙරමුණ වශයෙන් අපි ඒ වෙලාවේ දැක්කා, අධිරාජ්‍යවාදය ආවේ බෙදුම්වාදය අස්සේ බව. ඒ නිසා ජවිපෙ වශයෙන් අපි ජාතිවාදී වෙන්නේ නැතිව, රට බෙදීමට විරුද්ධව සටන් කළා. ඒ පිළිබඳව හිතේ කිසිදු සැකයක් නැති ප්‍රතිපත්තිමය ස්ථාවරයක් අපට තිබෙනවා. අපි, ජාතිවාදයට විරුද්ධයි. එදා අපි බෙදුම්වාදයටත් විරුද්ධ වුණා. අද ජාතිවාදයේ සරණ ගිහිල්ලා පක්ෂ අස්සේ ගිය සමහර පුද්ලයන් මොනවා කිව්වත්, මේ රට ඒකට සාක්ෂි දරයි; මිනිසුන් සාක්ෂි දරයි.

       අවුරුදු තිහක් තිස්සේ මේ රටේ තිබුණු යුද්ධය අපි කෙසේ හෝ අවසන් කර ගත්තා; ලේ ගංගාවක් ගැලුවාට පසුව හෝ අප ඒ යුද්ධය අවසන්කර ගත්තා. ටිකක් හෝ සාමකාමී තත්ත්වයක තිබෙන අපේ රට අධිරාජ්‍යවාදීන් ඇතුළු විදේශ රටවලට දැන් අවුල් කරන්න පුළුවන්කම තිබෙන්නේ කොහෙමද, ඒක ආර්ථිකයෙන් විතරක් ඔවුන්ට අල්ලන්න බැහැ. ආර්ථිකයෙන් පමණක්, ණය උගුලෙන් පමණක් ලංකාව දණ ගස්සන්න බැහැ. දැන් ඔවුන්ට ඒ සඳහා අලුත් ප්‍රශ්නයක් ඕනෑ. ඒකට ඔවුන්ට එල්ටීටීඊ එක නැහැ; දෙමළ ජනයා නැවත යුද්ධයකට යන්නේ නැහැ. ඒ නිසා, අලුත් ගින්නක් හදන්නේ කොහොමද කියා ඔවුන් පසුගිය අවුරුදු හත-අට තිස්සේ බැලුවා. ඔවුන්ගේම ගෝලයෝ හදපු තවුහිද් ජමාත් එකයි, බොදුබල සේනා සංවිධානයයි පාවිච්චි කරලා උපරිම උත්සාහයක් දැරුවා, අපේ රට තුළ සිංහල සහ මුස්ලිම් ගැටුමක් හදන්න. අලුත්ගම ප්‍රදේශයේ ගැටුමක් ඇති කළා. දිගන ගැටුමක් ඇති කළා. හැබැයි, ඒ අයට ඕනෑ ගණනට ඒක පත්තු වුණේ නැහැ. පත්තු වුණා. හැබැයි ඕනෑ ගණනට පත්තු වුණේ නැහැ. ඒ නිසා චීනය, ඇමෙරිකාව වැනි අධිරාජ්‍යවාදීන්ටත්, ඉන්දියාවටත් ඒක පාවිච්චි කරලා ලංකාව තුළට මැදිහත් වෙන්න බැරි වුණා. ඒනිසා අද අපි තේරුම් ගන්න ඕනෑ මොකක්ද? අද ජාතිවාදය එන්නේ කොතැනින්ද? අද අධිරාජ්‍යවාදය එන්නේ මොකක් හරහා ද? අද ඒක එන්නේ අන්තවාදය හරහායි; ජාතිවාදය හරහායි. එහෙම නැතිව, ණය උගුලෙන් විතරක් ලංකාව වට්ටන්න අධිරාජ්‍යවාදී බලගතු රටවලට බැහැ. මේකට හොඳම විධිය තමයි, මේ ජාතිවාදී කලකෝලාහල, අන්තවාදය හා මේ ISIS ත්‍රස්තවාදය. මේ කතාව ඇතිකර ගත්තාට පස්සේ, ඒ අධිරාජ්‍යවාදීන්ට නියම විධියටම තමන්ගේ ව්‍යාපෘතිවලට ලංකාවට එන්න පුළුවන්; NATO ඡරදවැජඑ එකට එන්න පුළුවන් American  Project එකට එන්න පුළුවන්China, Indian Project වලට එන්න පුළුවන්.

       ඉන්දියානු ඔත්තු අංශ ඒ ප්‍රහාරය ගැන අප්‍රේල් 04 වන දාට කලින් ලංකාව දැනුවත් කරලා, අපේ රට බේරා ගන්න උත්සාහ කිරීම පිළිබඳව අපි ඉන්දියාවට ස්තුතිවන්ත වනවා. ඒ ගැන කිසිදු සැකයක් නැහැ. රුවන් විජේවර්ධන රාජ්‍ය ඇමතිතුමනි, මම ඔබතුමාගෙන් මෙන්න මේ කාරණය දැනගන්න කැමැතියි. පහර දෙන  තැන් අතර, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පිළිබඳවත් ඒ පොලිස් ප්‍රධානියාගේ නිවේදනයේ සඳහන් වෙලා තිබෙනවා; “ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයටත් ප්‍රහාර එල්ල කරන්න ඉන්නවා” කියා ඒ නිවේදනයේ තිබෙනවා. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට එල්ල කරන්න මරාගෙන මැරෙන බෝම්බකාරයෙක් ගියාද, ඔහුව අත්අඩංගුවට ගත්තාද කියා මා දැනගන්න කැමැතියි. ඔබතුමන්ලාගේ පොලිසිය යටතේ, “තානාපති ආරක්ෂක කොට්ඨාසය” කියා අංශයක් තිබෙනවා. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කරන්න ඉන්නවාය කියා දැන ගත්තාට පස්සේ ඔවුන් ඔබතුමන්ලාගෙන් ඒ සඳහා විශේෂ ආරක්ෂාවක්  ඉල්ලුවාද? පල්ලිවලට ප්‍රහාර එල්ල කරනවාය කිව්වාට, අපි දැක්ක document එකේ    “කොච්චිකඬේ පල්ලිය” කියන එක තිබුණේ නැහැ. හැබැයි, ඉන්දියානු මහා කොමරිස් කාර්යාලය කියන එක ඒ document එකේ හරියට සඳහන් වෙලා තිබෙනවා. මම ආරක්ෂක රාජ්‍ය ඇමතිතුමාගෙන් දැන ගන්න කැමැතියි, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඔබතුමන්ලාගෙන් විශේෂ ආරක්ෂාවක් ඉල්ලුවාද, නැත්නම් ඔවුන් විශේෂ ආරක්ෂාවක් පනවා ගත්තාද කියා. මම දන්නා තරමින්, ඔවුන් විශේෂ ආරක්ෂාවක් ඔබතුමන්ලාගෙන් ඉල්ලා නැහැ. ඇයි, එහෙම ඉල්ලුමේ නැත්තේ? එහෙම ඉල්ලුවා නම් ඔබතුමා කියන්න, මට හිතෙන දෙය මේකයි. ඉන්දියානු බුද්ධි අංශවලට මේ තොරතුරු ආවා. ඔවුන් “ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය” කියලා එම ලැයිස්තුවට ඇතුළත් කළේ නිකම්. ඒකෙන් ඔප්පු වෙන්නේ මොකක්ද? ලංකාවේ බුද්ධි අංශවලට වඩා ඉන්දියාවේ බුද්ධි අංශ මේ රටේ ක්‍රියාත්මක වෙනවා; ඔවුන් ශක්තිමත් කියන එකයි, ඒකෙන් පැහැදිලි වන්නේ. ඒක තමයි, මෙතැන තිබෙන කාරණය. ඒක ඉන්දියාවට කෙළින් කියන්න බැහැ. ඒ නිසා ඉන්දියාව ඒ ලැයිස්තුවට තමන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ නමත් ඇතුළත් කළා. එසේ හෝ කරපු එක ගැන ඉන්දියානු බුද්ධි අංශයට ස්තුතිවන්ත වෙමින් තමයි මම මේ කාරණය කිව්වේ.

         අද බලගතු විදේශ රාජ්‍යයන් අපේ රටට එන්නේ අපේ ඒ බෙදීම; අපි තුළ තිබෙන ජාතිවාදී හා අන්තවාදී විරසකය පාවිච්චි කරගෙනයි. නැත්නම් ඔවුන්ට මේ රටට එන්න ක්‍රමයක් නැහැ. ඒ කියන්නේ, අද අධිරාජ්‍යවාදීන් හා ලොකු බලවතුන් ලංකාවට shot එක දෙන්න එන්නේ. විනාශයක යෙදෙන්නේ ජාතිවාදය හරහායි. එහෙම නම්, අපි සමගියෙන් හිටියොත් ඔවුන්ට කියන්න විශේෂ ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා, මේ රටේ සිටින සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ එක දෙයයි. ඔබ සැබෑ ලෙසම මේ රටට ආදරෙයි නම්, අධිරාජ්‍යවාදීන් ඇතුළු විදේශ රටවල අනිසි මැදිහත්වීමට ඔබ සැබෑ ලෙසම විරුද්ධයි නම්, ඔබ ජාතිවාදයට විරුද්ධ විය යුතුයි. ඔබ ජාතිවාදයට පක්ෂ වුණොත්, අධිරාජ්‍යවාදය පරදවන්න බැහැ. අද ජාතිවාදය එන්නේ, අධිරාජ්‍යාවාදී රටවල් විසින් හැදූ සහරාන්ලාත් එක්කයි; අද ජාතිවාදයට යොදා ගන්නේ, සහරාන්ලායි. දැන් සහරාන් මැරුණා. ලංකාව ඉවරයි. සහරාන් නිසා නේ, ඇමෙරිකාවට ත්‍ඊෂ එකට කැත නැතිව ලංකාවට බහින්න පුළුවන් වෙලා තිබෙන්නේ. සහරාන් නැතිනම් ඒක එහෙම වෙන්නේ නැහැ නේ.

         ලංකාව ආරක්ෂා කිරීමේ න්‍යෂ්ටික අවිය ජාතික සමගියයි. අපේ මාතෘ භූමිය ආරක්ෂා කරගන්න පුළුවන් වන්නේ ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලුදෙනා එකට හිටියොත් විතරයි. මුස්ලිම් දොස්තරලා, සිංහල බෞද්ධ අම්මලා, 4,000ක් වඳ කළාය කියන දේවල්වලින් නොවෙයි, ලංකාව ආරක්ෂා වෙන්නේ. මුස්ලිම් මිනිහා තැති ගන්වලා, ඔහු මේ රට තුළ පහළට දමලා, සහරාන්ලාගේ පැත්තට තල්ලු කිරීමෙන් නොවයි ඒක වෙන්නේ. ඒ වාගේම ත්‍රස්තවාදය විනාශ කරන්න අවශ්‍ය ආරක්ෂක, යුධමය, නීතිමය පියවර ගත යුතුයි. ඒ ගැන සැකයක් නැහැ. නමුත්, ලංකාව ආරක්ෂා කිරීමේ න්‍යෂ්ටික අවිය වෙන්නේ හමුදා මෙහෙයුම් නොවෙයි. ඒ න්‍යෂ්ටික අවිය වෙන්නේ, අපි සමගියෙන් එක රටක් ඇතුළේ ජීවත් වෙන ගමන්, අන්තවාදය කොහෙන් ආවත් ඒක ඉස්ලාමීය වශයෙන් ආවත්, වෙන විධියකට ආවත් ඒකට විරුද්ධව සටන් කිරීමයි.

           අවසාන වශයෙන් මා මේ කාරණයත් කියන්න ඕනෑ. ලෝකයේ අනාරක්ෂිතම රටවල් මොනවාද? ස්විඩනය, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, භූතානය, ස්විස්ටර්ලන්තය, කියුබාව, වියට්නාමය වැනි ඒවා තමයි අද ලෝකයේ තිබෙන ආරක්ෂිතම රටවල් වන්නේ. ඒ රටවල ප්‍රශ්න මොකුත් නැහැ. කියුබාව සහ වියට්නාමය තමයි ලෝකයේ මිනීමැරුම් අඩුම රටවල්. කියුබාව, වියට්නාමය, ඩෙන්මාර්කය, ස්වීඩනය වැනි රටවල් තමයි ජාතිවාදී ගැටුම් නැති රටවල් වන්නේ. ඒකට හේතුව මොකක්ද? ඔවුන් න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ වීමද? නැහැ. නූතන ලෝකයේ ත්‍රස්තවාදයට පදනම වන ජාතිවාදය, අන්තවාදය ඒ රටවල නැහැ. ඒක එංගලන්තයේ තිබෙනවා; ඕස්ටේ්‍රලියාවේ තිබෙනවා; ඇමෙරිකාවේ තිබෙනවා; ප්‍රංශයේ තිබෙනවා; නයිජීරියාවේ තිබෙනවා; ඊජිප්තුවේ තිබෙනවා; ඉන්දියාවේ තිබෙනවා; පාකිස්තානයේ තිබෙනවා. ඒ හැම තැනම යුද්ධ තිබෙනවා. හැබැයි පුංචි රටක් වුණු භූතානයේ එය නැහැ. ජාතිවාදය නැති රටවල් තමයි අද ලෝකයේ ආාරක්ෂිත රටවල් බවට පත්වෙලා තිබෙන්නේ.

          මුස්ලිම් මිනිහාව මරාගෙන කන්න, දෙමළ මිනිහාව මරාගෙන කන්න හිටපු කට්ටියම, කතෝලික මිනිසුන්ගේ කතෝලික ආගම ඇදහීමේ අයිතිය ප්‍රතික්ෂේප කළ කට්ටියම අද කතෝලික ජනතාව 300කට ආසන්න පිරිසක් මැරීම පාවිච්චි කරලා තමන්ගේ ඡන්ද මලු පුරවා ගන්න, තමන්ගේ ව්‍යාපාර සාර්ථක කරගන්න, තමන්ගේ පැාස් වල ර්එසබටි  වැඩිකර ගන්න උත්සාහ කරනවා. ඒ නිසා අද අපි ඉල්ලා සිටින්නේ මෙපමණයි. පළමුව රටට අවශ්‍යයි, මහ ජනතාවගේ ආරක්ෂාව, දෙවනුව, රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් පාලනයක් අවශ්‍යයි. ඊළඟට රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන පාලනයක් රටට අවශ්‍යයි. කලින් ආරක්ෂාව කියන එක ලොකුවට තිබුණේ නැහැ. දැන් ආරක්ෂාව කියන ප්‍රශ්නයක් ඇතුළු වෙලා තිබෙනවා. මේවා දෙන්න පුළුවන් කාටද? රාජපක්ෂ මහත්මයා බලයට පත් වුණොත්, එතුමා රටට ආරක්ෂාව දෙයි කියා බොහෝ අය කියනවා. එතුමාට එහෙම ආරක්ෂාව දෙන්න පුළුවන්ය කියා හිතුවා වුණත්, ජාතිවාදය හදන්නේ නැතිව එතුමාට ආරක්ෂාව දෙන්න බැහැ. එතුමාට මහජන ආරක්ෂාව හදන්න පුළුවන්ය කියා හිතුවාට, මොකක්ද වෙන්නේ? එතුමාට ඒක හදන්න වෙන්නේ ජාතිවාදය, අන්තවාදය, හොරකම විසින් ඇති කරන වටපිටාවකට නැවත විදේශ රටවල් කැඳවා ගැනීමෙන්. ඒ නිසා රාජපක්ෂ මහත්මයාට නැවත බලය යනවාය කියන්නේ, මේ රට හයිටිය වාගේ වෙනවාය කියන එකයි; පාකිස්තානය වාගේ වෙනවාය කියන එකයි.

          වර්තමාන ආණ්ඩුවට ආරක්ෂාව හදන්නත් බැහැ; රටේ යහපාලනයක්, ආර්ථිකයක් හදන්නත් බැහැ. ඔබතුමන්ලාට ජාතික සමගිය හදන්නත් බැහැ. එමනිසා ඔබතුමන්ලා බලයේ ඉන්නවාය කියන්නේ මොකක්ද? ඔබතුමන්ලා බලයේ ඉන්නවාය කියන්නෙත් රට හයිටියක් වෙනවාය කියන එකයි. ආරක්ෂාවක් නැහැ; පාලනයකුත් නැහැ; ආණ්ඩුවකුත් නැහැ. මේ රට සම්පූර්ණයෙන්ම විදේශීය ඒජන්තයන්ගේ තෝතැන්නක් වෙනවා.

         දැන් රටට ඕනෑ වන්නේ, ජාතිවාදයෙන් තොරව මහජන ආරක්ෂාව හදන්න පුළුවන් ආණ්ඩුවක්; හොරකමින් තොරව, දූෂණයෙන් තොරව රටේ ආර්ථිකය හදන්න පුළුවන් ආණ්ඩුවක්; ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ගමන්, මානව හිමිකම් ආරක්ෂා කරන ගමන්, ජාතික සමගිය ආරක්ෂා කරන ගමන්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න පුළුවන්., ඍජු පාලනයක් හදන්න පුළුවන් පාලනයක්. එහෙම නැතුව ජාතිවාදීන්ටයි, හොරුන්ටයි, ඇමෙරිකන් ගැත්තන්ටයි, දීන ගැත්තන්ටයි මේ රටේ ආරක්ෂාව හදන්නත් බැහැ; සමගිය හදන්නත් බැහැ; ආර්ථිකය දියුණු කරන්නත් බැහැ. ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා, මේ ආකාරයෙන් ඔබතුමන්ලාගෙන් අත්සන් ගන්න බලාපොරොත්තු වන ගිවිසුම් අත්සන් කරන්න එපාය කියා. අත්සන් කරපු ගිවිසුම්, විශේෂයෙන්ම ආරක්ෂක ගිවිසුම් අවලංගු කරන්නය කියනවා. ඒ වාගේම මේ සිද්ධියෙන් පස්සේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් වර්තමානයේ ලංකාවට ඇවිල්ලා සිටින රටවල් මොනවාද? කොපමණ පිරිසක් ඇවිල්ලා තිබෙනවාද, කාගේ ආරාධනාවටද ඇවිල්ලා තිබෙන්නේ, ඔවුන් මොන මොන ක්ෂේත්‍රවලද කටයුතු කරන්නේ, කොපමණ කාලයක් ඔවුන්ට ඉන්න ඉඩ දීලා තිබෙනවාද කියන කරුණු පැහැදිලි කරන්නය කියමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා.

නිහාල් ගලප්පත්ති සහෝදරයා,

ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ඉතාමත් වැදගත් වූ මේ විශිෂ්ට යෝජනාව මා ස්ථිර කරනවා. එක කාරණයක් කියන්න මට තත්පර 5ක් දෙන්න. දේශප්‍රේමයේ සළුපිළි සිය ගත පුරාම පොරවා ගත්ත මේ මහත්වරුන් දෙගොල්ලන්ම වසර 71ක් පුරාම මේ රටේ ස්වාධීනත්වයත්, ස්වෛරීත්වයත් මුළුවනින්ම පාවා දෙමින් රටේ ජනතාවත්, අනාගත පරම්පරාවත් මුළුමනින්ම පාවා දෙමින් කරපු මේ මහා දැවැන්ත අපරාධයට මේ රටේ අනාගත පරම්පරාව කවදා හෝ මේ දෙගොල්ලන්ටම ඉතාමත්ම වගකීමෙන් යුතුව උත්තර දෙනු ඇතැයි කියා මා විශ්වාස කරනවා.

[/faq_item][/faq][faq title=”” open1st=”0″ openAll=”0″][faq_item title=”සෝෆා ගිවිසුමේ සිංහල පරිවර්තනය” number=”7″]

සෝෆා ගිවිසුමේ සිංහල පරිවර්තනය

උපුටා ගැනීම ලංකාදීප 2019.07.02

පහත දැක්වෙන්නේ සෝෆා ගිවිසුමේ සිංහල පරිවර්තනයකි. මෙම ගිවිසුම සම්බන්ධයෙන් අවසන් වරට නිල වශයෙන් සාකච්ඡා පැවත්වුණේ පසුගිය මැයි මාසයේය. රටේ ආරක්ෂක කටයුතු පිළිබඳ සම්පූර්ණ වගකීම ආරක්ෂක අමාත්‍යාංශය සතුවුවත්, එම විෂයට අදාළ වන මෙම ගිවිසුම සම්බන්ධ සියලු‍ සාකච්ඡා කටයුතු සිදුව තිබෙන්නේ කොළඹ ඇමරිකා තානාපති කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය අතරය.

2018 අගෝස්තු 28

ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත සිය සුභාසිංශන එකතු කරයි. එක්සත් ජනපද ආරක්ෂක අංශ සහ සිවිල් පුරවැසියන් (මෙතැන් සිට ඇමරිකා අයවලු‍න් ලෙස සඳහන් කරයි) අරබයා වන ගැටලු‍ සම්බන්ධයෙන් ද, එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව හා ගිවිසුම් ගතව සිටින, මෙරටට පැමිණි නෞකාවල සිටින, පුහුණු කටයුතු සඳහා, වැඩසටහන් සඳහා, මානවවාදී ක්‍රියාකාරකම් සඳහා සහ අන්‍යෝන්‍ය එකඟතාවය මත වන වෙනත් ක්‍රියාකාරකම් සඳහා, තාවකාලිකව ශ්‍රී ලංකාවට පැමිණ සිටින එක්සත් ජනපද කොන්ත්‍රාත්කරුවන් (ශ්‍රී ලංකා නොවන සමාගම් සහ ආයතන, ශ්‍රී ලංකා පුරවැසියන් නොවන ඔවුන්ගේ සේවකයන්) පිළිබඳව වන ගැටලු‍ සම්බන්ධයෙන් ද, වර්තමානයේ අප දෙරටේ රජයන් අතර පැවැත්වෙන සාකච්ඡාවට අවධානය යොමු කිරීමට අප කැමැතිය. එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ ගිවිසුම්ගතව නොමැති සමාගම් සහ ආයතන, ඔවුන්ගේ සේවකයන්, මෙම ගිවිසුම යටතේ හිමිවන කිසිදු වරප්‍රසාදයකට යටත් නොවන අතර, ඔවුන් මෙම ගිවිසුමට අදාළ නොවේ.

මෙම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජනපද අයවලු‍න්ට, රාජ්‍යතාන්ත්‍රික සබදතා සම්බන්ධයෙන් 1961 අප්‍රේල් මස 18 වැනිදා ඇතිකරගත් වියානා සම්මුතිය ප්‍රකාරව, තානාපති කාර්යාලවල පරිපාලන සහ තාක්ෂණික කාර්යමණ්ඩලයන්ට හිමි වරදාන, වරප්‍රසාදයන් සහ අවසරයන් ලබාදෙන ලෙසට තානාපති කාර්යාලය යෝජනා කරයි. එක්සත් ජනපද අයවලු‍න්ට තනිව හෝ කණ්ඩායමක් ලෙස ඇමරිකා හැඳුනුම්පතක් යටතේ ශ්‍රී ලංකාවට ඇතුලු‍වීමට සහ පිටවීමට අවසරය හිමිවනු ඇත. එක්සත් ජනපදය, එහි දේශපාලන උප අංශ සහ එක්සත් ජනපදයේ ප්‍රාන්තයන්, ඇමරිකා අයවලු‍න්ට නිකුත් කර තිබෙන වෘත්තිමය යැයි සැලකිය හැකි සියලු‍ම බලපත්‍ර – බලයලත් ඇමරිකා අයවලු‍න්ට සේවා සැපයීම සඳහා වලංගු බවට ශ්‍රී ලංකා බලධරයින් සලකනු ඇත. රිය පැදවීම සහ අදාළ එක්සත් ජනපද බලධරයන් ඇමරිකා අයවලු‍න්ට නිකුත් කර තිබෙන රියදුරු බලපත්‍රයන්, ශ්‍රී ලංකාව පිළිගනු ඇත. එය අයවලු‍න්ව රිය පැදවීමේ පුහුණුවලට හෝ රිය පැදවීම සඳහා වන බලපත්‍රයක් ලබාගැනීම සඳහා වන ගෙවීමකට හෝ යටත් නොකෙරෙනු ඇත. නිල රාජකාරිවල නියැලෙන අවස්ථාවන්හි දී ඇමරිකා පුරවැසියන්ට නිල ඇඳුමින් සැරසී සිටීම සඳහා, ලැබී තිබෙන නියෝගවල සඳහන් වන්නේ නම් ඔවුන්ට අවි රැගෙන යා හැකිවීම සඳහා, ඔවුන්ට අවසරය ලැබිය යුතු බවට තානාපති කාර්යාලය වැඩිදුරටත් යෝජනා කරයි.

එක්සත් ජනපද ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ විනය පාලන කටයුතු එක්සත් ජනපද ආරක්ෂක බලධරයින් යටතේ සිදුවිය යුතුවීමේ වැදගත්කම ශ්‍රී ලංකා රජය පිළිගනී. ඒ අනුව, එම පුද්ගලයින් ශ්‍රී ලංකාවේ ගතකරන කාලය අතරතුර ඔවුන්ගේ කටයුතු සම්බන්ධයෙන් නීතිමය පියවර ගනු ඇත්තේ එක්සත් ජනපද රජයයි.

එක්සත් ජනපද අයවලු‍න් මෙරට ක්‍රියාත්මක බදු හෝ වෙනත් ගෙවීම්වලට යටත් නොවේ. ඔවුන්ගේ දේපළ, උපකරණ, වාර්තා සහ නිල මට්ටමේ වෙනත් තොරතුරු ආරක්ෂා කිරීම අරබයා වන පියවර ගැනීම සදහා එක්සත් ජනපද රජය සහ ශ්‍රී ලංකා රජය එකිනෙකා හා සහයෝගයෙන් කටයුතු කරනු ඇත. අපනයනය කිරීම්, ආනයනය කිරීම් සහ ඒවායේ භාවිතයන් කිසිදු අයුරක විමර්ශනයකට, බලපත්‍ර ලබාගැනීමකට, වෙනත් සීමාවකට, රේගු බදුවලට, බදු හෝ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙනත් ගෙවීම්වලට යටත් නොවනු ඇත. ඇමරිකා අයවලු‍න්, දේපළ, උපකරණ, වාර්තා සහ නිල මට්ටමේ වෙනත් තොරතුරු ආරක්ෂා කිරීම අරබයා වන පියවර ගැනීම සඳහා එක්සත් ජනපද රජය සහ ශ්‍රී ලංකා රජය එකිනෙකා හා සහයෝගයෙන් කටයුතු කරනු ඇත.

භාවිතයට ගැනෙන හෝ අදාළ අවස්ථාවේ දී එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමෙන්තුවට විශේෂකොටම වෙන්කර දී තිබෙන යාත්‍රා සහ වාහනවලට ශ්‍රී ලංකාවෙන් පිටවීමට සහ මෙරට නිදහසේ සැරිසැරීමට අවසරය හිමිවිය යුතු බවට තානාපති කාර්යාලය යෝජනා කරයි. එවැනි වාහන ගෙවීම් හෝ අයකිරීම්වලට යටත් නොවේ. එම සියලු‍ වාහන මාර්ග ගාස්තු ගෙවීම්වලින් නිදහස්ය. එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් හෝ එම දෙපාර්තමේන්තුව යටතේ භාවිතයට ගැනෙන යාත්‍රා හෝ ගුවන්යානා, ශ්‍රී ලංකා රජය යටතේ පාලනය කෙරෙන ගුවන්තොටුපලවලට ගොඩබැස්වීමේ දී ගෙවිය යුතු වන ගාස්තුවලට, වරාය ගාස්තුවලට, නියමු ගාස්තුවලට, යටත් නොවේ. අයත් හෝ, භාවිතයට ගැනෙන හෝ, අදාළ අවස්ථාවේ දී එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවට විශේෂකොටම වෙන්කර දී තිබෙන හෝ, යාත්‍රා හෝ ගුවන්යානා ශ්‍රී ලංකාවේ දේශසීමාව ඇතුළත සිදුකරන යාත්‍රා කිරීමකට, පියාසැරියකට, නවතා තැබීම්වලට, යනා දී කිසිදු කටයුත්තකට අදාළ කිසිදු ගෙවීමකට යටත් නොවනු ඇත. ඉල්ලා සිටින සහ ලැබෙන සේවාවන් සඳහා, එම සේවාවන්වලට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සිදුකරන ගෙවීම්වලට නොඅඩුව, සාධාරණ ගෙවීමක් සිදුකිරීමට එක්සත් ජනපදය කටයුතු කරනු ඇත. එක්සත් ජනපදයට අයත් ගුවන්යානා සහ යාත්‍රා ගොඩවීමෙන් සහ පරීක්ෂාවට ලක්වීමෙන් ද නිදහස්ය.

ඕනෑම වර්ගයේ අමුද්‍රව්‍යයක්, භාණ්ඩ, උපකරණයන්, සහ සේවාවන් (කොන්ත්‍රාත්තු ඇතුළුව) ලබාගැනීම සඳහා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව කොන්ත්‍රාත් කැඳවනු ඇත.  මෙම කටයුතුවලට අදාළව කොන්ත්‍රාත්කරුවා, භාණ්ඩ සපයන්නා හෝ එවැනි අමුද්‍රව්‍ය, භාණ්ඩ හෝ සේවා සපයන්නා තෝරාගැනීමේ දී කිසිදු සීමාවකට යටත් නොවී එම තෝරාගැනීම් සිදුකිරීමට එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවට අවසරය හිමිය. කොන්ත්‍රාත්කරුවා තෝරා ගැනෙන්නේ, කොන්ත්‍රාත්තුව පිරිනැමෙන්නේ සහ එහි කටයුතු පරිපාලනය කෙරෙන්නේ එක්සත් ජනපද රජයේ නීතිවලට යටත්වය. මෙම කටයුතු අරබයා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවෙන් ලබාගන්නා සේවා හා වෙනත් දේවල් මෙම ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවෙන් පනවන කිසිදු බද්දකට හෝ වෙනත් ගෙවීමකට යටත් නොවේ.

දෙපාර්තමේන්තුව ඇතුළත් වන ගිවිසුම්වලට යටත්ව එම ගිවිසුම්වල සදහන් කටයුතු සම්පූර්ණ කිරීම සඳහා වන කොන්ත්‍රාත්කරුවන් සිදුකරන ආනයනයන්ට, අපනයනයන්ට, ශ්‍රී ලංකාවෙන් ඕනෑම පෞද්ගලික දේපළක්, උපකරණයන්, භාණ්ඩ, අමුද්‍රව්‍ය, තාක්ෂණය, පුහුණුව, හෝ සේවාවන් ලබාගැනීමකට කිසිදු බද්දක් හෝ එවැනි කිසිදු ගෙවීමක් නොපැනවිය යුතු බව තානාපති කාර්යාලය වැඩිදුරටත් නිර්දේශ කරයි. එවන් ආනයනය කිරීමක්, අපනයනය කිරීමක්, සාමාන්‍ය අවස්ථාවක දී ශ්‍රී ලංකාවේ අනුගමනය කැරෙන බලපත්‍ර ගත කිරීමකින්, රේගු බදු පැනවීමකින්, බදු හෝ වෙනත් ගාස්තු පැනවීමකින් හෝ වෙනත් සීමා කිරීමකින් නිදහස් වනු ඇත.

වෘත්තිකත්වය අඟවන බලපත්‍ර  සහ රියදුරු බලපත්‍ර අදාළව එක්සත් ජනපද කොන්ත්‍රාත්කරුවන්ට, එක්සත් ජනපද අයවලු‍න් හා සමානවම සැලකිය යුතු බවට තානාපති කාර්යාලය යෝජනා කරයි.

මෙම ගිවිසුම යටතේ පවතින ක්‍රියාකාරකම්වලට අදාළව අන්‍යෝන්‍ය වශයෙන් ඇතිකරගත් එකඟතාව යටතේ ප්‍රවාහන පහසුකම්, ගබඩා කිරීම් පහසුකම්, පුහුණු පහසුකම් සහ අනෙක් පහසුකම් භාවිතා කිරීමට සහ නිදහසේ ශ්‍රී ලංකාවේ සැරීමට එක්සත් ජනපද අයවලු‍න්ට අවකාශය තිබිය යුතු බවට තානාපති කාර්යාලය යෝජනා කරයි.

එක්සත් ජනපද ආරක්ෂක අංශවලට ඔවුන්ටම වෙන්වූ ගුවන්විදුලි සංඛ්‍යාතයක් තිබීමේ අවශ්‍යතාවයක් පැවැතිය හැකි බව ශ්‍රී ලංකා රජය හඳුනාගෙන තිබේ. එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවට ඔවුන්ගේම තොරතුරු සන්නිවේදන උපකරණ භාවිතා කිරීමට අවසරය හිමිවනු ඇත (1992 අන්තර්ජාතික ජනසන්නිවේදන සංගමය විස්තර කර ඇති පරිදි). එම උපකරණවල ක්‍රියාකාරීත්වයට අදාළ වන ඉහත අවශ්‍යතාවය සහ වෙනත් සේවා සපුරාගැනීමේ අයිතිය ද මේ හාම ඔවුනට හිමිවනු ඇත. වෙන්කෙරෙන රේඩියෝ සංඛ්‍යාතයට එක්සත් ජනපද රජය කිසිදු ගෙවීමක් සිදුකළ යුතු නැත.

මෙම ගිවිසුම යටතේ වන ක්‍රියාකාරකම්වලට අදාළව එක් පාර්ශ්වයක දේපළවලට සිදුවන අලාභ, අහිමිවීම්, සහ එක් පාර්ශවයක ආරක්ෂක අංශවල සිටින හෝ සිවිල් අංශය නියෝජනය කරන පුද්ගලයකු මරණයට පත්වීම හෝ අදාළව අනෙක් පාර්ශවයට එල්ල විය හැකි චෝදනා සියල්ල ඉවත් කරගත යුතු බවට තානාපති කාර්යාලය යෝජනා කරයි (කොන්ත්‍රාත් කටයුතුවලට අදාළ චෝදනා හැර). එක්සත් ජනපද අයවලු‍න්ගෙන් තෙවැනි පාර්ශවයන්ට සිදුවන අලාභ හෝ අහිමිවීම් සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ නීති හා රෙගුලාසිවලට යටත්ව එක්සත් ජනපද රජය අදාළ පරිදි කටයුතු කරනු ඇත.

1995 වසරේ මැයි මස 16 වැනිදා ඇති කොළඹ දී ඇති කර ගැනුණු දෙපාර්ශවය අතර සටහන් හුවමාරු කරගැනීමේ ගිවිසුමට ඉහළින්, මෙම ගිවිසුම, එය බලාත්මක වූවායින් පසුව, එක්සත් ජනපද ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සහ සිවිල් සේවකයින්ගේ මෙරට කටයුතු සහ වෙනත් නිල රාජකාරි සම්බන්ධයෙන් ක්‍රීයාත්මක විය යුතු බවට තානාපති කාර්යාලය වැඩිදුරටත් යෝජනා කරයි. අපගේ රජයන් ද්විත්වය, හෝ එම රජයන් තමන් වෙනුවෙන් පත්කරන ලද නියෝජිතයින්, මෙම ගිවිසුමේ අන්තර්ගත ප්‍රසම්පාදනයන් ක්‍රීයාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම ආරම්භ කළ යුතුව ඇති බවට තානාපති කාර්යාලය යෝජනා කරයි.

මෙම කරුණු ශ්‍රී ලංකා රජයේ එකඟතාවය අනුව වේ නම් මෙම සටහන, මෙම සටහනට පක්ෂව අමාත්‍යවරයාගෙන් ලැබෙන ප්‍රතිචාරය හා එක්ව, රජයන් දෙක ගිවිසුමට එළැඹි බව තීරණය කරන්නක් වන බවට සහ අමාත්‍යවරයාගේ පිළිතුර ලැබෙන දිනයේ සිට බලාත්මක වන බවට තානාපති කාර්යාලය යෝජනා කරයි.

මෙම කාරණයට ඉහළම අවධානයක් යොමුකළ යුතුව තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත සිහිපත් කරදීමේ අවස්ථාවක් බවට ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය මෙය පත්කර ගනී.

[/faq_item][/faq]

එක්සත් ජනපදයට රට යටත් කරන ගිවිසුම් හකුලාගනු…!